You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Jan 2019 07:35 PM by  Udari
කරවිල ඔසුවක් ලෙස
 681 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 35 << < 45678 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
04 Aug 2018 05:49 PM

katilageප්‍රශ්නය - පසුගිය සතියේ අප කතා කළේ ගෙවුණු කාටිලේජ නැවත වර්ධනය කරන ආකාරය ගැනයි.

වෛද්‍ය වසන්ත උදයජීව - ඒ සඳහා සුදුසු විස්‌කම් ඖෂධයක්‌ ගැන අපි අද කතා කරමු. සන්ධියක තිබෙන කාටිලේජ ගෙවෙන ආකාරය ගැන පසුගිය සතියේ අප ඔබ සමඟ සාකච්ඡා කළා. එහිදී සිදු වන්නේ කුමක්‌ද කියලා ඔබ දන්නවා.

ප්‍රශ්නය - ඔබ නිපදවා ඇති ඖෂධයේ සංයුතිය කුමක්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - කුරුඳු පොතු, ගම්මිරිස්‌, නිල් මානෙල් අල, ගොකටු ඇතුළු ඖෂධ 84 ක්‌ මේ මිශ්‍රණයට යොදනවා. මෙය පදම් කරන්නේ තනිකරම මී පැණි සහ ගිතෙල්වලින්.

ප්‍රශ්නය - මෙය ඕනෑම වයසක ඕනෑම කෙනකුට සුදුසුද?

වෛද්‍ය වසන්ත උදයජීව - වයසේ කිසි ප්‍රශ්නයක්‌ නැහැ. කාටිලේජ දියවීම නිසා තරුණ මහලු වැඩි දෙනාගේ සන්ධි වලින් කර කර ශබ්දයත්, එහෙමත් නැත්නම් සන්ධි බිඳෙන ශබ්දයක්‌ එනවා. මේ ඖෂධය පාවිච්චි කරන්න පටන් ගත් විට ක්‍රමානුකූලව ඒ කර කර ශබ්දය නැතිව යනවා. එයින් කියෑවෙන්නේ කාටිලේජ වර්ධනය නැවත හටගෙන තිබෙන බවයි. හැබැයි ඉතාම වැදගත් දෙයක්‌ කිව යුතුයි. ඒ තමයි කාටිලේජ වර්ධනයට තිබෙන එන්නත ගහගෙන එන අයට මේ ප්‍රතිකාරය කිරීම සුදුසු නැති බව. ඒ කියන්නේ ප්‍රතිකාරය කොහොමටවත් අහන්නේ නැහැ.

ප්‍රශ්නය - මේ ක්‍රමයට කාටිලේජ වර්ධනය කරන්න කොපමණ කාලයක්‌ ගතවෙනවද?

වෛද්‍ය වසන්ත උදයජීව - සාමාන්‍යයෙන් මාස 3 යි. එයට ටිකක්‌ වැඩිවෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්.

නොමිලේ විස්‌තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

katilage1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
04 Aug 2018 05:49 PM

heartප්‍රශ්නය - හෘද රෝගීනට ගිතෙල් වලින් ලබාගත හැකි ප්‍රයෝජන පිළිබඳව පසුගිය සතියේ අප ඔබ සමග සාකච්ඡා කළා. එවැනි තවත් ඖෂධීය ශාක වර්ග තිබෙනවද?

වෛද්‍ය චාන්දනී වික්‍රමආරච්චි - -සුදුලූනු දොඩම්, නිවිති, සුපිරි වෙළඳසල්වල තිබෙන Broccoli බතල, නැවුම් පළතුරු, නැවුම් එළවළු, රතු ලූනු සහ ලොකු ලූනු, කොකෝවා සහ චොකලට්‌ හෘදයාබාධ නිවාරණයට ඉතාම සුදුසුයි.

ප්‍රශ්නය - ඒවා ඉතාම සුදුසු ආහාර ලෙස හඳුනාගෙන තිබෙනවාද?

වෛද්‍ය චාන්දනී වික්‍රමආරච්චි - Coronoary artery රෝගය කියල හෘද රෝගයක්‌ තිබෙනවා. මෙයට සිංහලෙන් කියන්නෙ කිරීට ධමනි රෝගය කියලයි. මෙහිදී හෘදයේ කිරීට ධමනිය අවහිර වෙනවා.

එවිට හෘදය තුළට ප්‍රමාණවත් තරම් රුධිරය සහ ඔක්‌සිජන් ගමන් කරන්නෙ නැහැ. ඊළඟට තිබෙනවා රුධිරයේ ස්‌පන්දන රිද්මය වෙනස්‌ වීමේ රෝගයක්‌. හෘදයේ ක්‍රියාවලිය අත්හිටුවීම, හෘද කපාට රෝගය, හෘද පේෂී රෝගය උපතේ සිටම හෘදය දුර්වල වීම යන රෝග තිබෙනවා. මේ රෝග සියල්ලටම වඩාත් හොඳ ප්‍රතිකාරය තමයි ඉහත සඳහන් කළ ශාක අතරින් සුදුලූනු.

ප්‍රශ්නය - සුදුලූනුවල තිබෙන සුවිශේෂ ගුණය විස්‌තර කළ හැකිද?

