You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Jan 2020 11:16 PM by  Imalka
ඔන්ලයින් හිටිවන කවි මඩුව
 547 Replies
Sort:
Page 23 of 28 << < 2122232425 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
09 Feb 2017 09:53 PM
  •  Quote
  •  Reply
වැඩි වෙන හැඩකි දැන් දැන් මෙහි අය       බවලත්
අඟ දඟ පා කොල්ලන් හට වෙන්නට         බලවත් 
කඩමින් කොළ පාමින් නෙක කැඳ            හැදුවත්
ආසයි වගෙයි කෙල්ලන් බීමට                  සරුවත්


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Feb 2017 03:08 PM
  •  Quote
  •  Reply
කොල්ලන් ඉතින් සරුවත් විකුණන්නද     යන්නේ
කොළ කඩ කඩා කැද දුන්නත් එය ගුණ   දෙන්නේ
සරුවත් වලින් මොනද මන්දා අදහස්         වන්නේ
කෙල්ලන් වැඩි නිසාදැයි නුඹලා නිහඩව   ඉන්නේ
දිනයක වැටහේවී...........
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
11 Feb 2017 07:08 AM
  •  Quote
  •  Reply
සරුවත් වල නමට හිත ගැස්සුනේ ඇයි   මන්දා
ගහ හඳුනන අපට කොළ කැඳ කුමකට දෙන්දා
කෙල්ලන් කියන අය ස්ටන් එකේ නැති හින්දා
ලොකු බවලතු රඟති   පොඩි ගවුමක්      අන්දා 

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Feb 2017 06:02 PM
  •  Quote
  •  Reply
කෙල්ලන් කියන අය ස්ටන් එකේ නැද්ද                     කියා
කොහොමද දැන ගත්තේ නිවැරදී ලෙසින්                   ඔයා
කොල්ලන් කියා කියව අය ගැන තරමකුත්              සොයා
බැලුවොතින් නරකද ඒ පොඩි කොල්ලන්ද                 කියා
දිනයක වැටහේවී...........
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
11 Feb 2017 11:02 PM
  •  Quote
  •  Reply
කොල්ලන් පොඩි නො වෙයි  ස්ටන්         එකේ ඉන්න 
කවුරුත් ඒ බවක් පවසා නැතිබැව් ඔබ         දැනගන්න 
කෙල්ලන් කියන්නේ දරුවන් හතලිහ  නොම  පැන්න
පුළුවන් වෙයිද ඔබ හට ඒ අයුරින්             හැසිරෙන්න 
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 Feb 2017 02:17 PM
  •  Quote
  •  Reply
මොනවද අයියෙ ඔබ මේ දැන් කියන කතා
කෙල්ලන් හටම ඇයි දැන් මේ මෙහෙම කතා
නුඹ හට පේන්නේ දැන් අපි එලෙසකියා
දුක හිතෙනව අයියෙ නුඹ ගැන මේහෙම සිතා..

අයියා දන්නෙ නෑ තාමත් කෙල්ලන් ගැන නම්
පිරිමින් වගේ නොවෙ අයියේ කෙල්ලන් නම්
අවිහින්සකයි හැමවිට නෑ බොරු කෝලම්
අයියා දැන් ටිකක් හිතමුද මේ ගැන නම්.
Udeshika Herath
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Feb 2017 04:52 PM
  •  Quote
  •  Reply
කැද වල ඇති රස ගුණ නොකීවට මේ කොල්ලෝ
එකී නෙක කැද ඉල්ලාම කරදරලු ගෙදරදොරේ
පාට පාට එකතු කර හැදුවත් සරුවත් කෝප්පේ
රස ගුණ නොදන්නා මෝඩයින් යැයි සිතුවද මේ කෙල්ලෝ

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
13 Feb 2017 07:18 AM
  •  Quote
  •  Reply
කැඳ වල රස බැලුවමුත් අත්වුනු පල           නොමැත 
නංගිලා ගොඩයි ඔවුනගේ කවි අඩුවක්     නොමැත
කියවන්නට ගියොත් කට රිදුමන් අඩු         නොමැත  
කෙටියෙන් කිව්වොතින් "එලිසමයක් "   නොමැත
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Feb 2017 07:24 AM
  •  Quote
  •  Reply
බඹරෙට ගලක් ගහල වගේ මේ අය ඇවිස්සිලානේ හිටු තියල කවි දෙන්නෙ
කවියක් ලියන්න ආසයි නමුත් දැන් වෙලා නැහැ වැඩ හමාරයි ගෙදර යන්න ඔනෙ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 Feb 2017 07:50 AM
  •  Quote
  •  Reply
කෙලෙසද කියන්නේ ඵලයක් නොමැති බව
මෙලෙසට කියන්නේ ඇඟ බේරා ගන්නටද..
නංගිල වැඩි නිසා අයියා බය වුණද
කී දේ සත්‍ය නම් " එළිසම " මොටද...
Udeshika Herath
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Feb 2017 12:27 PM
  •  Quote
  •  Reply
කවි නම් හුගක් මා නැති වෙලේ කිය           වීලා
කැද වල ගුනේ හොද හැටි කියලා                දීලා
කොලු මමලා ඇයි දැයි දැන්                  හැංගීලා
එනු කිවි ගොතන්නට අපි හා එක්               වීලා
දිනයක වැටහේවී...........
1

