You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Jan 2019 07:35 PM by  Udari
කරවිල ඔසුවක් ලෙස
 681 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 3512345 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
15 Jul 2018 08:51 PM

    weda4වර්තමානයේ අප බොහෝ දෙනා අඩු වයසින් හෘද රෝගවලට ගොදුරුවීමේ අවදානමක පසුවේ. එනිසා වයස අවුරුදු 18-20 පසුවන තරුණ තරුණියන් පවා හෘදයාබාධවලට ලක්‌වූ අවස්‌ථා ගැන අපට අසන්නට දකින්නට ලැබේ.
     
     වෛද්‍යතුමනි, වර්තමානයේ අප රට තුළ හෘදයාබාධවලට ලක්‌වන පිරිස වැඩිවීමක්‌ පවතිනවාද?.
     
     මේ වන විට අප රටේ හෘදයා බාධ වැළඳී ප්‍රතිකාර සඳහා රෝහල් ගතවන පිරිස වසරකට 13,000 ක්‌ පමණ වන බව වාර්තා වෙනවා.
     
     මෙලෙස හෘදයාබාධවලට ලක්‌වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ අපගේ ජීවන රටාවේ මතුව ඇති වෙනස්‌කම්ය. එම වෙනස්‌කම් අතර ප්‍රධාන කරුණු තුනක්‌ හඳුනාගෙන තිබෙනවා. අප ගනු ලබන ආහාර පාන, උදාසීන ජීවිතයක්‌ ගත කිරීම සහ මානසික ආතතිය එම ප්‍රධාන කරුණු තුනය.
     
     ආහාර පාන
     
     වර්තමානයේ අප බොහෝ දෙනා තුන් වේලටම බත් ආහාරයට ගැනීමට යොමුවී තිබෙනවා. එසේම එම ආහාර පිඟානේ වැඩිපුරම තිබෙන්නේ බත් විතරයි. එළවළු, පලා වර්ග, මස්‌ මාළු තිබෙන්නේ ඉතා ස්‌වල්පයක්‌ පමණයි. මෙවැනි ආහාර වේලකින් සිරුරට වැඩිපුරම ලැබෙන්නේ පිෂ්ඨය. ප්‍රොaටීන් සහ මේදය ලැබෙන්නේ අඩුවෙන්.
     
     සිරුරට වැඩිපුර පිෂ්ඨය එක්‌වීමෙන් සිරුර තුළ ලිපෝ ප්‍රොaටීන් ප්‍රමාණය වැඩිවෙනවා. ලිපෝ ප්‍රොaටීන් ප්‍රමාණය වැඩිවීමෙන් හෘදය වස්‌තුවේ කිරීටක ධමනි තුළ කොලෙස්‌ටරෝල් තැන්පත් වීම වැඩිවන බව හඳුනාගෙන තිබෙනවා. මෙලෙස කිරීටක ධමනි තුළ කොලෙස්‌ටරෝල් තැන්පත් වීම නිසා එම රුධිර නාළ ඔස්‌සේ රුධිරය ගමන් කිරීමට බාධා ඇතිවී හෘදයාබාධ ඇතිවෙනවා.
     
     මෙම තත්ත්වය පාලනය කර ගැනීමට නම් අප දිනපතා ගනු ලබන ආහාර වේල් තුනට එකතු කරගනු ලබන ආහාර ප්‍රමාණය නිවැරදි කරගත යුතුයි.
     
     බත් ආහාරයට ගනු ලබන විට එම ආහාර වේලෙහි බත් තිබිය යුත්තේ තුනෙන් එක්‌ ප්‍රමාණයක්‌ (1/3) පමණයි. ඉතිරි තුනෙන් දෙකක (2/3) එළවළු, පලා වර්ග, මස්‌, මාළු, බිත්තර වලින් සම්පූර්ණ විය යුතුයි.
     
     අපට අවශ්‍ය ශක්‌තිය ලබාගත යුත්තේ පිෂ්ඨ ආහාරවලින් 40%-45% ක්‌ පමණ, මේද ආහාරවලින් 20%-30% ක්‌ පමණ ප්‍රොaටීන් ආහාරවලින් 10%-15% පමණ ආදී ප්‍රමාණයන්ගෙන්ය.
     
     එනිසා වැඩිපුර බත් ආහාරයට ගැනීම වෙනුවට මුං ඇට, කව්පි, කඩල වැනි ධාන්‍ය වර්ග, ආටා පිටිවලින් සකස්‌ කළ ආහාර වර්ග, දුඹුරු පාන්, කුරක්‌කන් රොටි, පිට්‌ටු ආදියද ආහාර වේල් සඳහා එක්‌ කරගත යුතුයි.
     
     සතියකට බිත්තර තුනක්‌ පමණ ආහාරයට ගැනීම සෞඛ්‍යයට අහිතකර නැහැ. කිරි, චීස්‌, බටර් සාමාන්‍ය අයුරින් ආහාරයට ගැනීම කළ යුතුයි.
     
     ආහාර පිසීම සඳහා තෙල් වර්ග භාවිතා කිරීමේදී පොල්තෙල් යොදා ගැනීම හිතකරයි. එසේම ගැඹුරු තෙල් ආහාර පිස ගැනීම හැකිතාක්‌ දුරට අඩු කළ යුතුයි.
     
     ආහාර පිසීම සඳහා තෙල් භාවිතා කිරීමේදී එය නැවත වාර කිහිපයක්‌ යොදා ගැනීම නොකළ යුතුයි. එක්‌වරක්‌ පමණි.
     
     උදාසීන ජීවිතය
     
     අප බොහෝ දෙනා නාගරික ජීවිතයකට හුරුවී සිටීම නිසා ඇවිදීම ව්‍යායාමවල යෙදී දහදිය දමන තුරු ඇඟ වෙහෙසවා වැඩ කටයුතුවල නිරත වීම සීමාවී තිබෙනවා. එනිසා අප ගනු ලබන ආහාරවලින් ශරීරය තුළ තැන්පත් වන පිෂ්ඨය සහ මේදය ප්‍රමාණය වැඩිවී තිබෙනවා.
     
     මෙය වළක්‌වා ගැනීමට නම් දිනපතා ව්‍යායාමවල යෙදීම, ඇඟ පත වෙහෙසවා වැඩ කිරීම දිනපතා ඇවිදීම ආදිය කළ යුතුයි.
     
     මානසික ආතතිය
     
     අද අප බොහෝ දෙනාගේ ජීවන රටාව හුරුවී ඇත්තේ රැකියාවට යැම සහ යළි නිවසට ඒම පමණයි. මනසට විවේකය ගෙන දෙන ආකාරයේ කටයුතුවල යෙදීම සීමාවී තිබෙනවා. අපට විනෝදාස්‌වාදය අවශ්‍යයි. මනසට විවේකය අවශ්‍යයි. එසේ නොවූ විට මානසික ආතතිය වැඩිවෙනවා.
     
     මානසික ආතතියත් හෘදයා බාධ ඇතිවීමට ප්‍රධාන ලෙසම බලපානවා.
     
     වර්තමානයේ වයස අවුරුදු 18-30 අතර වියේදී හෘදයාබාධවලට ලක්‌වන අය පිළිබඳව සැලකිලිමත්වීමේදී ඔවුන් බහුතරයක්‌ මෙලෙස අක්‍රමවත් ආහාර පාන රටාවකට, අලස දිවියක්‌ ගත කිරීමට සහ අවිවේකී දිවියක්‌ ගත කිරීමට හුරුවී සිටින බව හඳුනාගෙන තිබෙනවා.
     
     එනිසා අපි තුන්වේල බත් කන්න පුරුදුව සිටින ජාතියක්‌ කියා උදම් ඇනිය හැක්‌කේ අලස නොවී වැඩ කරමින් මනසට විවේකයක්‌ද ලබාදෙන අයුරින් දිවියක්‌ ගත කරනවානම් පමණයි. එසේ නැතිව තුන් වේලට බත් වැඩිපුර ආහාරයට ගැනීමට පමණක්‌ හුරුවීමෙන් සිදුවන්නේ හෘදයාබාධවලට ගොදුරුවීමේ අවදානම වැඩිකර ගැනීම පමණයි.
     
     පෝෂ්‍යදායී සමබර ආහාර වේලක්‌ ගනිමින් නිරෝගී දිවියක්‌ ගත කිරීමට හුරුවුවහොත් හෘදයා බාධවලට ගොදුරුවීමේ අවදානම අවම කරගත හැකි බව සිහි තබා ගත යුතුය.

    weda1

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    15 Jul 2018 08:52 PM
    weda6වර්තමානයේ ගොදුරුවන පිළිකා රෝගයට මීට වසර දහස්‌ ගණනකට පෙර ජීවත්වූවෝද ගොදුරු වූ බවට තොරතුරු තිබේ. එහිදී අද මෙන් නවීන තාක්‌ෂණය උපයෝගී කරගෙන ප්‍රතිකාර සිදුනොකළත් අවට පරිසරයේ ඇති ගහකොළ පැළෑටි වල ඇති රෝග නිවාරණ ගුණයන් උපයෝගී කරගෙන ප්‍රතිකාර කළ බව වාර්තා වේ.
     
     වෛද්‍යතුමනි පිළිකා සඳහා සෘෂි නාඩි වෛද්‍යවිද්‍යාවේ ඇති ප්‍රතිකාර මොනවද?
     
     වර්තමානයේ අපි බොහෝ දෙනා පිළිකාව ලෙස හඳුන්වන රෝගය මහා සෘෂි නාඩි වෛද්‍යවරු හැඳින්වූයේ පලිකාය ලෙසිනි.
     
     "කයිනාද කුදර්ගෙ පලිකාය මනුස්‌සා මරණං භාගං" ලෙසින් සඳහන් කළේ මිනිසුන්ගේ ශරීරයේ වර්ධනය වන අසාමාන්‍යතාවයක්‌ නිසා හෙවත් පලිකාය තත්ත්වය නිසා අකාලයේ මරණයට පත්විය හැකි බවය.
     
     මීට වසර දහස්‌ ගණනකට පෙර වැඩවාසය කළ අට්‌ඨකෝ, වාවකෝ, වාම, දේවෝ, චාංගි, රඝූ, බභූ, යා තන්ගී ප්‍රධාන මහා සෘෂි වරුන් විසින් අසාමාන්‍ය රෝග තත්ත්වයන් නිසා මිනිසුන් අකාලයේ මරණයට පත්වීම ගැන නාඩි විද්‍යාවට අනුව පරීක්‌ෂාකර හඳුනාගනු ලැබුවා.
     
     ශරීරය තුළ අසාමාන්‍ය ලෙස ඵල දරන කොටස්‌ මගින් ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වය විනාශ කර දැමීම සහ ඊට බාධා කිරීම සිදුවන බවත් එම බාධාවන් නිසා මිනිසුන් අකාලයේ මරණයට පත්වන බවත් සොයාගනු ලැබුවා. මෙය මිනිසුන්ට පමණක්‌ නොව සිව්පා සතුන්ටද මතුවන බව සෘෂි නාඩි වෛද්‍යවරුන් හඳුනා ගනු ලැබුවා.
     
     මේ සඳහා කළහැකි ප්‍රතිකාර පිළිබඳව සොයා බැලීමේදී ශාකා වර්ග කිහිපයකින් ලබාගන්නා කොටස්‌ මිශ්‍ර කර සාදාගනු ලබන ඖෂධ මගින් මෙම අසාමාන්‍ය ලෙස සිරුරේ හටගන්නා කොටස්‌ හෙවත් පිළිකා සෛල විනාශ කළ හැකි බව සිදුකළ ප්‍රතිකාර වල පර්යේෂණ මගින් හඳුනා ගත්තා.
     
     ඒ සඳහා යොදාගනු ලබන ශාඛ වර්ග කොටස්‌ රැසක්‌ තිබෙනවා. ඒවා මගින් මතුවන පිළිකා තත්ත්වයට ගැලපෙන ඖෂධ සකස්‌ කර ප්‍රතිකාර කරනු ලබනවා.
     
     මෙහිදී පිළිකා සෛල මතුවීම වලක්‌වා ගැනීම සඳහා භාවිත කරන ඖෂධයක්‌ සකස්‌ කර ගන්නා අයුරු සඳහන් කළ හැකියි.
     
     ඒ සඳහා ශාක කොටස්‌ වර්ග කිහිපයක්‌ ලබාගෙන ඒවා සියල්ල එකට මිශ්‍රකර මෙම ඖෂධය සකස්‌ කරගත යුතුයි.
     
     වියළි කෝමාරිකා මද, වියලි වෙරළුගෙඩි මද, වියළාගත් සුදු ලුනුවිල, සහමුලින්ම, වියළාගත් කහට ගෙඩි, වෙනිවැල්ගැට, පිටි, සුදුහඳුන් පිටි, අමුක්‌කරා පිටි, වියළාගත් සුදු අරලිය මල් පිටි, වියළාගත් රතු වදමල් පිටි, මඤ්ෙÆක්‌කා පිටි, වියළාගත් කළු කැම්බේරිය සහමුලින්ම සම සමවගෙන ලී වංගෙඩිsයක දමා හොඳින් කොටා පිටි මිශ්‍රණයක්‌ සකස්‌ කරගත යුතුයි.
     
