You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Sep 2020 12:00 AM by  Udeshika Herath
හිතට දැනුන දේ
 373 Replies
Sort:
Page 5 of 19 << < 34567 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 May 2017 06:50 AM
  •  Quote
  •  Reply
මං ආයෙමත් සිතිවිලි එක්ක අතරමං උණා..
මං ඔයාගෙ ලඟ ඉන්නවද
ඔයාගෙන් ඈතට යනවද...
ඇස් වලින් රූරා වැටෙන කඳුළු බිදු වලට
ඔහේ ඇද හැලෙන්න ඉඩදීල
හිස් අහස දිහා බලන් හිටිය
තවමත් උත්තරයක් නැති ප්‍රශ්නයක් එක්ක....

Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
12 May 2017 07:07 PM
  •  Quote
  •  Reply
පිළිතුර

ඔයාට හිතෙනවා නම් මම වෙනස් වෙලා කියලා
ඔයා ඇතට යන්න
ඒත් මම කැමති නෑ ඔයාගේ දෙනෙතින්
කදුලක් ව‍ැටෙනවට
ඔයාගේ නෙත් වලින් පෙනෙනවා
පිළිතුර ඔයා සතුව තියෙන වග ...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 May 2017 11:49 PM
  •  Quote
  •  Reply
ඔයා දන්නවද ...?
අතර මගදි ඔය දෑත අත හරින්න මට ඕන නෑ කියල ..
මං දන්නව...
මේ ඇස්වල කඳුළු ඔයාට බලන්න බෑ කියල...
ඒත් ඔයා දන්නවද..?
උත්තර තියෙන්නෙ මගෙ ඇස් යට හැංඟිලා නෙවෙයි කියල..
මං දන්නව..
ඔයාගෙ හිතට මං නිසා තවත් කරදරයි කියල..
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
14 May 2017 05:31 AM
  •  Quote
  •  Reply
පිළිතුර

මම දන්නව ඔයා මගේ දෑත අත හරින්නේ නෑ කියලා
ඒත් මට හිතාගන්න බැරි ඔයා ඈතට යන්නේ ඇයි කියලා
මට හිතෙනවා ඔයා තවමත් මාව තේරුම් ගෙන නෑ කියලා
ඒ වගේම ඔයා කිසිම දිනක මට කරදරයක් නෙමෙයි...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
16 May 2017 04:25 AM
  •  Quote
  •  Reply
මං දන්නව මං වැරදි ඇති
ඒත් ඔයාව රිද්දන්න ඕන වුනේ නෑ මට...
විශ්වාස කරන්න හැම මොහොතකම ඔයාව මට දැනෙනව
ඉතින් කොහොමද කියන්නෙ ඔයාව තේරුම් ගන්න බෑ කියල..
කරන්නම් එකම එක ඉල්ලීමක් ඔයාගෙන්
පුළුවන්නම් මගෙන් වෙන වැරදි වලට මට සමාව දෙන්න..
පොරොන්දු වෙනව හැමදාම ඔයාගෙ ලඟින්ම ඉන්නව කියල...
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
16 May 2017 07:44 PM
  •  Quote
  •  Reply
පිළිතුර

ඔයා අතින් වැරදි සිදුවුනා තමයි..
ඒවට සමාව දෙන්නත් පුළුවන්.
ඒත් දැන දැන කරන වැරදි වගේම
සෑමදාම කරන වැරදි වලට මම කොහොම සමාව දෙන්නද..
ඔයා මුලින්ම ඔයා ගැන හිතන්න..
දෙවනුව මා ගැන හිතන්න...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
16 May 2017 11:23 PM
  •  Quote
  •  Reply
මගේ හිමි සඳු නුඹයි හැම දින
වෙනස් නොම වෙයි කිසි දිනේ
මගේ පණ නුඹ ඉතින් කිව මැන
හැකිද දඬුවම් දෙන්නට...

