You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 11:02 AM by  maduranga001
ගෙදරදීම ලස්සන වෙමු
 246 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 13 << < 89101112 > >>
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 May 2016 07:16 AM
ඒක ඇත්ත.වැඩිය ඕනෙ නෑ කොල ටිකක් තම්බලා නාලා බලන්න සැප.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Nov 2016 03:14 PM

16.jpg

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Nov 2016 04:14 PM
මේ පොටෝව පෙන්නන්නේ නැහැනේ
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Nov 2016 05:55 AM
හ්ම් මටත් පේන්නෙ නැහැ තමයි
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Nov 2016 10:01 AM
මට නම් කොහොමත් සයිට් එකේ පින්තූර වලින් බාගෙට බාගයක්ම පේන්නේ නෑ...
කොටුවක් වැටිලා තියෙනවා පේනවා එච්චරයි.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Nov 2016 12:19 AM
මම හිතුවේ මගේ අන්තර්ජාලය වේගවත් නැති මන්දගාමී තත්වයක තියෙන නිසා කියල
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Jan 2017 03:06 AM
පොල් තෙල් කියන්නේ ගුණාත්මක බවෙන් ඉතාම වැඩි ස්වභාවික සංයෝගයක්. විෂබීජ නාශනය, සමට තෙතමනය ලබා දීම, පෝෂණය කිරීම වගේ බොහෝ ප‍්‍රයෝජන පොල් තෙල් භාවිතයෙන් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම විවිධ රෝග සහිත සමකට පොල් තෙල් වලින් ලබා ගත හැකි සුවය ඉතා අනර්ඝයි. ඔබ දැනට සම පැහැපත් කර ගන්න, ලස්සන වෙන්න, කුරුලෑ කැළැල් ඉවත් කර ගන්න මිල දී ගන්න කෘත‍්‍රිම සංයෝග සේරම වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් රූපලාවණ්‍ය සත්කාරයක් තමයි පොල් තෙල් කියලා කියන්නේ. ඒවා මිලෙන් වගේම ශරීරයට විෂ දායක දේවල් වලිනුත් ඉහළයි, ඒත් පොල් තෙල් කියන්නේ ඉතාම ආරක්ෂාකාරී ස්වභාවික සංයෝගයක් නිසා කිසිම බයක් නැතුව මේ ප‍්‍රතිකර්ම කර ගන්නට ඔබටත් පුළුවන්.

ඉතින් තවත් මිල අධික නිෂ්පාදන වලට සල්ලි නාස්ති කරලා නැති ලෙඩ හදා ගන්නේ මොකටද? ඔබේ සල්ලි කිසිම ප‍්‍රයෝජනයක් නැති දේවල් වලට නාස්ති කිරීම නවත්තලා මේ කියන ප‍්‍රතිකර්මය කරලා බලන්න. ඔබටම තේරේවි මේ තරම් පහසු ක‍්‍රම තියෙද්දී අපි මොන තරම් බොරුවට සල්ලි නාස්ති කරලා තියෙනවද කියලා.
පොල් තෙල් ගැන තොරතුරු.

ඉතින් මේක කරන හැටි ගැන ඉගෙන ගන්න කලින් පොල් තෙල් නිසා මේ දේවල් සිද්ධ වෙන්න හේතුව එහෙමත් කතා කරමු නේද? පොල් තෙල් ගැන අපි බොහෝ දෙනෙක් ඉතා හොඳින් දන්නවා. වේලපු පොල් (කොප්පරා) යාන්ත‍්‍රිකව මිරිකලා තමයි පොල් තෙල් හදා ගන්නේ. පොල් වලට කියන විද්‍යාත්මක නාමය වෙන්නේ Cocos Nucifera. ලංකාව ඇතුළු ආසියාතික වගේම කැරිබියානු රටවලත්, වෙනත් ඕනෑම වෙරළාශ‍්‍රිත ගොඩ බිමකත් ඉතා සරුවට වැවෙන පොල් ශාකය ඉතා ඈත අතීතයේ සිටම විවිධ ප‍්‍රයෝජන බොහොමයක් ලබා ගත්තු ගසක්. පොල් ගස කප් රුක කියා හඳුන්වන්නේත් ඒ නිසා වෙන්නට පුළුවන්. ආහාරයක් විදිහටත්, බෙහෙතක් විදිහටත් මේ සංස්කෘතීන් තුල පොල් සඳහා ලබා දෙන්නේ ඉහල ගෞරවයක්. ආයුර්වේදය, යුනානි මෙන්ම වෙනත් පාරම්පරික වෛද්‍ය ක‍්‍රම වලදී බොහෝ බෙහෙත් තෙල් සිඳීම සඳහා ලබා ගන්න ප‍්‍රධාන ද්‍රාවකය වෙන්නේ පොල් තෙල්.

