You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Sep 2016 04:06 AM by  shanaka kelum
ස්ටන් අවුරුදු කොළ සෙල්ලම
 154 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 8 << < 23456 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 02:56 AM
මේ ගස් වල කොළ නම් මම ගහපු ෆොටෝස් නෙවෙයි.. මොකද ඕවා ඔක්කොම අපේ වත්තේ නැහැ.. හැබැයි ඔය පින්තුරේ නම් නෙවෙයි.. දං ගෙඩිත් නෙවෙයි ඔය.. දං කොළෙත් නෙවෙයි..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Apr 2015 04:38 AM
අපේ අයියලා තාම මේක හොයලා නෑ වගේ..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Apr 2015 04:39 AM
අපේ තාත්තා නම් කීවේ මේක පාලටු ගහක් කියලා..
(ඔයාලා ඒකට කියන්නේ වෙන නමක් කියලද කියලා මම නම් දන්නේ නෑ)
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 04:46 AM
එහෙම කියනවා කියල නම් දන්නේ නැහැ.. නමුත් හොඳ ප්‍රසිද්ධ නමක් තියෙනවා මේ පස්වෙනි එකට...

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Apr 2015 04:47 AM
Posted By indika76 on 10 Apr 2015 04:39 AM
අපේ තාත්තා නම් කීවේ මේක පාලටු ගහක් කියලා..
(ඔයාලා ඒකට කියන්නේ වෙන නමක් කියලද කියලා මම නම් දන්නේ නෑ)

 

ඕක මදුරුවා දන්නෙත් නැහැ 76 මචෝ..ඉතින් කොහොමද උත්තරේ දෙන්නේ 

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Apr 2015 04:50 AM
Posted By maduranga001 on 10 Apr 2015 04:46 AM
එහෙම කියනවා කියල නම් දන්නේ නැහැ.. නමුත් හොඳ ප්‍රසිද්ධ නමක් තියෙනවා මේ පස්වෙනි එකට...
 

 

කොරොන් කොරොන් ද..

ඉංග්‍රීසියෙන් නම් Hernandia

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Apr 2015 05:00 AM

http://en.wikipedia.org/wiki/Hernandia

මේ තියෙන්නේ..76 බ්‍රදර් හරි 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2015 05:24 AM

කට්ටිය හොයලද ,,මන් මේ කාර්ඩ් කුට්ටම වත් අරන් එන්න හැදුවේ එක කොලයක්  ද කියල බලන්න ....
කට්ටියට දැනගන්න මේක නම් හොද පාඩමක් ගස් කොලන් ගැන

2

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 05:50 AM
ඔව්.. හරියටම හරි.. ලංකාවේ කියන්නේ කොලොන් ශාකය කියලා..

ඔන්න මගෙන් සුභ පැතුම්.. හොයන්න උත්සාහ ගත්ත හැමෝම අගේ කරනවා..

දැන් හතම දන්නවා නේද?

දැන් කාට හරි කියන්න පුළුවන් ද මේ ශාක 7 ඇති පොදු වැදගත්කම?

දන්නවද? විශේෂ හේතුවක් ඇතිවයි මම මේ හතම තෝරාගත්තේ..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2015 06:07 AM
ඔක්කොම විස්තර ටික එකතු කරලා දන්න නේද ,,ලේසි බලාගන්න
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Apr 2015 08:13 AM
Posted By maduranga001 on 10 Apr 2015 05:50 AM
ඔව්.. හරියටම හරි.. ලංකාවේ කියන්නේ කොලොන් ශාකය කියලා..

ඔන්න මගෙන් සුභ පැතුම්.. හොයන්න උත්සාහ ගත්ත හැමෝම අගේ කරනවා..

දැන් හතම දන්නවා නේද?

දැන් කාට හරි කියන්න පුළුවන් ද මේ ශාක 7 ඇති පොදු වැදගත්කම?

දන්නවද? විශේෂ හේතුවක් ඇතිවයි මම මේ හතම තෝරාගත්තේ..

 

මේ මේ....ඕව කියලා ශේප් වෙන්න හදන්න එපා මම දවස් දෙකක් නිවාඩු දාල පේරාදෙණියේ & හග්ගල ගියා මෙව්වා හොයන්න, ඉන්දික 76 එක්ක,
කෝ කෝ අපේ ගණන් බේරලා ඉඳහන්......අඩු ගානේ බස් ගාතුව වත් 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 09:56 AM
අපේ භාණ්ඩාගාරිකතුමාගෙන් ඉල්ලගන්න.. මේවට ප්‍රතිපාදන වෙන් කරලා ඇත්තේ..

