You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Jan 2019 07:35 PM by  Udari
කරවිල ඔසුවක් ලෙස
 681 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 35 << < 12345 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
20 Jul 2018 10:44 PM
මං කැමති රස්නෙ වතුරට
Udeshika Herath
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
21 Jul 2018 02:16 AM
උණු වතුර නෑමෙන් හිසකෙස් ඉක්මනට යනවා කියලත් අහලා තියෙනවා
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
21 Jul 2018 07:35 AM
සීත කාලෙට නම් ඉතින් සීතල වතුර නාන්න බෑනි
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
21 Jul 2018 08:09 AM
Posted By Imalka on 21 Jul 2018 02:16 AM
උණු වතුර නෑමෙන් හිසකෙස් ඉක්මනට යනවා කියලත් අහලා තියෙනවා

ඒක තමයි මගේ තට්ටේ පැදිලා තියෙන්නේ 
ආදරයේ උල්පත අම්මා ......................
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Jul 2018 08:27 AM
සීතල , උණු කෙසේවෙතත් නාන එක නම් කෝකටත් හොදයි.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
21 Jul 2018 07:29 PM

ඉරුවාරදය

ලෙඩක හැටි

 

නොමළ ගෙයකින් අබ මිටක් සෙවීම අසීරු ​ෙවන්නා සේ, ජීවිත කාලය පුරාවට හිසරදය නොවැළඳුණු අයෙකු සෙවීම ඉතා අසීරු වේ.  

සෑම විටම භයානක නොවුවද හිසරදය යනු පුද්ගලයා කායිකවත්, මානසිකවත් පීඩාවට පත් කරනා සුලභව දැකිය හැකි රෝගි තත්ත්වයකි.  

මෙවර ලෙඩක හැටි ලිපි මාලාවෙන් දිග හැරෙන්නේ හිසරදය ඇතිවීමට හේතුවක් වන ඉරුවාරදය පිළිබඳවය.   

ලොව ජනගහණයෙන් සියයට 12 කට වැඩි පිරිසක් ඉරුවාරදයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇත.  

ඕනෑම වයසක පසුවන්නෙකු ඉරුවාරදය වැළඳීම සුලබ වුවද මැදිවයසේ කාන්තාවන් අතර ඉරුවාරදය බහුලව දක්නට ලැබේ.  

රෝග ලක්ෂණ  

1. හිසරදය  

ඉරුවාරදය හේතුවෙන් ඇති ​ෙවන හිසරදය හිසේ එක් පැත්තකින් ආරම්භ වී හිස පුරා පැතිරෙන වේදනාවක් ලෙස පැවතිය හැකිය.  

මෙලෙස ඇති වන හිසරදය පැය 4-72 කාලයක් පැවැතීම ප්‍රධාන ලක්ෂණයකි. වරක් ඇති වන හිසරදය නිතර ඇති වීමට පුළුවන.  

2. වමනය, ඔක්කාරය.  

3. හිරු එළියට සහ ශබ්දවලට අධික ලෙස සංවේදී වීම.  

4. ඉක්මනින් තරහා යෑම ආදි රෝග ලක්ෂණ ඇති විය හැක.  

ඉරුවාරදය බහුලව දැකිය හැකි අවස්ථා  

මෙලෙසින් ඇති වන හිසරදය පූර්ව දැනුම් දීමේ ලක්ෂණයක් නොමැතිවද  පූර්ව දැනුම්දීමේ රෝග ලක්ෂණද සහිතවද ඇති වීම සුලභව දැකිය හැකිවීම විශේෂත්වයකි.  

පූර්ව දැනුම්දීම් සහිත ඉරුවාරදයේදී ඇතිවන රෝග ලක්ෂණ  

1. පෙනුම හා සම්බන්ධ රෝග ලක්ෂණ. මෙහිදී ඇසෙහි දෘෂ්ඨියේ කොටසක් නොපෙනී යාම, එළි හා ඉරි ආදී දිස්වීම සහ දෘෂ්ඨිය හා සම්බන්ධ අනෙකුත් ගැටලු ද දක්නට ලැබේ.  

2. අත්වල සහ මුහුණේ ඇතැම් ස්ථානවල ඇතිවන හිරිගතිය.  

3. කථනය හා සම්බන්ධ අපහසුතා  

ඉහත රෝග ලක්ෂණ පූර්ව දැනුම් දීමකින් තොරව ඇතිවී, හිසරදය තෙක් වර්ධනය නොවී ඉබේම සුවපත් විය හැකිය.  

ඉරුවාරදය ඇති විය හැකි දුර්ලභ ආකාර  

ඔසප් වීම හා සම්බන්ධ ඉරුවාරදය

 

ස්ත්‍රීන්ගේ ඔසප් කාලයේදී නිරතුරුවම ඇති වන මෙම හිසරදය, මෙම ස්වාභාවික ක්‍රියාවලිය අවසන් වීමත් සමඟ සුවපත් වේ.  

උදරගත වේදනාව ලෙස ඇති වන හිසරදය  

මෙම තත්ත්වය බහුලව දැකිය හැකි වන්නේ ළමුන් අතරය. මෙහිදී හිසරදය ඇතිව හෝ නැතිව උදරගත වේදනාව පැවැතිය හැකි අතර ඇතැම් විට ඔක්කාරය සහ වමනයද ඇති වීමට පුළුවන.  

නව යොවුන් වියේ පසුවන්නන්ට ඉරුවාරද තත්ත්වයක් ඇතිවීමට වැඩි නැඹුරුවක් තිබේ.  

දෘෂ්ඨියේ වෙනසක් සමඟ ඇති වන ඉරුවාරදය 

එක් ඇසක පෙනුමේ අඩුවක් ලෙස ඇති වෙන මෙම ඉරුවාරදය ටික දිනකින් ඉබේම යථා තත්ත්වයට පත් වේ. දෘෂ්ඨියේ වෙනසක් අැති නිසා, බොහෝ පිරිසකට මෙය ඉරුවාරදය, අක්ෂිය හා සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක්ද යන්න නිවැරදිව හඳුනාගත නොහැකි වේ. මෙම අවස්ථාවේදී සාමාන්‍ය දෘෂ්‍ඨි පරීක්ෂාවක් සිදුකළද ඇසෙහි රෝගී තත්ත්වයක් හඳුනාගත නොහැකි වේ.  

ශරීරයේ එක් පැත්තක අඩපණ විමෙන් ඇති වන ඉරුවාරදයද දුර්ලභව දැකිය හැකි රෝගී තත්ත්වයකි.  

ඉරුවාරදය හේතුවෙන් ඇතැම් රෝගීන්ට ඇතිවන මෙම රෝග ලක්ෂණයේදී ශරීරයේ එක් පැත්තක් අඩපණ වීමට පටන් ගැනෙනු අතර පැය ගණනකින් හෝ දවස් ගණනකින් රෝගී තත්ත්වය සුවපත් වේ. මෙය අංශබාග තත්ත්වයක් වන්නේ නැත.  

5. ඉරුවාරදය ඇති විය හැකි තවත් අවස්ථාවකි කැරකැවිල්ල සමඟ රෝගී තත්ත්වය මතුවීම. මෙහි මූලිකම රෝග ලක්ෂණය වන්නේ කැරකැවිල්ල සමඟ ඇතිවන හිසරදය විනාඩි 5 කාලයේ සිට පැය 72 ක කාලය දක්වා පැවැතිය හැකි වීමය.  

ඉරුවාරදය ඇති වීමට බලපාන හේතු  

විවිධ හේතූන් මත ඉරුවාරදය ඇති වන බවට වෛද්‍ය විද්‍යාත්මකම කරුණු පෙන්වා දුන්නද, රෝගයට නිශ්චිතවම බලපාන හේතූන් සෙවීම අදටද පර්​ෙ‌ය්ෂණ මට්ටමින් සිදුවේ.  

කෙසේ නමුත් දැනට සොයා ගෙන ඇති කරුණු අනුව, මොළයේ ඇති රුධිරවාහිනිවල පවතින විෂ්කම්භයේ වෙනස් වීම් ඉරුවාරදය ඇති වීමට බලපාන හේතූන් අතර වේ.  

මොළයේ ස්නායු සම්බන්ධ රසායන ද්‍රව්‍යයන්හි සංයුතියේ ඇතිවන වෙනස් වීම්ද, ඊස්ට්‍රජන් නමැති හෝමෝනයේ සිදුවන වෙනස්වීමද, ඉරුවාරදයට බලපාන හේතූන් ලෙසට හඳුනාගෙන ඇත.  