අද ගොඩක් සෞඛ්‍ය ගැන කියා දෙන සයිට් වල දකින්නට ලැබෙන දෙයක් තමයි පිරිපහදු කළ පොල් තෙල් සහ පිරිපහදු නොකළ පොල් තෙල් කියන දෙක. පොල් තෙල් කෙලින්ම ගස් වලින් ලබා ගන්න දෙයක් නොවෙන නිසා කොයි තරම් ස්වාභාවිකයි කිව්වත් පොල් තෙල් ලබා ගන්නට ක‍්‍රියාවලියක් සිදු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. පොල් ගෙඩි වේලලා කොප්පරා කර ගෙන ඒවායේ මදය කොටස කුඩු කර මිරිකලා තමයි පොල් තෙල් ලබා ගන්නේ, ඉතින් මෙහිදී ඉතිරි වන අනවශ්‍ය කොටස් ඉවත් කර පිරිසිදු කිරීම අනිවාර්ය දෙයක්. ඉතින් ඇත්තටම කිසිසේත්ම පිරිපහදු නොකළ පොල් තෙල් තියෙන්නේ පොල් ගෙඩිය ඇතුළේ විතරයි.

කොහොම වුනත් අවම සැකසුම් කරණයට ලක් කරපු පොල් තෙල් තමයි ඔය ‘වර්ජින් ඔයිල්’ කියලා කඩ වල දකින්නට ලැබෙන්නේ. මෙතැනදී එහෙම කියන්න හේතුව පොල් තෙල් රසායනික විපර්යාසයන් කිසිවකට ලක් නොවී පැවතීමයි. මෙහෙම හඳුන්වන පොල් තෙල් බොහෝ විට තද කහ පාටක් ගන්නවා වගේම බෝතල් අඩියේ කළු පැහැ කුඩු වගේ මංඩි තැන්පත් වෙලා තියෙනවා. නමුත් පිරිපහදු කල පොල් තෙල් පාටින් ඉතා ලා පැහැයක් ගන්නවා වගේම උකු ගතියෙනුත් අඩුයි, නරක් වෙන්නෙත් කාලයක් ගත වූණාට පස්සේ. මේකට හේතුව විවිධ රසායනික යොදා එහි ගුණ වෙනස් කොට තිබීමයි. වර්ජින් ඔයිල් වලදී කෙරෙන්නේ පෙනේරයක් තුලින් පෙරීම වගේ භෞතික ක‍්‍රියාකාරකමකට ලක් කිරීම පමණයි.

පොල් තෙල් නිර්මාණය වී තිබෙන්නේ බොහෝ දුරට සංතෘප්ත මේද වලින්. මේ අතර මධ්‍යම දාම සහිත මේද අම්ලද පොල් තෙල් තුල අඩංගුයි. පොල් තෙල් තුල අඩංගු මේද අම්ල වලින් ඉහළතම ප‍්‍රතිශතයක් තිබෙන්නේ ලෝරික් අම්ලයයි. (Lauric Acid) මීට අමතරව පොල් තෙල් තුල අඩංගු වන අනෙක් වැදගත්ම පෝෂකය වෙන්නේ විටමින් – සමේ පෝෂණයටත්, දිගු කල් නිරෝගී පැවැත්මටත් ඉතාමත් වැදගත් වන විටමිනය තමයි මේ.
පොල් තෙල් හා ඛනිජ තෙල් අතර ඇති වෙනස.

පොල් තෙල් කියන්නේ ගසකින් ලබා ගන්නා තෙල් වර්ගයක්. ඒ තුල අඩංගු ජීවී සංයෝග නිසා පොල් තෙල් ඉක්මනින් මුඩු වීමටත්, නරක වීමටත් ලක් වෙන්න පුළුවන්. ඒත් ඛනිජ තෙල් ලබා ගන්නේ බොර තෙල් පිරිපහදුවෙන් ලැබෙන අතිරේක ද‍්‍රව්‍යයක් විදිහට. (සමහරු බොර තෙල් වලටත් ඛනිජ තෙල් කියනවා, ඒත් ඒක වැරදියි. බොර තෙල් වලට කියන්නේ ක්‍රමාැ ධසක, ඛනිජ තෙල් වලට කියන්නේ Mineral Oil) මේක කාලයක් පීඩනයට ලක් වී සෑදුණු හයිඩ්‍රො කාබනයක් නිසා එය ක්ෂුද්‍ර ජීවීන් මගින් හානියට ලක් වෙන්නේ නෑ, ඉතින් ඕනෑම කාලයක් නරක් නොවී පවත්වා ගත හැකියි. කාලයක් පුරාවට රූපලාවණ්‍ය නිෂ්පාදන හදන්න ඛනිජ තෙල් පාවිච්චියට ගත්තෙත් එය මේ විදිහට කල් තබා ගත හැකි වීම නිසයි. ඒ වගේම පොල් තෙල් වගේ සුවඳක් එයින් වහනය වෙන්නේ නැති නිසා නිෂ්පාදකයන්ට පහසු වුණා ඔවුන් කැමති සුවඳක් පහසුවෙන් තම නිෂ්පාදනයට ලබා දෙන්නට.

