You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 11:02 AM by  Prasad Maduranga
ගෙදරදීම ලස්සන වෙමු
 246 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 13 << < 34567 > >>
Author Messages

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 08:45 AM
ලස්සනට ඉන්න එකනම් හොඳ දෙයක්. හැබැයි ඉතින් තමන්ට ගැලපෙන දේවල් තෝරල බේරල කරන එක තමයි හොඳ. ස්තූතියි දැනුවත් කරනවට කට්ටියව.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Mar 2015 08:55 AM
Posted By Rosi on 21 Mar 2015 04:30 PM

 

ඔය සමහරු දවසෙම මීපැණි හැලියේ බැහැගෙන ඉන්න විදියට එහෙනම් දැන් පැහැපත් වෙන්න ඕනේ නිකක් කිරි කොක්කු වගේ..

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Mar 2015 09:48 AM
පොටි ටිකක් ගාගෙන ....වැලි කොලෙකින් මැදනම් හරි .එතකොට සුදු වෙනව .......
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 07:28 PM
Sthuti ali pera saha mee peni lipi valata
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 Mar 2015 02:25 PM
Posted By isurusam on 24 Mar 2015 09:48 AM
පොටි ටිකක් ගාගෙන ....වැලි කොලෙකින් මැදනම් හරි .එතකොට සුදු වෙනව .......

අපෝ ඒවා කරලද ඔයා ඔය මුණ හදා  ගත්තේ ...

 

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Apr 2015 09:16 AM

රෝස මලෙන් ලස්සන වෙමු.....
beauty-with-rosa-mal-yeheliya.lk
අපි දන්නවනේ ගෑණු ළමයි මල් වලට ආදරේද කියලා... ඒ වගේම ඒ අය හරි දක්ෂයි මල් වලින් එක එක නිර්මාණ කරන්නත්... නමුත් අද අපි කියන්න යන්නේ මල් වලින් කොහොමද ඔයාලාගේ ලස්සන වැඩියෙන් ඉස්මතු කරන්නේ කියලා. විවිධ මල් වර්ග තියෙනවා රුපලාවන්‍ය කටයුතු වලට යොදා ගන්න. නමුත් අද අපි කියන්න යන්නේ, "රෝස මල්" වලින් ලස්සන වෙන හැටි...

බලමු කොහොමද මේ රෝස මල් වලින් ලස්සන වෙන්නේ කියලා....

01. Rose essential oil සමේ බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කරයි - ඔයාගේ සමේ කැළැල්, කුහර ආදිය තියෙනවානම් ඒවා හොදින් පිරිසිදු කරයි.

02. ශරීරයට අවශ්‍ය antioxidants රෝස මල් ලබා දේ - විටමින් C බහුල නිසා, රෝස මල් antioxidants බහුල මල් වර්ගයක්. ඒක නිසා, ඔයාගේ සමේ සෛල හානි වීම එමගින් වළක්වනවා වගේම රෝස මල් වතුර ඔයාගේ සම "හිරු කිරණින් පිළිස්සීම" ද වලක්වයි.

03. සමේ තෙතමනය රැක දේ - රෝස මල් යොදාගෙන සාදන ස්වභාවික තෙල් වර්ග භාවිතයෙන් ඔබේ සමට අවශ්‍ය තෙතමනය පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම සම මොලොක් කරයි. සංවේදී සමකට මෙය ගොඩක් හොදයි.

04. ආකර්ෂණවත් සුවදක් ලැබේ - ඉතා මෘදු, ආකර්ශනීය සුවදක් රෝස මල් වලින් ලැබේ.

05. මනසට විවේකයක් ලැබේ - දන්නවාද රෝස මලට ඔබේ මනස සන්සුන් කරලා මනස සනසවන්න පුළුවන් කියලා? ගොඩක් ආයුර්වේද ක්‍රම වලදී මේ රෝස මල් පෙති මේ සදහා ගන්නවා. නිරවුල් නිදහස් මනසක් කියන්නෙත් ලස්සන රුවක් ලබා ගැනීමට තියෙන එක රහසක්....

06. සමට හොද වර්ණයක් ලබා දේ - ඔයාගේ සමේ කුහර තියේ නම් ඒවා වසා සමට හොද පැහැයක් ලබා දෙන්නට මේ රෝස මල් උපකාරී වේ.

බලන්න, මේ ස්වභාවික මල් වර්ගත් කොච්චර උදව් වෙනවාද ඔයාලව ලස්සන කරන්න...!

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Apr 2015 09:59 AM
බොහොමත්ම ස්තූතියි නංගී මේ වැදගත් තොරතුර මඟින් අපව දැනුවත් කලාට.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Apr 2015 06:10 PM
රොසි රොස මල් වලින්ද මෙ වගෙ ලස්සන වුනෙ ?
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Apr 2015 07:34 PM
Posted By Ind007ka on 21 Apr 2015 06:10 PM
රොසි රොස මල් වලින්ද මෙ වගෙ ලස්සන වුනෙ ?

 

තැන්ක්ස් රෝසි  අක්කේ මේ විස්තර වලට .
රෝසි අක්කා ලස්සනද ?මෙහෙම කිවුවහම ලස්සන අයට කියන්නේ  මොකද්ද?

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Apr 2015 07:45 PM
රෝස මලේ නටුවේ කටු.... ඒකත් මතක තියා ගන්නකෝ..

දැන් ඔය තරම් රෝස මල් කොහෙන්ද හොයා ගන්නේ..? එක මලක් හදා ගන්න විඳින දුක මම දැකල තියෙනවා නේ..

හැබැයි ඉතින් ඔහොම කරන්න පුළුවන් නම් ඉතින් ගොඩක් වටිනවා කියලා පේනවා...

තොරතුරු වලට බොහොම ස්තුතියි..
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
21 Apr 2015 10:57 PM

ලස්සන රෝස මලක් මට ලස්සන නෑ

ලස්සන නෑ ලස්සන නෑ 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Apr 2015 05:28 AM
ඉසුරු මල්ලි නම් තරහක් පිරිමහනවා වගේ ....

අනේ නැ ඉන්දික අයියා ,,,, උපන් කැත මකන්න බැ රෝස මල් වලින්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Apr 2015 07:54 PM

කොල්ලො ඉරිසියවට කියන කතා ඔය ගනන් ගන්න එප නගො ....තව ගාන්න රොස මල්

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Apr 2015 09:32 PM
මගේ නෑ කිසි තරහක් ....තව ගාන්න රෝස මල් .
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Apr 2015 07:20 AM
ඉසුරු මල්ලි ඉරිසියයි තම කොහොමත් මාත් එක්ක
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Apr 2015 07:39 PM
වැඩේමයි ................
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Apr 2015 05:01 PM
ඔව් වැඩේමයි නිසා තමා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Jul 2015 06:33 PM

ලස්සන වන්නට කෝමාරිකා සත්කාර....

අපි හැමෝම දන්නවානේ කෝමාරිකා කියන්නේ ලස්සන වන්නට සොබා දහමෙන් අපට ලැබිලා තියෙන වටිනා පැලයක් කියලා.. හැබැයි කෝමාරිකා "ස්වභාවික පැලයක්" වුවත්, ඔයාට යාම සමේ රෝගයක් තිබේ නම්, දොස්තර කෙනෙක්ගේ උපදෙස් නොමැතිව මේ සත්කාර අත්හදා බලන්න එපා. දැන් අපි බලමු මොනවද මේ සත්කාර කියලා....

පැහැපත් සමකට අවශ්‍ය දෑ: කහ, කෝමාරිකා, රෝස වතුර, මි පැණි හා කිරි පියවර: කහ කුඩු වලට කිරි මේස හැඳි 1ක්, මී පැණි මේස හැඳි 1ක් හා රෝස වතුර දමා තලපයක් සාදා ගන්න. ඉන්පසු එයට කෝමාරිකා යුෂත් දමා හොදින් මිශ්‍ර කර ගන්න. ඉන්පසු මේ මිශ්‍රණය ඔයාගේ මුහුණේ හා බෙල්ලේ ආලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර ඇල්මැරුණු වතුරෙන් සෝදා හරින්න. ඔයා අනිවාර්යෙන් ලස්සන පැහැපත් සමක අත්දැකීම මේ සත්කාරය තුලින් ලබයි.