වෛද්‍ය චාන්දනී වික්‍රමආරච්චි - Allium sativum ලෙස හැඳින්වෙන සුදුලූණු දියුණු ලෝකය විසින් හඳුන්වනු ලබන්නේ සුපිරි ආහාරයක්‌ ලෙසයි. නවීන විද්‍යාඥයන්ගේ පොදු මතයක්‌ තමයි ලොව වැඩිම ඖෂධීය ගුණය කහවලින් ලැබෙන බව. දෙවැනි තැන හිමිවන්නේ සුදුලූනුවලටයි. සුදුලූනු තරම් පර්යේෂණවලට ලක්‌වූ වෙනත් ශාකයක්‌ නැති තරම්. මේ මොහොතවන විට සුදුලූනු ගැන පර්යේෂණ 5100 ක්‌ පමණ යුරෝපීයයන් සිදුකර තිබෙනවා. ආඝාතය, පිළිකාව, ආසාදන ඇතුළු රෝග ගණනාවක්‌ සුව කරන්නට අවශ්‍ය ද්‍රව්‍ය සුදුලූනුවල තිබෙනවා. ඇමරිකාවේ ජාතික පිළිකා පර්යේෂණ ආයතනය පසුගිය දශක ගණනාව පුරාම පිළිකාව ගැන පර්යේෂණ කළා. පිළිකා රෝගීන් විසින් පරිභෝජනය කළ යුතු බවට ඔවුන් නිල වශයෙන් නිර්දේශ කළ එකම ආහාරය තමයි සුදුලූනු. හෘදයාබාධයක්‌ හට ගැනීමට රුධිර නාල අවහිර වීම ක්‍රම කිහිපයක්‌ මගින් සිදුවෙනවා. පළමුවෙන්ම නාලවල කොලෙස්‌ටරෝල් බැඳෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් කැල්සියම් බැඳෙන්න පුලුවන්. රුධිර කැටියක්‌ හිරවෙන්න පුලුවන්. මේ කොයි ක්‍රියාවේදිත් හදවත බේරාගන්න පුලුවන් ඖෂධ සුදුලූනු යොදාගෙන නිපදවන්න පුලුවන්. එය බටහිර විද්‍යාව පවා පිළිගන්නා සත්‍යයක්‌.

නොමිලේ විස්‌තර සඳහා

0713464276/ 0759061771

අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

heart1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
04 Aug 2018 05:50 PM

paraliceවසර 3000 ටත් වඩා දීර්ඝ ඉතිහාසයක්‌ ඇති ආයුර්වේදය ලොවට දායාද කරන ලද මා හැඟි වෛද්‍ය ක්‍රමයකි. හිමාල පර්වතය පාමුල පැවැති ලොව ප්‍රථම සෘෂි සම්මේලනය මිනිසාගේ සෞඛ්‍ය ප්‍රශ්න සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලය ලෙස බිහිවූ ආයුර්වේදය පූර්ණ වෛද්‍ය ශාස්‌ත්‍රයක්‌.

පසුගිය ලිපියෙහි අප මිනිසාට වැළඳෙන වාත රෝග හෙවත් ස්‌නායු රෝග අතරින් ප්‍රබල රෝගයක්‌ වන අංශභාග රෝගය පිළිබඳ හැඳින්වීමක්‌ කළා. ආයුර්වේද මතානුකූලව සියලු රෝග හටගන්නේ වා, පිත්, සෙම් යන ත්‍රිදොaෂයෙහි කෝපතාවය පදනම් කරගෙනයි. ඒ අතරිනුත් වාත දොaෂය ප්‍රබලම දොaෂයයි. එනිසාම වාත කෝපයෙන් ජනිත වන රෝග රැසකි. ඉතා ප්‍රබල රෝගයක්‌ වන අංශභාග රෝගය හෙවත් පක්‍ෂාඝාත රෝගය අද වන විට සමාජයේ විරල රෝගයක්‌ නොවන තත්ත්වයට පත්ව ඇත.

වාත කෝපය යන්න පොදු වදනක්‌ බවට පත්ව ඇතත් එය ආයුර්වේදයට අනුව බෙහෙවින් සංකීර්ණ ක්‍රියාවලියක්‌ හඟවන වදනක්‌. වා, පිත්, සෙම් යන තුන් දොaෂ ඒ ඒ පුද්ගලයාගේ සිරුරේ පිහිටන්නේ එක්‌ එක්‌ ආකාරයටයි. යම් අයෙක්‌ උපතින් හිමිකරගත් තුන් දොස්‌ තත්ත්වය ඔහුට හෝ ඇයට සාතම්‍ය වේ. එම තත්ත්වයේ පිහිටි තුන්දොස සාම්‍ය අවස්‌ථාවෙන් හෙවත් සමබරව පිහිටිවිට රෝග රහිත වේ. ඉදින් අපගේ ආහාර, විහරණ ආදිය නිසා මේ දොaෂ සමබරතාවය බිඳී රෝග හටගනී. වාත කෝප කරන, පිත් කෝප කරන හා කඵ හෙවත් සෙම් කෝපකරන හේතු වෙන වෙනම දක්‌වා තියෙනවා.

වාත කෝප කරන හේතු අතර නිදි වැරීම, අධික ගමනාගමනය, රළු ආහාර විහරණ සේවනය, වැටීම්, තැලීම්, අස්‌ථි බිඳීම්, ධාතු ක්‍ෂය, මල මුත්‍රා වේග ධාරණය, බිය වීම, මානසික කැළඹීම, අධික චින්තනය, ශෝක කිරීම ආදිය ප්‍රමුඛ ස්‌ථානයක්‌ ගනියි. කුපිත තත්ත්වයට පත් වාතය සප්ත ධාතු විකෘතිකර රෝග ජනිත කරයි. කුපිත වාතය මුල් කරගෙනම හටගන්නා රෝග වාත රෝගයි.

ඉදින් එබඳු රෝගයක්‌ තමයි මේ අංශභාග රෝගය. සිරුරේ එක්‌ පසෙක අත හා පාදය අකර්මණ්‍ය වීම රෝගියාගේ සමාජ ජීවිතයට ප්‍රබල අයුරින් අහිතකර තත්ත්වයක්‌ උදාකරයි. ඇතැම් විට සුවවන අතර විටෙක දිවිය පුරා පවතින ආබාධ ජනිත කරයි.

නව්‍ය ශරීර විද්‍යානුකූලව මොළය ස්‌නායු මධ්‍යස්‌ථානයයි. ස්‌නායු මාර්ග හරහා දිවෙන ආවේග වාත දොaෂය මගින් ක්‍රියාත්මක වේ. කුපිත වූ වාතය මෙම ස්‌නායු ආවේග පැවැත්ම විකෘති කරයි. දැනීම් හා අත්පා ආදිය ක්‍රියාකිරීම් එවිට විකෘති වේ. අංශභාග රෝගයේදී වන්නේද එබඳු විකෘතියකි.

කුපිත වාතය මොළයේ සෛල වලට රස රක්‌තාදී ධාතූන් වහනය කිරීම නිසි පරිදි නොකරයි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස මොළයේ ස්‌නායු සෛල අකර්මණ්‍ය වේ. අත්පා දෙකට ස්‌නායු සපයන සෛලවල අකර්මණ්‍යතාවය නිසා අත හා පාදයේ ක්‍රියා හානිය ඇතිවේ. මෙය අංශභාග හෙවත් පක්‍ෂාඝාතයයි.

paralice1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Aug 2018 01:03 AM
නිට්ටාවටම සුව වෙනව නම් ලොකු දෙයක්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
05 Aug 2018 06:39 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
05 Aug 2018 06:39 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
05 Aug 2018 06:40 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
05 Aug 2018 06:40 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
05 Aug 2018 06:40 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
05 Aug 2018 06:40 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
05 Aug 2018 06:41 PM

ලෝකයේ පවතින ආදිතම වෛද්‍ය ක්‍රමයක්‌ ලෙස කටු චිකිත්සාව හැඳින්විය හැකිය. ලේඛනගත ඉතිහාසය දෙස බලන විට හුවාන් ඩිනේජින් නම් චීන කහ අධිරාජ්‍යයාගේ අභ්‍යන්තර වෛද්‍ය ලියවිල්ල හරහා කටු චිකිත්සාව චීනයේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයක්‌ ලෙස හඳුන්වා දී තිබේ. ක්‍රි. පූ. දෙවැනි සියවසේ ලියෑවුණු මෙම කෘතියේ දී සු වෙන් හා ලින්ෂි යනුවෙන් කොටස්‌ 2 ක්‌ පවතී. මෙහි ලින්ෂි කොටසෙහි කටු චිකිත්සාව සහ මුක්‌ත පිළිස්‌සුම් කොටසක්‌ විස්‌තර වෙන අතර සු වෙන් කොටස අධ්‍යාත්මික ශාස්‌ත්‍රීය ලියවිල්ලක්‌ ලෙස පවතී. මෙම කෘතියෙහි නිලස්‌ථාන 565 ක්‌, කටු චිකිත්සාව සිදු කරන ආකාරය, සුව කරන රෝග හා එක්‌ එක්‌ රෝගියාට කටු යෙදිය යුතු ආකාරය මෙන්ම එකල භාවිත වු කටු වර්ග 9 ක්‌ පිළිබඳවත් සඳහන් වේ.
 
 කෙසේ වෙතත් කටු චිකිත්සාව මෙරට පැවැති නිල වෛද්‍ය ක්‍රමය යෑයි මතයක්‌ පවතී. පෘතුගීසි හා ලන්දේසි ආක්‍රමණය නිසා දේශීය වෛද්‍යවරුන් මරා දැමීම තුළ මෙම වෛද්‍ය ක්‍රම චීනයට ගෙනගොස්‌ චීන කටු චිකිත්සාව ලෙස වර්ධනය වූ බව දැක්‌වේ. කෙසේ වූවද චීන කටු ක්‍රමය යටතේ රෝග රැසකට ප්‍රතිකාර ලබාගත හැකිය.
 
 උස වැඩි කිරීම
 
 මේ සඳහා ලෝකයේ ඇති එකම වෛද්‍ය ක්‍රමය "කටු චිකිත්සාවයි" ශරීරයේ උස සම්බන්ධව ක්‍රියාකරන ප්‍රධාන ග්‍රන්ථිය පිටියුටරි ග්‍රන්ථියයි. පූර්ව පිටියුටරියෙහි වර්ධන හෝමෝනය (ඨරදඅඑය Hදරපදබැ) සොමැටොට්‌ ට්‍රොපික්‌ යන හෝමෝන මේ සඳහා ක්‍රියා කරයි. කටු චිකිත්සාව තුළින් ග්‍රන්ථි ක්‍රියාකාරීත්වයන්ගේ සමතුලිත තත්ත්වයක්‌ ඇති කළ හැකිය. මේ සඳහා ප්‍රධාන වශයෙන් Eබාදජරසබැ ඡදසබඑ භාවිත කරන අතර එයට අමතරව තෝරාගත් "යෝග" ව්‍යායාම කිහිපයකුත් උපකාර කරගෙන සාර්ථකව කරගත හැකිය. එවැනි සාර්ථක ප්‍රතිඵල අත්කරගත් බොහෝ දෙනෙක්‌ ඒ බවට සාක්‍ෂි දරනු ඇත.
 
 ආතරයිටිස්‌
 
 ආතරයිටිස්‌ වර්ග කීපයක්‌ වෙයි. ඔස්‌ටියෝ ආතරයිටිස්‌, රුමටොයිඩ් ආතරයිටිස්‌, රූමැටිකා සන්ධි ආසාදනය, ෙග්‍රෙව් ස්‌පොන්ඩිලෝසිස්‌, කටි ස්‌පොන්ඩිලෝසිස්‌, ගවුට්‌ මෙයින් ඉතාම සුලබ තත්ත්වය ඔස්‌ටියෝ ආතරයිටිස්‌ වෙයි. මෙහිදී සන්ධියක අස්‌ථි මතුපිට කාටිලේජ දිරාගොස්‌ අස්‌ථිය සිනිදු බව නැති වී රළු වෙයි. පෑදුණු අස්‌ථිය අසාමාන්‍ය ලෙස වර්ධනය වෙයි. වියපත් අයගෙන් 80% පමණ මෙය දක්‌නට ලැබේ. මෙහිදී සන්ධියේ ක්‍රියාකාරීත්වය අවුල් වී වේදනාකාරී වේ. කෙසේ වූවද ඇමෙරිකා එක්‌සත් ජනපදයේ හාවෙඩ් විශ්වවිද්‍යාලය මගින් කළ පරීක්‍ෂණයකදී "කටු චිකිත්සාව" මගින් එම අස්‌ථි ආශ්‍රිතව අයිසොපප්‍රීන් නමැති රසායනය ඇති වන බවත්, මෙමගින් කාටිලේජ නැවත වැඩීමක්‌ ඇතිකර ගත හැකි බවත් සනාථ කර ඇත.
 
 හිසරදය
 
 විවිධ වර්ගයේ හිසරදයන් ඇත. ආතතිමය හිසරදය ඔeබසදබ Headaජයෑ වාහිනීමය(ඪ්sජමක්‌ර) හිසරදය ඡදිඑ ඤබජමිsසදබ (අධික කම්පනයට, හැප්පීමකට පසුව ඇති වන හිසරදය) ඉදිරිපස පටක ආසාදනය (Sසබමිසඑසි) ඇතිවන හිසරදය, තවද මොළයේ රුධිර වාහිනී සංකෝචනය නිසා හටගන්නා ඉරුවාරදය (ඵසට්‌සබැ) වැනි තත්ත්වයන් ස්‌ථීර සුවයක්‌ ඇති කළ නොහැකි බව බටහිර වෛද්‍ය මතය වුවද "කටු චිකිත්සාවත්" සමහර යෝග ව්‍යායාම ක්‍රමත් යොදාගෙන මේ ආකාරයේ හිසරදයන් නිට්‌ටාවට සුව කළ හැකි බව මා හට පැවසිය හැකියි.
 
 මීට අමතරව වෛද්‍ය සුමිත්‍ර මනම්පේරි මහතාගෙන් ස්‌නායු රෝග, නින්ද නොයැම ඇතුළු සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර ලබාගත හැකි අතර වැඩිවිස්‌තර සඳහා දුරකථන අංක 0714222954/0777354220

weda3
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
05 Aug 2018 06:43 PM

දියවැඩියා රෝගය සඳහා වර්තමානයේ භාවිත කරන නවීන ප්‍රතිකාර යටතේ සිරුරට අවශ්‍ය ඉන්සියුලින් ප්‍රමාණය සැපයීම සඳහා කෘත්‍රිම අග්න්‍යාස පවා නිපදවා ඇත. ඒ අනුව දියවැඩියාව රෝගීන්ට වෙනදාමෙන් නිතර ඉස්‌සියුලින් එන්නත් කරමින් වේදනා විඳින්නට සිදුනොවේ.
 
 වෛද්‍යතුමනි කෘත්‍රිම අග්න්‍යාස ප්‍රතිකාරය ගැන පැහැදිලි කළ හැකිද?
 
 මෙය වර්තමානයේ භාවිත වන අතිනවීන ප්‍රතිකාර ක්‍රමයකි.
 
 ඒ සඳහා භාවිත කරන්නේ සිරුරට ඉන්සියුලින් සැපයීමේ උපකරණයක්‌ Cකදිe කදදච Sහිඑeප සවිකරනවා. එයට නවීන තාක්‌ෂණය යොදාගෙන ස්‌වයංක්‍රීයව රුධිර සීනි මට්‌ටම මනින උපකරණය Cටපි සම්බන්ධ කරනවා.
 
 එවිට රුධිරයේ සීනි මට්‌ටම වෙනස්‌වනවිට අවශ්‍ය ඉන්සියුලින් ප්‍රමාණය මෙම කෘත්‍රිම අග්න්‍යාසය වැනි උපකරණය මගින් සිරුරට ලබාදෙනවා.
 
 මෙහිදී රෝගියාගේ උස බර ආදිය ගණනය කර සිරුරට අවශ්‍ය ඉන්සියුලින් ප්‍රමාණය සැපයීම සඳහා අවශ්‍ය දත්ත ගබඩා කරනවා.
 
 රුධිර සීනි මනින
 
 සංව්දී උපකරණය
 
 දියවැඩියා රෝගීන්ට පවතින මදක්‌ වේදනාකාරි ප්‍රතිකාරයක්‌ වන්නේ නිතර ඔවුන්ගේ රුධිර සීනි මට්‌ටම පරීක්‌ෂා කිරීම සඳහා රුධිර ලබා ගැනීමට සිදුවීමයි.
 
 මෙයට විසඳුමක්‌ ලෙස රෝගියාගේ රුධිර සීනි මට්‌ටම අඩුවැඩිවීම දැනුම් දෙන සංවේදී උපකරණයක්‌ Seබිදර නිපදවා තිබෙනවා.
 
 එම උපකරණය පැළඳගත්විට සිරුරේ ඕනෑම මොහොතක සිදුවන සුළු රුධිර සීනි මට්‌ටම් වෙනස්‌ වීමක්‌ පවා මෙම උපකරණය මගින් දැනුම් දෙනවා.
 
 එනිසා නිතර රුධිර ලබාගැනීමට අවශ්‍ය වන්නේ නැහැ.

weda1
 
 එසේම මෙම උපකරණයේ තිබෙන පහසුකම් අනුව රුධිර සීනි මට්‌ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ ගියවිට සහ පහළ ගියවිට ඒ පිළිබඳව සංඥ හඬ මගින් දැනුම් දෙනවා.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
05 Aug 2018 06:44 PM
හෙළ වෙදකම හා ආයුර්වේදයේ සීමාවන් නොමැති ලෙඩ රෝග අස්‌ථි සන්ධි කැඩුම් බිඳුම් හා සර්වාංගගත රෝග සඳහා අසීමිත වූ වෙදකම් රාශියක්‌ පවතී. එනම් පරීක්‌ෂණ හා නිගමන මත සිදුවන ප්‍රතිකර්මයන්ට වඩාත් සංකීර්ණ වූවක්‌ බව ඉතා ආඩම්බරයෙන් සිහිතබා ගත යුතුව ඇත.
 