ඉරුවාරදය ඇති වීමට බලපාන සාධක  

1. හිතකර නොවනා කෑම, බීම ගැනීම (උදාහරණයක් ලෙසට කැ​ෙෆ්න් අඩංගු පාන වර්ග, චීස්, චොක්ලට්, පිටි සහ තෙල් අධික ආහාර)  

2. නියමිත වේලාවට ආහාර නොගැනීම.  

3. ඇතැම් හො​​්මෝන අඩංගු ඖෂධ භාවිතය.  

4. ප්‍රමාණවත් නින්දක් නොලැබීම හෝ වැඩිපුර නිදා ගැනීම.  

5. මානසික ආතතිය.  

රෝග නිර්ණය  

ඉරුවාරදය රෝගියාට ඇතිවන රෝග ලක්ෂණ අනුව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා නිශ්චිතව නිර්ණය කර ගැනීම ඉතාම වැදගත්ය. ඉහතින් සඳහන් කළ රෝග ලක්ෂණ වලට අමතරව රෝගියෙකුට මේ හා සම්බන්ධ වෙනත් රෝග ලක්ෂණ ඇතිනම් මොළයේ ස්කෑන් පරීක්ෂාවක් කර ගැනීම ඉතා ඉක්මනින් සිදුකළ යුත්තකි.  


ප්‍රතිකාර ක්‍රම  

ඉරුවාරදය සඳහා නිශ්චිත ප්‍රතිකාර ක්‍රම ඇතත්, බොහෝ රෝගීන්, රෝග නිවාරණයට භාවිත කරනුයේ වේදනානාශක ඖෂධය.  

මෙහිදී රෝගීන් දැනුම්වත් විය යුතු විශේෂ කරුණක් තිබේ. එනම්, නිරතුරවම වේදනානාශක පෙති ගැනීමද හිසරදය ඇතිවීමට බලපෑ හැකි බවය.  

ඉරුවාරදය ඇති විට ගැනීමට සහ ඉරුවාරදය දිගින් දිගටම එ්ම වැළැක්වීමට දෛනිකව මාස 4-6 භාවිත කළ යුතු ඖෂධද රෝගී සුවතාව වෙනුවෙන් නිර්දේශ කෙරේ.  

ඉරුවාරදය ඇති රෝගියෙකු වෛද්‍ය නිර්දේශය මත, නියමිත මාත්‍රාවෙන් නියමිත වේලාවට ඖෂධ ලබාගත යුතු බව මතක තබාගත යුතු කරුණකි. හිසරදය සුළු රෝගයක් ලෙස සිතා හිතුමතේ ඖෂධ ලබාගැනීම අතුරු ආබාධ රැසකට අතවැනීමක් විය හැක.  

ඖෂධ පෙති මගින් සුව නොවනා රෝගීන්ට ඇතැම් විට වෛද්‍යවරුන් ඖෂධය එන්නත් රෝග නිවාරණය වෙනුවෙන් නිර්දේශ කෙරේ.

 

 

 

 

 

 

 

 

සටහන
අසුන්තා එදිරිසූරිය

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
21 Jul 2018 07:36 PM

anthraප්‍රශ්නය - පසුගිය සතිවල අප ගුදගත රෝග කිහිපයක්‌ ගැන සාකච්ඡා කළා. භගන්දරය, ගුද විද්‍රdධිය, ගුද භ්‍රංගය යන රෝග ගැන එහිදී කරුණු පැහැදිලි කළා. ඒ අතර අපගේ පාඨකයන් කිහිප දෙනෙක්‌ අපෙන් ඉල්ලා සිටියා බඩවැලේ හටගන්නා තුවාල ගැනත් විස්‌තර කරන්න කියා...

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - බඩවැලේ තුවාල හටගැනීම බහුලව පවත්නා නමුත් රෝගීන් වැඩිදෙනා නොදන්න රෝගයක්‌. ආයුර්වේදයේ මෙය හඳුන්වන්නේ අන්ත්‍ර ප්‍රදාහය හෝ අන්ත්‍රවල ව්‍රණ යන නමින්. බටහිර වෛද්‍ය විද්‍යාවේදී මෙයට කියන්නේ Ulcerative Colitis කියලයි. රෝග නිශ්චයේ දී දිගුකාලීන සහ කෙටි කාලීන ලෙස හඳුනා ගන්නා රෝග තිබෙනවා. සාමාන්‍යයෙන් කිසියම් රෝගයක්‌ මාස 3 කට වැඩි කලක්‌ පවතිනවා නම් බටහිර වෛද්‍යවරුන් එයට Chronic හෙවත් නිධන්ගත රෝග තත්ත්වයක්‌ බව කියනවා. ආත්‍රයිටිස්‌, ඇදුම, පිළිකාව, දියවැඩියාව, සිගරැට්‌ බීම නිසා හටගන්නා ඇතැම් පෙණහලු රෝග, සමහර වෛරස්‌ ආසාදන, හෙපටයිටිස්‌, යනාදිය නිදන්ගත රෝගවලට උදාහරණ ලෙස ගත හැකියි. අන්ත්‍ර ප්‍රදාහයත් මෙවැනි නිදන්ගත තත්ත්වයක්‌. මෙය දිගුකාලීනව තිබෙන විට මහ බඩවැල සහ ගුද මාර්ග යන ප්‍රදේශවල තුවාල හටගන්නවා.

ප්‍රශ්නය - මෙය හටගන්නේ කොහොමද?

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - අන්ත්‍ර ප්‍රදාහයට සෘජු හේතුව මේ යයි කියන්නට පුළුවන් කමක්‌ නැහැ. එයට බලපෑ හැකි සාධක ලෙස හඳුනාගත් දේවල් කිහිපයක්‌ තිබෙනවා. ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතියේ බිඳවැටීම, ජානමය හේතු, බඩවැල්වල තිබෙන බැක්‌ටීරියාවල ක්‍රියාකාරිත්වය සහ පාරිසරික හේතු මෙසේ හඳුනාගත් සාධක ලෙස ගැනෙනවා. තවත් තර්කයක්‌ වන්නේ බටහිර ක්‍රමයේ ආහාර වේලකට සහ සුඛෝපභෝගී ජීවන රටාවකට හුරු වීමෙනුත් මේ රෝගය හටගන්නා බවයි.

ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවාද?

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - අන්ත්‍ර ප්‍රදාහය හටගන්නේ මිනිස්‌ ශරීරයේ වැදගත්ම කොටස වන ආහාර ජීර්ණ පද්ධතියට අයත් මහාන්ත්‍රය තුළයි. ඒ නිසා මෙය විශාල ප්‍රශ්නයක්‌ බවට පත්විය හැකියි. මෙය මහාන්ත්‍රයේ කොතැනක හටගත්තාද කියන කාරණය මත තමයි එමගින් ඇති විය හැකි හානිය තක්‌සේරු කරන්නට පුළුවන් වන්නේ. මෙහි රෝග ලක්‍ෂ මුලදී විටින් විට පහල වී අතුරුදන් වෙනවා. මූලිකව හටගන්නා රෝග ලක්‌ෂණයක්‌ සමහර විට සති, මාස, අවුරුදු ගණන් පහුවෙලා තමයි ආපසු පිට දමන්නේ. එහෙත් මේ රෝගයට පොදු ලක්‍ෂණ කිහිපයක්‌ තිබෙනවා. ඉන් පළමුවැන්න තමයි රුධිරය සහිත පාචන තත්ත්වය. ඔබ වැසිකිළියට ගිය පසු මළ පිරික්‌සා බැලුවොත් සමහර විට එහි රුධිරය තිබෙන්නට පුළුවන්. නැති වෙන්නටත් පුළුවන්. ඔබේ අන්ත්‍රයේ තුවාල තිබෙනවා නම් ආහාර ගත් සැණින් වැසිකිළි යැමට සිදුවීම ඉතාම ස්‌වභාවිකයි. ඔබේ බඩවැල් තුවාල තිබියදී කෙඳි සහිත ආහාර, කුළුබඩු බහුල ආහාර ගත්තොත් පාචන තත්ත්වයන් ඇති වෙනවා නම් එය මේ රෝගයේ ලක්‍ෂණයන් විය හැකියි.

anthra1දෙවැනි රෝග ලක්‍ෂණය තමයි උදරයේ වේදනාව. ආහාර ගැනීමෙන් පසු ඔබේ බඩ පෙරළෙනවාක්‌ වැනි තත්ත්වයක්‌ හට ගන්නට ඉඩ තියෙනවා. අන්ත්‍ර ප්‍රදාහය තිබෙන තවත් සමහරුන්ගේ සන්ධි ඉදිමෙනවා. තවත් සමහරුන්ට දීප්තිමත් ආලෝකය දිහා බලන්නට බැහැ.