     ඉන්පසු අලිගැටපේර දලු යුෂ, මඤ්ෙÆක්‌කා දලු යුෂ, කුප්පමේනියා දලු යුෂ තලතෙල් එළඟිතෙල්, මීපැණි සම සමව ගෙන යුෂ මිශ්‍රණය සාදාගත යුතුයි. ඉන්පසු මුලින් සකස්‌ කරගත් පිටි මිශ්‍රණයෙන් මේස හැඳි දෙකක්‌ පමණ ගෙන සාදාගත් යුෂ මිශ්‍රණයෙන් තේ හැන්දක්‌ පමණ දමා ගුලියක්‌ සාදාගෙන උදේ සවස ආහාරයට පෙර ගැනීම කළ හැකියි. මෙම ගින් පිළිකා සෛල හට ගැනීමට එරෙහිව ක්‍රියා කරනවා පමණක්‌ නොව දද, කුෂ්ඨ, හොරි, වන, සෙම් රෝග, මළබද්ධය වැනි රෝගාබාධ ඇතිවීමද පාලනය කරන බව මහා සෘෂිනාඩි වෛද්‍යවරු සඳහන් කර තිබෙනවා.
     
     වැඩි විස්‌තර සඳහා දුරකථන අංක 0776500677 ඇමැතිය හැකිය.
      weda3
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    15 Jul 2018 08:52 PM
    weda5ඉස්‌සර කාලේ වගේ නෙවෙයි දැන් කාලේ ලෙඩ රෝගවලට ගොදුරුවන පිරිස වැඩිවෙලා. ඒ හින්දා වර්තමාන පරම්පරාව ජීවිතයේ වැඩි කාලයක්‌ ගත කරන්නෙ ලෙඩ රෝගත් එක්‌ක. මෙලෙස වත්මන් පරම්පරාව ලෙඩ රෝගවලට ගොදුරුවීම බහුල වීමට බලපා ඇති හේතු මොනවාදැයි කියා අපි විමසා බලමු.
     
     වෛද්‍යතුමනි වර්තමාන පුරපුර බහුලව ලෙඩ රෝගවලට ගොදුරුවීමට බලපා ඇති හේතු මොනවාද?
     
     මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ වර්තමාන පරපුර ගනු ලබන ආහාරපානවල අද විෂ තාවයයි. පිරිසිදු ආහාර පාන භාවිතයක්‌ද දකින්නට ලැබෙන්නේ නැති තත්ත්වයකට පත්ව තිබෙනවා. එසේම නිසි වේලාවට ආහාරපාන ගැනීමත් සිදු වන්නෙත් නැහැ. ඊට අමතරව මානසික ආතතියත් බලපා තිබෙනවා.
     
     මෙම තත්ත්වය නිසා ගනු ලබන ආහාරපාන නිසි ලෙස ශරීරයට ජීර්ණය වීමත් සිදු වන්නේ නැහැ. එනිසා අද බොහෝ දෙනෙක්‌ ගැස්‌ට්‍රයිටීස්‌ කියන රෝග තත්ත්වයට ගොදුරුව සිටිනවා. ගැස්‌ට්‍රයිටීස්‌ කියන්නේ රෝගයක්‌ නොව රෝග ලක්‌ෂණයක්‌ අක්‌මාව අග්න්‍යාසය සහ පිත්තාශය යන ඉන්ද්‍රියයන් වල හටගන්නා දුර්වලතාවක්‌ නිසා මෙම ඉන්ද්‍රියයන් තුළින් ආහාර ජීර්ණයට අවශ්‍ය එන්සයිම වර්ග නිසි ලෙස ආමාශයට ශ්‍රාවය වන්නේ නැහැ. එවිට ආමාශය තුළ නිසි ලෙස ආහාර ජීර්ණයක්‌ සිදු වන්නේ නැහැ.
     
     මෙලෙස ආහාර නිසි ලෙස ජීර්ණය නොවීමෙන් අමාශයේ විෂ තත්ත්වයක්‌ හෙවත් ආමවිෂ නිපදවීමක්‌ සිදුවනවා.
     
     අප ගනු ලබන ආහාරවල ඇති රස කොටස්‌ හෙවත් පෝෂ්‍යදායි ද්‍රව්‍ය මෙලෙස විෂ කොටස්‌ බවට පත්වී ඒවා රක්‌තය හෙවත් රුධිරයට උරාගනු ලබනවා.
     
     ඉන්පසු එය මාංශ කොටස්‌වලට පැමිණ මේදයට එකතු වෙනවා. මේදය හරහා අස්‌ථි වලට එකතු වෙනවා. අස්‌ථිවලින් ඇටමිදුළු තුළට එකතුවෙනවා. ඇටමිඳුළු හරහා අවසාන ධාතු කොටස්‌වන පිරිමින්ගේ ශුක්‍රධාතුවලටත් කාන්තාවන්ගේ ශ්‍රොaණිත හෙවත් ඩිම්භ වලටත් එකතු වෙනවා.
     
     මෙම විෂ විවිධාකාර පැතිවලට විහිද යා හැකියි. එසේ පැතිර යන ප්‍රදේශ අනුව ශරීරය තුළ රෝග තත්ත්ව හටගන්නවා.
     
     හන්දි ආශ්‍රිතව පැතිරුණොත් ආතරයිටීස්‌ ඔස්‌ටියෝ පොරෝසීස්‌ අස්‌ථි පිළිකා වැනි රෝග මතුවිය හැකියි.
     
     යම් තැනක එකතුවීමක්‌ සිදු වුවහොත් විවිධ පිළිකා වර්ග මතුවිය හැකියි. රුධිරයට සිදුවන බලපෑම හරහා ලියුකේමියාව තැලසීමියාව වැනි රෝග හටගත හැකියි.
     
     පෙණහැල්ලට බලපෑවොත් පෙණහලු පිළිකා ඇදුම හතිය වැනි රෝග මතුවිය හැකිය.
     
     හිසට බලපෑවොත් පීනස, හිසරදය, වැනි තත්ත්ව මතුවිය හැකියි.
     
     අක්‌මාවට බලපෑවොත් අක්‌මාවේ මේදය තැන්පත් වීම, සිරෝසිස්‌ වැනි රෝග හටගත හැකියි.
     
     වකුගඩුවලට පැතිරුණහොත් වකුගඩු උෂ්ණකර වකුගඩු දුර්වලවීම හැකිලීම දියවීයැම ආදී රෝග මතුවිය හැකියි.
     
     ශුක්‍රධාතු හෝ ශ්‍රොAණිත ධාතුවලට එකතු වීමෙන් ප්‍රජනන පද්ධතියේ දුර්වලතා හට ගත හැකියි.
     
     අප ගනු ලබන ආහාරවල ඇති රස කොටස්‌ හෙවත් පෝෂ්‍ය ද්‍රව්‍ය ශුක්‍ර ධාතු දක්‌වා ගමන් කරනවා. සාමාන්‍යයෙන් එම රස කොටස්‌ ශුක්‍ර ධාතු වෙත ගමන් කිරීමට දින 27 ක්‌ ගතවෙනවා.
     
     එනිසා අප ගනු ලබන ආහාර නිසිලෙස ජීර්ණය නොවීම නිසා හටගන්නා ආම විෂ ශරීරයේ සෑම තැනකටම ගමන් කරන බව අප වටහාගත යුතුයි
     
     මේ අනුව ආම විෂ ශරීරයේ විsවිධ පැතිවලට පැතිරීමෙන් සිරුරේ නොයෙකුත් රෝග මතුවීම නිසා වර්තමාන පරපුර ලෙඩ රෝග වලට ගොදුරුවීම බහුල වී තිබෙනවා.
     
     වෛද්‍යතුමනි, මෙවැනි ලෙඩ රෝග වලින් මිදීම සඳහා ඇති දේශීය වෛද්‍ය ප්‍රතිකාර මොනවද?
     
     දේශීය වෛද්‍ය ක්‍රමය කියන්නේ ස්‌වභාව ධර්මය සමග එහෙමත් නැත්නම් ගහකොළ පැළෑටි වල ශක්‌තිය සමග බද්ධවූ සහ පාරතීව ද්‍රව්‍ය හෙවත් රස බෙහෙත් සමග සංකලනය වූ ප්‍රතිකාර සහිත වෛද්‍ය ක්‍රමයකටයි.
     
     රස බෙහෙත් ලෙස හඳුන්වන්නේ රසදිය, ගෙන්දගම්, මනෝසිSල, සාදිලින්දන්, රන්, තඹ, යකඩ ආදී විවිධාකාර රස ඖෂධවල සම්මිශ්‍රණයකටයි.
     
     මෙම ප්‍රබල ඖෂධ මගින් අපගේ ශරීරයේ හටගන්නා විෂ කොටස්‌ මර්දනය කර මතුව ඇති රෝග තත්ත්ව නිට්‌ටාවට සුව කළ හැකියි.
     
     ඒ සඳහා රෝගය නිසි ලෙස හඳුනාගෙන නිසි ප්‍රතිකාර කළ යුතුයි. එසේ නිසි ප්‍රතිකාර කිරීමෙන් ඕනෑම බරපතළ රෝගයක්‌ මාස 03 ත් මාස 06 ත් අතර කාලයකදී සුව කළ හැකිය.
     
     එහිදී අදාළ රෝගයට අනුව රස ඖෂධ භාවිත කිරීමෙන් මතුව ඇති රෝග ඉතා ඉක්‌මනින් සුවපත් කළ හැකිය.
     
     උදාහරණයක්‌ ලෙස අප ගනු ලබන ආහාර ශුක්‍රධාතු බවට පත්වීමට සාමාන්‍යයෙන් දින 27 ක්‌ ගතවෙනවා.
     
     නමුත් රස වෛද්‍ය ප්‍රතිකාර මගින් එම ආහාර ශුක්‍ර ධාතු බවට පත් කිරීම දින 07 ක්‌ තුළ සිදු කළ හැකියි.
     
     ඇතැම් දෙනා මෙම රස ඖෂධ පිළිබඳව යම් වැරදි මත ප්‍රකාශ කරනවා. රස ඖෂධවල ඇති බැර ලෝහ වකුගඩුවල තැන්පත් වී වකුගඩු ආබාධ ඇතිවිය හැකියෑයි පවසනවා. දේශීය වෛද්‍ය ක්‍රමයේදී රස ඖෂධ භාවිත කරන්නේ ඒවා ඉතා හොඳින් පිරිසිදු කිරීමෙන් පසුවයි. එනම් ශෝධනයට ලක්‌කිරීමෙන් අනතුරුවයි. එනිසා දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලින් ශරීරයට අතුරු ආබාධ ඇතිවන්නේ නැහැ.
     
     වැඩිදුර විස්‌තර සඳහා දුරකථන අංක 0718285605 හෝ 0778985757 ඇමැතිය හැකිය.
      weda2
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    15 Jul 2018 09:08 PM
    වැදගත් ලිපි පෙලක් ......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    15 Jul 2018 09:25 PM
    දැන් ඉතින් අපි කන්නෙම විෂ වර්ගනේ...........
    හරි වැදගත් ලිපියක්......ස්තුතියි අය්ය
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    15 Jul 2018 10:06 PM
    මොකා හිටියනම් ලෙඩ අඩු වෙයිද ?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    17 Jul 2018 04:39 AM

    දරුවන්ට වැළඳෙන හිසරද හඳුනා ගනිමු

    කුඩා දරුවන් අතර නිතරම පාහේ අසන්නට ලැබෙන සුලභ රෝගී තත්ත්වයක් ලෙස 'හිසරදය' හැඳින්විය හැක. ඉරුවාරදය නම් ඉතා තදබල හිසරද තත්ත්වය ගැන නොව අපමේ කතා කරන්නේ නිතර අසන්නට ලැබෙන සාමාන්‍ය හිසරද තත්ත්වයයි.

    'හිසරදය' සමාජය තුළ එතරම් අවධානයට ලක් නොවන රෝගී තත්ත්වයකි. එය එතරම් ගණන් ගත යුතු නැති ඉතාම සුළු රෝගයක් බව බහුතර මතයයි.

    අ‍පෝ හිසරදයක්ද ඕක ටිකකින් ඇරිලා යාවි

    වේදනා නාශක පෙති කීපයකින් සුවය ලැබිය හැකි ඉතාම සුළු රෝගයක් සේ බොහෝ අය සිතුවද කුඩා දරුවන්ගේ හිසරදය එයට මුවාවී දරුවාට සිදුකරන හානිය සුළුපටු නැත. නිතර නිතර හිසරදයෙන් පෙළෙන දරුවකුගේ අධ්‍යාපන කටයුතුවලට කරන හානිය ගැන සිතන්න. එසේම මතකයට බාධා කිරීමටද හිසදරයට හැකියාව ඇත. සමාජය හා සමග දරුවාගේ ඇති ගනුදෙනු සහ සම්බන්දතාවලටද හිසරදය බාධා පමුණුවයි. දරුවෙකුගේ පාසැල් ගමන අඩපණ කිරීමටද එය ප්‍රබල ලෙස හේතුවන බව වැඩිහිටියන් දැනගතයුතුම තත්ත්වයකි. එසේම එය දරුවා තුළ සැඟව තිබෙන දරුණු රෝගී තත්ත්වයක් ගැන කියැවෙන සංඥාවක් වීමටද ඉඩකඩ තිබේ.

    දරුවා නිතර නිතර හිසරදයක් ගැන පැමිණිලි කරයි නම් ඒ ගැන අවධානයෙන් යුතුව කටයුතු කිරීමට වැඩිහිටියන් දැනුවත් විය යුතුය. හිසදරය හටගන්නා ආකාරය එය මතුවන වාර ගණන, එම තත්ත්වයේ වැඩිවීම ගැන සටහනක් තබාගෙන වෛද්‍ය උපදෙස් කරා යොමුවිම අතිශයින් වැදගත්වෙයි.