මගේ ජීවිතෙ මුල්ම තැන නුඹ
කියමි මෙලෙසට ආදරේ
දුකක් දෙන්නෙපා පුංචි කෙල්ලට
එපා වෙයි මගෙ ජීවිතේ...
Udeshika Herath
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Jun 2017 11:32 AM
  •  Quote
  •  Reply
මොකද මෙතන වෙන්නේ ළමයිනේ? ,, මොකක් නමුත් ලස්සන අදහස් හුවමාරුවක්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
07 Jun 2017 11:48 AM
  •  Quote
  •  Reply
ඔව්. මමත් බලාගෙන ඉන්නේ දෙන්නගේ ප්‍රශ්නෝත්තර සංග්‍රහය. හරිම ලස්සනට ගලපාගෙන යනවා. අපූරුයි එකෙන්ම. !
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
07 Jun 2017 11:06 PM
  •  Quote
  •  Reply
බෝම ස්කෝතුයි දෙන්නටම.
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 Jul 2017 12:31 PM
  •  Quote
  •  Reply
රැහියන්ගෙ හඬ ඇහෙන මේ පාළු රාත්‍රියේ ආයෙමත් ඔයාව මතක් වෙන්න පටන් ගත්ත.
කාලයත් මිනිස්සු වෙනස් කරන්නෙ හරි පුදුම විදියට කියල හිතෙන්න පටන් ගත්තෙ අද ඊයෙ ඉදල.
මොනම දෙයක් උනත් තමන් ලඟ තියෙනවනම් ඒ ගැන තියෙන හැගීම අඩු වෙනව. ඇත්ත ඒකයි. ඉස්සර ඔයා කියුව ඔයාට මං නැතුව ඉන්න පුළුවන් කියල ඇත්ත මටත් හිතුනෙ ඔයා නැතුව ඉන්න පුළුවන් කියල. ඒත් මං වැරදියි. කාලය හැම දෙයක්ම මට තේරුම් කරල දුන්න. මං දැන් හොදටම දන්නව එදා ඔයා මට තේරුම් කරන්න හැදුවෙත් මේ දේ කියල.
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 Jul 2017 12:39 PM
  •  Quote
  •  Reply
ඉස්සර හැමදාම දැකපු ඔය ඇස් ආයෙ ආයෙ දකින්න එන්න හිතුණ.
ඒත් එන්නෙ කොහොමද මට එන්න එපා කියද්දි.
මටත් හෙරෙන් ඔයා ඈතටම යන්න ගියා..
ඔය දඟකාර නෙතු සඟල මට හැමදාම මතක් වෙනව..
ඔයා නොදැක අවුරුදු කීයක් නම් ගෙවිලද...
අහම්බෙන් වගේ ආයෙමත් ඔය නෙතු මට මට හමු වුණා.
ඇත්තමයි ඔයා දැන් වෙනස් වෙලා මට එහෙම කියන්න ඕන වුණත් මං නිහඬ වුණා..
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
14 Jul 2017 09:09 PM
  •  Quote
  •  Reply
මම දන්නවා මම දැන් ගොඩක් වෙනස්වෙලා කියලා
ඒත් ඒ වෙනසට මුල පිරුවේ ඔයා කියන එක ඔයා තවමත් පිළිගන්නේ නෑ...
මගේ හදවතේ කොනක තවමත් ඔයා ජීවත් වෙනවා..
ඒත් මම හිතන්නේ නෑ බිඳුණු හිත් නැවත සුවපත්වේවි කියලා....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jul 2017 03:48 AM
  •  Quote
  •  Reply
හම්මෝ ඒ තරම් ප්‍රේමාන්විත වෙන්න අපිට බැ (වයිෆ් එහෙම දැක්කොත් මලකෙලියයි)
ඔය දෙන්නම ඔය හටන අරන් යන්න
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Jul 2017 07:21 AM
  •  Quote
  •  Reply
මම මගේ වරද පිළිගෙන ඈතටම යන්නම්
ඔයාට ආදරෙයි කිව්ව දවසෙ ඉදන් ඔයා වෙනස් වුණා.
ඔව් මහ හුඟක් වෙනස් වුණා.
දන්නවද මට දැනුනු දුක කොච්චරක්ද කියල..
මම දන්නව මොන දේ කියුවත්
අපේ හිත් ආයෙමත් යාවෙන්නෑ කියල....
ආදරෙයි හැමදාම වචනෙන් නොකිව්වත්..
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
17 Jul 2017 07:45 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 15 Jul 2017 03:48 AM
හම්මෝ ඒ තරම් ප්‍රේමාන්විත වෙන්න අපිට බැ (වයිෆ් එහෙම දැක්කොත් මලකෙලියයි)
ඔය දෙන්නම ඔය හටන අරන් යන්න
අපොයි ඔව්. ඒක ඇත්ත.
නිර්මාණ වලින් ඉදිරිපත් වන ඔබ සැමට ස්තූතිය.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Jul 2017 10:47 AM
  •  Quote
  •  Reply
ඔයාලටත් පුළුවන්නෙ කවි ලියන්න..
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jul 2017 11:12 PM
  •  Quote
  •  Reply
හයියෝ මොකෝ නතර වෙලා. දෙන්න තරහ වෙලාද
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
21 Jul 2017 04:54 AM
  •  Quote
  •  Reply
මං නතර වෙමු කිව්වම එයත් නතර වෙලා. හී හී
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
21 Jul 2017 07:36 AM
  •  Quote
  •  Reply
වරද පිළිගෙන ඈතට යන්නම් කියලා කියනවනේ
හිත් අායෙමත් යාවෙන්නේ නැතිලු

ඉතිං ඊට පස්සේ මට කියන්න දෙයක් නෑනේ..
0
Add Reply
Page 5 of 19 << < 34567 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below