You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Jan 2019 07:35 PM by  Udari
කරවිල ඔසුවක් ලෙස
 681 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 35 << < 23456 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
29 Jul 2018 06:11 PM

weda5පිළිකා රෝගයකට ගොදුරු වූ පුද්ගලයෙක්‌ සහ වෙනත් රෝගයකට ගොදුරු වූ පුද්ගලයෙක්‌ පිළිබඳ අවධානය යොමු කළ හොත් පිළිකා රෝගයට ගොදුරු වූ පුද්ගලයා තම රෝගය පිළිබඳව දැනගත්දා සිට ජීවත් වන්නේ මරණය ගැන මෙනෙහි කරමිනි.
 
 සෑම පිළිකා රෝගයක්‌ම මාරාන්තික නොවුවත් පිළිකා යන වචනයත් සමග අකල් මරණය යන්න බද්ධ කිරීමට අප සමාජයේ බොහෝ දෙනා හුරුව සිටිති.
 
 වෛද්‍යතුමනි පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා රෝගය පිළිබඳව හඳුන්වා ඇත්තේ කෙසේද?
 
 පිළිකාවක්‌ ශරීරයේ හට ගැනීමට බලපාන හේතු රැසක්‌ හඳුනාගෙන තිබෙනවා. දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන වන සිගරැට්‌, බීඩි, සුරුට්‌ටු පානය බුලත් විටට දුංකොළ මිශ්‍ර කර කෑම, කෘත්‍රීම රසකාර යෙදූ ආහාර පාන නිතර ගැනීම ඉන් ප්‍රධාන තැනක්‌ ගන්නවා.
 
 මෙම හේතූන් නිසා බොහෝ විට මතුවන්නේ මුඛ පිළිකා, පෙනහළු පිළිකා ආහාර මාර්ගය ආශ්‍රිත පිළිකාය.
 
 මෙලෙස කුමන හෝ හේතුවක්‌ නිසා ඇතිවන පිළිකා රෝග සුවකිරීමට පාරම්ම්පරික සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ඖෂධ වර්ග තිබෙනවා.
 
 ඕනෑම පිළිකා රෝගයක්‌ මර්දනය කිරීම සඳහා මුරුංගා කරල් සහ මුරුංගාකොළ වල ඉහළ ඖෂධීය ගුණයක්‌ ඇති බව හඳුනාගෙන තිබෙනවා.
 
 ගොටුකොළ, වැඩිපුර ආහාරයට ගැනීම කෝමාරිකා ආහාරයට ගැනීම මහින්ද පිළිකා ඇතිවීමේ අවස්‌ථාවන් මගහරවා ගත හැකිය.
 
 වෛද්‍යතුමනි, පිළිකා සුවපත් කිරීම සඳහා පාරම්පරික සහ ආයුර්වේද ප්‍රතිකාර වල ඇති හැකියාව කෙසේද?
 
 පිළිකා සුවපත් කිරීම සඳහා දේශීය වෛද්‍ය ක්‍රමයේ සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සාර්ථක ප්‍රතිකාර තිබෙනවා. එහිදී කන්සා (ගංජා) යොදාගෙන සකස්‌ කරන ඖෂධ සහ රස බෙහෙත් වර්ග ඉතා ප්‍රබලයි.
 
 මෙම ඖෂධ රෝගියාගේ මතුව ඇති පිළිකා රෝග තත්ත්වය නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීමෙන් ඉතා කෙටි කාලයකදී පිළිකාව සුවපත් කළ හැකියි.
 
 මෙහිදී රස බෙහෙත් ප්‍රතිකාර ලබාදෙනවිට රෝගියා ආහාරයට ගැනීමට සුදුසු සහ නුසුදුසු ආහාර වර්ග රැසක්‌ තිබෙනවා.
 
 ගොටුකොළ මුගුණුවැන්න, එළබටු කොහිලා අල, කොහිල දලු. සුදුලූනු, මුරුංගා කරල්, මුරුංගා කොළ මැල්ලුම්, කතුරුමුරුංගා කිරිහොද්ද, තෙබු කොළ මැල්ලුම, කෝමාරිකා සම්බෝලය කෙසෙල්මුව, කුරහන්, ඕලු ඇට, ඇඹරැල්ල, පොලොස්‌, නෙලුම් අල, මඤaCදාක්‌කා, කිඩාරම් අල, කටුපිල ආදිය පිළිකා රෝගයට ප්‍රතිකාර ලබන විට ගැනීම සුදුසුයි.
 
 කරවිල, තක්‌කාලි, අන්නාසි අච්චාරු සැමන් තෙල් අධික ආහාර ඇඹුල් කෙසෙල්, ආනමාළු ඇම්බුන් වැනි ආහාර පිළිකා රෝගයට ප්‍රතිකාර ලබාගන්නා කාලය තුළ ගැනීම සුදුසු නැහැ. විශේෂයෙන් රස ඖෂධ ප්‍රතිකාර ලබා දෙන විට කරවිල වැනි ආහාර මගින් රස බෙහෙත්වල ගුණය නසනවා.
 
 වැඩිදුර විස්‌තර සඳහා දුරකථන අංක 0718285605 හෝ 0778985757 ඇමැතිය හැකිය.
 
  ගලේවෙල දේවහූව දඬුබැඳිරුප්ප පුලස්‌ති දේශීය බෙහෙත් ශාලාවේ සහ කඩවත කිරිල්ලවල ජීවබල වෙදමැඳුරේ අධිපති ආයුර්වේද පාරම්පරික දේශීය සර්වාංග රස වෛද්‍ය වජිරජීව  සරත් කුමාර

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
29 Jul 2018 06:11 PM

අපි කවුරුත් පිරිසිදු, පැහැපත් සමකින් යුක්‌තව ඉන්නට කැමැත්තෙමු. හොරි දද කුෂ්ඨ වැනි රෝග සහිත පුද්ගලයන් හමු වූ විට ඔවුන්ගෙන් ඈත් වන්නට මහත් උත්සාහයක්‌ ගන්නෙමු.
 
 වෛද්‍යතුමනි, හොරි දද වැනි සමේ රෝග ඇතිවීමට බලපාන හේතු පිළිබඳව සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත්තේ කෙසේද?
 
 හොරි, දද, කුෂ්ඨ වණ රෝගා බාධා මනුස්‌සා සත්ත්ත පීඩා සකල ඉන්ද්‍රිය භාගා කුදර්හි කයිනාමි ලෙසින් මහා සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත්තේ මිනිසුන් මෙන්ම සිවුපා, සතුන් පක්‌ෂීන් උරගයන් ආදී සියලු සත්ත්වයන්ගේ සිරුරේ හොරි, දද, කුෂ්ඨ සහ වණ යන සමේ රෝග හටගන්නා මෙම රෝගවලට නිසි ප්‍රතිකාර නොකළ හොත් ඒවා උත්සන්න වී අවසානයේ ආසාදනවලට ලක්‌ව සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් දක්‌වා ගමන් කර මරණයට පවා ලක්‌විය හැකි බව මහා සෘෂි වෛද්‍යවරු පවසා තිබේ.
 
 වෛද්‍යතුමනි මෙම රෝග හට ගැනීමට බලපාන හේතු මොනවාද?
 
 මෙම රෝග ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ අපිරිසිදුකමයි. අපිරිසිදු බව නිසා සම මත විෂ බීජ හටගන්නවා. ඒවා වර්ධනය වූ විට මෙම රෝග මතුවෙනවා.
 
 දද සම මත අපැහැදිලි පැල්ලම් ලෙස ඇතිවේ. එම පැල්ලම් මතුපිට කැසීමක්‌ හටගනී.
 
 වණ දද සම මත පැතිර ගිය අවස්‌ථාවද
 
 හොරි - සම පුරා පැතිර යති. තෙත දියර ගලායයි.
 
 කුෂ්ඨ - සම මත පැතිර යයි. අධික ලෙස කැසීමක්‌ ඇතිවේ.
 
 වර්තමානයේ දද සහ කුෂ්ඨ රෝග කාන්තාවන් සහ පිරිමින්ගේ ප්‍රජනන අවයව පිහිටා ඇති ප්‍රදේශවල සහ කිහිsලි, ඉකිලි යන නිතර දහ දියෙන් තෙත් වන ප්‍රදේශවල බහුලව මතුව ඇති බව ප්‍රතිකාර ලබාගැනීමට එන රෝගීන් දෙස බලනවිට පැහැදිලි වෙනවා.
 
 මෙවැනි රෝග සහිත පුද්ගලයන්ට නිතර කෝපය ඇතිවී නොසන්සුන් බව වැඩි වේ. දැඩි ලෙස වේදනාවකින් පෙළෙයි.
 
 වෛද්‍යතුමනි මෙම රෝග සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?
 
 සෘෂි නාඩි වෛද්‍ය ක්‍රමයට අනුව බොහෝ ප්‍රතිකාර ඇත. ඒ අතර ඉතා පහසුවෙන් සාදාගත හැකි අත් බෙහෙතක්‌ සඳහන් කළ හැකිය.
 
 කොහොඹ කොළ, නික කොළ, දොඹ කොළ, මී කොළ, සියඹලා කොළ, කුප්පමේනියා සහමුලින්ම කිතුල් ගසේ සුඹුලු (කිතුල් කඳේ පොතු සූරාගැනීම) සමව ගෙන තම්බා කොටා ගන්න.
 
 රත්හඳුන් පිටි, පෙරුම්කායම්, පිටි, කොත්තමල්ලි පිටි, වියළි ගොඩපර ගෙඩි පිටි, සියඹලා මල් වියළා ගත් රතු වදමල් පොකුරු සමව ගෙන ඉහත තම්බා කොටාගත් ද්‍රව්‍යද මිශ්‍ර කර ගෙන තලතෙල් හා කොහොඹ තෙල් නිසි පමණට යොදා ආලේපයක්‌ සාදාගෙන දද කුෂ්ඨ, වණ, හොරි, ඇති ස්‌ථාන සබන් ගා නිවාගත් උණුවතුරින් හොඳින් සෝදා පිරිසිදු කර ගෙන උදේ සවස ආලේප කරන්න.
 
