You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 11:02 AM by  Prasad Maduranga
ගෙදරදීම ලස්සන වෙමු
 246 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 13 << < 56789 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Feb 2016 05:18 AM
මේ විනාඩි දෙකේ කෑම නැවැත්තුවා නම් වැඩේ හරි.ඔය ලෙඩ මොකුත් නෑ.දැන් කන්නෙම වහ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Feb 2016 06:39 AM
දැන් කට්ටිය ඔක්කොම ලස්සණවෙයි වගේ ..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Apr 2016 03:38 PM

            පොල් තෙල් වලින් ලස්සන වෙමු 



පොල් තෙල් කියන්නේ ගුණාත්මක බවෙන් ඉතාම වැඩි ස්වභාවික සංයෝගයක්. විෂබීජ නාශනය, සමට තෙතමනය ලබා දීම, පෝෂණය කිරීම වගේ බොහෝ ප‍්‍රයෝජන පොල් තෙල් භාවිතයෙන් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම විවිධ රෝග සහිත සමකට පොල් තෙල් වලින් ලබා ගත හැකි සුවය ඉතා අනර්ඝයි. ඔබ දැනට සම පැහැපත් කර ගන්න, ලස්සන වෙන්න, කුරුලෑ කැළැල් ඉවත් කර ගන්න මිල දී ගන්න කෘත‍්‍රිම සංයෝග සේරම වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් රූපලාවණ්‍ය සත්කාරයක් තමයි පොල් තෙල් කියලා කියන්නේ. ඒවා මිලෙන් වගේම ශරීරයට විෂ දායක දේවල් වලිනුත් ඉහළයි, ඒත් පොල් තෙල් කියන්නේ ඉතාම ආරක්ෂාකාරී ස්වභාවික සංයෝගයක් නිසා කිසිම බයක් නැතුව මේ ප‍්‍රතිකර්ම කර ගන්නට ඔබටත් පුළුවන්.


ඉතින් තවත් මිල අධික නිෂ්පාදන වලට සල්ලි නාස්ති කරලා නැති ලෙඩ හදා ගන්නේ මොකටද? ඔබේ සල්ලි කිසිම ප‍්‍රයෝජනයක් නැති දේවල් වලට නාස්ති කිරීම නවත්තලා මේ කියන ප‍්‍රතිකර්මය කරලා බලන්න. ඔබටම තේරේවි මේ තරම් පහසු ක‍්‍රම තියෙද්දී අපි මොන තරම් බොරුවට සල්ලි නාස්ති කරලා තියෙනවද කියලා.
පොල් තෙල් ගැන තොරතුරු.

ඉතින් මේක කරන හැටි ගැන ඉගෙන ගන්න කලින් පොල් තෙල් නිසා මේ දේවල් සිද්ධ වෙන්න හේතුව එහෙමත් කතා කරමු නේද? පොල් තෙල් ගැන අපි බොහෝ දෙනෙක් ඉතා හොඳින් දන්නවා. වේලපු පොල් (කොප්පරා) යාන්ත‍්‍රිකව මිරිකලා තමයි පොල් තෙල් හදා ගන්නේ. පොල් වලට කියන විද්‍යාත්මක නාමය වෙන්නේ Cocos Nucifera. ලංකාව ඇතුළු ආසියාතික වගේම කැරිබියානු රටවලත්, වෙනත් ඕනෑම වෙරළාශ‍්‍රිත ගොඩ බිමකත් ඉතා සරුවට වැවෙන පොල් ශාකය ඉතා ඈත අතීතයේ සිටම විවිධ ප‍්‍රයෝජන බොහොමයක් ලබා ගත්තු ගසක්. පොල් ගස කප් රුක කියා හඳුන්වන්නේත් ඒ නිසා වෙන්නට පුළුවන්. ආහාරයක් විදිහටත්, බෙහෙතක් විදිහටත් මේ සංස්කෘතීන් තුල පොල් සඳහා ලබා දෙන්නේ ඉහල ගෞරවයක්. ආයුර්වේදය, යුනානි මෙන්ම වෙනත් පාරම්පරික වෛද්‍ය ක‍්‍රම වලදී බොහෝ බෙහෙත් තෙල් සිඳීම සඳහා ලබා ගන්න ප‍්‍රධාන ද්‍රාවකය වෙන්නේ පොල් තෙල්.