කොහොම වුණත් ඛනිජ තෙල් වල භයානක ප‍්‍රතිඵල පෙනෙන්නට ගත්තාට පසු දැන් වැඩිපුර භාවිත වෙන්නේ ශාක තෙල් වර්ග විතරයි. ඛනිජ තෙල් දැන් යොදා ගැනෙන්නේ වාහන, යන්ත‍්‍ර ආදිය සඳහා ලිහිසි ද‍්‍රව්‍යයක් ලෙස පමණයි. නමුත් පොල් තෙල් දැන් නැවතත් ආලේපන වර්ග, සබන් වර්ග, ක‍්‍රීම් වර්ග, රූපලාවණ්‍ය නිෂ්පාදන, ලී බඩු ආරක්ෂණ ආලේපන මෙන්ම කෘමි නාශක සඳහාත් අමුද‍්‍රව්‍යයක් ලෙස ගනු ලබනවා. දැන් අලූතෙන් සංස්ලේෂණ ක‍්‍රම වලට ලිහිසි තෙල් නිෂ්පාදනය කෙරුණත් ඉස්සර කාලයේ ඒවා නිපදවීම සඳහා ලබා ගත්තේ ඛනිජ තෙල් තමයි.

සම අපේ ශරීරයේ තියෙන විශාලතම අවයවය කියන එක අපි කවුරුත් දන්න දෙයක්නේ. වකුගඩු මෙන්ම සමත් එකට ක‍්‍රියා කරලා තමයි අපේ ශරීරය තුල නිපදවෙන විෂ ද්‍රව්‍ය ටික ඇෙඟන් බැහැර කරන්නේ. මේකෙ තේරුම තමයි, අපේ සමට හොඳින් වාතනය වෙන්නට ඉඩ ලැබුණේ නැතිනම් මේ කාර්යය නිවැරදිව කර ගන්නට බැරි වීම. එවැනි අවස්ථාවකදී කාර්යක්ෂම ලෙස ශරීරයේ නිපදවෙන විෂ ද්‍රව්‍ය ඉවත් නොවෙන නිසා විෂ ගොඩ ගැහිලා ඔබේ සෞඛ්‍යයට අහිතකර බලපෑම ඇති වෙන්නට ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම ඛනිජ තෙල් යොදා නිෂ්පාදනය කරන ලද රූපලාවණ්‍ය නිෂ්පාදන සම මත තැවරීමෙන් ඒවා සම අභ්‍යන්තරයේ ඇති ජලය පවා ඉවතට ඇද ගන්නවා. මෙමගින් සමේ ස්ථර අලූත් වීම පමා වෙලා, කොලැජන් බිඳී ගිහින් පටක අඩපණ වීම පවා සිදු වෙන්න පුළුවන්. ඉක්මනින් සම රැුලි වැටි වයසක පෙනුමක් ඇති වීම මෙහි ප‍්‍රතිඵලයයි.
පොල් තෙල් වලින් සමට ලැබෙන යහගුණය.

පොල් තෙල් වල ඇති සරු ස්වභාවික සංයෝග මගින් ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කර දී සම පෝෂණය කරනවා. එමගින් ඔබේ සම සිනිදු හා පියකරු කර ගැනීමට හැකියි. පොල් තෙල් වල පවතින ඉහල මේද සාන්ද‍්‍රණය මගින් සමේ ඇති කුඩා තුවාල සුව වීම ඉක්මන් කිරීමත්, බිබිලි හා ඇක්නි ඇති වීම වැළැක්වීමත් සිදු කරන බව සොයා ගෙන තිබෙනවා. පොල් තෙල් වල ඉදිමීම් ඉවත් කල හැකි සංයෝග බොහොමයක්ද අඩංගු නිසා සමේ සියලූ ආකාරයේ ගැටළු වලට හොඳ සත්කාරයක් ලැබෙනවා.

මේක කියවද්දී සමහරුන්ට හිතෙන්න පුළුවන් පොල් තෙල් වලින් මුහුණ හේදුවොත් ඒකෙන් මුහුණේ තියෙන රෝම කූප සේරම ටික වැහිලා ගිහින්, මූණ තෙල් පාට වෙලා කුරුලෑ වලින් පිරිලා යයි කියලා. ඒත් පොල් තෙල් ඊට වඩා සුවිශේෂයි. පොල් තෙල් අනිකුත් කෘත‍්‍රිම තෙල් වගේ ජලයෙන් හෝ හයිඩ්‍රො කාබන් වලින් පිරිලා නැති නිසා ඒ තුල සියුම් වායු බුබුළු අඩංගුයි, මේ නිසා රෝම කූප අවහිර වීමක් කිසිසේත් සිදු වන්නේ නැහැ. ඒ වෙනුවට පොල් තෙල් වලින් සිදු වෙන්නේ ඉතා පහසුවෙන් සම තුලට පෝෂක ගමන් කරවා, කලිනුත් කිව්වා වගේ සමේ තෙතමනය ආරක්ෂා කර දී, සම වඩාත් සිනිදු කිරීමයි. මිට අමතරව මැරුණු සම දිය වී ඉක්මනින් ඉවත් වීමත්, කුණු දුවිලි ඉවත් වී යාමත් සිදු වී වෙනදාට වඩා නිරෝගී පෙනුමක් සමට ලැබීම අතිරේක වාසියක්.

