You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 May 2024 11:33 PM by  Indika Dampahala
ඔන්ලයින් හිටිවන කවි මඩුව
 550 Replies
Sort:
Page 9 of 28 << < 7891011 > >>
Author Messages

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 11:57 PM
  •  Quote
  •  Reply
Posted By Himali on 24 Mar 2015 10:35 PM
Posted By Malinga on 24 Mar 2015 09:14 AM
දුටුවේ දැනුයි මෙහි ලියැවෙන කවි රසය
එළ වැට සමය ගලපා ලියු කවි රැසය
මටනම් ලියන්නට නොහැකිය රස කවිය
එනමුත් පැමිණ දැමුවෙමි කුරුටූ බලිය
 

මාලින්ගත් කවි කියන්න එක්තු වෙලනේ

 

 

මටනම් ඉතින් කවි ලියන්න බෑ. නිකන් වචන ටිකක් ලියල දැම්ම. ඔයාත් ලස්සන කවි ලියල තියෙනව දැක්ක. කට්ටියගෙ කවිනම් ලස්සනයි. දිගට ම ලිවුවනම් හරි ‍හැමෝම එකතු වෙලා. 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
25 Mar 2015 12:01 AM
  •  Quote
  •  Reply
ඒක් තම. කවි ලියන අය එන්නෙ හවසට තමයි
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
25 Mar 2015 12:04 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 24 Mar 2015 10:00 AM

මිතුරේ අගෙයි ඔබේ මේ කවිපද    සුපිරී  
දැනුනා අමුතු රසයක් සවනට       මිහිරී  
එන්නකෝ ඉතින් කවි හරබෙට    මුඛරී 
සූදානම් වී සිටිනු  කවි තරඟෙට     ඉදිරී 

 

සවනට අම රසක් දෙන මේ කවි         සුපිරී

මටනම් නොහැක එන්නට සටනට       ඉදිරී

ලියනා කවි බලා විඳිනා ඒ රස            මිහිරී

මගෙ කවි කුමට ඇති කවියන් මෙහි    සුපිරී

 

 

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
25 Mar 2015 12:05 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 25 Mar 2015 12:01 AM
ඒක් තම. කවි ලියන අය එන්නෙ හවසට තමයි

 

ඔයා ලස්සන කවි ලියල තිබුණෙ. ලියන්නකො තව ලස්සන කවියක් නිවාඩු පාඩුවේ ඉන්නවනම්  

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
26 Mar 2015 11:30 PM
  •  Quote
  •  Reply

අද දින පසු කළා දාහේ කඩ ඉම     රෝසී 
ඔබ කල  සේවේ  වටිනවා වඩා රන් කාසී
සුහදව ගත කළා කාලය සැම හා    එකසී  
පතනෙමු යසස් පැතුමන් අපි  සැම  මේසී 

1

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Mar 2015 01:21 AM
  •  Quote
  •  Reply

වෙහෙසී දුරු රට ඉඳන් තවුසන් කඩ ඉම  පැන්න
සැරසී දුනි අප හට දැනුමින් සෙනෙහස් ගොන්න
ගැවසී නිතරම මෙහි ජවුසන් නටමින්      ඉන්න
රෝසි ඔබ තමයි අපේ stun කුස්සිය      ඔන්න

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
27 Mar 2015 05:28 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 27 Mar 2015 01:21 AM

වෙහෙසී දුරු රට ඉඳන් තවුසන් කඩ ඉම  පැන්න
සැරසී දුනි අප හට දැනුමින් සෙනෙහස් ගොන්න
ගැවසී නිතරම මෙහි ජවුසන් නටමින්      ඉන්න
රෝසි ඔබ තමයි අපේ stun කුස්සිය      ඔන්න

 

ආඩා007,,,. උඹ මගේ  කවිය රීමික්ස් කරලා නේද..? බුද්ධිමය දේපල පනත් යටතේ මම නඩු පවරනවා.. හරිය ??

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Mar 2015 08:39 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 27 Mar 2015 01:21 AM

වෙහෙසී දුරු රට ඉඳන් තවුසන් කඩ ඉම  පැන්න
සැරසී දුනි අප හට දැනුමින් සෙනෙහස් ගොන්න
ගැවසී නිතරම මෙහි ජවුසන් නටමින්      ඉන්න
රෝසි ඔබ තමයි අපේ stun කුස්සිය      ඔන්න

ගැවසී නිතරම මෙහි ජවුසන් නටමින්      ඉන්න

 

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Mar 2015 08:42 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 26 Mar 2015 11:30 PM

අද දින පසු කළා දාහේ කඩ ඉම     රෝසී 
ඔබ කල  සේවේ  වටිනවා වඩා රන් කාසී
සුහදව ගත කළා කාලය සැම හා    එකසී  
පතනෙමු යසස් පැතුමන් අපි  සැම  මේසී 

ම්ම්ම්ම් ලස්සන කවිය ..ස්තුති අයියා .

දැන් නම් පිලිතුරු කවිය  ලියන්න කම්මැලි අනේ

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Mar 2015 06:34 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 27 Mar 2015 05:28 AM
Posted By Ind007ka on 27 Mar 2015 01:21 AM

වෙහෙසී දුරු රට ඉඳන් තවුසන් කඩ ඉම  පැන්න
සැරසී දුනි අප හට දැනුමින් සෙනෙහස් ගොන්න
ගැවසී නිතරම මෙහි ජවුසන් නටමින්      ඉන්න
රෝසි ඔබ තමයි අපේ stun කුස්සිය      ඔන්න

 

ආඩා007,,,. උඹ මගේ  කවිය රීමික්ස් කරලා නේද..? බුද්ධිමය දේපල පනත් යටතේ මම නඩු පවරනවා.. හරිය ??

 

 

remix එක ලස්සනයි කියල පාටකයා කියනව

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Mar 2015 05:04 AM
  •  Quote
  •  Reply
සතුටුයි කවියක් ලෙස ඔබලා මාහට සූබ පැතුවට
ජවුසම කීමයි මා නම් දන්නේ නැ මෙහි නැටුවෙහිද
අහිතක් නැ මා දන්නවා කිවේ ඔබ එය හිතවත් කමට
දැන් නම් ඉතින් සැබවින් නටමුද අයියේ ඔබ එනවාද
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
29 Mar 2015 05:31 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 29 Mar 2015 05:04 AM
සතුටුයි කවියක් ලෙස ඔබලා මාහට සූබ පැතුවට
ජවුසම කීමයි මා නම් දන්නේ නැ මෙහි නැටුවෙහිද
අහිතක් නැ මා දන්නවා කිවේ ඔබ එය හිතවත් කමට
දැන් නම් ඉතින් සැබවින් නටමුද අයියේ ඔබ එනවාද

 

මේකට උත්තරේ දෙන්න ඕනේ ඉන්ද්ක 007 නිසා මම සද්ද නැතුව ඉන්නවා 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Mar 2015 05:39 AM
  •  Quote
  •  Reply
එතකන් අයියා වෙන කවියක් දාන්න
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 Mar 2015 06:25 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 29 Mar 2015 05:04 AM
සතුටුයි කවියක් ලෙස ඔබලා මාහට සූබ පැතුවට
ජවුසම කීමයි මා නම් දන්නේ නැ මෙහි නැටුවෙහිද
අහිතක් නැ මා දන්නවා කිවේ ඔබ එය හිතවත් කමට
දැන් නම් ඉතින් සැබවින් නටමුද අයියේ ඔබ එනවාද

 

නටමු නටමු එනවා මා අරු         මැක්කේ
කෝ ඔබ කොහිද මා නොම        දැක්කේ
පොකුරු පොකුරු මල්  මා ගෙතු   ඇත්තේ
අහිතක් කොහිද මා හිතවත් රෝසි අක්කේ

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Mar 2015 02:21 AM
  •  Quote
  •  Reply

ආවෙමි මා උදැසනින් මෙහි වෙනදා      වගේ
දැක්කේ ඔබයි මල්ලියේ සැරසී නැටුමට පැහේ
පදයක් දෙකක් හැකිනම් කියමුකෝ අල්ලන්ට තාලේ
උඩරට පහත රට මොන රටකින් හෝ තියමුද පාදේ

.....

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
30 Mar 2015 02:25 AM
  •  Quote
  •  Reply
කවි මඬුව මේ දවස් වල ටිකක් ඇල්මැරුණ ගතියක් තියෙන්නේ.
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 04:39 AM
  •  Quote
  •  Reply
පදවැල් එකින් එක ගලපා අමුණන්නේ
රස කවි තමයි මෙහි නිතරම ලියැවෙන්නේ
ලොකු ලොකු කවියො කිවිඳියො මෙහි රජයන්නේ
මම මොනවද මෙතනට ගොස් පවසන්නේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
30 Mar 2015 05:08 AM
  •  Quote
  •  Reply
ඔන්න තවත් කවියෙක්. එහෙම කියන්න එපා මාලිංඟ මල්ලී...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Mar 2015 05:36 AM
  •  Quote
  •  Reply

කවියක් ලියා මෙහි ආවට කම් නැත මලයෝ
කවූරුත් එකයි නැ වෙනසක් කිසිදින මලයෝ
ඔබේ කවි රසයි එහි අඩුවක් නුදුටිමි මලයෝ
යන්න එපා ඇවිදින් කවි අමුනමු අග නුලෙන් මලයෝ

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
30 Mar 2015 05:49 AM
  •  Quote
  •  Reply

සිත් සේ   අල්ලමින්  හොඳ පද සහ  කස්තිරම් 
කට්ටිය හදනවා වගේ නැටුමට  නව ඉස්තරම් 
කොච්චර හැන්ගුවත් නව-පද           ඔයතරම්  
නටන්න වෙන්නේ එළියේ නෙව   ඇති තරම් 

0
Add Reply
Page 9 of 28 << < 7891011 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below