අද ගොඩක් සෞඛ්‍ය ගැන කියා දෙන සයිට් වල දකින්නට ලැබෙන දෙයක් තමයි පිරිපහදු කළ පොල් තෙල් සහ පිරිපහදු නොකළ පොල් තෙල් කියන දෙක. පොල් තෙල් කෙලින්ම ගස් වලින් ලබා ගන්න දෙයක් නොවෙන නිසා කොයි තරම් ස්වාභාවිකයි කිව්වත් පොල් තෙල් ලබා ගන්නට ක‍්‍රියාවලියක් සිදු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. පොල් ගෙඩි වේලලා කොප්පරා කර ගෙන ඒවායේ මදය කොටස කුඩු කර මිරිකලා තමයි පොල් තෙල් ලබා ගන්නේ, ඉතින් මෙහිදී ඉතිරි වන අනවශ්‍ය කොටස් ඉවත් කර පිරිසිදු කිරීම අනිවාර්ය දෙයක්. ඉතින් ඇත්තටම කිසිසේත්ම පිරිපහදු නොකළ පොල් තෙල් තියෙන්නේ පොල් ගෙඩිය ඇතුළේ විතරයි.

කොහොම වුනත් අවම සැකසුම් කරණයට ලක් කරපු පොල් තෙල් තමයි ඔය �වර්ජින් ඔයිල්� කියලා කඩ වල දකින්නට ලැබෙන්නේ. මෙතැනදී එහෙම කියන්න හේතුව පොල් තෙල් රසායනික විපර්යාසයන් කිසිවකට ලක් නොවී පැවතීමයි. මෙහෙම හඳුන්වන පොල් තෙල් බොහෝ විට තද කහ පාටක් ගන්නවා වගේම බෝතල් අඩියේ කළු පැහැ කුඩු වගේ මංඩි තැන්පත් වෙලා තියෙනවා. නමුත් පිරිපහදු කල පොල් තෙල් පාටින් ඉතා ලා පැහැයක් ගන්නවා වගේම උකු ගතියෙනුත් අඩුයි, නරක් වෙන්නෙත් කාලයක් ගත වූණාට පස්සේ. මේකට හේතුව විවිධ රසායනික යොදා එහි ගුණ වෙනස් කොට තිබීමයි. වර්ජින් ඔයිල් වලදී කෙරෙන්නේ පෙනේරයක් තුලින් පෙරීම වගේ භෞතික ක‍්‍රියාකාරකමකට ලක් කිරීම පමණයි.

පොල් තෙල් නිර්මාණය වී තිබෙන්නේ බොහෝ දුරට සංතෘප්ත මේද වලින්. මේ අතර මධ්‍යම දාම සහිත මේද අම්ලද පොල් තෙල් තුල අඩංගුයි. පොල් තෙල් තුල අඩංගු මේද අම්ල වලින් ඉහළතම ප‍්‍රතිශතයක් තිබෙන්නේ ලෝරික් අම්ලයයි. (Lauric Acid) මීට අමතරව පොල් තෙල් තුල අඩංගු වන අනෙක් වැදගත්ම පෝෂකය වෙන්නේ විටමින් � සමේ පෝෂණයටත්, දිගු කල් නිරෝගී පැවැත්මටත් ඉතාමත් වැදගත් වන විටමිනය තමයි මේ.
පොල් තෙල් හා ඛනිජ තෙල් අතර ඇති වෙනස.

