You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Sep 2017 01:35 AM by  sha733
ගැහැණු හා පිරිමි මනසේ වෙනස්කම්
 8 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Sep 2017 06:53 PM

     

    ගැහැණු හා පිරිමි මනසේ වෙනස්කම්

    “අනේ වෙලාවකට ඔයා හෙන අමුතුයි”, “මට තෙරෙන්නේ නෑ ප්‍රශ්නයක් වුණාම ඇයි ඔයා තනි වෙන්න හදන්නෙ කියලා”, “ඇයි ඔයාට හරියට රිවස් කරගන්න බැරි? පොඩි ළමයේ වුණත් ඒක කරාවි” කොයි තරම් ආදරෙන් හිටියත් තරුණ ජෝඩු පමණක් නෙවෙයි සතුටින් ජීවිත කාලයම ගත කරපු මහලු ජෝඩු අතරෙත් මේ වගේ වගේ සංවාද නිතරම ඇති වෙනවා. ලෝකය බිහිවූ දා සිට හැම විටම මේ වගේ ප්‍රශ්න ගැහැණුන් හා පිරිමින් අතරේ නිතරම අැති වෙන්නට ඇති.

    මේ දෙකොට්ඨාසය අතරේ මේ තරම් පරස්පර විරෝධී අදහස් ඇති වෙන්නේ ඇයි? වර්තමානයේදී එකිනෙකාට ඉතා සමාන කර්තව්‍යවල නිරත වුණත් මිනිස් සම්භවය සිදු වුණු මුල් අවදියේදී පිරිමියා හා කාන්තාවට එකිනෙකාට වෙනස් වගකීම් පැවරී තිබුණා. ඔවුනොවුන්ගේ මනස් උපතින්ම සැකසී තිබුණේත් ඒ වගකීම් හොඳින් ඉටු කිරීමට හැකි වන අයුරින්. ඒ ඒ කර්තව්‍යවලට අදාළ ක්‍රියා හා සංවේදන ප්‍රබල ලෙස දැනෙන හා ක්‍රියාවේ යෙදවෙන අයුරිනුත්, අනවශ්‍ය ඒවා ඒ තරම් ශක්තිමත් නොවන ලෙසත් කායික අවයව පමණක් නොව නොව මනස පවා විශේෂණය වී තිබුණා.

    කාලයාගේ ඇවෑමෙන් මේ දෙපිරිසට යෙදීමට සිදුවන කාර්යය හා දරන්නට සිදුවන වගකීම්වල ස්වභාවය වෙනස් වී හා එකිනෙකා අතර පරස්පරතාවය සෑහෙන්නට අඩු වී තිබුණත් ඔවුනොවුන්ගේ මනස් නම් ඒ ආකාරයෙන් වෙනස් වී නෑ. ලොව අසිරිමත්ම දෙයක් වන මිනිස් මනස ස්ත්‍රී හා පුරුෂ වශයෙන් මේ ආකාරයෙන් සැළකිය යුතු තරමේ වෙනස් කම් සහිතව ගොඩනැඟෙන නිසා ඔවුන්ගේ මානසික හැකියාවන් හා චර්යා රටා වෙනස් වී ඇති අයුරු ඇත්තෙන්ම චමත්කාරයි.

    මානව සම්බන්ධතා

    dreamstime.com

    මානව සම්බන්ධතා සළකන විට කාන්තාව පිරිමියාට වඩා සන්නිවේදන කුසලතා පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම කාන්තාව සන්නිවේදනය කරද්දී ප්‍රශ්නයකට නිසි විසඳුම් සෙවීමේ වඩාත් ගැළපෙන ක්‍රමය සොයා ගැනීමටත්, නිසි ආකාරයෙන් ගැටළු උකහා දැක්වීමටත්, ස්වරය වෙනස් කිරීම මඟින් මඟින් භාෂණය නොවෙන පණිවිඩ සම්ප්‍රේෂණයටත්, භාව ප්‍රකාශනය හා සංවේදී වීමටත් දක්වන්නේ උපන් හපන් කමක්. පිරිමියෙකු පණිවිඩයක් සම්ප්‍රේෂණය කරන විට යම් ඉලක්කයකට අනුකූලව එය කරන අතර එය කුඩා කොටස් ලෙස වෙන වෙනම ඉදිරිපත් කරනවා. පුරුෂයා කාන්තාවන් භාව ප්‍රකාශන මඟින් ඉදිරිපත් කරන පණිවුඩ තේරුම් ගත නොහැකිව අපහසුතාවයට ලක් වෙනවා. මේ හේතුව නිසා කොයි තරම් ආදරණීය ජෝඩු අතර පුංචි පුංචි ආරවුල් ඇති වෙනවාද?

