You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Jan 2019 07:35 PM by  Udari
කරවිල ඔසුවක් ලෙස
 681 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 35 << < 12345 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
22 Jul 2018 09:17 PM
ඊයා හරිම කැතයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
23 Jul 2018 12:08 AM
හරිම කැතයි නහර ගැට ගැහුනම
Udeshika Herath
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
27 Jul 2018 06:36 PM

වීඩියෝ ගේම්වලට ඇබ්බැහි විය හැකිද?

ඇබ්බැහි වීම අපි සැමට සුපුරුදු වචනයක්. මත්පැන්වලට, හොරෝයින්වලට, දුම්වැටියට, බුලත්විටට, සූදුවට ඇබ්බැහි වුණු පුද්ගලයන් ගැන අපි අහලා තියෙනවා. ඕනෑම දෙයකට ඇබ්බැහි වුණු පුද්ගලයකු ඔහුගේ ජීවිතය වගේම අනිත් අයගේ ජීවිතවලට ද විශාල බලපෑමක් ඇති කරන බව අපි කවුරුත් දන්නා කරුණක්. ඇබ්බැහි වීම යනු එහි ආදීනව හෙවත් විපාක දැන දැනම යමකට ගිජු වීමයි. ඔහුට ඒ දේ නැතුව බෑ. අපි හිතමු මත්පැනට ඇබ්බැහි වූවකු කියලා ඔහුගේ ගිජුකම වගේම ආදරය තියෙන්නේ මත්පැන්වලට. ඔහු පවුලට හෝ දරුවන්ට ආදරය කරන්නේ නැහැ. විද්‍යාඥයන් විසින් මෙම ඇබ්බැහි වීමේ ගොඩට තව අලුත් රෝගයකුත් එකතු කරලා තියෙනවා. එනම් “වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වීම.” ප්‍රජාවගෙන් 1%ක් පමණ වීඩියෝ ගේම්ස්වලට ඇබ්බැහි වන බව සොයාගෙන තියනවා. වැඩි පිරිස වාර්තා වෙන්නේ ආසියානු රටවලින් බවත් මොවුන් වැඩි දෙනා අවුරුදු 12ත් 20ත් අතර බව සඳහන් වෙනවා.

අපි දැන් අමෙරිකානු මනෝවිද්‍යා සංගමය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ඇබ්බැහි වීම් පිළිබඳ දරන මත පරීක්ෂා කර බලමු. අමෙරිකානු මනෝවිද්‍යා සංගමය යනු ලෝකය පුරා සිටින මනෝ වෛද්‍ය විශේෂඥයන්ට අවශ්‍ය දැනුම සහ තොරතුරු බෙදාහරින විශාලතම ආයතනයයි. මෙම ආයතනයේ DSM-5 වර්ගීකරණයට අනුව වීඩියෝ ගේම්ස්වලට ඇබ්බැහි වීම මානසික රෝගයකි. ඔවුන් තවදුරටත් කියා සිටින්නේ මෙම රෝගය ස්ථිර වශයෙන් තහවුරැ කිරීමට තවදුරටත් සමීක්ෂණ අවශ්‍ය බවය. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය පැහැදිලි මානසික රෝගයක් ලෙස හඳුන්වා දී ඇත. මෙම මානසික රෝගය හඳුනාගැනීම සඳහා පහත ලක්ෂණවලින් අවම වශයෙන් අවුරැද්දක් තුළ ලක්ෂණ පහක්වත් තිබිය යුතුය. මෙම ලක්ෂණ මොනවාදැයි බලමු.

1. නිතරම මතකය තුළ රැදීඇත්තේ වීඩියෝ ගේම්ස් සෙල්ලම් කිරීමට ඇති ආශාවයි. සියලුම දෙයින් ප්‍රමුඛත්වය දී ඇත්තේ මෙයටයි.

Ex:- අපි හිතමු මෙවැනි රෝගියකු උත්සවයකට සහභාගි වුණා කියලා. ඔහුගේ මනස ඇත්තේ උත්සවයේ නොව මෙම ක්‍රීඩාව තුළය. බොහෝ විට මුල්ලකට වී Phone එක අතැතිව වියරැවෙන් මෙන් මෙහි නිරත වී සිටී.

2. මෙම ක්‍රීඩාවේ නොයෙදෙන වෙලාවට දැනෙන ශාරීරික හෝ මානසික අපහසුතාව මෙම අපහසුතා මොනවාදැයි බලමු.

• නොරිස්සනා සුළුබව සහ තරහා යාම. • මනසට හා ගතට දැනෙන දැඩි විඩාව. • නිතර පවතින හිසේ බර ගතිය හෝ හිස රුදාව. • එකතැන සිටීමට නොහැකි නොසන්සුන්කම. • මතකය සහ අවදානය අඩුවීම. • හුදකලාව සිටීමට ඇති ආශාව. • සමහර විට නිතර ඇඬීම.

3. දිගටම මෙම ක්‍රීඩාවේ නිරත වීම හා එහිදී අපතේ යන කාලය පිළිබඳ හැඟීමක් නැති වීම.

4. එදිනෙදා ජීවිතයේ වගකීම්වලින් පලායාම.

Ex:- පාසල් නොයාම, පාඩම් නොකිරීම, ක්‍රීඩා නොකිරීම.

5. තමාට ඇති වී තිබෙන හානිය පිළිබඳ පසුතැවිලිවීමක් (guilt) ඇති අතර එයද අමතක කිරීමට දිගටම ක්‍රීඩාවේ යෙදීම.

6. මෙම ක්‍රීඩාවේ නිසා තමාට කිසිම හානියක් නැතැයි අනිත් අයට බොරු කීම.

7. සමාජය පවුල සහ මිතුරන් සමඟ ඇති සබඳතාවය බිඳ වැටීම.

8. අධ්‍යාපනය හෝ රුකියාව වැනි දේට දැඩි හානියක් සිදුවන අතර එය මතක්වන විට එම සිතුවිලිද ඔහුට වදයක් වන අතර ඉන්පසු ඉන් ගැලවීමට දිගටම මෙම ක්‍රීඩාවේ යෙදීම.

වීඩියෝ ගේම්ස් ඇබ්බැහි වීම සමඟ ප්‍රචණ්ඩත්වය ඇති විය හැකිද?

මෑත කාලයේදී අමෙරිකාවේ පාසැල් තුළ සිදුවූ වෙඩිතැබීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස වීඩියෝ ගෙම්ස්වලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවක් තිබී ඇති බව සමීක්ෂණවලින් තහවුරැ වී ඇත. මේවා තහවුරු කරන පහත සඳහන් සමීක්ෂණ වෙතද අපගේ අවධානය යොමු කරමු. ඇමෙරිකානු මනෝවිද්‍යා සංගමය විසින් ප්‍රසිද්ධ කරන ලද පහත සඳහන් සමීක්ෂණවලට අවධානය යොමු කරමු.

• පාසල් සිසුන් 227ක් ගෙන ඔවුන්ගේ ප්‍රචණ්ඩ හැසිරීම් සහ වීඩියෝ ගේම් ඇබ්බැහි වීම අතර සම්බන්ධතාවයක් තිබේදැයි සොයා බලන විට මින් ප්‍රචණ්ඩ පිරිස වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වී ඇති අය බව සොයාගෙන ඇත.

• පාසැල් දරුවන් 210ක් ගෙන ඉන් කොටසකට ප්‍රචණ්ඩ වීඩියෝ ගේම් සහ අනෙක් කොටසට ප්‍රචණ්ඩ නොවූ වීඩියෝ ගේම් ක්‍රීඩා කිරීමට ලබාදුනි. මෙම ක්‍රීඩාවෙන් පසු තම හතුරෙකුට දඬුවම් කිරීමට අවස්ථාවක් ලබාදී තිබුණේ රතුපාට බොත්තමක් තද කිරීමටය. මෙම බොත්තම තද කළවිට විශාල ශබ්දයක් ඇතිවේ. ඉහත කණ්ඩායම් දෙකටම මෙම බොත්තම තදකිරීමට අවස්ථාව ලබාදුණි. මෙම කණ්ඩායම් දෙකෙන් ප්‍රචණ්ඩ වීඩියෝ ගේම්වල නිරත වූ කොටස රතු බොත්තම දිගු වේලාවක් තදකර ගෙන සිටින බව පෙනුනි.

• Pet Scan උපයෝගී කරගෙන ප්‍රචණ්ඩ වීඩියෝ ගේම්ස්වල යෙදෙන කණ්ඩායම් රාශියකගේ මොළය තුළ සිදුවන රසායන වෙනස්කම් මොළය තුළ සිදුවන රසායන වෙනස්කම් පිළිබඳ සමීක්ෂණ රාශියක් ඇත. මෙම සමීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ මෙසේ ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන විට මොළය තුළ ඩෝපමීන් (Dopamine) සහ නොයෙකුත් රසායන විපර්යාසයන් සිදුවන අතර මෙවැනි පුද්ගලයන් සාමාන්‍ය ජීවිතයේදී ද හැඟීම් පාලනයට අපහසු ප්‍රචණ්ඩ හැඟීමවලින් පිරුණු අය බවයි.
අපිට යොමු වූ සත්‍ය කතාවක් ඇසුරින් මෙය සොයා බලමු.