තුන්වැනි රෝග ලක්‍ෂණය හැටියට අප ගන්නේ විඩාවයි. ඔබට අන්ත්‍ර ප්‍රදාහය තිබෙනවා නම් විඩාව දැනෙනවා. එය අසාමාන්‍ය විඩාවක්‌. ඊළඟට ඔබට ආහාර අරුචිය හටගන්නවා. ඒ පාචන තත්ත්වය නිසා ආහාරවල තිබෙන පෝෂ්‍ය පදාර්ථ උකහා ගන්නට බඩේ අන්ත්‍රවලට බැරි වීමයි. නිතර පාචනය තිබුණොත් ඔබේ මහ බඩවැල ඉදිමෙනවා. ඒ අතර බඩවැල් තුවාලවලින් ලේ ගලන නිසා රක්‌තහීනතා තත්ත්වයත් ඇති වෙනවා. නිතර නිතර මළ පහකිරීමේ අවශ්‍යතාව මතුවන නිසා ඔබට රාත්‍රී නින්ද හරියට ලැබෙන්නෙත් නැහැ. ඒ එක්‌කම ඔබ විජලනය වෙනවා.

මෙහි ඊළඟ ප්‍රතිඵලය තමයි ශරීරයේ බර අඩුවීම. ඒ අතර ඔබේ මුඛය තුළත් සමෙහිත් කුඩා තුවාල හට ගන්නවා. ඔබේ සම මත කුෂ්ඨ රෝග තත්ත්වයකුත් මතු වෙනවා.

සාකච්ඡා කළේ

සංඛනාද වෙදගෙවත්ත

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
21 Jul 2018 07:37 PM

katilageප්‍රශ්නය - පසුගිය දෙසතිය තුළ අප කතා කළේ අස්‌ථි රෝග අතර ඉතා ප්‍රකට රෝගයක්‌ වන කාටිලේජ දියවීම පිළිබඳවයි. ඒ සඳහා තිබෙන ආයුර්වේද ප්‍රතිකාර ගැන අප කතා කළා.

වෛද්‍ය වසන්ත උදයජීව - සන්ධි රෝගවලට ප්‍රතිකාර කිරීමේ සාර්ථක ක්‍රමවේදයක්‌ ආයුර්වේදයේ සැමදාමත් තිබුණා. එයට හේතුව තමයි සන්ධි රෝග අතීතයේ පටන් මනුෂ්‍යයාට බලපෑ ප්‍රමුඛතම රෝගයක්‌ වීම. මනුෂ්‍ය වර්ගයා මුල් කාලයේදී ආහාර සපයා ගත්තේ ඉතාම මහන්සියෙන් වැඩ කිරීමෙන්. මෙසේ වැඩ කරන විට ඔවුන්ට නිතරම සන්ධි ආබාධ ඇති වුණා. මේ නිසා අවුරුදු දහස්‌ ගණනකට පෙර සිටම සන්ධි ආබාධ සඳහා ඖෂධ සොයා ගනු ලැබුවා.

ප්‍රශ්නය - කාටිලේජ යළි වර්ධනය වීමට ඖෂධ සොයා ගැනීම සිදු වන්නේත් ඒ ආකාරයෙන්ද?

වෛද්‍ය වසන්ත උදයජීව - අස්‌ථි ආබාධයකදී කාටිලේජ දියවීම ඉතා සුලබයි. ඒ නිසා කාටිලේජ දිය වීමට ඖෂධ සෙවීමත් ඉතාම පරණයි. කාටිලේජයක්‌ දියවීම දවසකිsන් සිදුවන්නේ නැහැ. එය දිගුකාලීන වැඩක්‌. හැම වයසකම අයට මේ රෝගය හට ගන්නවා. ආයුර්වේද ප්‍රතිකාරයක්‌ සිදු කරන්නෙ පියවර තුනකට. මුලින්ම කරන්නේ රෝගියාගේ වේදනාව කළමනාකරණය කිරීම. ඒ සඳහා කයිරෝසර ගුග්ගුලි පෙති, යෝගරාජ ගුග්ගුලි පෙති, ෂඩ්හරනම් චූර්ණ යනාදිය යොදා ගන්නවා. සච්චරාදි තෛලය සහ කොට්‌ටම් චුක්‌තාදි තෛලය ගානවා. ඊළඟ පියවර තමයි දියවුණු කාටිලේජය වටා තිබෙන මාංශ පේෂීන් ශක්‌තිමත් කිරීම. මේ සඳහා රහසිගත වට්‌ටෝරු අනුව සිඳින ලද තෙල් පරිහරණය කරනවා. ඒ එක්‌කම කල්කයක්‌ වගේ දෙයක්‌ මුඛ මාර්ගයෙක්‌ රෝගියාගේ ශරීර ගතකරනවා. මේ කල්කයෙන් තමයි කාටිලේජ වර්ධනය නැවත වරක්‌ සිදු වෙන්නේ. මේ ප්‍රතිකාර කරන විට රෝග මූලය සිඳී ගිහින් අවසන්. අවසන් පියවර තමයි රෝගය යළි පැන නැඟීමට හේතු විය හැකි කාරණා විනාශ කරන එක.

ප්‍රශ්නය - නවීන වෛද්‍ය විද්‍යාව කියන පරිදි විනාශයට පත් වූ ගෙවී ගිය කාටිලේජයක්‌ ප්‍රතිසංස්‌කරණය කරන්නට බැහැ...

වෛද්‍ය වසන්ත උදයජීව - කාටිලේජයක තිබෙන ප්‍රධාන නව සංඝටකය තමයි කොලැජන්. මෙය ප්‍රොaටීනයක්‌. මේ ප්‍රොaටීනය හැදෙන්නේ විටමින් C වලින්. ඒ අනුව විටමින් C ලැබෙන දොඩම්, දෙළුම් වැනි පලතුරුවලින් කාටිලේජ වර්ධනය කරගන්න පුළුවන්. නිවුඩ්ඩ වැඩි සහල්වලිනුත් එයම කළ හැකියි.

නොමිලේ විස්‌තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

katilage1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
21 Jul 2018 07:37 PM

iruwaප්‍රශ්නය - උගුර කන නාසය හෙවත් ENT රෝග සඳහා ප්‍රතිකාර ක්‍රමයක්‌ ආයුර්වේදයේ තිබෙන බව පසුගිය සතියේ ඔබ අපට පැහැදිලි කළා. ශල්‍ය වෛද්‍ය ක්‍ෂේත්‍රයේ පීතෘවරයා වන සුශ්‍රැත ආචාර්යතුමා විග්‍රහ කරන පරිදි උගුර කන නාසය යන තැන් ආශ්‍රිතව අක්‍ෂි රෝග 76 ක්‌, මුඛ රෝග 65 ක්‌ කර්ණ රෝග 23 ක්‌ නිසා රෝග 31 ක්‌ ම සහ ශිරෝ රෝග 11 ක්‌ තිබෙන බව ඔබ සමඟ පවත්වන ලද සංවාදයේදී හෙළි වුණා. අද අප ඔබෙන් විමසන්නට බලාපොරොත්තු වන්නේ ඉරුවාරදය නමැති රෝග තත්ත්වය ගැනයි.

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - සුශ්‍රැත ආචාර්යතුමාගේ අර්ථකථනය අනුව ශිරෝ රෝග11 ක්‌ තිබෙනවානේ. ඉරුවාරදය කියන්නේ ඒ රෝග අතුරින් වැඩිම හිරිහැරයක්‌ ඇති කරන රෝගයයි. මෙය ඉතා බහුලව පවතින රෝගයක්‌.

මෙය වාත පිත්ත කප යන තුනම සම්බන්ධ වෙන අවස්‌ථාවක්‌. මේ තුනෙනුත් පිත්ත දොaෂය වැඩියෙන්ම මෙම රෝගය සමඟ සම්බන්ධ වෙනවා. ඉරුවාරදයට ආයුර්වේදයේ කියන නියම නම තමයි සූර්යාවර්තය කියන එක. නමේ විදියට අපි මෙය සංසන්දනය කරන්නේ කෝටරක ප්‍රදාහයටයි. සූර්යාවර්තය, ඒ කියන්නේ සූර්යයාගේ ආවර්තය කියන රෝගය හටගන්නේ ඉර නැගෙගෙන ඇවිත් මුදුන් වෙලා ක්‍රමයෙන්බැස යන ආකාරයටයි. මේ රෝගයට පිත සම්බන්ධයි කියන්නේ ඇයි?. පිතේ ස්‌වභාවයයි ඉරේ ස්‌වභාවයයි අතර තිබෙනවා සමාන ලක්‍ෂණ. පිතේ තිබෙනවා උෂ්ණ ගුණය සහ ශීත ගුණය. මේ අනුව ඉරුවාරද රෝගියාට උදේ කාලයේ තියෙන සෙම් ගතිය දවල් වනවිට අඩු වෙලා පිත් ගතිය ඉහළට එනවා. සවස්‌ වන විට ක්‍රමයෙන් පිත් ගතිය අඩුවෙලා වාත ගතිය වැඩි වෙනවා. ඒ කියන්නේ සූර්යයාගේ ආවර්තනයත් එක්‌ක මේ රෝගය ටිකෙන් ටික මතුවන බවයි. ඉර මුදුන් වන විට රෝග තත්ත්වය හොඳටම වැඩිවෙලා සවස්‌ වන විට අඩුවෙලා යනවා.

ප්‍රශ්නය - ඔබ කියන්නේ සූර්යෝදගමනයත් එක්‌ක මේ රෝග තත්ත්වය වැඩිවන ආකාරයයි. අපට පැහැදිලි කර දෙන්න පුළුවන් ද සූර්යයා ක්‍රමයෙන් නැගෙන විට ශරීරය තුළ හට ගන්නා ක්‍රියාවලිය කුමක්‌ද කියලා.

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - අපේ හිස්‌ කබල සහ පිටත සම අතර හිස්‌ අවකාශ කිහිපයක්‌ තිබෙනවා. අප ඒවාට කියන්නේ කෝටරක කියලා. නවීන විද්‍යාවේදී කියනවා හිසේ සමබරතාව පවත්වාගෙන යන්නට මේ කෝටරක උපකාරී වෙනවා කියලා. මේ හිස්‌ අවකාශය තුළ තිබෙනවා සෙම....

iruwa1ප්‍රශ්නය - මේ හිස්‌ අවකාශවලින් ශරීරයට තිබෙන ප්‍රයෝජනය කුමක්‌ද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - අපේ හිස්‌කබල සහ සම අතර කිසිදු හිස්‌ අවකාශයක්‌ නැතිව සම හිස්‌කබලටම ඇලිලා තිබෙනවා නම් අපට කතා කරගන්න පවා බැරි වෙනවා. හිස්‌ කබලේ දෙදරීම් ඇති වෙනවා. ඒ වගේම මේ අවකාශ නිසා හිස්‌ කබල සහ එහි සම ආශ්‍රිතව ඪැබඑසක්‌එසදබ (වාතය ගමන් කිරීම) නිසි ආකාරයට සිදු වෙනවා. අපේ හිසට තිබෙන එකම දොරටුව තමයි නාසය. කට කියන්නේ ගෙලින් පහළට තිබෙන විවරයක්‌. අනෙක කට හිස්‌කබල සමඟ සම්බන්ධ වන්නේත් නාසය හරහායි.

ප්‍රශ්නය - ඒ අනුව ඔබ කියන්නේ නාසයෙන් මොළයට ප්‍රවේශ විය හැකි ගමන් මාර්ගයකුත් තිබෙනවාද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - ඔව්· අප නශ්‍ය කර්මයක්‌ එනම් නස්‌නයක්‌ කරනවා කියලා හිතන්න. නශ්‍ය කර්මවලදී පැහැදිලිව කියනවා ශීර්ශයට තිබෙන ද්වාරය නාසය කියලා. අපි ඉරුවාරදය හැදුනාම නස්‌න කරනවා. නාසය තුළට තෙල් බින්දු කිහිපයක්‌ හෝ කිසියම් ඖෂධීය සාරයක්‌ දමනවා. එවිට එම වායුව නාසය ඔස්‌සේ අර කලින් කියාපු කෝටරක තුළට ගමන්කරලා එහි තිබෙන ආසාදිත තත්ත්වයන් නැති කරනවා. සෙම නිසා විවිධ ආසාදනයක්‌ හට ගන්නට පුළුවන්. සමහර රෝගීන් අපට ඇවිත් කියනවා මට ඔලුව උස්‌සන්න බැහැ, එහෙමත් නැත්නම් පහත් කරන්න බැහැ බරයි කියලා. එතකොට අපි නාසයට උරන්න දුමක්‌ දෙනවා. නාසය හරහා මේ ඖෂධීය දුම කෝටරකවලට ගමන් කරනවා. ඉන් පස්‌සේ ආසාදන නැති කරනවා. අනෙක මේ කෝටරක ඇතුලේ තිබෙනවා ශ්ලේශ්මල කලාපයන් හෙවත් ඵමජදමි පැපඉර්බැ එකක්‌. මෙහි තිබෙනවා පොඩි තෙත් ගතියක්‌. පිතේ බලපෑම වැඩිවුණාම මේ තෙත් කලාපය වියෑලෙනවා. එතකොට කෝටරක හරහා ගමන් කරන්න වාතයට බැරි වෙනවා. ඔලුව රිදෙන්න පටන් ගන්නේ එවිටයි.

සාකච්ඡා කළේ - සංඛනාද වෙදගෙවත්ත

නොමිලේ විස්‌තර 011-5289248/077 7620948

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
21 Jul 2018 07:37 PM

pakshagathපක්‍ෂාඝාතයේදී එක්‌ පසෙක අත හා පාදය බොහෝ විට අකර්මණ්‍ය වේ. එහෙත් මෙහිදී ඇතිවන ව්‍යාධිවේදීය තත්ත්වය එක්‌ අතක්‌ හෝ පාදයක්‌ හෝ මුහුණේ පැත්තක්‌ පණ නැතිවීමේදීද සිදුවේ. එකම ව්‍යාධිවේදීය තත්ත්වය වුවද හටගන්නා එය ස්‌ථානය අනුව රෝග ලක්‍ෂණ වෙනස්‌ වේ.

පක්‍ෂාඝාත හෝ අංශභාග රෝගියා ශාරීරික මෙන්ම මානසිකව ගිලන්ව සිටින මේ මොහොතේ රෝගියා කෙරෙහි පවුලේ අයගේ එනම් බිරිඳ/ ස්‌වාමි පුරුෂයා, දරුවන්, අසල්වාසී අයගේ අවධානය, ආදරය, කරුණාව ලැබිය යුතුවේ. ඔහු මානසිකව බිඳ වැටී ඇත්නම් උෙද්‍යාaගය ඇතිවන පරිදි කටයුතු කළ යුතුයි. රෝගියා පවා තමාට හැකි පමණ උනන්දුවෙන් සිය කටයුතු කර ගැනීමට උත්සාහ දැරිය යුතුයි. මුහුණ සෝදා ගැනීම, මුව පිරිසිදුව තබා ගැනීම, හිස පීරා ගැනීම, කමිසයක්‌ ඇඳ සිටින්නේ නම් බොත්තම් දමා ගැනීමට උත්සාහ දැරීම, ආධාරකයක්‌ උපකාර කරගෙන පියවර කීපයක්‌ ඇවිදීම වැනි සුළු ක්‍රියාකාරකම් වල යෙදිය යුතුයි. එහෙත් මේ සෑම දෙයකදීම තවත් අයෙකුගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාකිරීම අවශ්‍ය වේ. ඊට හේතුව වන්නේ තනිව ක්‍රියාකිරීමට යැමේදී ඇදවැටීම් ආදියට ගොදුරු නොවිය යුතු වීමයි.

රෝගියාගේ මළ, මුත්‍රා පිටවීම ආහාර අරුචිය පිළිබඳ මනා අවධානයකින් සිටිය යුතුයි. සමහර රෝගීන්ට කතා කිරීමේ අපහසුතාවය ඇති නිසා ඉහත කරුණු පිළිබඳ සිය අවශ්‍යතා හෝ හැඟීම් ප්‍රකාශ කළ නොහැකි බැවින් උපස්‌ථායක වැඩි අවධානයක්‌ යොමුකළ යුතුයි.

ඖෂධ භාවිතය වෛද්‍ය උපදෙස්‌ අනුව නොවරදවා කළ යුතුයි. එමෙන්ම සිරුරට දැනෙන පහසු අපහසුතා නොසඟවා රෝගී පුද්ගලයා විසින් ප්‍රකාශ කළ යුතුවේ.