පොල් තෙල් කියන්නේ ගසකින් ලබා ගන්නා තෙල් වර්ගයක්. ඒ තුල අඩංගු ජීවී සංයෝග නිසා පොල් තෙල් ඉක්මනින් මුඩු වීමටත්, නරක වීමටත් ලක් වෙන්න පුළුවන්. ඒත් ඛනිජ තෙල් ලබා ගන්නේ බොර තෙල් පිරිපහදුවෙන් ලැබෙන අතිරේක ද‍්‍රව්‍යයක් විදිහට. (සමහරු බොර තෙල් වලටත් ඛනිජ තෙල් කියනවා, ඒත් ඒක වැරදියි. බොර තෙල් වලට කියන්නේ ක්‍රමාැ ධසක, ඛනිජ තෙල් වලට කියන්නේ Mineral Oil) මේක කාලයක් පීඩනයට ලක් වී සෑදුණු හයිඩ්‍රො කාබනයක් නිසා එය ක්ෂුද්‍ර ජීවීන් මගින් හානියට ලක් වෙන්නේ නෑ, ඉතින් ඕනෑම කාලයක් නරක් නොවී පවත්වා ගත හැකියි. කාලයක් පුරාවට රූපලාවණ්‍ය නිෂ්පාදන හදන්න ඛනිජ තෙල් පාවිච්චියට ගත්තෙත් එය මේ විදිහට කල් තබා ගත හැකි වීම නිසයි. ඒ වගේම පොල් තෙල් වගේ සුවඳක් එයින් වහනය වෙන්නේ නැති නිසා නිෂ්පාදකයන්ට පහසු වුණා ඔවුන් කැමති සුවඳක් පහසුවෙන් තම නිෂ්පාදනයට ලබා දෙන්නට.

කොහොම වුණත් ඛනිජ තෙල් වල භයානක ප‍්‍රතිඵල පෙනෙන්නට ගත්තාට පසු දැන් වැඩිපුර භාවිත වෙන්නේ ශාක තෙල් වර්ග විතරයි. ඛනිජ තෙල් දැන් යොදා ගැනෙන්නේ වාහන, යන්ත‍්‍ර ආදිය සඳහා ලිහිසි ද‍්‍රව්‍යයක් ලෙස පමණයි. නමුත් පොල් තෙල් දැන් නැවතත් ආලේපන වර්ග, සබන් වර්ග, ක‍්‍රීම් වර්ග, රූපලාවණ්‍ය නිෂ්පාදන, ලී බඩු ආරක්ෂණ ආලේපන මෙන්ම කෘමි නාශක සඳහාත් අමුද‍්‍රව්‍යයක් ලෙස ගනු ලබනවා. දැන් අලූතෙන් සංස්ලේෂණ ක‍්‍රම වලට ලිහිසි තෙල් නිෂ්පාදනය කෙරුණත් ඉස්සර කාලයේ ඒවා නිපදවීම සඳහා ලබා ගත්තේ ඛනිජ තෙල් තමයි.

සම අපේ ශරීරයේ තියෙන විශාලතම අවයවය කියන එක අපි කවුරුත් දන්න දෙයක්නේ. වකුගඩු මෙන්ම සමත් එකට ක‍්‍රියා කරලා තමයි අපේ ශරීරය තුල නිපදවෙන විෂ ද්‍රව්‍ය ටික ඇෙඟන් බැහැර කරන්නේ. මේකෙ තේරුම තමයි, අපේ සමට හොඳින් වාතනය වෙන්නට ඉඩ ලැබුණේ නැතිනම් මේ කාර්යය නිවැරදිව කර ගන්නට බැරි වීම. එවැනි අවස්ථාවකදී කාර්යක්ෂම ලෙස ශරීරයේ නිපදවෙන විෂ ද්‍රව්‍ය ඉවත් නොවෙන නිසා විෂ ගොඩ ගැහිලා ඔබේ සෞඛ්‍යයට අහිතකර බලපෑම ඇති වෙන්නට ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම ඛනිජ තෙල් යොදා නිෂ්පාදනය කරන ලද රූපලාවණ්‍ය නිෂ්පාදන සම මත තැවරීමෙන් ඒවා සම අභ්‍යන්තරයේ ඇති ජලය පවා ඉවතට ඇද ගන්නවා. මෙමගින් සමේ ස්ථර අලූත් වීම පමා වෙලා, කොලැජන් බිඳී ගිහින් පටක අඩපණ වීම පවා සිදු වෙන්න පුළුවන්. ඉක්මනින් සම රැුලි වැටි වයසක පෙනුමක් ඇති වීම මෙහි ප‍්‍රතිඵලයයි.
පොල් තෙල් වලින් සමට ලැබෙන යහගුණය.