බුද්ධිකගේ වයස අවු: 18යි. උසස් පෙළ සිසුවෙකි. O/L A-8ක් ගෙන සමත් වූවෙකි. බුද්ධිකගේ මව මෙසේ පැවසුවාය.

“මෙයා O/L හොඳට පාස් වුණා. ඒකට තෑග්ගක් විදිහට තමයි Phone එක අරන් දුන්නේ. පුතා පොඩි කාලෙ ඉදලම Phoneවලට හරි ආසයි. දැන් දවසෙම Phoneඑකේ. එයා gems ගහනවා. රෑට නින්දක් නෑ. පුදුම විදිහට කේන්ති යන්නේ. මේ ළඟදී බුද්ධිකගෙ තාත්තා Phoneඑක ගන්න හදුවා බුද්ධික තාත්තට ගහන්න හැදුවා. දැන් අම්මයි තාත්තයි පේන්න බෑ. කාමරෙන් එළියට එන්නේ නෑ. කිසිම පිරිසිදු කමක් නෑ. නාන්නෙ සතියට එක දවසයි. පසුගිය මාස දෙකටම ඉස්කෝලෙ ගියෙ දවස් 15යි. පසුගිය වාර විභාගයට එකම විෂයකටවත් ලකුණු 40ට වඩා ගන්න බැරි වුණා. හොඳට ඉගන ගත්ත දරැවාට මේ මොකද වුණේ කියලා හිතාගන්න බෑ. අපි හිතුවෙ නෑ Phone එක මෙච්චර විනාසයක් කරයි කියලා. අපි බුද්ධිකගෙන් මේ ගැන විමසුවා.

“මම Phoneඑකට හරිම ආසයි. මම මේ game එක ගහන්නෙ යාළුවොත් එක්ක එකතුවෙලා. හැබැයි දැන්නම් මට මේකෙන් ගැලවෙන්නත් ඕනෑ. ගිය වාර විභාගෙට ලකුණුත් අඩුයි. කොහොම ගැලවෙන්නද කියලා හිතාගන්නත් බෑ. Phone එක ළඟ නැති වුණාම මුළු ලෝකෙම නැති වුණා වගේ.

බුද්ධික මෙහිදී ප්‍රධාන ගැටලු තුනකට ගොදුරු වී තිබුණි. ඒවා නම්

• දවස පුරා වීඩියෝ ගේම්වල යෙදීම. • තරහ යාම සහ හැඟීම් පාලනය කරගත නොහැකි වීම. • අධ්‍යාපනය බිඳ වැටීම. (Cognitive Therapy) බුද්ධිකට ඖෂධ ප්‍රතිකාර ලබාදීමෙන් ඔහුගේ දැඩි ආතතිය සහ තරහ යාම අඩුවිය. ඉන් පසු ඔහුව මනෝ චිකස්සක උපදේශනයට යොමු කෙරිණි. මෙවැනි දරැවකුට හොඳම උපදේශනය “සිතුවිලි ප්‍රතිකාරයයි” ආරොන් ටී. බෙක් නැමති මනෝ විද්‍යාඥයා විසින් සොයා ගන්නා ලද මෙම සිතුවිලි ප්‍රතිකාරය යම් කිසි පුද්ගලයකු සිතන සහ ක්‍රියාකරන ආකාරය වෙනස් කිරීමට ඉතා සාර්ථක ක්‍රමයකි.

බුද්ධික වෙනස් කිරීමට භාවිතා කළ ක්‍රම සහ විධි

1. වීඩියෝ ගේම් නිසා ඔහුගේ කාලය නාස්ති වන ආකාරය පැහැදිලි කරදීම. සහ කාලසටහනක් උපයෝගී කරමින් ක්‍රමයෙන් දවසකට ඊට යොමුවන පැය ගණන අඩු කිරීම.

2. බුද්ධිකට ඇති වී තිබෙන ගැටලුව පිළිබඳ දෙමාපියන් සහ පවුලේ අය දැනුවත් කිරීම සහ ඔහු සමඟ සුහදව මෙම ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය උපදෙස් දීම.

3. ක්‍රමානුකූලව අධ්‍යාපන කටයුතුවලට යොමු කිරීම.

4. ඔහු ආශා කරන විනෝදාංශ හඳුනාගැනීම සහ ඒවාට නැවත මනස විවෘත කිරීම.

5. දෙමාපියන්ට බුද්ධික සමඟ විනෝදයෙන් සහ සතුටින් දවසකට පැයක් ගත කරන ආකාරය පැහැදිලි කරදීම.

6. ගෙදරින් පිට බාහිර ක්‍රියාකාරකම්වලට මනස යොමු කිරීම.

Ex:- කැමති ක්‍රීඩාවකට මනස යොමු කිරීම.

7. සතියෙන් සතිය තමාට දැනුන හා හැඟුන වෙනස්කම් පිළිබඳ ඔහු සමඟ සාකච්ඡා කිරීම. 

මෙවැනි උපදේශන වාර දොළහකට පමණ බුද්ධික සහභාගී කරවීම. ක්‍රමානුකූලව ඔහු සාමාන්‍ය ජීවිතයට හුරුවිය.

අමෙරිකානු ළමා රෝග පිළිබඳ විද්‍යා සංගමය (American Academy Of Pediatrics) දරුවන්ට රූපවාහිනිය ලබාදීම පිළිබඳ පහත සඳහන් උපදෙස් ලබාදී ඇත.

• මාස 18න් පහළ දරුවෙකුට කෙසේවත් රූපවාහිනිය නොදිය යුතුය.

• මාස 18ත් 24ත් අතර දරුවෙකුට ඔබ රූපවාහිනිය දෙන්නේ නම් එය දරුවාට වැදගත් සහ ආශා හිතෙන වැඩසටහනක් විය යුතුය. නමුත් එය නරඹන විට ඔබද දරුවා සමඟ එකට වාඩි වී දරුවාට එය විස්තර කරමින් විනෝද විය යුතුය.

• අවු. 2-5ත් අතර දරුවෙකුට රූපවාහිනිය ලබාදේ නම් එය පැයකට සීමාකළ යුතුය. මෙහිදී ද ඔබ දරුවා සමඟ වාඩි වී සිටිය යුතුය.   

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
27 Jul 2018 06:36 PM

දරුවාගේ ඇසට අනතුරක් වුණොත් මොකද කරන්නේ!

ඇසට සිදුවන අනතුරකදී, පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැක.

• ඇස රතුවීම • ඇසේ වේදනාවක්, දැවිල්ලක්, හෝ කෙවෙන ස්වභාවයක් ඇතිවීම • ඇසෙන් කඳුළු ගැලීම • ආලෝකය දෙස බැලීමට අපහසුවීම • පෙනීම බොඳවීම • ඇසිපිය හෝ ඇස අවට ඉදිමීම • ඇස අවට සමෙහි වර්ණය වෙනස්වීම • ඇසෙන් රුධිරය වහනය වීම.

ඔබේ දරුවාගේ ඇසකට අනතුරක් වූ විට කුමක් කළ යුතුද?

ඇස තුළට කුඩා රොඩු කැබැල්ලක් ඇතුළු වූ විට හෝ ඇසේ සුළු වශයෙන් කෙවෙන ස්වභාවයක් ඇතිවූ විට, දරුවාගේ ඇස අවට ප්‍රදේශය ස්පර්ශ කිරීමට පෙර, ඔබේ අත් සබන් දමා හොඳින් සෝදාගන්න. අනතුර සිදුවූ ඇස, ඉක්මනින් ගලායන ජලයෙන් සෝදා හරින්න. අදාළ ඇස මඳක් පහතට යොමුවන සේ, බේසමකට දරුවාගේ හිස ඇලකරන්න. යට ඇසිපිය මෘදුව මදක් පහතට අදින්න. සෙමෙන්, ඇස හරහා ගලායන සේ, සෙමෙන් ජලය වත්කරන්න. විනාඩි 15 ක් දක්වා කාලයක් මෙසේ ඇස මෘදුව සෝදන්න. සෑම විනාඩි 5 කට වරක්ම, රොඩු කැබැල්ල ඉවත් වී ඇතිදැයි බලන්න.

වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථා

පහත සඳහන් ලක්ෂණ වලින් එකක් හෝ දරුවාට ඇත්නම්, වෛද්‍ය උපදෙස් ලබාගත යුතුවේ.

• ඇසට බෝලයක් හෝ වෙනත් යමකින් පහරක් වැදී ඇතිවිට. 

• ඇස රතුවීම සහ දිගින් දිගටම කෙවෙන ස්වභාවයක් පැවතීම. 

• ඇසේ අපහසුතාවයක් ඇතිවීම. 

• ඇස අවට හෝ ඇසිපියෙහි, ඉදිමීමක්, රතුවීමක්, හෝ වේදනාවක් පැවතීම. 

• ආලෝකය දෙස බැලීමට අපහසුතාවයක් පැවතීම.

දරුවා හැකි ඉක්මනින් රෝහල් ගත වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුකළ යුතු අවස්ථා.

