You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 May 2024 11:33 PM by  Indika Dampahala
ඔන්ලයින් හිටිවන කවි මඩුව
 550 Replies
Sort:
Page 4 of 28 << < 23456 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
23 Feb 2015 07:24 AM
  •  Quote
  •  Reply

අඟනුන්   ඔයතරම් ඔබ හට                         ඉන්නවද 
මම නම් හිතුවේ වැරදියටයි ඔබ ගැන             දන්නවද 
මල් ගොඩකින් රොන් ගන්නට                   සිතෙනවද 
කරනු නොහී එය වැරදියි                       නොසිතෙයිද 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Feb 2015 07:27 AM
  •  Quote
  •  Reply

 

අහස කලුවරයි  මග යන්නට  බියයි   නිසා    

සිතුවේ  එනිසයි ඔබ එක්කලා යන්න    කියා

සමාවෙන්න සොහොයුරනි දෙන්න       සමා

සිතුවේ නැ මා මදුරංග ගේ නොහෝබිනා     කතා

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Feb 2015 07:42 AM
  •  Quote
  •  Reply
Posted By deepika on 23 Feb 2015 07:24 AM

ඔබේ ඔලුව මන්දැයි අත            ගාන්නේ 
අං කෙලියක් කළ හැකි බව      පේන්නේ 
උදේ හවා මන් පන්සිල්           රකින්නේ
ඉතින් නැහැනෙ කිසි කිචියක් දැනෙන්නේ 

 

 

ගන්නා බව කියමින් හැමදා                       පන්සිල්
අපි දන්නවා රකිනා ඔබෙ ඔය                 හොරසිල්
ඉන්නට නොදෙන්නේ මා වැනි කොල්ලො නිසල්
ඔක්කොම කෙල්ලො එකවගෙ ඔබ වැනිය   අසල්

[නිසල් - නිසොල්මන්,
අසල් - අසල්වාසී]

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
23 Feb 2015 07:57 AM
  •  Quote
  •  Reply

දන්නෙමි සොයුරියේ මා එය         හොඳින් ඉතා 
මට ඇත සොයුරියක්,මා කිව්වේ ඔබ ඇයයි සිතා 
මදුරන්ගයා රෝයල් ගිය              කොළඹ සතා  
ඔබ සිත නොරිදවා ගනු ඒ     උගේ අමුතු   කතා 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
23 Feb 2015 08:17 AM
  •  Quote
  •  Reply

මට දැන් සිදුවේය වැඩකට            යන්න 
අද දින මගේ කවි සිදුවෙයි      නවතින්න
මදුරෝ , රෝසි , ඔබ        දිගටම යන්න 
දීපිකා අක්කෙ         සහයෝගය දෙන්න 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Feb 2015 08:19 AM
  •  Quote
  •  Reply

යන්නට අවසරයි දැන් නම්  මේ   නැගණියට

එන්නම් ඉතින් ලද විගසින් සුපුරුදු  විලාසෙට

ගෙදරදොරෙහි වැඩ නෙතුවා මෙන් හැසිරීමට

නෙන්දම්මගෙන් කන්නට වෙයි  අදහෙට  බඩකට පිරෙන්නට

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Feb 2015 08:43 AM
  •  Quote
  •  Reply


කවි මදු වැල් බදිමින්  අඩු වැඩිය                     කිරා 
දෙනවිට යන්න සිදුවේ නෙක විහිළු                කරා
එනමුදු නොහී  සිටිනට වැටි වලට                   නරා 
කියනට කැමැත්තෙමි කිසිවක් මේ නොගනු   සිරා

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Feb 2015 07:16 PM
  •  Quote
  •  Reply

US - A ඉඳන් රෑ ජාමේ  LOG  වෙනවා
NET අස්සේ ඕපා හොයනා අය හමුවෙනවා
රෑ   තිස්සේ අප අඩවිය දෙවි රැක දේවා
ලොකු අක්කේ බලපන් උන් හෙණ ගෙන එනවා

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
23 Feb 2015 09:10 PM
  •  Quote
  •  Reply
Posted By deepika on 23 Feb 2015 02:49 PM
People Online People Online:
Visitors Visitors: 30
Members Members: 1
Total Total: 31

විසිටස්ලා තිහක් සමග ඉන්නා විට තනිවීලා
හිතුනා කියන්නට කවි පද මුමුනාලා
මොනවා බලනවද මුන් ටික වටවීලා
වරෙන් පුතෝ හැකිනම් මෙම්බර් වීලා

 

හරි වටිනවා ලොකු අක්කේ නුඹේ          කතා 
දුරු රට ඉඳන් මේ දෙස හොවමින්    ම  නෙතා 
දසතින් ඇහෙන විට සුදු             ඉංගිරිසි කතා 
හරි පුසුඹයි ඔබේ පද     අගනේය            ඉතා 