සටහන – ඔබ දැනට විශාල වශයෙන් තෙල් සහිත ආහාර ගන්නා කෙනෙක් නම් පොල් තෙල් වලින් මුහුණ සේදීම ආරම්භයේදී ඇක්නි එක වරම වැඩි වන බවක් දක්නට ලැබෙන්නට ඉඩ තියෙනවා. මෙයට හේතුව සම යට සැඟවී ඇති අපද‍්‍රව්‍ය පොල් තෙල් සත්කාරය මගින් මතුපිට දක්වා රැුගෙන ඒමයි. කොහොම වුනත් දින කිහිපයක් ඇතුළත සම තුල ඇති අපද්‍රව්‍ය ඉවත් වීම නිසා ඇක්නි සියල්ලම ඉවත් වී ගොස් ඉතා පියකරු සමක් ලබා ගන්නට ඔබට පුළුවන් වේවි. ඒ වගේම අධික තෙල් ආහාර අඩු කර පෝෂ්‍යදායී එළවලූ පලතුරු යනාදිය වැඩිපුර ආහාරයට එකතු කර ගන්නටත් වග බලා ගන්න. මේ හැම සත්කාරයක් සඳහාම ශරීරයට එකතු වන අනවශ්‍ය මේදය අඩු කර ගැනීමත් අවශ්‍යයි.

දැන් අපි පොල් තෙල් සත්කාරය මගින් ඔබේ සම වඩාත් නිරෝගී වීමට හේතු වන කරුණු එකින් එක විග‍්‍රහ කර බලමු.
සමට පෝෂණය සපයා සම ඉහිල් කරනවා.

අප මුලින්ම දැන ගත යුත්තේ පොල් තෙල් ඉතා ඉක්මනින් අපේ සමට උරා ගන්නා බවයි, මේ නිසා ඉක්මනින් ඔබේ සම ඉතා සිනිදු වීම සිදු වෙනවා. මෙහිදී කරන්නට අවශ්‍ය වෙන්නේ උදේට සහ රාත‍්‍රියට මුහුණ සේදීමෙන් පසු පොල් තෙල් තේ හැන්දක් පමණ මුහුණ පුරා ආලේප කරන එකයි. මෙය ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කිරීමට ඉවහල් වේවි. එමගින් සම ඉහිල් වීමක් සිදු වන නිසා රුධිර සංසරණය මනාව සිදු වී සම නිරෝගී කරනවා.

නමුත් මෙහිදී පොල් තෙල් මුහුණේ තදින් අතුල්ලන්නට එපා, ලාවට ආලේප කිරීම පමණයි සිදු කල යුත්තේ. මෙම සත්කාරය ඔබේ මුළු ඇඟටම ඉතා යෝග්‍යයි. ඒ නිසා ඔබට වියලි සමක් හෝ කොර පොතු පවතින්නේ නම් අත් හා කකුල් වලත් මේ ආකාරයට හොඳින් පිරිසිදු කිරීමෙන් පසු පොල් තෙල් ස්වල්පයක් ආලේප කරන්න. එමගින් ඒ සෑම තැනකම සම සිනිදු, නිරෝගී හා පියකරු බවක් ලබා ගන්නට පුළුවන්.
සම පිරිසිදු කර ඒකාකාරී බවක් ලබා දෙනවා.

පොල් තෙල් මගින් ඉහත කී ආකාරයට සමේ තෙතමනය රැුක දීමට අමතරව මැරුණු සෛල ඉවත් කර හොඳින් පිරිසිදු කිරීමත් සිදු වෙන නිසා වෙනත් රූපලාවණ්‍ය නිෂ්පාදන කිසිවක් අවශ්‍ය වෙන් නැති තරම්. පොල් තෙල් භාවිතයෙන් මුහුණ සේදීම මගින් සම ඉතා හොඳින් පිරිසිදු වීම වගේම සම පුරාවට ඒකාකාරී වර්ණයක් ලබා දෙනවා. මේ නිසා ඔබේ අලංකාරවත් බව වඩාත් කැපිලා පෙනේවි.

පොල් තෙල් යොදා ගත හැකි තවත් ඉතා සාර්ථක කාර්යයක් තමයි මුහුණට දැමූ මේක් අප් එක රාත‍්‍රියට ඉවත් කිරීම. පොල් තෙල් මගින් වතුරට ඔරොත්තු දෙන මස්කාරා ආලේපය පවා ඉවත් කර ගන්නට හැකියි. මේ සඳහා ඔබ කල යුත්තේ පුළුන් ගුලි කිහිපයක් සාදා ගෙන ඒවා එකින් එක පොල් තෙල් වලින් පොඟවා මේක් අප් කරන ලද තැන් වල අතුල්ලා පිරිසිදු කිරීමයි. පොල් තෙල් වල කිසිදු හානිකර ද‍්‍රව්‍යයක් අඩංගු නැති නිසා ඇස් වල තැවරුණත් කිසිම අපහසුවක් දැනෙන්නේ නැහැ. මේ විදිහට ක‍්‍රමයෙන් මුළු මුහුණේම මේක් අප් එක ඉවත් කර ගන්නට පුළුවන්. එමගින් අතිරේක වාසියක් ලෙස ඔබට දිදුලන සමකුත් ලබා දෙනවා.
ඇක්නි (Acne) ඉවත් කරනවා.

