You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Feb 2017 12:15 AM by  Danu Liyanage
සම්බෝල...
 19 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

nilshani de silva
Basic Member
Basic Member
Posts:216






--
07 Jan 2017 02:26 PM
    රස පිරි ගුණ සපිරි කරපිංචා සම්බෝලය

    අවශ්‍ය ද්‍රව්‍ය:

    • කරපිංචා ස්වල්පයක්
    • ලුණු කැට කීපයක්
    • රතු ළූණු ගෙඩි කීපයක්
    • වියළි මිරිස් කරල් දෙකක්
    • ගොරකා කෑල්ලක්

    සාදන ආකාරය:

    කරපිංචා කොළ මිරිස්ගලේ හොඳින් අඹරා ගන්න. ඊටම ලුණු කැට ,රතු ළූණු ගෙඩි කීපය සහ වියළි මිරිස් කරල් දෙකඑකතු කරගන්න.ගොරකා ස්වල්පයක් එකතුකර තවත් හොඳින් අඹරා ගන්න.සියල්ලම හොඳින් ඇඹරුණු පසු අතින්මිශ්‍රණය ගුලිකර කුඩා පීරිසියක තබා කෑම මේසයට යවන්න.

    කරපිංචා සම්බෝලය ස්වල්ප වශයෙන් ආහාරයට එක් කර ගැනීමෙන් ඔබේ ආහාර වේලට සුවිශේෂී රසයක් එකතු කර ගත හැකි ය. සම්බෝලයට ශරීරයේ පවතින කොලෙස්ටරෝල් දුරු කිරීමට හැකි ඖෂධීය ගුණයක් තිබේ. කරපිංචාවල ඇති විෂහරණ ගුණය හේතුවෙන් ආහාරයේ හෝ ශරීරයේ පවතින විෂ ශරීරයෙන් ඉවත් වීමට ද සිදු වනවා.

    සතියකට වරක් වත් කරපිංචා සම්බෝලය ආහාරයට එක්කර ගැනීමෙන් ඔබේ ආයුෂ දීර්ඝ වේ. නීරෝගී බව ලැබේ. එසේම ඔබ ගැස්ට්‍රයිටීස් තත්වයකින් පීඩා විඳී නම් කරපිංචා සම්බෝලය වඩාත් සුදුසු ආහාරයක් නොවන බව ද මතක් කළ යුතු ය.

    කටට සැරට ආස අයට කොච්චි සම්බෝලය

    අවශ්‍ය ද්‍රව්‍ය :

    • කොච්චි මිරිස් කරල් අවශ්‍ය පමණ
    • රතු ළූණු ස්වල්පයක්
    • උම්බලකඩ කුඩු මේස හැඳි 1 ක්
    • දෙහි ගෙඩියක යුෂ
    • ලුණු

    සාදන ආකාරය :

    කොච්චි මිරිස් හොඳින් සෝදා ගන්න.දැන් ලුණු කැට කීපයක් සහ රතු ළූණුගෙඩි කීපයක් එක්කරන්න. සියල්ලමමිරිස්ගලේ අඹරාගන්න.හොඳින් ඇඹරුණු පසු උම්බලකඩ එකතුකරන්න. පසුව රස අවශ්‍ය ප්‍රමාණයට දෙහි යුෂ මිශ්‍රකරගෙන පිළිගන්වන්න.

    තම්බාපු බතල ,මඤ්ඤොක්කා වැනි අල වර්ග සමඟ කොච්චි සම්බෝලය ආහාරයට ගත හැකියි.එසේම තම්බාගත් කොස්සහ දෙල් වැනි දේ සමඟ කොච්චි සම්බෝලයට ලැබෙන්නේ ඉහළම ප්‍රතිචාරයක් බව කියන්නම අවශ්‍යයි. කටට සැරසේම කොච්චිවල රසයත් ඔබේ ආහාරවේල ප්‍රණීත එකක් බවට පත්කරයි.

