You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Jan 2019 07:35 PM by  Udari
කරවිල ඔසුවක් ලෙස
 681 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 35 << < 34567 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Aug 2018 06:58 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Aug 2018 06:58 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Aug 2018 06:58 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Aug 2018 06:58 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Aug 2018 06:58 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Aug 2018 06:59 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Aug 2018 06:59 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Aug 2018 06:59 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Aug 2018 07:13 PM

විවාහය කඩන පෞරුෂ ගැටලු

ඉතාමත්ම සරලව විස්තර කළොත් පෞරුෂය කියන්නෙ අපි හිතන, හැඟීම් ප්‍රකාශ කරන අනෙකුත් අය අවබෝධ කරගන්න, අඳින පළඳින, කන බොන ආකාරය ලෙස හැඳින්වුවහොත් වැරදි නෑ. සමහරවිට ඔබටත් මේ ගැන අත්දැකීම් ඇති. යම්කිසි පුද්ගලයකු දෙස බලා ඔහු හෝ ඇය පිළිබඳ ප්‍රකාශ නිකුත් කරන අවස්ථා එමටයි. ඔහු හෝ ඇය හරිම අහිංසකයි, හරිම ප්‍රියමනාපයි, හරිම ලෙන්ගතුයි, කතා කරනවා දකින්න හරිම ආසයි. හරියට තරහ යනවා. හොස්ස ළඟින් මැස්සා යන්න බෑ. කිසිම හැඟීමක් නෑ. හරිම ආත්මාර්ථකාමීයි. හරිම කුහකයි.

ඔබගේ විවාහය හෝ සහකරු හෝ සහකාරිය හෝ පෙම්වතා හෝ පෙම්වතිය සමඟ පවතින සම්බන්ධතාවය සාර්ථක වීමට හෝ රසවත් වීමට ඔබගේ පෞරුෂය විශාල බලපෑමක් ඇති කරයි. මනෝ විද්‍යාත්මකව මේ දෙස බලන විට පෞරුෂයේ තිබෙන වැදගත් ලක්ෂණ දෙකක් මීට උපකාරී වෙනවා.

1. ඔබගේ සිතුවිලි (Cognition)

2. ඔබගේ හැඟීම් (emotions)

ජීවිතය සාර්ථකව පවත්වා ගැනීමට ධනාත්මක සමාජශීලී සිතුවිලි වලින් අප මනස පෝෂණය වී තිබිය යුතුයි. මෙයට මනෝ විද්‍යාවෙ කියන්නෙ  සමාජ බුද්ධිය (social cognition) කියල. අපි මෙය පුංචි උදාහරණ දෙකක් මගින් බලමු. අපි හිතමු ඔබේ අල්ලපු ගෙදර මනුස්සයා ඔහුගෙ කුණු බෑග් එක ඔබේ තාප්පය ළඟ තිබ්බ කියලා. මෙහිදී ඔබ ක්‍රියා කරන ආකාරය ක්‍රම දෙකකින් බලමු. ඔහු සමඟ ඍජුව රණ්ඩු දබර කර ගැනීම සහ තරහ වීම. අනෙක් ක්‍රමය නම් ඔහු සමඟ බොහොම සුහදව ඔහුගේ වැරැද්ද පෙන්වාදීම. සැබැවින්ම මේ ක්‍රම දෙකෙන් කුමන ක්‍රමය භාවිත කරන්නේද යන්න තීරණය වනුයේ ඔබගේ පෞරුෂය තුළ තිබෙන සිතුවිලි සහ හැඟීම් යන කොටස් දෙක ක්‍රියා කරන ආකාරයටයි. අපි තවත් මෙවැනි සරල උදාහරණයක් ගනිමු. ඔබගේ බිරිඳ face book එකේ යම්කිසි පුද්ගලයකු සමඟ කාලයක සිට යම් කතිකාව හෝ පණිවිඩ හුවමාරුවක යෙදෙනවා යැයි ඔබට දැනෙනවා. මෙහිදීද ඔබ ක්‍රියා කරන ආකාරය පහත යම් එක් ක්‍රමයක් විය හැකියි. එනම් ඇය වෙත කඩාපැන පහරදී අපහාස කර දුරකතනය පොළොවේ ගැසීම. අනෙක් ක්‍රමය නම් ඇයට ආදරෙන් ළංවී ඔබ එපාවීමට යම් හේතුවක් ඇත්දැයි සොයාගැනීමට උත්සාහ කිරීමය. මෙහිදීද ඔබ ක්‍රියා කරන ආකාරය තීරණය කරනුයේ ඔබගේ සිතුවිලි (cognition) සහ හැඟීම් (emotions) පාලනය වන ආකාරයටය.

ඉහත සරල උදාහරණ දෙක අධ්‍යයනය කිරීමේදී අපට පෙනී යන්නේ අපගේ පෞරැෂය තුළ තිබෙන සිතුවිලි සහ හැඟීම් යන සාධක දෙක අප මෙහෙයවන ප්‍රබල සුක්කානමක් වී ඇති බවයි. කෙනකුගේ පෞරුෂය නිර්මාණය වීමට ජානමය මෙන්ම පාරිසරික සාධකද බලපායි. මොන තරම් හොඳ ජාන මව්පියන්ගෙන් ඔබට ලැබුණත්, ඔබේ දරැවා ආදරණීය සහ උත්තේජක පරිසරයක හැදී වැඩීමට අවකාශ නොලැබුණොත් සිතුවිලි සහ හැඟීම් යන පෞරුෂ ලක්ෂණ දෙකට විශාල හානියක් සිදුවේ.
අප සැමදෙනා තුළම පෞරැෂයේ නොයෙකුත් ගැටලු ඇත. නමුත් ඒවා විවාහයට හෝ අපගේ සම්බන්ධතාවලට බලපානුයේ ඒවායේ ඇති තීව්‍රතාවය හෝ එහෙමත් නැත්නම් අඩු වැඩිවීම මතයි. පෞරැෂය සම්බන්ධ මානසික රෝග රාශියක් මනෝ වෛද්‍ය විද්‍යාව තුළ හඳුනාගෙන ඇත. ජීවිතය අසාර්ථක වීමට මෙවැනි රෝගයක්ම ඔබට තිබිය යුතු නැත. යම් පෞරුෂ භින්නතාවයක මෙවැනි රෝග ලක්ෂණ (personality traits) කිහිපයක් තිබීම ප්‍රමාණවත් වේ. මේවා මොනවාදැයි අපි එකින් එක සොයා බලමු.

පහත සඳහන් කතාවලින් එක එක පුද්ගලයන්ගේ පෞරුෂයේ ඇති නොයෙකුත් ගැටලු (personality problems) ජීවිතයට බලපාන හැටි විමසා බලමු.

