You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 May 2024 11:33 PM by  Indika Dampahala
ඔන්ලයින් හිටිවන කවි මඩුව
 550 Replies
Sort:
Page 14 of 28 << < 1213141516 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Nov 2015 08:50 AM
  •  Quote
  •  Reply
දින සති මාස ගණනක තිබු විරාමය           නවතාලන්න 
ස්ටන් එක දිහා බැලුවම හිතුනා මොහොතක් නවතින්න 
නැවතී මඳක් විපරම් කළා අරුමෙකි  එය සිදු     වෙන්න   
මා පසු කරන් ගිය මිතුරිය කවුදැයි  හැකි නම්  පවසන්න 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Nov 2015 07:15 PM
  •  Quote
  •  Reply

කෙල්ලොත් පහුකරල නේ කියමින් අපට      ගතූ
ඉන්නේ මොකද දැන් ඇස් දෙක කරන්           රතූ
මුල්ලක් අල්ලගෙන වේලීගෙන ඉන්න           සිතූ
කියහන් මචෝ අද උබෙ මේ "ස්ලෝවට"    හේතූ

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Nov 2015 07:33 PM
  •  Quote
  •  Reply
කවුද මචං උඹ පහු කර ගිය                     කෙල්ල
කර ගන්නට බැරිමද දැන් ඇය                 මෙල්ල
හොඳ ඇති ඇගේ අළුත් වාහනයේ           දීවිල්ල
උඹ 'චැලියෙන්' එන විට ඇය යනු ඇත      ඉගිල

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Nov 2015 08:45 PM
  •  Quote
  •  Reply
පිළිතුර නිවැරදියි ඔබ දුන් දැන   හෝ                නොදැන 
කෙල්ලගේ නම "සිතු" තමයි වුව       තරමක්       පරණ
හොඳ මිතුරියකි     ඇය යහපත් ය තවමත්           තරුණ  
අහපන් ඇගෙන් වේලෙනවද මා නොදනී එම     කරුණ 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Nov 2015 10:11 PM
  •  Quote
  •  Reply
"සිතූ" ගෙ වෙලිල්ල ගැන නැහැ මම වෙන්නේ    'වොරී'
ඒ ගැන හොයන්නට ඇත ඇගෙ 'හබි' කරපු           'මැරී'
ඔබ වේලුනා නම් ඒ ගැන 'ෆීලින්' වේය               'සොරී' 
ලුණු දෙහි ඇඹුල් නැතිවම කනවා වගෙයි               'කරී'  


 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
25 Nov 2015 10:16 PM
  •  Quote
  •  Reply
කවි මඩුව ආයෙත් නැගලා යනවා..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Nov 2015 10:19 PM
  •  Quote
  •  Reply
මම නැහැ හොයන්නේ අනුනගේ ඔයවගේ දේ  වෙහෙසී 
මට ඇත වැඩ බොහෝ කරනට රෑ දහවල්      බොහෝ සී 
මදිවා වගේ ලුණු දෙහි මේ දිනවල උඹේ           හොදි දීසී 
ඉවසා ගෙන ඉඳින් මිතුරේ නොම වී කලබල     මෙහෙසී

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Nov 2015 10:37 PM
  •  Quote
  •  Reply

ලුණු දෙහි වල අඩු කිසි දින මට කර                     නැත්තේ
දිව රෑ කියා කිසි වෙනසක් එහි නැහැ                     ඇත්තේ 
මට රිසි දේ මගේ මෙහෙසී දැන                             ගත්තේ
කොච්චි මිරිස් සොයමින් නොදුවනු තැන තැන      වත්තේ 

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
26 Nov 2015 03:42 AM
  •  Quote
  •  Reply
ලුණු දෙහි උනත් කනවිට සැමදා රස    අඩු වෙනවා 
අමුවෙන් වුවද මිරිසෙහි රස මතකෙට            එනවා 
අල්ලපු වත්තේ වැල් ගැන සිතා කාලය ගතවෙනවා 
ඒ මදිවාට සුදනා වෙන්නට මෙහි දත             කනවා 

  

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Nov 2015 05:30 AM
  •  Quote
  •  Reply

