Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 May 2024 11:33 PM by Indika Dampahala ඔන්ලයින් හිටිවන කවි මඩුව 550 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 25 of 28 << < 2324252627 > >> Author Messages Imalka HewageVeteran MemberPosts:4533 28 Jan 2018 06:03 AM Quote Reply කවි පෙළහරක් මවා ඇත ජානී නංගා තබනුයේ කිමද කවි රස මෙහි හංගා කරමින් සියලු සැක කරමින් බංගා එනු ඔබ සැවොම තරනෙට කවි ගංගා 1 Jaani wasanthiBasic MemberPosts:285 29 Jan 2018 02:03 AM Quote Reply කැදවනු පිරිස කවි පොරයට, රසය දිදී ආවත් කවුරු ගෙනයමි අද , කිරුල නොදී පාරුද ඔරුද හදුනමි මම , මගක රැඳී නැව් බඳ වදියි පොඩිවෙයි ඔය , සිහින සිඳී 0 Imalka HewageVeteran MemberPosts:4533 30 Jan 2018 04:35 AM Quote Reply නැව් ගැන කියෙව්වට මම දන්නවා ඔය පාරූ බය කර තිබෙනවා ඔය වැනි ලොකු තෝරූ ආවට ඔබ තරඟයට බය නැහැ ඇත වාරූ මම එන බව කිව්වාම ඔබ වෙනවා මාරූ 1 Jaani wasanthiBasic MemberPosts:285 30 Jan 2018 06:52 AM Quote Reply පියාසලන මුහුද මැද්දෙ පිළිසරණෙට කුඹගහෙ ඉඳ අයා මුඛය දොස් කිව්වට මුහුදු ලිහිණි හඳුනන සඳ ඔයාකාර උඩ පැන්නට කෙරුවාවල් අපි නොදනිද පියාමැස්සො ඉගිළුනාට හාල්මැස්සො ඉගිලෙනවද 0 Imalka HewageVeteran MemberPosts:4533 30 Jan 2018 07:18 AM Quote Reply ඇසුනා දසත අති බිහිසුණු ලොකු සද්දා දැනුනා පොලව සැලුනා දස ඇත පද්දා වැනුනා අහස ගුගුරා හිමගිර බිමටම වද්දා හිතුනා දුකක් ඔබේ සිහිනය එය හින්දා 0 Jaani wasanthiBasic MemberPosts:285 30 Jan 2018 08:02 AM Quote Reply දන්නා කී කතා දැන් අමතක වීද පන්නා දැමූ තෝරුන් කොයි අත වීද ගන්නා නුඹෙි වාරු සුළගට හසු වීද යන්නා නිසා පැරදී දුක ඇති වීද 0 Imalka HewageVeteran MemberPosts:4533 30 Jan 2018 10:10 PM Quote Reply කිසිදා නොමැත කවි මඩුවේ පැරදී රිසිසේ ලියමි රස කවි ඔබ හැමටම දිරිදී ඇතැමුන් හැලෙති ටික දුර ඇවිත් මුලදී කීම ඔබේ කවියේ පේලිය ඇදවී වැරදී 0 Jaani wasanthiBasic MemberPosts:285 31 Jan 2018 12:52 AM Quote Reply උඩ පැන නැටූවට ඔබ මෙහි... සටනටම වදනට පිළිවදන් දියහැක .....නියමෙටම තාලෙට තාලෙ හුරු ගජමන් උරුමෙටම අද මම කවි කිඳුරි මේකවි ........සයුරටම 0 Imalka HewageVeteran MemberPosts:4533 31 Jan 2018 02:24 AM Quote Reply කවි පිළිතුරු පමණි වගේ අදදින වැටෙන්නේ නැතිවගේ වෙන වැඩක් ඔබ හට තියෙන්නේ එනමුදු එය අගෙයි අන් අය නැහැ ලියන්නේ දිනුමට ඔබට කීමඅවැසි කියලද කියන්නේ 1 Jaani wasanthiBasic MemberPosts:285 31 Jan 2018 03:21 AM Quote Reply හිටිවන කවි මඩුව කියලයි ...........තියෙන්නේ කවියට හිත නිසයි මා මෙහි ගොඩ වෙන්නේ එනමුත් කවියො හැම මුනිවත .......රකින්නේ දිනුමත් එපා එහෙනම් මම පිට ...... වෙන්නේ දහසක් වැඩ අතර මැද ලබනා ......විරාමේ කවියක් අකුරු කර ඉන් මා...........තුටුවීමේ සිරිතක් රැගෙන ආවෙමි ජන්මෙන් ජම්මේ සවියක් එයට දුන් ඉමල්කට..... ...