පොල් තෙල් වල ඇති සරු ස්වභාවික සංයෝග මගින් ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කර දී සම පෝෂණය කරනවා. එමගින් ඔබේ සම සිනිදු හා පියකරු කර ගැනීමට හැකියි. පොල් තෙල් වල පවතින ඉහල මේද සාන්ද‍්‍රණය මගින් සමේ ඇති කුඩා තුවාල සුව වීම ඉක්මන් කිරීමත්, බිබිලි හා ඇක්නි ඇති වීම වැළැක්වීමත් සිදු කරන බව සොයා ගෙන තිබෙනවා. පොල් තෙල් වල ඉදිමීම් ඉවත් කල හැකි සංයෝග බොහොමයක්ද අඩංගු නිසා සමේ සියලූ ආකාරයේ ගැටළු වලට හොඳ සත්කාරයක් ලැබෙනවා.

මේක කියවද්දී සමහරුන්ට හිතෙන්න පුළුවන් පොල් තෙල් වලින් මුහුණ හේදුවොත් ඒකෙන් මුහුණේ තියෙන රෝම කූප සේරම ටික වැහිලා ගිහින්, මූණ තෙල් පාට වෙලා කුරුලෑ වලින් පිරිලා යයි කියලා. ඒත් පොල් තෙල් ඊට වඩා සුවිශේෂයි. පොල් තෙල් අනිකුත් කෘත‍්‍රිම තෙල් වගේ ජලයෙන් හෝ හයිඩ්‍රො කාබන් වලින් පිරිලා නැති නිසා ඒ තුල සියුම් වායු බුබුළු අඩංගුයි, මේ නිසා රෝම කූප අවහිර වීමක් කිසිසේත් සිදු වන්නේ නැහැ. ඒ වෙනුවට පොල් තෙල් වලින් සිදු වෙන්නේ ඉතා පහසුවෙන් සම තුලට පෝෂක ගමන් කරවා, කලිනුත් කිව්වා වගේ සමේ තෙතමනය ආරක්ෂා කර දී, සම වඩාත් සිනිදු කිරීමයි. මිට අමතරව මැරුණු සම දිය වී ඉක්මනින් ඉවත් වීමත්, කුණු දුවිලි ඉවත් වී යාමත් සිදු වී වෙනදාට වඩා නිරෝගී පෙනුමක් සමට ලැබීම අතිරේක වාසියක්.

සටහන � ඔබ දැනට විශාල වශයෙන් තෙල් සහිත ආහාර ගන්නා කෙනෙක් නම් පොල් තෙල් වලින් මුහුණ සේදීම ආරම්භයේදී ඇක්නි එක වරම වැඩි වන බවක් දක්නට ලැබෙන්නට ඉඩ තියෙනවා. මෙයට හේතුව සම යට සැඟවී ඇති අපද‍්‍රව්‍ය පොල් තෙල් සත්කාරය මගින් මතුපිට දක්වා රැුගෙන ඒමයි. කොහොම වුනත් දින කිහිපයක් ඇතුළත සම තුල ඇති අපද්‍රව්‍ය ඉවත් වීම නිසා ඇක්නි සියල්ලම ඉවත් වී ගොස් ඉතා පියකරු සමක් ලබා ගන්නට ඔබට පුළුවන් වේවි. ඒ වගේම අධික තෙල් ආහාර අඩු කර පෝෂ්‍යදායී එළවලූ පලතුරු යනාදිය වැඩිපුර ආහාරයට එකතු කර ගන්නටත් වග බලා ගන්න. මේ හැම සත්කාරයක් සඳහාම ශරීරයට එකතු වන අනවශ්‍ය මේදය අඩු කර ගැනීමත් අවශ්‍යයි.

දැන් අපි පොල් තෙල් සත්කාරය මගින් ඔබේ සම වඩාත් නිරෝගී වීමට හේතු වන කරුණු එකින් එක විග‍්‍රහ කර බලමු.
සමට පෝෂණය සපයා සම ඉහිල් කරනවා.