ඔබේ දරුවාට පහත රෝග ලක්ෂණ එකක් හෝ ඇත්නම්, හැකි ඉක්මනින් හදිසි ප්‍රතිකාර (Emergency care) සඳහා රෝහල් ගතකළ යුතුවේ.

• පෙනීම බොඳවීම. 

• ඇස රසායනික ද්‍රව්‍ය හෝ රසායනික දියර වලට නිරාවරණය වීම. 

• ඇස තුළ හෝ ඇසේ මතුපිට යමක් ගිලී හෝ සිරවී පැවතීම. 

• ඇසේ දැඩි වේදනාවක් ඇතිවීම. 

• ඇසෙන් ලේ ගැලීම හෝ ඇස තුළ රුධිරය පැවතීම. 

• ඇසට අනතුරක් වූ පසු, වමනය යෑම හෝ ඔක්කාරය පැවතීම.

ඇසට සිදුවන අනතුරැ වළක්වා ගන්නේ කෙසේද?

ක්‍රීඩා හෝ ශාරීරික ක්‍රියාකාරකම් කරන විට, අවශ්‍ය නම් ආරක්ෂක ඇස් ආවරණ (Goggles) පැළඳීමට දරැවා උනන්දු කරවන්න. ඇසට අනතුරක් වීමට හේතුවිය හැකි රසායන ද්‍රව්‍ය, තියුණු උපකරණ, සහ වෙනත් ද්‍රව්‍ය, සැමවිටම දරුවාගෙන් ඈත්කර තබන්න. ඇසට යමක් ඇතුළු වූ විට, ඇස අතෙන් ස්පර්ශ කිරීමට දරැවාට ඉඩදෙන්න එපා. එවන් විටෙක, ඇස ස්පර්ශ නොකරන ලෙස දරුවාට උපදෙස් දෙන්න. නැතහොත්, ඇසට වූ අනතුර තවදුරටත් බරපතළ තත්ත්වයට පත්වීමට ඉඩ ඇත.

- Web MD

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
27 Jul 2018 06:37 PM

මුහුණේ ලස්සන රැකගන්න ආයුර්වේද ප්‍රතිකාර

තමන්ගේ මුහුණ වැඩිපුරම සුන්දරව තබාගැනීමට උත්සාහ නොගන්නා කෙනෙක් නැත. යම් කිසිවකු තවත් කෙනකු දෙස බලද්දී එකවරම ඇස යන්නේ මුහුණටය. ශරීරයේ අනෙකුත් තැන් ඇඳුම් පැළඳුම් මගින් ආවරණය කරගත හැකි වුවද මුහුණ ආවරණය කිරීමට කිසිවෙක් උත්සාහ නොගනිති. නමුත් ආගමික හේතූන් මත ඇතැම් කාන්තාවන් මුහුණ ආවරණය කළද එය ඔවුන්ගේ ආගමික නීති පද්ධතියට අනුව සිදුකරනු ලබන කටයුත්තකි.  ශරීරයේ ඇති අංගයන් අතරින් මුහුණ ප්‍රධාන තැනක් ගනී. මෙය පංච කල්‍යාණයේ ශවි කල්‍යාණයට අයත් වේ. මේ නිසා මුහුණ සුන්දරව තබාගැනීමට වර්තමාන කාන්තාවන් නොකරන දෙයක්ද නැති තරම්ය.

අද බොහෝ කාන්තාවෝ රූපය සුන්දර කර ගැනීමට රූපලාවණ්‍යාගාරවල පිහිට පතති. එමෙන්ම ඇතැම්හු ප්ලාස්ටික් සැත්කම් මගින්ද මුහුණට සොඳුරු පෙනුමක් ලබාගැනීමට උත්සාහ ගනිති. රූපය පිළිබඳව කතා කරන විට කාන්තාවෝ මේ පිළිබඳව පිරිමි පාර්ශ්වයට වඩා වැඩි සැලකිල්ලක් දක්වති.

හදවත දකින කැඩපත මුහුණ ලෙස හැඳින්විය හැක. කෙනකුගේ හදවත මුහුණෙන් පිළිඹිබු වේ. කෙනකුගේ හිතේ ගැටලුවක්, ප්‍රශ්නයක් ඇති වූ විට ඒ මුහුණ එතරම් ප්‍රියමනාප නොවේ. මේ නිසා මුහුණ ලස්සනට තබාගැනීමට නිතරම තම හදවත පිරිසුදුව තබාගත යුතුය. හිතේ සැහැල්ලුවෙන් සිටීමද අවශ්‍යය. රූපලාවණ්‍යාගාරයට ගොස් කොයිතරම් නම් ක්‍රම මගින් මුහුණ සුන්දර කර ගැනීමට උත්සාහ කළද ඒවා බොහොම තාවකාලික පියවර වේ. මුහුණේ ඉරියව් මගින් මුහුණට අවලස්සන පෙනුමක් ලැබිය හැකිය. මේ නිසා ඔබේ හිතෙන් ක්‍රෝධය, වෛරය, ඉරිසියාව ඉවත් කරන්න. අල්ලපු නිවෙසේ ලලනාවගේ මුහුණේ ලස්සනට තම මුහුණ සාපේක්ෂ කරගත යුතු නැත.

බොහෝ දෙනා මුහුණ ලස්සන වීම යනු සුදුවීම යැයි නිගමනය කරති. කෙනකුගේ සමෙහි වර්ණයෙන් ඒ තැනැත්තාගේ පෙනුම කිසිම දවසක ලස්සන නොවේ. ශරීරයේ වර්ණයේ වෙනසක් ඇතිවිය හැක. සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන්ට ආවේණික වන්නේ සුදු සමක් නොව තළෙළු සමකි. මේ නිසා සුදු වර්ණයට වඩා එය සමෙහි පවතින කාන්තිය සුන්දර කිරීමට සමත් වේ. නෙත්කළු, සිත්කළු සමක් ඇතිකරගන්නට මිස සුදු සමක් ඇතිකරලීම සුන්දර වීමට හේතුවක් නොවේ. මේ නිසා සම සුදු කරගන්නට පෙර තියෙන සමෙහි පැහැපත්කම, වර්ණවත් බව ආරක්ෂා කර ගැනීමට උනන්දු විය යුතුය.

අද බොහෝ දෙනා සුන්දර වීමට උත්සාහ ගන්නේ සමාජයේ පවතින තරගකාරී පරිසරයත් සමඟය. මේ නිසා තාවකාලික රෑපලාවණ්‍ය කටයුත්තක් කරගෙන ආවද පසුවදාම ඒ සුන්දරත්වය අහවර වේ. මේ නිසා බාහිර සුන්දරත්වයට වඩා අභ්‍යන්තර සුන්දරත්වයට මුල්තැන දිය යුතුය.

මුහුණ විවිධ ගැටලුවලට හේතුවේ. වයසට යාමත් සමඟ මුහුණ රැලි වැටීම, සමෙහි දුඹුරු පැහැති කුඩා ලප ඇතිවීම මෙන්ම තරැණ කාලේදී බොහෝ තරුණියන්ට ඇතිවන ප්‍රබලම ගැටලුවක් වන්නේ මුහුණේ කුරුලෑ ඇතිවීමයි. නිදිමැරීම, එකදිගට වැඩ කිරීම මගින් ඇස වටා කළුපැහැ ගැන්වීම, මුහුණේ අනවශ්‍ය රෝම ඇතිවීම, ඉන්නන් වැනි නොයෙකුත් විකෘතිතා මුහුණේ ඇතිවිය හැක. එවැනි දේ මගින් කාන්තාවන්ට විවිධ ගැටලු ඇතිවිය හැක. දුඹුරැපැහැ ලප ඇතිවීම, ඉන්නන් වැනි දේ ඇතිවීම බොහෝවිට ඇතිවන්නේ මානසික පීඩනයත් සමඟය. මේ නිසා නිතරම තමන්ගේ හිතේ සැහැල්ලුවෙන් ජීවත් වන්නට උත්සාහ ගත යුතුය.

මුහුණට නිසි සත්කාරය නොකිරීමෙන්ද මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැක. නොසැලකිලිමත්කම නිසාම මුහුණට අවශ්‍ය පෝෂණය නොලැබී යයි. නිතරම අව්වේ සිටීම, දූවිලි වැදෙන පරිසරයක ගැවසීම මගින් මුහුණ දුර්වර්ණ වීමට හේතු වේ. ඇතැම් කාන්තාවන් වැඩ කටයුතු කිරීමේදී දක්වන්නේ අඩු පරිස්සමකි. විශේෂයෙන් ආහාර පිසීමේදී හෝ ඇතිවන පිළිස්සුණු කැළැල් නිසාද මුහුණ අවලස්සන විය හැක. එපමණක්ම නොව, දිවීමෙන්, ඇවිදීමෙන් සිදුවන අනතුරු නිසා මුහුණෙහි කැළැල් ඇතිවිය හැක. මේ නිසා අවදානම සැලකිල්ලට ගෙන අවධානය යොමුකිරීම ඉතා වැදගත් වේ.

අද වෙද්දී වෙළෙඳපොළේ විවිධ ක්‍රීම් වර්ග විකිණීමට ඇත. නොයෙකුත් නාමයන්වලින් යුතු මෙම ක්‍රීම් බොහොමයක් අපගේ මුහුණට එතරම් සුදුසු වන්නේ නැත. මෙම ආලේපන ගැල්වීමෙන් ආසාත්මිකතා ඇතිවී විවිධ රෝග තත්ත්වයන් ඇතිවීමටද පුළුවනි. ඇතැම් ආලේප වර්ග ගැල්වීමෙන් විවිධ ආබාධ, කැළැල් ඇතිවූ අවස්ථාද නැතිවාම නොවේ. හිතුමතේට වෙළෙඳපොළේ ඇති ආලේප මුහුණ ගැල්වීම නොකළ යුතුය. වෙළෙඳපොළේ ඇති මේ ආලේපන සියල්ලම යම් කාලසීමාවක් සටහන් කර ඇත. එය බොහෝවිට අවුරුද්දක්, දෙකක් ලෙස සටහන් කර ඇත. කල් ඉකුත්වීමේ දිනය කියවීමෙන් එය සලකා බැලිය හැක. මෙය කාලීනව තබාගැනීම සඳහා මේ සෑම ආලේපනයකටම රසායනික ද්‍රව්‍ය යොදා තිබීම සාමාන්‍ය දෙයකි. මේ කල්තබාගැනීමේ ද්‍රව්‍යයන් බොහොමයක් අපගේ මුහුණට, සමට එතරම් සුදුසු නොවේ. මුහුණ යනු ඉතා සියුම් සමකි. බොහෝවිට මෙම ආලේපනවල කෝමාරිකා, වෙනිවැල්ගැට, කහ, කොකුම්පොතු වැනි ඖෂධීය ගුණයන් ඇති බව සඳහන් වේ. නමුත් මෙම ආලේපනවල මෙවැනි ස්වභාවික ඖෂධ අඩංගු නොවේ. බොහෝ ආලේපනවල ඇත්තේ ඒවායේ රසායනික ද්‍රව්‍ය යොදා කෘත්‍රිම ලෙස නිර්මාණය වූ ආලේපනයන්ය. වෙනිවැල්ගැට වැනි ශාක ලංකාවේ ඉතා දුර්ලභය. වෙනිවැල්වලින් ආලේපනයක් නිෂ්පාදනය වන්නේ නම් කොයිතරම් වෙනිවැල් අවශ්‍ය වන්නේද..? මේ නිසා මේවායේ බොහොමයක් ඇත්තේ රසායනික ද්‍රව්‍යයන්ය.

මීට අමතරව බොහෝ කාන්තාවෝ මුහුණ පැහැපත් කරගැනීම සඳහා මේක්අප් කිරීමට වැඩි උනන්දුවක් දක්වති. නමුත් මේවා ඉතාම තාවකාලික තත්ත්වයකි. මෙයින් සිදුවන්නේ මුහුණ ඔබ නොදැනුවත්වම අවලස්සන කර ගැනීම පමණි. රසායනික ද්‍රව්‍යයන් වලින් කිසිමදාක මුහුණ සුන්දර කර ගැනීමට නොහැක. එකදිගට මෙවැනි ආලේපන වර්ග ගැල්වීමෙන් ටික කලක් ගතවෙද්දී සම අවර්ණ වීමටද පුළුවනි. 

ඔබ යම් උත්සවයකට යනවිට හෝ මේක්අප් මුහුණට කරනවා නම් උත්සවය අවසන් වූ වහාම ඒවා හොඳින් සෝදාහරින්නට වගබලාගන්න. ආයුර්වේදයට අනුව මෙවැනි රෑපලාවණ්‍ය ක්‍රම නොමැතිව මුහුණ ලස්සන කරගත හැක. මුහුණට ස්වභාවික සත්කාරයක් කරන්න. විශේෂයෙන් නිතරම හොඳ පිරිසුදු ජලය පානය කරන්න. අව්වෙන් මුහුණ ආරක්ෂා කර ගැනීමට අව්වේ ගමන් කරන විට නිතරම කුඩයක් පාවිච්චි කරන්න. පෝෂ්‍යාදායී ආහාර කෑමට ගන්න. වැඩිපුර පළතුරු එක්කරගන්න. රසායනික ද්‍රව්‍ය අඩංගු ක්‍රීම් වර්ග වෙනුවට ස්වභාවික වෙනිවැල්, වැල්මී, සුදුහඳුන්, කහ, කෝමාරිකා වැනි ඖෂධීය සත්කාර මගින් මුහුණ පැහැපත් කරගන්න. නමුත් ඇතැමුන්ට මේවාද ආසාත්මිකතා ඇතිවිය හැක. මේ නිසා පළමුව ඔබේ සමෙහි ස්වභාවය හඳුනාගන්න. ඒ සඳහා මේ විෂය හොඳින් හැදෑරෑ ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් ලබාගන්න. දේශීය ඖෂධ භාවිත කොට ආයුර්වේද සත්කාරයක් කරගන්න. මුහුණේ රුලි වැටීම වැළැක්වීමට මුහුණ සම්බාහනය කරගත හැක. මුහුණේ ඇතිවන ඉන්නන් වැනි ගැටිති සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ආයුර්වේදයේ සඳහන් වේ. මේ නිසා ආයුර්වේදයට අනුව මුහුණ පැහැපත් කරලීමේ ඉතා සාර්ථක ක්‍රම රැසක් පවතී.

ආයුර්වේද විශේෂඥ වෛද්‍ය 
ඩී.එච්. තෙන්නකෝන්
හිටපු අධ්‍යක්ෂක ආයුර්වේද ශික්ෂණ රෝහල - බොරැල්ල

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
27 Jul 2018 06:38 PM

ලෙඩ ගොඩකට හොඳ බෙහෙතක් කජු

ආයුර්වේදයට අනුව කජු ඉතාමත් ගුණවත් පළතුරකි. මිහිරි රසයෙන් යුක්ත මෙය කහට රසැති මඳක් ඌෂ්ණ පළතුරක් ලෙස හැඳින්විය හැක. ලොව වැඩිම විටමින් ප්‍රමාණයක් අඩංගුව ඇති වස විසෙන් තොර පළතුරක් ලෙසින්ද කජුපුහුලන් හැඳින්විය හැක.

උද්භිද විද්‍යාත්මක නාමයෙන් ANARCARDIUM OCEIDENTALE ලෙසින් හඳුන්වන කජු ඖෂධීය පළතුරක් ලෙසින්ද භාවිත කෙරේ. ආයුර්වේදයට අනුව විවිධ ලෙඩරෝග සුවපත් කරගැනීම සඳහා කජුමද, කජුපුහුලන් සහ කජුඇට තෙල් යොදාගැනේ.

නියසීන්, යකඩ, මැග්නීසියම්, කොපර්, තයමීන්, විටමින් බී, විටමින් බී6, කැල්සියම්, සෙලනියම්, පොස්පරස්, සෝඩියම්, සින්ක් සහ තවත් විටමින් වර්ග රාශියක් අන්තර්ගත වන කජු ශරීරයට අත්‍යාවශ්‍ය අංශු මාත්‍රමූල ද්‍රව්‍යයද, ඔමේගා 3, පැටී ඇසිඩ්, ඔමේගා 6, මේද අම්ලයද ශරීරයට අත්‍යාවශ්‍ය ඇමයිනෝ ඇමයිනෝ අම්ල 20 අධික ප්‍රමාණයක්ද සාමාන්‍ය කජු ග්‍රෑම් 28ක්ද, මේද ග්‍රෑම් 12.3ක්ද අඩංගු වේ. මෙය මළබද්ධයට ඉතා ගුණදායක වේ.

කජු පවතින අධික කහට රසය වැඩිහිටියන්ට මෙන්ම දියවැඩියා රෝගීන්ට, කොලෙස්ටරෝල් ඇති රෝගීන්ටද ඉතා ගුණදායක වේ.

ඇතැමුන්ට කජුපුහුලන් ආහාරයට ගත් විට එහි පවතින කහට ගතිය හේතුවෙන් සුළු කැස්සක් මතුවිය හැක. එබැවින් දෙහි ඉස්ම ස්වල්පයක් එකතු කර කජු ආහාරයට ගැනීමෙන් මෙම කැස්ස ගතිය මඟහරවාගත හැක. පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ කජුපුහුලන්වල ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් සහ ඛණිජ ලවණ බොහොමයක් අඩංගු වේ.

ශුක්‍රාණු වර්ධනය සඳහා කජුමද ඉතා ගුණදායක වේ. කජුඇට මදවල සහ වියළි කජුමදවල ගුණයන් වෙනස් වේ. එයට හේතුව වන්නේ වියළි කජු තැම්බීමේදී පිළිස්සීමේදී හෝ බැදීමේදී කජුමදවල අඩංගු රසායනික සංයුතියේ සිදුවන වෙනස්කම් නිසාවෙනි. කජු සමඟ මස්, මාළු වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඇතැම්විට හිසරදය, බඩ පිපුම, මත්ගතිය, උදර වේදනාව ආදිය ඇතිවිය හැක. ඇතැම්විට මේ අවස්ථාවේදී රුධිර පීඩනයද තාවකාලිකව ඉහළ යා හැක. මේ නිසා අවුරැදු හැටට වැඩි වැඩිහිටියන් කජුමද ආහාරයට ගැනීමේදී කජුමද පහළොවකට අඩු ප්‍රමාණයක් ආහාරයට ගත යුතුය.

කජු ගසේ කොළයෙහි බැක්ටීරියා නාශක ගුණයක් පවතින බැවින් කජු කොළවල යුෂ දත් දැක්කුම, තදබල අතීසාර තත්ත්වයන්ට, දියවැඩියා රෝගීන්ට ඉතා යෝග්‍ය වේ.

 

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරුණෑගල ආයුර්වේද රෝහල

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
27 Jul 2018 06:39 PM

මුහුණට නිල සම්බාහනය

http://static.deshaya.lk/assets/uploads/image_0beed8aa11.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
27 Jul 2018 06:51 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/42227.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/42228.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/42229.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/42230.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/42231.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/42232.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/42233.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/42234.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
27 Jul 2018 06:52 PM

හදවත් මාරයා අල්ලන ECG

ශ්‍රී  ලංකාව තුළ හදවත් රෝග අවදානම දැන් ඇත්තේ ඉහළ මට්ටමකය. අපි පුරුදු වී පවතින අයහපත් ඇවැතුම් පැවැතුම් සහිත කඩිමුඩි ජීවන රටාවත්, ඒ හේතුවෙන්  ඇතිවන මානසික ආතතිය නිදන්ගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමත් හෘදයාබාධ ඉහළ යාම සඳහා මූලික හේතුව ලෙස වෛද්‍යවරු පෙන්වා දෙති. ලංකාවේ මේ වනවිට සිදුවන  මරණ සංඛ්‍යාවෙන් 4න් එකක්ම එනම් සියයයට 22.52ක්ම සිදුව ඇත්තේ හෘදයාබාධ නිසාය. කොටින්ම පසුගිය වසරේ වාර්තාවකට අනුව ඒ වනවිට හදවත් රෝග නිසා මරණ 28,554ක් සිදුව තිබේ. මේ තරම් භයානක මාරකයක් වුවද හදවත් රෝග කලින්ම හඳුනාගතහොත් ඒවායේ මාරාන්තික බව පාලනය කර ගැනීමේ පහසුකම් අපේ සුවසේවාව සතුය. මේ නිසා  කලින්ම හදවත් රෝග ගැන හොඳින්ම අනතුරු අඟවන, පහසුවෙන්ම සිදුකර ගත හැකි අපි කවුරැත් නමින් අසා ඇති  ඊ.සී.ජී.  පරීක්ෂණය ගැන දේශය පාඨක ඔබට අවබෝධයක් ලබාදෙන්නටයි අපේ අදහස.

ECG හෙවත් විද්‍යුත් කන්තු රේඛා පරීක්ෂණය, අපේ හදවතේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය අර්ථ දක්වන සරල පරීක්ෂණයකි. අපේ හෘදයවස්තුව ක්‍රියාකාරී වන්නේ නිරන්තරව එහි තුළ ස්වයංක්‍රීයව නිපදවන කුඩා විද්‍යුත් ධාරා ආධාරයෙනි. මෙම විදුලි  ධාරා  ECG උපකරණය ආධාරයෙන්, කඩදාසියක් මත රටාවක් ලෙස මුද්‍රණය කෙරේ. මේ රටාව තුළ හදවතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කතාව ලියැවී තිබේ.

හදවතේ මේ ඊසීජී රටාව ලබා ගන්නා මොහොතේ තත්ත්වය, මෙන්ම නුදුරු අනාගතයේ ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් ගැන මේ සටහන් පරීක්ෂාවෙන් වෛද්‍යවරුන්ට අවබෝධ කරගන්නට හැකිය. හෘද රෝගයක මූලික ලක්ෂණ ලෙස පහළවන පපුවේ වේදනාව, අධික තෙරපුමක් හෝ පීඩනයක් දැනීම, හෘද ස්පන්දනයේ කල් පවත්නා වේගවත් වීම වැනි රෝග ලක්ෂණයකදී වෛද්‍යවරයා විසින් මෙම පරීක්ෂණය ඔබට නියම කරනු ඇත.

ඔබ ශල්‍යකර්මයකට සූදානම් වන්නේ නම්, ඊට ප්‍රථමයෙන් නිර්වින්දන කටයුතු සඳහා ද ඔබට ECG පරීක්ෂණය සිදු කරනු ලබයි. මෙහිදී කිසිසේත් විදුලි සැර වැදීමක් හෝ එවැනි අතුරු ආබාධ ඇති නොවේ. මෙය ශරීරයට කිසිදු වේදනාවක් නොදැනෙන පරීක්ෂණයකි. අසාමාන්‍ය හෘද ස්ඵන්දන රටා – මෙහිදී ඉතා සෙමින් හෝ ඉතා වේගයෙන් මෙන්ම අක්‍රමික ලෙස සිදුවන රටා සහිත හෘද ස්ඵන්දන දැක්වෙනු ඇත. හෘදයාබාධ – ආසන්නවම ඇතිවූ හෘදයාබාධ මෙන්ම කල්ගිය හෘදයාබාධ ද මෙමගින් හඳුනාගත හැකිය. හෘද කුටීරවල අසාමාන්‍යතා ද හදුනා ගෙන ඒවාට නිසි ප්‍රතිකාර ලබාදීමට හැකිවීම මෙම පරීක්ෂණයේ ඇති තවත් වැදගත්කමකි.

පරීක්ෂණය කරන අයුරු...

ඔබගේ දෑත් හා පාද වලට ECG උපකරණයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩ  සවිකර හෘදයෙන් නිකුත්වන විද්‍යුත් ධාරා වැඩිදියුණු කර කඩදාසියක් හෝ තිරයක් මතට එම රටාව ලබාගැනේ. මේ සම්පූර්ණ පරීක්ෂණය  සදහා ගත වන්නේ මිනිත්තු 5ක පමණ කාලයකි.

පරීක්ෂණයේ සීමාවන්...

ECG පරීක්ෂණය හෘද රෝග විනිශ්චය සදහා ඉතා ප්‍රයෝජනවත් පරීක්ෂණයකි. නමුත් ඇතැම් හෘදය සම්බන්ධ රෝගී තත්වයන්වලදී ECG පරීක්ෂණ වාර්තා සාමාන්‍ය විය හැකිය. එයට හේතුව ECG පරීක්ෂණය සිදු කරන අවස්ථාවේ එම රෝගි තත්වය  සිරැරේ  සැඟව තිබීමය.ඒ සඳහා විශේෂ ඊසිජී පරීක්ෂණ යොදාගත හැකිය. 

විශේෂ ECG පරීක්ෂණ වර්ග...

Exercise ECG – මෙය යොදාගන්නේ අවහිර වූ කිරීටක ධමනි සහිතව හෘද ක්‍රියාකාරීත්වය අඩු වූ රෝගීන් සඳහායි. Ambulatory ECG – මෙහිදී දෛනික වැඩවල යෙදෙන අතරම කුඩා මොනිටරයක් මගින් හෘද ක්‍රියාකාරීත්වය පටිගත කෙරේ. මෙය විටින්විට ඇතිවන අක්‍රමවත් ස්පන්දන තත්ත්වයන්හිදී සිදු කෙරේ. මේ පරීක්ෂා මගින් හදවතට විනකරන ලෙඩ කලින්ම හඳුනාගන ඒවා මාරක බවට පත්වීම වළක්වා ගත හැකිය.

- සුගත්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
27 Jul 2018 06:58 PM
ECG එකක් කරගන්න ඔනේ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Jul 2018 09:24 PM
හරිම වැදගත් ලිපියක්.....ස්තුතියි අය්ය
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
28 Jul 2018 05:57 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
28 Jul 2018 05:58 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
28 Jul 2018 06:09 PM

backප්‍රශ්නය - අප දන්නවා සමහරුන්ට තිබෙනවා කොන්ද නැවීමට බැරි වීමේ රෝගයක්‌. ඔවුන් කියන විදියට කොන්ද නවන විට අධික වේදනාවක්‌ හට ගන්නවා. මොකද්ද මේ රෝගය?

වෛද්‍ය එම්. ඒ. මදනායක - මෙය Scoliosis යනුවෙන් හැඳින්වෙන රෝග තත්ත්වයක්‌. මේ තත්ත්වය තුළදී විශාල ස්‌නායු තෙරැපීමක්‌ හට ගන්නවා. එම තෙරැපීමේදී කොන්ද චලනය කිරීමට බැරි තත්ත්වයක්‌ ඇති වෙනවා. කොන්ද නැවීමට බැරි වෙන්නෙ ඒ නිසයි.

ප්‍රශ්නය - මෙවැනි සිද්ධීන් ගැන ඔබට තිබෙන පළපුරුද්ද කුමක්‌ද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - මෙවැනි රෝගීන් කිහිපදෙනෙකුම හමුවීමටත්, ඔවුන්ගේ රෝග නිශ්චය කිරීමට හා සුවපත් කිරීමටත් මට අවස්‌ථාව ලැබී තිබෙනවා.

මෙයට සති කිහිපයකට පෙර මා හමුවීමට එනවා කාන්තාවක්‌. ඇගේ වයස අවුරුදු හතළිහක්‌ විතර ඇති. ඇගේ කොන්ද නවන්න බැහැ. අධික වේදනාවක්‌ හට ගන්නවා. පසුව මා ඇය පරීක්‍ෂා කර බැලුවා. ඇගේ කොඳු ඇට පෙළ මුල, ග්‍රීව අස්‌ථිය හෙවත් ගෙල අස්‌ථිය අසල ස්‌නායු එකට එකතු වෙලා තිබුණා.

ප්‍රශ්නය - ඔබ එය දැන ගත්තේ එක්‌ස්‌ කිරණ පරීක්‍ෂණ මගින් ද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - ස්‌පර්ශය මගින්. මෙවැනි රෝග ලක්‍ෂණ සහිත රෝගියකු අප වෙත ආවාම අප රෝග නිශ්චය කරනවා. රෝග නිශ්චයේදී කොඳු ඇට පෙළ ගැන විශේෂ අවධානයක්‌ යොමු වෙනවා. අප කොඳු ඇට පුරුක්‌ ඉහළ සිට පහළට ස්‌පර්ශ කරගෙන එනවා. එවිට යම් යම් තැන්වලදී රෝගියාට වේදනාව දැනෙනවා. අන්න ඒ තැන් තමයි වැඩිම ආබාධ සහිත තැන් හැටියට හඳුනා ගන්නේ. ඒ තැන්වල ස්‌නායු හිරවීමක්‌ තිබෙන්නට පුළුවන්. ස්‌නායු ආසාදනයක්‌ තිබෙන්නට පුළුවන්. කාටිලේජ දියවීම නිසා අස්‌ථි අතර පරතරය නැති වී අස්‌ථි එකිනෙක ගැටෙනවා වෙන්නට පුළුවන්. මේ තත්ත්වය ඒ ආබාධය තිබෙන තැනින් පහළ ශරීරයට දැඩිව බලපානවා. සමහර විට පාදවල වේදනාවක්‌ හට ගන්නවා. ඇවිදගන්නට බැරිව යනවා. දැත් හොල්ලන්නට බැරි වෙනවා. කොඳු ඇට පෙළේ බාධාකාරී තත්ත්වය හුඟක්‌ම වැඩි නම් උදරය තුළ පවා අධික වේදනාවක්‌ හට ගන්නවා. තට්‌ටම් රිදෙනවා.

ප්‍රශ්නය - ඔබ වෙත පැමිණි කාන්තාවට තිබූ ප්‍රශ්නය කුමක්‌ද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - ඇගේ තිබුණේ ස්‌නායු හිරවීමක්‌ තමයි. ඒ නිසයි ඇයට කොන්ද නමා ගන්නවත් බැරි තත්ත්වයක්‌ තිබුණේ. ඇය මා වෙත ගෙන එන විට හිටියේ ඉතාම අමාරු තත්ත්වයක.

(ඊළඟ සතියේදී ඇය සුව කළ හැටි)

නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836

සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

back1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
28 Jul 2018 06:09 PM

hot* සමේ රෝග නිසා සමාජයේ හැසිරීමේදී බොහෝ දෙනා පීඩා විඳිනවා. මේ ගැන හැඳින්වීමක්‌ කළොත්?

* වෛද්‍ය රන්පත රුවන් රත්නායක

සම රෝගී වන අවස්‌ථා විවිධයි. විවිධ හේතු නිසා ඇති වන ගැටලු මේ සඳහා ප්‍රධාන වෙනවා. මේ අතරින් ප්‍රධාන වන්නේ බාහිරින් පැමිණෙන ක්‍ෂුද්‍ර ජීවී ආසාදනයි. ඒ වගේම සිරුර අභ්‍යන්තරය අධික ලෙස උෂ්ණාධික වීමද සමේ රෝගවලට හේතු වෙනවා. සිරුරේ හට ගන්නා තවත් බොහෝ රෝගාබාධයන්වලදීත් ඒවායේ අතුරු රෝගයන් ලෙස සම රෝගී වීම සිදු වෙනවා.

* සමේ රෝග විවිධාකාරයි. මේ රෝග පැතිරීම ගැන සඳහන් කළොත්?

* වෛද්‍ය රන්පත රුවන් රත්නායක

සමේ රෝග ප්‍රධාන ලෙස කොටස්‌ දෙකකට වර්ග කළ හැකියි. ඒ බෝවන රෝග සහ බෝ නොවන රෝග ලෙසයි. බෝවන රෝග ස්‌පර්ශයත්, ලිංගික ක්‍රියාකාරකම් මගින් සහ අපිරිසිදුකම මගින් ඇති විය හැකියි. සමේ ඇති වන බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රධාන ක්‍රමය රක්‌තය දූෂණය වීම ලෙස හැඳින්විය හැකියි.

* මෙලෙස රක්‌තය දූෂණය වීම පිළිබඳ හැඳින්වීමක්‌ කළොත්?

* වෛද්‍ය රන්පත රුවන් රත්නායක

සිරුරේ පිත් දොaෂය අධික වීම නිසා එම අයගේ ශරීරයේ උෂ්ණත්වය අධික විය හැකියි. ඒ අනුව අධික උෂ්ණාධික බව නිසා සම පැසවීම සිදු වන අතර වා, සෙම් දොaෂවල බලපෑමක්‌ හමුවේ සම වියළීම, ඉරිතැලීම හෝ කැසීමේ තත්ත්වයක්‌ ඇති විය හැකිය.

* රක්‌තය දූෂණය වීමට බලපාන හේතු මොනවාද?

* වෛද්‍ය රන්පත රුවන් රත්නායක

උෂ්ණාධික ආහාර වැඩිපුර ගැනීම, බිලිං, ගොරකා, තක්‌කාලි ආදී විටමින් සී පදාර්ථ බහුල ආහාර වැඩිපුර ගැනීමෙන් සිරුරේ ඇස්‌ කොබීන් ඇසිඩ් ආදී ඇසිඩ් වර්ග බහුල වෙනවා. එවිට සිරුරේ උෂ්ණාධික බව වැඩිවීම සිදු වෙනවා. ඒ වගේම අධිකව නිදිවැරීම, මත්පැන් පානය, කෘත්‍රිම ආහාර වැඩිපුර ගැනීම හා ආහාර ජීර්ණ පද්ධතීන්ගේ අක්‍රමවත්භාවයන් නිසාද උෂ්ණාධික බව වැඩි විය හැකියි.

* සමේ හටගන්නා රෝග පිළිබඳ සඳහන් කළොත්?

වෛද්‍ය රන්පත රුවන් රත්නායක

ප්‍රධානම රෝගය පලු දැමීමයි. ඒවා සිරුර පුරාම පැතිරීමෙන් දැඩි පීඩා ඇති වෙනවා. කුඩා බිබිළි හට ගැනීම තව රෝගයක්‌. මේවාද කැසීම නිසා සම පුරා පැතිරී දියර ගලන තත්ත්වයටම පත්වීම සිදු වෙනවා. දෙපා පතුල කොටස්‌වල සම පුපුරා දියර ගැලීම, ඇඟිලිකරු ආශ්‍රිතව මේවා ඇරැඹීම සිදු වෙනවා. සමේ රෝගවල භයානකම රෝගය කුෂ්ට රෝගයි. කුෂ්ට රෝග ඉතා පීඩාකාරී සහ අවදානම් බව වැඩි රෝගයකි.

* මෙම රෝග සුවකිරීමට ආයුර්වේද ප්‍රතිකාරවලට හැකිද?

* වෛද්‍ය රන්පත රුවන් රත්නායක

ආයුර්වේදයේ මෙම රෝග සුව කිරීම සඳහා ඉතා ගුණදායක ඔසු වර්ග තිබෙනවා. නිවැරදි වෛද්‍යවරයකු කරා යොමු වී නිවැරදි ලෙස ප්‍රතිකාර කළොත් රෝගය සුව කර ගැනීමට හැකියාව පවතිනවා. වර්තමානයේ ඕනෑම රෝගයකට ඉතා පහසුවෙන් පාවිච්චිය කළ හැකි ලෙස ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කර තිබෙන නිසා රෝගීන්ට පහසුවෙන්ම ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාවද පවතිනවා.

hot1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
28 Jul 2018 06:10 PM

pakshaපසුගිය සතියෙන්...

රෝගියාට අසල්වාසීන්, ඥතීන් හමුවීමට සැලැස්‌විය යුතුයි. ඔවුන් හා කතා බස්‌ කිරීමෙන් මානසික ප්‍රබෝධයක්‌ ලබයි. දුම් බීම, මත්පැන් පානය වැනි ක්‍රියාවලින් දුරස්‌ව සිටිය යුතුයි. සමහර රෝගීන් රෝග තත්ත්වය තිබියදී වුවද පෙර පරිදි ඉහත කී ක්‍රියාවන් කෙරෙහි යෙදීමට උත්සුක වේ. මෙය අහිතකර තත්ත්වයකි.

රෝගියාට අංශභාග රෝගයට අමතරව අධික රුධිර පීඩනය, දියවැඩියාව, තෙල් අධික බව ආදිය ඇත්නම් විටින් විට කෙරෙන රුධිර පරීක්‍ෂණ කරවාගත යුතුයි. එමගින් රෝග තත්ත්වයේ සුවවීම හෝ උත්සන්න තාවය මැන ගත හැක.

රෝගියා සිටින අවට ප්‍රදේශය ඝෝෂා රහිත, සන්සුන්, වාතාවරණයක්‌ වීම ඉතා වැදගත්. රේඩියෝ, ටීවී, ස්‌පීකර් ආදියෙන් නිකුත්වන ශබ්දය මානසික ආතතිය ඇති කරයි. නිස්‌කලංක පරිසරය මානසික සුවය ඇති කරයි.

රෝගියාගේ ආගමානුකූලව ආශිර්වාද පූජා, බෝධි පූජා, ශාන්තිකර්ම ආදිය අධ්‍යාත්මික පුනර්ජීවය ළඟා කර දේ. මෙය රෝග සුවයට පවා බෙහෙවින් බලපෑම් ඇති කරයි. බණ දේශනා, පිරිත් දේශනා ඇසීමට සැලැස්‌වීම පහසුවෙන් රෝගියාගේ චිත්ත ධෛර්යය වඩවාලයි. ඇඳුම් ආදිය පිරිසිදුව තැබීම, මුව හා දිව පිරිසිදුව තබා ගැනීම, දත් පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත්. ඇතැම් රෝගීන්ගේ මුහුණේ අර්ධයක්‌ අක්‍රිය වීම නිසා ආහාර ද්‍රව්‍ය හක්‌කේ කෙළවරක එකතුවී තිබීමෙන් මුව අපිරිසිදු බවට පත්වේ. මේ පිළිබඳ උපස්‌ථායක අවධානයෙන් කටයුතු කළ යුතුය. රෝගියා සිටින කාමරයේ මල් වාස්‌, ප්‍රියමනාප චිත්‍ර රූප, ආදිය තැබීම උචිතයි. උදැසන අවදි වන රෝගියාට මද වේලාවක්‌ හෝ උදේ හිරු එළිය, කුරුළු නද, අවට ගස්‌වැල් ආදිය දැකීමට සැලැස්‌විය යුතුයි. ඒකාකාරී පරිසරය වෙනුවට යම් යම් වෙනස්‌කම් සහිත වටපිටාවක්‌ දැකිය යුතුයි.

paksha1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
28 Jul 2018 06:10 PM

earප්‍රශ්නය - කර්ණ රෝගවලට කරන ආයුර්වේද ප්‍රතිකාර ගැන අප පසුගිය සතියේදී කතා කළා. කන පිරිසිදු කිරීම සඳහා උපකරණ ඇත්තේ බටහිර වෛද්‍ය ක්‍රමය තුළ පමණක්‌ බව අප මෙතෙක්‌ උපකල්පනය කළත්, ආයුර්වේදය තුළත් එවැනි උපකරණ තිබෙන බව ඔබ සඳහන් කළා.

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීපරිස්‌ - සුශ්‍රැත ආචාර්යවරයාගේ ආයුර්වේද ග්‍රන්ථවල මේ උපකරණ ගැන සඳහන් වෙනවා. උපකරණයේ අග පුළුන් දවටා කනට ඇතුළු කර ප්‍රවේශමෙන් පිරිසිදු කිරීම කළ හැකියි. ඉන් පස්‌සේ ධූපන ප්‍රතිකාරය කියලා දෙයක්‌ කරනවා. ධූපන ප්‍රතිකාරයේදී කෙරෙන්නේ ආයුර්වේද ප්‍රතිජීවක ඖෂධ වර්ග දැවෙන පොල්කටු අඟුරු සහිත භාජනයකට දමලා ඒ දුම් කනට යන්නට සැලැස්‌වීමයි. බටහිර වෙදකම් ඇන්ටි බයටික්‌ ඖෂධවලින්, ඇන්ටි බයටික්‌ ෙඩ්‍රාප්ස්‌වලින් කෙරෙන කාර්යය මේ ශාකසාර ඖෂධවලිනුත් ඒ විදියටම කෙරෙනවා.

ප්‍රශ්නය - ඔබ ඔය කියන පොල්කටු අඟුරු සහිත උපකරණය කොයි වගේද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - එය කුඩා මුට්‌ටියක්‌. ඒ මුට්‌ටියේ තිබෙනවා දිග නලයක්‌ සම්බන්ධ පියනක්‌. ඒ මුට්‌ටියට පොල්කටු ගිනි අඟුරු දමලා පෙර කී ඖෂධ දමලා පියන වහනවා. ඉන් පසු අර බටය කනට අල්ලනවා. එවිට ඖෂධීය දුව කන තුළට ගමන් කරනවා. එම දුමට කන ඇතුළත තිබෙන තුවාල වියෑලෙනවා. එසේ වන්නේ ප්‍රතිජීවක ඖෂධ නිසයි.

ප්‍රශ්නය - මේ සඳහා යොදන ඖෂධ මොනවද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - වළඟසාල්, නිකකොල, ගුගුල්, වෙනිවැල්ගැට, සුවඳ කොට්‌ටන් යනාදී ඖෂධ කුඩු බවට පත් කරලා පාවිච්චි කරනවා. මේ සියල්ලම ප්‍රතිජීවක ඖෂධ. ආසාදන, ප්‍රදාහ තත්ත්වයක්‌ නැසීමේ හැකියාව මේවාට තිබෙනවා. උදාහරණයක්‌ ලෙස ගනිමු වළඟසහල්. මෙය නාසය ආශ්‍රිත රෝගයක්‌ වන පීනසට ඉතා ගුණ දෙන ඖෂධයක්‌. නික කියන්නේ කෘමි නාශකයක්‌. ඒ වගේම ක්‍රිමි නාශකයක්‌. මෙය දද - කුෂ්ට, චර්ම රෝග, අක්‌මා රෝග. ප්ලීහාව, ඉදිමීම, රූමටික උණ, ඔක්‌කාරය, කොන්දෙ වේදනාව යන රෝග තත්ත්වයන් සමනය කරන්නට යොදා ගන්නවා. ගුගුල් කියන්නේ වසර 2500 කට වැඩි කලක්‌ තිස්‌සේ ඉන්දියාවේ පරිහරණය කරලා අත්දුටු ඖෂධීය ශාකයක්‌. LDL නමැති හිතකර කොලෙස්‌ටරෝල් වර්ගය මර්දනය කිරීමටත් ගුගුල් යොදා ගන්නවා. වෙනිවැල්ගැට ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.

එය විශබීජ නාශකයක්‌ වගේම පිටගැස්‌මට එරෙහිව සටන් කරන ප්‍රතිජීවක ඖෂධයක්‌. සුවඳ කොට්‌ටන්වලින් මොළය වර්ධනය වෙනවා. හෘද රෝග පාලනය වෙනවා. අස්‌ථි ශක්‌තිමත් කරනවා. ප්‍රතිශක්‌තිකරනය ඉහළ නංවනවා. මේ ඖෂධ මිශ්‍රකර කරන ධුපන ප්‍රතිකාරය ඉතාම සාර්ථකයි.

ධූපන ප්‍රතිකාරය කියන්නේ උගුර, කන, නාසය ආශ්‍රිත රෝගවලට කරන ප්‍රතිකාර පන්තියකින් එකක්‌ පමණයි. මෙයට අමතරව උගුර හෝදන්න ඖෂධීය ශාක සාරමය ජලය නිර්දේශ කරනවා. ඊට අමතරව කසාය දෙනවා. ඉහතින් අපි විස්‌තර කළේ කනේ රෝග ගැනයි. නාසයේ රෝගයක්‌ හට ගත්තාම එයට සරිලන ධූපන ආයුර්වේදයේ එනවා.

(ලබන සතියේ කනේ අමාරුව තිබෙනවිටෙක රෝගියා පැවතිය යුතු ආකාරය.)

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

නොමිලේ විස්‌තර

011-5289248/077 7620948

ear1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
28 Jul 2018 06:11 PM

kadmiyumප්‍රශ්නය - වස වර්ග ශරීරගත වීමෙන් සුදු කබර හට ගන්නා බව ඔබ පසුගියදා සඳහන් කළා. මොනවද ඒ විෂ වර්ග.

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - අපේ රටේ ආහාරවල බහුල වශයෙන් රසායනික විෂ වර්ග තිබෙනවා. එයට හේතුව එම ආහාරවලට දමන පොහොර මගින් කැඩ්මියම් හා ආසනික්‌ වැනි විෂ ද්‍රව්‍ය පැළෑටිවලට මිශ්‍ර වීමයි. විශේෂයෙන් ම අපේ රටේ සහල්වල මේ විෂ වර්ග බහුලව තිබෙනවා.

ප්‍රශ්නය - කැඩ්මියම් සහ ආසනික්‌ විෂ වර්ග දෙක ගැන හැඳින්වීමක්‌ කරන්න.