ප්‍රණාමේ 0 Imalka HewageVeteran MemberPosts:4533 25 Feb 2018 11:53 PM Quote Reply කවියන් නැතත් මඩුවට මම ගොඩ වෙන්නේ ජානි ඉන්න ඔබ නැහැ එහි තනිවෙන්නේ හැකි හැම වෙලාවේම කවියක් ඔබ ලියන්නේ පිළිතුරු ලියන්නට අපි 'එව රෙඩි' ඉන්නේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Feb 2018 12:21 AM Quote Reply Posted By Imalka on 25 Feb 2018 11:53 PM කවියන් නැතත් මඩුවට මම ගොඩ වෙන්නේ ජානි ඉන්න ඔබ නැහැ එහි තනිවෙන්නේ හැකි හැම වෙලාවේම කවියක් ඔබ ලියන්නේ පිළිතුරු ලියන්නට අපි 'එව රෙඩි' ඉන්නේ දුටුවෙමි මමත් ඔබ කරනා මේ කවි භාෂා දෙවනත් කරන කවි මඩුවේ පුහු ගෝසා පිටසක් වලින් වත් දැමුවද මෙහි නාසා කවුදෝ මේ තරම් දගලන 'එවරෙඩි' පූසා 0 Kamal PalithaBasic MemberPosts:113 26 Feb 2018 12:24 AM Quote Reply කවි මඩුවක් ඇතිමුත් එහි කවියො නැත මං සද්දයක් දැම්මත් වැඩි හඬක් නැත ඉන්නා අයත් ලාහෙට එකතු කරනු හැක මේව බල බලා මම නිදි කිරමි අද 0 Imalka HewageVeteran MemberPosts:4533 26 Feb 2018 09:18 PM Quote Reply මම දන්නවා මදුරංගයා කැමති සතා පූසා කොපමණ හීරුවත් පූසට නොකියයි දෝසා මේ ගැන ලියන හැම දේ නොයෙකුත් බාසා දන්නවාසියලු දේ පූසාගේ මයිලක් පාසා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Feb 2018 09:33 PM Quote Reply Posted By Imalka on 26 Feb 2018 09:18 PM මම දන්නවා මදුරංගයා කැමති සතා පූසා කොපමණ හීරුවත් පූසට නොකියයි දෝසා මේ ගැන ලියන හැම දේ නොයෙකුත් බාසා දන්නවාසියලු දේ පූසාගේ මයිලක් පාසා ඔය හැම දෙනා කිව්වත් අප නිර්දෝෂී කොයි කවුරුත් වෙයි පූසට ආකර්ශි ආලෙන් වෙලී ඇත විරහිත කොන්දේසි මට විතරක් ඇයි මේ තේ බන්දේසි 0 Kamal PalithaBasic MemberPosts:113 26 Feb 2018 09:53 PM Quote Reply පුසා කියන්නෙ කොයි පුසාට පුරු පුරු ගාන ලොම් කළු පූසාට ලඟටම ඇවිත් හුරතල් වෙන පුසාට කවුරුත් ආදරෙයි මේ කළු පූසාට.. 😂 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Feb 2018 10:03 PM Quote Reply ගෙවෙනා මුත් දින සති කැලැන්ඩර් මාස අවුරුද්දම ගෙවයි රත් කරමින් පුටු මේස නොදැනිම ගෙවී ඇත අපි කරමින් දාස ලැබුවද තවම අප සොයනා ඒ තෝස (ඒ තෝස - ඒ සන්තෝෂය) 0 Udeshika HerathVeteran MemberPosts:3960 26 Feb 2018 10:08 PM Quote Reply එන්නෑ ගොතන්නට මට කවි පද පේළී නිහඬව සිටිමි රසවිඳ මේ කවි පේළී මුතු වැල මෙන් පබදින මේ කව් පේළී හරි ලස්සනයි ලියනා මේ කවි පේළී 0 Kamal PalithaBasic MemberPosts:113 26 Feb 2018 10:30 PM Quote Reply ඔබ ඉන්න විට නෑ කිසි මට පාළු දබර වෙනු එපා ගෙන නැති හේතූ ඔය නෙත් දෙකින් මට දෙන අරියාදු වලට වඩා ආදරෙයි මගෙ සුදු රන් මීනු.. 0 Udeshika HerathVeteran MemberPosts:3960 26 Feb 2018 10:37 PM Quote Reply ගෙළු විය මගේ කවි සිත දැන් නුඹ ගාව පවසන්නේ කෙලෙස හැගෙනා හැම දේම නොකරා ඉන්නෙ කෙසෙද මම දබර කියලා දෙන්න ඉන්නට මට හැමදාම 0 Add Reply Page 25 of 28 << < 2324252627 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit