Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 May 2024 11:33 PM by Indika Dampahala ඔන්ලයින් හිටිවන කවි මඩුව 550 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 5 of 28 << < 34567 > >> Author Messages Imalka HewageVeteran MemberPosts:4533 24 Feb 2015 07:31 AM Quote Reply Posted By deepika on 24 Feb 2015 07:22 AM මඩ නොව හිමයි ඇත්තේ අහසක් උසට ඒවත් ගල් වෙලයි දැන් මේ සීතලට හබී හොන්දයි ඕන වැඩක් කරගන්ට හැබැයි වෙන්නෙ මට දවසක ගුටි කන්ට තරවටු කරන්නේ හද රැඳී ආදරයෙන් මේ දේ කරන්නේ යහ මග ගනු රිසියෙන් විනෝදය තකා ඉඳ හිටවත් නිතැති න් ගුටි කන එකත් සැපතකි හිමි සඳු ගෙන් 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Feb 2015 08:10 AM Quote Reply සෘණ 23 කිව්වම මට කොරියාව මතක් වුණා. මමත් මේ සෘණ 22 දක්වා අත්දැකීම් ලැබුවා. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Feb 2015 08:24 AM Quote Reply කව් සිතිවිළි තෙරපෙයි මගෙ හද පතුලේ සිව් පදයටයි පෙම් කළෙ මා සිට බාලේ එක් කවියකට දෙන්නට කල් සිතු වේලේ කවි කිවිදියෝ නැතිදෝ කවි මඩු සාලේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Feb 2015 09:34 AM Quote Reply ඇයිද බොන්නෙ තවමත් ඔබ සීනි නොදා අපෙ අඩු කළා පාලන යහ වැයෙන් හදා නැහැමින් සීනි දා බොමු තේ එකක් සදා අද හෙට දවසකම සියරට ආවොතින් හොදා 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 24 Feb 2015 12:32 PM Quote Reply කීව නිසා ඔබ ගැන සිහි වූනා මට එකක් දෙකක් ගත්තේ හිත ගිහින් මට පින්තුරේ අරන් එන්නට බැරි වුන සැනින් මට ගියේ කොහෙද අයියේ ඔබ නොකියාම මට ..... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 24 Feb 2015 12:46 PM Quote Reply මෙහෙටත් දැනුනා වගෙයි පුසුබක් දානේද මන්දා මටත් ආවා නේ දන් දොලදුක අනේ ඇයි අප්පා ලග පාතක හිටයා නම් යනවා දින නොවරදි රන්දා අක්කේ තනියම කැවදෝ ඔබ හිලය හංගා 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 25 Feb 2015 04:49 AM Quote Reply ඇයිද අහෝ මේ අපි අමතක වෙලාදෝ කොමන්ටුවක් දැම්මොත් ඔබ අත රිදෙයිදෝ දුන්නොත් සප් එකක් නරකද මේ කවි කම්මැලිදෝ මෙහෙමවත් කොටපු කවි සිත අපේ නැතිවේදෝ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Feb 2015 04:52 AM Quote Reply ඇවිදින් ගොඩ වුනේ ස්ටන් කවි මඩුව වෙත සිරවී ඉන්න සිදුවුනේ අතරට තඹ කාසි සත ගන්නට නිවා දැනෙනා මේ වෙහෙස ගත කියමුද කවි වැලක් යන්නට හැමගෙ මත 0 Imalka HewageVeteran MemberPosts:4533 25 Feb 2015 05:15 AM Quote Reply Posted By maduranga001 on 25 Feb 2015 04:52 AM ඇවිදින් ගොඩ වුනේ ස්ටන් කවි මඩුව වෙත සිරවී ඉන්න සිදුවුනේ අතරට තඹ කාසි සත ගන්නට නිවා දැනෙනා මේ වෙහෙස ගත කියමුද කවි වැලක් යන්නට හැමගෙ මත කස්ටිය සෙට් වෙලා ඉන්නවා ඔක්කොම වගේ නම් ටික පෙනෙනවා මොනිටරයෙන් මාගේ කවි නම් දෙන්න පුළුවන් පන් හය සියයක් වගේ මොකටද පිරිමි.. කණු බැරි ඉස්සෙකු ඈගේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Feb 2015 05:38 AM Quote Reply එනවිට කිවිදියන් මඩුවට පුලුකුල ගස්සා දැක්කෙමි ඉස්සි බලනව කොක් කර උස්සා කන්නට ඕනෙමයි කියමින් මේ බස්සා මට පේනවා පනිනව ඒ මේ අත ඉස්සා [පුලුකුල - පුලු + උකුල = පුළුල් වූ උකුළ ] 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 25 Feb 2015 05:39 AM Quote Reply ගෙන