You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 12:57 PM by  kingD
කෑම වර්ග
 303 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 16 << < 678910 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Jun 2018 01:56 AM
  1. රිච් කේක්, වෙඩින් කේක්, ක්‍රිස්මස් කේක් හදමු.
    (Richcake , wedding cake, Christmas cake)




    45g පමන බර කෑලි 75 සදහා....

    අවශ්‍ය ද්‍රව්‍ය:

    1. 250 g රුලන් 
  2. 250 g චෙරිස් 
  3. 250 g පුහුල් දෝසි 
  4. 250 g ඉගුරු දෝසි 
  5. 250 g චව්චව් 
  6. 250 g රේසින් 
  7. 250 g කරන්ට්ස් 
  8. 250 g කජු 
  9. 250 g සුල්තන
  10. 250 g ස්ට්‍රෝබෙරි ජෑම් 
  11. 100 g කැන්ඩිඩ් පීල් 
  12. 250 g බටර් 
  13. 500 g සීනි 
  14. දෙහි ගෙඩියක පොතු 
  15. බිත්තර සුදුමද 5, කහමද 10
  16. මී පැනි / ගෝල්ඩන් සිරප් වයින් වීදුරු 1
  17. සුවදකුඩු තේ හැදි 2 
  18. බ්‍රැන්ඩි/ විස්කි මේස හැදි 1 
  19. වැනිලා මේස හැදි 2 
  20. රෝස් එසන්ස් මේස හැදි 2 
  21. ආමන්ඩ් එසන්ස් මේස හැදි 1


     ආමන්ඩ් පේස්ට් එක සදහා:

  1. කුඩුකරගත් කජු කෝප්ප 1 
  2. අයිසින් සීනි කෝප්ප 2 
  3. බිත්තර සුදුමද 1 
  4. ආමන්ඩ් හෝ රෝස් එසන්ස් තේ හැදි 1

    සාදන ක්‍රමය:

    කජු හැර අනෙකුත් සියලු පලතුරු කුඩාවට කපා, එසන්ස්, ජෑම්, සුවද කුඩු බ්‍රැන්ඩි,මීපැනි දමා සුලන් නොවදින සේ.සතියක් පමන වසා තබන්න. කජු පොගන නිසා පසුවට එකතු කරන්න.

    බේක් කරන දිනයේ,

    රුලන් යාන්තමින් කබලේ බැද බටර් දමා දියකර පසෙකින් තබන්න. බිත්තර සුදු මද හොදින් බීට් කරන්න
    කහමද , සීනි සමග හොදින් බීට් කර පලතුරු මිශ්‍රනයට දමා ඊලගට රුලන්, බටර් මිශ්‍රනයද, අවසානයට බිත්තර සුදු මදද, කජු ද දමා පත්තර පිටු 8ක් එලා ඔයිල් පේපර් එකක් දමා ගත් ට්‍රේ එකක 180 පැය 2ක් පමන.බේක් කරන්න.

    සතියක් පමන පැනි බහින්නට එම ට්‍රේ එකේම තබන්න.

    ආමන්ඩ් පේස්ට් එක සදන්න, අයිසින් කෝප්ප 2ට කජු කො.1 සහ එසන්ස් දමා බිත්තර සුදු මද ටික ටික එක්කරමින් අතෙ නො ඇලෙන ලෙස අනාගෙන ලන්ච් ෂීට් එකක් මත රෝල් කර කේක් එක මත තබා අවශ්ය ප්‍රමානයෙ කෑලි කපා ගන්න.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jun 2018 08:08 PM
ස්තුතියි මේ වෙඩිං කේක් හදන හැටි..මං ආසම කේක් වර්ගය..
පුළුවන් නම් සෝයා කිරි හදන හැටි එකක් දන්නවනම් දෙන්නකෝ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
08 Jun 2018 08:41 PM
මේක හදන්න වර්ග 22 ක් දාලානේ...
හදන කෙනාට එපා වෙනව ඇති..

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Jun 2018 11:53 PM
Posted By chamaramind on 08 Jun 2018 08:08 PM
ස්තුතියි මේ වෙඩිං කේක් හදන හැටි..මං ආසම කේක් වර්ගය..
පුළුවන් නම් සෝයා කිරි හදන හැටි එකක් දන්නවනම් දෙන්නකෝ

සෝයා කිරි... ඒ ගැන මං අදමයි ඇහුවෙ.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Jun 2018 11:55 PM
Posted By indika76 on 08 Jun 2018 08:41 PM
මේක හදන්න වර්ග 22 ක් දාලානේ...
හදන කෙනාට එපා වෙනව ඇති..