    දරුවන් අතර හිසරදය වාර්තාවීම ඉහළ අගයක පැවතීම නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙය විශේෂ අවධානයක් යොමුකළ යුතු සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට හඳුනාගෙන තිබේ. ඒ නිසාම මේ හා සම්බන්ධයෙන් විශේෂයෙන් දැනුවත් බවක් ඇතිව කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය අංශ දැනුවත් කොට ඇත.

    දරුවාට හිසරදය ඇතිවීමට හේතු සොයාබැලීම දෙමාපිය වැඩිහිටියන්ගේ යුතුකමක් සේම වගකීමකි. සමහර දරුවන් පාසැල් යාමට තිබෙන අකමැත්ත නිසා ඉන් වැළකීමට හිසරදය ඇති බව කියන අවස්ථා ඇත. එසේම තවත් සමහර දරුවන් වතුර පානය අඩුකම නිසා හිසරදයට ගොදුරු වන අවස්ථාද තිබේ. අධික ලෙස අව්වේ වෙහෙසවී ක්‍රීඩා කිරීම වැනි සුලභ හේතු කාරණා නිසා හටගන්නා හිසරදය එම හේතුව හඳුනාගෙන එය නිවැරදි කරගැනීමෙන් වළක්වාගත හැකිය. නමුත් මෙවැනි සුළු හේතුකාරණා වලින් බැහැරව දරුවන් පෙළන හිසරදය ගැන නම් වැඩි අවධානයක් යොමු කළ යුතුමය.

    ඉතාම කුඩා දරුවන්ට විශේෂයෙන් වයස අවුරුදු 5ට අඩු අයට හිසරදයක් වැළඳුන විට එය නිවැරදිව සන්නිවේදනය කර ගැනීමේ හැකියාවක් නැත. ඒ නිසා අධික ලෙස කේන්ති ගැනීම, හැ¾ඩීම වැනි ක්‍රියා හරහා එළිදකින්නේ ඔවුන්ගේ හිසරදය වීමට බැරි නැත. මේ වයස් කාණ්ඩයේ දරුවන් අතර 8ක් පමණ අය හිසරදයෙන් පෙළෙන බව සමීක්ෂණ හරහා හෙලිදරව්ව තිබේ. එසේම වයස අවුරුදු 8-12 අතර දරුවන් අතර 80ක් පමණ දෙනා හිසරදයෙන් පෙළෙන බවටද තොරතුරු ඇත.

    ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර පැතිය යුතු රෝග ලක්ෂණ හා සම්බන්ධයෙන් දැනුවත්ව සිටීමද වැදගත්වෙයි.

    ඉතා තද හිසරදයක් සමග වමනය යන්නේ නම් ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න. මෙවැනි අවස්ථාවල දරුවා හිස තදින් අල්ලාගෙන කෑගසන අවස්ථා තිබේ. එසේම හිසරදය හා සමග උණක්, අධික නිදිමත ගතියක්. බෙල්ල ප්‍රදේශයේ මස්පිඩු වේදනාකාරී බවක් ගැන පවසයි. නම් ඒද, ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු අවස්ථාවකි. සමහර දරුවන්ට විභාගයක් ළංවන විට අධික ආතති තත්ත්වයන් නිසාද හිසරදය හටගත හැකිය. සමහරවිට තදින් හිස කොහේ හෝ ගැටුනු පසු ඇතිවන තදබල හිසරදය ගැනද විමසිල්ලෙන් කටයුතු කළ යුතුව ඇත. සමහරවිට එසේ වැදී දින කීපයක් ගතවූ පසුව වුවද හිසරදයක් මතුවිය හැකිය. මෙවැනි අවස්ථාවකදී ඉක්මනින් ප්‍රතිකාර සඳහා දරුවා යොමු කළ යුතුය.

    තද හිසරදයක් නිසා රාත්‍රියේ එකවර ඇහැරෙන තත්ත්වයක් ඇත්නම් ඒද, ප්‍රතිකාර කරා යොමුවිය යුතු අවස්ථාවකි. උදේ පාන්දර ඇහැරුනු විට හිසරදය, සමග වමනය හට ගන්නේ නම් ඒ සඳහාද ඉක්මන් ප්‍රතිකාර වලට යොමුවිය යුතුය. දරුවාට හිසරදය හැදෙන වාර ගණන වැඩිවූ විට එසේම හිසරදයේ ස්වභාවය වෙනස් වූ විටෙක ඒ ගැන නිවැරදි තොරතුරු වෛද්‍යවරයාට පවසා ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.

    සමහර විට ඔබ නොතකා හරින දරුවෙකුගේ හිසරදය, කනේ ආබාධයක්, පෙනීමේ ආබාධයක් නිසා හටගත්තක් විය හැකිය. එසේම එය මොළයේ ආවරණ පටලය ඉදිමීමක් නිසා හටගත්තක් වීමටද බැරි නැත. එසේම කලාතුරකින් එය මොළයේ ගැටිත්තක් ගැන ඉඟිකරන සංඥාවක් රෝග ලක්ෂණයක් වීමටද පිළිවන. එබැවින් දරුවාගේ හිසදරය ගැන නම් මීට වඩා කල්පනාවෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍යය.

    උපදෙස් කුලියාපිටිය මහ රෝහ‍ලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චින්තක රාජපක්ෂ

    සාකච්ඡා කළා නිර්මලා කුමාරි සේනාරත්න

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    17 Jul 2018 04:41 AM

    විෂ බිජයක් මුත්‍රා මාර්ගයට ඇතුළු වන්නේ කෙසේද?

    කිසියම් දිනයක ඔබ මුත්‍රා දැවිල්ලෙන් පීඩා විඳ තිබේද? එහෙත් එම තත්ත්වය එදා ඔබ එතරම් බරපතළ ආකාරයෙන් නොසිතන්නට ඇත. බොහෝ අය එලෙස සුළු කොට සිතන මුත්‍රා දැවිල්ල ජීවිත හානියක් දක්වා බරපතළ විය හැකි රෝගී තත්ත්වයක මූලාරම්භය වන්නටද හැකියාව ඇති බව මොහොතකටවත් නොසිතනු ඇත.

    ඒ ආකාරයට මුත්‍රා දැවිල්ලක් ලෙසින් අපට දන්වන්නේ මුත්‍රා මාර්ගයට ඇතුළු වූ විෂබිජයක් වන්නට බොහෝ විට හැකියාව තිබේ. එලෙස නිතර දෙවේ‍ලේ අපේ මුවින් පිටවන විෂබිජ යනු කුමක්දැයි දැන් අපි විමසා බලමු.

    විෂබිජයක් යනු අපේ පියවි ඇසට නොපෙනෙන ඉතාම කුඩා ජීවියෙකි. කොතරම් සියුම් ජීවියෙකු වුවද එම ජීවියාද ‍පෝෂණය ලබමින්  වැඩෙයි. තම වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලියේද නිරත වෙයි. එහෙත් විෂ සහිත මෙම ජීවීන් නිසා අපට කරදර වීමටද ඕනෑ තරම් හැකියාව තිබේ.

    මුලින්ම අපේ ශරීරයට ඇතුල් වන්නේ එකම එක විෂ බිජයක් විය හැකිය. එහෙත් එම එක විෂ බිජය තම වර්ගයා බෝ කරමින් විෂබිජ ගොන්නක් ආකාරයට වර්ධනය වන වේගය පුදුමසහගතය. මිනිසුන් වන අප වසර විස්සක් හෝ තිහක් ගතවනතුරුද බිහි කරන්නේ දරුවන්  දෙදෙනකු හෝ තුන් දෙනෙකු විය හැකිය. එහෙත් විෂබිජයක් ඉපදී විනාඩි විස්සක් ගතවනවිට තවත් විෂ බිජයක් ඊළඟ විනාඩි විස්සේදී එවැනිම වූ විෂබිජ හතරක්ද බිහි කරනු ලබයි. පැයක් ගතවන විටදී එය විෂබිජ හැටහතරක් බවටත් තුන්වන පැය ගත වෙද්දී දාහක් දක්වාත් ඒ එකටම එක විෂ බිජය විකසනය වන ආකාරය ඔබට ඇදහිය නොහැකි තරම් වනු ඇත. මේ ආකාරයට දින කිහිපයක් ගත වන විටදී ලෝක ජනගහනය ඉක්මවා යන තරමේ  විෂබිජ කන්දරාවක් බිහිවන ආකාරය ඔබට සිතා ගන්නට  අසීරුවන්නේ නැත.

    මේ ආකාරයේ විෂබිජයක් මුත්‍රා මාර්ගයට ඇතුළු වන්නේ කෙසේද? අප මුත්‍රා ඉතා අපිරිසිදු දෙයක් ආකාරයට සැලකුවද මුත්‍රා මාර්ගය ඉතාමත් පිරිසිදු බවෙන් යුතු ප්‍රදේශයකි. ඒ නිසාම මුත්‍රා මාර්ගයේ කිසිදු විෂබිජයක් රැදෙන්නේ නැත. එහෙත්  අපේ සම, දත් ආදිය විෂබිජවලින් ගහණ ජීවන ලෝකයට  නිරන්තරයෙන්  නිරාවරණය වී පවතී. මුත්‍රා විවරයද පවතින්නේ පිටතට නිරාවරණය වූ ආකාරයටය.

    මෙවැනි පසුබිමක් තුළ ඉතා පහසුවෙන් මුත්‍රා මාර්ගයටද විෂබිජ පිවිසීමට හැකියාවක් පැවැතියද උපන්දා සිට නිතිපතා මුත්‍රා පිටකරන වාරයක් වාරයක් පාසා පිරිසිදු මුත්‍රාවලින් සේදී සේදී එවැනි විෂබිජ ඇත්නම් ඒවා පිටතට බැහැර කිරීම සිදු කරයි. ඒ ආකාරයට මුත්‍රා මාර්ගයේ යම් විෂබිජ ප්‍රමාණයක් ඇත්නම් ඒ සියල්ල ඉන් පසුව ලැඟුම් ගන්නේ අපේ  ශරීරයෙන් පිටත ප්‍රදේශයේ බව දැන් ඔබට පැහැදිලි වනවා ඇත. ඒ අනුව මුත්‍රා මාර්ගය සාමාන්‍යයෙන් විෂබිජවලින් තෙත් වූ කලාපයක් බවට පත්වේ.

    විෂබිජයකට මුත්‍රාමාර්ගයට පිවිසීම ඒ ආකාරයට එතරම් පහසු නොවූවද යම් හිඬැසක් ප්‍රයෝජනයට ගනිමින් මුත්‍රා මාර්ගය දිගේ ශරීරය තුළට විෂබිජ පැමිණෙන අවස්ථා තිබේ.  එලෙස පැමිණෙන විෂබිජයක් මුලින්ම  නතර වන්නේ බැලුමක ආකාරය ගත් මුත්‍රාශයටය. අපේ ශරීරයේ යටි බඩ ප්‍රදේශයේ ඇති මුත්‍රාශයට  මුත්‍රා එකතු වීම සිදුවේ. එම මුත්‍රා ප්‍රමාණය   මුත්‍රාශයට දරා ගන්න  නොහැකිතරම් වූ විට මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාව අපට දැනෙන්නට  පටන් ගනී. මුත්‍රාශය  මිරිකීමත් සමග මුත්‍රාශයේ ඇති මුත්‍රා යම් ප්‍රමාණයක් බැහැර වීම සිදුවේ.

    මුත්‍රාශය එකවරකදී මිරිකීමේදී නැතිනම් මුත්‍රා පහ කිරීමේදී මුත්‍රාශයේ ඇති සියලුම මුත්‍රා බැහැර කරන්නට හැකි වන්නේ නැත. මුත්‍රා පහකරන වාරයක් වාරයක් පාසා මුත්‍රා ස්වල්පය බැගින් මුත්‍රාශයේ ඉතිරි  වන්නේ තේ කෝප්පයක ඉතිරි වී ඇති තේ විසි කළද බිංදු කිහිපයක් හෝ කෝප්පයේ අඩියේ ඉතිරිවන ආකාරයටය. මුත්‍රා පිරුණු මුත්‍රාශයක් කිසිවිට සහමුලින්ම හිස් නොවීමේ මෙම ස්වභාවය මුත්‍රා මාර්ගයට ඇතුළු වූ විෂබිජයකට රජ මඟුලක් බවට පත් වන්නකි. ඒ ආකාරයට   බැරිවීමකින් හෝ මුත්‍රා මාර්ගය දිගේ මුත්‍රාශයට පිවිසෙන විෂබිජයක් 'මීට වඩා තවත් හොඳ තැනක් මට නැතැයි' එහිම ලැඟුම් ගන්නට උත්සාහ  දරනු ඇත.

    මුත්‍රාශයට මුත්‍රා ගලා එන්නේ ඊට ඉහළින් මුත්‍රාශය දෙපසින් පිහිටා ඇති නාල දෙකක් ඔස්සේය. ඉන්පසුව එම විෂබිජය නාල තුළටද ගමන් කළ හැකිය. ඊටත් ඉහළට වන්නට ඇත්තේ වකුගඩුය. වකුගඩු තුළ ඇති මුත්‍රා එකතුවන කුහර තුළටද විෂබිජය ගමන් කළ හැකිය.  එවිට එම වකුගඩුව ඇති පැත්ත වේදනා ගෙන දෙයි. ‍ලේ වලට විෂබිජය ගමන් කරන්නට පටන් ගන්නේ එවිටය. එලෙස විෂබිජය ‍ලේ වලට ගමන්  කිරීම වේවලා වෙව්ලා උණ හට ගනිමින් මුළු ශරීරයම කඩා වැටීමකට ලක් කරවන බරපතළ තත්ත්වයකි. එහි  අවසානය මරණයෙන් කෙළවර වන්නටද ඕනෑ තරම් හැකියාව තිබේ.

