You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 02:05 PM by  Imalka Hewage
අලුත් අවුරුදු නැකත් සීට්ටුව 2019
 98 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 512345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
01 Apr 2015 07:47 AM

    මෙවර සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ නැකත් සීට්ටුව අද අප්‍රේල් පළමුවෙනිදා පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන් වුණා. අලූත් අවුරුදු නැකත් සීට්ටුව මෙලෙස රාජ්‍ය නායකයාට පිළිගැන්වීම අතීතයේ සිට පැවත එන සම්ප‍්‍රදායක්.

    නැකත් සීට්ටුව ගෙන් ගෙට ගොස් බෙදා දීම ද අණ බෙරකරුවෙකු ලවා එය කියවීම ද අතීතයේදී සිදුකර තිබෙනවා. ඒ බව සිහි ගන්වමින් අද දිනයේදී ජනාධිපතිවරයා වෙත අලූත් අවුරුදු නැකත් සීට්ටුව පිළිගැන්වුණේ ද අණ බෙරකරුවෙකු ලවායි. සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියා. 

    (neth)

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124

    --
    01 Apr 2015 07:51 AM
    ඒ අනුව අලූත් අවුරුදු උදාව අප්‍රේල් සම 14 වැනි අඟහරුවාදා අපරභාග 1.47 ට යෙදී තිබේ.

    පුණ්‍ය කාලය අප්‍රේල් සම 14 වැනි අඟහරුවාදා පූර්වභාග 7.23 සිට අපරභාග 8.11 දක්වාය.

    ආහාර පිසීම හා ලිප ගිනි දැල්වීම අප්‍රේල් සම 14 වැනි අඟහරුවාදා අපරභාග 2.05 ට රතු වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර බලාය.

    ආහාර අනුභව කිරීම අප්‍රේල් සම 14 වැනි අඟහරුවාදා අපරභාග 2.42 ට සුබ මොහොත වේ.

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533

    --
    01 Apr 2015 07:58 AM

    එන්න එන්නම වැඩේ දෙල් වෙනවා....ලිප් බැඳලා ගිනි   මොලවලා විනාඩි 40 කින් ඔක්කොම කරන්න වෙලා , හරියට කරනවා නම් කරන්න බැහැ. කැවුම් ඇතුළු අවුරුදු කැවිලි වර්ග කොහොමත් කලින් නේ හදන්නේ, අලුතෙන්ලිපක් හදලා එකේ කිරිබතක් උයන්න බැහැ විනාඩි 40 කින්, නැකත් හදන්නේ අවුරුද්ද ගැන මෙලෝ වැටහීමක් නැති එවුන් වෙන්න ඇති.

    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    01 Apr 2015 08:48 AM
    අයියෝ මට මේ සැරේ කිරි උතුරන්න වෙන්නේ මහා පාන්දර ... හ්ම්ම්ම් මොන කරන්නද.... කොහොමත් මන් නම් නැගිටිනවා ,,

    ගොඩක් ස්තුති මදුරනංග
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931

    --
    01 Apr 2015 06:36 PM

    වැඩ අල්ලන්න තියෙන්නෙ මහ දවල්නෙ ...

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    01 Apr 2015 07:04 PM
    me nakath tiyenne pduma welawetane..
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    01 Apr 2015 08:13 PM
    Posted By Rosi on 01 Apr 2015 08:48 AM
    අයියෝ මට මේ සැරේ කිරි උතුරන්න වෙන්නේ මහා පාන්දර ... හ්ම්ම්ම් මොන කරන්නද.... කොහොමත් මන් නම් නැගිටිනවා ,,

    ගොඩක් ස්තුති මදුරනංග

    පිටරට සිටින ඔයාලත් මේ නැකත් කටයුතු කරනවද..

    එහෙම කරන්නේ ලංකාවේ වේලාවට අදාල නැකතින්ද..

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196

    --
    01 Apr 2015 10:13 PM
    අපි නම් ඉතින් එදාට කිරිබතක් හදනවා. එහෙම නැතිව චාරිත්‍ර කරන්න අපහසුයි. තවම හරියට පිළිවෙලක් නැති නිසා. කොරියාවෙදිත් ගිණි මොලවන්න බැරි වුණා. ගෙදර යන්තම් හරි සුළු දුමක් ගියත් මුළු පලාතම දෙවන්ත් වෙන්න Fire Alarm වදිනවා. අඩු ගනේ මිරිස් කරලක් වත් බැද ගන්න බැහැ. මෙහෙත් කොහොමද දන්නේ නැහැ.
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533

    --
    01 Apr 2015 10:56 PM

    පිට රටවල් වලට මේ නැකත් අදාළ වෙන්නේ නැහැ, අක්ෂාංශ දේශාංශ හා වෙලා කලාප දිශා අනුව සූර්යාගේ පිහිටීම වෙනස් නිසා, ලංකාව එකම වෙලා කලාපයේ නිසා අවුලක් නැහැ, නැත නම් වෙලාවල් දෙකක් තුනක් එන්න පුළුවන් 

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931

    --
    01 Apr 2015 10:57 PM
    ඔව් පිට රටවලට මෙ නකත් වෙලවල් බලපන්නෙ නැහැ
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124

    --
    02 Apr 2015 12:30 AM
    නැකත් වල මොන වෙනසක් ඇතත් ලාංකික හැමෝම එකම වෙලාවට අවුරුද්දට එක දවසක් හරි එකම වෙලාවට උයන එක, එකම වෙලාවට මේසයක වාඩි වෙලා එකම අහාරය ගන්න එක එක වගේ දේවල් වල නම් මට පුදුම වටිනාකමක් දැනෙනවා... එකෙන් අමුතු මානසික සතුටක් ලැබෙනවා.. විදේශ රටක හිටියත් ඒ දේ දැනෙනවා ඇති.. මම හිතන්නේ ලෝකෙම ලාංකික අපි විතරයි මෙහෙම දෙයක් කරනවා ඇත්තේ.. හින්දු බැතිමත් ඉන්දියනුවොත් එහෙම කරනවාද යන්න ගැන නම් මම දන්නේ නැහැ..

    ලංකාවෙ හිටියත් පිට රටක හිටියත් අපි හැමෝම කමු එහෙනම් කිරිබත් එකට මෙදා සැරේ එකටම.. ස්ටන් පවුලේ අයත් එක්කම..
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533

    --
    02 Apr 2015 12:50 AM
    Posted By maduranga001 on 02 Apr 2015 12:30 AM

    ඒ උනාට පරෙස්සමින්, කැවුම් කන එක නම් අවුලක් නැහැ හැබැයි එකට පවුල් කන එක නම් භයානකයි 

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124

    --
    02 Apr 2015 12:54 AM
    එකට පවුල් කන්නම වටිනවා.. උබලත් එක්ක..
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931

    --
    02 Apr 2015 01:10 AM
    එකට පවුල් කන්න වෙන්නෙ ඉතින් පිරිමි පිරිමි අපිටම තම්යි
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533

    --
    02 Apr 2015 03:32 AM
    Posted By Ind007ka on 02 Apr 2015 01:10 AM
    එකට පවුල් කන්න වෙන්නෙ ඉතින් පිරිමි පිරිමි අපිටම තම්යි

    ඒ ඔෆිස් එකේ නේ,..............හිකිස් 

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124

    --
    02 Apr 2015 03:57 AM
    Posted By Imalka on 02 Apr 2015 03:32 AM
    Posted By Ind007ka on 02 Apr 2015 01:10 AM
    එකට පවුල් කන්න වෙන්නෙ ඉතින් පිරිමි පිරිමි අපිටම තම්යි

    ඒ ඔෆිස් එකේ නේ,..............හිකිස් 

    කොහේ ගැනද මේ කියන්නේ?

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    02 Apr 2015 06:03 AM
    මම හිතන්නේ ඉන්දික 07 ofice එක ගැන මේ කියන්නේ ...
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    02 Apr 2015 08:16 AM
    Posted By maduranga001 on 02 Apr 2015 12:30 AM
    නැකත් වල මොන වෙනසක් ඇතත් ලාංකික හැමෝම එකම වෙලාවට අවුරුද්දට එක දවසක් හරි එකම වෙලාවට උයන එක, එකම වෙලාවට මේසයක වාඩි වෙලා එකම අහාරය ගන්න එක එක වගේ දේවල් වල නම් මට පුදුම වටිනාකමක් දැනෙනවා... එකෙන් අමුතු මානසික සතුටක් ලැබෙනවා.. විදේශ රටක හිටියත් ඒ දේ දැනෙනවා ඇති.. මම හිතන්නේ ලෝකෙම ලාංකික අපි විතරයි මෙහෙම දෙයක් කරනවා ඇත්තේ.. හින්දු බැතිමත් ඉන්දියනුවොත් එහෙම කරනවාද යන්න ගැන නම් මම දන්නේ නැහැ..

    ලංකාවෙ හිටියත් පිට රටක හිටියත් අපි හැමෝම කමු එහෙනම් කිරිබත් එකට මෙදා සැරේ එකටම.. ස්ටන් පවුලේ අයත් එක්කම..

    මම නම් ලංකාවේ නැකතට මේහේ කිරි උතුරන්නේ ....කිරි උතුරලා නැකතට කිරිබත් කනවා ,,,කොච්චර උනත් ලන්කාවේ විදියටම ගෙවල් දොරවල් පිරිසිදු කරලා හරියට නැකත් ටික  කරාම හිතට නම් හරිම සතුටුයි ,,,අනික දුවලා දෙන්නටත් මේවා දැනගන්න ඕනේ .එක නිසා අපිත් අවුරුදු නිවාඩු නැති උනත් අවුරුදු  සමරනවා

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533

    --
    02 Apr 2015 08:20 AM
    අගය කලයුතු ක්‍රියාවක්,....ලංකාවේ ඉන්න ඇතැම් අයට මේවට වෙලා නැහැ කියයි..දාහක් හේතු කියයි...මේවා පරපුරෙන් පරපුරට උරුම කරලා දෙන්න ඕන යහපත් ගති පුරුදු...
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    02 Apr 2015 08:34 AM
    අපේ අම්මලා තාත්තලා මේ චාරිත්‍ර කරපු නිසානේ අපිත් දන්නේ මේවා .... අපේ දරුවෝ මේහේ හැදුනත් අපේ චාරිත්‍ර අමතක කරන්න දෙන්න බැනේ අයියා . එක නිසා පුළුවන් විදියට කොයි දේත් උගන්නනවා අපි
    2
    You are not authorized to post a reply.
    Page 1 of 512345 > >>