You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Apr 2019 06:15 PM by  Dilki kapuge
අවුරුදු රබන් පද
 140 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 812345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Apr 2015 06:27 AM

    ඔන්න වැඩි කතා නැහැ. මෙතැන තියෙන්නේ රබන් ගහන්න.. ඔබ අහලා තියෙන ඕනෙම රබන් පදයක් ඉදිරිපත් කරන්න පුළුවන්.. ඒ රබන් පදයට විශේෂ කතාවක් එහෙම නැත්නම් තේරුමක් තියෙනවා නම් කියන්න. එකම රබන් පදය නැවත නැවත දාන්න එපා.. අපි අහලා නැති රබන් පද ඔබ අහලා තියෙන්න පුළුවන්.. විශේෂයෙන්ම පුංචි දරුවන් ඉන්න පාසල් යන ළමයින් සිටින අයටත් අනාගතයේදී වැදගත් වෙන්න පුළුවන්.. අවුරුදු රබාන සම්බන්ධ ඕනෑම දෙයක් මෙහි පලකළ හැකියි. දැනුමත් විනෝදයත් මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වේ.

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    01 Apr 2015 06:28 AM
    කවුද මුලින්ම රබාන ළග වාඩි වෙන්නේ..?
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    01 Apr 2015 08:05 AM

    උඩින් උඩින් වර මදුරංග 
    බිමින් බිමින් වර මදුරංග
    උඩින් උඩින් වර....බිමින් බිමින් වර....බැනර් හදන්නට  මදුරංග 

     

     

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    01 Apr 2015 08:34 AM
    බලාගෙන රබාන රත්වෙලා ඇති..
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    01 Apr 2015 08:39 AM
    එගොඩ ගොඩෙත් රත්තරන්
    මෙගොඩ ගොඩෙත් රත්තරන්
    එගොඩ ගොඩෙත් මෙගොඩ ගොඩෙත්
    ඇතෙක් බරට රත්තරන්


    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    01 Apr 2015 09:06 AM

    පාන දුරේ යන පාන් කඩේ ළඟ -     ගෑනු හරක් බඳිතෙයි
    තෙතෙයි තෙයි  - ගෑනු හරක් බඳිතෙයි  
    මෙච්චර මේ රටෙ පිරිමි හිටිද්දීත්  - ගෑනු හරක් බඳිතෙයි 
    තෙතෙයි තෙයි  - ගෑනු හරක් බඳිතෙයි  

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    01 Apr 2015 09:12 AM
    දොන්ත බබක්කට
    දෙන්න දෙයක් නැත
    පෙට්ටගමක් උඩ
    තුට්ටු දෙකක් ඇත
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    01 Apr 2015 09:30 AM
    ලන්සි පැටවූ මුහුදු යන්න
    නැවක් හදනවා
    තක දොන් නැවක් හදනවා
    තක දොන් නැවක් හදනවා
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    01 Apr 2015 09:35 AM
    වත්ත කතත් කතත්තා
    කුඹුර කතත් කතත්තා
    වත්ත කතත් කුඹුර කතත්
    දෙකම කතත් කතත්තා
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    01 Apr 2015 09:41 AM

    අවේ නැහැ නේ ලොකු අක්කා 
    ඇමරිකාවේ ලොකු  අක්කා 
    එන්නේ කවදා ලොකු   අක්කා
    ඇමරිකාවේ ලොකු  අක්කා

    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    01 Apr 2015 09:47 AM
    බුබුල් බුබුල් බණ්ඩක්කා
    තුට්ටු දෙකට මන් ගත්තා
    තුට්ටු දෙකට මන් අරගෙන
    තුට්ටු දෙකට මන් වික්කා
    0

    Himali
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    01 Apr 2015 10:18 AM
    රන් තැඹිලි ගස් දෙකයි
    ගොන් තැඹිලි ගස් දෙකයි
    ගස් දේකට මල් දෙකයි
    මල් දේකට ගෙඩි දෙකයි
    0

    Himali
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    01 Apr 2015 10:21 AM
    තිත්ත කැකිරි ගෙඩි
    මාමට දීපන්
    නෙලං කැකිරි ගෙඩි
    නැන්දට දීපන්
    පුංචි රබානේ
    ගින්දර දාපන්
    ගහන රබන් පද
    හරියට ගහපන්
    0

    Himali
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    01 Apr 2015 10:24 AM
    කොකෝ කොක්‌කු දෙදහසයි
    කොකෝ කොක්‌කු දෙදහසයි
    කොක්‌කු දෙදහසක්‌ ඇවිදින්
    අම්බලමක දොයි
    කෙකී කරපු නින්දාවට
    කොකා ගොසින් බෙංගාලෙට
    කොකෝ කොකෝ හඬාපන්
    කොකෝ කොකෝ හඬාපන්
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    01 Apr 2015 11:13 AM

    ඔහේ.. අක්කලා නංගිලා අයියල මල්ලිලා එකතුවෙලා දෙනවා නේද රබන් පද රබන් පැලෙන්නම
    අලුත් රබන් පදත් තියෙනවා.. අහපු නැති ඒවත් තියෙනවා..

    ස්ටන් රබන් පදත් තියෙනවා මම දැක්කා.. ස්ටන් එකටම හදපු..

    ඔහොම යන්.. ඔහොම යන්..

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    01 Apr 2015 02:39 PM
    උඩින් උඩින් වර පෙත්තප්පු
    බිමින් බිමින් වර පෙත්තප්පු
    උඩින් උඩින් වර බිමින් බිමින් වර
    ජම්බු කන්න වර පෙත්තප්පු
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    01 Apr 2015 02:42 PM
    තක්කකුත් දික්ක කුත්
    දෙහි කඩන කෙක්ක කුත්
    ඊට මලු බොක්ක කුත්
    තක්කකුත් දික්ක කුත්
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    01 Apr 2015 02:47 PM
    ඉඳන් පෙත්ත ඉඳ පර්වත
    දෙකට කැපූ ළූනු පෙත්ත
    කොණ්ඩ පරෙයියා තකදොං
    කොණ්ඩ පරෙයියා.
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    01 Apr 2015 06:10 PM

    අහ් nංගිල මල්ලිලා හරි හරියට රබන් ගහනව වගෙයි ...පොඩ්ඩක් හිටහල්ලකො හොන්ද පදයක් කියන්න මමත

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    01 Apr 2015 06:17 PM
    Posted By Ind007ka on 01 Apr 2015 06:10 PM

    අහ් nංගිල මල්ලිලා හරි හරියට රබන් ගහනව වගෙයි ...පොඩ්ඩක් හිටහල්ලකො හොන්ද පදයක් කියන්න මමත

     

     

    තාක්‌ක තරිකිට
    තේක්‌ක නැන්දේ
    තේක්‌ක මල් පිපිලා
    අන්න බලන් සකි
    මෙන්න බලන් සකි
    පාරට මල් නැමිලා

    තාක්‌ක තෙයි තෙයි
    තාක්‌ක තෙයි තෙයි
    තේක්‌ක මල් පිපිලා
    ඔන්න බලන් සකි
    මෙන්න බලන් සකි
    පාරට මල් නැමිලා
    තෙතෙයි තෙයි
    පාරට මල් නැමිලා

     

     

     

    0
    You are not authorized to post a reply.
    Page 1 of 812345 > >>