පක්‍ෂාඝාත රෝගියා ගෙයි අඳුරු කාමරයකට සිරකර තැබිය යුතු නොවේ. ඇතැම් පිරිස්‌ රෝගියාගේ මළ මුත්‍රා නොදැනී පිටවීම නිසා රෝගියා ගෙයි කොණක අඳුරු කාමරයකට සීමා කරයි. මෙයින් රෝගියා මානසික අවපීඩනයකට පත්වේ

රෝගියාට අසල්වාසීන්, ඥතීන් හමුවීමට සැලැස්‌විය යුතුයි. ඔවුන් හා කතා බස්‌ කිරීමෙන් මානසික ප්‍රබෝධයක්‌ ලබයි. දුම් බීම, මත්පැන් පානය වැනි ක්‍රියාවලින් දුරස්‌ව සිටිය යුතුයි. සමහර රෝගීන් රෝග තත්ත්වය තිබියදී වුවද පෙර පරිදි ඉහත කී ක්‍රියාවන් කෙරෙහි යෙදීමට උත්සුක වේ. මෙය අහිතකර තත්ත්වයකි.

රෝගියාට අංශභාග රෝගයට අමතරව අධික රුධිර පීඩනය, දියවැඩියාව, තෙල් අධික බව ආදිය ඇත්නම් විටින් විට කෙරෙන රුධිර පරීක්‍ෂණ කරවාගත යුතුයි. එමගින් රෝග තත්ත්වයේ සුවවීම හෝ උත්සන්න තාවය මැන ගත හැක.

රෝගියා සිටින අවට ප්‍රදේශය ඝෝෂා රහිත, සන්සුන්, වාතාවරණයක්‌ වීම ඉතා වැදගත්. රේඩියෝ, ටීවී, ස්‌පීකර් ආදියෙන් නිකුත්වන ශබ්දය මානසික ආතතිය ඇති කරයි. නිස්‌කලංක පරිසරය මානසික සුවය ඇති කරයි.

රෝගියාගේ ආගමානුකූලව ආශිර්වාද පූජා, බෝධි පූජා, ශාන්තිකර්ම ආදිය අධ්‍යාත්මික පුනර්ජීවය ළඟා කර දේ. මෙය රෝග සුවයට පවා බෙහෙවින් බලපෑම් ඇති කරයි. බණ දේශනා, පිරිත් දේශනා ඇසීමට සැලැස්‌වීම පහසුවෙන් රෝගියාගේ චිත්ත ධෛර්යය වඩවාලයි. ඇඳුම් ආදිය පිරිසිදුව තැබීම, මුව හා දිව පිරිසිදුව තබා ගැනීම, දත් පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත්. ඇතැම් රෝගීන්ගේ මුහුණේ අර්ධයක්‌ අක්‍රිය වීම නිසා ආහාර ද්‍රව්‍ය හක්‌කේ කෙළවරක එකතුවී තිබීමෙන් මුව අපිරිසිදු බවට පත්වේ. මේ පිළිබඳ උපස්‌ථායක අවධානයෙන් කටයුතු කළ යුතුය. රෝගියා සිටින කාමරයේ මල් වාස්‌, ප්‍රියමනාප චිත්‍ර රූප, ආදිය තැබීම උචිතයි. උදැසන අවදි වන රෝගියාට මද වේලාවක්‌ හෝ උදේ හිරු එළිය, කුරුළු නද, අවට ගස්‌වැල් ආදිය දැකීමට සැලැස්‌විය යුතුයි. ඒකාකාරී පරිසරය වෙනුවට යම් යම් වෙනස්‌කම් සහිත වටපිටාවක්‌ දැකිය යුතුයි.

pakshagath1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
21 Jul 2018 07:38 PM

localමනුෂ්‍යයා උපතින් ලත් දායාදයක්‌ ලෙස සම ආරක්‍ෂිත ආවරණයක්‌ වශයෙන් කටයුතු කරයි. සම බාහිර හා අභ්‍යන්තර වශයෙන් තට්‌ටු දෙකකින් පවතී. මින් බාහිර සමේ ඝනකම අත්ලේ හා යටි පතුල්වල අධික වේ. සමෙන් ශරීරයට ලැබෙන අලංකාරය හා ශෝභාව ලබා දීම සිදුවේ. එමෙන්ම ආරක්‍ෂකයෙක්‌ ලෙස කැසීම්, සීරීම්, පිළිස්‌සීම් ආදියෙන් ඇතිවන උපද්‍රවවලින් වළකාලයි. එමෙන්ම ශීතල, උෂ්ණය, වේදනාව හා දැනීම ලබා දෙන පාලකයෙක්‌ ලෙසටද ක්‍රියා කරයි.

සුදු කබර ආශ්‍රිතව බාහිරින් බෝවීමක්‌ දක්‌නට නොමැත. නමුත් එක්‌ පරම්පරාවකින් තවත් පරම්පරාවකට ජාන මගින් බෝවීමක්‌ සිදුවිය හැකිය. මෙලෙස පාරම්පරිකව ඇතිවීමට දෙමවුපියන්ගෙන් දරුවන්ට නැතහොත් පවුලේ වැඩිහිටි ඥාතියෙකුට රෝගය ඇත්නම් ඉන් බාල පරපුරට පසු කාලයකදී රෝගය මතුවීමේ ප්‍රවණතාවක්‌ පවතී. ඒ කෙසේ වෙතත් මේ රෝගය දෙමවුපියන්ට සෑදුණ පමණින්ම දරුවන්ටත් වැළඳේ යන අස්‌ථාන බියක්‌ ඇති කර ගත යුතු නැත.

අපේ රටේ ගම්බද ජනතාව අතර පවතින මතයක්‌ වන්නේ මීයෙකු විසින් සපා කෑම නිසා සුදු කබර සෑදෙන බවයි. නමුත් මීයන් විසින් සපා කන ලද සියලු දෙනාටම මෙම රෝගය නොසෑදෙන බවද සඳහන් කළ යුතු වෙයි.

මීයන් සපා කෑ පසු එම ස්‌ථානය රත්රන් වැනි ලෝහ වර්ගයකින් පිළිස්‌සීමට බොහෝ දෙනෙකු පුරුදු වී සිටිති. එම පිළිස්‌සීම නිසා සමේ වර්ණක සෛල විනාශ වීම හේතුවෙන් සම සුදු පැහැවීමක්‌ සිදු වන බව සිතිය හැකි වේ. මීයන්ගේ ශුක්‍ර තැවරීම නිසා ඇතිවන ආසාදනයෙන් සම සුදු වන අවස්‌ථාද දක්‌නට ලැබේ. මේ හැරුණු විට කබර විෂ සර්ප විෂ ආදිය හේතුවෙන් ද සුදු කබර ඇති වේ.

නාග පොළොං වැනි උග්‍ර විෂ සහිත සර්පයන් විසින් දෂ්ට කළ පසු එකී විෂ හේතුවෙන් ද්විතීයික වශයෙන් රෝගය ඇති වන අවස්‌ථා ඇත. ඇතැම් අවස්‌ථාවල සර්පයෙක්‌ දෂ්ට කිරීමෙන් අනතුරුව නිසි ප්‍රතිකාර නොලැබුණහොත් සමේ රෝග සෑදීමට බොහෝ සෙයින් ඉඩ ඇත. සර්පයන් විසින් දෂ්ට කරනු ලැබූ විට යොදනු ලබන සමහර බෙහෙත් වර්ග නිසා ශරීරයේ වර්ණක පදාර්ථ විනාශ වී යැමද සිදුවිය හැකි වේ. මීට අමතරව විවිධ ආකාරයේ රසායනික ද්‍රව්‍ය ස්‌පර්ශ වීම නිසාත් ඡායාරූප ශාලාවල සේවය කරන්නන් විසින් එම ඡායාරූප පිටපත් සේදීමේ ක්‍රියාවලියේදී රසායනික ද්‍රව්‍ය අඩංගු ජලය අත්වල තැවරීම හේතුවෙන්ද සම සුදු වූ අවස්‌ථා දක්‌නට ලැබී ඇත. රබර් ආශ්‍රිත කර්මාන්තවලට අදාළ රසායනික ද්‍රව්‍ය හා ඇසිඩ් වර්ග නිතර ස්‌පර්ශ කරන අයගේ ශරීරයේ සුදු කබර ඇති වන බව පෙනී ගොස්‌ ඇත.

තවත් අවස්‌ථාවක රබර් මිශ්‍රිත පාවහන් පැළඳීම නිසාද සම සුදු වන අවස්‌ථා දක්‌නට ලැබේ. තවද නොයෙකුත් සමේ රෝගවලට බාහිරින් භාවිත කරනු ලබන රසායනික ආලේප වර්ග ද මෙම රෝග තත්ත්වයන් ඇති වීමට හේතු වේ. උදාහරණයක්‌ ලෙස අලුහම්, චර්ම කී, (ඉන්නන්) ආදී රෝග අවස්‌ථා පෙන්වා දිය හැකි වේ.

