Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 May 2024 11:33 PM by Indika Dampahala ඔන්ලයින් හිටිවන කවි මඩුව 550 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 17 of 28 << < 1516171819 > >> Author Messages Dileeka MadushaniVeteran MemberPosts:2100 13 Jan 2016 01:36 AM Quote Reply පොල් නම් නෑ අහුලන්නට වත් අනේ වැඩ ගොඩකට හිරවීලයි මේ මම ඉන්නේ ඒව නොකෙරුනොත් ගුටි කන්නට වෙන්නේ පුළුවන් විදිහට කවි ගොතලා කියන්නේ 0 Imalka HewageVeteran MemberPosts:4533 13 Jan 2016 01:46 AM Quote Reply පොල් ඇහිඳීම ගැන මම කිව්වේ විහිලුවටයි කවියෙහි කවි රසය තව රසවත් වෙන්නයි ඔබේ වැඩ නිසි පරිදි ඉටු කර ගන්නයි කාලය ලද විටක ලිව්වොතින් හොඳයි 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 13 Jan 2016 01:56 AM Quote Reply දැන් නම් වැඩ ටිකක් අහවර කරලයි ඇත්තේ එත් ඔක්කොම කට්ටිය නිදි වගේ මේ පැත්තේ මටත් දැන් නම් නිදි යන්නටමයි සිත ඇත්තේ නිදි මත යන්නත් එක්ක තව කවියක් කිව යුත්තේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Jan 2016 02:09 AM Quote Reply Posted By Poddi on 13 Jan 2016 01:56 AM දැන් නම් වැඩ ටිකක් අහවර කරලයි ඇත්තේ එත් ඔක්කොම කට්ටිය නිදි වගේ මේ පැත්තේ මටත් දැන් නම් නිදි යන්නටමයි සිත ඇත්තේ නිදි මත යන්නත් එක්ක තව කවියක් කිව යුත්තේ කවි මඩුවේ කවි හොද හැටි නැගලා යන්න කවි කිව යුතුයි එබැවින් නොනිදා ඉන්න කවියට කවිය මුතු මෙන් අමුණා දෙන්න කවි කාරියේ මේ උණු තේ එක බොන්න 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Jan 2016 02:18 AM Quote Reply මඩුවට නොවැදුනේ ටික දවසයි නොවැ මමද මනදොල උතුරැවා ගලනවා තරගෙට මේ පැත්ත බැලුවා මමත් කවුදැයි කියා මේ අග දග දාන උණු තේ බිබී යහමට දානව කවිපද මේ පොඩ්ඩී 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 13 Jan 2016 02:23 AM Quote Reply උණු තේ එක නම් හරි වටිනවා මා කිව යුත්තේ උණු වඩයක් එහෙම නැතිදෝ තව මේ පැත්තේ අනේ අනිත් අයටත් එන්න කියමුද මේ පැත්තේ එතකොට කවි මඩුව තව සුන්දර වනු ඇත්තේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Jan 2016 02:32 AM Quote Reply හැම දෙන තුළ තෙරපෙන ඔය කවි අදහස් තබා නොගෙන කල මැන මඩුවට නිදහස් මඩුව තුළින් ගලනා මේ කවි සඳරැස් කැපී යනු නියත ස්ටන් එකෙ වස්දොස් 0 Imalka HewageVeteran MemberPosts:4533 13 Jan 2016 02:37 AM Quote Reply මඩුවේ පිරිස තේ බොන්නට යොමු වෙන්නේ මම නම් දැනුයි දහවල් කෑමට සැරසෙන්නේ වඩයක් කන්න පොඩ්ඩිගේ හිත පෙළඹෙන්නේ රෝසිට කියා බලමුද රෙසිපිය ඇය දන්නේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Jan 2016 02:50 AM Quote Reply Posted By Poddi on 13 Jan 2016 02:23 AM උණු තේ එක නම් හරි වටිනවා මා කිව යුත්තේ උණු වඩයක් එහෙම නැතිදෝ තව මේ පැත්තේ අනේ අනිත් අයටත් එන්න කියමුද මේ පැත්තේ එතකොට කවි මඩුව තව සුන්දර වනු ඇත්තේ වඩේ කන්න සිතුනද අද මගෙ මිතුරු එහෙනම් ලියමු තවෙකක් ගලපා අකුරු කවි බොහො නම් තෑගිත් බෝ වේ සිකුරු මගේ ළග තියෙනවා නංගිට පැණි හකුරු 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 13 Jan 2016 03:21 AM Quote Reply බත් කටක් දුන්නත් මම එපා කියනවාද රෝසි අක්කි ඇවිදින් රෙසිපිය දෙනවාද සද්ද බද්ද කරලා තව කවි පද ගොතනවද නැත්නම් දැන් මට