එපා වෙන්නෑ. මේක පුරුදු වුනොත් ගෙදර බදලම අමතර ආදායමක් ාහායන්න පුළුවන්....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Jun 2018 12:06 AM
බොහොම ස්තුතියි වෙඩිං කේක් හදන හැටි කියලා දුන්නට ........
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Jun 2018 12:23 AM
මගේ වෙඩිං එකටත් කේක් හදවා ගන්න පුළුවනි උදෙශිකාට කියලාම
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Jun 2018 12:37 AM
Posted By Udeshika Herath on 08 Jun 2018 11:53 PM
Posted By chamaramind on 08 Jun 2018 08:08 PM
ස්තුතියි මේ වෙඩිං කේක් හදන හැටි..මං ආසම කේක් වර්ගය..
පුළුවන් නම් සෝයා කිරි හදන හැටි එකක් දන්නවනම් දෙන්නකෝ

සෝයා කිරි... ඒ ගැන මං අදමයි ඇහුවෙ.
එතකොට සෝයා අයිස්ක්‍රීම් කාලා නැද්ද?

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
09 Jun 2018 06:00 AM
Posted By gamini on 09 Jun 2018 12:23 AM
මගේ වෙඩිං එකටත් කේක් හදවා ගන්න පුළුවනි උදෙශිකාට කියලාම
අනිවා.. අනිවා.. එන අයට විරේකයක් දුන්නා වගේ වේවිද දන්නේ නැහැ. (උදේශිකා නගෝ.. තරහ නොවෙන්.. )

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
09 Jun 2018 06:02 AM
45g පමන බර කෑලි 75 සදහා....

අවශ්‍ය ද්‍රව්‍ය:

1. 250 g රුලන් 
250 g චෙරිස් 
250 g පුහුල් දෝසි 
250 g ඉගුරු දෝසි 
250 g චව්චව් 
250 g රේසින් 
250 g කරන්ට්ස් 
250 g කජු 
250 g සුල්තන
250 g ස්ට්‍රෝබෙරි ජෑම් 
100 g කැන්ඩිඩ් පීල් 
250 g බටර් 
500 g සීනි 
දෙහි ගෙඩියක පොතු 
බිත්තර සුදුමද 5, කහමද 10
මී පැනි / ගෝල්ඩන් සිරප් වයින් වීදුරු 1
සුවදකුඩු තේ හැදි 2 
බ්‍රැන්ඩි/ විස්කි මේස හැදි 1 
වැනිලා මේස හැදි 2 
රෝස් එසන්ස් මේස හැදි 2 
ආමන්ඩ් එසන්ස් මේස හැදි 
ආමන්ඩ් පේස්ට් එක සදහා:
වැරදිලාවත් නෝනට මේ වට්ටෝරුව පෙන්නන්න හොඳ නැහැ. කෑම කෙසේ වෙතත් කඩේ ගිහිල්ලම පන යනවා..

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
09 Jun 2018 06:02 AM
උදේශිකා නගාගෙ එකට දෙන්නේ මේ කේක් ද එතකොට?
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Jun 2018 09:59 PM
Posted By isurusam on 09 Jun 2018 12:06 AM
බොහොම ස්තුතියි වෙඩිං කේක් හදන හැටි කියලා දුන්නට ........

Thanku
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Jun 2018 10:02 PM
Posted By gamini on 09 Jun 2018 12:23 AM
මගේ වෙඩිං එකටත් කේක් හදවා ගන්න පුළුවනි උදෙශිකාට කියලාම


    හදල නම් දෙන්නම්. කොන්දේසි සහිතයි.
    * අතුරු විපාක වලට වග කියනු නොලැබේ.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Jun 2018 10:05 PM
Posted By maduranga001 on 09 Jun 2018 06:00 AM
අනිවා.. අනිවා.. එන අයට විරේකයක් දුන්නා වගේ වේවිද දන්නේ නැහැ. (උදේශිකා නගෝ.. තරහ නොවෙන්.. )



බඩ සුද්ද වෙන්න හොදයි නෙහ්...

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Jun 2018 10:09 PM
Posted By maduranga001 on 09 Jun 2018 06:02 AM
45g පමන බර කෑලි 75 සදහා....

අවශ්‍ය ද්‍රව්‍ය:

1. 250 g රුලන් 
250 g චෙරිස් 
250 g පුහුල් දෝසි 
250 g ඉගුරු දෝසි 
250 g චව්චව් 
250 g රේසින් 
250 g කරන්ට්ස් 
250 g කජු 
250 g සුල්තන
250 g ස්ට්‍රෝබෙරි ජෑම් 
100 g කැන්ඩිඩ් පීල් 
250 g බටර් 
500 g සීනි 
දෙහි ගෙඩියක පොතු 
බිත්තර සුදුමද 5, කහමද 10
මී පැනි / ගෝල්ඩන් සිරප් වයින් වීදුරු 1
සුවදකුඩු තේ හැදි 2 
බ්‍රැන්ඩි/ විස්කි මේස හැදි 1 
වැනිලා මේස හැදි 2 
රෝස් එසන්ස් මේස හැදි 2 
ආමන්ඩ් එසන්ස් මේස හැදි 
ආමන්ඩ් පේස්ට් එක සදහා:
වැරදිලාවත් නෝනට මේ වට්ටෝරුව පෙන්නන්න හොඳ නැහැ. කෑම කෙසේ වෙතත් කඩේ ගිහිල්ලම පන යනවා..


පිරිමි යනු වස කම්මැලියන් බවට මෙය උදාහරණයක් ලෙස යොදාගත හැක.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
10 Jun 2018 02:16 AM
Posted By maduranga001 on 09 Jun 2018 06:02 AM
උදේශිකා නගාගෙ එකට දෙන්නේ මේ කේක් ද එතකොට?

අයිය බයවෙලා වගේ.....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Jun 2018 08:56 AM
Posted By chamaramind on 09 Jun 2018 12:37 AM
Posted By Udeshika Herath on 08 Jun 2018 11:53 PM
Posted By chamaramind on 08 Jun 2018 08:08 PM
ස්තුතියි මේ වෙඩිං කේක් හදන හැටි..මං ආසම කේක් වර්ගය..
පුළුවන් නම් සෝයා කිරි හදන හැටි එකක් දන්නවනම් දෙන්නකෝ

සෝයා කිරි... ඒ ගැන මං අදමයි ඇහුවෙ.
එතකොට සෝයා අයිස්ක්‍රීම් කාලා නැද්ද?


දන්නව. සෝය කිරි කියුවට දන්නෑ 
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 Jun 2018 11:18 AM
Posted By Udeshika Herath on 09 Jun 2018 10:09 PM
Posted By maduranga001 on 09 Jun 2018 06:02 AM 
වැරදිලාවත් නෝනට මේ වට්ටෝරුව පෙන්නන්න හොඳ නැහැ. කෑම කෙසේ වෙතත් කඩේ ගිහිල්ලම පන යනවා..
පිරිමි යනු වස කම්මැලියන් බවට මෙය උදාහරණයක් ලෙස යොදාගත හැක.
ගැහැනුන් යනු පිරිමින් කඩේ යවන්නට උපන් හපන් ජාතියකි. 

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Jun 2018 11:15 PM
Posted By maduranga001 on 11 Jun 2018 11:18 AM
ගැහැනුන් යනු පිරිමින් කඩේ යවන්නට උපන් හපන් ජාතියකි. 


ඒම නෑ...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
13 Jun 2018 01:29 AM
  • උම්බලකඩ වඩේ

    තේ එකක් බොන්නද හදන්නෙ.. එහෙනම් කමුද උණු උණු උම්බලකඩ වඩේ එකක්..




    අවශ්‍ය ද්‍රව්‍ය :

    රතු පරිප්පු 500g
  • රතු ලූනු (සිහින්ව ලියාගත්) මේස හැදි3
    කෑලි මිරිස් මේස හැදි 2
    අමු මිරිස් කරල් 2 ,(හෝ කොච්චි)
    කෝන්පිටි මේස හැදි 2
    තුනපහ තේ හැදි 1
    කහ ස්වල්පයක්
    සිහින්ව ලියා ගත් කරපින්චා ඉති 2
    උම්බලකඩ මේස හැදි 1
    රස අනුව ලුනු
    බැදීමට තෙල්

    සාදන ක්‍රමය :

    පරිප්පු පැය 2ක් පමන පොගවා වතුර සීරෙන්න තබන්න.
    මෙය කොටස් 2 කට වෙන්කර එක් කොටසක් බ්ලෙන්ඩ් කර කොටස් දෙකම එක්කරන්න.

    මෙයට ,ඉහත අමුද්‍රව්‍ය සියල්ල එක්කර හොදින් අනා අවශ්‍ය ප්‍රමානයට ගුලි සාදා තෙත් කරගත් අල්ල මත තබා පැතලි කරන්න.

    තෙල් ලිප තබා රත් වූ විට වඩේ දමා විනාඩියක් විතර බාගෙට බැද සුදු කොලයකට බාන්න.
    විනාඩි 5 ක් විතර නිවෙන්න තබා නැවත තෙල් රත්කර උඩ රන්වන් පාට වන තෙක් බදින්න.

    ***** බාගෙට බැද තැබූවිට පිටත රස්නෙට ඇතුලත හොදින් තැම්බෙනවා. දෙවනි පාර බදින විට ඇතුලත පිටත එක සමානව බැදෙනවා. ක්‍රිස්පි ගතියට වැඩි වේලාවක් තියා ගන්න පුලුවනි.

    පත්තර කොල පාවිච්චි නොකර මුද්‍රිත නොවන කඩදාසි වල ඔතා තබන්න.
0
You are not authorized to post a reply.
Page 8 of 16 << < 678910 > >>