කලිනුත් කිව්වා වගේ පොල් තෙල් මූණේ ගෑවම ඇක්නි (කුරුලෑ කැළැල්) වැඩි වෙයි කියල හිතන එක බොරු බියක්. ඇත්තටම සිද්ධ වෙන්නේ පොල් තෙල් වල අඩංගු ඉහල මේද අම්ල සාන්ද‍්‍රණය නිසා ඇක්නි සෑදීමට තුඩු දෙන අනවශ්‍ය මේද කොටස් පොල් තෙල් තුලට උරා ගැනීමයි. එවිට පොල් තෙල් තුල අඩංගු විෂබීජ නාශක සංයෝග මගින් ඒවා විනාශ කර දමනවා. රෝම කූප තුලටම ගමන් කොට බැක්ටීරියා විනාශ කර දමන නිසා ඇක්නි ඇති වීම වළක්වනවා.

මේ සියලූ ප‍්‍රයෝජනයන්ට අමතරව ඇක්නි බොහෝ ඇති වූ පසුව ඒ අවට සම අසාමාන්‍ය දිශාවන් වලින් ඇදීමට ලක් වී ඉදිමීම සිදු වීම මග හරවා ගැනීමටත් ඉහත කී පොල් තෙල් සත්කාරයෙන් උදව් ලැබෙනවා. මේ නිසා ඇදුණු සම රතු පැහැ වීම මග හරවා ගන්න පුළුවන්. පොල් තෙල් වල බහුලව අඩංගු විටමින් – E සතු ප‍්‍රති ඔක්සිකාරක මගින් සමේ හානි පිළිසකර කිරීමත් මේ සියල්ලට අමතරව සිදු වෙනවා. මෙයින් කොයි තරම් සත්කාරයක් ලැබුනත් එහි ප‍්‍රතිඵල වඩා හොඳින් ලබා ගන්නට නම් සමබල ආහාර වේලක් ලබා ගැනීමත් මතක තියා ගන්න. බාහිර සත්කාරය වගේම අභ්‍යන්තර සත්කාරයත් ගොඩක් වැදගත්.
මුහුණට පොල් තෙල් පාවිච්චි කරන්නේ කොහොමද?

මේක ඉතා සරලව සිදුකළහැකි අතර මෙයින් වඩා පලදායි ප්‍රතිපල ඔබට ලබාගත හැක. මුලින්ම එත ගුණාත්මක පොල්තෙල් වෙළදපොලින් සොයගතයුතු බව කිවයුතුයි. එයින් වදහොද ප්‍රතිපල ලැබේ.

සැම දිනකම උදැසන සහ රාත්‍රියට මෙය සිදුකලයුතුයි. මුලින්ම හොදින් මුහුණ සෝදන්න පිරිසිදු වතුරෙන් ඉන්පසුව මුහුණ සෙමින් තෙත මාත්තු කර, වේලෙන්න හරින්න.
පොල්තෙල් ස්වල්පයක් ඇගිල්ලේ ගාගෙන මෘදුලෙස මුහුණ පිරිමදින්න. මුහුණ පුරාම එලෙස තෙල් ගා පිරිමදින්න. හොද පොල්තෙල්නම් ඔබට හොද සුවදක් දැනෙයි සම්මත තැවරු පොල්තෙල් වලින්.

ඉතින් ඔබ මේ ලිපිය කියවලා හොඳ දැනුමක් ලබා ගන්න ඇති කියා විශ්වාස කරනවා. මේ සයිට් එක පුරාම තියෙන බොහෝ ලිපි වලින් කියවෙන්නේ මේ වගේ ඔබ වැඩිපුර හිතන්නේ නැති දේවල් වලින් විශාල ප‍්‍රයෝජනයක් ගන්න හැටි ගැනයි. ඉතින් ඒ ලිපි එහෙමත් කියවලා බලලා තමන්ගේ ගැටළු වලට සරල ක‍්‍රම වලින් ප‍්‍රතිකාර කර ගන්නත්, ඒවායේ තිබෙන කරුණු වලින් තමන්ගේ දැනුම වැඩි කර ගන්නටත් අමතක කරන්න එපා. යාලූවන්ටත් මේ ලිපි ෂෙයාර් කරලා එයාලත් එක්කත් මේ දැනුම බෙදා හදා ගන්න.

(UPUTA GENIMAK)
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
20 Jan 2017 03:21 AM
පොල්තෙල් තියන්නේ ඖෂදීය ගුණ ඇති තෙල් වර්ග යක්. මේ බහුජාතික සමාගම් වල භාණඩ විකුණා ගැනීම පිණිස ජනතාව කෙරෙහි බොරු බියක් පැතිරෙව්වා පොල්තෙල් අගුණයි කියලා. ඉස්සර අපේ මුතුන් මිත්තන් භාවිතා කලේ පොල්තෙල් නෙමෙයිද? ඒයලාට ඔය කියන ඉහෙන් බහින රෝග තිබුණේ නැහැ ඒ කාලේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Jan 2017 06:37 AM
Samantha ayiyage kathawa hari
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Jan 2017 08:01 AM
අපි නම් කෑමට ගන්නේ වත්තෙ පොල් වලින් අපිම කපලා වේලලා හිද ගන්න නියම පොල් තෙල්.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Jan 2017 04:44 AM
අපිත් ඒහෙම තමයි ගොඩක් දුරට කරන්නේ
ඒව ඔය කඩෙන් ගන්න පොල්තෙල් වගේ කහ පාට නැහැ සුදු පාටයි(අවර්ණයි)

ස්තූතියි පොඩ්ඩි විස්තරයට
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Jan 2017 05:10 PM

සුන්දර දෙපයකට නිවසේදිම කල හැකි සත්කාරයක්



අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. ඒ නිසා අපි හුඟක් වියදම් කරලා ක්‍රිම් ජාති අරගන්නවා, ඒ වගේම සැලෝන් යනවා. මේ ඔක්කොම දේවල් කරන්නේ මුහුණ පැහැපත් කරගන්න. එහෙමත් නැත්තම් ලස්සන දිග කොණ්ඩයක් වෙනුවෙන්. මේ නිසා අපිට කකුල් දෙකේ ලස්සන අමතක වෙනවා. මොකද අපි ගොඩක් වෙලාවට අදින්නේ කකුල් වැහෙන්න ඩෙනිම් වගේ ඇඳුම් නේ. හදිසියේ හරි කොට ගවුමක් සායක් වගේ අඳින්න ගියාම තමා කකුල් වල අවලස්සන පේන්නෙ.

ගොඩක් අයගේ කකුල්  කලුයි, හම හරිම වියලියි එහෙමත් නැත්තම් නියපොතු දුර්වර්ණ වෙලා, යටි පතුල් පැලිලා ගිහින්. මේ හැමදේටම හේතුව දෙපා වලට නිසි සැලකිල්ලක් නොදැක්වීම කිව්වොත් මම හරි.

පාර තොටේ ඇවිද්දාම කකුල් වල කුණු දූවිලි රැදෙනවා. අපි හරියට කකුල් සේදුවේ නැති වුනාම කුණු දූවිලි රැඳිලාම තියෙනවා. ඉතින් ලස්සන දෙපයක් හිමි කරගන්න නම් පොඩ්ඩක් විතර මහන්සි වෙන්නත් ඕන.

මේ තියෙන්නේ ඒ වගේ ගෙදරදිම කරන්න පුලුවන් සත්කාරයක්.

සබන් එහෙම නැත්තම් බොඩි වොශ් ටිකකින් හැමදාම හවසට කකුල් දෙක සෝදන්න. ඊට පස්සෙ පොඩි රෙදි කෑල්ලකින් නැතිනම් පියුමික් ස්ටෝන් එකකින් පොඩ්ඩක් යටි පතුල් අතුල්ලන්න. මේකෙන් කකුල් වල රැඳිලා තියෙන කුණු දූවිලි ඉවත් වෙනවා. ඒ වගේම සතියකට සැරයක් වගේ මෙ විදියට පොඩි සත්කාරයක් කරන්න.

මුලින්ම කියුටෙක්ස් අයින් කරගන්න රිමූවර් එකකින්. ඊට පස්සෙ මද උණුසුම් වතුර බේසමකට ශැම්පූ ටිකක් ලුණු ටිකක් එකතු කරලා ටික වෙලාවක් කකුල් දෙක වතුර බේසමේ දාගෙන ඉන්න. විනාඩි 10ක් වගේ. පරණ දත් බුරුසුවක් අරන් නියපොතු ටික හොදට පිරිසිදු කරගන්න. ගොඩක් වෙලාවට අපේ නියපොතු දුර්වර්ණ වෙලා තියෙන්නෙ කුණු රැඳිලා තියෙන නිසා. ඊලගට යටි පතුල් වල තියෙන මැරුණු සම ඉවත් කරගන්න.

පියුමික් ස්ටෝන් එකකින් හොඳින් අතුල්ලන්න. පිරිසිදු වතුරෙන් සෝදලා ඊට පස්සෙ ෆුට් ස්ක්‍රබ් එකකින් යටි පතුල් වල ඉදන් දණහිස් ලඟට එනකම් වගේ ස්ක්‍රබ් කරන්න. මේකෙන් මැරුණු හම අයින් වෙනවා. අන්තිමේදි පිරිසිදු වතුරෙන් සෝදලා moisturizing cream එකක් ගාන්න.

ගෙදරදිම හදාගන්න පුලුවන් ස්ක්‍රබ් එකක් තමා කෝපි ස්ක්‍රබ් එක. මේකට ඕන වෙන්නෙ කෝපි කුඩු ටිකක්, පොඩි කැට තියෙන සීනි ටිකක් සහ ඔලිව් ඔයිල් ටිකක්. මේ ටික හොඳට මික්ස් කරලා ඇඟිලි තුඩු වලින් හෙමිට ස්ක්‍රබ් කරන්න. ඊට පස්සේ සිතල වතුරෙන් සෝදලා moisturizing cream ටිකක් ගාන්න.

තවත් දෙයක් අපි දෙපා සේදුවට පස්සේ තුවායකින් කකුල් දෙකම තෙත මාත්තු කරන්න. ඊට පස්සේ තමා moisturizing cream ගාන්න ඕන.