 

සමේ අව පැහැය ඉවත් කර ගැනීමට අවශ්‍ය දෑ: කෝමාරිකා, ලෙමන් යුෂ පියවර: කෝමාරිකා හා ලෙමන් යුෂ හොදින් මිශ්‍ර කර, සමේ අව පැහැ තැන් වල මෙය ආලේප කරන්න. විනාඩි 15ට පමණ පසු එය ඇල්මැරුණු වතුරෙන් සෝදා ඉවත් කරන්න. ඔයා ජිවත් වන්නේ, ගොඩක් හිරු රශ්මිය වැටෙන, උෂ්ණ අධික පැත්තකනම් මෙය ගොඩක් හොද සත්කාරයක්.

 තෙල් සහිත සමකට අවශ්‍ය දෑ: කෝමාරිකා, මී පැණි පියවර: මුලින්ම කෝමාරිකා කොලය තම්බා ගෙන එය තලපයක් වන සේ හොදින් අබර ගන්න. ඉන්පසු මෙයට මී පැණි එකතු කර, මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ට පමණ පසු මෙය සිසිල් වතුරෙන් සෝදා හරින්න. සමේ ඇති තෙල් ස්වභාවය පාලනයට, මෙය හොද සත්කාරයක්....

 

සංවේදී සමකට අවශ්‍ය දෑ: කෝමාරිකා, යෝගට්, රෝස වතුර, පිපිඤ්ඤා යුෂ පියවර: මේ සියලු දෑ යොදා ගෙන තලපයක් සාදා ගන්න (මෙහිදී රෝස වතුර ස්වල්පයක් පමණක් යොදා ගන්න). මේ මිශ්‍රණය මුහුණේ ආලේප කර විනාඩි 15ට පමණ පසු සිසිල් වතුරෙන සෝදා හරින්න. සංවේදී සමක තිබෙන තෙල් ස්වභාවය, මැරුණු සම සහ සමේ ඇති කුණු ඉවත් කිරීමට මෙය ගොඩක් හොද සත්කාරයක්.

 

වියළි සමකට අවශ්‍ය දෑ: කෝමාරිකා, ආමන්ඩ් පියවර: ආමන්ඩ් හොදින් පොඩි කර එයට කෝමාරිකා යුෂ මිශ්‍ර කර තලපයක් සාදා ගන්න. මේ මිශ්‍රණය මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 15ට පමණ පසු ඇල්මැරුණු වතුරෙන් සෝදා හරින්න. මෙමගින් සැමට අවශ්‍ය තෙතමනය ලබාදේ. සම මෘදු කරයි.

 

පේනවා නේද, කෝමාරිකා පාවිච්චි කරලා ගෙදරදීම ඔයාලගේ රුපය ලස්සන කර ගන්නට කරන්න පුළුවන් පහසු සත්කාර!

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Jul 2015 09:11 PM
කාන්තා පක්ෂයට වටිනා ලිපියක් නේද? රෝසි .......................
අපේ නෝනටත් කියන්නත් හිතෙනවා .......ඕවා කරගෙන තරුණ ලමුන්ගේ පෙනුමට අවාම අම්මයි දුවයි හදුනා ගන්නට බැරි වෙයි ******************************
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Jul 2015 05:11 AM
තරුණ දුවලා හිටියා කියලා අමලා ලස්සනට ඉන්න එක නරක දෙයක් නෙමේ නේ අයියා .....එක නිසා නෝනත් එක්ක මේවා බෙදා හදා ගන්න
1
You are not authorized to post a reply.
Page 5 of 13 << < 34567 > >>