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    07 Jan 2017 09:29 PM
    කරපිංචා සම්බෝලය නම් ගුණ කෑමක්.. ඒත් කාපු කාලයක් මතක නැහැ. ස්තූතියි මල්කී මේවා අපිත් සමඟ බෙදා ගත්තාට.
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    07 Jan 2017 09:55 PM
    කොච්චි සම්බෝලේ නම් නියමයි...
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    07 Jan 2017 11:21 PM
    කොච්චි සම්බෝලේ සැරටම නෙවෙයි මම ඒ සුවදටත් ආසයි
    0

    nilshani de silva
    Basic Member
    Basic Member
    Posts:216






    --
    08 Jan 2017 04:25 AM
    අපිටත් මෙහෙ කරපින්චා නම් හොයා ගන්න බොහොම අමාරුඉ.....
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    08 Jan 2017 07:35 AM
    මඤ්ඤොක්කා එක්ක නම් කොච්චි සම්බෝලෙ කියාපු එක.
    කෙලත් උනනවා කටට මතක් වෙද්දි.
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    08 Jan 2017 05:45 PM
    සම්බෝල නම් එපා නොවෙන කෑමක් ,,ස්තුති මල්කියෝ
    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    17 Jan 2017 06:13 AM
    man asama asayi kochchi sambole...
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    18 Jan 2017 07:31 PM
    මට නම් ගෙදර ඉන්න ටිකේ එක එක ජාති සම්බෝල කන්න ලෙබෙනවා ...........
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    18 Jan 2017 09:54 PM
    malki akka teach karanawada cook wede kranawada. kamak naha sthuthi apata hamadama aluth deyk genawata
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    16 Feb 2017 11:27 AM
    කොච්චි සම්බෝලේ නම් මාරු තමයි. ඒත් දැන් මේ කඩවල් වල එහෙම නම් දාන්නෙම නයි මිරිස් හෝ මිරිස් එහෙම නේ. අම්ම මුත්ත මතක් වෙනව කෑවහම. කොච්චි කරලේ තියෙන රසය ඔය මොන මිරිස් කරලක වත් එන්නෙ නැහැ.
    මල්කි ගේ කුකරි ක්ලාස් එකෙන් හොඳ හොඳ තොරතුරු එනවා නේද එලියට.
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    16 Feb 2017 11:36 PM
    ඔව් නයි මිරිස් කාපුවාම ඉහ මොලේ රත් වෙලා ඔලුවෙනුත් දාඩිය දාන්න පටන් ගන්නවා තමයි
    ඔය සිද්දිය උනා දවසක් මම නයි මිරිස් කට්ට සම්බොලෙකුත් එක්ක රොටියක් කාල.
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    17 Feb 2017 01:47 AM

    අපිට නම් ඉතින් මෙහෙ කරපිංචා එමටයි .. කව්දැයි ඉතින් ඕවා සම්බෝල කොරන්නෙ ... පවුලක් පන්සලක් වුන කාලෙක බලමුකෝ 

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    17 Feb 2017 01:54 AM
    කොච්චි සම්බොලෙට ගහන්න සම්බොලයක් කොහෙද ?
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    17 Feb 2017 02:37 AM
    ඇයි රජතුමාගේ අන්ත: පුරයට මොකද වෙලා තියෙන්නේ..
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    18 Feb 2017 12:19 AM
    රජතුමෝ ඒක තමයි මේ මමත් බැලුවේ
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    18 Feb 2017 03:47 AM
    Posted By kingD on 17 Feb 2017 01:47 AM

    අපිට නම් ඉතින් මෙහෙ කරපිංචා එමටයි .. කව්දැයි ඉතින් ඕවා සම්බෝල කොරන්නෙ ... පවුලක් පන්සලක් වුන කාලෙක බලමුකෝ 

    ඇයි දැන් පවුලත් පන්සලක් වගේ ද?

    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    18 Feb 2017 11:32 AM
    රජතුමා ලඟදි මැරී කරන්න ඉන්නේ
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    18 Feb 2017 07:00 PM
    Posted By DanuLiyanage on 18 Feb 2017 11:32 AM
    රජතුමා ලඟදි මැරී කරන්න ඉන්නේ
    පන්සල් පල්ලි ඔක්කොම ගෙදරට ගෙන්න ගන්න වගේ හදන්නෙ.

    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    19 Feb 2017 12:15 AM
    එක නම් මාරම කතාව නේද
    0
    You are not authorized to post a reply.