You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Jan 2020 11:16 PM by  Imalka
ඔන්ලයින් හිටිවන කවි මඩුව
 547 Replies
Sort:
Page 26 of 28 << < 2425262728 > >>
Author Messages

Banku Banku
Basic Member
Basic Member
Posts:113






--
26 Feb 2018 10:42 PM
  •  Quote
  •  Reply
දබර වෙන්න සිතෙන විට මට ලං වෙන්න
පොඩ්ඩක් මගේ ඇස් වල හැංගෙන්න
ආදරේ නැතොත් පොඩ්ඩක් කම්මුල මිරිකන්න..
හාදුවක් තියා නලලට දුව යන්න
1

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
26 Feb 2018 10:49 PM
  •  Quote
  •  Reply
නුඹෙ ඇස් තුල හැංගුන විට මා මෙලෙස
අතරමං වේවි මා ඒ ඇසි පිය යටම
කතා කරන නුඹෙ අවිහිංසක නෙතු සඟල
දමා යන්න බැරි වෙයිදෝ කිසිම දින
Udeshika Herath
0

Banku Banku
Basic Member
Basic Member
Posts:113






--
26 Feb 2018 10:57 PM
  •  Quote
  •  Reply
දමා යන්න ඇයි සිතනුයෙ මගේ සඳ
ඉන් මතුවට මක් වේවිද අපේ පෙම
නෝක්කාඩු ඉවරයි නම් මගේ පණ
ආදරයෙන් සිනා වෙල ඉන්න ලඟ
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
26 Feb 2018 11:05 PM
  •  Quote
  •  Reply
මඩුවට අද දිනේ කවියන් ඇත   වැඩියෙන් 

පල කර තිබේ පදවැල් හරි    කඩිමුඩියෙන්

ලියමින් දමන්නකෝ ඒවා      සංයමයෙන්

රකිමින් ලෙසට සිවු පද එහි  එලිසමයෙන්

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
26 Feb 2018 11:05 PM
  •  Quote
  •  Reply
වෙන් වෙන්නෙ නෑ කිසිම දින මම
ඉන්නවා සදහටම නුඹේ ලඟ
තියා නළලත හාදුවක් මම
නික්ම යන්නද ඉතිං දැන් මම
Udeshika Herath
0

Banku Banku
Basic Member
Basic Member
Posts:113






--
26 Feb 2018 11:14 PM
  •  Quote
  •  Reply

Posted By Udeshika Herath on 26 Feb 2018 11:05 PM
වෙන් වෙන්නෙ නෑ කිසිම දින මම
ඉන්නවා සදහටම නුඹේ ලඟ
තියා නළලත හාදුවක් මම
නික්ම යන්නද ඉතිං දැන් මම


යන්නට හදිසි ඇයිද කියනු මැන
යන්නට දෙන්න හිත හදා ගන්නෙ කෝම මම
යන්නට එපා තව පොඩ්ඩක් ඉන්න ලඟ
කියන්ට තව ආදරෙයි කියා මට
0

Banku Banku
Basic Member
Basic Member
Posts:113






--
26 Feb 2018 11:21 PM
  •  Quote
  •  Reply

Posted By Imalka on 26 Feb 2018 11:05 PM
මඩුවට අද දිනේ කවියන් ඇත   වැඩියෙන් 

පල කර තිබේ පදවැල් හරි    කඩිමුඩියෙන්


ලියමින් දමන්නකෝ ඒවා      සංයමයෙන්


රකිමින් ලෙසට සිවු පද එහි  එලිසමයෙන්




නැඟෙනා විටදි හිත පුරා හැඟුම්
කෙරනුයෙ කෙලෙස පදවැල් රයිම්
කවියට මම තාම නවකයෙකි ඉතිම්
නිවැරදි කරාන ශිල්ප ඉගෙනමි සොඳින්
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
26 Feb 2018 11:56 PM
  •  Quote
  •  Reply
අගයමි බංකු ඔබ දුන් පිළිතුර පසු නොම   වන්න 

උත්සහ කරන්නකෝ හෙමිහිට හුරු        වෙන්න 

පාලනකරොත් යහපත් වෙයි  අදහස්     ගොන්න 

මේ ඔවදන ඔබට නිසි           නොම තරහා ගන්න 

1

Kasun bandara
New Member
New Member
Posts:3






--
24 Apr 2018 08:12 AM
  •  Quote
  •  Reply
කවි හද අසල අද වෙන්නට                 මුනින් තලා
මෙතනදි බැලුවේ හොඳ සෙනෙහස් බැලුම් හෙලා
ඇරයුම ලද සැනින් නුවරින්               පිටත් වෙලා
සැලලිහිනියෙකු ලෙස ආවෙමි             ඉගිල්ලිලා
KB
0