    මොළයේ වම් හා දකුණු අර්ධ ගෝල භාවිතාව

    මොළයේ වම් හා දකුණු අර්ධගෝල නිර්මාණය වී ඇත්තේ වෙනස් කාර්යයන්ට ප්‍රමුඛතාවය ඇති වන පරිද්දෙන් (bebrainfit.com)

    පිරිමියෙකු සාමාන්‍යයෙන් මොළයේ වම් අර්ධගෝලය වැඩිපුර භාවිතා කරනවා. මේ නිසා ප්‍රශ්නයක් විසඳීමේදී යම් ඉලක්කයක් පෙරදැරිව කුඩා මෙහෙයුමක් ලෙස පියවරෙන් පියවර එය විසඳීමට ඔවුන්ට ඇත්තේ විශේෂ හැකියාවක්. කාන්තාවක් සාමාන්‍යයෙන් මේ වැනි කටයුත්තකදී සිය මොළයේ අර්ධගෝල දෙකම භාවිතයට ගන්නවා. එම නිසා වඩාත් නිර්මාණශීලී ලෙස හා හැඟීම් කෙරෙහි සංවේදී වෙමින් ප්‍රශ්නයක් නිරාකරණය කිරීමට කාන්තාවන්ට හැකි වෙනවා.

    ගණිතමය හැකියාව

    designbump.com

    පුරුෂ මොළයක ගණිතමය හැකියාව සඳහා ඇති විශේෂ ප්‍රදේශය කාන්තාවකට වඩා ප්‍රමාණයෙන් විශාලව පිහිටා තිබෙනවා. එයිනුත් වම්පස කොටස කාන්තා මොළයකට වඩා සැළකිය යුතු තරම් විශාලයි. මේ නිසා කාන්තාවකට වඩා සාමාන්‍යයෙන් ගණිත ගැටලු විසඳීමටත්, ප්‍රමාණය පිළිබඳ වැඩි අවබෝධයකුත් (අවකාශ භාවිතයේදී) පුරුෂයෙකුට ලැබෙනවා. වාහන පැදවීමේදී පුරුෂයෙක් සාමාන්‍යයෙන් කරන, ව්‍යවහාරික භාෂාවෙන් කිව්වොත් ‘ළඟ නැවීම්’ වලදී බොහෝ කාන්තාවන් බියට පත් වී කලබල වන්නේ එහෙයින්.

    කාන්තා මනසේ පෙර සඳහන් කළ විශේෂ ප්‍රදේශයේ වැඩි වර්ධනයක් ඇත්තේ දකුණුපස නිසා පුරුෂයෙකුට වඩා ඉතා සියුම්ව සංවේදන ග්‍රහණය කර ගැනීමට ඇයට පුළුවන්. ගෙදර කරාමයකින් ජලය කාන්දු වෙද්දී සැමියා සැපසේ නිදන අතර කාන්තාවකට නින්ද නොයන්නේ එම නිසා. ඇයගේ මොළය විශේෂණය වී තිබෙන්නේ ගෙදර දොර හඬවල් හා දරුවෙකුගේ හැඬීම ඉක්මණින් ග්‍රහණය වීමට. පුරුෂ මොළය සෑදී තිබෙන්නේ වේගයෙන් යන සතෙකුගේ චර්යාව අවබෝධ කරගෙන ඊට නිසියාකාරව පහර දීමට.

    ආතතියට ප්‍රතිචාර දැක්වීම

    askdrmanny.com

    සාමාන්‍යයෙන් පුරුෂයා ආතතිය හමුවේ ආක්‍රමණශීලී වන අතර බොහෝ විට කාන්තාව තමන් හා සිය දරුවන් කෙරෙහි ආරක්ෂිත ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. මේ ප්‍රතික්‍රියා වෙනසට හේතුව හෝමෝනමය වෙනස්කම්. ආතතියක් ඇති විට දෙපාර්ශවයේම ශරීරවලින් ඔක්සිටොසීන් හෝමෝනය යම් ප්‍රමාණයකට ශ්‍රාවය වීම සිදු වූවත් එහි ක්‍රියාකාරීත්වය ඊස්ට්‍රජන් හෝමෝනය මඟින් උද්දීපනය කරන අතර ටෙස්ටෙස්ටරෝන් මඟින් නිශේධනය කරනවා. මේ නිසා කාන්තාවකට ඔනෑම ආතතියක් යටතේ දරුවන් බලාගැනීම වැනි ක්‍රියාවක් ගැටළුවකින් තොරව කළ හැකි අතර පුරුෂයෙකුට එම හැකියාව නැහැ. නමුත් ආක්‍රමණශීලී නම් විය හැකියි. හදිසි අවස්ථාවකදී, එනම් උදාහරණ වශයෙන් ගිනි අනතුරක් වැන්නකදී පුරුෂයෙක් කාන්තාවකට වඩා අවස්ථානෝචිතව ක්‍රියා කරනවා.

    භාෂා භාවිතය

    istockphoto.com

    කාන්තාවකගේ මොළයේ අර්ධගෝල දෙකෙහිම භාෂාව සම්බන්ධ ප්‍රදේශ පුරුෂයෙකුට වඩා ප්‍රමාණයෙන් විශාල‍යි. එම නිසා භාෂා භාවිතය අතින් කාන්තාවක් පිරිමියෙක්ට වඩා ඉදිරියෙන් සිටිනවා. සාමාන්‍යයෙන් පිරිමියෙක්ගේ ප්‍රමුඛ අර්ධගෝලයේ (දකුණත්කරුවෙක් නම් වම, වමත්කරුවෙක් නම් දකුණ) පමණක් භාෂාව පිළිබඳ ප්‍රදේශය හොඳින් වර්ධනය වී තිබෙනවා. එම නිසා භාෂාවක් ඉගෙනීමේදී හොඳින් ක්‍රියාත්මක වන්නේ ඒ කොටස පමණයි. කාන්තාවකගේ කොටස් දෙකම භාෂාවක් භාවිතයේදී ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් ආඝාත තත්වයක් ඇති වී පිරිමියෙකුගේ මොළයේ භාෂාව සැකසෙන අර්ධගෝලයට හානි වුවහොත් ඉතා පහසුවෙන් ඔහුගේ භාෂා භාවිත හැකියාව ක්ෂීණ වන අතර කාන්තාවක් අනෙක් කොටස කොටස භාවිතයෙන් යථා තත්වයට පත් වෙනවා.

    හිසට ප්‍රශ්නයක් වැටුණු විට කාන්තාව වැඩිපුර කතා කරන අතර පිරිමියා ගේ කතා කිරීම අඩු වෙනවා. සාමාන්‍යයෙන් අනෙකාගේ ක්‍රමය තේරුම් නොගෙන තමාගේ ක්‍රමය හරියැයි සිතීම නිසා තරුණ ජෝඩු අතර මත ගැටුම් ඇති වෙන්නේ මේ නිසා.

    හැඟීම් ප්‍රකාශනය

    chatelaine.com

    කාන්තාවකගේ මොළය සැකසී ඇති ආකරය අනුව ඔවුන් පිරිමින්ට වඩා හැඟීම්බර වෙනවා සහ ඒවා ප්‍රකාශ කරනවා. මේ අනුව පුරුෂයෙකුට වඩා අන් අය සමඟ කාන්තාවකට ලෙහෙසියෙන් බැඳීම් ඇති කරගන්නට පුළුවන්. මේ නිසා කාන්තාවකට කුඩා දරුවන් සමඟ ලෙහෙසියෙන් බැඳෙන්නට හැකියාව තිබෙනවා. නමුත් මේ නිසාම කාන්තාවක් ලෙහෙසියෙන් මානසික පීඩනයටද ගොදුරු විය හැකියි.