තවත් දෙයක් කකුල් වල අනවශ්‍ය රෝම අයින් කරන්න ගොඩක් අය රේසර් කරනවා. ඒත් එක පරිස්සමෙන් කරන්න ඕන. නැත්තම් තුවාල වෙලා අන්තිමට ඒ තුවාල කැළැල් කකුල් දෙක අවලස්සන කරනවා.

කකුල් වල යටි පතුල් පැලෙන, ඉරි තැලෙන අයට කරන්න පුළුවන් හොඳම දෙයක් තමා හැමදාම රෑට කකුල් හොඳින් සෝදලා නිදාගන්න යද්දී ඔලිව් ඔයිල් ටිකක් යටි පතුල් වල ආලේප කරන එක. එහෙම නැතිනම් කෝමාරිකා මදය වුනත් ආලේප කරන්න පුළුවන්.

කාන්තාවන් හැමෝම කැමතියි ලස්සනට නේල් ආට්ස් දාලා හැඩට වැඩට යන්න. ඒත් කියුටෙක්ස් තෝරා ගනිද්දී ප්‍රමිතියකින් යුතු ආලේපන විතරක් මි‍ලට ගන්න. දින දෙක තුනකින් කියුටෙක්ස් රිමුව් කරන්න. මොකද නිය ආලේපන හදලා තියෙන්නේ රසයකින ද්‍රව්‍ය වලින්, දිගු කාලයක් නියපොතු මත කියුටෙක්ස් තියෙද්දී සමහර වෙලවට නියපොතු දිරාපත් වෙනවා.

අන්තිමේදී කියන්න ඕන නිතරම නැවුම් එළවලු පලතුරු ආහාරයට ගන්න ඒ වගේම දවසකට වතුර ලීටර 6 ක් වත් බොන්න එතකොට සම වියලෙන එක වලක්වා ගන්න පුළුවන්.

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
29 Jan 2017 09:31 PM
ස්තූතියි නංගී මේ ලිපියට. කාන්තා පර්ශවයට වැදගත් වෙන ලිපියක්.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 Jan 2017 07:24 AM
අපිට නම් ඔය මොකුත් නෑ අප්පා.....කොහොමත් කඩවසම් කොල්ලොනෙ.

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Jan 2017 01:13 PM
Posted By hasithad on 30 Jan 2017 07:24 AM
අපිට නම් ඔය මොකුත් නෑ අප්පා.....කොහොමත් කඩවසම් කොල්ලොනෙ.

ෂ් ෂ් ෂ් මල්ලියේ ඇහෙයි කාටවත් 

0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
30 Jan 2017 05:55 PM
අක්කල නංගිලට වැදගත් ලිපියක් වගේ........
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
30 Jan 2017 05:55 PM
අක්කල නංගිලට වැදගත් ලිපියක් වගේ........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
31 Jan 2017 05:49 AM
නනකොට කුණු අතුල්ලගෙන හොඳට නාගන්නව. දැනට එච්චකට තමයි කාලය තියෙන්නෙ.
නමුත් ඉතින් වැදගත් තොරතුරු ටිකක්. අපේ ස්ටන් එකේ කොල්ලෝ කෙල්ලෝ ඉතිං කොහොමත් ලස්සනට ඉන්ට එපෑ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
31 Jan 2017 07:08 PM
Posted By Rosi on 29 Jan 2017 05:10 PM

සුන්දර දෙපයකට නිවසේදිම කල හැකි සත්කාරයක්



අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. ඒ නිසා අපි හුඟක් වියදම් කරලා ක්‍රිම් ජාති අරගන්නවා, ඒ වගේම සැලෝන් යනවා. මේ ඔක්කොම දේවල් කරන්නේ මුහුණ පැහැපත් කරගන්න. එහෙමත් නැත්තම් ලස්සන දිග කොණ්ඩයක් වෙනුවෙන්. මේ නිසා අපිට කකුල් දෙකේ ලස්සන අමතක වෙනවා. මොකද අපි ගොඩක් වෙලාවට අදින්නේ කකුල් වැහෙන්න ඩෙනිම් වගේ ඇඳුම් නේ. හදිසියේ හරි කොට ගවුමක් සායක් වගේ අඳින්න ගියාම තමා කකුල් වල අවලස්සන පේන්නෙ.

ගොඩක් අයගේ කකුල්  කලුයි, හම හරිම වියලියි එහෙමත් නැත්තම් නියපොතු දුර්වර්ණ වෙලා, යටි පතුල් පැලිලා ගිහින්. මේ හැමදේටම හේතුව දෙපා වලට නිසි සැලකිල්ලක් නොදැක්වීම කිව්වොත් මම හරි.

පාර තොටේ ඇවිද්දාම කකුල් වල කුණු දූවිලි රැදෙනවා. අපි හරියට කකුල් සේදුවේ නැති වුනාම කුණු දූවිලි රැඳිලාම තියෙනවා. ඉතින් ලස්සන දෙපයක් හිමි කරගන්න නම් පොඩ්ඩක් විතර මහන්සි වෙන්නත් ඕන.

මේ තියෙන්නේ ඒ වගේ ගෙදරදිම කරන්න පුලුවන් සත්කාරයක්.