සුගත් සහ මීනුගේ කතාව

මීනු පේරාදෙණිය සරසවියේ උපාධිධාරිනියක්. දැන් ඇය මාවතගම ප්‍රදේශයේ ගුරැවරියක ලෙස සේවය කරනවා. සරසවි ජීවිතයේදී ඇයට ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා. නමුත් එය බිඳවැටුණා. ඉන්පසු මීනු කල්පනා කළේ කිසි දිනෙක එවැනි සම්බන්ධතාවයක් ඇති නොකරගන්නා බවත් යම් දිනෙක ගෙදරින් එන යෝජනාවකට කැමැති වන බවත්ය. මීනු සුගත් විවාහවෙලා දැන් අවුරුදු 4 ක් වෙනවා. මාස 12ක පුතෙකුත් සිටිනවා. මීනු අපට යොමුවූයේ ජීවිතය එපාවී සුගත් කෙරේ ඇති දැඩි කලකිරීමෙන් විවාහයද එපාවී සිටි අවස්ථාවකදීය. මීනු මෙසේ පැවසුවා.

මට සුගත්ව හොයල දුන්නෙ දෙමව්පියො. ඔහු සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙක්. ඔහු කුරුණෑගල ප්‍රසිද්ධ පවුලක කෙනෙක්. මේ යෝජනාව ආපු දවස්වල මගෙ දෙමාපියන් හුඟාක් ඔහු ගැන හොයල බැලුවා. සුගත්ගෙ ගමේ අය කීවෙ හරිම නිශ්ශබ්ද හොඳට ඉගෙන ගත්ත තරුණයෙක් කියලා.

ඉතින් ඇයි ඔබට ඔහු එපාවුණේ?

කිසිදු සුමට හෝ ආදරණීය බවක් නැහැ. ඔහු නිතරම දකින්නෙ අනුන්ගෙ වැරදි. දැන් මගෙ දෙමාපියො ගෙදර එන්නෙත් නෑ. නෑදෑයො හිතමිතුරන් හැමදෙනාම ඈත්වෙලා. ඔහුට පේන්නෙ මේ හැම එක්කෙනාම තර්ජනයක් කියලා. ඔහු නිතරම කියන්නෙ කිසි කෙනෙක් ඇසුරු නොකර හුදෙකලාව සිටින එක ඇඟට ගුණයි කියලා. Office එකෙත් ඔහුට හරිම ප්‍රශ්න. ඔහුගෙ යටතෙ හුඟක් සේවකයො සිටිනවා. ඔහු නිතරම ඒ අයගෙ වැරදි හොයන්නෙ. මේ නිසාම මුළු office එකම ඔහුත් එක්ක තරහයි. ඔහුට යාළුවෝ නෑ. හුඟක් ආස හුදෙකලාව ඉන්න. ඔහු අතින් සිදුවන ඕනෑම වරදක් අනුන් පිට පටවන්න තමයි නිතරම බලන්නෙ. දැන් ඉන්න ගෙදර ඉස්සරහ මම ලස්සනට මල් වවලා තියෙනවා. මේ ළඟදි ඔහුගෙ කාර් එක පිටිපස්සට ගන්නකොට මල් පෝච්චියක් උඩින් ගියා. ඒ වරද ඔහු මගේ පිට තමයි දැම්මෙ. මම මල් වවල තියෙන විදිහ වැරදියි කියලා තමයි ඔහු කීවෙ. ඉතා කුඩා දේකටත් ඔහු දැඩි ලෙස කිපෙනවා. නිතරම අනුන්ගෙ වැරදි කියමින් ඒවා හරිගස්සන්න තමයි මහන්සි වෙන්නෙ.
මෙහි එන සුගත් සැකය නැමති පෞරුෂ භින්නතාවයේ (paranoid personality) සමහර රෝග ලක්ෂණවලින් පෙළෙන බව පෙනෙන්නට තිබේ. එම ලක්ෂණ නම් සෑමදෙනා දෙසම සැකෙන් බැලීම, හැමදෙනාගේම වැරදි දැකීම. සුගත් කල්පනා කරනුයේ තමා වටේ සිටින අය තමාගෙන් කඩා වඩාගැනීමේ අපේක්ෂාවෙන් ඇසුරු කරනවා කියායි. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට පාරිසරික හා ජානමය හේතු දෙකම බලපානවා. සුගත් කුඩා කාලයේදී හැදී වැඩී ඇත්තේ තම මව්පියන්ගේ දැඩි පාලනය යටතේය. සුගත්ගේ පියා සැර පරැෂ ගතිපැවතුම් ඇති පුද්ගලයෙක් බව සුගත් නිතරම කීවේය. මින් පෙනී යන්නේ සුගත් කුඩා කල දෙමාපියන් යටතේ යම් ආකාරයක මානසික අපයෝජනයකට පත්වී ඇති බවයි.

නයෝමි සහ නුවන්ගේ කතාව

නයෝමි සහ නුවන් විවාහ වී අවුරුදු 5 ක් වෙනවා. නුවන්ට නයෝමිව හමුවුණේ තම මිතුරකුගේ ප්‍රිය සම්භාෂණයකදීය. වසරක පමණ ප්‍රේම සම්බන්ධතාවයකින් පසුව දෙදෙනා විවාහ වී ඇත. නුවන්ට දැන් නයෝමි සමඟ ගත කරන ජීවිතය හොඳටම හෙම්බත් වී ඇත. කළ යුත්තේ කුමක්දැයි නොදැන ලෝක දෙකක අතරමං වී සිටින නුවන් අප වෙත ආවේ නයෝමිද සමඟය. නුවන් ඔහුගේ කතාව මෙසේ පැවසුවා.