    වේදනාව

    theconversation.com

    කාන්තාවකට හා පුරුෂයෙකුට වේදනාව දැනෙන්නේ වෙනස්වයි. කාන්තාවකට වැඩිපුර වේදනාව දැනෙන අතර පුරුෂයෙකුට වඩා එය ප්‍රකාශ කිරීමට ඇය දක්වන්නේ ශක්‍යතාවයක්. දෙපාර්ශවයේ මොළ සැකසී ඇති ආකාරයට අනුව සිරුරට බාහිරින් පැමිණෙන වේදනා පිරිමින්ට හොඳින් දරාගත හැකි අතර අභ්‍යන්තර වේදනා කාන්තාවන්ට හොඳින් දරාගත හැකියි. විශේෂයෙන් දරු උපතකදී කාන්න්තාවක උසුළන වේදනාව පුරුෂයෙකුට කිසිසේත්ම දරාගත නොහැකි බව කිව යුතුමයි.

    අවකාශය පිළිබඳ අවබෝධය

    reddit.com

    පිරිමින්ට කාන්තාවන්ට වඩා අවකාශය පිළිබඳ අවබෝධය වැඩියි. සාමාන්‍යයෙන් මනෝමයෙන් කෙරෙන හැඩය, පරිමාණය හා දිශාව පිළිබඳ නිර්ණය කිරීමට කාන්තාවන්ට ඇත්තේ යම් නොහැකියාවක්. විශේෂයෙන් වාහන පැදවීමේදී හා පසුපසට ගැනීමේදී කාන්තාවක් සාමාන්‍යයෙන් දිශාව හඳුනා ගත නොහැකිව දෙගිඩියාවකට පත් වෙනු දකින්නට පිළිවන්. පාරිසරික සාධක හා සතතාභ්‍යාසය මත යම් ප්‍රමාණයකට මේවා වෙනස් වෙන්නට හැකි‍යි.

    පුරාණ මානවයාගේ පිරිමියාට දඩයමට හුරු වීම සඳහා මෙම අවකාශ නිර්ණ හැකියාවන් දායක වුණු අතර ගෙදර දොරේ වැඩ කරන කාන්තාවට එය ඒ තරම් අවශ්‍ය වුණේ නෑ. එම නිසා කිසි විටක පුරුෂයන් තමන්ගේ මව, සොහොයුරිය, පෙම්වතිය හෝ බිරිඳ වාහන පදවන විට දක්වන දුර්වලතාවයන්ට හෝ තමන් වාහන පදවන විට එන විරුද්ධ වීම්වලට තරහ නොගත යුතුයි.

    මානසික රෝග වලට ලක් වීමේ අවදානම

    ibn-tv.com

    පුරුෂයා හා කාන්තාවගේ මොළ වෙනස් ආකාරයකින් විශේෂණය හා විභේදනය වී ඇති නිසා මානසික රෝගවලට ලක් වීමේ අවදානමත් විවිධයි. සාමාන්‍යයෙන් පුරුෂයින් භාෂා භාවිතය හා කථනය පිළිබඳ රෝගාබාධවලට ලෙහෙසියෙන් ලක් වන අතර කාන්තාවන් හැඟීම් පිළිබඳ රෝග වන මානසික පීඩනය හා විශාදය වැනි රෝගවලට ලෙහෙසියෙන්ම ලක් වෙනවා. සාමාන්‍යයෙන් වමත් කරුවන් වැඩි පිරිසක් පිරිමින් වන අතර, ඔටිසම් වැනි රෝගවලටද වැඩිපුර ලක්වන්නේ පිරිමින්.