අප මුලින්ම දැන ගත යුත්තේ පොල් තෙල් ඉතා ඉක්මනින් අපේ සමට උරා ගන්නා බවයි, මේ නිසා ඉක්මනින් ඔබේ සම ඉතා සිනිදු වීම සිදු වෙනවා. මෙහිදී කරන්නට අවශ්‍ය වෙන්නේ උදේට සහ රාත‍්‍රියට මුහුණ සේදීමෙන් පසු පොල් තෙල් තේ හැන්දක් පමණ මුහුණ පුරා ආලේප කරන එකයි. මෙය ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කිරීමට ඉවහල් වේවි. එමගින් සම ඉහිල් වීමක් සිදු වන නිසා රුධිර සංසරණය මනාව සිදු වී සම නිරෝගී කරනවා.

නමුත් මෙහිදී පොල් තෙල් මුහුණේ තදින් අතුල්ලන්නට එපා, ලාවට ආලේප කිරීම පමණයි සිදු කල යුත්තේ. මෙම සත්කාරය ඔබේ මුළු ඇඟටම ඉතා යෝග්‍යයි. ඒ නිසා ඔබට වියලි සමක් හෝ කොර පොතු පවතින්නේ නම් අත් හා කකුල් වලත් මේ ආකාරයට හොඳින් පිරිසිදු කිරීමෙන් පසු පොල් තෙල් ස්වල්පයක් ආලේප කරන්න. එමගින් ඒ සෑම තැනකම සම සිනිදු, නිරෝගී හා පියකරු බවක් ලබා ගන්නට පුළුවන්.
සම පිරිසිදු කර ඒකාකාරී බවක් ලබා දෙනවා.

පොල් තෙල් මගින් ඉහත කී ආකාරයට සමේ තෙතමනය රැුක දීමට අමතරව මැරුණු සෛල ඉවත් කර හොඳින් පිරිසිදු කිරීමත් සිදු වෙන නිසා වෙනත් රූපලාවණ්‍ය නිෂ්පාදන කිසිවක් අවශ්‍ය වෙන් නැති තරම්. පොල් තෙල් භාවිතයෙන් මුහුණ සේදීම මගින් සම ඉතා හොඳින් පිරිසිදු වීම වගේම සම පුරාවට ඒකාකාරී වර්ණයක් ලබා දෙනවා. මේ නිසා ඔබේ අලංකාරවත් බව වඩාත් කැපිලා පෙනේවි.

පොල් තෙල් යොදා ගත හැකි තවත් ඉතා සාර්ථක කාර්යයක් තමයි මුහුණට දැමූ මේක් අප් එක රාත‍්‍රියට ඉවත් කිරීම. පොල් තෙල් මගින් වතුරට ඔරොත්තු දෙන මස්කාරා ආලේපය පවා ඉවත් කර ගන්නට හැකියි. මේ සඳහා ඔබ කල යුත්තේ පුළුන් ගුලි කිහිපයක් සාදා ගෙන ඒවා එකින් එක පොල් තෙල් වලින් පොඟවා මේක් අප් කරන ලද තැන් වල අතුල්ලා පිරිසිදු කිරීමයි. පොල් තෙල් වල කිසිදු හානිකර ද‍්‍රව්‍යයක් අඩංගු නැති නිසා ඇස් වල තැවරුණත් කිසිම අපහසුවක් දැනෙන්නේ නැහැ. මේ විදිහට ක‍්‍රමයෙන් මුළු මුහුණේම මේක් අප් එක ඉවත් කර ගන්නට පුළුවන්. එමගින් අතිරේක වාසියක් ලෙස ඔබට දිදුලන සමකුත් ලබා දෙනවා.
ඇක්නි (Acne) ඉවත් කරනවා.

කලිනුත් කිව්වා වගේ පොල් තෙල් මූණේ ගෑවම ඇක්නි (කුරුලෑ කැළැල්) වැඩි වෙයි කියල හිතන එක බොරු බියක්. ඇත්තටම සිද්ධ වෙන්නේ පොල් තෙල් වල අඩංගු ඉහල මේද අම්ල සාන්ද‍්‍රණය නිසා ඇක්නි සෑදීමට තුඩු දෙන අනවශ්‍ය මේද කොටස් පොල් තෙල් තුලට උරා ගැනීමයි. එවිට පොල් තෙල් තුල අඩංගු විෂබීජ නාශක සංයෝග මගින් ඒවා විනාශ කර දමනවා. රෝම කූප තුලටම ගමන් කොට බැක්ටීරියා විනාශ කර දමන නිසා ඇක්නි ඇති වීම වළක්වනවා.