    තමන්ට ඉතා සුදුසු පරිසරයක සීඝ්‍රයෙන් වර්ධනය වන විෂබිජය මෙම වකුගඩු තුළ යම් ප්‍රදේශයක තමන්ගේම රාජධානියක් ගොඩනංවා ගන්නා අවස්ථාද තිබේ. වකුගඩුව තුළ තමන්ට හිමි එම ප්‍රදේශය බළකොටුවක් බවට පත් කර ගනිමින්  ඒ තුළ විෂබිජවලට පමණක්ම රැඳෙන්නට හැකි පරිසරයක් නිර්මාණය කර ගනී. දැන් එය එකම  සැරව ගෙඩියකි. ඊට කිසිදු ඖෂධයක් ක්‍රියාකාරී වන්නේද නැත. අවසානයේ කරන්නට ඉතිරි වන්නේ ශල්‍ය කර්මයක් පමණක්ම විය හැකිය.

    මේ තරම් බරපතළ  තත්ත්වයකට පත් වන්නට පෙර අපට එය ගොඩින් බේරා ගන්නට අපහසු නැත. මුත්‍රා අමාරුවක් වැලඳුනු වහාම වෛද්‍යවරයෙකු වෙත යෑම මෙහි මුල්ම පියවරයි. එවිට  වෛද්‍යවරයා රෝගියා සඳහා UFR ( urine full Report) සහ කල්චර් (culture) පරීක්ෂණ නිර්දේශ කරනු ලබයි. UFR  යනු මුත්‍රාවල සැරව පවතී දැයි හඳුනා ගන්නට කරන පරීක්ෂණයයි.

    කල්චර් පරීක්ෂණයක් යනු විෂබිජ, ‍පෝෂණ මාධ්‍යක් තුළ  වීදුරුවක වැඩෙන්නට සලස්වා කරන  පරීක්ෂණයකි. දින තුනක් ගත වන විට වීදුරුව මත විෂබිජය වර්ධන වී ඇති ආකාරයක් දැකිය හැකිය. ඒ මත විසිරුවා ඇති බෙහෙත් පෙති දෙස අවධාරණය  යොමු  කළවිට කුමන පෙත්ත වටා ඇති විෂබිජය වඩා වැඩිපුර විනාශ වී ඇතිද යන්න වෛද්‍යවරයා වටහා ගනී. ඒ ආකාරයට විෂබිජය විනාශ කිරීමේ ප්‍රබලත්වයෙන් වඩා වැඩි ඖෂධය රෝගියාට නිර්දේශ කිරීම සිදු කරයි.

    එහෙත් හිතුමතේ ඖෂධ ගන්නට පුරුදු වී සිටින සමහර රෝගීන්  ෆාමසියකට ගොස් යම් ප්‍රතිජීවක ඖෂධයක් ගෙන අත්හදා බැලීම් සිදු කරන අවස්ථා තිබේ. අහම්බෙන් එවැනි ප්‍රතිජීවක ඖෂධයක් වැඩ කරන අවස්ථාද තිබිය හැකිය. එහෙත් එසේ නොවී අත්හදා බැලීම වැරදී ගියහොත් යළි කල්චර් පරීක්ෂණයකින්වත් කිසිවක් හසුකර ගත නොහැකි සංකීර්ණ තත්ත්වයක් උදාවිය හැකිය.  එය  ඔබට වටහා ගන්නට පහසු සරල උදාහරණයකින් මෙසේ  පැවැසිය හැකිය.

    රෑ මැදියමේ පිටතින් ඇසෙන හඬකින් සොරුන් පැමිණ ඇතැයි සිතන අයෙකු ‍පොලීසියට ඒ බව දැන්විය හැකිය. එහෙත් ‍පොලීසිය පැමිණෙනතුරු ඉවසා සිටින්නේ නැති  මෙම පුද්ගලයා තමන්ට වෙඩි තියන්නට හුරු නැති වුවද හොරු සිටින දිශාවට හතර අතේ වෙඩි තැබුවහොත් කුමක් සිදුවේද? අහම්බෙන් සොරෙකුට වෙඩිල්ලක් වඳින්නටද හැකියාවක් තිබේ. එහෙත් වැඩි හැකියාවක් ඇත්තේ හොරුන්ට  වහං වීමටය. ‍පොලීසියට ඉතා පහසුවෙන් යටත් කර ගන්නට හැකියාව තිබූ හොරුන්ට සැඟව යන්නට අවස්ථාව ලබා දෙන්නේ එලෙස  ගෙහිමියාමය. මුත්‍රා අමාරුවකට හිතුමතේ ප්‍රතිජීවික ඖෂධ ලබා ගැනීමක්ද එවැනි තත්ත්වයකට දවෛනි වන්නේ නැත.

    සමහර රෝගීන් මුත්‍රා දැවිල්ල හෝ උණ පහව ගිය වහාම වේදනා නාශක පෙති ගැනීම නතර කර දමන ආකාරයට ප්‍රතිජීවක ඖෂධද නවතා දමති. වේදනාව නතර වුවද විෂබිජවලින් කොටසක් ශරීරය තුළ වර්ධනය වෙමින් පවතින පසුබිමක ප්‍රතිජීවක ඖෂධ බාගෙට ගෙන නතර කිරීම නයාට ගසා ‍පොල්ල වරද්දා ගැනීමකි.

    ඊළඟ අවස්ථාවේදී විෂබිජය දෙතුන් ගුණයකින් වර්ධනය වී ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත් විට තත්ත්වය වඩාත් බරපතළය. නිශ්චිත දින ගණනකට  වෛද්‍යවරයකු යම් ප්‍රතිජීවක ඖෂධයක් නියම කරන්නේ එම විෂබිජය සමූල ඝාතනය වන ආකාරයටය. එය අතරමග නතර කිරීමේ අවදානම බොහෝ අය හිතනවාට වඩා අතිශය බරපතළ විය හැකිය.

    පුරුෂ පාර්ශ්වයට නම් හේතුවක් නැතිව මුත්‍රා අමාරුවක් වැලඳෙන්නට වැඩි හැකියාවක් නැත. මුත්‍රා මාර්ගයේ ගලක් වෙනත් අවහිරතාවයක් නිසා මෙන්ම මුත්‍රා මාර්ගය කෙළවර පෙරසම පසුපසට නොයෑම හේතුවෙන්ද මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. මුත්‍රා කරන ස්ථානයේ පෙරසම පසුපසට නොයෑම, තමන්ට පමණක් ඇති ගැටලුවක් බව එම තත්ත්වයෙන් පෙළෙන සමහරුන්  නොදන්නා අතර එය සාමාන්‍ය තත්ත්වයක් යැයි සිතා සිටින අවස්ථා තිබේ.

    එවැනි තත්ත්වයන් හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් නැවත නැවත මුත්‍රා පැසවීම සිදුවිය හැකිය.

    කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය පුරුෂ පාර්ශ්වයේ මෙන් දිගින් වැඩි නැත. මුත්‍රා මාර්ගයේ මෙම කෙටි බව නිසා ඉතා ඉක්මනින් කාන්තාවන්ගේ මුත්‍රාශයට විෂබිජ ඇතුළු වන්නට වැඩි හැකියාවක් පවතී.

    දියවැඩියාවෙන් පෙළෙන අයෙකුට හට ගන්නා මුත්‍රා පැසවීමක් කරදර ගණනාවකට මං හදන්නක් විය හැකි නිසා විශේෂයෙන්  දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් මුත්‍රා අමාරු සුළුවෙන් තැකිය යුතු නොවන්නකි.

    ශරීරයකට ඇතුළුවන විෂබිජයක් දියත් කරන සටන සුළුපටු නොවේ.  විෂබිජයක් දිනෙන් දින වෙනස් වෙමින් වර්ධනය වන ස්වභාවය නිසා  වෛද්‍යවරුන්ටද නිශ්චිත ප්‍රතිකාරයකට පිවිසීමට එකවරම කළ හැකි දෙයක් නොවේ. ඒ නිසාම මුල් දිනවලදී වෛද්‍යවරයෙකු විෂබිජයකට ඖෂධ ලබා දෙන්නේ සැකය පදනම් කරගෙනය.

    වෛද්‍යවරයාටද යමක් කරන්නට යම් කාලයක් අවශ්‍යයි. රෝගීන්ගේ පැත්තෙන් කරන්නට ඇති හොඳම දෙය නම් වෛද්‍යවරයාට යමක් කරන්නට ඒ කාලය ලබා දෙමින් හැකි ඉක්මනින් ප්‍රතිකාර කරා යොමු වීමයි.

    කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ කායික රෝග විශේෂඥ  වෛද්‍ය උපුල්ද සිල්වා අවධාරණය කරයි

    උත්පලා සුභාෂිනී  ජයසේකර

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    17 Jul 2018 04:41 AM

    දරුවන්ගේ හොටු දිය ගැලීමට ගෙදරදීම පිළියම්

    හචිස්....හචිස්.... දරුවෝ මූණ රතු කරගෙන සොටු දියර ගලමින් අපහසුවෙන් ඉන්නකොට අම්මලාට හරිම දුකයි. රෑට නින්දක් නෑ. දරුවන්ට හුස්ම ගන්න බැහැ. ඒත් මේකට අපිට ගෙදරදීම පිළියම් කිහිපයක් අනුගමනය කරන්න පුළුවන්.

    හෙම්බිරිස්සාව සමහර වෙලාවට මාස කිහිපයකට සැරයක් නැත්නම් ඊටත් වඩා ළඟ ළඟ හැදෙනවා. ඇත්තටම ඔවුන් පෙර පාසල් හෝ පාසල් යනවා නම් මේ ලෙඩේ වළක්වන්න අමාරුයි.

    හෙම්බිරිස්සාව එන්නේ තවත් අපහසුතාවයන් කිහිපයකුත් අරගෙනයි. කිවිසුම් යාම, කැස්ස, නහයේ හිර ගතිය, උගුර රිදීම, ඒත් මේ අතර වතුර වගේ සොටු දියර ගැලීම ‍පොඩ්ඩන්ට දරාගන්න අමාරුයි. මේ වගේ සොටු දියර ගැලීම අසාදන අසාත්මිකතාවයන් නිසාත් ඇති වෙන්න පුළුවන්.

    ඉතින් ගොඩක් වෙලාවට ‍පොඩ්ඩෝ නහයෙන් වතුර වගේ සොටු දියර ගලන කොට අතින් නැත්නම් ඔවුන් ඇදගෙන ඉන්න ඇඳුම්වලින්, නැත්නම් බිත්තිවල, නැත්නම් ඒ ගොල්ලන්ගේ සහෝදර සහෝදරියන්ගේ ඇඟේ ආදි වශයෙන් තැන් තැන්වල ගානවා.

    අස්වැසිල්ලකට එක කාරණයක් තමයි හෙම්බිරිස්සාව හැදෙන සොටු දියර ගැලීම එතරම් කරදරයක් දෙන්නේ නැති එකයි. මේ තත්ත්වය සමහරුන් ෆාමසිවලින් ගත හැකි Antihistamines වැනි බෙහෙත් වර්ග තියෙනවා.

    ඉන් දරුවන්ගේ නහයෙන් සොටු දියර ගැලීම, ඇස්වලින් කඳුළු ගැලීම ආදී අපහසුතාවයන් නැති වෙනවා. නමුත් ඉන් දරුවන් නිද්‍රාශීලීකත්වය ඇති වෙන්න පුළුවන්.

    බොහෝ දරුවන්ට විශේෂඥයින් හෙම්බිරිස්සාවට ෆාමසිවලින් හිතුමතේට ලබාගන්න බෙහෙත් වර්ග අනුමත කරන්නේ නැහැ. මන්ද ඉහත සඳහන් කළ පරිදි ඉන් වෙනත් අතුරු ආබාධ ඇති වීමට බොහෝ ඉඩකඩ තියෙනවා.

    දරුවන්ට නහයෙන් සොටු දියර ගැලීම හැදෙන්නේ කොහොමද?

    1. ආසාදන නිසා

    මේ නිසා සොටු දියර ගැනීම සමග ඇස් රතුවීම හා ඇස් කැසීම සිදුවෙනවා.

    1. අලුත උපන් දරුවාට ඇති වන සිරවීම්

    කිසිම හේතුවක් නැතිව ඔබේ අලුත උපන් පුංචි පැටියාගේ නාසයෙන් සොටු දියර ගලනවා නම් ඒ ඔවුන් මෙලොව එළිය දකින මොහොතේ යම් යම් තරලයක් නාස් මාර්ගයේ රැඳීම නිසා ඇතිවන තත්ත්වයක්.

    1. ශීත කාලගුණයට නිරාවරණය වීම නිස

    කිසිම හේතුවක් නැතිව දරුවන්ගේ නාසයෙන් සොටු දියර ගලනවා නම් ඒ ශීත කාලගුණයට හා එහෙත් නැත්නම් සැර කෑම ජාති ආහාරයට ගැනීම.

    1. සුලබ හෙම්බිරිස්සාව

    සාමාන්‍ය හෙම්බිරිස්සාව හැදුන දරුවෙකුට යාන්තමට උණ, කැස්ස, උගුරේ අමාරු කිවිසුම් යාම ඇති වෙන්න පුළුවන්.

    1. ඉන්ෆ්ලුවැන්සාව

    ඉන්ෆ්ලුවැන්සාව නැතිනම් හෙම්බිරිස්සා ආසාදනය සමග උණ (Flu) ඇති වීම හෙම්බිරිස්සාවට වඩා දරුණු තත්ත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්. Flu හෙවත් හෙම්බිරිස්සාව සමග උණටත් නහයෙන් සොටු දියර ගැලීම, මාංශපේශීන් රිදීම, උගුරේ අමාරු, කරකැවිල්ල, ආහාර අරුචිය වැනි රෝග ලක්ෂණ හා අපහසුතා ඇති නිසා.

    1. නන්නාඳුනන යමක් නහයේ හිරවීම

    දරුවෙකු යමක් නාසයේ සිරකර ගත්තොත් ඒ නිසාත් සොටු දියර ගැලීම, සමහර විට ‍ලේ පිටවීම වුවත් සිදුවෙන්න පුළුවන්.

    නමුත් සොටු දියර ගැලීම වැඩිපුර සිදුවන්නේ හෙම්බිරිස්සාව නිසයි. ඉතින් එයට ෆාමසිවල නම් ඕනේ තරම් බෙහෙත්. ඒත් මේ සඳහා ඔබ ගෙදරදීම කළ හැකි පිළියම් කිහිපයක් සලකා බැලුවොත් නරකද?

    1. සේලයින් ස්ප්‍රේ සහ නහයේ සිරවීම පාලනය

    නාසය සූරන්න බැරි පුංචි දරුවන්ට මේ ක්‍රමය ඉතා හොඳයි. නාසයට හරියටම සේලයින් ස්ප්‍රේ කිරීමෙන් නාසයේ ඇති තරලය ඉවත් කළ හැක. සේලයින් ස්ප්‍රේ කුඩා දරුවන්ට හරිම හොඳයි.

    පාවිච්චි කරන්නේ කොහොමද?

    • ඔබේ දරුවාට පහසු ලෙස උකුලට ගෙන හිස තරමක් පහත් කරන්න.
    •  ඉතා මෘදු ලෙස එක බින්දුවක් නහයට ඇතුළු කරන්න.

    මිනිත්තු දෙකකට පමණ පසු aspirator එකක් මාර්ගයෙන් තරලයන් නාස් මාර්ගයෙන් ඉවත් කරන්න. මෙය අනෙක් නාස් මාර්ගයෙනත් එලෙසම කරන්න.

    1. නාසය සූරන්න

    මෙය වඩාත් පහසුයි. දරුවන්ට නාසය සූරන ආකාරය හා නාසයේ ඇති තරලය සූරා දැමීමට කියා දෙන්න. ඔහුට ටිෂූ පාවිච්චිය දීම හොඳයි. ඒ වගේම ඒවා වඩා සුදුසු ලෙස කුණු බදුනකට දැමීමට කියලා දෙන්න.

    1. හුඟක් වතුර හා බිම වර්ග බොන්න

    වතුර, සුප්, පලතුරු යුෂ, බිම වැනි දේ බොන්න දුන්නොත් නාසයේ ඇති තරලයන් ඉක්මනට ඉවත්ව යනවා.

    1. උණුසුම් වතුරෙන් නෑම

    හුමාලය සහිත උණුසුම් වතුර නෑමෙන් දරුවාගේ නාස් කුහර තුළ නාසයෙන් සොටු දියර ගැලීම ඇති කරන තරලයන් ඉවත් කිරීමත් පහසු කරනවා.

    1. එතරම් සැර නැතිව සාදා ගත් ඉඟුර තේ

    සමහර දරුවන් සොටු තරලය ඉවත් නොකර ගිල දමනවා. එක ඔවුන්ගේ බඩට එතරම් හොඳ නැහැ. මේ නිසා ඉඟුරු ටිකක් එකතු කරලා තේ ටිකක් දුන්නහම ‍පොඩ්ඩන්ගේ බඩට ඉක්මන් සුවයක් ලැබෙනවා. ඉඟුරු ටිකක් ග්‍රේට් කරලා හරි තලලා හරි අරගෙන තේ එකට තැම්බෙන්න තියන්න. ඊට මී පැණි ටිකකුත් දැම්මොත් තවත් හොඳයි. හැබැයි බබාට වයස 1ට වැඩිනම් විතරක් මී පැණි එකතු කරන්න. රසයයි. සුවයයි දෙකම ලැබෙනවා.

    1. දරුවාගේ හිස තරමක් උස වෙන්න තබා නින්දට යවන්න

    මේ නිසා නාසයේ සිරවීම් නිසා ඇත වෙන අපසුතා වළකනවා. ඉන් දරුවාට නින්දට යාමට පහසුවක් ලැබෙනවා. මීට තුවයක් රෝල් කර හෝ වෙනත් රෙද්දක් යාන්තමට නවා දරුවාගේ කොට්ටයට ආධාරකයක් ලෙස තබන්න. දරුවා ඉතා කුඩා නම් රෙදි කඩක් හෝ තුවායක් පමණක් භාවිත කරන්න.

    ඔබ දරුවා රෝහලට රැගෙන යා යුත්තේ කුමන අවස්ථාවේද?

    • සොටු දියර ගැලීම සමග දින දෙකකට වැඩියෙන් තද උණ ඇත්නම්.
    • උණ, ඇඟ රිදීම, වමනය වැනි රෝග ලක්ෂණ ඇත්නම් (ඉන්ෆ්ලුවැන්සා රෝග ලක්ෂණ)
    • නාස් මාර්ගයේ යමක් හිරවී ඇත්නම්
    • ආසාදනයක් නිසා සොටු දියර ගලන බව සිතන්නේ නම් සුලබ වගේම කරදරකාරී හෙම්බිරිස්සව හා නාසයෙන් සොටු දියර ගැලීම වැනි කාරණා ගැන අපි නොහිතන දේවල් හුඟක් The Asianparent Sri Lanka අපි මතක් කළේ ඔබේ දරුවාත් ඔබත් නිතර නිරෝගීව තබන්නයි.
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    17 Jul 2018 07:13 AM
    හා ඉස්සරහට ඕන වෙයි නෙ , ඔලුවට දා ගත්ත
    0

    santhaa
    Basic Member
    Basic Member
    Posts:249






    --
    17 Jul 2018 11:42 AM
    හරිම වටිනා article 1ක් නෙ මේක
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    17 Jul 2018 06:19 PM
    හොටු දියර ගලපු කාලයක් මට නම් මතක නැහැ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    18 Jul 2018 08:19 AM
    පොඩි ඈයො ඉන්න අයටයි.....නැති අයටයි.
    කට්ටියටම වටින ලිපියක්.
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    18 Jul 2018 08:24 PM
    ස්තූතියි ලිපියට
    Udeshika Herath
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    20 Jul 2018 06:59 PM

    හරිහැටි දවස ඇරැඹුවොත් ලෙඩ රැසක් කම්මුතුයි

    මම නිරෝගීද? මේ අද හැමෝටම ඇතිව තිබෙන පොදු ගැටලුවක්. බලන බලන අත දියවැඩියාව, රැධිර පීඩන ගැටලු (අඩු හෝ වැඩි පීඩන), නරක මේදය, තරබාරුව, පිළිකා රෝග, හෘදය, වකුගඩු, අක්මා ආශ්‍රිත ලෙඩ, බහුතරයකට බඩේ ගෑස්, මෙකී නොකී දේ අතර කලින් අසා නැති අමුතු ලෙඩ රෝගත් දැන් බහුලයි. මොකක්ද මේකට හේතුව? අපේ ජීවන රටාවේ ඇති අපිළිවෙළ සහ නරක පුරැදු තමා ප්‍රධානම හේතුව. මේ ලෙඩ රෝග රුසකින්ම ගැලවී ශරීරයේ උසට සරිලන නිරෝගි බර පවත්වාගන දීර්ඝායුෂ ලබන්නත්, ඔබ කළ යුත්තේ ඉතා සුළු දෙයක් පමණයි. 

    ඒ තමා දවසේ උදේ වරුව සෞඛ්‍යසම්පන්න ආකාරයට ඇරැඹීම.

    ඔබේ උදෑසන ආහාරය අනුව ඔබේ දවසේ ඉතිරි කාලසීමාවේ සුවදායක බව  ගුණාත්මකභාවය තීරණය වෙනවා. ඔබ උදයේ කුසට දමාගන්නා ආහාර ප්‍රමාණය සහ එහි ස්වභාවය අනුවයි, ඔබ දිවා කාලයේ හෝ රාත්‍රී කාලයේ ආහාර වැඩියෙන් ලබා ගන්නවාද, අඩුවෙන් ලබා ගන්නවාද යන්න තීරණය වෙන්නේ. දවස පුරා ඔබේ සිරුර රඳවා ගන්නා කැලරි ප්‍රමාණය තීරණය වෙන්නේත් ඒ මතයි. සිරැරට අවශ්‍ය පෝෂ්‍ය  ද්‍රව්‍ය ප්‍රමාණවත්ව ලැබෙනවාද යන්නත් තීන්දු වෙන්නෙ ඒ අනුවයි. මේ අන්දමට ඔබ ඔබේ උදේ වරුව ආරම්භ කරන ආකාරය හා ඔබේ සිරැරේ බර වැඩිවීම අතර සම්බන්ධයක් තිබෙන බවත් ඒ අනුව නිරෝගී බව තීන්දු වන බවත් දැන් සනාථ වී තිබෙනවා. 

    ඉතින් එසේ නම් කොහොමද සුව දිවියකට ඔබින හැටියට දවස අරඹන්නෙ කියා  බලමුද?

    01. සමබල උදෑසන ආහාර වේලක් 

    ඔබ ආහාරයට ගන්නේ මොනවාද යන්නට වඩා ඔබ ආහාරය ලබාගන්නා වෙලාව වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් උදේ 7ට පෙර මේ ආහාරය ගැනීම වැදගත්. ඒ වනවිට  ඔබේ සිරුර පැය 10කට ආසන්න කාලයක් උපවාසයක යෙදිලා හමාරයි. මේ අනුව ඔබේ බර අඩුකර ගැනීමේ උත්සාහයේදී උදෑසන ලබාගන්නා සමබල ආහාරයත්, රාත්‍රියේදී ලබාගන්නා සැහැල්ලු ආහාරයත් වැදගත් වෙනවා. සාමාන්‍ය නිරෝගී කෙනෙකුගේ  උදෑසන ආහාරය ප්‍රෝටීන බහුල කැලරි සහිත තරමක් විශාල ආහාරයක් වුවාට වරදක් නෑ. නමුත් දවල් ආහාරය ඊට සාපේක්ෂව අඩුවෙනුත්, රාත්‍රී ආහාරය ඉතා සරල ආහාරයකුත් වීම වැදගත්. 

    02. උදෑසන අව්වට නිරාවරණය වීම

    උදෑසන ලා හිරු රැස් වලට නිරාවරණය වීම සුව දිවියකට ඉතා වැදගත් පුරුද්දක්. උදෑසන අව්වේ ඇවිදීමෙන් සිරැරේ මේදය ස්වල්ප වශයෙන් අඩු වෙනවා. ඔන්න දැන් කැනඩාවේ කළ පරීක්ෂණයකින් ශීත සෘතුවේදී මිනිසුන්ගේ බර වැඩි වන බවත්, එයට හේතුව වන්නේ හිරු එළිය නොලැබීම බවත් හෙළි වී තිබෙනවා.

    03. උදෑසන අවදි වූ පසු ජලය වීදුරුවක් පානය

    අවදි වූ විගස “බෙඩ් ටී” නෙමෙයි; උදේ ආහාරයට පෙර ජලය වීදුරුවක් පානය කිරීම ඇතිකරගත යුතු ඉතාමත් හොඳ පුරුද්දක්. එමඟින් ඔබේ සිරුරේ සියලු පරිවෘත්තිය ක්‍රියාවලිය වේගවත් වෙනවා. එය තරබාරු වීමේ අවදානම අඩු කරනවා. සිරුරේ අඩංගු විස ද්‍රව්‍ය නැතිනම් ටොක්සින් ඉවත් කිරීමටත් මෙය උපකාරී වෙනවා. මේ වතුර වීදුරුවට දෙහි බිඳු කීපයක් එක් කළ හැකි නම් වඩාත් සුදුසුයි. පුරුද්දක් ලෙස උදේ ජලය වීදුරුවක් පානය කිරීමෙන් සිරුරේ බර 10% – 17%ක් අතර ප්‍රමාණයක් අඩුවෙන බව කියවෙනවා.

    04. උදෑසන ව්‍යායාමය

    ව්‍යායාමවල නිරත වීමට සුදුසුම වෙලාව උදේ වරුවයි. උදෑසන කරන ව්‍යායාම නිසා දවස තුළ බඩගිනි ඇති වීමේ ප්‍රමාණය 20%කින් පමණ අඩු වෙනවා. මේ නිසා දවසේ අන් වේලාවන් තුළදී ව්‍යායාම කරනවාට වඩා, උදෑසන ව්‍යායාම කිරීමෙන් අඩුවන කැලරි ප්‍රමාණය වැඩියි.