මේ ගස් කොලවල විස්තර හෙටම දාන්නම්. විශේෂත්වය දන්නා කෙනෙක් ඉන්නවා නම් ඔන්න තව කාලය ටිකකුත් ඉතුරු කළා ඒ ගැනත් සඳහන් කරන්න..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2015 06:44 PM
මට නම් උත්තරය කියලත් අන්ඩුරගන්න බැහැ ...කමක් නැ දැණ් තරගය හරි නෙද ?
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2015 07:52 PM
ati yntham kola hathe sellama ewara unaa......
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 10:55 PM

මේ කොළ වර්ග හත එන්නේ සිංහල අවුරුද්දෙන් අනතුරුව පැමිණෙන හිසතෙල් ගෑමේ නැකතට.

සතියේ දින හතට අදාළ වෘක්ෂ වර්ග හතක් තියෙනවා.
මේ කොළ වර්ග හත වැදගත් වන්නේ හිසතලේ ගාන නැකත අදාළ වන සතියේ ලැබෙන දිනයට අනුවයි..

අපි හැමෝගෙම සෑම ජිවියෙකුගෙන්ම ශරීරයෙන් කිරණ නිකුත් වෙනවා.. ඒවා සිතුවිළි වලට අදාලව විටින් විට වෙනස් විය හැකියි. නමුත් සුර්යයාගේ ක්‍රියාකාරකම් අනුව අපේ ශරීර වලින් පිටවන මේ කිරණ වල සංඛ්‍යාතයන් දවසේ දිනය තුල පොදුවේ එක ලෙස තියෙනවලු. නමුත් දිනෙන් දින, දවස් හතේ වෙනස් වෙනවා. ඒ කිව්වේ දවස් හතේ හත් විදියක් වගේ අදහසක්.
මේ විදියටම පරිසරයේ තියෙන තුරුලතා වලිනුත් මේ කිරණ නිකුත් වෙනවා. ඒවා ශාකයන් අනුව විවිධයි.. එයත් සතියේ දිනය අනුව වෙනස් වෙනවා.

නමුත් මේ ගස්වලින් පිටවන කිරණත් අපේ ශරීර වලින් පිටවන කිරණත් සමානව ගැලපෙන අයුරින් නිකුත් වෙන විදියට ගලපලා තමයි ඒ ඒ දවස් වලට උචිත කොළ වර්ගය සතියේ දින හතට වෙන් කරලා හදලා තියෙන්නේ...

ඔය හිසතෙල් ගැන නැකත බැලුවම පෙනේවි "හිසට කොහොඹ පත් ද " කියලා කොටසක් තියෙනවා.. බොහෝ විට ඒ මේ සතියේ දවසට අදාළ පත්‍ර වර්ගය තමයි ඔතනින් සඳහන් වෙන්නේ. නැකත වැටෙන්නේ බදාදාවක නම් කොහොඹ අත්තකින් තමයි හිසතෙල් ගාන්න කියන්නේ.. බොහෝවිට ඒ යුෂය හදාගන්නත් ඒ කොළ වර්ගයම ගන්න කියලා සඳහන් වෙනවා.
හිසතෙල් ගාන දිනය අනුව නැකත්කරුවන් නැකත් සෑදීමේදී ඒ දිනයට අදාළ ප්‍රධාන ශාකයක් තොර ගන්නවා.

දින 7ට අදාළ වෘක්‍ෂ

ඉරිදා - ඉඹුල්
සදුදා - දිවුල්
අඟහරුවාදා - කොලොන්
බදාදා - කොහොඹ
බ්‍රහස්පතින්දා - බෝ
සිකුරාදා - කරඳ
සෙනසුරාදා - නුග

(මේ තොරතුරු මම කියවා බලා අසා තියෙන විස්තර මට ගෝචර වුනු විදිය. අඩු පාඩු තියෙන්න පුළුවනි.)