Kasun bandara
New Member
New Member
Posts:3






--
24 Apr 2018 08:16 AM
  •  Quote
  •  Reply
සිරි සරසවිය හද මඩලට කැන්දන්න
රස කවි පේලී ගුවනට මුසු කරවන්න
අන්තර් ජාලයෙන් හිටිවන කියන්න
කවුරැද එන්නේ මේ දැන් මට පවසන්න
KB
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
25 Apr 2018 01:08 AM
  •  Quote
  •  Reply
දැනෙනවා කවි මඩුවේ වෙනසක්  සිදු වීලා
අලුතෙන් හිතවතෙක් ඇත අප හා එක්වීලා
පෙනෙනවා බොහෝ දුරක් මාවත එලිවීලා
යමු එහි අප සැවොම සතුටින්        ඉපිලීලා
1

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
11 May 2018 01:50 AM
  •  Quote
  •  Reply
කට්ටිය වැඩි දෙනා එකතුව ඉන්නවා  දැකලා
හිතුනා කවක් ලියනට වෙර වීරිය     යොදලා
පහුගිය දිනකිහිපයේ වැඩියෙන්   වැඩ කරලා
සතියේ ආවසානෙ එනවා නෙ    හෙට ඉඳලා
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
07 Jun 2018 01:54 AM
  •  Quote
  •  Reply
වැහිබර කාලගුණය ඇත හැමටම        හරස් වෙලා
වැහිකළු හිස් අහස් කුස පුරාවට           සිරස් වෙලා
කවියන් කෙවිලියන් ඇයි අද                දුරස් වෙලා
බැලුවෙමි හිස ඔසවා දැන් හොඳටම    හවස් වෙලා
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
13 Jul 2018 06:11 AM
  •  Quote
  •  Reply

 

ෆෝරමේ අද දිනේ ඇත පොස්ටු   සිය      දහස 
පායා ආ හැඩයි රෑ අහසේ අගනා  තරු     සහස 
එනමුදු  නැහැ වගේ කෙනෙකුට      කවි පහස 
හිතුනා ලියන්නට   තනියම කවියක්  මෙලෙස 

 

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Jul 2018 06:39 AM
  •  Quote
  •  Reply
තනියම කවි ලියන්නේ ඇයි ඔබ එලෙස
අපි ඉන්නවා සහයට නිරතුරු මෙලෙස
දිගු ගමනකට ආසිරි ගෙන එමු මෙලෙස
තව හැඩවෙලා එයි ස්ටන් සිකුරුයි එලෙස

හී හී....ජීවිතේට කවියක් ලිව්වමයි......හිනා වෙන්න එපා අනේ ඉතින්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
13 Jul 2018 08:10 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 13 Jul 2018 06:39 AM
තනියම කවි ලියන්නේ ඇයි ඔබ එලෙස
අපි ඉන්නවා සහයට නිරතුරු මෙලෙස
දිගු ගමනකට ආසිරි ගෙන එමු මෙලෙස
තව හැඩවෙලා එයි ස්ටන් සිකුරුයි එලෙස

හී හී....ජීවිතේට කවියක් ලිව්වමයි......හිනා වෙන්න එපා අනේ ඉතින්
උපන්තෙකට ලියු කවියත් මෙහෙම          ඇතේ
උපන්දා පටන් ලියුවා නම් කොහොම      වෙතේ
බැහැයි කියා කිසිවක් මේ ලොවේ            නැතේ
කවි මඩුවේ පුටුවක් දැන් ඔබට                  දෙතේ

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Jul 2018 09:17 PM
  •  Quote
  •  Reply
එන්නෑනෙ අදහස් අෆ්ෆ
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
19 Jul 2018 09:25 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 19 Jul 2018 09:17 PM
එන්නෑනෙ අදහස් අෆ්ෆ

ඇයි සිරවෙලා ඔබගේ සිතුවිලි ගොන්න

පොඩි තට්ටුවක් දාලා එලියට ගන්න

සිතට එන දෙයක් මෙහි ලියලා යන්න

මා හට පරක්කුයි මම  යනවා ඔන්න 😁

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
20 Jul 2018 01:13 AM
  •  Quote
  •  Reply
දැම්මා තට්ටුවක් එළියට                       එන්න
නෑනේ එන්නෙ මේ සිතිවිලි             ගොන්න
සිතට දැනෙන දේ කියන්න බැරිවෙයි ඔන්න
මා යනවා මඟහ හැර මේ කවි                මඬුව
Udeshika Herath
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
20 Jul 2018 01:28 AM
  •  Quote
  •  Reply
යන්නට එපා සොයුරිය කලබල නොම       වන්න
ඔබේ උත්සාහේ අගනෙයි දිගු ගමනක්       යන්න
මම දෙන මේ ඔවදන අමතක           නොකරන්න
අදහස් එන්නේ නැත්නම් පොඩ්ඩක් හොල්ලන්න
0
Add Reply
Page 26 of 28 << < 2425262728 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below