 
 කොඳු ඇට පෙළේ පහළ සිට හා අත දිගේ යන වේදනාව හිරිගතිය හා දැවිලි තත්ත්වය හට ගනු ලබන්නේ කටී කශේරුකා හෙවත් ලම්බා අස්‌ථි 5 අතරින් එන ස්‌නායු තෙරපීමක්‌ නිසාවෙනි. මෙම තෙරපුමට හේතු වශයෙන් අධික ලෙස බර එසවීම අධික ලෙස ක්‍රීඩා කිරීම හා හදිසි අනතුරු හේතුවිය හැක.
 
 අධික ලෙස කොන්දෙන් නැවී සිටීම නිසාද මෙම තත්ත්වය හට ගැනේ. කෙසේ නමුදු ඔස්‌ටියෝ අතරයිටිස්‌, ඔස්‌ටියෝ පොරොසිස්‌, ඔස්‌ටියෝ ලිප්නිස්‌ යන තත්ත්වයන් යටතේද මෙම ස්‌නායු තද වීම සිදුවිය හැකිය.
 
 වයසත් සමග සිදුවන විශේෂයෙන් කාන්තාවන්ගේ ඔසප් තත්ත්වය නැවතීමත් සමග සිදුවන හෝර්මෝන බලපෑම කැල්සියම් තැන්පත් වීම වැරදි ලෙස සිටගෙන සිටීම හෝ ඉඳගෙන සිටීම හේතුවෙන්ද මෙම තත්ත්වය ඇති වෙයි.
 
 බටහිර වෛද්‍ය ක්‍රමයේ දැක්‌වෙන පරිදි ලම්බා අස්‌ථි ඛ1ලඛ2ලඛ3ලඛ4ලඛ5ල ලෙස සටහන් කරනු ලබන අතර මැදි වයස ඉක්‌මවූ පසු හෙවත් අවුරුදු 45 පසු වූ විට විශේෂයෙන් කාන්තාවන්ගේ දක්‌නට ලැබේ.
 
 ස්‌නායු තෙරපුමක්‌ සඳහා හෙළ වෙදකමේ හා ආයුර්වේදයේ වෙදකම් කිරීමට නොහැකි යෑයි තීරණය කරනු ලබන කොඳුඇට පෙළ ආබාධවලට සාර්ථක ලෙස ප්‍රතිකාර කළ හැකිය. ඒ සඳහා ඔබ සතුව ඇති ඞ - Raහ ඡායාරූප හා ඵගRගෂ සටහන් මගින් තීරණය කළ හැකි වෙයි. එයට අමතරව ආයුර්වේදයේ පවතින හෙළ වෙදකම හා සම්බන්ධ විධි මගින්ද තීරණය කළ හැකි වේ.
 
 කෙසේ වුවද බටහිර වෛද්‍ය ක්‍රමයේ විද්‍යාව මත පදනම් වූ සොයා ගත් ලෙඩ රෝග වලට පමණක්‌ ඖෂධ නියම කිරීම මෙන් නොව එයටත් එහා ගිය රෝගයන්ට ප්‍රතිකාර කිරීමත් හෙල වෙද කමේ හා ආයුර්වේදයේ දක්‌නට පිළිවන.
 
 බෙහෙත් පත්තු තෙල් ගුලි කල්ක මෙන්ම ක්‌වාත වර්ග භාවිත කිරීමද සිදුවන අතර දියවැඩියාව හා අධික රුධිර පීඩනය කොලෙස්‌ටරෝල් පවතින විට ඒ තත්ත්වයන් මත සලකා බලා ප්‍රතිකාර කිරීම සිදුකරයි.
 
 තැවිලි ක්‍රම හා තෙල් අභ්‍යංග ගත කිරීම් සමග ආහාර භාවිත කරන අන්දම පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
 
 අධික ලෙස කොඳු ඇට පෙළ නැවීමද හේතු විය හැකිය. මීට අමතරව ශරීරයේ පවතින අධික කැල්සියම් තත්ත්වය නිසා අස්‌ථි එකට එක සම්බන්ධ වීම නිසා ද මෙම තත්ත්වය හට ගැනේ.
 
 Deටදබ්ර්එසඩැ Sචපාසකදහි ඔස්‌ටියෝ ලිප්නිස්‌ ඔස්‌ටියෝ පොරොසිස්‌ යන තත්ත්වයන් යටතේද කොඳු ඇට පෙළ හෙවත් කශේරුකාවේ ස්‌නායු තෙරපීමට පිළිවන.
 
 හෙල වෙදකම හා ආයුර්වේදයේ මෙම රෝගී තත්ත්වය නිර්මාණය කර ගැනීමේදී ආයුර්වේද වෛද්‍යවරු හා වෙද මහත්වරු පාරම්පරික ක්‍රම (ඇනීමෙන්, නැවීමෙන්, දිග ඇරීමෙන්,ඇදීමෙන් හා ස්‌ථානික වේදනා හා හිරිවැටීම් වේදනා) යන තත්ත්වයන් විමසීමෙන් ද රෝග හඳුනාගනී.
 
 බටහිර වෛද්‍ය ක්‍රමය යටතේ ඞ - Raහ ඵගRගෂ Sජ්බ මගින් රෝගය පිළිබඳ විස්‌තරාත්මක ඡායාරූපයක්‌ ලෙසද ගෙන රෝග නිර්ණය කළ හැකි වේ. එහෙත් බටහිර වෛද්‍ය ක්‍රමය පරීක්‌ෂණ මත නිගමනයන්ට එළඹීම මගින් සොයා ගන්නා ලද රෝග සඳහා ඖෂධ නිකුත් කිරීම කරනු ලබන අතර අධික ලෙස වේදනා නාශක වර්ග භාවිත කරන අතර ආලේපයට ජෙල් වර්ග ලබාදීම සිදු කරයි.
 