නයෝමි මගෙ බිරිඳ. මෙයත් එක්ක ජීවත් වෙන්න හරිම අමාරුයි. පුංචි දෙයක් දිහා බලන්නෙත් හරිම අවිශ්වාසෙන්. තරහ ගියාම පාලනය කරගන්න බෑ. බිත්තියේ ඔළුව ගහගන්නවා. එහෙමත් නැත්නම් අත කපාගන්නවා. දැන් ඇය පාවිච්චි කරන්නෙ හතරවැනි ඇපල් phone එක. I phone 3ක්ම පොළොවෙ ගැහැව්වා. දෙසරයක්ම ජීවිතේ නැතිකරගන්න උත්සාහ කළා. ඇයට දැන් කිසිම යාළුවෙක් නෑ. මගෙ දෙමව්පියො එක්කත් දැන් තරහවෙලා. ඕනැම කෙනෙක්ට වේගයෙන් ළංවෙනවා. ඉක්මනින් යාළුවෙනවා. යාළු වුණාම වියරුවෙන් මෙන් ඔහුට හෝ ඇයට ළංවෙනවා. හැබැයි පුංචි සිදුවීමක් ඇති ඔහු හෝ ඇය එපාවෙන්න. මගෙ දෙමව්පියො එක්ක තරහ වුණු හැටි බලන්න. දවසක් ඒ දෙන්නට කෑමකට එන්න කීවා. ඉතින් නයෝමි හරිම සතුටින් උද්‍යෝගයෙන් ඒකට ලෑස්ති වුණා. කොහොම හරි එදා මගෙ තාත්තට වෙන වැඩක් යෙදිලා ඔවුන්ට එන්න බැරිවුණා. නයෝමිට මේකට කොච්චර තරහ ගියාද කියනව නම් මුළු කෑම මේසයම පොළොවෙ ගැහැව්වා. මගෙ අම්මට call කරල කීවා තවත් මේ පැත්ත පළාතෙ එන්න එපා කියලා. නයෝමිගෙ චරිතය තුළ මෙවැනි දේවල් මම යාළුවෙලා ඉන්න කාලෙත් දැක්කා. ඒත් මම හිතුවෙ මේවා බැන්දට පස්සෙ හරියයි කියලා. මට නම් දැන් ජීවිතේ තිත්තවෙලා. මොනවා කරන්නද කියල හිතාගන්න බෑ.
මෙහි එන නයෝමි ගොදුරු වී ඇත්තේ බෝඩර්ලයින් නම් පෞරැෂ භින්නතාවයටයි. (Borderline personality) පිරිමින්ට වඩා කාන්තාවන් මීට ගොදුරැ වේ. 2% ක් පමණ ප්‍රජාව තුළ සිටී. කුඩා කාලයේදී දරුවකු ලිංගික අපයෝජනය, ශාරීරික අපයෝජනය වැනි තත්ත්වයන්ට ගොදුරුවීම මීට එක් හේතුවකි. නයෝමිගෙ කුඩා කාලය පිරික්සීමේදී ඇයගේ වයස අවුරුදු 10 සහ 12 කාලය තුළ තම පවුලේ ළඟම ඥාතියකුගෙන් ලිංගික අඩත්තේට්ටම්වලට භාජනය වී ඇත. ඇය මේ කරුණු අපට රහසිගතව පැවසුවාය. මෙම පෞරුෂ භින්නතාවයේ ලක්ෂණ වනුයේ හැඟීම් පාලනයට ඇති අපහසුව, කෙනකුට වේගයෙන් ළංවීම සහ අතහැර දැමීම, ජීවිතය නැතිකර ගැනීමට උත්සාහ කිරීම, තදබල ලෙස කෝපයට පත්වීම, තමාට දැනෙන අසාමාන්‍ය පාළුව හෝ හිස් බව, තමා කෙරේ අභිමානයක් නොමැති වීම, අත කපාගැනීම හෝ ශරීරයට හානිකර ගැනීම, තමාට ආදරය කරන අය තමා අතහැර දමාවි යැයි යන භීතියයි.

දෙදෙනකු අතර යහපත් නිරෝගී සාර්ථක සහ රසවත් සම්බන්ධතාවයක් ගොඩනැගීමට ඔහු හෝ ඇයගේ පෞරුෂය ඉතාම වැදගත් සාධකයකි. ජීවිතයේ සාර්ථකත්වය තීරණය වනුයේ ඔබට හිමි එම පෞරැෂය මගින් නිර්මාණය කරන සිතුවිලි හා හැඟීම්^ අනුවය. ඔබගේ පෞරැෂයේ කොටසක් ජානවලින් හිමිවන අතර අනෙක් කොටස පරිසරය මගින් නිර්මාණය කරයි. කුඩා කල සිට ඔබගේ දරැවා මානසිකව හෝ ශාරීරිකව අපයෝජනයට පත් නොකර හදාවඩාගැනීම මෙවැනි තත්ත්වයන් වළකාගැනීමට ඇති හොඳම රහසයි.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Aug 2018 07:19 PM

ලිංගික ශක්තිය වඩවන නීරමුල්ලිය

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව බොහෝ රෝග සුවපත් කිරීමේ හැකියාවක් නීරමුල්ලිය නම් ඖෂධයට ඇත. ඇතැමුන් මෙය “ඉකිරිය” ලෙසද හඳුන්වයි. දම්පාට හෝ රෝස පාට වර්ණයකින් යුත් මලක් ඇති කටු සහිත පැළෑටියකි. මෙය වැඩිපුරම ජලාශ්‍රිත ප්‍රදේශවල වැඩේ.

බොහෝ රෝග වළක්වා ගැනීමටත් රෝගයක් සඳහා කරනු ලබන ප්‍රතිකාරවලදී ගනු ලබන ඖෂධ නිෂ්පාදනයක් සඳහා ද නීරමුල්ලිය යොදාගැනේ.

හොඳින් මුත්‍රා පිටකරන, මුත්‍රා ඇති කරවන ඖෂධයක් ලෙසින් ද හඳුන්වන අතර “දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව මුත්‍රා කාරක ඖෂධයක් ලෙසද හැඳින්වේ. ආයුර්වේදයට අනුව මුත්‍රා පද්ධතිය හා සම්බන්ධ රෝගවන මුත්‍රාඝාත (මුත්‍රා හොඳින් පිට නොවීම) මුත්‍රා කටච්ඡ (මුත්‍රා අපහසුවෙන් පිටවීම) සහ මුත්‍රා අශ්වරි (මුත්‍රා ගල්) යන රෝග තුන සඳහා නීරමුල්ලිය ඉතා ගුණදායක ඖෂධයකි. 

එමෙන්ම නොයෙකුත් රෝග තත්ත්වයන් නිසා ඇති වන මුත්‍රා දැවිල්ල, වේදනාව, මුත්‍රා පිටවීම අවහිර වීම, වකුගඩු හා මුත්‍රා නාල මුත්‍රාශයේ ඇතිවන ගල් සඳහා ද ඉතා යෝග්‍ය වේ. 

නමුත් නීරමුල්ලිය වෛද්‍ය උපදෙස්වලින් තොරව එකදිගට නොගත යුතුය. නීරමුල්ලිය මගින් ආයුර්වේදයේදී ගුලි, කල්ක, නසාය, චූර්ණ, පෙති, කරල් ලෙසින් නිපදවේ.

නීරමුල්ලිය ඇට ලිංගික බෙලහීනතාවය හා ශුක්‍රණු නිෂ්පාදනය නොවීම සඳහා ද ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.

දියවැඩියා රෝගීන්ට ද මෙය ගුණදායක වන අතර එයද වෛද්‍ය උපදෙස් අනුව ගතයුතුය. අක්මාව ආරක්ෂා කරයි. ලිංගික බෙලහීනතාවයට ද ඉතා ගුණදායක වේ. මොළයේ නීරෝගි භාවය වෙනුවෙන්ද ප්‍රදාහ තත්ත්ව ඉඳිමුම් තත්ත්වයන් ද දුරුකරයි.

විශේෂයෙන් ආතරයිටීස් රෝග ප්‍රදාහ තත්ත්වයන් ඉදිමුම් තත්ත්වයන් ද ඉතා ගුණදායක වේ. අධික රුධිර පීඩන සහිත රෝගීන්ට ද ඉතා ගුණදායක වේ.

උණ රෝගීන්ගේ මුත්‍රා හොඳින් පිට කර උණ අඩුකිරීමට උපකාරී වේ. මෙහි රෝග මැඩලිය හැකි ප්‍රතිශක්තිකරණ බොහොමයක් අන්තර්ගතවේ.

නීරමුල්ලිවල ඇති විටමින් E වලින් ශක්තිය ඇති කරයි. කිරි දෙන මව්වරැන්ට නැවත මාසික ඔසප් චක්‍රය ඇති කිරීමට උදව් කෙරේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව නීරමුල්ලිය පුළුස්සාගත් දුම ඇස්වල තුවාල සුවකිරීමට යොදාගෙන ඇත. එමෙන්ම උණ ගැනුණු රෝගීන්ට නීරමුල්ලිය තම්බා ගත් වතුරවලින් ඇස් තෙමීමක්ද ආයුර්වේදයේ සඳහන් වුවත් එය වෛද්‍ය උපදෙස් අනුව කිරීමට වගබලා ගන්න. නීරමුල්ලිය කොළ සලාද සහ ව්‍යාංජන සඳහා යොදාගැනුණද මේ ඉතා වටිනා ගුණදායක ඖෂධය ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම අවශ්‍යය.

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරුණෑගල ආයුර්වේද රෝහල

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Aug 2018 07:20 PM

මහතද? කෙට්ටුවෙන හැටි මෙන්න

පංච කල්‍යාණියට අනුව තරබාරුකම අයත් වන්නේ මාංශ කල්‍යාණයටය. නමුත් මාංශ කල්‍යාණය වර්ධනය වීමෙන් තරබාරැකම ඇතිනොවේ. තරබාරැකම ලෙස ආයුර්වේදයේ හඳුන්වනු ලබන්නේ මාංශ කල්‍යාණය වසාගෙන ඇඟපතෙහි ඇතිවන මහත්වීමය. ආයුර්වේදයට අනුව මේදස් නම් (තෙල) ධාතුව වර්ධනය වීමෙන් තරබාරුව ඇතිවේ.

සමට යටින් මේදස් හෙවත් මේදය තැන්පත් වීමට අමතරව වෙනත් ස්ථාන තුළද මේදය තැන්පත් වීම තුළින් තරබාරැකම සිරැරේ දක්නට ලැබේ. මේ නිසා ස්ත්‍රී හා පුරැෂ දෙපාර්ශ්වයේම පියයුරු පෙදෙස, නිතඹ පෙදෙස හා උදරය පෙදෙස තරබාරුව වැඩි වශයෙන් පෙන්නුම් කරන පෙදෙස් වේ.

තරබාරු සිරුරක් ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතු

පාරම්පරික බව

අධිපෝෂණය

ව්‍යායාම් රහිත වීම

දහවල් කාලයේදී නිදාගැනීම.

එකම ආහාර වර්ග වැඩිපුර ගැනීම.

බොහෝ දෙනා අනවශ්‍ය ලෙසින් ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ආහාර ගනිති. එහෙත් ආහාර වේලකදී ගන්නා ආහාර ප්‍රමාණාත්මකව වැඩිවීම තුළින් හා දවස පුරා නිතර නිතර ආහාර ගැනීම තුළින් ද නොදැනුවත්වම ශරීරයට අවශ්‍ය ආහාර ප්‍රමාණයට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් ශරීරයට ලැබේ. කෙනකු ආහාර ගත යුත්තේ කුසගින්නට මිස පෙරේතකමට නොවේ.

එමෙන්ම අද බොහෝ දෙනෙක් උදේ ආහාරවේලට ගත් ආහාරම දහවල් ආහාරවේලටද ගැනීමට පුරුදුව සිටිති. රාත්‍රියේ දී පාන් වැනි පිෂ්ඨ අධික ආහාරයක් ගනිති. නමුත් එකම වර්ගයේ එළවළු හා ආහාර නිසා ශරීරයට නිතරම ලැබෙනුයේ එකම රසයෙන් සහ ගුණයෙන් යුත් ආහාර පමණි. මෙමගින්ද තරබාරුකම ඇතිවීමට පුළුවනි.

අද බොහෝ දෙනා ව්‍යායාම් සඳහා ව්‍යායාම් ආයතනවලට (ජිම්) යාමට පුරැදුව සිටිති. නමුත් මේ තරබාරැකම මට්ටු කරලීමට එවැනි ව්‍යායාම් කට්ටල සහ එවැනි ආයතන අවශ්‍ය වන්නේ නැත. සාමාන්‍ය ජීවිතයේදී නිවෙස තුළදී තමන්ගේ වත්තේ පිටියේ හොඳින් ශරීරයට දැනෙන ලෙස හොඳින් දහඩිය පිටවන වැඩවල නිරතවන්නේ නම් එයින්ද හොඳ ව්‍යායාමයක් ශරීරයට ලබාගත හැක. බොහෝ දෙනා ව්‍යායාම් ලෙස උදෑසන සහ හවස ඇවිදීමට පුරැදුව සිටිති. නමුත් තවත් කෙනකු සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ඇවිදින විටදී ඔබේ සිරුරට ව්‍යායාම් නොලැබේ. මේ සඳහා ඉතා සුදුසු වන්නේ පිරිසුදු වාතාශ්‍රය ලැබෙන පරිසරයක ඇඟට දැනෙන ලෙස, ඇඟට දහඩිය දමන ලෙස ඇවිදීමයි. ව්‍යායාම් කරද්දී හොඳින් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමද අවශ්‍යය.

නමුත් ඔබ තරබාරු කෙනෙක් නම් ව්‍යායාම් කිරීමට පළමුව සුදුසු වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් ලබාගත යුතුය. ඇතැම් රෝග තත්ත්වයන් තුළදී ඇතැම් ව්‍යායාම් කිරීම සුදුසු නොවේ.

එවැනි රෝග වන්නේ දියවැඩියාව (මධුමේහය), අධික රුධිර පීඩනය, හන්දිපත් වේදනාව, කොන්ද කැක්කුම, හෘද රෝග ආදියයි.

මීට අමතරව තරබාරු පුද්ගලයෝ බොහෝ දෙනෙක් මෙම රෝග තත්ත්වයන්ට මුහුණදෙති. ජීවිතයේ අවසාන කාලයේදී මෙම රෝගී තත්ත්වයන්ගෙන් අඩුම තරමේ එක රෝග තත්ත්වයකට හෝ මුහුණදෙති. බොහෝ දෙනා තරබාරැකම පිළිබඳව විශාල ලෙස කම්පා වන්නේ එයින් තමන්ගේ රූපයට සිදුවන අවලස්සන හේතුවෙනි. නමුත් තරබාරැකම හේතුවෙන් ජීවිතේ පසුකාලීනව ඇතිවන රෝග තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වීම ඊට වඩා වැදගත් වේ.

ශරීරය තරබාරු වීමත් සමඟම හතිය, පිපාසය දැනීම, ඇඟපත පණ නැතිවීම (අප්‍රාණික බව), බඩගිනි වැඩිවීම, දහඩියෙහි දුගඳක් හැමීම, ශක්තිය පිරිහීම වැනි තත්ත්වයක් ඇතිවිය හැක. මෙම රෝග ලක්ෂණ බොහෝවිට මධුමේහය (දියවැඩියාව) වැනි රෝග ලක්ෂණවලට සමාන වේ.

මේ නිසා යම් කෙනකු ඇවිදීමේදී ඔහුගේ හෝ ඇයගේ තට්ටම්, පියයුරු, උදරය චලනය වන්නේ නම් ඒ අය තරබාරු අයකු ලෙස හඳුනාගැනීමට ආයුර්වේදයේදී උපදෙස් ලැබේ.

තරබාරු මට්ටු කළ හැකි ඖෂධ ආයුර්වේදයේදී සඳහන් වේ. නමුත් ඒ ඖෂධ ලබාගත යුත්තේ පිළිගත් ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් මතය. තරබාරුකම මට්ටු කරලීමට කැකිරි, පිපිඤ්ඤා වැනි දියර සහිත එළවළු ඉතා යෝග්‍ය වේ. එමෙන්ම පළතුරු වැඩිපුර ආහාරයට එක්කරගන්න. මේද පදාර්ථ සහිත ආහාර ගැනීමෙන් වළකින්න. පිෂ්ඨය සහිත ආහාර හැකිතාක් ඈත් කරන්න. 

මීට අමතරව තරබාරැ කෙනකුට සිරුර කෙට්ටු කරලීමට අවශ්‍යනම් කොල්ලු තැම්බූ වතුර පානය කරන්න. මුංඇට තැම්බූ වතුර පානය කිරීමද තරබාරැකමට හොඳ ඔසුවකි. ඊට අමතරව ත්‍රිපල් චූර්ණය මී පැණියෙන් උදේ හවස සුදුසු මාත්‍රාවකින් ගන්න. එමෙන්ම මී පැණි තේ හැඳි දෙකකට ජලය මේස හැඳි දෙකක් පමණ දමා පානය කරන්න.

නිතරම තම ගෙදර දොරේ වැඩවල හැකිතාක් නිරතවන්න. අද බොහෝ නිවෙස්වල වැඩ කටයුතු වෙනුවෙන් සේවක සේවිකාවන් යොදාගනී. ගෙදර හිමියන් දැඩි ලෙස තරබාරු පුද්ගලයන් වන විට ගෙදර සේවිකාව ඉතා කෙට්ටු සිරුරකට හිමිකම් කියන්නේ මේ වැඩ කටයුතු හේතුවෙනි. මේ නිසා හැකි අයුරින් තම ගෙවත්තේ වැඩවලට හවුල් වෙන්න.

වැඩිපුර ජලය පානය කරන්න. නමුත් අනවශ්‍ය වේලාවලදී අනවශ්‍ය ආහාර ගැනීමෙන් වළකින්න. හැකිතාක් හිතේ සතුටින් කාලය ගත කරන්න. තරබාරැකමට වෙනත් රෝගද හේතුවිය හැක. මේ නිසා නිතරම තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න. තරබාරුකම මට්ටු කිරීමට නිවැරදි යෝග අභ්‍යාසයන්ද ඉතා ප්‍රයෝජනවත් වේ.

ආයුර්වේද විශේෂඥ වෛද්‍ය 
ඩී.එච්. තෙන්නකෝන්
හිටපු අධ්‍යක්ෂ ආයුර්වේද ශික්ෂණ රෝහල - බොරැල්ල

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Aug 2018 07:21 PM

දරන්න බැරි කැක්කුමක් හදන වකුගඩු ගල්

ජීවිත කාලය තුළ දී කෙනකුට දරන්නට බැරි තද වේදනාවක් ගෙන දෙන රෝගයක් හැටියට වකුගඩු ගල් ඇතිවීම පෙන්වා දිය හැකියි. වකුගඩු ගල කුඩා නම් වඩාත් පහසුවෙන් ශරීරයෙන් බැහැර කරගන්නට පුළුවන. නමුත් එය විශාල එකක් නම් ශරීරයෙන් බැහැරවීමේදී මුත්‍රාවාහිනී අවහිරවීම වැනි නොයෙකුත් සංකූලතාවයන්ට මුහුණදීමට සිදුවෙයි. සමහරවිට සැත්කම් කරන්නටත් සිදුවෙයි..

රෝගයට හේතු

කෙනකුගේ මුත්‍රාවල සාන්ද්‍රණය වැඩි නම් ගල් සෑදීමේ හැකියාව වැඩි වේ. මේ තත්ත්වයට මූලික හේතුව වකුගඩුවල පෙරීමේ රාජකාරියට අත්‍යාවශ්‍ය ජලය ඇති තරම් සිරුරට නොලැබීමයි.

බොහෝමයක් වකුගඩු ගල් කැල්සියම් වලින් සෑදී ඇත. සමහරවිට සිරුරේ කැල්සියම්, ඔක්සලේට්, යූරික් අම්ලය වැනි සංඝටක සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩිවන රෝග ඇත. මෙවැනි අයට ගල් සෑදීමේ ප්‍රවණතාවය වැඩියි.

සමහර ඖෂධ නිසාද වකුගඩු ගල් සෑදීමේ අහිතකර ගුණාංග පවතී. උදා – සමහර පිළිකා ඖෂධ, ඒඩ්ස් රෝගීන්ට ලබාදෙන සමහර ඖෂධ, ඇතැම් මුත්‍රා පෙති

වකුගඩු වේදනාව

වකුගඩුවක ගලක් හිරවී තිබුණොත් යටිබඩ ප්‍රදේශයෙන් විටින් විට වේදනාවක් දැනීමට ඉඩ තිබේ. හදිසියේම ඇතිවන එම වේදනාව තියුණු එකක් බවට පත්වී කාලයත් සමඟ වඩාත් නරක අතට පත්වෙන්නට පුළුවන. යමෙකුගේ ජීවිත කාලය තුළ දැරිය හැකි දරුණුම වේදනාවක් ලෙසද එය හඳුන්වන්නට හැකියාව තිබේ. එම වේදනාව ඉකිලි ප්‍රදේශයෙන්, ජනනේන්ද්‍රියෙන් සහ පසුපස ප්‍රදේශයෙන්ද දැනෙන්නට හැකිය. 

මෙම වේදනාත්මක තත්ත්වය නොනැවතී දිගටම පැවතීමට හෝ විටින් විට නැවත පැමිණීමටද ඉඩ තිබේ. වකුගඩු තුළ එම ගල් එහා මෙහා ගමන් කිරීම නිසා දහඩිය දැමීම සහ දරාගත නොහැකි දරුණු වේදනාවක් ඇතිවී ඔබ දැඩිව රෝගාතුර විය හැක. ඉරියව් මාරුකරමින් කුමන ඉරියව්වකින් සිටියත් එම වේදනාව නොනැසීම පවතී.

මුත්‍රා සමඟ ලේ පිටවීම

මුත්‍රා සමඟ ලේ පිටවීම වකුගඩු ගල් රෝගයේ පොදු ලක්ෂණයකි. මුත්‍රා කරන විට මුත්‍රාවාහිනීවල එම ගල් ඇතිල්ලීම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස මුත්‍රාවාහිනීවලට හානි සිදුවී මුත්‍රාවල වර්ණය රතු හෝ ලා රෝස පැහැයක් ගැනීම එහිදී ඇත්තටම සිදුවෙයි.

ආසාදන

මුත්‍රා කරන විට වේදනාවක් දැනීම මුත්‍රා මාර්ග ආසාදන තත්ත්වයේ ප්‍රධානම රෝග ලක්ෂණයයි. එසේ වුණත් වකුගඩු ගල් තත්ත්වයකදීද සුළු වශයෙන් හෝ වේදනාවක් ඇතිවෙන්නට පුළුවන් බව හොඳින් මතක තබාගන්න.

වමනය  සහ ඔක්කාරය

වකුගඩු නිවැරදිව ක්‍රියාත්මක නොවෙන විට වමනය කිරීම මගින් ශරීරයේ ඇති අපද්‍රව්‍ය බැහැර කිරීමට ශරීරය උත්සාහ කරයි.

මුත්‍රා කරන විට විටින් විට වේදනාවක් දැනීම වකුගඩු ගල් රෝගී තත්ත්වයේ පොදු සහ පූර්ව ලක්ෂණයක් ලෙස හැඳින්වෙයි.

මේ ඉහත සඳහන් කරනු ලැබූ ලක්ෂණ ඔබ තුළ දිස්වෙනවා නම් වහාම වෛද්‍යවරයකු වෙත යොමුවීම කළ යුතුයි. 

ප්‍රතිකාර

විශේෂ එක්ස්රේ පරීක්ෂණ හා ස්කෑන් මගින් වකුගඩු ගල් හඳුනාගත හැක. ඉහත රෝග ලක්ෂණ ඇත්නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු සමඟ සාකච්ඡා කර, පහසුකම් සහිත රෝහලකට ඇතුළු වී නිසි ප්‍රතිකාර ලබාගත හැක. වකුගඩු ගල් සඳහා ලේසර් ප්‍රතිකාර, නොයෙකුත් තරංග ප්‍රතිකාර හා ශල්‍යකර්ම ඇත.

බොහෝවිට සෑදෙන වකුගඩු ගල් කුඩා නිසා ඒවා දින කිහිපයකින් මුත්‍රා සමඟ පිටවී යයි. මේ සඳහා හොඳින් ජලය හා දියර පානය වැදගත් වන අතර වේදනා නාශක ඖෂධ අවශ්‍ය වේ.

රෝගය වළක්වා ගැනීම

ඔබට වරක් වකුගඩු ගල් ඇතිවූයේ නම්, නැවත එසේ ඇතිවීමේ හැකියාවක් ඇත. එම නිසා දියර වර්ග හෝ ජලය හොඳින් පානය කිරීමෙන් මුත්‍රාවල සාන්ද්‍රණය අඩුකර ගැනීමෙන් මෙම ප්‍රවණතාව අඩුකරගත හැක. ඒ සඳහා දිනකට වතුර වීදුරු 8 ක්වත් පානය කිරීම සුදුසුය.

වෛද්‍ය චන්දන ධර්මරත්න 
කළුබෝවිල ශික්ෂණ රෝහල

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
03 Aug 2018 07:24 PM
අම්මො හරිම බයානක ලෙඩක්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
03 Aug 2018 08:32 PM
වටින ලිපියක්
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
03 Aug 2018 08:37 PM
මේ වගේ රෝග නම් කාටවත්ම හැදෙන්න එපා..
මගේ යාලුවෙකුට හැදිලා එයා මාර දුකක් වින්දා...
0

santhaa
Basic Member
Basic Member
Posts:249






--
03 Aug 2018 11:49 PM
වතුර වැඩියෙන් බොන්න ඕන........>>>>>>>නැත්තන් sorry තමා >>>>
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
04 Aug 2018 05:47 PM

analප්‍රශ්නය - පසුගිය සතියේ අප සාකච්ඡා කළා ගුද පරිකර්තිකා කියන රෝග තත්ත්වය ගැන. මෙය සුවපත් කළ හැකිද?

වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - ගුද පරිකර්තිකාව හටගත් විට බටහිර විද්‍යාව මගින් නිර්දේශ කරන්නේ සැත්කමක්‌ මගින් තත්ත්වය සමනය කිරීමයි. එහෙත් සැත්කමකදී ගුදයේ පටකවලට හානි සිදුවුවොත් එය යළි නිවැරදි කර ගැනීමට බැරි වරදක්‌ බවට පත්වෙනවා. සැත්කමක්‌ කරන විට වැරදීමකින් හෝ ගුදයේ ස්‌නායු කැපුනොත් එතැන් පටන් පාලනයකින් තොරව මළ පහවීම සිදු විය හැකියි. ඒ නිසා අප නිතරම නිර්දේශ කරන්නේ සැත්කම් නොකරන ආයුර්වේදීය ප්‍රවේශයක්‌.

ප්‍රශ්නය - ගුද පරිකර්තිකා තත්ත්වයකදී ආයුර්වේදය මගින් සහනයක්‌ ලබා ගන්නේ කොහොමද?

වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - මනුෂ්‍යයා කියන්නේ පරිසරයේ කොටසක්‌. සොබාදහමේ කොටසක්‌. ආයුර්වේදය කියන්නෙත් පරිසරය අනුසාරයෙන් සාදාගත් සොබා දහමට අනුකූල ප්‍රතිකාර ක්‍රමයක්‌. ආයුර්වේද ප්‍රතිකාර තුළ අතුරු ආබාධ නැහැ. ආයුර්වේදය ඖෂධ හැටියට පාවිච්චි කරන්නේ මහ පොළොවෙන් ලබාගත් සොබා දහමට අයත් දේවල්.

ප්‍රශ්නය - ගුද පරිකර්තිකාව සුව කරන ආයුර්වේදීය ඖෂධ මොනවද?

වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - නෙල්ලි ඉතා හොඳ ඖෂධයක්‌. ගුද රෝග තිබෙන කොයි කාටත් නෙල්ලි ආහාරයට ගැනීම ඉතාම සුදුසුයි. මෙය ස්‌වාභාවික විෂ නාශකයක්‌ වන අතර ශරීරයේ හට ගන්නා විවිධ විෂ තත්ත්වයන් මේ මගින් සමනය කළ හැකියි. ශරීරයේ සම පැහැපත් කිරීම. ගෙඩි වන පිළිකාවලට හේතුවන සාධක ශරීරයෙන් පලවා හැරීම, රක්‌ත හීනතාව නැතිකර ශරීරයේ ලේ වඩවාදීම යනාදිය සිදු කිරීමට නෙල්ලිවලට පුළුවන්. ඒ වගේම දිනපතා නෙල්ලි යුෂ මේස හැඳි 2 බැගින් පානය කරන කෙනෙකුගේ අක්‌මාව ඉතා හොඳින් ආරක්‍ෂා වෙනවා. ආහාර ජීර්ණය පහසු කරන පළතුරක්‌ ලෙසත් නෙල්ලි සැලකෙනවා. නෙල්ලිවල තිබෙන තුවාල සිදුකිරීමේ හැකියාව මත ගුද පරිකර්තිකාව සුව කරන්නට පුළුවන්.

ඒ වගේම පරිකර්තිකා රෝගයට සුදුසු තවත් ඖෂධයක්‌ තමයි අරළු.

අරළුවල ගුණය සහ ගුද පරිකර්තිකාව සුව කිරීමට එයට ඇති හැකියා ගැන ලබන සතියේ කියවන්න.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

anal1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
04 Aug 2018 05:47 PM

koduප්‍රශ්නය - කොඳුඇට පෙළ ආශ්‍රිතව හටගත් Scolisis නමැති ආබාධය නිසා ස්‌නායු හිරවී කොන්ද නමා ගැනීමට බැරිව සිටි කාන්තාවක්‌ ගැන අප පසුගිය සතියේදී ඔබ සමඟ සාකච්ඡා කළා.

වෛද්‍ය එම්. ඒ. මදනායක - මෙහිදී scolisis ගැන පාඨකයා දැන ගැනීම වැදගත්. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව නම් මෙය හට ගැනීමට හරියාකාර හේතුවක්‌ හොයාගෙන නැහැ. එහෙත් අපේ වෛද්‍ය ක්‍රමයට අනුව මෙය වාත දොaෂය කුපිත වීම නිසා හටගන්නා තත්ත්වයක්‌. ඒ එක්‌කම ජානමය උරුමයෙනුත් මෙය හටගන්නවා විය හැකියි. සමහර පවුල්වල සෑහෙන පිරිසකට මේ රෝගය තිබෙනවා. ඒ කියන්නේ ඒ පවුලේ අයගේ ජානවල මේ වාත දොaෂය කුපිත කිරීමේ නම්‍යතාව තිබෙනවා.

ප්‍රශ්නය - මේ රෝගය නිසා කොඳුඇටපෙළ ඇද වීම සිදුවන බව තමයි, අප දන්නේ. එවිට කොන්ද නවන්නට බැරි වෙන්නෙ කවර හේතුවක්‌ නිසාද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - කොඳුඇටපෙළ නැවීමට නම් එය සෘජුව පිහිටිය යුතුයි. ඉස්‌සරහට, පස්‌සට හෝ පැත්තට ඇද වුණොත් කොන්ද හරියාකාරව තබාගන්නට බැරිවෙනවා. මේ ලිපියේ මුලින් සඳහන් කළ කාන්තාව මුහුණ දීලා තිබුණෙත් එවැනි තත්ත්වයකටයි. ඒ තත්ත්වය බරපතළ වීම නිසා ඇගේ ස්‌නායු හිරවෙන්නට පටන් ගත්තා. තවත් කල්ගියා නම් ඇයට ඇවිද ගන්නවත් අතපය හොල්ලන්නවත් බැරිව යනවා.

ප්‍රශ්නය - ඊට පස්‌සේ වූයේ මොනවාද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - වෛද්‍යවරුන් ඇයට කියා තිබුණා සිංගප්පූරුවට ගිහින් සැත්කමකට භාජන වෙන්න කියලා. ඒ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 7 ක්‌. ඒ විතරක්‌ නොවෙයි, සැත්කමින් පසුව ඇය සම්පූර්ණ මාසයක කාලයක්‌ එක්‌තැන්ව සිටිය යුතුයි. ඉන් පස්‌සේ තව මාස ගණනක්‌ කිසිදු වැඩක්‌ පළක්‌ නොකළ යුතුයි. තුන්වැනි පියවර තමයි ඇයට කිසිදු ආකාරයක බර වැඩක්‌ කරන්නට බැරිවීම. එය තහනම්. ඊළඟට ඇය අවම වශයෙන් අවුරුදු තුනක්‌වත් බෙහෙත් ගත යුතුයි.

ප්‍රශ්නය - ඇය ඔබ වෙත ගෙනාවාම ඔබ මුලින්ම කළේ කුමක්‌ද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - මම සාමාන්‍යයෙන් රෝග නිශ්චය කරන්නේ රෝගියාගේ X කිරණ ඡායාරූප හෝ MRI වාර්තා මගින් නොවෙයි. රෝගියාගේ නාඩි අල්ලා බලන විට ඔහුගේ හෝ ඇයගේ සිරුරේ ආබාධ තත්ත්වය හටගන්නේ කොතැනද කියලා කියන්න අපට පුළුවන්. ඊළඟට කොඳුඇට පෙළේ ස්‌නායු හිරවුණු තැන හරියටම අතින් අල්ලන්නත් අප දන්නවා. බොන බෙහෙත්, තෙල් ආලේපය සහ තැවිලි සමග විශේෂ සම්බාහන ක්‍රමයකින් හිරවුණ ස්‌නායු විසුරුවන්නට අප දන්නවා. දින 30 ක ප්‍රතිකාරවලින් පස්‌සේ, ඉහත කී රෝගී කාන්තාව කොන්ද නැවීම සහ දිගහැරීම ඉතා හොඳින් කරනවා. තව මාසයක පමණ ප්‍රතිකාරවලින් පස්‌සේ ඇයට බර වැඩ කරන්නත් පුළුවන්.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836

සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

kodu1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
04 Aug 2018 05:48 PM

neuroප්‍රශ්නය - ස්‌නායු රෝග සම්බන්ධයෙන් පාඨකයන් දැනුවත් කිරීම සඳහා අද පිට අප මෙම ලිපි පෙළ අරඹනවා. ආයුර්වේද නිර්වචනයට අනුව ස්‌නායු රෝග කියන්නේ මොනවාද?

වෛද්‍ය අමිල බණ්‌ඩාර ගෝණිගොඩ - මේ ලිපි පෙළ සම්පූර්ණ කිරීමට නම් ස්‌නායු රෝග පිළිබඳ බටහිර අර්ථකතනයද ලබා දිය යුතුයිඳ නවීන විද්‍යාව අනුව ස්‌නායු රෝග වර්ග 8 ක්‌ තිබෙනවා. Guillain Barre Syndrome, Epilepsy and Seizheimes Brain Tumors, Bells Palsy, Alzheimersis s Diseanse, Amyotrophic Lateral Selerosis. (ALS) Acute Spinal Cord Injury යනාදී වශයෙන් ඒවා හඳුන්වනවා.

ප්‍රශ්නය- ස්‌නායු රෝග ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය අමිල බණ්‌ඩාර - වේදනාව, ස්‌පර්ෂ කළ සැනින් හටගන්නා වේදනාව, හිරිවැටීම, පුපුරු ගසනවාක්‌ වැනි සංවේදනයක්‌ ඇතිවීම, පිළිස්‌සෙනවාක්‌ වැනි දැනීමක්‌ හටගැනීම වැනි රෝග ලක්‍ෂණ තුළින් ස්‌නායු රෝගයක්‌ හඳුනා ගන්නට පුළුවනි.

ප්‍රශ්නය - ස්‌නායුවලට බලපාන රෝග මොනවාද?

වෛද්‍ය අමිල බණ්‌ඩාර - අපස්‌මාරය ස්‌නායුවලට බලපාන ප්‍රධාන රෝගයක්‌. අපස්‌මාරය හටගන්නේ මොළයේ සෛලවලින් නිකුත්වන අසාමාන්‍ය විද්යුත් දහරාවක්‌ නිසයි. පාකින්සන් රෝගය කියන්නේ දවසින් දවස වර්ධනය වන ස්‌නායු රෝගයක්‌. Multiple Sclerosis, ඇල්සයිමර් රෝගය යනාදියත් ස්‌නායු රෝග බව බටහිර විද්‍යාවේ හඳුන්වනවා. ආඝාතය මගිනුත් ස්‌නායු රෝග හට ගන්නවා. ඒ මගින් රෝගියාගේ මතකය සම්පූර්ණයෙන් බිඳ වැටෙන්නට පුළුවන්.