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - කැඩ්මියම් කියන්නේ මෘදු ලෝහයක්‌. මෙය වකුගඩු විනාශ කරනවා. එමතුදු නොව අධික රුධිර පීඩනය, හෘද කපාටවල හටගන්නා ආසාදන යනාදියට මේ ලෝහය මුල් වෙනවා. සිගරට්‌ දුම්කොළවල කැඩ්මියම් අඩංගු වන අතර එම දුම් උරන අය මෙන්ම එම දුම් ආඝ්‍රාණය කරන අයත් අවදානමට ලක්‌ වෙනවා. යුරෝපා සංගමය තුළ කැඩ්මියම් අඩංගු කිසිවක්‌ පරිහරණය කිරීම තහනම්. කැඩ්මියම් අඩංගු දේ රට තුළට ගෙන ඒමත් තහනම්. ආසනික්‌ ගත්තොත් එයත් විෂ සහිත ද්‍රව්‍යයක්‌. බංගලාදේශයේ පානීය ජලය සමඟ ආසනික්‌ මිශ්‍ර වීම නිසා එරට ජනතාව විශාල අන්තරායකට ලක්‌ව සිටින්නේ ආසනික්‌ ඉතා කුඩා ප්‍රමාණ ශරීර ගතවීමෙන් පවා පිළිකාව වැළඳෙන නිසයි. ආසනික්‌ හා කැඩ්මියම් යන දෙකම වකුගඩුවලට අමතරව අක්‌මාව තුළ තැන්පත් වීමේ ප්‍රවණතාවක්‌ තිබෙනවා.

ප්‍රශ්නය - පසුගියදා සුදු කබර රෝගීන් සඳහා ඔබ ලබාදුන් කසාය සහ ආලේප වට්‌ටෝරුවලින් අපේ පාඨකයන් රැසක්‌ දැනටමත් ප්‍රයෝජන ලබමින් සිටිනවා.

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - ඔව්. අදත් මා ඔබට තවත් කසායක්‌ දෙනවා. අරළු, කොහොඹ පොතු, දුම්මැල්ල, රසකිඳ, රත්හඳුන්, ආඩතෝඩ යන ඖෂධ කලං 2 බැගින් ගෙන සෝදා පිරිසිදු කර, කුඩා කැබලිවලට කපා, මැටි මුට්‌ටියක දමා වතුර කෝප්ප 8 ක්‌ වත් කර දර ලිපක තබා පත එකට සිඳ පෙරා සීනි දමා පත භාගය බැගින් උදේ සවස පානය කළ යුතුයි. මේ කසාය සති දෙකක්‌ ගත යුතුයි.

ඊළඟට අප බලමු මේ කසායට දමන ඖෂධ වර්ගවල තිබෙන ගුණය.

අරළු - ආයු ශක්‌තිය වැඩි කරන, කෙසඟ අයට මාංශ සම්පත්තිය ඇති කරන. ස්‌ථුල අයගේ මාංශ සම්පත්තිය අඩු කරන අරළු බඩවැල් තුළ හට ගන්නා සිරුරට හානිකරන බැක්‌ටීරියා වර්ග විනාශ කිරීමට ඉවහල් වෙන, උණ සමනය කරන සමේ රෝගවලට සහනය දෙන ඖෂධයක්‌. සිරුරේ රුධිරය ශෝධනය කිරීමේදී මෙයින් විශාල මෙහෙයක්‌ සිදුවන බවයි පිළිගැනීම.

කොහොඹ - විෂබීජ නාශකයක්‌ වන, කොහොඹ ඇට හතර බැගින් කුඩු කර උණුසුම් වතුර වීදුරුවකට දමා එවැනි වතුර වීදුරුවක්‌ බැගින් දිනපතා උදේ හිස්‌බඩ දින හතක්‌ පානය කළ විට ලේගලන අර්ශස්‌ රෝග තත්ත්වයන් සුවපත් වන බවයි පිළිගැනීම. එසේම දිනපතා උදේට කොහොඹ කොළ 8 - 10 අතර ප්‍රමාණයක්‌ හප කර ගිළිනවා නම් දියවැඩියාව සහ අධික රුධිර පීඩනය නැතිවන බව දේශීය සිංහල වෙදකමේ සඳහන් වෙනවා. මෙය චර්ම රෝග සඳහා ඉතා හොඳ ඖෂධයක්‌.

දුම්මැල්ල - Phyllanthus reticulatus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන දුම්මැල්ල රුධිරයේ හටගන්නා විෂමතා නැති කරනවා.

රසකිඳ - රූමැටික ආත්‍රයිටිස්‌, උණ. ක්‍රිමි රෝග, දියවැඩියාව, පාන්ඩුව, කහඋණ, චර්ම රෝග යනාදියට හොඳ ප්‍රතිකාරයක්‌.

ඉහත සඳහන් ඖෂධවල තිබෙන පොදු ගුණයක්‌ තමයි චර්ම රෝග සහ රුධිරයට බලපෑමක්‌ කිරීමට ඒවාට හැකි වීම. ලබන සතියේ අප ඔබට දෙන්නේ මේ කසාය බොන අතර සුදු කබර පැල්ලම් මත ගෑ යුතු ආලේපයක්‌.

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස

නොමිලේ විස්‌තර 037 494 0866/ 071 4257711

kadmiyuma

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
28 Jul 2018 06:11 PM

katilageප්‍රශ්නය - කාටිලේජ ගෙවී යැම හෙවත් වැහැරීම ගැන පසුගිය සතිවල අප කතා කළා. මේ ගෙවී යැම්වලට තුඩුදෙන රෝග තිබෙනවාද?

වෛද්‍ය වසන්ත උදයජීව - ඔස්‌ටියෝආත්‍රයිටිස්‌ සහ ඔස්‌ටියෝ පොරොසිස්‌ කියන රෝග දෙක තමයි සන්ධිවල කාටිලේජ ක්‍ෂය වීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ. කාටිලේජ කියන්නේ අස්‌ථි දෙකක්‌ අතර ඉඩ පුරවන ඝන ජල්ලි වැනි ද්‍රව්‍යයක්‌. මෙය ශක්‌තිමත් ඒ වගේම නම්‍යශීලී. අස්‌ථි දෙකක්‌ එකිනෙක ගැටීම වැළැක්‌වීම තමයි කාටිලේජයක ප්‍රධාන වගකීම. කාටිලේජ අප වියපත් වන විට ක්‍ෂය වෙනවා. චලනයන් බහුලව සිදුවන ගෙළ, ඉණ, දණහිස, උරහිස්‌, කොඳුඇට යනාදියට අදාළ කාටිලේජ වයසත් එක්‌ක ක්‍රමයෙන් ක්‍ෂය වෙනවා. ඔස්‌ටියෝ ආත්‍රයිටිස්‌ සහ ඔස්‌ටියෝපොරොසිස්‌ කියන රෝග වැළඳුනාම අවුරුදු 50 කින් වෙන්න තිබෙන ක්‍ෂයවීම අවුරුදු 2 න් සිදු වෙනවා.

ප්‍රශ්නය - ඉහත සඳහන් රෝගවලදී කාටිලේජ ක්‍ෂයවීම් සිදුවන විට ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය වසන්ත උදයජීව - ප්‍රධානම දේ තමයි වේදනාව. දණහිසේ කාටිලේජ ක්‍ෂය වුණාම කකුල නවන්න අමාරුයි. ඒ තත්ත්වය ගෙල ආශ්‍රිතව හට ගත්තාම හිස හරවන්න, ගෙල නවන්න අමාරුයි. ඒත් අවස්‌ථාවක්‌ එනවා කිසිම චලනයක්‌ කරන්න බැරි.

ප්‍රශ්නය - ආයුර්වේදය මේ තත්ත්වය දකින්නේ කොහොමද?

වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේදය කියන්නේ සර්වාංග ප්‍රතිකාර ක්‍රමයක්‌ බව මේ වන විට ඔබ දන්නවා. ඒ නිසා සිරුරේ අනෙක්‌ හැම තැනකටම වගේ සන්ධිවල හටගන්නා රෝගවලටත් එහි ප්‍රතිකාර තිබෙනවා.

ප්‍රශ්නය - වැහැරුන කාටිලේජ වර්ධනය සඳහා සුදුසු ශාකසාර ඖෂධ මොනවද?

වෛද්‍ය වසන්ත උදයජීව - නෙල්ලි, රසකිඳ, හීන් අරත්ත, අමුක්‌කරා අල, පාවට්‌ටා, බෙහෙත් එඬරු ඇතුළු ශාක වර්ග 90 ක්‌ පමණ යොදාගෙන ක්‍ෂයවන කාටිලේජ යළි වර්ධනය කරන ඖෂධ හැදිය හැකියි. ඒ ගැන ලබන සතියේ පැහැදිලි කරන්නම්.

නොමිලේ විස්‌තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

katilage1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
28 Jul 2018 09:35 PM
කොච්චර ලෙඩ වලට ශාක අවුශද යොදාගන්න පුළුවන් ද මේ විදියට
0
You are not authorized to post a reply.
Page 3 of 35 << < 12345 > >>