ආවෙමි රස ඇති නිසා මේ ඉස්සෝ කන්නට බැරි කට අනේ මොකටද ඉස්සෝ කැවා නොකෑවා ගානයි නුබලා නම් ඉස්සෝ ඉමල්ක අයියේ නුබවත් කාපන් රස ඇති ඉස්සෝ 0 Imalka HewageVeteran MemberPosts:4533 25 Feb 2015 05:47 AM Quote Reply Posted By Rosi on 25 Feb 2015 05:39 AM ගෙන ආවෙමි රස ඇති නිසා මේ ඉස්සෝ කන්නට බැරි කට අනේ මොකටද ඉස්සෝ කැවා නොකෑවා ගානයි නුබලා නම් ඉස්සෝ ඉමල්ක අයියේ නුබවත් කාපන් රස ඇති ඉස්සෝ මුව කුමකටද කන්නට බැරි රස ඉස්සෝ බැරි කම වහන්නට තතතන පිස්සෝ බය වෙන්නට එපා මෙහි නැහැ වස විස්සෝ කන්නෙමි නගෝ ප්‍රනීත මේ මත්සෝ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 25 Feb 2015 06:02 AM Quote Reply අගුනක් නැහැ දැම්මොත් පොල් කිරි සොදටා මා නම් පිසුවේ ඔය මුකුත් නොදා මයි රසටා කෑවට පස්සේ බී වා නම් කිරි උගුරට දෙකටා පියවන්නේ නැති වෙයි මදුරංගගේ දෙනෙතා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Feb 2015 06:15 AM Quote Reply Posted By Imalka on 25 Feb 2015 05:47 AM මුව කුමකටද කන්නට බැරි රස ඉස්සෝ බැරි කම වහන්නට තතතන පිස්සෝ බය වෙන්නට එපා මෙහි නැහැ වස විස්සෝ කන්නෙමි නගෝ ප්‍රනීත මේ මත්සෝ රසකර හදා ගෙන එනවිට ඉස්සන් දීසී සමහරු හදන්නේ ගන්නට ඉන් වාසී දුන්නත් සදා නෝනා රස රස දෝසී කියනුයෙ නීරසයි එවෙලෙම කර වීසී 0 Imalka HewageVeteran MemberPosts:4533 25 Feb 2015 06:46 AM Quote Reply රසකර හදා ගෙන එනවිට ඉස්සන් දීසී සමහරු හදන්නේ ගන්නට ඉන් වාසී දුන්නත් සදා නෝනා රස රස දෝසී කියනුයෙ නීරසයි එවෙලෙම කර වීසී උඹ හොහොම දන්නේ මගේ නෝනගේ දෝසී වැරදියි නේද උඹ කියනා අදහස් මේ සී එන්නට නම් එපා කන්නට මගේ කැටයේ කාසී සත්තයි කරනවා උඹ උස්සල වීසී 0 Imalka HewageVeteran MemberPosts:4533 25 Feb 2015 06:47 AM Quote Reply කෑවා තමයි බොළ ඉස්සන් හැදු රෝසී කට පිච්චිලා නැහැ මගෙනම් මේ සී සැමදා කෑවේ පමණයි නෝනගේ දෝසී කන්නට බැරි උනත් පමණයි කෑවේ වෙහෙසී 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 25 Feb 2015 07:08 AM Quote Reply වෙන්න එපා රණ්ඩු ඉන්නකෝ යාලු ඉස්සෝ එපා නම් මොනවද ඕනේ මාළු කැවත් සැපයි බිරියගේ කෑම සැමදා යාලු ඇගට ගුණයි එය කොයිකවූරුත් නොදනිද යාලු 0 Imalka HewageVeteran MemberPosts:4533 25 Feb 2015 07:24 AM Quote Reply කන්නට බැරුවාට මදුරුට හොදි මාළු මොනවා කොරන්නද මම යාලු කන්නට කියමු කිරි හොදි හා පාන් පරළු බොනු නම් නොහී උණු දිය සඳහා වත් විහිලු 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Feb 2015 07:27 AM Quote Reply Posted By Imalka on 25 Feb 2015 06:46 AM උඹ හොහොම දන්නේ මගේ නෝනගේ දෝසී වැරදියි නේද උඹ කියනා අදහස් මේ සී එන්නට නම් එපා කන්නට මගේ කැටයේ කාසී සත්තයි කරනවා උඹ උස්සල වීසී කන්නට ගිහින් ලොවෙ නැති එක එක කෑම යයි නොදැනිම ලග මසවලු අතපසු වීම යන එන විටෙක අපිවත් ගොස් සැනසීම දෙන්නට වෙන්නෙ නුදුරෙම එකගෙයි කෑම [මචෝ.. සිරාවට ගන්න එපා.. ජෝක් මචන්.. කියපන් උඹේ නෝනාව බොහොම සුහද සිතින් මතක් කල බව. කවි රසයට පමණි. කවි බැරි බවද දනිමි.] 0 Imalka HewageVeteran MemberPosts:4533 25 Feb 2015 07:57 AM Quote Reply මම හිතුවා නිවැරදියි සැමදා උඹ බඩගින්නේ නෝනා උඹේ නැතිවද කන්නට දෙන්නේ gay කෑම ගැන මම නම් නැහැ දන්නේ අපිනම් ඉතින් නිවී ඇල්වතුරයි බොන්නේ 0 Add Reply Page 5 of 28 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit