You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 May 2024 11:33 PM by  Indika Dampahala
ඔන්ලයින් හිටිවන කවි මඩුව
 550 Replies
Sort:
Page 11 of 28 << < 910111213 > >>
Author Messages

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
01 Apr 2015 12:41 AM
  •  Quote
  •  Reply

නුඹ සිනාසිසි ඉන්නවනම් මුලු ලෝකෙ ම වගේ
විසිතුරු වෙයි හැමදාමත් සතුටින්        සුදු නගේ
ඔය මුහුණට දෙන්න එපා කඳුළු       බිඳක රඟේ
ඔබ වටිනව හැමදාට ම හිනාවෙන්න        නගේ

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
01 Apr 2015 02:18 AM
  •  Quote
  •  Reply

සිරකත කැන්ඳනා දියනිය               පණට සරී
කිරි කැටි නුඹෙ සිනා ගෙනදෙයි       සතුටු සිරී
දුවනිය නුඹයි අප හැමගේ පැතුම               පිරී
ලොකුවෙනු යෙහෙන් ගෙන අප සැම සුභාසිරී

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Apr 2015 03:41 AM
  •  Quote
  •  Reply

පවුලට වඩා stun එක ලොකු වීම
අවුලට වුනා admin නැති       වීම
රැවුලට පෙමා කැද ටික විසි     වීම
උබලට හිනා admin නෝනා වීම

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
01 Apr 2015 04:31 AM
  •  Quote
  •  Reply

කොහොමින් කොහොම හරි කව් ගී     ලියවෙනවා 
මිතුරන් මිතුරියන් ඒ පිලිබඳ             යොමු වෙනවා 
රසවත් වදන් නිරතුරු වම                    ගැවසෙනවා 
කවි රස නිසා ස්ටන්                      රස වැඩි වෙනවා 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Apr 2015 04:59 AM
  •  Quote
  •  Reply

එලියට යන්න බෑ හොඳටම        වැස්ස
නියවා සිටිමි දැන් ඉර අවරට      බැස්ස
තෙමෙනට නොහැක වැඩිවෙයි කැස්ස
එක තැන ඉදලා රිදෙනවා දැන්   පස්ස 

1

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
01 Apr 2015 05:12 AM
  •  Quote
  •  Reply


පායා හුඟක්  වෙලා ගතවී ඇත          වැස්ස 
ඉන්දික කිම කරන්නේ රත්  කරමින් පස්ස 
කෙල්ලන් ඉන්නවා ඔපීසියේ දහ අට විස්ස 
හංගන්නට බැරි ලු ආදරයයි             කැස්ස 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Apr 2015 05:39 AM
  •  Quote
  •  Reply

කෙල්ලෝ නෑ පුතේ අපේ ඔපිසිය       පැත්තේ
ඒකයි වෙනස මේ company එකේ    ඇත්තේ
කොල්ලෝ පමණයි මෙහේ හැම තැන ගත්තේ
සතුටයි සාමයයි සැමදා මෙහි රජ වී     ඇත්තේ

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Apr 2015 08:23 AM
  •  Quote
  •  Reply

අපුරුයි අනේ කාගේත් අද පද            ලියවිල්ල
මොකද බැලුව ලොක්කගේ මේ       ලතැවිල්ල
ලැබිල වගෙයි නෝනා ගේ තද        ගුටිකෙලිය
අහන ඉන්නට බැ අපේ ඇඩ්මින්ගේ ලසොනිය

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Apr 2015 08:31 AM
  •  Quote
  •  Reply
මට නම් ඉරිසියාවේ බැහැ. වැඩේ නැගලා යනවා.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Apr 2015 08:33 AM
  •  Quote
  •  Reply

කෙල්ලෝ නෑලු මේ අය්යාගේ                   ඔපීසියේ
කොලු රජ දහනක් වගේලු                         ඔපිසියේ
කිවුවේ හිතකින්ද ඔබ එය සැපතකි            ඔපීසියේ
ඔහොම කියාවිද ආවොත් හැඩ කෙල්ලක් ඔපීසියේ

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
01 Apr 2015 09:02 AM
  •  Quote
  •  Reply