 වැඩිදුර විස්‌තර සඳහා දුරකථන අංක 0776500677 අමතන්න.

weda10

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
29 Jul 2018 06:12 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/42280.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
29 Jul 2018 06:12 PM

weda8අයිස්‌ ක්‍රීම් එකක්‌ කමු. අපෝ බෑ මට සෙම්. මෙලෙස ඇතැම් දෙනා සීත ආහාරපාන ගත්විට සෙම් රෝගවලට ගොදුරු වීමේ සම්භාවිතාවක්‌ දක්‌වති. එවිට නාසයෙන් සොටු දියර ගලා යාම, කැස්‌ස සමඟ සෙම පිටවීම වැනි රෝග ලක්‌ෂණ ඉස්‌මතු වේ.
 
 වෛද්‍යතුමනි සෙම හට ගැනීම යනු කිසියම් රෝග තත්ත්වයක්‌ ද ?
 
 ස්‌වසන පද්ධතිය ආශ්‍රිත රෝග (සෙම් රෝග) විවිධාකාරයි . එම රෝග ලක්‌ෂණ විවිධ වූ පරාසයක්‌ පුරා විහිදී පවතී. එම විවිධ පරාසයක විහිදුණු රෝග ලක්‌ෂණ සඳහා අප රෝගීන් පොදුවේ භාවිතා කරන වදනක්‌ ලෙස මෙම "සෙම" යන්න භාවිත වන බව මාගේ හැඟීමයි. උදාහරණයක්‌ ලෙස බහුලව දැකිය හැකි අසාත්මිකතා තත්ත්වයක්‌ වන පීනස රෝගයේ ඇති අධික සොටු දියර ගැලීම, නාසය සිරවීම, උගුර කැසීම වැනි තත්ත්වවලදී ද ඇදුම රෝගයේදී දැකිය හැකි පපුවේ තද ගතිය හුස්‌ම ගැනීමේ අපහසුතාව සමග කැස්‌ස වැනි රෝග ලක්‌ෂණ වලදීද, ස්‌වසන පද්ධතිය ආශ්‍රිත ආසාදන තත්ත්ව වලදී (උදා sinusitis) කෝටරක ප්‍රදාහයදී) ඇතිවන හිසරදය යන පරාසයක වූ රෝග ලක්‌ෂණ සඳහා පොදුවේ මෙම සෙම යන වදන ව්‍යවහාර වේ. මෙහිදී කිව යුත්තේ ඇත්තටම සෙම යනුවෙන් හැඳින්විය යුත්තේ ස්‌වසන රෝගවලදී ස්‌වසන පද්ධතිය ආශ්‍රිතව අධිකව නිපදවන ශ්ලේෂ්මල(Phlegm) සඳහායි.
 
 මෙලෙස සෙම අධික ව දැකිය හැකි ස්‌වසන රෝග මොනවාද ?
 
 ස්‌වසන රෝග පොදුවේ කාණ්‌ඩ කිහිපයකට බෙදා වෙන් කර දැක්‌විය හැකිය. ඒ අතර බහුලවම රෝගීන් පැමිණෙනුයේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදන සමඟයි. මෙහිදී ප්‍රධානම වශයෙන් දැකිය හැකි ශ්වසන ආසාදන තත්ත්ව ලෙස සෙම්ප්‍රතිශ්‍යාව (coryza) , උගුරෙහි ඇතිවන ආසාදන නිසා ඇතිවන සෙම්ගෙඩි ඉදිමුම (Pharyngitis/tonsillitis), ස්‌වර පටල ආශ්‍රිතව ඇතිවන ආසාදන (laryngitis), හිස්‌ කබලේ අස්‌ථි ආශ්‍රිතව දැකිය හැකි කුහර හෙවත් කෝටරක වල ඇතිවන ආසාදන - කෝටරක ප්‍රදාහය (sinusitis), ස්‌වාස නාල ආශ්‍රිත ආසාදන(Bronchitis), ස්‌වාස නාළිකා සහ අනු ශ්වාසනාලිකා ආශ්‍රිතව ඇතිවන ආසාදන තත්ත්ව (Bronchiolitis), පෙණහලු ආශ්‍රිතව ඇතිවන ආසාදන (pneumonia) සහ ක්‍ෂය රෝගය (tuberculosis), යනුවෙන් ස්‌වසන පද්ධතිය ඉහළ සිට පහළට ඇති වන ආසාදන ලෙස වෙන්කර හැඳින්විය හැක.
 
 දෙවනුව බහුලව වශයෙන් දැක්‌විය හැක්‌කේ ස්‌වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන අසාත්මික තත්ත්ව සහ ස්‌වසන අවහිරතා රෝගයි. මේ අතර ප්‍රධාන තැනක්‌ ගන්නේ පීනස (Allergic Rhinitis) සහ හතිය හෙවත් ඇදුම (asඑයප්) යන රෝග තත්ත්වයන්ය. ඊට අමතරව දුම්පානය නිසා හෝ වෙනත් විසඳුමකට කාලයක්‌ තිස්‌සේ නිරාවරණය වීමෙන් පෙනහළුවල ඇතිවන රෝග තත්ත්වයක්‌ වන නිදන්ගත පුප්පුශිය අවහිරතා රෝගය (chronic obstructive pulmonary disease- (COPD). දැක්‌විය හැකිය. මෙම රෝගයෙදී ඇදුම රෝගය හා සමාන රෝග ලක්‌ෂණ ඉස්‌මතු වන අතර පිරිමින් අතර බහුලව දක්‌නට ලැබේ .
 
 මීට අමතරව පෙනහලු පිළිකා සහ පෙනහලු පටක රෝග ද ස්‌වසන පද්ධතිය ආශ්‍රිතව මතුවන තවත් රෝග කාණ්‌ඩ දෙකක්‌ ලෙස හැඳින්විය හැක.
 
 වෛද්‍යතුමනි සෙම නරක්‌ වීම යනුවෙන් හඳුන්වන්නේ කුමක්‌ද?
 
 බොහෝ දෙනා සෙම නරක්‌ වීම වෙනුවෙන් පවසන්නේ සෙම පැහැය වෙනස්‌ වූ විටදීය. තදබල පීනස තත්ත්වයේදී මෙන්ම බහුලව දැකිය හැකි ස්‌වසන ආසාදන තත්ත්ව වලදී ද සෙම පාට වෙනස්‌වීම (කහ හෝ කොළ පැහැයට හැරීම) සිදුවිය හැකිය. සමහර අවස්‌ථාවල්දී සෙම සමග ලේ මිශ්‍ර වීම ද සිදුවේ.
 
 මෙවැනි විවිධාකාර වූ සෙම් රෝග සඳහා ඇති ප්‍රතිකාර මොනවා ද?.
 
 ප්‍රතිකාර කිරීම මතුව ඇති රෝගය අනුව වෙනස්‌වේ. උදාහරණයක්‌ ලෙස ස්‌වසන ආසාදන තත්ත්ව වලදී ආසාදනය සඳහා ප්‍රතිකාර කරනු ලැබේ.
 
 අප අද මුලින්ම බහුලව දැකිය හැකි ස්‌වසන අසාත්මික තත්ත්වයක්‌ වන allergic rhinitis හෙවත් පීනස තත්ත්වය ගැන සොයා බලමු.
 
 පීනස යනු අසාත්මිකතා තත්ත්වයකි. එසේම මෙය ආරට යැමක්‌ හෙවත් සංජානනීය රෝග තත්ත්වයක්‌ ලෙසද ද දැකිය හැක. බොහෝ රෝගීන් පරිසරයේ දැකිය හැකි විවිධ වූ අසාත්මිකතාකාරක (allergens) කෙරෙහි ස්‌වසන පද්ධතියහි දක්‌වන අධිසංවේදීතාවය නිසා නාසයෙන් අධික ලෙස සොටු දියර ගැලීම, නාසය අවහිරවීමවීම, උගුර කැසීම, ඇස්‌ කැසීම වැහි රෝග ලක්‌ෂණ පෙන්නුම් කරයි. බොහෝ දෙනා දූවිල්ලට සහ දූවිලි සමග සිටින දූවිලි මැක්‌කාට හෙවත් (house dust mite) කෙරෙහි අසාත්මිකතාවය දක්‌වයි. ඇතැම් දෙනාගේ රෝග ලක්‌ෂණ සෘතුමය තත්ත්ව වලදී ඉස්‌මතු වීමක්‌ ද දක්‌නට ලැබේ. මෙහිදී වසන්ත කාලයේදී මල් පිපීමත් සමග පරිසරයට එකතු වන මල් රේණු සහ පරාගවලට ඔවුන් අසාත්මිකතාවයක්‌ දක්‌වයි. තවත් කාණ්‌ඩයක ගේ රෝග ලක්‌ෂණ ශීත කාලයේදී ඉස්‌මතු වේ. ඒ අතර තවත් පිරිසකට ආහාරපාන වර්ගවලට දක්‌වන අසාත්මිකතා දක්‌නට ලැබේ උදාහරණයක්‌ ලෙස තක්‌කාලි වම්බටු ඇඹුල් කෙසෙල් බණ්‌ඩක්‌කා වැනි රෝග වැනි ආහාර ගත් විට පීනස රෝග ලක්‌ෂණ ඉස්‌මතු වීමක්‌ දක්‌නට ලැබේ.
 
 පීනස රෝගයට ප්‍රතිකාර කිරීමේදී ඉතා වැදගත්ම කාරණය වන්නේ එම පීනස තත්ත්වය ඇති කිරීමට ඉවහල් වූ අසාත්මිකතා කාරක හඳුනාගෙන ඉන් ඉවත්ව සිටීමයි .උදාහරණයක්‌ ලෙස ඔබ දුහුවිල්ලට අධි අසාත්මිකතාවයක්‌ දක්‌වන්නේ නම් හැකිතාක්‌ ඔබ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම් වැදගත් වේ. ඔබ යම් හඳුනාගත් ආහාර වර්ගයකට අධි අසාත්මිකතාවයක්‌ දක්‌වන්නේ නම් ඉන් වැළකී සිටීම ද වැදගත් ය.
 
 මීට අමතරව පීනස රෝග සඳහා ප්‍රතිකාර ලබාදීමේදී වෛද්‍යවරුන් විවිධ ඖෂධ වර්ග ද භාවිතා කරනු ලැබේ. මෙහිදී රෝග ලක්‌ෂණ පාලනය සඳහා antihistamine කාණ්‌ඩයේ ඖෂධ මෙන්ම නාස්‌ මාර්ගයෙන් දෙනු ලබන් ස්‌ටීරොයිඩ් බෙහෙත් nasal steroids නිර්දේශ කරනු ලැබේ.

weda1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
29 Jul 2018 06:54 PM
අපො මටත් තියෙන්නෙ මෙ මගුල තමා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jul 2018 08:33 PM
හප්පේ සෙම නම් නිතර එනව සීතලට
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
31 Jul 2018 12:14 AM

රුවට වින කරන වේග..