ප්‍රශ්නය - නියුරෝපති (Neuropathy) කියලා ස්‌නායු රෝගයක්‌ තිබෙන බව අප අසා තිබෙනවා. කුමක්‌ද මේ රෝගය?

වෛද්‍ය අමිල බණ්‌ඩාර - මෙයට කියන්නේ ස්‌නායු ව්‍යථය කියලයි. සවිස්‌තරාත්මකව කියනවා නම් පර්යන්ත ස්‌නායු ස්‌නායුව්‍යථය (Peripheral neuropathy) කියලා හඳුන්වන්න පුළුවන්. පර්යන්ත ස්‌නායුව හානියට පත්වුණාම මේ රෝගය හටගන්නවා. මේ නිසා ශාරීරික දුර්වලතා හටගන්නවා. ඒ වගේම ශරීරය හිරිවැටී වේදනා ගෙන දෙනවා. ඔබේ මොලයේ සහ සුසුම්නාවේ සිට සංඥා ගෙන යන්නේ පර්යන්ත ස්‌නායු පද්ධතිය මගිනුයි.

ලබන සතියට

neuro1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
04 Aug 2018 05:48 PM

iruwaප්‍රශ්නය - පසුගිය සතියේදී ඔබ අපට දුන්නා ඉරුවාරදය නමැති රෝගයට ප්‍රත්‍යක්‍ෂ ගුණ දෙන කසායක්‌. අද අප බලාපොරොත්තු වන්නේ ඒ කසායේ අඩංගු ශාකමය ඖෂධවල ගුණ දොස්‌ ගැන සාකච්ඡා කිරීමටයි.

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - මේ කසායට බෙලි, මිදි, තොටිල, ඇත්දෙමට, පළොල් යන ශාකවල මුල් වගේම අස්‌වැන්න, පොල්පලා, කටුවැල්බටු, එළබටු, හීන් නෙරංචි යනාදියෙහි මුල් අපි එකතු කරගන්නවා. දැන් අපි බලමු මේ ශාකවල ගුණය කුමක්‌ද කියලා.

1. බෙලි - (Aegle marmelos) මේ ශාකය සම්පූර්ණයෙන් ම ආයුර්වේදීය ගුණ දෙනවා. මෙහි මුල්වල xanthotoxin, umbeli ferone, marmesin, marmin, skimming යන ද්‍රව්‍ය අඩංගු වෙනවා. බෙලි මුල ඉතා පහසුවෙන් ජීර්ණය වන දෙයක්‌. බෙලි ගසට අයත් පෝෂ්‍ය පදාර්ථ වැඩියෙන්ම පිහිටි කොටස ලෙස මුල් හැඳින්විය හැකියි. එය ඉතා මිහිරි රසයෙන් යුක්‌තයි. ඒ වගේම මනුෂ්‍ය ශරීරයේ හටගන්නා ප්‍රදාහ තත්ත්වයන් සමනය කිරීමේ අපූරු හැකියාවක්‌ එම මුල් තුළ තිබෙනවා. උදරයේ හට ගන්නා මස්‌ පෙරළීම, බඩවැලේ හටගන්නා තුවාල සුවපත් කිරීමේ බලය බෙලි මුල්වල තිබෙනවා.

2. මිදි - මෙය අප කවුරුත් දන්නා Grapes හෙවත් මිදි සෑදෙන වැල් වර්ගයේ මුල් නොව කුඩා ගස්‌ වශයෙන් සෑදෙන ලංකාවට ආවේණික ශාකයකි. ශරීරයේ උෂ්ණ දාහය සමනය කිරීමට යොදා ගනු ලැබේ.

3. තොටිල - (oroxilum indicum) තිත්ත රසය ඇති රුක්‍ෂ ගුණය සහිත ශීත විර්යයෙන් සමන්විත තොටිල ශාකය අධික වේදනා ඇති කරන ප්‍රදාහ තත්ත්වයන් සමනය කළ හැකි ශාකයක්‌. ත්‍රිදොaෂ සමනය කිරීමේ බලය තොටිල සතුයි.

3. ඇත්දෙමට - ඇත්දෙමට මුල් ප්‍රධාන වශයෙන් ගනු ලබන්නේ දශමූලාරිශ්ටය සෑදීමටය. රක්‌තාතීසාරය සමහන් කිරීමේ බලය ඇති ඇත්දෙමට මුල් කසායට යෙදූ විට ආහාර අරුචිය නැති කරයි. මෙය ආම වාත රෝග සුව කිරීමට ඉතා සුදුසුය. මළ බද්ධය, අර්ශස්‌ යනාදියට බෙහෙවින් ගුණදායකය.

4. පලොල් (Stereospermum chelonoides) වඳ වී යැමේ තර්ජනයට මුහුණ පා ඇති දුර්ලභ ශාකයක්‌ වන පලොල් ශ්‍රී ලංකාවට ආවේණිකය. ශීර්ෂ රෝග සඳහා ඉතා ගුණදායකය.

5. අස්‌වැන්න (Alysicarpus vaginalis) ස්‌වදේශික ශාකයක්‌ වන මෙය මුත්‍ර වාහිනී පද්ධතියේ ආබාධ, මැලේරියාව, උණ රෝග, ක්‍රිමි රෝග, අතීසාරය, ඉදිමුම්, ගොනෝරියා, සමාජ රෝගය යනාදියට ඖෂධ සෑදීමට යොදා ගනු ලැබේ. ශරීරයේ රුධිරය පිරිසිදු කිරීමේ හැකියාව ඇත.

පොල්පලා (Aerva Javanica) මෙම පැළෑටිය ශරීරයේ හටගන්නා ඉදිමුම්, කැස්‌ස, හිසේ වේදනාව, මුත්‍ර රෝග, මුත්‍ර බොක්‌කේ ගල් හට ගැනීම යන රෝග සුවපත් කරනු ඇත.

කටුවැල්බටු (Solanum Virginianum) කැස්‌ස, ඇදුම, උණ, පපුවේ වේදනාව, අත්වල වේදනාව, ගොනෝරියා, පීනස, ක්‍රිමි රෝග, ශ්වේත ප්‍රදරය, ලිංගික දුර්වලතා, හිසකෙස්‌ යැම (alopecia areatra) වමනය, මුත්‍රා ආබාධ, ආහාර අරුචිය, වකුගඩු රෝග, ක්‍ෂය රෝගය, උදර රෝග, හිසේ වේදනාව යනාදියට සුව දෙයි.

එලබටු (solanum melongena) සිරුරේ වේදනාව, හෘදයාබාධ, ඇදුම, කැස්‌ස, අර්ශස්‌ රෝගය, උණ, මුහුණේ පේෂීන්, අංශභාග රෝගයට ලක්‌වීම, ශ්‍රොaණික රක්‌තය, ශෝථය යන රෝගවලට ගුණ දෙයි.

නෙරෙංචි (Tribulus terrestis) වකුගඩු ආබාධ, මුත්‍ර රෝග, මුඛ රෝග, ඔසප් ආබාධ යනාදියට අත් දුටු ඔසුවකි.

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත
නොමිලේ විස්‌තර
011 5289248/077 7620948

iruwa1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 5 of 35 << < 34567 > >>