 එසේම නමුදු රාවණා රජු යුගයේ සිට පැවත එන සිංහල හෙළ වෙදකම හා ආයුර්වේදයේ සෘෂිවරුන්ගේ බෙහෙත් වට්‌ටෝරු හා ශල්‍යකර්මයන් අද වන විට නොයෙකුත් බලවේගයන්ගේ ක්‍රියාකාරීත්වයන් මත යටපත් කරන තත්ත්වයට පත්ව තිබේ. ස්‌ථිර සාර නිට්‌ටාවට සුවවන ලොව පිළිගත් වෛද්‍ය ක්‍රමයන් ආයුර්වේදයේ හා හෙළ වෙදකමේ ඇති බව නොරහසකි.
 
 එනමුදු හෙළ වෙදකම හා ආයුර්වේදයේ සීමාවන් නොමැති ලෙඩ රෝග අස්‌ථි සන්ධි කැඩුම් බිඳුම් හා සර්වාංගගත රෝග සඳහා අසීමිත වූ වෙදකම් රාශියක්‌ පවතී. එනම් පරීක්‌ෂණ හා නිගමන මත සිදුවන ප්‍රතිකර්මයන්ට වඩාත් සංකීර්ණ වූවක්‌ බව ඉතා ආඩම්බරයෙන් සිහිතබා ගත යුතුව ඇත.
 
 පාරම්පරික පුස්‌කොළ වට්‌ටෝරුගත පත්තු වර්ග හා තෙල් වර්ග භාවිතය හා ගුලි කල්ක මගින් මෙම තත්ත්ව වළක්‌වාගත් පිරිස අධික බව අප වටහා ගත යුතු නොවේද ?
 
 වැඩිදුර විස්‌තර සඳහා දුරකථන අංක 0778488118 ඇමැතිය හැකිය.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Aug 2018 07:58 PM
හරිම වැදගත් ...ස්තුතියි අය්ය
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Aug 2018 07:17 AM
මටත් මේ ප්‍රශ්නෙ තියෙනවා දකුනු අතේ. එපා වෙලා තියෙන්නේ.
ව්‍යායාමයක් දුන්නා බේත් ගන්න ගමන් කරන්න. සාර්තකයි.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
07 Aug 2018 03:45 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
07 Aug 2018 03:45 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
07 Aug 2018 03:45 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Aug 2018 05:06 AM
හ්ම්...මැදිවිය පහු වෙච්ව අය වැඩිපුර පරිස්සම ගැන හිතන්න ඕන
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
09 Aug 2018 04:29 AM

අර්ශස් රෝගය සුව කරගන්න බැරිද

අර්ශස් රෝගය වැලඳීමට හේතු, මෙවැනි රෝගයකට ගොදුරු වුවහොත් ඒ සඳහා කළ යුතු ප‍්‍රතිකාර වැනි දෑ ගැන බොහෝදෙනා නිවැරදිව දන්නේ නැත. එමෙන්ම මෙවැනි රෝග කුඩා දරුවන්ටත් වැලඳිය හැකිය. අර්ශස් රෝගයෙන් පුද්ගලයකුු බේරාගන්නේ කෙසේද, මෙය මාරාන්තික තත්ත්වයට පත් විය හැකිද යන කරුණු කාරණා පහදාදීම මෙම සටහනේ අරමුණ වෙයි.

 

අර්ශස් යනු මොනවාද?

අර්ශස් යනු ගුදයේ සහ අධෝ මාර්ගයේ පහළ කොටසේ තිබෙන ලේ නහරවල හටගන්නා ඉදිමීමේ තත්ත්වයයි. මෙම ඉදිමීම ගුදය හා අධෝ මාර්ගයට ඉතා අපහසු ලෙස බලපායි. සාමාන්‍යයෙන් ගුදය සහ අධෝ මාර්ගය පහළ කොටසේ ඇතුළත අන්තර කොටසේ කුඩා ශිරා ජාලයක් එනම් රුධිරවාහිනී සමූහයක් තිබේ. මෙම ශිරා සමහර අවස්ථාවල ඒවාට ගලා එන සාමාන්‍ය රුධිර ප‍්‍රමාණයට වඩා වැඩිවීමක් සිදු වේ. එවිට ඒවා රුධිරය පිරී පළල් වේ. මෙසේ රුධිරයෙන් පිරුණු ශිරා සහ මතුපිටින් පිහිටි පටක ඉදිමීමේ තත්ත්වය අර්ශස් නමින් හඳුන්වයි.

 

හැදෙන්නෙ කොහොමද?

මෙම වෙනස්වීම ඇතිවීමට හා ඒවා අර්ශස්බවට පත්වීමට තුඩු දෙන නියම හේතුව මෙතෙක් හරි හැටි පැහැදිලි වී නැත. ඒ එසේ පැහැදිලිි හේතුවක් නොමැතිවත් සමහර අර්ශස් තත්ත්ව වර්ධනය වන නිසාය. බොහෝ අවස්ථාවල මෙයට ප‍්‍රධාන හේතුව ගුදය හා ඒ අවට ප‍්‍රදේශයේ පීඩනය විය හැකි යැයි විශ්වාස කෙරේ.

 

අවදානම වැඩි කරන හේතු මොනවාද?

ප‍්‍රධානම හේතුව මලබද්ධය හේතුවෙන් එකවර විශාල අසූචි කොටස් පිට කිරීමට සිදුවීම නිසා වැසිකිළියේදී තැටමීමයි. ඒ තැටමීමේදී ගුදයේ හා ඒ අවට ශිරා පීඩනය වැඩි කිරීමෙන් අර්ශස් වර්ධනයවීමට මග පාදයි. ගර්භිණී සමයේ අර්ශස් තත්ත්වය ඇතිවීම බෙහෙවින් සුලබය. මෙසේ වන්නේ ගුදය හා අධෝ මාර්ගයට ඉහළින් සිටින බිලිඳාගේ වැඞීමත් සමග ඇතිවන පීඩනය හා ගැබිනි සමයේ ඇතිවන හෝමෝනවල වෙනස්වීම ශිරාවලට බලපෑමයි. පුද්ගලයකු වයසට යන විට ගුදය ආස්තරයේ තිබෙන පටක අඩු ආධාරක තත්ත්වයකින් යුක්ත වේ. එයත් මේ සඳහා බලපායි. ගුදය ප‍්‍රදේශයේ ශිරාවල බිත්තිවල දුර්වලතා සමහරුන්ට උපතින්ම ඇති වේ. එසේ වන්නේ ප‍්‍රවේණී ගත සාධක නිසාය.

 

රෝග ලක්ෂණ මොනවාද?

අර්ශස් ප‍්‍රධාන කෙටස් දෙකකින් සඳහන් කළ හැකිය. එනම්.

  1. අභ්‍යන්තර අර්ශස්
     
  2. බාහිර අර්ශස්

 

අභ්‍යන්තර අර්ශස් සෑදෙන්නේ ගුදයේ වටේ ගැටියට සෙන්ටි මීටර 2 - 4 ක් පමණ උඩින් පිටුපස කොටසේය. මේවා ප‍්‍රමාණය හා උග‍්‍රතාව අනුව කොටස් හතරකට වර්ග කළ හැකිය. එනම්,

 

1 වර්ගය -

පසුපස පැසේජයේ ඇතුළත අන්තරයේ ඇතිවන සුළු ඉදිමීමේ තත්ත්වයයි. මේවා ගුදය පිටතින් දක්නට නොලැබෙයි. එහෙත් මෙම අර්ශස් බෙහෙවින් සුලබව දක්නට ලැබේ. මෙම අර්ශස් සමහරුන්ගේ විශාල විය හැකිය.

 

2 වර්ගය -

මෙම අර්ශස් මදක් විශාලය. මෙම අර්ශස් තිබෙන පුද්ගලයා වැසිකිළියට ගිය විට මේවායින් කොටසක් පිටතට පැමිණ ඇතුළට යයි.

 

3 වර්ගය -

ගුදයෙන් පිටතට පැමිණ තිබේ. මෙම අර්ශස් මෘදු ගැටිති මෙන් එම පුද්ගලයාගේ අතට අසු වෙයි. එසේම මේවා ඇඟිල්ලෙන් ඇතුළට තල්ලූ කිරීමටද පුළුවන. බොහෝවිට එසේ ඇතුළට තල්ලූ කිරීමට සිදු වේ. ඒ අපහසුතාවයෙන් මිදීම සඳහාය.

 

4 වර්ගය -

මෙම වර්ගයේ අර්ශස් ගුදයෙන් පිටතට නෙරා තිබේ. එහෙත් තුන්වැනි වර්ගය මෙන් මේවා ඇතුළට තල්ලූ කළ නොහැකිය. සමහරුන්ගේ මේවා බෙහෙවින් විශාල වේ. මේවා ඇති අයට ඉතාම අපහසුතා දැනේ.

 

රෝග ලක්ෂණ එකිනෙකට වෙනස්ද?

මෙම අර්ශස්වල රෝග ලක්ෂණ එකිනෙකට වෙනස්ය. කුඩා අර්ශස් ගෙඩි වේදනා රහිත වේ. එහෙත් මේවායේ වඩාත් සුලබ රෝග ලක්ෂණය වන්නේ වැසිකිළියට ගිය විට රුධිරය ගැලීමයි.

විශාල අර්ශස් ගෙඩිවලින් ශ්ලේෂමල වහනයවීමට පටන් ගනී. මේවායෙන් වේදනාව මෙන්ම නිතර කැසීම හා දැවිල්ල හට ගනී. මෙම ගෙඩි තිබෙන අයට හොඳින් මලපහ වුණත් තවත් වැසිකිළි යාමට වුවමනා වැනි හැඟීමක් ඇති වේ.

පිටතට පැමිණ ඇති අර්ශස් ගෙඩිවල ඇතිවිය හැකි සංකූලතා නම් ඒ තුළ රුධිර කැටියක් හට ගැනීමය. මෙම අර්ශස්වලින් තදබල වේදනාවක් ඇතිවිය හැකිය.

 

බාහිර අර්ශස් රෝගී තත්ත්වය හඳුනාගන්න

අර්ශස් රෝගීන් අතර සුලබව දක්නට ලැබෙන අභ්‍යන්තරව හටගන්නා අර්ශස් තරම් මෙම තත්ත්වය සුලබ නැත. බාහිර අර්ශස් තත්ත්වයේදී ගුදයේ පිටත ගැටියේ කුඩා ගැටිත්තක් මෙන් වර්ධනය වේ. මෙම තත්ත්වයේදී බෙහෝවිට රෝග ලක්ෂණ ඇති නොවේ. මේ නිසා රුධිර කැටියක් හටගන්නා අවස්ථා තිබේ. එසේ වුවහොත් වේදනාකාරී විය හැකිය. ඒ සඳහා ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය වේ.

රුධිර කැටි සහිත බාහිර අර්ශස් තත්ත්වය පැය 48 - 72 කට පසු උච්ච අවස්ථාවකට පත් වේ. එසේ වුවහොත් දින 7-10 කට පසු ක‍්‍රමයෙන් පහව යයි. පිටත හටගන්නා රුධිර කැටි සහිත අර්ශස්වලින් දින කිහිපයක් යන තෙක් රුධිරය පිට වී ක‍්‍රම ක‍්‍රමයෙන් එහි සම හැකිළී යයි. සමහරුන්ට මෙම අභ්‍යන්තර මෙන්ම බාහිර යන අර්ශස් දෙවර්ගයම වර්ධනය වී තිබෙන අවස්ථා දක්නට ලැබේ.

 

ප‍්‍රතිකාර මොනවාද?

මෙවැනි තත්ත්වකින් වැළකීම ප‍්‍රතිකාරයට වඩා වැදගත්ය. මලබද්ධයෙන් වැළකීම සහ වැසිකිළි යාමේදී තැටමීමෙන් වැළකීම මෙම රෝගයෙන් මිදීමට ප‍්‍රධාන හේතුවක් වේ.

සෑමවිටම මල මොළොක්ව තබාගන්න. මේ සඳහා පහත ක‍්‍රමවේද අනුගමනය කරන්න.

නිතර ආහාරවේලට පලා, එළවළු, ධාන්‍ය වර්ග එකතු කරගන්න. එමෙන්ම තන්තු වැඩි එළවළු පලතුරු වැඩියෙන් ගන්න.

දියර වැඩියෙන් පානය කරන්න. දිනකට ජලය හෝ ජලය වැනි පාන වර්ග ලීටර් දෙකක්වත් ගත යුතුය. එනම් කෝප්ප 10 - 12 ක් පමණය. මෙසේ දියර වැඩියෙන් ගැනීමෙන් එයින් කොටසක් මුත‍්‍ර මගින් පිටවන අතර කොටසක් අන්ත‍්‍රයට ගොස් මල මොළොක් කරයි.

මලබද්ධය ඇති අය වේදනා නාශක ගැනීමේදී ‘කෝඬේන්’ අඩංගු වේදනා නාශක නොගත යුතුය.

වැසිකිළි යාම පිළිබඳ සැලකිලිමත් වන්න. අර්ශස් ඇති හෝ එවැනි ගැටළු ඇති විය හැකි අයගේ නිතර මළ බද්ධය ඇතිවන අය වැඩිපුර ජලය පානය කර මල පිටකිරීමේ අවශ්‍යතාව ඇති වූ වහාම වැසිකිළි යා යුතුය. කිසිම විටෙක එම අවශ්‍යතාව පාලනය කරගෙන නොසිටිය යුතුය. එසේ සිටීමෙන් මල තද වී ඒවා ගුදයේ විශාල වී පිට කිරීම ඉතාම දුෂ්කර වේ.

වැසිකිළියට ගොස් තැටමීම නොකළ යුතුය. සාමාන්‍යයෙන් නිසි ලෙසට දිනපතා මලපහ නොවන්නේ නම් දින කිහිපයකින් ඒවා පිට කිරීමේ අවශ්‍යතාව පැමිණියත් තැටමීමට සිදු වේ. එවැනි විටෙක තැටමීම නොකළ යුතුය. එසේ තැටමීමට අවශ්‍ය වන්නේ මල පිට කිරීමට අවශ්‍ය නිසා එම පුද්ගලයා වැසිකිළියේ වැඩි වේලාවක් සිටීම නිසාය. කිසිම විටෙක එසේ වැඩි වේලාවක් නොසිටිය යුතුය.

ඉහත සඳහන් ක‍්‍රම අනුගමනය කිරීමෙන් රුධිර වහනය හා අපහසුතාවට සහන සැලසෙයි. කුඩා නොවන හා පිටතට පෙනෙන අර්ශස් ගෙඩි ඇති අය ඉහත ප‍්‍රතිකර්ම අනුගමනය කළොත් බොහෝවිට කලක් යන විට ඒවා සුවපත් වේ.

එහෙත් අර්ශස් නිසා ඇතිවන අපහසුතාවට කැසීම ආදියට, ආලේපන, ක‍්‍රීම් හා ඇතුළට දමන ඖෂධ (සපොස්ටරිස්* තිබේ. ඒවා වෛද්‍ය උපදෙස් මත ගත හැකිය.

පිටතින් තිබෙන විට ගත හැකි මෘදු ආලේපන සපොස්ටරිස් මගින් අපහසුතාව බොහෝදුරට පාලනය කරගත හැකිය.

මේ හැර නිර්වින්දක අඩංගු සැකසුම්ද තිබේ. ඒවා වෛද්‍ය උපදෙස් මත කර ගත යුතුය. මේවා භාවිත කළ යුත්තේ දින 5 - 7 වැනි කෙටි කාලයකටය. දිගු කලක් එවැනි දෑ පාවිච්චි කළොත් ගුදය අවට සමේ දැවිල්ලක් හට ගනු ඇත.

අර්ශස් අවට ප‍්‍රදේශය විශාල ලෙස ප‍්‍රදාහයට පත්ව ඇත්නම් ස්ටෙරොයිඞ් අඩංගු ද්‍රව්‍ය වෛද්‍යවරයා විසින් නියම කරයි. එයින් ගුදය අවට තිබෙන ප‍්‍රදාහය හා ඉදිමීම අඩුකරගත හැකිය. එහෙත් මෙම ස්ටෙරොයිඞ් අඩංගු ක‍්‍රීම් වර්ග සතියකට වැඩි කාලයක් පාවිච්චි නොකළ යුතුය.

බෙහෙවින් වේදනාකාරී පිටතට නෙරූ අර්ශස් තිබේ නම් අයිස් බහාලූ පැක් එකක් විනාඩි 15 - 30 ක් පමණ එම ප‍්‍රදේශයේ තබාගෙන සිටීමෙන් වේදනාව සමනය වී සහනයක් ලැබෙනු ඇත.

ගැබිනි කාලයේ හටගන්නා අර්ශස් බොහෝවිට දරු ප‍්‍රසූතියෙන් පසු පහවී යයි.

මේ හැර බරපතළ ලෙස මෙම රෝගයෙන් පෙළෙන රෝගීන් සඳහා බෑන්ඩින් නම් ප‍්‍රතිකාරය කරනු ලැබේ. ඒ ගැන මීළඟ ලිපියෙන් දැන ගනිමු.

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 6 of 35 << < 45678 > >>