කවි මඩුව අයෙත් ඇවිත් ,

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Nov 2015 05:51 AM
  •  Quote
  •  Reply
හොඳ ඇති වුවත් ඇගේ අළුත් වාහනයේ       දීවිල්ල
දැන් නම් බැරිය ගොස් අල්ලන්ට ඔහුගේ    යැවිල්ල
සතුටක් දැනුනි මට දැක ඔහුගේ මේ          ලතවිල්ල
පමා වුවත් මා ඉන්නෙමි ඔබ පසුපස          සෙවිල්ල
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
26 Nov 2015 06:58 AM
  •  Quote
  •  Reply
මදු රඟ මුලා උනමුත්  ඇය එහෙ            දුවනු බලා 
මග බලබලා සිට ඇතිවා වාගෙයි පවන්           සලා  
මොනවා කොරන්න ද ඇය ගොස් ඇත මුවා වෙලා 
දුවන මුවන් දැක නොදමව්        නෙලූ             පලා 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Nov 2015 05:28 PM
  •  Quote
  •  Reply
අන් රස විදීන්නට සිත් ඇති මුත්        ලතවිල්ලෙන් 
නුබලා පෙන්වනවා ගෙයි රස ඇත  නැලවිල්ලෙන් 
විවිධා රසයන් තොල නොගවා සිත්    නිදැල්ලෙන් 
කියවා පවා ලබනා සතුට කිම        පසුතැවිල්ලෙන් .....

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
27 Nov 2015 01:51 AM
  •  Quote
  •  Reply
සිංහල අකුරු වගයක් ක‍ර ගෙන උප    යෝගී 
ඉන්දික ලියා ඇත වදනක් කවියක්          වාගී 
කුමකට ලියනවද නොදනිමි මේ වැනි  සෝ  ගී 
සිතනෙමි ඔහු හටත් ඇතිබව යටි කය   රෝගී

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Nov 2015 05:25 AM
  •  Quote
  •  Reply
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Nov 2015 06:38 AM
  •  Quote
  •  Reply

සොයමින් ගැට දෙහි ඇවිදින            නිතර වෙලේ

නරකද ආවොත් අත හැර මේ           පිස්සු වැඩේ

දන මුත්  නෝනා  හොදවයින්          උබට ලැබේ

සුවර් කොසු පාරක්  අමතක  කර     කන  දිගේ

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
27 Nov 2015 07:19 AM
  •  Quote
  •  Reply
මදුරු මචෝ රෝසිගේ මේ ඕවදනවත් හිතට  ගනින් 
කාඩ්  කුඩු වෙලා අප්සෙට් වෙයි  උනොත්      ඉතින්   
 දෙහි ගැට මිලවුවද ගස්ලබු ගුණ     වැඩියි   හොඳින්
උඹ නැති උනොත් සදා සොත්ති  අපෙ     ඉස්   ටන්                   
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
29 Nov 2015 06:49 AM
  •  Quote
  •  Reply
ඇරියස්  බොහෝ  තිබේ     කවිමඩුවේ
විගසින්  අපට   පිළිතුරු   දිය    යුතුවේ
පාසලේ  යහපතට  වැඩ කල    යුතුවේ 
ඒ ගැන ඔබට තුති කවියක්       ලියවේ

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
29 Nov 2015 07:34 PM
  •  Quote
  •  Reply
තෙරක් නොමැති වැඩමයි මේ දවස්        ටිකේ
යන්නට වුනි මා හට මුළු වටා                 ළකේ
පන නළ තියෙනකන් ස්ටන් සදා            රැකේ
තබා නොගනු ඒ ගැන නම් කිසිම          සැකේ 
 
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
30 Nov 2015 08:08 AM
  •  Quote
  •  Reply
කාටද කියන්නට පුළුවන් ඇයි           කවි  එන්නැත්තේ
සමහර ඈයෝ එන්නෙත් නැහැ       අඩවිය      පැත්තේ
ඉන්නවා පේනවා දවසෙම මුහුණු    පොත       පැත්තේ
වචනය වෙනස් වී ඇති බවයි දැන් නම් කීමට   ඇත්තේ 



0
Add Reply
Page 14 of 28 << < 1213141516 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below