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
15 Feb 2017 12:05 AM
  •  Quote
  •  Reply
අපි මාමලා තමයි නංගි ට දරු           සිටින           නියා
පන්සිල් රකින මුත් බොරු ඇත ඕනෑතරම්           කියා
සාගල අකිල මංගල ගැන              දැන ගන්න      ඔයා
කොලු මාමලා යනු  කියන්නේ          කවුරුන්ද   කියා
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Feb 2017 12:50 AM
  •  Quote
  •  Reply

කොලු මාමල ගැන නගා හොද හැටි          දැනගත්තද
තව තතු තියේ ඒ ගැන මං දැන්                    කියන්නද
සාගල අකිල මංගල සැම පාලනය               කරන සද
ලොකු තැන සිටින රනිල් ගැන ඇයි             දන්නැද්ද

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
15 Feb 2017 01:36 AM
  •  Quote
  •  Reply
කිව්වට මොකද මට එය මතකෙට        ආවා
ඔහු ගැන මතක් වී මට වමනෙත්                    ආවා
පදපෙළ දිග නිසා එය  නොම                ලීවා
මොකටද ලියන්නේ හිතුනා ඔයවගේ   ඒවා 

 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
01 Sep 2017 05:05 AM
  •  Quote
  •  Reply
කලකට පසුව ආවා මතකෙට ස්ටන් කවි  මඩුව
දැනෙනවා තදින් කවි නොම ලියෙනා       අඩුව
කවි සටනට ඉතිං මදුරන්ගයා නම් සුපිරිම බඩුව
අරගෙන වරෙන් උඹේ අර නොකැපෙන කඩුව 
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
01 Sep 2017 05:15 AM
  •  Quote
  •  Reply
ඇවිත් නේද කවි ත්‍රෙඩ් එක අද                උඩට
දෙන්නම් වෙඩි වගේ කවි එක දෙක     හොඳට
මුවාත් නොතිබ්බත් මේවා කැපෙනව      යසට
වරෙන් මචං නොකැපෙන හැටි පෙන්නන්නට 
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
01 Sep 2017 05:32 AM
  •  Quote
  •  Reply
මාහට එනු    හැකි නමුත් උඹ එන්නේ       කොහොම 
නොකැපෙන බව කියනු ඇත ඔක්කොම    බොහොම 
දාගෙන නිසි පරිදි  රත් කිණිහිරෙන් නිසි             පදම               
කපමින් අතු දෙක තුනක් හබරල පඳුරෙන්          අදම 
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
01 Sep 2017 05:33 AM
  •  Quote
  •  Reply
ගලේ සිසිල දන්නේ ගල උඩ                 යන්නා
රෝනේ රසය දන්නේ මල රොන්       උරන්නා 
විලේ ගැඹුර දන්නේ විලටම                බසින්නා
මුවාතේ තරම දන්නේ කඩුවෙන්     කොටන්නා

 

(උපහැරණේ තේරුණාද මන්ද.)

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
01 Sep 2017 05:44 AM
  •  Quote
  •  Reply
සිසිලස පතා කළු ගල් උඩ දිවා  ඇවිදින්නේ
රොන්රස පතා කපුරෙහි ඇයි දැවටෙන්නේ
බීමට නිසි ජලේ රකුසන්      සැඟවී ඉන්නේ
මුව අත පතා තම අතටම          ගහ ගන්නේ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
01 Sep 2017 05:56 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 01 Sep 2017 05:32 AM
මාහට එනු    හැකි නමුත් උඹ එන්නේ       කොහොම 
නොකැපෙන බව කියනු ඇත ඔක්කොම    බොහොම 
දාගෙන නිසි පරිදි  රත් කිණිහිරෙන් නිසි             පදම               
කපමින් අතු දෙක තුනක් හබරල පඳුරෙන්          අදම 
කෙසෙල් පඳුරු ජපන් ජබර හබරල   ගොල්ල
නැඳුන් කුඹුක් බුරුත මහ වනයේ හල්    මිල්ල 
ඕක් පීක් විලෝ ගස් ඇත ලෝ සිව්         මුල්ල 
ඕන කඳක් මේ කඩුවට වෙනවා           මෙල්ල 


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
Add Reply
Page 23 of 28 << < 2122232425 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below