මේ සියලූ ප‍්‍රයෝජනයන්ට අමතරව ඇක්නි බොහෝ ඇති වූ පසුව ඒ අවට සම අසාමාන්‍ය දිශාවන් වලින් ඇදීමට ලක් වී ඉදිමීම සිදු වීම මග හරවා ගැනීමටත් ඉහත කී පොල් තෙල් සත්කාරයෙන් උදව් ලැබෙනවා. මේ නිසා ඇදුණු සම රතු පැහැ වීම මග හරවා ගන්න පුළුවන්. පොල් තෙල් වල බහුලව අඩංගු විටමින් � E සතු ප‍්‍රති ඔක්සිකාරක මගින් සමේ හානි පිළිසකර කිරීමත් මේ සියල්ලට අමතරව සිදු වෙනවා. මෙයින් කොයි තරම් සත්කාරයක් ලැබුනත් එහි ප‍්‍රතිඵල වඩා හොඳින් ලබා ගන්නට නම් සමබල ආහාර වේලක් ලබා ගැනීමත් මතක තියා ගන්න. බාහිර සත්කාරය වගේම අභ්‍යන්තර සත්කාරයත් ගොඩක් වැදගත්.
මුහුණට පොල් තෙල් පාවිච්චි කරන්නේ කොහොමද?

මේක ඉතා සරලව සිදුකළහැකි අතර මෙයින් වඩා පලදායි ප්‍රතිපල ඔබට ලබාගත හැක. මුලින්ම එත ගුණාත්මක පොල්තෙල් වෙළදපොලින් සොයගතයුතු බව කිවයුතුයි. එයින් වදහොද ප්‍රතිපල ලැබේ.

    සැම දිනකම උදැසන සහ රාත්‍රියට මෙය සිදුකලයුතුයි. මුලින්ම හොදින් මුහුණ සෝදන්න පිරිසිදු වතුරෙන් ඉන්පසුව මුහුණ සෙමින් තෙත මාත්තු කර, වේලෙන්න හරින්න.
    පොල්තෙල් ස්වල්පයක් ඇගිල්ලේ ගාගෙන මෘදුලෙස මුහුණ පිරිමදින්න. මුහුණ පුරාම එලෙස තෙල් ගා පිරිමදින්න. හොද පොල්තෙල්නම් ඔබට හොද සුවදක් දැනෙයි සම්මත තැවරු පොල්තෙල් වලින්.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Apr 2016 05:17 PM
වෙලාවක කරලා බලන්න ඕන.මටත් ඕන ලස්සන වෙන්න
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Apr 2016 08:57 PM
පිරිසිදු කලවම් නැති නියම පොල්තෙල් හොයා ගන්න එක තමයි ලස්සණ වෙනවටත් වඩා අමාරු..
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Apr 2016 07:59 AM
පොල්තෙල් අපිනං කඩෙන් ගන්නේ නෑ.මම ගෙදරම පොල් වලින් හිද ගන්නවා.
කලවම් ජරාව මොකුත් නෑ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Apr 2016 06:24 PM
Posted By hasithad on 21 Apr 2016 07:59 AM
පොල්තෙල් අපිනං කඩෙන් ගන්නේ නෑ.මම ගෙදරම පොල් වලින් හිද ගන්නවා.
කලවම් ජරාව මොකුත් නෑ.


… …බොතලයක් දෙකක් සල්ලි වලට දෙන්න බැරිද ?
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
21 Apr 2016 08:36 PM
Posted By hasithad on 21 Apr 2016 07:59 AM
පොල්තෙල් අපිනං කඩෙන් ගන්නේ නෑ.මම ගෙදරම පොල් වලින් හිද ගන්නවා.
කලවම් ජරාව මොකුත් නෑ.
මල්ලි , පොල් ටික පොඩි පොඩි කෑලි වලට කපා ගන්නෙ කොහොමද ඉතින්  
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Apr 2016 10:47 PM
අපි නම් ගෙදර ගහෙන්ම පොල් කඩලා ඒ පොල් වලින් තෙල් හිඳලා තමයි ගන්නෙ. එතකොට ෂුවර් නේ.

(ගෙදර ගහකින් කිව්වෙ පොල් ගහකින් හොඳේ. )

ස්තූතියි රෝසි ලස්සන වෙන්න ටිප් එකක් දුන්නට අපේ ස්ටන් කොල්ලෝ කෙල්ලොන්ට. දැන් ඔක්කොමල පොතෙල් නාගෙන ඉඳීවිද දන්නේ නැහැ.

මම හිතන් ඉන්නෙ මේකේ කියන විදියට ඇඟේ ගාන්නේ නැතිව එක සැරේට පොල් තෙල් බෝතලයක් විතර බීලම දාන්න. එතකොට ක්ෂණික ප්‍රථිපල ලැබේවි නේද? උදේ වෙනකොට මම හොඳ ලස්සනට ඉඳීවි නේද?
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
22 Apr 2016 12:18 AM
පොඩි කාලෙ පොල් තෙල් ඇගේ ගාපු අය ඉන්නවද මෙතන 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Apr 2016 12:34 AM
දැන් ටීවී මෙගා වල ඉන්නව මම දැකල තියෙනවා තනිකරම පොල්තෙල් බෝතලයක් විතර නාල ඉන්න නළුවෝ කියල කියන අය නම්.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Apr 2016 02:55 AM
Posted By kingD on 22 Apr 2016 12:18 AM
පොඩි කාලෙ පොල් තෙල් ඇගේ ගාපු අය ඉන්නවද මෙතන 


… … …පොල් තෙල් වලින් අපිත් වැඩ අරන් තියෙනවා මල්ලි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Apr 2016 03:23 AM
Posted By Ind007ka on 22 Apr 2016 02:55 AM
Posted By kingD on 22 Apr 2016 12:18 AM
පොඩි කාලෙ පොල් තෙල් ඇගේ ගාපු අය ඉන්නවද මෙතන 
… … …පොල් තෙල් වලින් අපිත් වැඩ අරන් තියෙනවා මල්ලි

මොනව වගේ ප්‍රයෝජන ද අරගෙන තියෙන්නෙ?  
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Apr 2016 05:00 AM
lassana wenna nam newe mahath wenna behethak dennako

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Apr 2016 05:44 AM
Posted By thushandanushka on 22 Apr 2016 05:00 AM
lassana wenna nam newe mahath wenna behethak dennako

ඌරු පෙති තමයි මල්ලි. 
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Apr 2016 08:09 AM
Posted By Ind007ka on 21 Apr 2016 06:24 PM
Posted By hasithad on 21 Apr 2016 07:59 AM
පොල්තෙල් අපිනං කඩෙන් ගන්නේ නෑ.මම ගෙදරම පොල් වලින් හිද ගන්නවා.
කලවම් ජරාව මොකුත් නෑ.


… …බොතලයක් දෙකක් සල්ලි වලට දෙන්න බැරිද ?
ආවොත් නිකං දෙනවා.....

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Apr 2016 11:11 AM
දැන් නම් මේහේ පොල්තෙල් ක්‍රීම් එකත් තියනෙවා,ගොඩක් කට්ටිය බාවිතා කරන්න අරන් දැන් ඒ ආලේපනය ,,,එක ඇගට ,ඔලුවට ගන්න හොදයි වගේම කන්නත් පුළුවන් .
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Apr 2016 11:16 AM
Posted By thushandanushka on 22 Apr 2016 05:00 AM
lassana wenna nam newe mahath wenna behethak dennako

 


අපෝ මහත් වෙන්න හොද නැ නේ මල්ලි  
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Apr 2016 11:14 PM
ආය මොනවද හසිත අයිය නිකන් දෙයි තමා
අක්කර ගානක පොල් වත්තක් මැදනේ ගේ හදාගෙන ඉන්නේ.
පොල්තෙල් කඩෙන් කෑවෙත් හෙන ගහනවා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Apr 2016 09:25 AM
0
You are not authorized to post a reply.
Page 7 of 13 << < 56789 > >>