සබන් එහෙම නැත්තම් බොඩි වොශ් ටිකකින් හැමදාම හවසට කකුල් දෙක සෝදන්න. ඊට පස්සෙ පොඩි රෙදි කෑල්ලකින් නැතිනම් පියුමික් ස්ටෝන් එකකින් පොඩ්ඩක් යටි පතුල් අතුල්ලන්න. මේකෙන් කකුල් වල රැඳිලා තියෙන කුණු දූවිලි ඉවත් වෙනවා. ඒ වගේම සතියකට සැරයක් වගේ මෙ විදියට පොඩි සත්කාරයක් කරන්න.

මුලින්ම කියුටෙක්ස් අයින් කරගන්න රිමූවර් එකකින්. ඊට පස්සෙ මද උණුසුම් වතුර බේසමකට ශැම්පූ ටිකක් ලුණු ටිකක් එකතු කරලා ටික වෙලාවක් කකුල් දෙක වතුර බේසමේ දාගෙන ඉන්න. විනාඩි 10ක් වගේ. පරණ දත් බුරුසුවක් අරන් නියපොතු ටික හොදට පිරිසිදු කරගන්න. ගොඩක් වෙලාවට අපේ නියපොතු දුර්වර්ණ වෙලා තියෙන්නෙ කුණු රැඳිලා තියෙන නිසා. ඊලගට යටි පතුල් වල තියෙන මැරුණු සම ඉවත් කරගන්න.

පියුමික් ස්ටෝන් එකකින් හොඳින් අතුල්ලන්න. පිරිසිදු වතුරෙන් සෝදලා ඊට පස්සෙ ෆුට් ස්ක්‍රබ් එකකින් යටි පතුල් වල ඉදන් දණහිස් ලඟට එනකම් වගේ ස්ක්‍රබ් කරන්න. මේකෙන් මැරුණු හම අයින් වෙනවා. අන්තිමේදි පිරිසිදු වතුරෙන් සෝදලා moisturizing cream එකක් ගාන්න.

ගෙදරදිම හදාගන්න පුලුවන් ස්ක්‍රබ් එකක් තමා කෝපි ස්ක්‍රබ් එක. මේකට ඕන වෙන්නෙ කෝපි කුඩු ටිකක්, පොඩි කැට තියෙන සීනි ටිකක් සහ ඔලිව් ඔයිල් ටිකක්. මේ ටික හොඳට මික්ස් කරලා ඇඟිලි තුඩු වලින් හෙමිට ස්ක්‍රබ් කරන්න. ඊට පස්සේ සිතල වතුරෙන් සෝදලා moisturizing cream ටිකක් ගාන්න.

තවත් දෙයක් අපි දෙපා සේදුවට පස්සේ තුවායකින් කකුල් දෙකම තෙත මාත්තු කරන්න. ඊට පස්සේ තමා moisturizing cream ගාන්න ඕන.

තවත් දෙයක් කකුල් වල අනවශ්‍ය රෝම අයින් කරන්න ගොඩක් අය රේසර් කරනවා. ඒත් එක පරිස්සමෙන් කරන්න ඕන. නැත්තම් තුවාල වෙලා අන්තිමට ඒ තුවාල කැළැල් කකුල් දෙක අවලස්සන කරනවා.

කකුල් වල යටි පතුල් පැලෙන, ඉරි තැලෙන අයට කරන්න පුළුවන් හොඳම දෙයක් තමා හැමදාම රෑට කකුල් හොඳින් සෝදලා නිදාගන්න යද්දී ඔලිව් ඔයිල් ටිකක් යටි පතුල් වල ආලේප කරන එක. එහෙම නැතිනම් කෝමාරිකා මදය වුනත් ආලේප කරන්න පුළුවන්.

කාන්තාවන් හැමෝම කැමතියි ලස්සනට නේල් ආට්ස් දාලා හැඩට වැඩට යන්න. ඒත් කියුටෙක්ස් තෝරා ගනිද්දී ප්‍රමිතියකින් යුතු ආලේපන විතරක් මි‍ලට ගන්න. දින දෙක තුනකින් කියුටෙක්ස් රිමුව් කරන්න. මොකද නිය ආලේපන හදලා තියෙන්නේ රසයකින ද්‍රව්‍ය වලින්, දිගු කාලයක් නියපොතු මත කියුටෙක්ස් තියෙද්දී සමහර වෙලවට නියපොතු දිරාපත් වෙනවා.

අන්තිමේදී කියන්න ඕන නිතරම නැවුම් එළවලු පලතුරු ආහාරයට ගන්න ඒ වගේම දවසකට වතුර ලීටර 6 ක් වත් බොන්න එතකොට සම වියලෙන එක වලක්වා ගන්න පුළුවන්.


මේ ලිපිය නම් ස්තුතියි.මමත් සෙව් කරගන්නවා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
31 Jan 2017 10:54 PM
අර යටි පතුල් වල ඉදන් දණහිස් දක්වා කරන ස්ක්‍රබ් එක අපිත් කර ගන්නද එහෙනම් ..   නැත්නම් මේක සටන් කොල්ලන්නට අදාල නැද්ද නංගි  
Business, you know, may bring money, But friendship hardly ever does.
0
You are not authorized to post a reply.
Page 10 of 13 << < 89101112 > >>