You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 May 2024 11:33 PM by  Indika Dampahala
ඔන්ලයින් හිටිවන කවි මඩුව
 550 Replies
Sort:
Page 12 of 28 << < 1011121314 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Apr 2015 10:50 PM
  •  Quote
  •  Reply

පහුගිය දවස් වල ආවා ලොකු    සුනාමියක්
හිතවල් පපුවවල් දෙදරා ලොකු   විසාදියක්
එන්නේ අපි හැම මෙතනට එක විනාඩියක්
තුටින් ඉන්න මිස නොපතමි කිසිම    දුකක්

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
05 Apr 2015 06:53 AM
  •  Quote
  •  Reply

ආවත් ඉඳ හිටලා කරදර බාධක                රුදුරූ
නොසැලී හිඳිනු සගයිනි නොමවී              සලරූ 
අපගේ මුතුන් මිත්තන් හෙළුවේ අපමණ රුහිරූ 
රැකගමු අපේ මව්බිම මතු දිනයේත්         මිතුරූ 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Apr 2015 06:44 AM
  •  Quote
  •  Reply

කවියක් නැතිව මුළු කවි මඩුවම   පාලුයි
ගතියක් නොවේ කවි කෙවිලියන්  කොයි
හීනයක් දකිනවද හැම දෙන වෙලා දොයි
හය්යක් අරන් වරෙව් කවියට කවිය දෙයි

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Apr 2015 05:28 AM
  •  Quote
  •  Reply

අත රිදෙනවා දැන් මගේ දිග කවි ලියලා 
ගත රිදෙනවා දැන් නම් මේ කවි කියලා 
හිත රිදෙනවා උඹලගේ අඩු කම දැනිලා 
මට හිතෙනවා මට දැන් වයසයි  කියලා 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Apr 2015 06:56 AM
  •  Quote
  •  Reply

දන්නේ නැතිද කවුරුත් සඳු කොහි ද       කියා 
පසුවෙයි සැවොම ඔබ නැති ලසොවින්ම නියා 
සඳු කවි අරණේ ආලෝකය නැතුව          ගියා 
එන්නට හිතයි හමුවනතුරු ඔබව          සොයා 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 11:22 PM
  •  Quote
  •  Reply

කොණ්ඩ කැවුම් තෙල් පාටින්     දිලිසෙන්නේ
කොවුල් නදයි අවුරුදු සිරි               පවසන්නේ
අවුරුදු රස 'ස්ටන්' එක තුළ        පැතිරෙන්නේ
කවි මඩුවත් ඒ වෙනුවෙන්        'මුව්' වෙන්නේ

(අද දින සිට සතියක කාලයක් සඳහා කවි මඩුව "ස්ටන් අවුරුදු උත්සවය" වෙත ගෙන යමි. සිංහල අවුරුද්දට අදාලව ඕනෙම කෙනෙකුට සුභ පැතීම, කවියෙන් අවුරුදු විහිලු කිරීම හෝ අවුරුදු සිරි ගෙන ඒමට මේ කවි මඩුව විවෘත වේ.)

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
11 Apr 2015 10:17 PM
  •  Quote
  •  Reply

කොවුල්  නදයි සවන්  පතට     යොමු වන්නේ 
කැවුම්  සුවඳ හැම  ගෙදරින්       නැග එන්නේ 
ගහ  කොළ පවා  මල්බර වී         පිබිදෙන්නේ 
සිංහල   අලුත් අවුරුද්දයි            එළඹෙන්නේ 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Apr 2015 10:29 PM
  •  Quote
  •  Reply

සම්බුදු තෙමගුළෙන් සිරි ළක            ඒකාලෝ වේවා 
ළොව හැම හදවතම පින් සිතිවිලි                 ඉතිරේවා 
ඒ පින් බලෙන් නීති මගෙ මවු බිම               රැකදේවා 
"ස්ටන් වෙසක් කළාපය" එහි බල සවි       ගෙනදේවා

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
27 Apr 2015 11:42 PM
  •  Quote
  •  Reply

පින්බර සිතුම් පැතුමන් නෙක බිහි  වේවා 
තිලොවග උතුම් බුදු හිමි ගුණ  සැමරෙවා
හැම ලෝ සතුන් හට සුව ගුණ  ඉතිරේවා 
සම්බුදු සසුන සිරි ලක තුල     බැබලේවා 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 Apr 2015 09:50 AM
  •  Quote
  •  Reply

ස්ටන් එක පුරා ගලනා වෙසක්          ආලෝකේ 
කවි කිවිදියෝ එනතුරු ළතවෙයි           සෝකේ 
කියනෙමි  නිතර මා විත් මේ          සොලෝකේ 
කවි සිතිවිලි වලට දී ඇතිවද ඔබ           විරේකේ 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
01 May 2015 03:37 AM
  •  Quote
  •  Reply

කවියක් දෙන්න ඔයහැටි කාලය    ගන්නේ 
අමතක වෙලාදෝ කවි රස  නැහැ  දන්නේ 
කාලය වෙසක් හෙට දින    පැමිණෙන්නේ 
හදලා ඉවර නම් කූඩුව දැන්  පෙන්වන්නේ 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
29 May 2015 05:27 AM
  •  Quote
  •  Reply

සෑහෙන කාලෙකින් වගේ       අපගේ ස්ටානේ 
කට්ටිය සෙට් වෙලා යහතින්         ඉන්නවනේ 
නොම දැක ඔබ සැවොම  ඉන්නට   බැහැ නේ  
යන්නට නම්  එපා තනිකර එය යුතු නැහැ නේ 

 

ස්ටානේ = stun 

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
29 May 2015 08:52 AM
  •  Quote
  •  Reply
නියමයි. කවිමඩුව ආයෙත් එළිය වැටිලා..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 May 2015 06:22 PM
  •  Quote
  •  Reply

හමුවන්නට සමුගන්නට ඇවිත් යන එන
ස්ටන් පොල හිතවතුන්ගේ සැණකෙළි උයන
ජිවිතයට නැවුම් බවක් නිතර ගෙන එන
එන්න ඔබත් එකතුවන්න මේක ස්ටන් උයන


(රොෂාන් ප්‍රනාන්දු මහතාගේ ජනප්‍රිය ගීයක පද වැලක් අනුසාරයෙන් ගොතන ලදී )

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
29 May 2015 10:32 PM
  •  Quote
  •  Reply
ෂා... ඉන්දික මල්ලිත් දැන් කවියෙක් වෙලා ..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 May 2015 10:44 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 29 May 2015 06:22 PM

හමුවන්නට සමුගන්නට ඇවිත් යන එන
ස්ටන් පොල හිතවතුන්ගේ සැණකෙළි උයන
ජිවිතයට නැවුම් බවක් නිතර ගෙන එන
එන්න ඔබත් එකතුවන්න මේක ස්ටන් උයන


(රොෂාන් ප්‍රනාන්දු මහතාගේ ජනප්‍රිය ගීයක පද වැලක් අනුසාරයෙන් ගොතන ලදී )

හැකියාව හොදයි වගේ .....

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 May 2015 11:03 PM
  •  Quote
  •  Reply

ඇයි අදද දන්නෙ ??

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
31 May 2015 12:36 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 29 May 2015 06:22 PM

හමුවන්නට සමුගන්නට ඇවිත් යන එන
ස්ටන් පොල හිතවතුන්ගේ සැණකෙළි උයන
ජිවිතයට නැවුම් බවක් නිතර ගෙන එන
එන්න ඔබත් එකතුවන්න මේක ස්ටන් උයන


(රොෂාන් ප්‍රනාන්දු මහතාගේ ජනප්‍රිය ගීයක පද වැලක් අනුසාරයෙන් ගොතන ලදී )

 

බොහොම හොඳයි.....ඔබ රොෂාන් ගේ ගීතය ඒ ආකාරයෙන්ම කොපි පේස්ට් නොකර බාගයක් විතරක් ඔබේ වගේ දාපු එක හරිම අලංකාරයි...උත්ක්රුස්ටයි,,,මන බන්දනීයි....සොබා මානයි..ප්රෙමාන්විතයි..මල විකාරයි 

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
31 May 2015 12:37 AM
  •  Quote
  •  Reply
කියන්න ඕනෙ ඔක්කොම ඉමල්ක මල්ලී කියලා. මට කියන්න දෙයක් ඉතිරිවෙලා නැහැ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
31 May 2015 06:43 PM
  •  Quote
  •  Reply

0
Add Reply
Page 12 of 28 << < 1011121314 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below