ලිව්වේ  අයන්ති උඩුගම්පල
රුව ලස්සන කරගැනීමට අපේ කාන්තාවන් නොකරන දෙයක් නැති තරම් ය.

 

එහෙත් ඇතැම් විට කළ යුතු දේ අතපසු කරයි. එය සිදුවන්නේ නොදැනුවත්කමිනි. ඇතැම් විට ඒ අතපසු වන දේ නිසා ලෙඩ රෝග වැළැඳීමේ අවධානමක් ද ඇතිකර ගනී.

රුවට මෙන්ම නිරෝගී බවට වින කරන මේ දේවල් මොනවාදැයි අද අපි කේරළ රහස් මඟින් ඔබට ඉදිරිපත් කරන්නෙමු.

ආයුර්වේදයේ දී කෙනකුගේ නිරෝගී බව මෙන්ම රූපයට බලපෑම් කරන ප්‍රබල හේතූන් ලෙස ‘වේග’ හැඳින් වේ. ආයුර්වේදයේ වේග යනුවෙන් හැඳින්වෙන්නේ ශරීරයෙන් පිට කළ යුතු සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන ‘බර’ යන අදහසයි. අප මේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි. ඇතැම් විට මෙම වේග පිට කළ යුතු වේග වන අතර ඇතැම් වේග දරාගත යුතු වේ. අපට අවස්ථානුකූලව මෙය කිරීමට සිදු වෙයි.

අවස්ථාව බලා වහාම පිට කළ යුතු වේග ලෙස වේග කිහිපයක් දක්වා ඇත. එනම්,

* මල වේග * මුත්‍රා වේග

* නිදිමත * පිපාසය

* බඩගින්න * කැස්ස

* ඉක්කාව * ඈනුම

* කඳුළු * හතිය

මල වේග

මෙහිදී මල වේග පාලනය කිරීමෙන් හිසරදය, කෑම අරුචිය, දහදිය දුගඳ, සම අවපැහැ ගැන්වීම, සිරුරට අපහසුවක් දැනීම, මුහුණේ කුරුලෑ ඇති වීම ආදී දේ ඇති වේ.

මුත්‍රා වේග

මුත්‍රා වේග දරා සිටීමෙන් බඩ පිපුම, දහදිය දැමීම, සම සුදුමැලි වීම, අසහනය, යටිබඩ කොරවීම ආදී දේ සිදුවිය හැකිය.

නිදිමත

නිදිමත දරා සිටීමෙන් ඇස් යට කළු වීම, ඇස් යට රැළි ඇති වීම, වෙහෙසකාරී බව, තෙහෙට්ටුව, හිසරදය වැනි දේ ඇති විය හැකිය.

පිපාසය

මෙය තරමක් දුරට පාලනය කළ හැකි වේගයක් වුවත් නිතර නිතර දිගින් දිගටම මෙසේ සිදු වීම නිසා සම වියළීම, සම අවපැහැ ගැන්වීම, රුධිර සංසරණයට අපහසුතා ඇති වීම, දෙතොල් වියළීම වැනි දේ ඇති විය හැකිය.

බඩගින්න

මේ නිසා සිරුරට අවශ්‍ය නිසි පෝෂණය නොලැබී යාම, ගැස්ට්‍රයිටීස් වැනි රෝග ඇති වීම නිසා නිරෝගී බවට මෙන්ම සම අවපැහැ ගැන්වීම, සමේ තෙතමනය නැති වීම, හිසකෙස් වියළී දුර්වර්ණ වීම, සම වියළීම මෙන්ම පෝෂණ ඌණතා ඇති වීම මඟින් රුවට මෙන්ම සිරුරේ නිරෝගී බවට ද බලපෑම් ඇති කරයි. නමුත් මෙම වේගය තරමක් දුරට පාලනය කළ හැකියි.

කැස්ස

මෙය දරා ගැනීමට අපහසු වේගයකි. කැස්ස පාලනය කිරීමට අපහසු වීමෙන් සමේ වර්ණය වෙනස් වීම, කතා කිරීමේ අපහසුතා වැනි දේ ඇති වේ.

ඉක්කාව, ඈනුම

මෙවැනි දේ අප හැකිතාක්දුරට පාලනය කළ යුතු ය. ඈනුම් ඇරීම ඔබගේ පෞරුෂත්වයට ප්‍රබල හානියක් ඇති කරයි. පිරිසක් ඉදිරියේ ඔබ ඈනුම් ඇරීමෙන් සමාජයේ දී ඔබ කම්මැලියකු, අලසයකු ලෙසින් ප්‍රතිරූපයක් ඇතිවිය හැකියි.

කඳුළු

මේවා ස්ථානය අනුව පිට කළ යුතුයි. කඳුළු පිටවන විට ඔබගේ සිතිවිලි ඍණාත්මක බවකින් යුක්ත නිසා ඔබගේ බාහිර පෙනුම අඩු වී යයි. ඔබ රූප රාජිනියක් වුවත් නිතර දුක් වීමෙන් කඳුළු සලන විට ඔබ ඉතා ඉක්මනට මහලු බවට පත් වී ඔබගේ සුන්දරත්වය වියැකී යයි. ඇස් අවට රැළි ඇති වේ. මුහුණේ මාංසපේශීන් හැකිලී යයි.

හතිය

මෙය රෝගී තත්ත්වයකි. ශරීරයට දැනෙන සේ සිරුරට වෙහෙස ගෙන නොදෙන ලෙස ජීවන රටාව පුරුදු කරගත් කෙනකුට යම්කිසි කාර්යයක යෙදුණු විට හති දැමීම ස්වභාවිකවම සිදු වන්නකි. එය ද දරා නොසිටිය යුතු වේගයකි.

ඉහත සඳහන් වේග ඔබ දරා නොසිටීම මඟින් නිරෝගී බව මෙන්ම ඔබේ රුව ද රැක ගත හැකිය.

එමෙන්ම මෙහිදී අප පිට නොකළ යුතු වේග ද පවතී. මේවා මානසික වේග වන රාගය, ලෝභය, ඊර්ෂ්‍යාව, ද්වේෂය යන මේවාය. නිරෝගී බව රූමත් බව සිතන ඔබ මෙම මානසික වේග දරාගත යුතුම වේ.

 

 

 

 

 

 

උපදෙස් ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද

අසෝකා පල්ලියගුරු

සැලෝන් බෙල්ලෙස්සා මහනුවර

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
31 Jul 2018 03:50 AM

ඔබත් අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නෙක් ද?

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
"මට ප්‍රෙෂර් පෙත්ත බොන්න තියෙනවා" "ප්‍රෙෂර් තිබිලත් මුලදි පෙති බීපු නැති එකේ විපාකේ, මගේ හාට් එක එන්ලාජ් වෙලා" ප්‍රෙෂර් පිළිබඳ මේ වගේ නොයෙකුත් කතා මුවඟ රැව් පිළිරැව් දෙනු අප කොතෙකුත් අසා ඇති.

 

ඇතැමෙක් මට ඩ්ඪඨඩ ඕතධධඤ ර්‍ථ යැයි කියනුයේ උජාරුවෙනි. "අපිට තියෙන්නේ ඉතිං පොහොසත් ලෙඩනේ. කාට වුණත් කටක් ඇරලා කියන්න පුළුවන් නේ" මෙහෙමත් කියයි. කෙසේ වෙතත් නොවැරදීම ප්‍රෙෂර් පෙත්ත බොන්නට සිදුවන රෝගීන් නම් දිනෙන් දිනම ඉහළ යයි.

අද ලොව පුරා බොහොමයකගේ ජීවිත විනාශ කරන හෘදයාබාධවලට හේතු වන්නේත්, අංශභාග රෝගයට හේතු වන්නේත්, මෙම අධිරුධිර පීඩනයයි. සාමාන්‍ය රෝග අවස්ථාවක් ලෙස සලකා බොහෝ විට එම අවදානම් තත්ත්වයන්ට ගමන් කරන මෙම රෝග තත්ත්වය පිළිබඳ වඩා සැලකිලිමත් වීම ඔබේ ජීවිතයට ඔබ කරනා වැදගත්ම මෙහෙවරයි.

මෙම රෝග තත්ත්වය පිළිබඳ දැනුවත් වූ ප්‍රමාණයට වඩා නොදැනුවත් වූ ප්‍රමාණය වැඩියි. කාර්යබහුල ජීවිත ගතකරන, ජීවිතය පරදුවට තබා තම ආර්ථික සැපයුම්වල නිරතවන බොහෝදෙනකු අකාලයේ මෙම අවදානම් රෝග තත්ත්වයට භාජනය වේ. තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා නොබලමින් ඊට දක්වන අඩු සැලකිල්ල මීට ප්‍රධානම හේතුවයි.

රුධිර පීඩනයට හෘදය වස්තුව විසින් රුධිර පොම්ප කරන (ර්‍ථභථන) වේගය ඉහළ යෑම හෝ කිරීටක ධමනි ආශ්‍රිත රුධිරය ගමන් කිරීමේ ප්‍රතිරෝධ තත්ත්වයන් (අඥඵඪඵබචදජඥ) ඇතිවීමයි.

බොහෝදෙනා තමන්ට අධිරුධිර පීඩනය වැලඳී ඇතිබව දැනගන්නේ කුමන හෝ රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා වෛද්‍යවරයකු ළඟට ගිය විටයි. එදිනෙදා ඇතිවන හිසරදය, පෙනීම දුර්වල බව, පපුවේ තදගතිය, පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ වේදනාව, අතපය හිරි වැටීම, ඇඟපත අප්‍රාණික බව, දැඩි නිදිමත, කරකැවිල්ල, ක්ලාන්තය, මෙම රෝග තත්ත්වය ඔබ කරා පැමිණ ඇති බව පෙන්නුම් කරන ලක්ෂණ විය හැකියි.

අධිරුධිර පීඩනය ඇතිවීමේදී එයට පාරම්පරික ජාන බලපෑමක් ඇත් ද යන්න පිළිබඳබොහෝ අයට සැකයක් පවතී. කුමන හෝ රෝගයක් පාරම්පරිකව යම්තාක් දුරට බලපාන්නේ නම් එය හොඳින්ම පාලනය කිරීමටත්, වළක්වා ගැනීමටත් තමා අනුගමනය කරන යහපත් සෞඛ්‍ය පුරුදු ඉවහල් වේ.

අපගේ රුධිර පීඩනය වයස්ගත වීමේදී ක්‍රමයෙන් ඉහළ නැඟීමත් ඒ ඒ වයස් කාණ්ඩ අනුව සාමාන්‍ය රුධිර පීඩනය ද වෙනස්වීමක් සිදු වේවි. එහෙත් හැමවිටම ස්ථුලතාවෙන් පෙළෙන පුද්ගලයන්ගේ රුධිර පීඩනය සාමාන්‍ය පුද්ගලයකුගේ රුධිර පීඩන අගයට වඩා වැඩි විය හැකියි.

අධි රුධිර පීඩනය ඇති අයකු තම ජීවිතයට සමීප කරගත යුතු සහ තමා කෙරෙන් පලා යා යුතු ඇවතුම් පැවතුම් රටා, ආහාරපාන පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටීම නීරෝගීව සිටිමින් දිර්ඝායුෂ ලැබීමට හේතුවක්ම වේවි.

 

නො කළ යුතු දේ

 

* දුම්පානය හා අධික ලෙස මධ්‍යසාර භාවිතය

* අධික තරබාරු බව

* අධික නිදිවැරීම

* නිතරම ශෝක වීම

* අධිකව කේන්ති ගැනීම, හැකි තරම් කේන්ති ගැනීම

* නින්ද නොයෑම

* මානසික ආතතිය

* ලුණු අධික ආහාරපාන ගැනීම

* තෙල් අධික ආහාරපාන ගැනීම

* විවිධ රසකාරක හා ශරීරයට නොගැළපෙන ආහාර අධිකව ගැනීම

* කෙටි ආහාරවලට නිතරම නැඹුරු වීම

* ආහාර පිළිබඳ දක්වන සැලකිල්ලේ දී විශේෂයෙන් ගිජු බවක් දක්වන කොත්තු රොටි, බුරියානි, ෆයිඩ් රයිස්, ගැඹුරු තෙලේ බැදගත් කට්ලට්, පැටිස්, රෝල්ස් නිතරම ආහාරයට ගැනීම

* චීස්, බටර්, තෙල් දැමූ මස්, ඩෙවල්, මස්කට්, දොදොල් ආදිය ඉතා ප්‍රවේසමෙන් හා දැනුමින් ලබාගත යුතුයි.

* සීනි බහුල ආහාර ද සුදුසු නැත

* ජාඩි කරවල, ටින් මාළු, ඉස්සෝ, කකුළුවෝ, රටකජු වැනි ආහාර

* කැෆේන් අඩංගු බීම වර්ග

 

 

කළ යුතු දේ

 

* තමන්ගේ උසට ගැළපෙන බර ප්‍රමාණය නැතහොත් ඕ. ර්. ධ්. අගය නිසියාකාරව හඳුනා ගනිමින් හැකි තරම් බර අඩුකර ගැනීම රුධිර පීඩනයෙන් වැළකීමට හේතුවක් වේවි. රුධිර පීඩනය පවතින අයට දීර්ඝ කාලයක් ඉන් පීඩා විඳීම නිසා වකුගඩු රෝග, ඇස් පෙනීම දුර්වල වීම, හෘදය රෝග, මොළය වැනි ප්‍රධාන ඉන්ද්‍රීයයන්ට ඇතිවන ආබාධ, රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යෑම වැනි අනතුරුදායක අවස්ථාවන් ඇති කරයි.

* කෙසෙල්, රටඉඳි, මුද්දරප්පලම්, බෙලි, ඇපල්, පේර ආදී පලතුරු හා පිරිසුදු කොළ පාට එළවළු ගැනීම

* ජලය ප්‍රමාණවත් පරිදි එනම් දිනකට ලිටර් 2 1/2 ක් පමණ ගැනීම

* කරපිංචා කැඳ, කරපිංචා සම්බෝල මේ ආදී කරපිංචාවලින් සාදන සියලුම ආහාර හා පානයන් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරමින් වක්‍රව අධි රුධිර පීඩනය සඳහා ද යහපත් බලපෑම් කරයි.

* ප්‍රමාණවත් පරිදි කරන ව්‍යායාම අධිරුධිර පීඩනය මඟහරවා ගැනීමට සෘජුවම දායකවේ. මෙහිදී දිවීම, පිහිනීම, නිවෙසේ එදිනෙදා වැඩ කටයුතුවල නිරතවීම බොහෝ සෙයින් වැදගත් වේ.

* ස්වාභාවිකව සාදන දෙළුම් යුෂ, රුධිර පීඩනය ඉහළ යෑම පාලනය කරන නිවිති, කොත්තමල්ලි, බීට්රූට් යුෂ (පිසගත් බීට්රූට්වලට වඩා බීට්රූට් පානය සුදුසුයි) ඔලිව් තෙල්, සාමාන්‍ය චොකලට්වලට වඩා සෞඛ්‍යයට ඉතාම ගුණදායක ඩාක් චොකලට් (ච්චපඬ ඛ්ඩධජධතචබඥ), රුධිර

 

 

පීඩනය නියත මට්ටමක පවත්වා ගැනීමට උපකාරීවන තක්කාලි අමුවෙන් කෑම, සාමාන්‍ය උයන පිහන දේ සඳහා තලතෙල් භාවිතය, වදමල් යුෂ (මෙය රුධිර පීඩනය සීඝ්‍රයෙන් අඩු කළත් අක්මාවට, දියවැඩියා හා ගර්භණී මවුවරුනට සුදුසු නැත)

* පොටෑසියම් බහුල බතල, අලිගැට පේර

* ස්වාභාවික නැවුම් එළකිරි

* දිනකට පලතුරු, එළවළු ග්‍රෑම් 400 ට වඩා කන අයට රුධිර පීඩනය ඒමට ඇති අවදානම අඩු වේ.

* සුදුලූනු, ලෙමන්, පාස්ලි ආහාරයට ගැනීම

* රසායනික පොහොර, කෘමි නාශක භාවිතයෙන් තොර වූ රතු හාලේ බත්

* ස්වාභාවික ඖෂධීය ප්‍රතිකාර ලෙස මුරුංගා කොළ, වැල්දොඩම් කොළ, තෙබු දලු සම්බෝලය දිනපතා ආහාරයට ගැනීම

* ඒකාවේරිය, සුදුලූනු, කරපිංචා කසාය බීම

* බැබිල, සුදුලූනු, ඒකාවේරිය කසාය බීම

* කෝවක්කා, ඒකාවේරිය, රසකිඳ කසාය බීම

* රසකිඳ, ඒකාවේරිය, වැල්පෙනෙල කසාය බීම

* තෙබු කොළ, ඒකාවේරිය, සුදුලූනු තම්බා බීම

ඒ අනුව රෙදි සේදීම, ළිඳෙන් වතුර ඇදීම, නිවෙස් ඇමදීම, මිදුල් ඇමදීම ආදී දේ, විනාඩි 20 - 30 ක් පමණ ශරීරය උණුසුම් කරන ව්‍යායාම වෛද්‍ය උපදෙස්වලට අනුව පවත්වාගෙන යෑම රුධිර පීඩනය සමතුලිත කිරීමට හේතු වේ.

* යෝග භාවනා ද සුදුසු වේ.

 

 

උපදෙස් - අත්තනගල්ල

වකුගඩු නිවාරණ ඒකකයේ

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි

බුද්ධිකා පී. වෙත්තසිංහ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
31 Jul 2018 05:17 AM
නොකර ඉන්න බැරි කීපයක්ම තීනෝනේ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
31 Jul 2018 09:52 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
31 Jul 2018 09:53 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
31 Jul 2018 09:54 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
31 Jul 2018 09:55 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
31 Jul 2018 10:06 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
31 Jul 2018 08:56 PM

කාන්තාවන් ගැබ් ගැනීමට පෙර රුධිරයේ යකඩ පරීක්ෂා කර ගැනීම වැදගත්

කාන්තාවක් ගැබිනියක වීම, දරුවෙකු බිහිකිරීම යනු මුළු ලෝකයටම අසිරිමත් වූ කාරණාවකි. තම පරම්පරාව ඉදිරියට රැගෙන යාමට නව ජීවියෙකු ලොවට දායාද කිරීම, හතර වරිගයේම වාසනාවට සතුටට හේතුවෙයි. මෙය සැබෑම වාසනාවක් සතුටක් වීමට නම් උපදින දරුවා සේම මවද නිරෝගීව සිටීම අතිශයින් වැදගත්ය. එසේ නොමැති වූ විට මතුවන සමාජීය සේම සෞඛ්‍ය ගැටලු වලද කෙළවරක්  නොමැත. මේ නිසාම කාන්තාවක් ගැබ් ගැනීමේදී මතුවිය හැකි සුලභ සෞඛ්‍ය ගැටලු ගැන අවබෝධයකින් සිටිය යුතුමය. ඇය පමණක් නොව සැමියා සහ පවු‍ලේ සියලු දෙනාද මේ ගැන දැනුවත්ව සිටීම ඉතා වැදගත් වෙයි.
සාමාන්‍යයෙන් ලංකාව පුරාම වාගේ විසිරී සිටින ගැබ්ගත් කාන්තාවන්ගෙන් 35කට පමණ බලපාන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් වන්නේ රක්තහීනතාවයට ගොදුරුවීමයි. ශරීරයේ රුධිරය මඳකම හෙවත් නීරක්තිය” මේ ආකාරයට ගැබ්ගත් කාන්තාවන්ට විශාල ගැටලු මතුකරමින් තිබේ. සාමාන්‍යයෙන් රුධිරයේ හිමොග්ලොබින් අගය 11ට අඩුවීම නීරක්තිය ලෙස ගණන් ගැනේ. ගැබ්ගන්නා කාන්තාවන්ගෙන් 1/3ක්ම මේ තත්ත්වයෙන් පීඩා විඳින බව ඇසීමම එක්තරා ඛිෙදවාචකයකි. සමහර වතු ආශ්‍රිතව ජීවත්වන ග්‍රාමීය පරිසර වල වෙසෙන  ගැබ්බර කාන්තාවන් අතර නීරක්තියෙන් පෙළෙන සංඛ්‍යාව මීටත් වඩා ඉහළ බව සෞඛ්‍ය අංශවල දත්ත වලින් තහවුරු වේ.
විශේෂයෙන්ම තරුණ කාන්තාවක් විවාහ වීමට බලා‍පොරොත්තුවෙන් සිටී නම් අනිවාර්යයෙන් තමන්ගේ රුධිර තත්ත්වය ගැන වෛද්‍යවරයෙකු වෙතින් පරීක්ෂාවක් කරගැනීම වඩාත් යෝග්‍යය. මන්ද නීරක්තියෙන් පෙළෙන හෝ නීරක්තයට ගොදුරුවීමේ අවදානමක් තිබෙන කාන්තාවක් ගැබ්ගතහොත් අනිවාර්යයෙන්ම ගැබ්ගත්විට නීරක්තියට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතියි.
සාමාන්‍යයෙන් නීරක්තියට හේතුවන කරුණු රාශියකි. ලබාගන්නා ආහාරවල ප්‍රමාණවත් තරම් යකඩ අඩංගු නොවීම සේම ආහාර පිළියෙළ කිරීමේදී සිදුවන වැරදි නිසා ආහාරවල අඩංගු යකඩ විනාශවී යාමද මේ නීරක්තියට හේතුවෙයි. විශේෂයෙන් නිවිති, ගොටුකොළ, මස්, මාංශ වැනි යකඩ යහමින් අඩංගු ආහාර ද්‍රව්‍ය පිසින්නට පෙර හොඳින් සෝදා කපාගත යුතුය. ඒවා කපා සේදීමේදී ‍පෝෂ්‍ය කොටස් අපතේ යාම නිසා නිසරු වෙයි. එසේම හොඳින් යකඩ සපිරි ආහාර වේලක් ලබා ගත්තද කෝපි, තේ වැනි යකඩ උරාගැනීමට බාධා කරන දේ ආහාරගත් විගස ගැනීම නිසාද ගැටලු මතුකරයි. ප්‍රධාන ආහාර වේලකට පෙර හෝ පැයක් පමණ අතරතුර තේ, කෝපි බිම සුදුසු නොවේ.
එසේම සමහර රෝගී තත්ත්ව නිසා සාමාන්‍ය ආයු කාලයට පෙර රක්තානු විනාශ වී යාම නිසාද නීරක්තිය හටගත හැකිය. සාමාන්‍යයෙන් රක්තානුවක සාමාන්‍ය ආයු කාලය මාස 3ක් පමණ වෙයි. ඊට පෙර මේවා විනාශ වීමෙන්ද ශරීරයේ ‍ලේ හිඟකමක් මතුවිය හැකිය.  එසේම ඔසප්වීමේදී අධික ලෙස රුධිරය පිටවන කාන්තාවන්ද නීරක්තියට ගොදුරුවීමේ වැඩි අවදානමක් තිබේ. එවැනි අය ගැබ් ගැනීමට සූදානම් වන අවස්ථාවේදීම මේ ගැන ප්‍රතිකාර ලබාගෙන තත්ත්වය යහපත් අතට හරවා ගැනීම අතිශයින් වැදගත් වූවකි.
‘කොකුපණු’ වැනි පණු රෝගවලින් පෙළෙන විටද පණුවන් අධික ලෙස රුධිරය උරා බිම නිසා නීරක්තිය ඇති වෙයි. එබැවින් ගැබ් ගන්නට පෙර තරුණ කාන්තාවන් මේ පිළිබඳව විමසිලිමත්ව කටයුතු කිරීමෙන්ද නීරක්තියෙන් ඈත්විය හැකිය.
ගැබ්ගත් කාන්තාවක් සේම සාමාන්‍ය කාන්තාවක වුවද නීරක්තියෙන් පෙළෙන විට නිතරම කම්මැලිබවක් පළ කරයි. සුළු වැඩක් පලක් කිරීමේදීද වැඩි මහන්සියක් දැනීම නීරක්තියෙන් පෙළෙන බවට ලක්ෂණයකි. එසේම ශරීරයට දැනෙන අමුතු කම්මැලිකම සහ එනිසාම කිසියම් කාර්යයක නිරත වීමේදී අවධානය හීනවීම, වැඩකටයුතු වලට තිබෙන උනන්දුව අඩුවීම යන මේවාද නීරක්තියේ
ලක්ෂණයි.
තවද  මෙවැනි ගැබිනි කාන්තාවන් වළං කටු, මැටි, සහල්, අඟුරු වැනි දේවල් ආහාරයට ගැනීමද නීරක්තියෙන් පෙළෙන බවට තවත් ලක්ෂණයකි. මෙවැනි අනිසි දේවල් ආහාරයට ගැනීම ‘ඕඹ්ඛිඒ’ තත්ත්වය ලෙස හඳුන්වයි. එසේම ශරීරයේ මතුවන සුදුමැලිබව, නිය‍පොතු වල මතුවන දුර්වලතා නිසා පහසුවෙන් ඒවා කැඩීයාමද නීරක්තිය හේතුකරගෙන මතුවිය හැකිය.
ගර්භණී කාන්තාවක් නීරක්තියට ගොදුරුවීම කළලයේ නිසි වර්ධනයට බාධාවකි. එය උපදින දරුවා තුළ අඩුපාඩුකම් රාශියක් මතුවීමට හේතුවනවා සේම බොහෝවිට අඩු මාසෙන්, අඩු බරින් යුතු දරුවන් බිහිවීමටද ප්‍රබල හේතුවක් වේ. නොමේරූ දරු උපතක් යනු සුවිසල් සෞඛ්‍ය ගැටලු රැසකට හේතුවකි.
එසේම නීරක්තියෙන් පෙළෙන කාන්තාවක්, පසු ප්‍රසව රක්තපාත තත්ත්වයකට ගොදුරුවීම ජීවිතය පවා අවදානමකට ලක්කරයි. එබැවින් ගර්භණී කාලයේ අවසන් සමයේ රුධිරයේ හිමොග්ලොබින් මට්ටම සාමාන්‍ය අතට රැගෙන ඒමට ප්‍රතිකාර ලබා දෙන්නට සිදුවනවා සේම සමහර විට රුධිරය පවා ලබාදීමට සිදුවෙයි.
සාමාන්‍යයෙන් මෙම නීරක්තියෙන් පෙළෙන සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නා නිසාම සෑම ගර්භණී මවකටම සති 12 සිට යකඩ, ෆෝලික් අම්ලය සහ කැල්සියම් ඖෂධ ලබාදීමක් කරයි. නමුත් යකඩ පෙතිවල පවතින අමුතුම මලකඩ රසය නිසා ඒවා බිමට ගර්භණී කාන්තාවන් මැලිවීම මේ නීරක්තිය ඉහළ යාමට හේතුවකි. නමුත් දැන් යකඩ කරල් ලෙස සේම වෙනත් ආකාරවලටද ලබාගැනීමේ පහසුකම තිබේ. මේවා චොක්ලට් වැනි විවිධ රසවලින්ද ලබාගත හැකිය.
එසේම යකඩ පෙති ලබාගන්නා විට ආහාර වේල් දෙකක් අතරට ලබාගැනීමද ගැටලු අවම කර ගැනීමට හැකි මගකි. ඒවා නිවැරදි ලෙස ලබාගත යුත්තේ ආහාර වේලක්  ගෙන පැය 2-3කට පසුවය. එසේම කැල්සියම් සහ යකඩ පෙති එකවර නොගෙන එක වර්ගයක් උදේ සහ අනෙක් වර්ගය සවස ලෙස ලබා ගත යුතුවේ.
ගැබ් ගැනීමට පෙර සිටම යහමින් යකඩ අඩංගු මස් මාළු, නිවිති, ගොටුකොළ, ධාන්‍ය වර්ග වැඩිපුර ආහාර වේලට එකතු කරගන්න. ගැබ් ගැනීමට බලා‍පොරොත්තු වන තරුණියන් වෛද්‍යවරයෙකු වෙත යොමුකර රුධිර තත්ත්ව පරීක්ෂාවක් සිදුකොට නිරක්තියට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් ඇත්නම් අවශ්‍ය ප්‍රතිකාර විධි ලබා දිය යුතුය. එය ගැබ් ගැනීමෙන් පසු නිරක්තියට ගොදුරුවීමේ අවදානම වැළැක්වීමට සහ ගැටලු අවම කර ගැනීමට නිවැරදි මගකි.

උපදෙස්
ගම්‍පොළ ශික්ෂණ රෝහ‍ලේ ප්‍රසව සහ නාරි රෝග
විශේෂඥ වෛද්‍ය වසන්ත ජයලත්

සාකච්ඡා කළා
නිර්මලා කුමාරි සේනාරත්න

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
31 Jul 2018 08:57 PM

ආතරයිටීස් වලට ගෙදරදීම කළ හැකි ප‍්‍රතිකාර

වයස් භේදයකින් තොරව සමාජයේ බොහෝ දෙනා තුළ දැකිය හැකි ආතරයිටීස් රෝගය පිළිබඳ සැකසෙන මෙම ලිපිය නාවින්න ආයුර්වේද පර්යේෂණාගාරයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රුවිනී පී‍්‍රතිකා මෙන්ඩිස් හා කළ සාකච්ඡාවක් ඇසුරෙන් ලියවෙන්නකි

වර්තමානයේ බොහෝ දෙනෙක්  පීඩා විඳින රෝග තත්ත්වයක් ලෙස සන්ධිගත වාත රෝගය හැඳින්විය හැක. පොදු භාවිතයේදී ආතරයිටීස් ලෙස හඳුන්වන මෙහි ප‍්‍රධාන ලක්‍ෂණය සන්ධි ආශ‍්‍රිත වේදනාවයි. අද බොහෝ දෙනෙකුට ඉඳගෙන සිට එක්වර තනිව නැගීසිටීමට නොහැක. අත් පා නවා දිග හැරීමට නොහැක. වයස අවුරුදු හතළිහ පමණ වනවිට ඇවිද ගැනීමට පවා නොහැකි තත්ත්වයකට පත්වෙයි. මෙය ආතරයිටීස් රෝගයේ සුලභ ලක්‍ෂණ වෙයි.

ආයුර්වේදයේ ඉගැන්වෙන පරිදි මෙම ආතරයිටීස් තත්ත්වය ඇතිවන්නේ වාත කෝප වීම හේතු කරගෙනය. සන්ධිගත වූ කෝප වූ වාතය සන්ධීන් ස්ථානයක් (බුරුල්කොට හෝ තද කොට) නසයි. ශුලය ශ්‍රෝථය (ඉදිමුම සහ වේදනාව) යන දෙකෙහිම දිග හැරීම හැකිලීමෙහිලා වේදනා සහිත වූ පැවැත්මක් ඇති වේ.