    05. රසවත් අතුරුපස රාත්‍රිය හෝ දිවා කාලය වෙනුවෙන් තබා ගැනීම

    ඔබට රසවත් අතුරැපස ආහාරයට ගැනීමට අවශ්‍ය නම් එය උදේ වරුවේ කළ යුතු නෑ. එම අතුරැපස උදෑසන ගැනීමේදී ඔබ මහත් වන ප්‍රමාණයට වඩා, එය සවස හෝ රාත්‍රියේදී ලබා ගැනීමේදී මහත් වන ප්‍රමාණය අඩුයි. මේ නිසා රස කෑම උදේට අවශ්‍ය නෑ.

    06. උදේ පාන්දර ප්‍රවෘත්ති කියවීම

    ටිකක් අවුල් කතාවක් වගේ පෙනුණත් උදේ පාන්දර ප්‍රවෘත්ති කියවීම බැලීම අහිතකරයි. එහෙම වෙන්නේ ඒවායේ සිත කළඹවන, කෝප ගැන්වීමට සමත් සිදුවීම් පවා අඩංගු වන නිසායි. එවිට එබඳු සෘණාත්මක සිතිවිලි ඔබේ සෞඛ්‍යයට හානි කරනවා. ආතතිය ඔබේ නින්ද නැති කිරීමටත්, ඔබව තරබාරැ කිරීමටත් හේතුවක් වෙනවා. නිරන්තරයෙන් මෙසේ ඔබ උදේ වරුවේ ආතතියට පත් වීමේදී ඔබේ සිරැර තුළින් ඔබව ගැටලුකාරී තත්වයකට මුහුණ දීමට සුදානම් කරවන හෝර්මෝන නිපදවනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ බර වැඩි වෙනවා. එවිට ඔබ ආහාර පාලනය කළත් එයින් නිවැරදි ප්‍රතිඵල නොලැබී යනවා. මේ නිසා උදේට අහන්න කරන්න ඕනෑ සිත නිවන සතුටට පත් කරන කතා.

    07. උදේ වරුවේ සුරතල් සතුන් දෙස බැලීමට කාලයක් වෙන් කරන්න

    උදේ වරුව කියන්නේ ගොඩක් කාන්තාවන්ට කාර්යබහුල වෙලාවක්. කෑම උයන්න, දරුවන්ව පාසල් යාම සඳහා ලෑස්ති කරන්න වගේ වැඩ රාජකාරි දහසක් හිස මත වැටෙන වෙලාවක් තමයි උදේ වරුව. ඒත් ඔබට පුළුවන් නම් ඔබේ බලු පැටියා හෝ පූස් පැටියා ගෙන ඇවිදින්නට යන්න, ඔවුන්ව සමීප කරගෙන ව්‍යායාම කරන්න එය ඔබට වඩාත් හිතකර ප්‍රතිඵල අත්කර දේවි. එයට හේතුව වන්නේ ඔබ සුරතල් සතුන් සමඟ ගැවසීමේදී ඔබේ මානසික ආතතීන් දැඩි ලෙස පහත වැටීමයි. ඔබ ඔබේ සුරතලාව ආදරයෙන් රැක බලා ගන්නා විට ඔබේ හෝමෝනවල ක්‍රියාකාරිත්වය යහපත් වෙනවා. සුරතල් සතුන්ගේ හිමිකරුවන්ට අන් අයට සාපේක්ෂව තමාගේ බර අඩුකර ගැනීමට පහසු බවත් හෙළි වී තිබෙනවා.

      සුගත්

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    20 Jul 2018 07:00 PM

    බොඳ වූ ලිංගික සිහින සහ විවාහය

    බොහෝ දකුණු ආසියානු රටවල පවුල් තුළ ගැටලු ඇතිවීමට ලිංගික කරුණු පිළිබඳ අනවබෝධය, ආගමික සහ සංස්කෘතිකමය විශ්වාස, ළමා කාලයේ දරුවන් ලබන අත්දැකීම් හේතුවන බව බොහෝ විද්වතුන්ගේ විශ්වාසයයි. 

    මෙහි එන සුජීවා සුනිල් යන දෙදෙනාගේ කතාවෙන් පිළිබිඹු වන්නේ අපේ රටවල බහුලව දක්නට ලැබෙන ලිංගික ගැටලුවකි. මෙම ගැටලුව නම් ලිංගික ආශාව අවම වීම සහ සිහින නැතිවීමයි. මේ ප්‍රශ්නයට කාන්තාවන් 10 දෙනකුගෙන් 1 කෙනෙකු පමණ ගොදුරැ වන බව සමීක්ෂණවලින් සොයාගෙන ඇත.

    පහත සඳහන් සුනිල් සහ සුජීවා අප වෙත යොමුවූ යුවලකි. සුනිල්ගේ වයස අවුරුදු 40 ක් වන අතර සුජීවාගේ වයස 30 කි. ඔවුන්ට වයස අවුරුදු 10ක දරැවෙක්ද සිටී. සුනිල් ව්‍යාපාරිකයෙකි. සුජීවා බැංකුවක විධායක නිලධාරිනියක ලෙස සේවය කරයි. ඔවුන් අපට යොමුවන විට දෙදෙනාටම දෙදෙනා එපා වී දික්කසාද වීමටද සාකච්ඡා කර තිබුණි. සුනිල් ඔහුගේ කතාව මෙලෙස අපට පැවසුවා.

    අපි බැඳලා අවුරුදු 12 ක් වෙනවා. මේ අවුරුදු 12ම අපි සතුටින් හිටියා කියල කියන්න බෑ. අපි දෙන්නා අතර නිතරම රණ්ඩු දබර. මේවා දැකලා දැන් දරැවත් බයවෙලා. දරුවගෙ අධ්‍යාපනයත් වැටිලා. අපි දෙන්නා විවාහ වුණේ වසරක පමණ ආදර සම්බන්ධතාවයකින් පසුවයි. අපි ආදරය කරන කාලෙත් ඇයගෙ හැසිරීම වෙනස්. මට අල්ලන්න දෙන්නෙ නෑ. Kiss කරන්න දෙන්නෙ නෑ. තුරුල් වෙන්න හැදුවත් ඈත්වෙනවා. මට හිතුණේ ඇයට එම හැසිරීම් ටිකක් හිරිකිතයි වගේ. අපේ හනිමුන් දවසත් අසාර්ථකයි. මට පේන්න ඇඳුම් ඇන්ඳෙත් නෑ. ගැලෙව්වෙත් නෑ. මුළු ඇඟම වැහෙන්න ඇඳුමක් තමයි ඇඳගෙන හිටියෙ. මම හරිම අමාරැවෙන් තමයි ඇයට ළංවුණේ. ආශාවට වඩා බයක් තමයි ඇගේ මුහුණෙන් පෙනුණෙ. මාසයක් විතර යනකම් අපිට ලිංගිකව එකතු වෙන්න බැරිවුණා. ඇය කීවෙ ඇයට එච්චර feelings නෑ කියලා. අපි දෙන්න එකතු වුණු පළවෙනි දවසෙ එය සිදුවුණේ ලයිට් නිවලා තද කළුවරේ. ඇගේ ශරීරය පෙන්වන්න ඇය ලජ්ජයි කීවා. දැන්නම් ඒ ලජ්ජාව අඩුවෙලා. ඒත් ලිංගිකව මා සමඟ එකතු වෙන්න ආශාවක් නෑ. මාස 2කට එක සැරයක්වත් අපි එකතු වෙන්නෙ නෑ වගේ. දැන් අපි දෙන්නා අතර ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා. මගේ බිරිඳගෙන් මම ඈත්වෙන තරමට office එකේ ඉන්න girl කෙනෙක්ට මම ටිකක් ළංවුණා. දවසක් මම ඇයගෙ පින්තූර ටිකක් ගත්තා. ඒවා මගේ wife ට අහුවුණා. දැන් ඇයට හරියට තරහ යනවා. මා සමඟ රණ්ඩු වෙනවා. අර girl office එකෙන් අයින් කරන්න හදනවා. මම ඒකට කොහොමත් කැමති නෑ. ඒ girl ට මට ආදරයක් ඇතිවුණත් මගේ බිරිඳව දාලා යන්න මට කිසිම හැඟීමක් නෑ. ඒ වගේම තවත් ප්‍රශ්නයක් ඇතිවුණා. මේ ළඟකදි ඉඳලා මම හුඟක් නිල් චිත්‍රපට බලන්න පුරුදු වුණා. හැමදාම රෑට කොහොම හරි එක චිත්‍රපටයක් හරි බලනවා. එහෙම බලලා මම ස්වයං වින්දනය කරනවා. ස්වයං වින්දනය මට දැන් බිරිඳ ළඟට යනවට වඩා ආස්වාදයක් කියල දැනෙනවා. මේ හේතු දෙකම නිසා දැන් ඇය කියනවා මගෙන් දික්කසාද වෙන්න ඕන කියලා. ඒත් මේ දරැවවත් බිරිඳවත් ඈත් කරන්න මට කිසි හිතක් නෑ.

    අපි සුජීවා සමඟද කතා කළා. ඇය මෙහෙම පැවසුවා.

    මම husband ට ආදරෙයි. මට ඔහුව එපාවෙන්න හේතු දෙකක් තියෙනවා. අපේ office එකේ girl කෙනෙක් එක්ක මෙයාගෙ සම්බන්ධයක් තියෙනවා කියල මට දැනෙනවා. මට ලොකු ඉරිසියාවක් සහ තරහක් ඇතිවුණා. අනික දැන් මෙයා හැමදාම රෑට නිල් චිත්‍රපට බලනවා. ඒකට කොච්චර ඇබ්බැහි වෙලාද කියනව නම් මා සමඟ කතා කරන්නවත් වෙලාවක් නෑ.

    අපි තවදුරටත් ඇගේ ළමා කාලය පිළිබඳ විමසුවා. ඇය මෙසේ පැවසුවා.

    මම කොන්වන්ට් එකක හැදුනෙ. ලිංගික කරුණු ගැන මට තියෙන්නෙ හරිම අඩු දැනුමක්. අපි උසස් පෙළදිවත් sex ගැන කතා කරලා නෑ. ළමයි sister ට හරිම බයයි. අපේ ඉස්කෝලෙ නීති හරිම තදයි. දවසක් එක ළමයෙක් ළඟ phone එකක් තිබිලා සිස්ටර්ට අහුවුණා. ඒ ළමයා ඉස්කෝලෙන් අස් කළා. අපේ ගෙදර පරිසරයත් හරිම තදයි. මගේ පියා හරිම සැරයි. මට තවමත් එක සිද්ධියක් මතකයි. දවසක් TV එකේ නාට්‍යයක් මමයි නංගියි බලමින් හිටියා. ඒකෙ එක තැනක ජෝඩුවක් සිපගන්න එකක් තිබුණා. හදිස්සියෙන්ම තාත්තා එතැනට ආවා. ඔහු අපි දෙන්නටම බැන්නා මොනවද මේ බලන්නෙ කියලා. අපි දෙන්නා TV එක off කරල කාමරේට දිව්වා. මමත් සුනිලුත් අතර ඇති සම්බන්ධතාවයේ මුල් කාලයේදී මගේ ඇඟපත ස්පර්ශ කරන විට මට දැනුණෙ සතුටකට වඩා බයක්. මගේ මේ හැසිරීම එහෙමත් නැත්නම් ලිංගිකත්වයට ඇති ආශාව අඩුවීම අපි දෙන්නා අතර දුරස් බවක් ඇතිවෙන්න ප්‍රධානම හේතුව කියල මට හිතෙනවා. අනෙක මම දැන් බැංකුවෙ කරන රැකියාවත් හරිම කලබලකාරීයි. හවස් වෙලා ගෙදර එන විට දැනෙන්නෙ ලොකු විඩාවක්. සුනිල් නිතරම කියන්නෙ මගෙ මේ ලිංගික ප්‍රශ්නය නිසා තමයි අපි දෙන්නා අතර හැම ප්‍රශ්නයක්ම ඇතිවෙලා තියෙන්නෙ කියලා. ඔව් ඇත්තට ඒකෙ සත්‍යයක් තියෙනවා. මට ඒ අඩුපාඩුව හදාගන්න ඕන.

    මනෝ වෛද්‍ය විද්‍යාව අනුව කාන්තාවන්ගේ ලිංගික ගැටලු කිහිප ආකාරයකට වර්ගීකරණය කර තිබෙනවා. ඒවා නම්,

    ලිංගික ආශාව නැතිවීම, අවම වීම හෝ ඒ පිළිබඳ සිහින නැතිවීම හෝ අවම වීම (Hypoactive sexual desire disorder)

    ලිංගික ආශාව ඇත. සිහිනද ඇත. නමුත් ලිංගික කාර්ය සඳහා තම ශරීරය උත්තේජනය වන්නේ නැත. (Female arousal disorder)

    ලිංගිකව එකතු වීමේදී ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුළු කිරීමේදී සංසර්ග වේදනාකාරී වීම. (Female sexual pain disorder)

    ඉහත කරුණු තුන අනුව විශ්ලේෂණය කිරීමේදී සුජීවා නැමති මෙම කාන්තාවගේ ප්‍රධානම ලිංගික ගැටලුව වූයේ ඒ පිළිබඳ සිහින හා ආශාව නැතිවීමයි. මීට ප්‍රධාන කරුණු දෙකක් බලපා ඇති බව කතාවෙන් පැහැදිලිය. ඒවා නම්,

    1. ඇගේ ළමා කාලය දැඩි නීති රීති සහිත වූ ලිංගික තහංචිවලින් පිරුණු ලිංගිකත්වයේ ආස්වාදයට වඩා එය බියජනක දෙයක් ලෙස දැනීම.