මෙම ආලේපන යෙදීමෙන් අලුහම් සුව වුවද පසු කලෙක එම ස්‌ථානයෙහි සම සුදු පැහැ වීම දක්‌නට ලැබිය හැකි වේ.

තවද මෙම රෝගයට සුදුසු ආහාර වශයෙන් කොළ කැඳ, තම්පලා, ගොටුකොළ සාරණ, මුකුණුවැන්න, කොහිල දලු හා අළු කෙසෙල් මුහ, අලු කෙසෙල්, පිපිඤ්ඤා, කැකිරි ආදිය ද කිරි අඟුණ, කතුරුමුරුංගා, ජපන් බටු කොළ, මුරුංගා කොළ ආදී මැල්ලුම් වර්ගද ඉතා ගුණදායක වේ. මීට අමතරව ඇතුළ සුදු පැහැති කුඩා ප්‍රමාණයේ මාළු වර්ග ද මීට විශේෂයෙන් ගුණ දායක වේ. ගැඹුරු තෙලෙහි බැදගත් ආහාර කිසිවක්‌ අනුභව නොකළ යුතු වේ.

වෛද්‍ය පුෂ්පා වික්‍රමසිංහ
මහරගම, නාවින්න, බණ්‌ඩාරනායක ආයුර්වේද
පර්යේෂණායතනයේ චර්ම රෝග පිළිබඳව,
හිටපු වෛද්‍ය නිලධාරිණී.
නොමිලේ ප්‍රතිකාර සදහා 0773422913, 0776721554

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
21 Jul 2018 09:09 PM
සුදු කබර රෝගය සුව කරන්න බෑ, අලුත් පටක බද්ද කරන්න විතරයි පුළුවන්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
22 Jul 2018 07:03 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
22 Jul 2018 07:03 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
22 Jul 2018 07:03 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
22 Jul 2018 07:03 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
22 Jul 2018 07:04 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
22 Jul 2018 07:15 PM


 
tharabaru 
* කෙට්‌ටු වෙන්න ඔට්‌ටු වෙන අය මට්‌ටු කරන අතුරු ආබාධ සහිත ආහාර, විහරණ, ඖෂධ වෙනුවට හැඩ වැඩ ඇතිව දීර්ඝායු විඳිය හැකි මඟක්‌ තිබේද?
 
ඔව්. අති ස්‌ථෞල්‍ය හෙවත් සිරුරේ බර උසට සාපේක්‍ෂව වැඩිවීම විසිඑක්‌ වන සියවසේ සෞඛ්‍ය තර්ජනයක්‌ බවට පත් වී තිබෙන ආකාරයට ම වසර 3000 කට එරද ස්‌වස්‌ථතාවය බිඳින කරුණක්‌ වී තිබී ඇති බව පුරාණ ආයුර්වේද පොත පතේ සඳහන් වී ඇති කරුණු මගින් අනාවරණය වෙනවා.
 
 * වැඩිපුර විස්‌තර කළහොත්,
 
සිරුර මහත් වීමට බලපාන හේතු කාරණා එමඟින් නිරෝගී බවේ සමබරතාවය බිඳී යන ආකාරය, අතුරු ආබාධ ලෙස ඇති වන වෙනත් රෝගාබාධ මෙන්ම දීර්ඝායුෂ අහිමි වී අකලට දිවියෙන් සමුගන්නට සිදුවන බව මෙන්ම ඉන් වැළකී සිටීමට අවශ්‍ය ආහාර, විහරණ, ඖෂධ පිළිබඳ කරුණු ඉතා සවිස්‌තරව වෙද පුස්‌තකවල සඳහන්ය.
 
 * මේදෝ රෝග ලෙස හඳුන්වන තත්ත්වය කුමක්‌ද?
 
 සිරුරේ විශාලත්වය වැඩි වීම, අධික වර්ධනය මේද අධිකව වැඩි වීම නිසා බර වැඩි වන අතර මෙසේ බර වැඩි වීමේ අවස්‌ථාව මේදෝ රෝග ලෙස සෘෂිවරුන් දක්‌වා තිබෙනවා.
 
 * මේ සඳහා බලපාන හේතු කවරේද?
 
 අති ස්‌ථෞල්‍ය සඳහා හේතු වන කරුණු ප්‍රධාන වශයෙන් කොටස්‌ හතරක්‌ ලෙස ආයුර්වේද වෙදකමේ දක්‌වා තිබෙනවා.
 
 - බීජ දෝෂජ හේතු (පරම්පරාවෙන් පැවතෙන) - ආහාරමය හේතු - මානසික භාව - විහරණමය හේතු
 
 * පාරම්පරිකව හටගන්නා මේදෝ ව්‍යාධි තත්ත්වයට ප්‍රතිකාර කළ හැකිද?
 
 බීජ දෝෂජ යනු ජානමය සබඳතා මගින් පරම්පරාවෙන් ඊළඟ පරම්පරාවට ඇති වන රෝග තත්ත්වයයි. ස්‌ථෞල්‍ය බොහෝ විට මාතෘජ භාවයෙන් ලැබෙන අතර ඒ සඳහා ප්‍රතිකාර අනෙකුත් හේතු නිසා හටගන්නා ස්‌ථෞල්‍ය තත්ත්වයන්ට වඩා වෙනස්‌ ආකාරයක්‌ ගනියි. අති ස්‌ථෞල්‍ය තත්ත්වය ඔබේ පවුලේ සාමාජිකයන් අතර බහුල නම් ඔබ ඔබේ දින චර්යාව නොවැරදීම නිවැරදි කර ගත යුතුය. එය ඔබේ සිරුරේ බර අඩු කර ගැනීම සඳහා මෙන්ම ඔබ කාන්තාවක්‌ නම් ඔබ ජන්මය දෙන ආදරණීය දරුවා අනාගතයේ මුහුණ දීමට වන බොහෝ රෝගවලින් වළක්‌වාලීමේ ගනු ලබන වැදගත් තීරණයක්‌ වෙයි.
 
 * ආහාරමය හේතු බලපාන ආකාරය විස්‌තර කළහොත්,
 
 ආහාර මෙම රෝග තත්ත්වයට බලපාන ප්‍රබලම හේතුවයි. බර අධික වීමට බලපාන ආහාරමය හේතු ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව විමර්ශනය කිරීමේදී අති සම්පූර්ණ හෙවත් එක්‌ වේලක්‌ සඳහා අධිකව ආහාර ගැනීම (අධ්‍යශජන ආහාර) සංතර්පණ ආහාර හෙවත් සිරුර පෘෂ්ටිමත් කරන ආහාර ගැනීම, බර ආහාර හෙවත් ජීර්ණය අපහසු ආහාර අධිකව ගැනීම, මධුර රස හෙවත් පැණි රස ආහාර වැඩිපුර ගැනීම, ශීත ගුණ ආහාර ගැනීම, ස්‌නිග්ධ ගුණ ආහාර, තෙල් වර්ග සහිත ආහාර ගැනීම, සෙම් කෝපය ඇති කරන ආහාර ගැනීම, අලුත් ධාන්‍ය වර්ග, අලුත් මධ්‍යසාර භාවිතය, මස්‌ වර්ග, කිරි හා කිරි නිෂ්පාදන, දධි හෙවත් මුදවන ලද කිරි, ගිතෙල් වර්ග, උක්‌ හා උක්‌ නිෂ්පාදන වර්ග, හකුරු වර්ග, ශාලි ධාන්‍ය හෙවත් බත්, ගෝ ධුම හෙවත් තිරිඟු පිටි ආහාර, උඳු ආහාර අධිකව ගැනීම, රසායන, වෘෂ්‍ය ඖෂධ, ආහාර හා විහරණ අක්‍රමවත්ව භාවිතය ආදී බොහෝ කරුණු දක්‌වා ඇත.
 
 * එදිනෙදා හැසිරීම් රටාව බර වැඩි වීමට බලපාන්නේ කෙසේද?
 
 විහරණ යනු ඔබගේ හැසිරීම් චර්යා රටා පවත්වා ගන්නා ආකාරයයි. අව්‍යයාමය හෙවත් සිරුරට අවශ්‍ය ක්‍රියාකාරීත්වයන් නිසියාකාරව පවත්වා නොගෙන සිටීම, දිවා කාලයේ අධිකව නිදීම, ආසන සුඛ හෙවත් සැප පහසු ආසනවල දීර්ඝ කාලයක්‌ වාඩි වී සිටීම, ආහාර ගත් විගස ස්‌නානය හෝ නිදීම ආදිය නිසා සිරුරේ අනවශ්‍ය මේදස්‌ කොටස්‌ එක්‌ රැස්‌ වෙයි.
 