ඉතින් ඔන්න දැන් අමතක වෙන්න විදියක් නැහැ. කොච්චර හිසතෙල් ගැන නැකත ගැන කිව්වත් ඒ ගැන වැඩි අවධානයක් නැහැ නේ අපි. මොනවද කොළ වර්ග. ඇයි මේ එක එක අවුරුදු වල කොළ වර්ගය වෙනස් වෙන්නේ කියලා එහෙම. දැන් දන්නවා ඇති හැමෝම. මේ විස්තර ටික නිකන්ම දැම්ම නම් අන්තිමට "බොහොම ස්තුතියි. හොඳ ලිපියක්" කියල කොමෙන්ටුවක් වැටේවි කියෙව්වත් නැතත්..
මේවා අපේ සංස්කෘතිය. අපි දැනගත්තොත් තමයි ඊලග පරපුරත් මේවා දන ගන්නේ.. ඉතින් මේක තරගයක් වුනු නිසාම මේ කොළ වර්ග ගැන හොදින් දැන ගත්තා කියල හිතෙනවා.

වැඩි විස්තර කියවා ගන්න කැමති අයට..

1. මගුල් කරඳ (http://manthalawa.blogspot.com/2014/04/magul-karanda-sri-lankan-gypsy-people.html)
2. දිවුල් කොළ (http://apeosupela.blogspot.com/2015/02/limonia-acidissima.html)
3. කටු ඉඹුල් - (http://apeosupela.blogspot.com/2014/05/blog-post_19.html)
4. කොහොඹ (http://apeosupela.blogspot.com/2014/11/azadirachta-indica.html)
5. කොලොන් - (http://www.stuartxchange.com/Koron-koron.html)
6. නුග - (http://www.agri.ruh.ac.lk/medicinalplants/medicinal_plants/families/moraceae/plants/maha_%20nuga.html)
7. ඇසතු/ බෝ පත්. (වැඩි විස්තර අනවශ්‍ය බවයි අදහස. බෞද්ධයෝ වුනු ඔබ හැමෝම බෝ වෘක්ෂය ගැන ඕනෙවටත් වඩා දන්නවා ඇති.)

එහෙමනම් හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක්..!
තරගයට සහභාගී වෙලා හිටපු අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තුතියි.!!

එකසිය විස්සෙන් දෙසිය විස්සක් ආයුබොහෝ වේවා..!!!

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Apr 2015 07:19 AM
thanks me visthara welata...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Apr 2015 12:36 AM
අඩේ මෙ තරම් වදගත් බවක් කලින් දැන ගෙන උන්නෙ නැහනෙ ....කොහොම වුනත් මෙ වගෙ වදගත් දනුම වඩන තරග අලුත් අවුරුද්ද වෙනුවෙන් සන්විදනය් කල මදුරන්ග මල්ලිට මගෙ හද පිරි ප්‍රනමය ..අපි මෙ තරග වලින් සතුටක් වගෙම දනුමකුත් ලබා ගත්තා ..මම හිතන්නෙ site forum වල මෙවැනි තරග මම දන්න විදියට මෙ පවත්වුවෙ පලමු වතවට ..ඉතින් එය එසෙ නම් එම පුර්න ගව්‍ රවය මදුරන්ග ට වගෙම ඔහුගෙ මෙ site එකට හිමි වෙනවා .
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
12 Apr 2015 07:57 PM
Godak sthuthiyi malli kola tika gena denuwath kalata

Godak hoda tharagayak meka nam
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Apr 2015 02:55 AM
sthuthi maduranga...hoda padamak
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2016 04:26 AM
අපේ ශා මල්ලි මේ වන විට අලුත් තරගයක් ආරම්භ කරලා තියෙනවා නේ පෙට්ටිය තුල යමක් සඟවලා. ඉතින් මේ තරගය ගිය වසරේ අවුරුදු කාලයට පමණක් ආරම්භ කල අවුරුදු ක්‍රීඩාවක්. අවුරුද්දට අදාළ කරගෙන. ඉතින් මේ අවුරුද්දෙත් අවුරුද්ද හා සම්භන්ධ කරගෙන මේ තරගය පවත්වමු. කවුරුත් සහභාගී වේවි කියල හිතනවා.
මම සඟවලා තියෙන්නෙ ගසක කොළයක්. කියන්න බලන්න මේ කොලේ මොකක්ද කියල?

පින්තූරයකුත් දෙන්නම් ඉදිරියට. අනුමාන කරලා කියන්නකෝ එහෙනම්.
0
You are not authorized to post a reply.
Page 4 of 8 << < 23456 > >>