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
23 Feb 2015 10:36 PM
  •  Quote
  •  Reply

හුගක් සතුටුයි මේ නූල ගැන...කවි ලියන්න හැකියාවක් නොමැති උනත් කවි ඔක්කොම මුල ඉදන්ම බැලුවා .. ගොඩක් රස වින්දා ..විනෝද උනා ..මදුරංග..ඉමල්ක..දීපිකා ..ඉන්දික007, රෝසි ... සියලු දෙනාටම ගොඩක් ස්තූතියි රසවත් හරවත් කවි වලට 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Feb 2015 11:13 PM
  •  Quote
  •  Reply
දැන් නැගලයන ජනප්‍රියම නූල මේක තමයි. මම නම් ඉතා මත් සතුටින් රසවිඳිනවා. ඔයාල හැමදෙනාටම පිංසිදුවේවා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
23 Feb 2015 11:42 PM
  •  Quote
  •  Reply

නැගලා යනවා  වේගෙන්  මඩුවේ    කවි  ය 
දමනුය කවක් සමන්ත,              ඉන්දික ය  
වැඩිකරනු ලෙස කවියේ                බල  ය 
මම ගේන්නේ  මගේ සකි          මාධව   ය 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Feb 2015 12:00 AM
  •  Quote
  •  Reply
අලුත්ම සාමජිකයත් කවි කාරයෙක්ද ? ඉන්නකො බලන්න එයාටවත් එහෙනම් කවියක් ලියන්න
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Feb 2015 12:09 AM
  •  Quote
  •  Reply
මමත් මේ අහන්නමයි හිටියේ දැන් එන ඔක්කොම කවි කාරයෝද. ඒකත් හොඳයි.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Feb 2015 12:40 AM
  •  Quote
  •  Reply
dan methana inna okooma kaviyoi,kavikarayoi....
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Feb 2015 12:53 AM
  •  Quote
  •  Reply

සෙනෙහෙන් බැඳී හිඳිමින් මුකුළු කර කර
නූලට වැදී ඇයි නුබලා මේ   බර බර
රෑ තුන් යමේ නොනිදා මෙහෙ නිදි මර මර
කෙල්ලනේ කොල්ලනේ ලියමු කවි වර වර

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Feb 2015 04:25 AM
  •  Quote
  •  Reply

 

වැටෙනවා ළමයිනේ හිම සතර අතින්

අනේ ෂෝක් අපිටත් හිම අවා ඉතින්

කම්මැලි කමේ ගුලි වී ඉන්නවා සොවින්

බැ ඉන්නට තවත් සිහි වෙනකොට කවි මඩුව ඉතින්

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
24 Feb 2015 05:12 AM
  •  Quote
  •  Reply
Posted By deepika on 24 Feb 2015 02:18 AM
අවදි උනා අද මම හිමිදිරියෙන්ම
දානෙ උයමි තුන් නමකට බැතියෙන්ම
ඔන්න ලන්ගයි මගෙ අත පය ගල්වෙන්න
මෙන්න බොළන් මයිනස් විසිතුන පැන්න

 

අවදිව සැනින්   සීතල                    උදෑසනේ 
පිළියෙළ කර වූ දානය               බැති සිතිනේ 
පුදකළ පිනෙන්  සිහිකර පිදු තුන්        සරණේ 
සුජාතා සිටු තොමෝ වත  අද          කෙරුනේ 

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
24 Feb 2015 05:23 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 24 Feb 2015 04:25 AM

 

වැටෙනවා ළමයිනේ හිම සතර අතින්

අනේ ෂෝක් අපිටත් හිම අවා ඉතින්

කම්මැලි කමේ ගුලි වී ඉන්නවා සොවින්

බැ ඉන්නට තවත් සිහි වෙනකොට කවි මඩුව ඉතින්

 

දකින්නට එවන් දසුනක් හිම වැටෙන කාලයේ             
පින්කර  නැතිය මම නම් මේ වනතුරු  භවයේ 
ගන්නකො පින්තුරයක් හිම වැටෙනා   උදයේ  
ගෙන හැර පාන්නකෝ දැකගන්නට    රිසියේ 

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
24 Feb 2015 06:51 AM
  •  Quote
  •  Reply

පන්සල කොහෙත් පිටන්නේ කඳුකර බිමක
යන්නනේ තිබුනේ අක්කණ්ඩි ත්      හනික   
ලිස්සන කතා නම් හරිමදී වෙයි         නරක 
හබි දක්ෂයි වගේ යන්න ඕනම    මඩ වලක

0
Add Reply
Page 4 of 28 << < 23456 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below