 මීට අමතරව බලපාන විශේෂ හේතු මොනවාද?
 
 ඔව්. මෙයට අමතරව අධික කුසගින්න, ආහාරවලට ගිජු බව, අධිකව ආහාර ගැනීම, ආහාරමය පුරුදු, පානමය පුරුදු, දුම්පානය, නිර්නාල ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වයේ අක්‍රමිකතා, වයස, ස්‌ත්‍රී පුරුෂ භාවය, රැකියාව, වෙනත් රෝගවලට ගන්නා ඖෂධ වර්ග, අලසකම, සමාජ ආර්ථික තත්ත්වයන්, විලාසිතාවන් ලෙස සිතා අනවබෝධයෙන් ගනු ලබන ආහාර රටාවන් ආදිය ද හේතු වෙයි.
 
 * කාන්තාවන් තරබාරු තත්ත්වයට පත්වීමේ වැඩි ප්‍රවණතාවක්‌ තිබෙනවාද?
 
 කාන්තාවන් විශේෂයෙන් මල්වරයෙන් පසුව ගර්භණී භාවය, උපත් පාලන ඖෂධ වර්ග, ආර්ථවාභාවය ආදී විශේෂ ජීවන අවස්‌ථාවන්ට මුහුණ දීමෙන් මෙන්ම රූ සපුව වඩවා ගැනීම, හිසකෙස්‌ වර්ධනය හා සම පැහැපත් කර ගැනීම ආදී අරමුණු සහිතව ලබා ගන්නා අමතර සහකාරක ආහාර වර්ග, ඖෂධ වර්ග නිසා සිරුරේ බර වැඩි කර ගනියි.
 
 * තම දරුවන් අති ස්‌ථුල තත්ත්වයෙන් වළක්‌වා ගැනීමට මවකගේ වගකීම කෙසේ විය යුතුද?
 
 නුසුදුසු ආහාර පාන වර්ග, සුඛෝපභෝගී ආපනශාලාවලින් වැඩි මිලක්‌ ගෙවා සපයා දෙන විට අනාගතයේදී දරුවා හෘද රෝගියකු, දියවැඩියා රෝගියකු, සන්ධි ආබාධවලින් පෙළෙන්නකු, අක්‌මාගත රෝගවලින් පෙළෙන්නකු, දරු ඵල අහිමි වී පීඩාවට පත්වන්නකු, නහර ගැට ගැසීම්, චර්ම රෝග, ශ්වසන ආබාධ හා පිළිකා රෝග ආදී තත්ත්වයන්ට අතවනන ශල්‍යකර්මයක්‌ සිදු කළ යුතු අවස්‌ථාවක අධික බර නිසා එම ශල්‍යකර්මය අවදානම් සහිත තත්ත්වයට පත් වන්නකු, නිර්වින්දන ඖෂධ භාවිතය අනතුරු දායක තත්ත්වයට පත්වන්නකු බවට පත් කර රෝගියකු කරන බව තරයේ සිතට ගන්න.
 
 * දැවෙන ප්‍රශ්නයක්‌ වන තරබාරුව අඩු කර ගත හැක්‌කේ කෙසේද?
 
 බර වැඩි වූ විට ඉන් ඇති වන ශාරීරික, මානසික පීඩාවන්ගෙන් මිදීමට ඔබ සොයන කෙටි කාලීන විසඳුම් නිසා තව තවත් රෝගී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ. බර අඩු කර ගැනීම සඳහා වෙළෙඳපොළේ ඇති අමතර පාන වර්ග, ආහාර වර්ග, ඖෂධ වර්ග, වෛද්‍ය උපදෙස්‌වලින් තොරව භාවිතය, අක්‍රමවත් ලෙස ආහාර පාලනය, අනවශ්‍ය ව්‍යායාම නිසා සන්ධි අස්‌ථි කාටිලේජවල ගෙවී යැම, දිරායැම ආදී දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුවෙයි.
 
 අති ස්‌ථෞල්‍ය සඳහා ප්‍රතිකාර කිරීමේදී කුසගිනි අඩු කරන ඖෂධ ගැනීම ඉතා අනතුරු දායක විය හැකිය. ආයුර්වේද සිද්ධාන්ත අනුව ආහාර දිරවීම ක්‍රමවත් කරන, ප්‍රතිකාර පළමුව ලබා දී සිරුරේ මේදස්‌ අඩු කරන ප්‍රතිකාර කරනු ලබයි. ආහාර විධි, විහරණ විධි, ඖෂධ වර්ග මෙන්ම පංච කර්ම ප්‍රතිකාර යොදා ගෙන සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.
 
 * ආයුර්වේද ප්‍රතිකාර මගින් බර අඩු කර ගැනීමේ අතුරු ආබාධ ඇති වනවාද?
 
 මෙම ප්‍රතිකාර මගින් අතුරු ආබාධ කිසිවක්‌ හට නොගන්නා අතර ඉතා ක්‍රමානුකූලව සිරුරේ අනවශ්‍ය මේද කොටස්‌ ඉවත් කර නැවත නැවත මේදය තැන්පත් වීම වළක්‌වාලයි.
 
 වැඩිදුර විස්‌තර සඳහා දුරකථන අංක 0754876632 අමතන්න.
 
 
 වෛද්‍ය එම්. සී. ආර්. විජයන්තමාලා
 
 බී. ඒ. එම්. එස්‌. (ගෞරව) දේශීය වෛද්‍ය විද්‍යායතනයකොළඹ විශ්වවිද්‍යාලය,
 එම්. ඩී. (රස ශාස්‌ත්‍ර) ජෝත්පූර්
 ආයුර්වේද විශ්වවිද්‍යාලය ඉන්දියාව
 වෛද්‍ය නිලධාරි ගම්පහ
 වික්‍රමාරච්චි ආයුර්වේද
 රෝහල, යක්‌කල 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
22 Jul 2018 07:16 PM


 
 
naharaසමාජයේ බහුලවම දක්‌නට ලැබෙන එහෙත් බොහෝ පිරිසක්‌ නොසලකා හරින රෝග තත්ත්වයක්‌ ලෙස නහර ගැට ගැසීම දැක්‌විය හැකියි. මුල් අවස්‌ථාවේ ඇතිවන අපහසුතාවය අවම නිසාත් එදිනෙදා වැඩකටයුතුවලට බාධාවක්‌ නොවන නිසාත් නිසිකලට ප්‍රතිකාරවලට යොමු නොවී සිටින අවස්‌ථා බහුලව දක්‌නට ලැබෙයි. නමුත් මෙම රෝග අවස්‌ථාව එසේ මගහැරීමෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු පැනනැඟිය හැකියි. එබැවින් ඒ පිළිබඳ අවබෝධය හා නිසි කලට ප්‍රතිකාරවලට යොමුවීම අත්‍යවශ්‍ය කරුණකි.
 
 පාදවල නිල් පැහැ, ඉදිමුම් ස්‌වභාවයක්‌ සහිත, නහර ආශ්‍රිත ගැටගැසීම් ලෙස බාහිරයට දර්ශනය වෙයි. වර්තමානයේ ජීවන රටාවත් සමඟ මේ තත්ත්වය බහුලව දක්‌නට ලැබෙන අතර විශේෂයෙන් කාන්තාවන් අතර බහුලය. මුල් අවස්‌ථාවේදී වේදනාව හෝ වෙනත් අපහසුතා නොදැනුනත් රූපලාවන්‍ය ගැටලු හේතුවෙන් ප්‍රතිකාරවලට යොමුවන අවස්‌ථා දක්‌නට ලැබෙයි.
 
 නහර ගැට ගැසීම සිදුවන අයුරු
 
nahara2හෘදය දෙසට රුධිරය ගෙන යන ශිරා ආශ්‍රිතව මේ තත්ත්වය හට ගනී. ශිරා මගින් ශරීරයේa අපිරිසිදු රුධිරය හෘදය වෙත ගෙන ගොස්‌ එහිදී පිරිසිදු වන රුධිරය ශරීරය පුරා බෙදා හරියි. මෙසේ එක්‌ දිශාවකට රුධිරය ගමන් කරවීම සඳහා ශිරා ඇතුළත කපාට (Valves) පිහිටා තිබෙයි. මෙම ශිරා බිත්තිවල දුර්වලතා නිසා එහි කපාට නිසි පරිදි ක්‍රියා නොකිරීමෙන් රුධිරය නිසි පරිදි එක්‌ දිශාවකට ගලා නොයැමත් එබැවින් ගමන් මාර්ගයේ එක්‌රැස්‌වීමත් සිදු වෙයි. මේ හේතුවෙන් අපිරිසිදු රුධිරය (Ded-oxygented) රුධිර නාල ආශ්‍රිතව එක්‌රැස්‌වීම ගැට ගැසුණ, නිල් පැහැ වූ ඉදිමුම් ලෙස දක්‌නට ලැබෙයි. ශරීරයේ ශිරා ආශ්‍රිත රුධිර ගමනය මේ ආකාරයෙන් සිදු වුවත් නහර ගැටගැසීමේ තත්ත්වය බහුලවම ඇති වන්නේ පාද ආශ්‍රිතවය. මීට හේතුව පාද ආශ්‍රිතව ගුරුත්වයට විරුද්ධව රුධිරය ගමන් කරවීම සිදුවන නිසා රුධිරය එක්‌රැස්‌ වීමට එය බලපෑමක්‌ වන බැවිනි. මෙසේ රුධිර නාලිකා බිත්ති ආශ්‍රිත පේශි දුර්වලතාවලට නිශ්චිත හේතු සොයාගෙන නැතත් නහර ගැටගැසීමේ තත්ත්වය සඳහා බලපාන අවදානම් සාධක කිහිපයක්‌ පවතී.
 
 * හෝමෝනමය හේතු මත, විශේෂයෙන් කාන්තාවන්ට මේ තත්ත්වය ඇතිවීමේ අවදානමක්‌ පවතී. උදා( ලෙස ගර්භණී අවස්‌ථාවේදී ආර්තවහරණය, හෝමෝන ප්‍රතිකාර. උපත් පාලන ඖෂධ භාවිතය ආදිය දැක්‌විය හැකියි.
 
 * වයස අවු. 50 ට වැඩි පුද්ගලයන්
 
 * නිතර දීර්ඝ වේලාවක්‌ එක දිගට හිටගෙන සිටීම, හිඳගෙන සිටීම. විශේෂයෙන් ඇඟලුම් සේවිකාවන්, ගෘහණියන්.
 
 *ජානමය හේතු * අති ස්‌ථුලතාවය
 
 මීට අමතරව, ගර්භණී භාවය, දීර්ඝකාලීන මලබද්ධය, අර්බුද (Tumour) වැනි උදර කුහරය තුළ පීඩනය වැඩිවන අවස්‌ථාවලදී මේ තත්ත්වය ඇති විය හැකියි.
 
 රෝග ලක්‍ෂණ හඳුනා ගැනීම
 
 ගැටගැසුණු, නිල්පැහැති, ඉදිමුම් ස්‌වභාවයෙන් යුත් ශිරා බාහිරින් දර්ශනය වීම.
 
 * පාදවල වේදනාව මෙන්ම ඇවිදිමේදී, සිටගෙන සිටීමේදී ඇතිවන අපහසුතාවය හා පාදවල බර බව.
 
 * දාහය, අනින්නාක්‌ බඳු වේදනාව (Throbbing pain) සහ මස්‌පිඬු පෙරළීම
 
 * නහර ගැටගැසී ඇති ස්‌ථානයක කඩතොලු වීමකින් පාලනය කළ නොහැකි ලෙස රුධිරය වහනය වීම.
 
 * මෙම දුර්වර්ණ වීම, විශේෂයෙන් වළලුකර ආශ්‍රිතව සම ඝන වීම, ඉදිමීම හා දුර්වර්ණ වීම කැපී පෙනෙයි.
 
 * අදාළ ප්‍රදේශය ආශ්‍රිතව සම වියළීම, කැසීම, රතු වීම සමහරවිට තුවාල හට ගැනීමද විය හැකියි.
 
 මෙම ලක්‍ෂණ රෝගියාගෙන් රෝගියාට වෙනස්‌ ලෙස දක්‌නට ලැබෙයි. නිවැරැදි ප්‍රතිකාරවලට යොමු නොවීමෙන් භයානක ප්‍රතිඵල අත්විඳීමට සිදුවන තත්ත්වයකි.
 
 තුවාල හට ගැනීම ඉන් එක්‌ අවස්‌ථාවකි. වළලුකර ආශ්‍රිත ප්‍රදේශයේ කල්ගත වීමේදී තුවාල හටගනී. (Vericose ulcer) දීර්ඝ කාලීන ඉදිමුම හා එම ස්‌ථානයේ ඇතිවන අමතර පීඩනය හේතුවෙන් මෙවැනි තත්ත්වයක්‌ හට ගනී. මෙම තුවාල සුව වීමට කල්ගත වන අතර දියවැඩියාව වැනි රෝගී තත්ත්වයක්‌ පවතින විට එය බරපතළ තත්ත්වයකි. එබැවින් නහර ගැටගැසීමේ රෝගී තත්ත්වයෙන් පෙළෙන්නන් වළලුකර ආශ්‍රිත දිගින් දිගටම පවතින ඉදිමුම, දුර්වර්ණ වීම් පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු අතර නිසි වෛද්‍ය උපදෙස්‌ පිළිපැදීමෙන් මෙවැනි තත්ත්වයන්ගෙන් ආරක්‍ෂා විය හැක. එසේම පාදවල ශිරා ආශ්‍රිතව හටගන්නා ගැටිති කාලයත් සමඟ විශාල වීම, රුධිර කැටි රුධිර නාලවල සිරවීමෙන් රුධිර ගමනාගමනය අවහිර වීමත් සිදුවිය හැකියි.
 
 රෝග පාලනයට ඇති ආයුර්වේද ප්‍රතිකාර
 
 රෝග තත්ත්වය පාලනය හා ඇතිවීම වැළැක්‌වීම සඳහා ජීවන රටාවේ වෙනස්‌කම් සිදු කළ යුතුයි. විශේෂයෙන් පවුලේ සාමාජිකයකුට මෙවැනි තත්ත්වයක්‌ ඇත්නම් ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. මන්ද ජානමය සාධකවල බලපෑමක්‌ ද ඇති බැවිනි.
 
 * දීර්ඝ වේලාවක්‌ සිටගෙන සිටීමෙන් වැළකීම.
 
 * ශරීර බර උසට සරිලන පරිදි පාලනයකින් පවත්වා ගත යුතුය.
 
 * දිනපතා ක්‍රමවත් ව්‍යායාමවල නිරතවීම තුලින් හොඳ රුධිර ගමනාගමනයක්‌ පවත්වා ගැනීම.
 
 * පාද වෙළුම් (bandage) හෝ මේස්‌ (Stockings) භාවිත කිරීම.
 
 බටහිර වෛද්‍ය ක්‍රමයේ ශල්‍යකර්ම Lazer treatment, sclerotherapy ආදී ලෙස විවිධාකාර ප්‍රතිකාර විධි භාවිත කරයි. නමුත් විවිධ හේතූන් මත ප්‍රතිකාර සාර්ථක නොවන අවස්‌ථා ද දක්‌නට ලැබෙයි. ප්‍රතිකාර සමඟ රෝගියාගේ ජීවන රටාවේ වෙනස්‌කම් සිදු කර ගත යුතුය.
 
 ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ විශේෂිත වූ ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රම මේ සඳහා යොදා ගනී. තෛල අභ්‍යංගය, පත්තු වර්ග, ආලේප, කූඩැල්ලන් යොදවා සිදු කරන ප්‍රතිකාර හා අභ්‍යන්තර ඖෂධ ප්‍රතිකාර මගින් සාර්ථකව පාලනය කළ හැකියි.
 
 වැදගත්ම කාරණය වන්නේ මෙම රෝගී තත්ත්වයේදී මුල් අවස්‌ථාවේදී ප්‍රතිකාර පහසුවනවා සේම පාලනය ද පහසුවෙයි. එබැවින් මුල් අවස්‌ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමු විය යුතු අතර එසේ නොවුණහොත් ප්‍රතිකාරය අපහසු වනවා සේම අහිතකර ප්‍රතිවිපාක අත්විඳීමට ද සිදු වනු ඇත.
 
 වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0774941118 මගින් විමසිය හැකිය.
 
 වෛද්‍ය
 කුමුදුනී ද සිල්වා
 සෙත්සුව ප්‍රාණජීව ආයුර්වේද රෝහල බටලන්ද

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
22 Jul 2018 09:05 PM
ස්තුතියි .........පැහැදිළිව විස්තර කරල
0
You are not authorized to post a reply.
Page 2 of 35 << < 12345 > >>