ආයුර්වේදයේ ඉගැන්වෙන පරිදි මෙම ආතරයිටීස් තත්ත්වය ඇතිවන්නේ වාත කෝප වීම හේතු කරගෙනය. කෝප වූ වාතය සන්ධිගත වූ විට එමගින් සන්ධි ආවරණ පටකය ආසාදන තත්ත්වයක් හටගනී. ආයුර්වේදයේ සන්ධි ප‍්‍රදාහය හෙවත් සන්ධිගත වාතය ආතරයිටීස් යනුවෙන් හඳුන්වනු ලබයි.  මේ අවස්ථාවේදී  සන්ධිගත බුරුල් බව තද බව මෙන්ම වේදනාව සහ ඉදිමුම ද පවතී.  එසේම ආසාදනයට පත් වු සන්ධි දිග හැරීමේදී හා හැකිලීමේදී පෑරෙන්නාක් වැනි තද වේදනාවක්ද හටගනී.

මෙලෙස වේදනාව ඇතිවීමට හේතුව වාත කෝප වීමයි. එ් සඳහා අධික ව්‍යායාමය, බිම ඇඳ වැටීම, වේගයෙන් දිවීම, අධික පීඩනය, පහර වැදීම, කෑම අඩුවෙන් ගැනීම, වේගයෙන් පැනීම, ? නිදිවැරීම, අධික බර ඉසිලීම, කසට තිත්ත රස සැහැල්ලූ යන රස ද්‍රව්‍ය වැඩිපුර ගැනීම, මයිසූර් පරිප්පු, බෝල කඩල, රට තෝර ඇට, මෑ ආදිය අධිකව ආහාරයට ගැනීම, උපවාසයේ යෙදීම, මුත‍්‍ර, ශුක‍්‍ර, වමන, කිවිසීම, කඳුළු වැනි වේග දැරීම වැනි කරුණු බලපානු ලබයි. එබැවින් ඔබ නිතර මේ දේවල් කිරීමේදී අධිකව නොකිරීමටත් තමන්ට පහසු ආකාරයෙන් හා ශරීරයට ගැලපෙන ආකාරයෙන් ඒවායෙහි යෙදීමටත් වගබලාගත යුතුය.

මේ අවස්ථාව වාත ව්‍යාධි තත්ත්වයට පත්වීම ලෙස සලකනු ලබයි. වයස්ගත වීමත් සමග එය නිරායාසයෙන්ම ඔබ කරා එනු ලබන අතර සන්ධිවල රූක්ෂ (අධික වියළි* බවද ඇති කරයි. වාත දෝෂය වැඩියෙන් සිදුවන නිසා සෙම් කොටස් හීන වෙයි. වයස්ගත වීමත් සමඟ මෙම රෝග සාමාන්‍ය තත්ත්වයක් වුවත් විවිධ වූ කි‍්‍රයාකාරකම් විවිධ වූ දුෂ්කරතාවයන් නිසා ඉබේම රෝග තත්ත්වයන් ආරෝපණය වෙයි.

ආයුර්වේදයට අනුව ක්ලේදක කප යනුවෙන් හඳුන්වනුයේ සෙම් ප‍්‍රභේදයකි. මෙම සන්ධිවල ඇති ක්ලේදක කප කොටස්වල හීනවීම නිසා අස්ථි අතර ඝර්ෂණයේ තද බවක් ඇති වේ. මෙවැනි තත්ත්වයකදී පහසුවෙන් අස්ථි බිඳී යාමද ඇතිවිය හැකිය. සුඵ වැටීමකදී වුවද වියළි වූ දණ්ඩක් කැඞීයනවාක් මෙන් වයස්ගත වීමත් සමග සන්ධි කැඞී යා හැකිය. එබැවින් විශේෂයෙන් මැදි වයසේ පසුවන ඔබ ඔබේ  නිරෝගී සුවය පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත්.

ආතරයිටීස් රෝගයෙන් පෙළෙන කෙනෙක් කල්යාමේදී මේ රෝගයට නිසි වෛද්‍ය ප‍්‍රතිකාර නොකළහොත් සන්ධි විකෘති වීමේ රෝග තත්ත්වයන් පවා ඇතිවිය හැකිය. මේ නිසා සන්ධි රෝග මුල් අවස්ථාවන්වලදී සන්ධි ශෝථයන් (ඉදිමුම) එකිනෙකට වෙනස් රෝග ලක්ෂණයන්ගෙන්  යුක්ත වෙයි. ඊට හේතුව රෝගය පැතිරෙන ආකාරය මත ඒ ඒ රෝගයන්ට ආවේණික ලක්ෂණ පහළ වීමය. එහෙත් කල්ගත වී සන්ධි ජීර්ණ අවස්ථාවන්ට පැමිණි විට සන්ධි  කඨින (අවශ්‍ය ප‍්‍රමාණයට වඩා තද බව) බවට පත්වේ. එසේ වීමේදී ඉන්ද්‍රියයන්ගේ කි‍්‍රයාකාරීත්වයට හානි පමුණුවනු ලබයි.

ක්ලේදක කප වියළී යාමෙන් සන්ධිවල රළු බව ඇතිවෙයි. ඉන් ඇතිවන කඨින බව නිසා කල්යාමේදී සන්ධිවල කි‍්‍රයාකාරීත්වයට බාධා සිදුවෙයි. තද බව ඇති වෙයි. කාලයක් මෙවැනි තත්ත්වයන් පැවැති විට සන්ධි ඇදවීම ඇවිදීමට අපහසු බව සන්ධීන්ගේ විකෘති වූ තත්ත්වයන් දැකිය හැකිය.

ආතරයිටීස් රෝගය සඳහා හොඳම ප‍්‍රතිකාර ක‍්‍රමය ලෙස ආයුර්වේදයේ එන තෛල අභ්‍යංගය දැක්විය හැකිය. ඉන් රෝගියාගේ රූක්ෂ බව දුරුකරයි. අස්ථි අතර වියළිබව නැති කර කාටිලේජ වර්ධනය කර සන්ධි අතර ඝර්ෂණය නැති කරයි. මේ සඳහා ආයුර්වේදයේදී විශේෂ වූ ඖෂධීය තෛල වර්ග භාවිත කරයි. ඊට අමතරව ඖෂධ කොළ වර්ග යොදා සාදා ගන්නා මැල්ලූම් වර්ග භාවිත කරයි. පිඩුධාරන් නම් විශේෂිත වූ ප‍්‍රතිකාර ක‍්‍රමයක්ද යොදා ගනී. එසේම රූක්ෂබව නැති කර ගැනීම සඳහා විශේෂිත වූ ආලේපන වර්ගද භාවිත කරනු ලබයි. මේවා රෝග ඇති ස්ථාන සඳහා උචිත අයුරින් භාවිත කරයි. වාත නාශක ක්‍ෂාය වර්ග ලබාදෙයි. එසේම කොඳු ඇට පෙළේ ඇති රෝගී තත්ත්වය සඳහා ප‍්‍රතිකාර ලබාදීමේදී උඳු පිටියෙන් සාදා ගන්නා ලද උඳු වැටියක් අදාළ ස්ථානයට යෙදා වාත නාශක තෙල්වලින් පුරවා තබයි. ඒ තුළින් සන්ධිවල තද බව නැතිකර ලිහිල් බව ඇතිකරයි.

සන්ධි රෝග තත්ත්වය සඳහා භාවිත කළ හැකි විශේෂ පත්තුවක් ලෙස තල, සතකුප්පු, එරඬු ඇට, මද වී පොරි, සුදු හඳුන්, රත් හඳුන් සියඹලා කොළ ඉස්මෙන් හෝ අත්තන කොළ ඉස්මෙන් කකාරා ගෑම දැක්විය හැක. තවද ළපටි පුවක් මල්, අමුකහ, ලූණු සමග කොටා මලවා අදාළ ස්ථානයේ බැඳීම මගින්ද රෝගියාට    සහනයක් හිමිවේ. ඉන් කෙරෙන්නේ ද සන්ධි ආශි‍්‍රත තද බව නැති කිරීමයි. ඊට අමතරව වාත නාශක තෛල වර්ගයක් මඳක් උණුසුම් කොට පුළුන් පොඟවා සන්ධිමත විනාඩි 30 ක් පමණ එළා තැබීමද හොඳ ප‍්‍රතිකාරයකි.

ඔබේ සිරුරේ ඇති වැලමිට සන්ධිය උරහිස් සන්ධිය දණහිස කොඳුඇට පෙළ ආදී  ඕනෑම ස්ථානයක් මෙම ආතරයිටීස් තත්ත්වය ඇතිවිය හැක. ඒ සඳහා මුල් අවධියේ නිසි පිළියම් යෙදීමෙන් රෝගය උත්සන්න වී ඇතිවන අපහසුවෙන් මග හැරිය හැක.

ආතරයිටීස් රෝගීන් එම රෝගී තත්ත්වයෙන් වැළකීමට ආහාරයට ගත යුතු මෙන්ම නොගත යුතු ආහාර ගැනද දැනුවත් විය යුතුය. මෙම රෝගීන්ට නුසුදුසු ආහාර ලෙස ශරීර බරවැඩි කරන ආහාර අතර පාන් පිටි බහුල ආහාර හා අධික ලෙස මේද යෙ¥ ආහාර දැක්විය හැක. එමෙන්ම රසකාරක යෙ¥ ආහාර හා කෘත‍්‍රිම ආහාර භාවිතයෙන් ඈත් විය යුතුය.

රසායනික පොහොර නොයෙදා නිවසේදීම වගාකරන පලාවර්ග ආහාරයට ගත යුතුය.  මේ අතරින් මුරුංගා හා කතුරු මුරුංගා විශේෂයෙන් වැදගත් වේ. නැවුම් පලතුරු, එළවළු මෙන්ම තන්තු බහුල ආහාර ගත යුතුය. පලතුරු අතරින් නෙල්ලි වැනි පලතුරු ආතරයිටීස් රෝගීන්ට ඉතා හිතකරය.

මෙම රෝගයෙන් පෙළෙන්නන්ට සුදුසු සහල් වර්ගයන්ද ඇත. එ් අතර දේශීය සහල් වර්ගයන් වන හීනටි හාල්, පච්ච පෙරුමාල් වැනි නිවුඞ්ඩ වැඩි දේශීය සහල් වර්ගයන්හි ප‍්‍රමුඛස්ථානයක් ගනී. ඊට හේතුව එ්වා ප‍්‍රතිඔක්සිකාරක ගුණයෙන් වැඩි නිසා සන්ධි රෝග වැළැක්වීමට විශේෂ හැකියාවක් තිබීමය.

තෙල් හැකිතාක් භාවිතය අවම කිරීම වැදගත්ය. ආහාරය සඳහා තෙල් භාවිත කිරීමට අත්‍යවශ්‍ය වූ විටකදී නිවසේම හිඳින ලද අත් පොල්තෙල් භාවිත කිරීම යෝග්‍යය.

එමෙන්ම අධික ව්‍යායාම වාත කෝප කිරීමට හේතුවක් වන හෙයින් එවන් ව්‍යායාම මගින්ද සන්ධි රෝග ඇති වේ. විද්‍යුත් උපකරණ මගින් කරන ව්‍යායාමයන්හි යෙදීම ද ආතරයිටීස් රෝගයට හේතුවක් වේ. එහෙයින් ඇවිදීම, දිවීම වැනි ස්වභාවික ව්‍යායාමයන්හි නිරත වීම මගින් ආතරයිටීස් රෝගය සුවවීම කඩිනම් කරයි.

මානසික ආතතියෙන් තොරව නිරවුල් මනසක් ඇතිකරගැනීම ඔබේ සුවය කඩිනම් කරයි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
31 Jul 2018 08:58 PM

අවුරුදු පහට අඩු දරුවන් උණෙන් පෙළෙන විට විශේෂ අවධානයක් යොමු කළ යුතුයි



කුඩා දරුවන් සිටින දෙමාපිය වැඩිහිටියන් කලබලයට බියට පත් කරන දරුවන්ට බලපාන රෝගී තත්ත්ව අතුරින් “උණ” යනු ඉතාම සුලභ වූවකි. මෙය බොහෝ දෙනෙකු රෝගයක් සේ හඳුනා ගන්නා නමුදු එය ශරීරගතව තිබෙන කිසියම් වෛරසයක්, බැක්ටීරියාවක් වැනි විෂබිජයක් නිසා හෝ ශරීරයේ සැඟව තිබෙන වෙනත් භයංකර රෝගයක් ගැන කියැවෙන සංඥාවක් වැනි රෝග
ලක්ෂණයකි. විවිධ ඖෂධ වර්ග, අසාත්මිකතා, ආතරයිටිස් වැනි රෝගී තත්ත්වයන් හේතු කරගෙන උණ හටගැනීමට
පිළිවන. සාමාන්‍යයෙන් උණ තිබෙන බව කියැවෙන්නේ ශරීර
උෂ්ණත්වය 100.4ංF
(ෆැරන්හයිට්)ට හෝ 38ංC (සෙන්ටිග්‍රේට්)ට හෝ වැඩි වූ විටය. සාමාන්‍යයෙන් නිවැරදි ලෙස උණ මැන බැලිය යුත්තේ දරුවාගේ අධෝමුඛයට උණ කටුව ප්‍රවිශ්ට කර ලබාගන්නා උෂ්ණත්ව අගයයි. කිහිලි, මුඛය වැනි ස්ථාන වලින්ද උණ මැන බැලිය හැකි නමුදු වඩාත් නිවැරදි උෂ්ණත්ව අගය ලැබෙන්නේ පෙර කී උණ බැලීමේ ක්‍රමවේදය හරහාය.
සාමාන්‍යයෙන් කුඩාම බිලිඳුන්ට උණ තිබෙන විට එය සංනිවේදනය කිරීම සඳහා ඒ දරුවන් තදින් හැඬීම කළ හැකිය. එසේම දරුවෙකු නොරිස්සුමකින්, කේන්තියකින් පසුවෙයි නම් නිතර නිතර අඬනවා නම් හුස්ම ගැනීමේ රටාව වේගවත් නම් ආහාර ප්‍රතික්ෂේප කරයි නම් ඒ උණෙන් පෙළෙන බවට ලක්ෂණ විය හැකිය. විශේෂයෙන් වයස මාස 6 සිට අවුරුදු 5 දක්වා දරුවන් උණෙන් පෙළෙන විට විශේෂිත වූ අවධානයක් යොමු කළ යුතුමය.
දරුවාගේ උණ සමග පවතින කැස්ස හුස්ම ගැනීමේ වේගය, වමනය, උණ වැඩිවීමේ තත්ත්ව වැනි ලක්ෂණ වෙනස් වෙයි නම් දරුවා ඉක්මනින්ම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු කිරීම අතිශයින් වැදගත්වෙයි. එසේම දරුවා රෝහල්ගත කළයුතු බව වෛද්‍යවරයාගේ අදහස නම් අනිවාර්යයෙන්ම එය කළ යුතුයි. රෝහලකදී දරුවාගේ උණ තත්ත්වය සටහනක් ලෙස අධීක්ෂණය කරමින් රෝගය හඳුනා ගැනීම සඳහා විශේෂ උත්සාහයක් ගන්නා අතර නිවසකදී එය සිදුකිරීම අසීරුය. එසේම දරුවාගේ උණ තත්ත්වය වෙනස්වන රටාව හරහා රෝගයට හේතුව වටහා ගැනීම පහසුවෙයි.
එසේම උණ හටගත් දරුවෙකුගේ උණ අඩුකිරීම සඳහා ශරීරය තෙමීමේදී මද උණුසුම සහිත ජලය පෙඟවූ රෙදි කැබැල්ලක් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වෙයි. දරුවාගේ ශරීරය තෙමා තෙත මාත්තු කරන්න. දරුවා ඝන රෙදි වලින් ඔතා තැබිමෙන් වළකින්න. හොඳින් වාතාශ්‍රය ලැබෙන ආකාරයට, ශරීරය, නිරාවරණය කර තබන්න.
දියර වර්ග ප්‍රමාණවත් තරම් බිමට දෙන්න. පිට කරන මුත්‍රා තද කහ පැහැයක් ගන්නේ නම් දියර වර්ග ලබාදීම වැඩිකරන්න. මුත්‍රා ලා පැහැයට හැරෙන තුරු ජලය, ජීවනී, කොත්තමල්ලි වතුර, කැඳ වර්ග වැනි දෑ දරුවාට ලබා දෙන්න. ඩෙංගු උණ රෝගය ගැන සැකයක් පවතින විට රත් පැහැයට හුරු දියර, චොකලට්, කෝපි වැනි දෑ ලබාදීමෙන් වළකින්න. උණ පාලනයට නිතරම පැරසිටමෝල් පමණක් ලබාදෙන්න.
සමහර මුත්‍රා ආසාදන සමේ පවතින තුවාල ආසාදන උගුරේ ආසාදන, බඩේ අමාරු, නියුමෝනියා වැනි ස්වසන රෝග නිසාද උණ හටගත හැකි බව මතකයේ තබා ගන්න. උණ සහිත දරුවෙකුගේ රෝග ලක්ෂණ වෙනස් වේ නම් වහාම නැවත වෛද්‍ය උපදෙස් පැතීමට යොමුවන්න. උදාහරණයක් ලෙස දරුවාට උණ වැලඳී, බෙහෙත් ගන්නා විට තිබූ රෝග ලක්ෂණ වලට අමතරව වෙනත් රෝග ලක්ෂණ මතුවේ නම් ඉක්මනින්ම වෛද්‍යවරයා වෙත නැවත යොමුවී උපදෙස් ලබාගන්න.

සාකච්ඡා කළා
නිර්මලා කුමාරි
සේනාරත්න

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
31 Jul 2018 08:59 PM

වකුගඩු රැකගන්න කල්තියා දැනුවත් වෙන්න



දියවැඩියාව ස්ථූලතාවය අධිරුධිර පීඩනය වැනි රෝගාබාධ වර්තමාන සමාජයේ  සුලබය. පුද්ගලයකු වයස්ගත වීමත් සමග වකුගඩු ක්‍රියාකාරිත්වයේ කිසියම් දුර්වලතාවයක් ඇතිවීම ස්වාභාවික තත්ත්වයකි. එහෙත් වර්තමානයේ බහුතර පිරිසක් කාලීන වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී තත්ත්වයට පත්ව සිටී. කාලීන වකුගඩු රෝගී තත්ත්වයේදී රෝග ලක්ෂණ පහළ වන්නේ සියයට අනුවක් තරම්ම වකුගඩු අකර්මණ්‍ය තත්ත්වයට පත් වූ පසුවයි. කාලයක් තිස්සේ පවතින වකුගඩු දුර්වල වීමේ මේ තත්ත්වය නිහඬ මරණය ලෙස හඳුන්වයි. ඊට හේතුව වන්නේ වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝග ලක්ෂණ පහළ වන්නේ වකුගඩුවලට සියයට අසූවකටත් වඩා හානිවීමෙන් පසුව වීමයි. මේ නිසා වකුගඩු රෝගයට බඳුන්වීමට ඇති අවස්ථා සහ ඉන් වැළකීමටද වකුගඩු රැක ගැනීම පිළිබඳ තොරතුරු දැන සිටීම ඉතාම වැදගත්ය. වකුගඩු බද්ධ කිරීම, රුධිර කාන්දුකරණය වැනි දුෂ්කරතාවයන්ට
එළැඹීමට පෙර වකුගඩු රැක ගැනීම වැදගත් වන තොරතුරු පිළිබඳව දැනුවත් වෙමු.

වකුගඩු රැකගන්න
හොඳම පිළිවෙත්
* ෙදෙනිකව වයස අනුව ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම.
* ලුණු භාවිතය අවම කිරීම සහ ලුණු සහිත ආහාර භාවිතය අවම කිරීම.
* රුධිර පීඩනය යහපත් තත්ත්වයක පවත්වා ගැනීම (අඩුම තරමින් මසකට වරක් හෝ දෙවරක් රුධිර පීඩනය මැන ගැනීම ඉතාම වැදගත්ය)
* උස තරමට බර නිසි ලෙස පවත්වා ගැනීම. මේ සඳහා සමබල ආහාර වේල්, ව්‍යායාම ආදිය තුළින් ස්ථූලතාවයෙන් මිදීමට කටයුතු කළ යුතුයි.
* දුම්පානයෙන් මිදීම.
* අලස ජීවිතයෙන් මිදීම, රැකියා ස්ථානයේදී මෙන්ම ගෘහ ජීවිතයේදීත් ක්‍රියාශීලීව කටයුතු කිරීම ඉතා වැදගත්ය.
* විවිධ රෝගාබාධ සඳහා හිතුමතයට ඖෂධ භාවිත නොකර වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ භාවිත කිරීම.
* සැකසූ ආහාර, කෘත්‍රිම ආහාරපාන, රතුමස් වර්ග භාවිතය තුළින් උපරිම ලෙස දුරස්වීම.
* පැණි රස ජීවිතයෙන් දුරස් කිරීම.

වකුගඩු දුර්වල බව අනුමාන කළ හැකි තත්ත්වයන්

වකුගඩු රෝගය වැලඳී ඇත්දැයි දැන ගැනීමට දීර්ඝ කාලයක් ගත වීම සාමාන්‍ය තත්ත්වයකි. එය වකුගඩු රෝගය කලින් හඳුනා ගැනීමේදී යමෙකු මුහුණ දෙන නරකම තත්ත්වයකි. වකුගඩු අකර්මණ්‍ය වීම සම්බන්ධ රෝග ලක්ෂණ මතු වීම ආරම්භ වන්නේ වකුගඩු 90 පමණ හානි වූ පසුවයි. මේ නිසා ඔබට ඇතිවන සමහර විශේෂිත රෝග ලක්ෂණ පිළිබඳ ඔබ තුළ නිසි දැනුමක් තිබිම වකුගඩු රෝගයෙන් මිදීම සඳහා කල්තියා සූදානම් වීම වෙනුවෙන් ඉතාම වැදගත් වේ. ඒ සඳහා පහත දැක්වෙන අසාමාන්‍යතා පිළිබඳව ඔබට සැලකිලිමත් විය හැකිය.
* රාත්‍රී කාලයේදී වරින්වර මුත්‍රා පහකිරීමේ අවශ්‍යතාවයක් ඇතිවීම රාත්‍රී නින්දට පෙර මත්පැන් ගැනීම, ජලය මඳක් වැඩිපුර පානය කිරීම, තේ කෝපි හා මෝල්ට් පානයක් ගැනීම නිසාද මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැකිය. එවැනි තත්ත්වයන් නොමැතිව රාත්‍රී නින්දේදී වරින්වර අවදි වී මුත්‍රා කිරීමේ අවශ්‍යතා මතු වීම සමහර විට වකුගඩු රෝගී වීමේ මූලික ලක්ෂණයක් විය හැකිය.
* මුත්‍රා කරන විට පෙණ සහිත තත්ත්වයක් ඇතිවීම. (මෙවන් තත්ත්වයක් මුත්‍රා සමග ‍ප්‍රෝටීන් පිටවීමක් ලෙස සැක කළ හැකිය.)
* ඇස් යට ඉදිමීම, එම තත්ත්වය දිගටම පැවැතීම, උදරය ඉදිමීම (අසාමාන්‍ය ලෙස) ඇඟිලිවල සිදුවන ඉදිමීම.
* සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකුගේ රතු රුධිරාණු ෙසෙල අසාමාන්‍ය ලෙස වකුගඩු හරහා පෙරීමක් සිදු නොවේ. එහෙත් වකුගඩු රෝගිවීම නිසා රතු රුධිරාණු ෙසෙල මුත්‍රා වලට එක්වීමේ හැකියාවක් පවතී. එවැනි අවස්ථාවක මුත්‍රා සමග රුධිරය පිට වෙන්නට පුළුවන. මුත්‍රා සමග ‍ලේ පිටවීමේ තත්ත්වයක් වකුගඩු රෝගීවීම නිසා හැර තවත් රෝගී තත්ත්වයන් කීපයකදීම සිදුවිය හැකි බවත් කිව යුතුය. මුත්‍රා ආසාදන, වකුගඩුවල ගල් ඇතිවීම, පිළිකා තත්ත්වයන් වැනි අවස්ථාවලදී මුත්‍රා සමග රුධිරය පිටවන්නට පුළුවන. මෙවැනි තත්ත්වයක් ඇති බව වැටහුණු වහාම වෛද්‍යවරයකු හමුවීම ඉතාමත් වැදගත්ය.
* සම වියළි යාම, සම ඉරිතලා යාම වැනි තත්ත්වයක් ඇති වීමත් වකුගඩු රෝගී තත්ත්වයට පත්වීමේ පෙර නිමිත්තක් වන අවස්ථාවකි. අප ගන්නා ආහාරපාන වල ඛනිජ ලවණ හා ‍පෝෂණ පදාර්ථ පාලනය කිරීමට වකුගඩුවල දායකත්වය ජුවම ලැබෙයි. එමෙන්ම ශරීරය තුළ ජලය නිසි ලෙස පරිවහනයට වැදගත් මැදිහත් වීමක් වකුගඩු තුළින් සිදු නොවීමෙන් සම වියළීම හා ඉරිතලා යාම සිදුවිය හැකිය.
* ආහාර රුචිය අඩුවීම මෙන්ම වකුගඩු දුර්වල වූ අයෙකුගේ ශරීරයේ විෂ ද්‍රව්‍ය එකතු වීම මදින් මද වැඩි වීමක් සිදුවිය හැකියි. මුත්‍රා පෙරීම හා පිටවීම තරමක් අක්‍රමවත් වීම මීට හේතුවයි. ආහාර ගැනීමට දක්වන ප්‍රියතාවය අඩුවීම ඇතිවීමට හේතු කීපයක්ම බලපෑවත් දියවැඩියාව කාලයක් පැවැතීම, වැරදි ආහාර චර්යාවන්වලට යොමුව තිබිම, වැනි හේතු මගින් වකුගඩු රෝගී විය හැකි බැවින් එවැනි අය කල් පවතින ආහාර අරුචිය ඇති වූ විට ඉක්මනින්ම වෛද්‍යවරයෙකු වෙත යොමු වීම වැදගත්ය.
* වකුගඩු ශරීරයේ අපද්‍රව්‍ය බැහැර කරලීමේදී ද ඉතාම වැදගත් මෙහෙයක් සිදු කරන ඉන්ද්‍රියකි. වකුගඩුවල රෝගී තත්ත්වයක් ඇති වූ පසු එම කාර්යය නිසි ලෙස සිදු නොවී ශරීරයේ නිපදවන අපද්‍රව්‍ය මුත්‍රා මගින් නිසි ලෙස පිට නොවීමෙන් රාත්‍රියේදී ඔබට නිසි නින්දක් නොලැබිමට පුළුවන.
* දෙපාවල පිටි පතුල් හා වළලුකර ප්‍රදේශවල බැස නොයන ඉදිමීමක් පැවැතීම වකුගඩු රෝගී තත්ත්වය ගැන ඉඟි සපයයි. එලෙස වන්නේ වකුගඩුවලට හානි වීමත් සමගම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි සෝඩියම් ලවණ ප්‍රමාණයක් සිරුරේ එක්රැස් වීම නිසයි. මෙහිදී ෙසෙල තුළ ජලය වැඩිපුර එක්රැස්වීමෙන් රෝගී තත්ත්වයන් ඇති වීමද පාද වල රුධිර නාළවල සිදු වන සංකූලතාවයන් නිසාද මෙලෙස පිට පතුල හා වළලුකර ඉදිමීමට ලක්විය හැකිය. මෙවන් විටෙක වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්ය.
* වකුගඩු ක්‍රියාකාරිත්වය දුර්වල වීම නිසා ශරීරයේ ලවණ තත්ත්වය අසමතුලිත වීමෙන් දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ කෙන්ඩා පෙරලීම්වලට ලක්විය හැකිය. එමෙන්ම ශරීරය තුළ විෂ ද්‍රව්‍ය එක්වීම නිසා වමනය යාමත් සිදුවිය හැකිය.
* වකුගඩු ක්‍රියාකාරිත්වය දුර්වල වීම නිසා සිරුරේ එක්රැස් වන විෂ ද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොවීමෙන් තද වෙහෙසකාරී තත්ත්වයක් දැනීම මනස ව්‍යාකූල වීමද සිදු විය හැකිය. රතු රුධිරාණු හා හිමොග්ලොබින් අඩුවීම නිසාත් මෙවැනි රෝග ලක්ෂණ පහළ වුවත් විශේෂයෙන්ම මෙම රෝග ලක්ෂණය ඇත්නම් වකුගඩු පරීක්ෂාවකට යොමුවීම ඉතා වදැගත්ය.

වකුගඩු රෝගී වීමේ අවදානම ඉහළ පුද්ගලයන්
* පළමු හෝ දෙවන ආකාරයේ සියලුම දියවැඩියා රෝගීන්
* අධි රුධිර පීඩනය නිසි ලෙස පාලනය නොකළ අය.
* පවු‍ලේ ඥාතියකුට වකුගඩු රෝග වැලඳී ඇති පවුල් වල අය.
* දුම්පානය හෝ මත්පැන් පානයට ඇබ්බැහි වූවන්.
වකුගඩු රෝග වැලඳීමේ අවදානම් සහිත මෙවන් පුද්ගලයන් ද සාමාන්‍යයෙන් වයස අවුරුදු පනහ ඉක්ම වූවන්ද වසරකට වරක් බැගින් නියමිත වෛද්‍ය පරීක්ෂණ වලට ලක්වීම අත්‍යවශ්‍යය නිරෝගීව දිගුකල් ජීවත් වන්නට නම් සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිවෙත් අනුගමනය කිරීමත් වසරකට වරක් බැගින්වත් අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු වීමත් අත්‍යවශ්‍ය තත්ත්වයක් බව කිව යුතුය. ඒ සඳහා වැය කෙරෙන මුදල් අනාගතයේ ඔබ රෝගී වීමෙන් වැය වන විශාල මුදල් සම්භාරයෙන් දශම ගණනක මුදලක් බව ඔබ විසින් වටහාගත යුතුමය.

කෑගල්ල ශික්ෂණ රෝහ‍ලේ කායික රෝග අංශයේ
‍‍‍ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රුවන් ලාල් උදය බණ්ඩාර

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
31 Jul 2018 09:06 PM
ලංකාවෙ බොන්න පිරිසිදු වතුර නෑනි...ඉතින් වකුගඩු ලෙඩ්ඩු ගොඩයි
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Aug 2018 09:06 AM
වතුර විතරක් නෙමෙයි.........වසනේ කන්න තියෙන්නේ.
0
You are not authorized to post a reply.
Page 4 of 35 << < 23456 > >>