රහසක් තිබේ දියුණුව ගැන ඉන්දික ගේ  ඔපීසියේ 
කෙල්ලන් නැහැලු අවුලනු  ගිනි          හිටිහැටියේ 
කෙරෙනා වැඩ සියලු  සිදු වෙනවලු      ඒ හැටියේ 
දියුණු ව කරා යනවලු දින දින සැම    ලහි ලහියේ 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Apr 2015 06:32 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 01 Apr 2015 08:33 AM

කෙල්ලෝ නෑලු මේ අය්යාගේ                   ඔපීසියේ
කොලු රජ දහනක් වගේලු                         ඔපිසියේ
කිවුවේ හිතකින්ද ඔබ එය සැපතකි            ඔපීසියේ
ඔහොම කියාවිද ආවොත් හැඩ කෙල්ලක් ඔපීසියේ

 

ඇත්තයි බොලන් මා කිව්වේ අපේ     ඔපිසිය
පිරිමින් පමණකි බදවන්නේ මේ        ඔපිසිය
අබුවන් නොවෙයි සැක සිටිනා කල   ඔපිසිය
සත්තයි රැකේ සාමය නිවසේ මෙන්   ඔපිසිය

 

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
02 Apr 2015 02:51 AM
  •  Quote
  •  Reply

සිහින පැතුම් හැම බිඳෙනා බව දැන ජීවන ගමනේ   පා   නගනා
නිමේෂයක් තුළ විසිරී යන මේ සිතුවිලි මතකය          සරසවනා
හදට දුකක් දෙන සුන්දර විජිතය හැමවිට සිහිනෙක  රඟදෙවනා
හමුවීමක් යනු වෙන්වීමක් බව මොහොතක් සසලව සිත හඬනා

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2015 03:13 AM
  •  Quote
  •  Reply

පැන යන මුවන් දැක නොදමනු නෙලූ පලා
රිදී ඉරක් පායයි හෙට තුලින්                වලා
හමුවීමට වෙන්වීමක් සැමදා උරුම     කලා
නුබ බෙරුනයි මේ මං සපත                කලා

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
02 Apr 2015 03:57 AM
  •  Quote
  •  Reply

පලා දමා රැකගන්නට නොසිටියෙ එක මුව පොවුවෙක්
හිස් අහසක් පමණක් ඇත වළා නොමැති එක   ගවුවක්
හුමුවෙන්නට කලින් ම යයි දුවලා හැම මුව පොවුවෙක්
බේරෙන්නට අපිට කොයිද එන්නේ නෑ එක     අවුවක්

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Apr 2015 05:15 AM
  •  Quote
  •  Reply

දුර්ලබ මිනිස් වරමක් ඇත හැම හට      ලැබිලා 
ගෙවන දිවියේ බාධක හැම අත             වැඩිලා   
එනමුත් නොහැක නවතනු මේ මග      පැනලා  
සොයලා  බලනු කොතැනද නැවතුනේ  දුවලා 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2015 09:16 AM
  •  Quote
  •  Reply
අපුරු කවි එකතුව
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Apr 2015 09:21 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 02 Apr 2015 09:16 AM
අපුරු කවි එකතුව

 

ඇද ඇරලා ගත්තේ බොහොම අමාරුවෙන් 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2015 09:29 AM
  •  Quote
  •  Reply

ම්ම්ම්ම්ම්ම්ම් දැන් කොයි එකේද අනේ ඇද යවලා තියෙන්නේ ? මන් හිතන්නේ මගේ ඒවා වෙන්න ඇති ගොඩක්

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
04 Apr 2015 10:28 PM
  •  Quote
  •  Reply

සතියක් ගෙවී අවසානයි  නැහැ නව  කවි වැටුනේ 
නැති දෝ කිසි කෙනෙකු හට සිහියට      නැගුනේ
ඇවිදින් බලන්නකෝ ඉඳහිටවත් යුතුකමඑය  නේ 
කවියක් දෙකක් ලියා නැතිවද     සිත් සනසන්නේ 

0
Add Reply
Page 11 of 28 << < 910111213 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below