    2. ඇය එදිනෙදා ගත කරන ජීවිතය දැඩි ආතතියකට හෙවත් විඩාව හා තෙහෙට්ටුවෙන් පිරී ඇති බවත් එය අවම කිරීමට කිසිම ක්‍රියාමාර්ගයකට ඇය යොමුනොවී ඇති බවයි.

    ලිංගික සිහින අඩුවීම සහ නොමැති වීම (Hypoactive sexual desire) 

    ලිංගික සිහින යනු තම ආදරණීය සහකරුවා හෝ සහකාරිය පිළිබඳ මතක් වීම. සිප වැළඳගන්නා ආකාරයන් මැවී පෙනීම. ලිංගිකව එකතුවන ආකාර මැවී පෙනීම යනාදියයි. ලිංගික සිහිනවලදී සිතෙන හෝ මැවෙන ආස්වාදජනක සිද්ධීන් නිතරම තම සහකරුවා හෝ සහකාරිය පිළිබඳවම විය යුතු නැත. මෙය ඔබ ආස කරන වෙනත් කාන්තාවක් හෝ පිරිමියෙක්ද විය හැකිය. මෙය ස්වාභාවික තත්ත්වයක් බව ඔබ මතක තබාගත යුතුය.

    සුජීවා සහ සුනිල් ප්‍රතිකාර සහ උපදේශනයට යොමු කෙරැණි. ඒවා පහත පරිදිය.

    සුජීවාගේ හා සුනිල්ගේ දැඩි ආතතිය හා තරහ යාම අවම කිරීම සඳහා ඉතා සරල ඖෂධ ප්‍රතිකාරයක් පටන් ගැනීම.

    දෙදෙනාටම ආතතිය සහ විඩාව අවම කිරීම සඳහා සැලසුම් සහගත ලෙස ව්‍යායාම ක්‍රම සහ ශරීරය ලිහිල් කිරීමේ ක්‍රමවේද හඳුන්වා දීම.

    විශේෂයෙන්ම සුජීවාට ලිංගික කරුණු පිළිබඳ මිත්‍යා විශ්වාස සහ අනවබෝධය මනසින් ඈත්කිරීමට උපදේශනය ලබාදීම. මෙහිදී ලිංගිකත්වය යනු ජීවිතය විඳීමට සහ පිනවීමට තිබෙන මිනිසාගේ ස්වභාවික ආශාවන් බව ඇයට ඒත්තු ගැන්වීම.
    මාස තුනක පමණ කාලයක් තුළදී ප්‍රතිකාර සහ උපදේශනවලට සහභාගි වීමේදී දෙදෙනාගේම ජීවිත යථා තත්ත්වයට පත්විය.

    බොහෝ ලිංගික ගැටලු අළු යට සැඟවුණු ගින්දර සේය. මෙම ගැටලු නිසා විවාහය දෙදරා යන්නේ කිසිවෙකුටත් නොදැනීය. මෙවන් බොහෝ අවස්ථාවලදී මෙම ප්‍රශ්න සහ ගැටලුවලට මැදිවුණු ඔබ සිතන්නේ මේ ඔබේ නරක කාලය කියාය. ඉන්පසු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිටුපස ගොස් ඔබේ ධනය සහ කාලයද විනාශ වී ප්‍රශ්නය ඔඩු දුවන්නේ ඔබටද නොදැනීමය.

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    20 Jul 2018 07:08 PM

    හිසකෙස්වලට වැටෙන කේස්

    කාන්තාවගේ පංච කල්‍යාණයෙන් එකක් ලෙසින් හිසකෙස් හැඳින්විය හැක. පිරිමින්ට වඩා කාන්තාවෝ තම හිසකෙස් සම්බන්ධව වැඩි උනන්දුවක් දක්වති. ආසියාතික රටවලද පංච කල්‍යාණයට ලැබෙන්නේ මුල් තැනකි. විශේෂයෙන් ආසියාතික රටවල්වල රූ රජිණන් තොරද්දි පංච කල්‍යාණිය පිළිබඳ සැලකිල්ලක් දැක්වුවද යුරෝපා රටවල්වල මේ පිළිබඳ එතරම් සැලකිල්ලක් නැත.

    වර්තමානයේදී හිසකෙස් සම්බන්ධ බොහෝ දෙනකුට ගැටලු පවතී. විශේෂයෙන් කාන්තාවෝ මේ ගැටලුවලින් විශාල ලෙස පීඩා විඳිති. කෙස් හිසෙහි පිහිටීමෙන් විශාල ප්‍රයෝජනයක් අත්වේ. හිසකෙස් පිහිටන්නේ හිස් කබල මතය. හිස් කබල ඇතුළත මිනිසාගේ ශරීරයේ වටිනාම ඉන්ද්‍රියන් පිහිටා ඇත. මේ නිසා හිසට උත්තමංගය ලෙස හැඳින්වේ. ඇස, කන, නාසය, දිව වැනි ඉන්ද්‍රියන් මෙන්ම මොළය ආදිය ද ආරක්ෂිතව හිස් කබල තුළ පිහිටා ඇත. මේ නිසා මෙයට උතුම් අංගය ලෙසින් හැඳින්වේ. මේ උතුම් වූ අංගයන්හි ආරක්ෂාවට හිස් කබල පිහිටා ඇත. එම හිස් කබලට උඩින් කෙස් පිහිටා ඇත. මේ නිසා කෙස් මගින් හිස් කබල ආරක්ෂා කෙරේ.

    කෙස් ඉතා ලිස්සන සුළුය. වැටීමකින් තැලීමකින් හෝ යම් පහර වැදීමකදී හිසකෙස්වලට හිස් කබල ආරක්ෂා කරගත හැක. කෙස් නොමැති තැනකට පහරක් වදිනවාටත් වඩා කෙස් ඇති තැනකදී පහරක් වැදීමේදී ආරක්ෂාකාරී වේ. එමෙන්ම වැස්ස, අව්ව, පිත්ත වැනි ස්වභාවිකව මුහුණ දෙන තත්ත්වයන්වලදී ද හිසකෙස් හිස් කබල ආරක්ෂා කරයි.

    හිස් කබල ආරක්ෂාව සඳහා කෙස් පිහිටා තිබුණ ද කාන්තාව බොහෝ විට කෙස් කබල පිළිබඳව උනන්දුව දක්වන්නේ රූපලාවණ්‍ය අවස්ථාවලදීයි. තම රූපය සුන්දර කර ගැනීම සඳහා කාන්තාව තම කෙස් වැටියට විවිධ වද දෙති. විශේෂයෙන් කාන්තාවෝ කෙස් ගසක් දවසකට ගැලවී ගියවිට දුක් වෙති. නමුත් දවසකට කෙස් ගස් සීයක් එකසිය පනහක් පමණ හැලීම සාමාන්‍ය දෙයකි. එය හිසකෙස්වල ප්‍රමාණය අනුව වෙනස් වේ. මිනිස් ජීවිතවල ආයු කාලය මෙන්ම කෙස් ගසෙහිද ආයු කාලයක් පවතී. මෙලෙස ආයු කාලය අවසන් වූ කෙස් ගස ගැලවීමෙන් අනතුරැව ඒ ගැලවී යන කෙස් ගස් මෙන්ම නැවත කෙස් වර්ධනය වීම සිදු වේ.

    මෙලෙස නැවත ඇතිවන කෙස් ගස් නිසි ආකාරයෙන් වර්ධනය වීමට නම් ඒ කෙස් ගස් වැඩෙන පසුබිම ශක්තිමත්ව තිබිය යුතුය. වියලි හිසකෙස් කබලක්නම් කෙස් හොඳින් වර්ධනය වීම සිදු නොවේ. මේ නිසා හිස්කබල තෙතමනය සහිත පෝෂණීය හිස් කබලක් විය යුතුය. ගසකට පසක් අවශ්‍ය වන්නේ යම් සේද පෝෂණීය හිසකෙස් සඳහා ද සාරවත් පොළවක් (හිස කබලක්) අවශ්‍ය වේ.

    හිසකෙස් ගොයම් ගසකට සමාන කළ හැක. ගොවියා කුඹුරෙහි ගොයම් ගස ආරක්ෂා කරන්නේ යම්සේද ඒ හා සමානව ආරක්ෂාව අප විසින් හිසකෙස්වලට ලබාදිය යුතුය. කේෂ කල්‍යාණයට හානි කරවන හිස්හොරි, උඳුගොව්වන් වැනි තත්ත්වයන් හේතුවෙන් හිසේ ඇති පෝෂණය නැති වී යයි. ඒවායින් හිසකෙස් ගැලවී යාමට පටන්ගනී. කෙස් කළඹේ පෝෂණය නැතිවී යයි. හිස් කබලේ ගුණාත්මකභාවය ද නැතිවී යයි.

    හිසකෙස්වල පවතින තවත් ප්‍රබල ගැටලුවක් වන්නේ හිසකෙස්වල උකුණන් ලේඬීන් වැනි කුඩා සතුන් ඇතිවීමයි. මෙයින්ද හිසකෙස්වල ඇති පෝෂණය හීන වෙයි. මීට අමතරව ඇතැමුන් තුළ පවතින ලෙඩ රෝග හේතුවෙන් ද කලක් ගතවෙද්දී කෙස්වල විවිධ ප්‍රශ්න ඇතිවිය හැක. විශේෂයෙන් පීනස වැනි සරල රෝග මඟින්ද හිසකෙස් ගැලවී යාමට පටන් ගනී. එමෙන්ම හිසකෙස් සුදු වන්නට ද පුළුවනි. ආයුර්වේදයේ අකාල කාලිත්‍ය ලෙස සඳහන් වෙන්නේ මේ අකලට හිසකෙස් පැසීමය. අද වෙද්දී පාසල් යන ළමුන්ගේ, අඩු වයසේ පසුවන්නන්ගේ ද හිසකෙස් ඉදීමට ප‍ටන්ගෙන ඇත. පීනස රෝගයට අමතරව විවිධ කාලීන රෝග, නිව්මෝනියා වැනි තත්ත්වයන්හිදී හිසකෙස් ගැලවී යාමට පටන්ගනී. විශේෂයෙන් ඇඳටම වී සිටිය යුතු බරපතළ රෝග තත්ත්වවලදී මෙය බහුලව දැකිය හැක. විශේෂයෙන් පිළිකා වැනි රෝග තත්ත්වවලදී දෙනු ලබන ඖෂධ දිගු කලක් ගැනීමෙන් ද හිසකෙස් ගැලවී යාමට පටන් ගනී.

    මීට අමතරව කාන්තාවන් විසින් විහින් කරගනු ලබන ඇතැම් ක්‍රියාවන් හේතුවෙන්ද කල්යත්ම හිසකෙස්වල ප්‍රශ්න ඇතිවීමට ප්‍රබල හේතුවක් වේ. අද බොහෝ කාන්තාවෝ තම සුන්දරත්වය රැකගැනීම සඳහා රෑපලාවන්‍යාගාරවල පිහිට පතති. එතෙක් පැවති තම දිගු නිරෝගී කෙස් කළඹ විවිධ තාක්ෂණික උපකරණයන්වලට හසුකර ගනී. බොහෝ කාන්තාවෝ වෙළඳපොළේ ඇති විවිධාකාකර ෂැම්පු වර්ග, කන්ඩිෂනර් වර්ග යොදා හිස සෝදති. නමුත් බොහෝවිට එවායේ ඇත්තේ රසායනික දුව්‍යයන්ය. ඒවා හිසකෙස්වලට අහිතකර වේ. මීට අමතරව රූපලාවණ්‍යාගාරවලදී හිසකෙස් රීබොන්ඩින් කිරීම, හිසකෙස් කර්ල් කිරීම, හිසකෙස් අයන් කිරීම, ස්ට්‍රේට් කිරීම වැනි නව විලාසිතා කිරීමෙන් සිදුවන්නේ හිස කෙස්වලට හානියකි. රසායනික ද්‍රව්‍යයන් කාලයක් තිස්සේ පාවිච්චි කිරීමෙන් හිස්කබල ආශ්‍රිත ප්‍රදේශයේ නිස්සාරණය වේ. ඇතැම් නව විලාසිතා කිරීමේදී විදුලි උපකරණ මඟින් විශාල උණුසුමකට හිසකෙස් ලක්කෙරේ. මෙවැනි අධික උෂ්ණත්වයකට හිසකෙස් ලක්කිරීමෙන් ඇතිවෙන්නේ විශාල හානියකි. එයට අධික උණුසමට ඔරොත්තු දීමේ හැකියාවක් නැත. මේ නිසා කෙස් ගස්වල මුල හැලීමට ලක්වේ.

    ඇතැම් කාන්තාවෝ තම හිසකෙස් එක මිටට තදකර බැඳීමට පුරැදුව සිටිති. මෙයින් සිදුවන්නේ හිසකෙස් දැඩි ලෙස ඇදීමට ලක්වීමය. හිසකෙස්වල මුලට මෙයින් හානියක් සිදුවේ. ඇතැම් කාන්තාවෝ හිසකෙස් එක මිටට රබර් පටිවලින් ගැට ගසති. ඒ විතරක් නොව හිස සේදීමෙන් අනතුරුව හිසකෙස් වියලීමටත් පෙර තෙත හිසකෙස් එකමිටට ගැටගසා ගැනීමට පුරුදුව සිටිති. මෙයින්ද සිදුවන්නේ හිසකෙස්වලට දැඩි හානියකි.