සමු ගන්නට දෙනවාද 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Jan 2016 03:35 AM Quote Reply Posted By Poddi on 13 Jan 2016 03:21 AM බත් කටක් දුන්නත් මම එපා කියනවාද රෝසි අක්කි ඇවිදින් රෙසිපිය දෙනවාද සද්ද බද්ද කරලා තව කවි පද ගොතනවද නැත්නම් දැන් මට සමු ගන්නට දෙනවාද කවියට කවිය දෙන්නට සැරසිලා වගේ දිග හැරියා පමණයි කවි කොළය මගේ හිඳගෙන සිසිල ගෙනදෙන ගස් සෙවනෙ නුගේ ගොතමු ඉතින් එළිවෙනකන් උනත් නගේ 0 Imalka HewageVeteran MemberPosts:4533 13 Jan 2016 03:49 AM Quote Reply නුගගහ සෙවනේ සුරතින් ගෙන කවි කුඩේ මදුරෝ බලාගෙන යන්නේ අහු උනොත් ලෙඩේ නෝනගේ කවියේ හඬ දෙදරයි වෙඩි හඬේ තුන්වේලටම කන්නට වෙයි හන්දියේ වඩේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Jan 2016 04:25 AM Quote Reply Posted By Imalka on 13 Jan 2016 03:49 AM නුගගහ සෙවනේ සුරතින් ගෙන කවි කුඩේ මදුරෝ බලාගෙන යන්නේ අහු උනොත් ලෙඩේ නෝනගේ කවියේ හඬ දෙදරයි වෙඩි හඬේ තුන්වේලටම කන්නට වෙයි හන්දියේ වඩේ ඇය එනු නම් අපි දෙන්නට තවත් හොඳයි තුන් දෙන එක්ව කවි කීමට වඩා අගෙයි බිරිඳ මගේ සෙවනැල්ලට වඩා ළඟයි ඇය සැමදා මට මගෙ සිරිකත වාගෙයි 0 Imalka HewageVeteran MemberPosts:4533 13 Jan 2016 05:17 AM Quote Reply දෙක තුන කරන්නට හිතුවත් උඹ ඒ වාගේ විස්වාසේටම ගුටි කයි නුඹේ හාමිනේගේ දාල යන්න සිදු වෙයි ඔබ හට ඔබේ ගේ අප හට ඇති වේවි බොහෝ සේ සංවේගේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Jan 2016 05:50 AM Quote Reply Posted By Imalka on 13 Jan 2016 05:17 AM දෙක තුන කරන්නට හිතුවත් උඹ ඒ වාගේ විස්වාසේටම ගුටි කයි නුඹේ හාමිනේගේ දාල යන්න සිදු වෙයි ඔබ හට ඔබේ ගේ අප හට ඇති වේවි බොහෝ සේ සංවේගේ දෙක තුන කරත් නැහැ කර ගන්නේ පැටලී දනිමි හොඳින් කල යුතු දේ මම මල්ලී හරි හැටි නොදැන අද ගාගෙන මඩ තල්ලී එන්න එපා එවනට මට බොරු පිල්ලී 0 Imalka HewageVeteran MemberPosts:4533 13 Jan 2016 06:46 AM Quote Reply හැම දාමත් වැලි කන්නේ අපි දෙන්නයි කවි මඩුවේ ඇක්ටිව් කම රැක ගන්නයි කවි කියවා කවුරුත් හිනැහෙන පාටයි කිචි නැති එවුන් දෙයියන් හට බාරයි 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 13 Jan 2016 09:01 AM Quote Reply නංගියේ ගෙන ආවෙමි දැක හනිකට රසැති වඩේ කවුරුත් නිදි නොවැ මඩුවත් ඇත නිහඩ ලොවේ හන්ගා ගොස් ගෙන එන්නද පොඩ්ඩ් යේ හෙටත් මෙසේ නැතිනමුත් කන්නට හොරා හැඟුමක් ඇති වේ මදුරංගනට සිතේ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 13 Jan 2016 05:33 PM Quote Reply කස්ටිය වටවෙලා මොකෝ මේ අපේ නඩේ ආවා මමත් මුව දමන්නට මේ කවීන් ගොඩේ දුටුවේ දැනුයි ජයටම මෙහි කෙරෙන වැඩේ ඔං නගෝ මමත් කනවා නුබ හදන වඩේ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 14 Jan 2016 05:37 PM Quote Reply වඩේ ගේනවා කන්නට කෝ මේ පොඩ්ඩි නැතුවා වගෙයි අද කවි මඩුවේ පොඩ්ඩි හන්ගා ගොස් ගෙන එන්නට සිත දෙද්දී පිළුණු නොවී කාපන් නුබවත් අයියේ රැන්දී 0 Imalka HewageVeteran MemberPosts:4533 15 Jan 2016 05:04 AM Quote Reply ඉන්දික ඩබල් හත ඇවිත් දැම්ම මුව මම දැක්කේ වගේ බින් කෙහෙල් මුව පලා ටික නොදා දැක ඔය දුවන මුව සුරැකිය යෙහෙකි පවතින ඔබේ මුව 0 Add Reply Page 17 of 28 << < 1516171819 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit