You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 11:02 AM by  maduranga001
ගෙදරදීම ලස්සන වෙමු
 246 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 13 << < 45678 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Jul 2015 05:55 AM

ආයුර්වේදයට අනුව ලස්සන වෙන හැටි

 

01. එළකිරි මගින් සම හා සමේ ඇති කුහර පිරිසිදු කර ගැනීම සම පිරිසිදු කරගන්නට ආයුර්වේදය භාවිතා කරන එක ද්‍රව්‍යක් තමයි "එළකිරි". ඇත්තටම එය ඔයාගේ මුහුණට දීප්තියක් ගෙන දෙනවා. ඒ වගේම සමේ හා කුහර වල ඇති දුවිලි, අපද්‍රව්‍ය සේරම වගේ මෙයින් පිරිසිදු වෙනවා. Cotton ball එකක් ආධාරයෙන් ඔයාට මේ cleanse එක කර ගන්න පුළුවන්. කැමතිනම්, ඔයාට මේ එළකිරි වලට ලෙමන් යුෂත් මිශ්‍ර කර ආලේප කරන්න පුළුවන්.

02. දොඩම් වලින් සමේ අවපැහය ඉවත් කර ගැනීම නැවුම් දොඩම් ගෙඩියක් ගෙන එය ඔයාගේ මුහුණේ ආලේප කිරීමෙන්, ඔයාගේ සමේ ස්වභාවය වැඩි වර්ධනය කර ගන්න පුළුවන්. දොඩම්, විටමින් C වලින් බහුල නිසා, මෙය skin toner එකක් විදියටත් ක්‍රියා කරනවා. ඇත්තටම, මෙය හොද ප්‍රතිකාරයක් තෙල් සහිත සමකට.

03. "සඳුන් හා කහ" මගින් මුහුණේ ඇති කැළැල් අඩු කර ගැනීම සදුන් තේ හැන්දක් හා කහ කහ තේ හැන්දක් ගෙන වතුරත් සමග මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 15-20 ට පසු, ඇල්මැරුණු වතුරෙන් සෝදා හරින්න.

04. "ඔලිව් තෙල්" මගින් සමට තෙතමනයක් ලබා ගැනීම හා සම රැළි වැටීමෙන් වලක්වා ගැනීම රෑ නින්දට යන්නට කලින් ඔලිව් තෙල් ස්වල්පයක් මුහුණේ ආලේප කිරීමෙන්, ඔයාගේ සම අලුත් කරවයි, ඒ වගේම තෙතමනය රදවා පවතියි, ඒ වගේම සම රැළි වැටීමෙන් වලක්වයි.

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
13 Jul 2015 07:32 PM
බොහොම ස්තුතියි ලස්සන වෙන්න ලස්සන තොරතුරු ගෙනාවට.

ඔන්න ස්ටන් කොල්ලෝ කෙල්ලොන්ට අම්මලා තාත්තලට නැන්දලා මාමිලාට ලස්සනට "එළකිරි" වගේ ඉන්න පුළුවන් මේ ත්‍රෙඩ් එක බැලුවොත්..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 Jan 2016 11:00 PM

මේ අපූරු තොප්පිය තත්පර කිහිපයකින් තමන්ගේම කොණ්ඩයෙන් සාදාගත හැකියි. නරඹන්න..

තමන්ගෙම කොණ්ඩය ලස්සන තොප්පියක් වැනි විලාසිතාවකට හරවගන්න විදිය මේ වීඩියෝවෙන් කියාදෙනවා. නරඹන්න..

 

මේ අපූරු තොප්පිය තත්පර කිහිපයකින් තමන්ගේම කොණ්ඩයෙන් සාදාගත හැකියි. නරඹන්න..

 

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
08 Jan 2016 04:40 AM
සුපිරි කොණ්ඩේ ඩිසයින් එක
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Jan 2016 08:19 AM
හානේ ශෝක් ...ලස්සනයි .
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
08 Jan 2016 05:42 PM
පට්ටා ......
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
09 Jan 2016 01:21 AM
නියම හැකියාවක් තියෙන්නේ..
නිර්මාණය සඳහා කොණ්ඩයත් ඒ විදියට තියෙන්න ඕන..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jan 2016 06:34 AM
Posted By Rosi on 08 Jan 2016 08:19 AM
හානේ ශෝක් ...ලස්සනයි .

අක්කේ දාල බලන්න කොහොමද කියලා

අපිට ඉතින් බෑනේ

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 Jan 2016 08:33 AM



ඔය අනංමනං බෙහෙත් විදාගන්නේ නැතුව අපේ වටේ තියෙන බෙහෙත් පැලැටි වලින් ඉක්මනට ලස්සන වෙමු,

සමේ මියගිය කොටස් ඉවත් කිරීමට අපි හොඳින් දන්නා හඳුනන අමූද්‍රව්‍ය සම්බන්ධ කරගත හැකියි.

අන්නාසි පෙත්තක් පොඩි කරන්න. දොඩම් ගෙඩියක සහ ලෙමන් ගෙඩියක යූෂද එහි පොතු ද සිහින්ව අඹරාගෙන ගෙල, මූහූණ ප්‍රදේශයේ ආලේප කරන්න. මෙම යූෂ සමග තිරිඟු පිටි තේ හැඳි දෙකක් ද එක් කරගන්න. සමේ මියගිය කොටස් ඉවත් කිරීමට මේ ආලේපය උපකාරී වේ.

බිත්තර කහ මදයක්, මූදවපූ කිරි සමග මිශ්‍රකොට හිස කෙස්වල තවරා පැය 1·2 කින් සෝදන්න. හිසකෙස් ප්‍රාණවත් වේ.

උණූසූම් වතුර මිලිලීර් 70 ක් බ්‍රැන්ඩි මිලිලීටර් 70 ක් සමග බිත්තර කහ මදයක් මිශ්‍ර කරගෙන එය හිසකෙස් මත තවරා සම්බාහනය කරන්න. විනාඩි 10 කින් සෝදා හරින්න. හිස කෙස් ප්‍රාණවත් වේ.

පිපිඤ්ඤා, ලෙමන් සහ අර්තාපල් යූෂ සමග රෝස වතුර තේ හැඳි 1·2 ක් ද ග්ලිසරින් ද මිශ්‍රකොට මූහූණේ තවරා පැය 1·2 කින් සෝදා හරින්න. සම පැහැපත් වේ.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
11 Jan 2016 07:13 PM
දැන් කව්ද මේවා අත්හදා බලල තියෙන්නෙ... මදුරංග මල්ලි ඔයා එහෙම මේව අත්හදා බලල තියෙනවද 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
11 Jan 2016 07:25 PM
Posted By kingD on 11 Jan 2016 07:13 PM
දැන් කව්ද මේවා අත්හදා බලල තියෙන්නෙ... මදුරංග මල්ලි ඔයා එහෙම මේව අත්හදා බලල තියෙනවද 
ඔව්.. මේව කරලා තමයි මම නම් ලස්සනට ඉන්නෙ.. අපේ ගෙදර ගෙන එළවලු පලතුරු ඔක්කොම මුනේ ඇඟපතේ  උළල පස්සේ ඒවායින් ඉතුරු වෙන දෙයක් තමයි කෑමට ගන්නෙ.
ඊයෙ නම් ගාන්න එළවළුවක් නැතිව මූණේ ගෑවේ බණ්ඩක්ක.
ඇයි ඒකෙ මොනා හරි අවුලක් තියෙනවද....?

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
11 Jan 2016 08:19 PM
අර අල්ලපු ගෙදර වැල නැද්ද දැන් ? මම කිව්වෙ හාතවාරිය වැල
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
11 Jan 2016 08:28 PM
Posted By Ind007ka on 11 Jan 2016 08:19 PM
අර අල්ලපු ගෙදර වැල නැද්ද දැන් ? මම කිව්වෙ හාතවාරිය වැල
අපෝ නැත්තෙ මොකෝ.. ඔය හරි අපූරුවට තියෙන්නෙ. ගිය සතියෙත් කැඳක් බිව්ව.. හරිම රසයි අප්පා.. මතක් වෙනකොටත් මේ.. 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
11 Jan 2016 09:12 PM
අම්මපා ඇයි බන් වෙන ඒවම මෙ හැටි රහ ...හරියට පොහොර වැටෙන නිසාද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Feb 2016 01:17 PM
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
22 Feb 2016 09:58 PM
ස්වාභාවික විටමින් ඛණිජ වර්ග අපේ පරිසරයේ තියෙද්දී අපි කෘතිම දෙවල් සොයා යනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
22 Feb 2016 11:45 PM
බොහොම ස්තූතියි තොරතුරු වලට. ඛනිජ ලවණ ජිවිතයට කොතරම් වැදගත් යයි කිව්වත් අපි මේ ගැන නැති තරම්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
23 Feb 2016 12:55 AM
මුහුදු ආහාර වල ගොඩක් ඛනිජ ලවන තියෙනවා..
අපට නම් සෑම වේලකටම වාගේ මුහුදු ආහාර කැවෙනවා.. ඒ නිසා මම හිතනවා මට අවශ්‍ය ප්‍රමාණයන් ලැබෙනවා ඇති කියා..
ඉතා වටිනා ලිපියක්... ස්තූතියි නංගී...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
23 Feb 2016 01:18 AM
බලාගෙන ඉන්දික76 අයියෙ. මුහුද ළග ඉඳල ඔයාවත් මළකඩ කාවි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Feb 2016 04:06 AM
එහෙනං මටත් ලැබෙනවා කොල පාට එලවලු ඔන තරජ හොයා ගන්න පුලුවන්
0
You are not authorized to post a reply.
Page 6 of 13 << < 45678 > >>