    කෙස් නිසි ලෙස වර්ධනය වීමට නොහැකි වන්නටද පෝෂණ ඌණතා තත්ත්වයන් ද දැඩි ලෙස බලපායි. අපි කොතෙකුත් දෑ ආහාරයට ගත්තද ඒවායේත් ඌණතා හේතුවෙන් හිසකෙස්වල වර්ධනයට අවශ්‍ය පෝෂණ පදාර්ථ නොමැති වීමෙන්ද කෙස්වලට හානි ඇතිවිය හැක. කෙස්වලට විටමින් වර්ග මෙන්ම ඛනිජලවණ ද, කැල්සියම් ද ඉතා අවශ්‍ය වේ. මේ නිසා ඒවා වැඩිපුර අඩංගු ආහාර ගැනීම ඉතා වැදගත් වේ. ගැබිණි කාන්තාවන්ගේ මෙන්ම දරුවකුට කිරි දෙන කිරි අම්මාවරැන්ගේද හිසකෙස් ගැලවී යාම ඒ කාලයේදී සිදුවිය හැක. එයට ප්‍රධාන හේතුව වන්නේ කැල්සියම් ඌණතාවයයි.

    ආයුර්වේදයට අනුව කෙස්වලට ඉතා ගුණදායක ඖෂධය වන්නේ හිසකෙස්වලට තෙල් ගැල්වීමයි. නමුත් අද වෙද්දී බොහෝ අය අවුරැද්දකට එක් දිනකට පමණක් හිසට තෙල් ගැල්වීමට පුරැදුව සිටිති. ඒ සිංහල අලුත් අවුරැදු නැකැත් චාරිත්‍රයක් ලෙස පවතින හිස තෙල් ගැල්වීමේ දිනය දා පමණි. නමුත් හිසට තෙලක් දැමීම සඳහා දිනයක්, වේලාවක්, නැකතක් තිබිය යුතු වන්නේ නැත. එයට සීමා කළ යුතු තත්ත්වයන්ද නොවේ. අද වෙද්දී බොහෝ තරුණ පරපුර තෙල්වලට දක්වන්නේ දැඩි අප්‍රසාදයකි. හිසට තෙල් වෙනුවට ජෙල් ගෑමට, ක්‍රීම් ගෑමට පුරුදුව සිටිති. නමුත් මුදල් දී ජෙල් ගැනීමෙන් සිදුවන්නේ තම හිසකෙස්වල ගැලවී යාමට මාවතක් විවෘත කිරීම පමණි. මේ හිසකෙස් අකලට පැසීමෙන් තරුණ පෙනුම වෙනුවට මුදල් දී වියපත් පෙනුමක් ලබා ගනිති. මේවායේ ඇති අධික රසායනික ද්‍රව්‍ය ‍කෙස්ගසට හානිදායක වේ.

    ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට හිසට තෙල් ගෑම ඉතා වැදගත් වේ. මෙමගින් හිසෙහි ඇතිවන්නා වූ රෝග බොහෝමයක් සුව කර ගැනීමට හැකි වේ. හිසේ කැක්කුම දුරු කරයි. එමෙන්ම කෙස්වල මෘදු බව ඇති කරයි. හිසෙහි තෙල් ගැල්වීමෙන් කෙස් දිගු වේ. එමෙන්ම බොහෝ දෙනෙක් කළු හිස කෙස් සඳහා වැඩි ප්‍රියතාවයක් දක්වති. මේ නිසා ඉතා දිලිසෙන කළු පැහැකි කෙස් කළඹක් තෙල් ගැල්වීමෙන් ලබා ගත හැකිය. හිසට තෙල් ගැල්වීමෙන් හිසට පමණක්ම නොව ඇස, කන, නාසය වැනි ඉන්ද්‍රියන් ද ක්‍රියාශීලී කරයි. එමෙන්ම මුහුණ ද පැහැපත් වේ. මේ නිසා නිසි තෙලක් යෙදීම ඉතා වැදගත් වේ. අද වෙද්දී වෙළෙඳපොළේ විවිධ නාමයන් යටතේ හිසට ගල්වනු ලබන තෙල් විකිණීමට  තිබෙන නමුත් මේ සියලු තෙල් වෙනුවට ඖෂධීය තෙලක් පාවිච්චිය යහපත්ය. හිසට ගැල්විය යුතු හොඳම තෙල වන්නේ තම නිවසේදීම සාදා ගන්නා ලද හින්දවූ තෙලකි. ඒ සඳහා තැඹිලි හෝ පොල් යොදාගත හැකිය. ආයුර්වේදයේ නිවසේ හින්දවනු ලබන මේ තෙල අත් තෙල ලෙස හැඳින්වේ. එසේ නැත්නම් පිරිසිදු පොල් තෙල් ස්වල්පයක් ආලේප කරන්න. මෙමගින් හිසකෙස්වල ඇතිවන විවිධ ලෙඩ රෝග මෙන්ම අකලට හිසකෙස් හැලීම ආදිය නැති කර හිසකෙස් වර්ධනය කිරීමට උදව් කෙරේ. තෙල් හිසෙහි ගැල්වීමට පෙර මඳක් උණුසුම් කොට තෙල් ආලේප කිරීමට හැකියාවක් ඇත්නම් එය වඩාත් සුදුසුය. හිසට තෙල් ගල්වද්දී උදේ වරැවේ ගල්වන්නටද අමතක නොකරන්න.

    ආයුර්වේද වෛද්‍ය 
    ඩී.එච්. තෙන්නකෝන්
    හිටපු අධ්‍යක්ෂක ආයුර්වේද ශික්ෂණ රෝහල - බොරැල්ල

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    20 Jul 2018 07:09 PM

    ලස්සන කෙස් කළඹකට නිල සම්බාහනය

    ආයුර්වේදයට අනුව හිසට තෙල් ගැල්වීමෙන් හා නිල සම්බාහනය කිරීමෙන් හිසකෙස්වල නිරෝගිතාවය මෙන්ම මුහුණේ සුන්දරත්වයද රැකගත හැක.

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    20 Jul 2018 07:09 PM

    සීතල දිය නෑමේ වාසි රැසක්

    ශීත ජලය ස්නානය කිරීම මගින් ශරීරයට අත් වන සෞඛ්‍යය වාසි රුසක් ඇති බව තහවුරු වී තිබෙනවා. මේ එබඳු වාසි කිහිපයක් ගැනයි.

     ශරීරය යුහුසුලුව ක්‍රියාත්මක වීම

    ඔබ උදෑසන අවදි වූ විට ශරීරයට ඈලි මෑලි ස්වරූපයක් ගෙන දෙමින් නිදිමත බවක් දැනෙනවා නම් ඔබ ශීත ජලය ස්නානය කරන්න. ශීත ජලය සම මත ස්පර්ශ වීමෙන් සිදු වන ප්‍රතික්‍රියාවක් ලෙස ශරීරයේ උෂ්ණත්වය වැඩිවී සමෙහි ස්වසන ක්‍රියාවලිය වේගවත් වී සම තුළට ඔක්සිජන් ආශ්වාස වීමේ වේගය වැඩි වනවා. එමෙන්ම ශරීරයේ උෂ්ණත්වය සමබර කිරීම සඳහා හද ගැස්මත් නිසි ලෙස වැඩිවී ක්‍රියාත්මක වනවා. ශීත ජලය ස්නානය මගින් රුධිර සංසරණය ක්‍රමවත් ලෙස වේගවත් කර ගැනීමෙන් දවස පුරාවට ශරීරය නිසි ක්‍රියාශීලී මට්ටමකින් පවත්වා ගන්නටත් පුළුවන්.

     මේද දහනයට උපකාර වනවා

    ශීත ජලය ස්නානය කිරීම මගින් සාර්ථක ලෙස මේදය දහනය කර ගන්නට පුළුවන් බව ඔබ දන්නවාද? මිනිස් සිරුර ප්‍රධාන වශයෙන් මේදය වර්ග දෙකකින් යුක්ත වනවා. එය සුදු මේදය සහ දුඹුරු මේදය වශයෙන් වර්ග කරන්නට පුළුවන්. සුදු මේදය බෙල්ල, උදරය, උකුළ සහ ඉන ප්‍රදේශයේ තැන්පත් වන අතර අධික ලෙස කැලරි ලබා ගැනීම නිසා සුදු මේදය නිර්මාණය වනවා. හොඳ මේදය ලෙස සැලකෙන දුඹුරැ මේදය ශරීරයට අවශ්‍ය උෂ්ණත්වය පවත්වා ගැනීම සඳහා ශරීරය උණුසුම් කිරීම සිදු කරනවා. ශීත ජලය ස්නානය කිරීම මගින් මෙම දුඹුරැ මේදය ක්‍රියාශීලී කර මේදය වැඩි වශයෙන් දහනය කර ගත හැකි බව අධ්‍යයනයන් මගින් කරුණු දක්වනවා. මේ හේතුව නිසා ශීත ජලය ස්නානය කිරීම පුරුද්දක් ලෙස පවත්වා ගැනීම මගින් වසරකට බර රාත්තල් නවයක් පමණ අඩු කර ගන්නට පුළුවන් බවයි වාර්තා වෙන්නෙ. 

     සම සහ හිසකෙස් වර්ධනය

    ඔබ උණු ජලය ස්නානය කරන විට සම සහ හිසකෙස් වියළි ස්වභාවයක් නිරීක්ෂණය වනවා ඇති. ශීත ජලය ස්නානය කිරීම මගින් මෙහි ප්‍රතිවිරුද්ධ ක්‍රියාව සිදු වන අතර හිසකෙස් අග සහ සමෙහි සිදුරු බාහිරින් අනවශ්‍ය තෙතමනය ඇතුළු වීමට නොහැකි වන ලෙස සීල් කිරීම සිදු කරනවා.

     ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් වෙයි

    ශීත ජලය ස්නානය කිරීම මගින් සිදු වන එක් ප්‍රධාන වාසියක් ලෙස ක්ෂණිකව ශරීර උණුසුමේ සිදු වන වෙනස හඳුන්වා දෙන්නට පුළුවන්. මෙය චිකිත්සා ක්‍රමයක් ලෙස භාවිතා කරන අතර “Contrast Bath” යන නමින් හැඳින්වෙනවා. මෙහිදී ප්‍රථමයෙන් උණු ජලය ස්නානය කිරීම සිදු වන අතර ඉන් පසු විනාඩි කිහිපයකින් ක්ෂණිකවම ජලයේ උෂ්ණත්වය වෙනස් කර ශීත ජලය ස්නානය කිරීමට සලස්වනවා. මෙම ක්‍රමය මගින් රෝග සමග සටන් වැදීමේ හැකියාව ලැබෙන පරිදි ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල වර්ධනය කර ගත හැකි බව විද්‍යාඥයන් විසින් විශ්වාස කරනවා.

     විෂාදය සමග සටන් වැදීම

    මිනිස් සම මත සීතලට සංවේදී සංවේදක පවතින අතර සම මත ශීත ජලය ස්පර්ශ වූ විට එම සංවේදක මගින් මොළයට විද්‍යුත් ආවේග යැවීම සිදු වන අතර එමගින් ප්‍රතිවිෂාද බලයක් ඇති වනවා. විෂාදය සුවපත් කර ගැනීමට ශීත ජලය ස්නානය කිරීම අතුරු ආභාද කිසිවක් ඇති නොවන සාර්ථක ක්‍රමවේදයක් බව 2008 වසරේදී සිදු කරන ලද එක්තරා අධ්‍යයනක් විසින්ද තහවුරු කර තිබෙනවා.

     මාංශ පේශී වේදනා ඉක්මනින් සුවපත් කර ගැනීම

    බොහෝ මලල ක්‍රීඩකයන් ව්‍යායාම හෝ ක්‍රීඩා අවසන් කළ පසු අයිස් ජලයේ ගිලී ස්නානය කරනවා ඔබ දැක තිබෙන්නට පුළුවන්. එසේ සිදු කරන්නේ ඔවුනගේ මාංශ පේශී වේදනාව ඉක්මනින් සුවපත් කර ගැනීම සඳහායි. ඔබටත් යම් ආකාරයක මාංශ පේශී වේදනාවක් ඇත්නම් ශීත ජලය ස්නානය කරන්න. අධ්‍යයනයන් විසින් ද තහවුරු කර ඇත්තේ ශීත ජලය ස්නානය කිරීම මගින් මාංශ පේශී වේදනාවන් සමනය වීමේ කාලය වේගවත් කර ගත හැකි බවයි.

     ආතතිය දුරු කිරීම

    ශීත ජලය ස්නානය කිරීම මගින් ආතතිය ඇතිවීමට බලපාන බොහෝ රෝග ඇති කරවන රෝග කාරකයක් වන ශරීරයේ යූරික් අම්ල මට්ටම අඩු කර ගත හැකි බව අධ්‍යයනයන් විසින් තහවුරු කර තිබෙනවා. ඒ වගේම, ස්වභාවිකව රුධිරය පිරිසිදු කරන පවිත්‍ර කාරකයක් ද, ප්‍රතිඔක්සිකාරක බලය සහ වේදනා නාශක බලය වර්ධනය කරන එන්සයිම මට්ටමත් ශීත ජලය ස්නානය කිරීම මගින් වැඩි කර ගත හැකි වන බව අධ්‍යයන මගින් තහවුරු කර තිබෙනවා.

     WEB MD

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    20 Jul 2018 09:20 PM
    හම්මේ මේ සීතලට නාගන්න හදන්නෙ
    0
    You are not authorized to post a reply.
    Page 1 of 3512345 > >>