    kompasiana.com

    තරුණ ජෝඩු හා සමහර විට විවාහක අය අතරද මත ගැටුම් ඇති වීම ස්වභාවික දෙයක්. ඒවා වැඩිමනක්ම සිද්ධ වෙන්නේ විවිධ දේ සම්බන්ධයෙන් හා විවිධ අවස්ථාවලදී අනෙක් පාර්ශවය ක්‍රියා කරන පිළිවෙල තමන්ට ආගන්තුකව දැනෙන නිසායි. විශේෂයෙන්ම පිරිමින්ගේ ‘බහු ඉලක්ක’ (Multitasking) එක වර සැපිරීමේ නොහැකියාව හා ගෙදර දොර කටයුතු සම්බන්ධ අසංවේදීතාව කාන්තාවන්ට ගැටළුවක්. කාන්තාවකගේ දිශා හඳුනාගැනීමේ දුර්වලතාව හා අවකාශ භාවිත කිරීමේ ගැටළු පුරුෂයාට ගැටළුවක්, විටෙක ඇයගේ වාග් විලාශය ද ඔහුට දරාගත නොහැකියි.

    කොහොම නමුත් මේ සියල්ලටම ඔවුන් වග කිව යුතු නැහැ. ගැහැණියගේ හා පුරුෂයාගේ මොළවල හා උපතින්ම අැති වෙනස්කම් ගැන අවබෝධයකින් ජීවත් වෙනවා නම් බොහෝ මත ගැටුම් නිරාකරණය කරගන්නට පුළුවන්.


    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    07 Sep 2017 09:34 PM
    ජීවත් වීමේදී එකිනෙකා අතර අවබෝධය වැදගත්..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    08 Sep 2017 12:16 AM

    බොහොම හොඳ ලිපියක්....

    ඒ වගේම මේ ලිපියෙන් දැනගන්න බැරි දේවල් මේ පොතෙන් කියවලා තේරුම් ගන්න බලන්න ඕනේ.

    Image and video hosting by TinyPic



     

     

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    08 Sep 2017 12:34 AM
    අම්මො පික්සු නේ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    08 Sep 2017 01:37 AM
    Posted By Imalka on 08 Sep 2017 12:16 AM

    බොහොම හොඳ ලිපියක්....

    ඒ වගේම මේ ලිපියෙන් දැනගන්න බැරි දේවල් මේ පොතෙන් කියවලා තේරුම් ගන්න බලන්න ඕනේ.

    Image and video hosting by TinyPic



     

     

    මම මේකේ මෙගා වර්ෂන් එක ගන්නව. පොකැට් වර්ෂන් එක හරියන්නෙ නැහැ.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    08 Sep 2017 03:48 AM
    ඉමල්ක අයියගේ පොත කියෙව්වත් මමනං හිතන්නෙ නැහැ ඕක දැනගන්න පුලුවන් වෙයි කියල
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    08 Sep 2017 05:25 AM
    ස්තුතියි අක්කේ මේ ලිපිය වැදගත්.ඒ නිසා සෙව් කර තියාගන්නවා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    08 Sep 2017 08:22 AM
    එකිනෙකා අතර අවබෝධය තියෙන්න ඕන වුනාට තේරුම් ගැනීමට අමාරුම අය තමයි කාන්තාවෝ කියන්නේ.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    09 Sep 2017 01:35 AM
    Posted By maduranga001 on 08 Sep 2017 01:37 AM
    Posted By Imalka on 08 Sep 2017 12:16 AM

    බොහොම හොඳ ලිපියක්....

    ඒ වගේම මේ ලිපියෙන් දැනගන්න බැරි දේවල් මේ පොතෙන් කියවලා තේරුම් ගන්න බලන්න ඕනේ.

    Image and video hosting by TinyPic



     

     

    මම මේකේ මෙගා වර්ෂන් එක ගන්නව. පොකැට් වර්ෂන් එක හරියන්නෙ නැහැ.

    පොකැට් එක මෙහෙමනං මෙගා එක කොහොමට තියෙයිද

    0
    You are not authorized to post a reply.