You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 118 of 137 << < 116117118119120 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 May 2018 05:53 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 May 2018 05:53 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 May 2018 05:54 PM


0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 May 2018 06:10 PM

පිළිකා රෝගියකුට පවුලේ අයගෙන් ලැබෙන මානසික සුවය ඉතා වැදගත්

https://i.imgsafe.org/ba/baeae19563.jpeg

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 May 2018 05:10 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 May 2018 05:10 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 May 2018 05:10 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 May 2018 05:11 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 May 2018 05:11 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 May 2018 05:11 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 May 2018 05:11 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 May 2018 05:12 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 May 2018 05:42 PM

පිළි­කාවට බිය අයට

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ හිටපු උප­කු­ල­පති මහා­චාර්ය චන්දිම විජේ­බ­ණ්ඩාර

රෝගයක් සම්බන්ධයෙන් වඩාත් නිරවද්‍ය ලෙස මෙන් ම විශ්වසනීය ලෙස කරුණු පැහැදිලි කළ හැක්කේ ඒ පිළිබඳ විශේෂඥ ඥානයක් මෙන් ම සායනික ප්‍රාගුණ්‍යයක් ද ඇති වෛද්‍යවරයකුට බව අවිවාදිත ය. එහෙයින් පිළිකාවේ සැබෑ තතු නමැති අගනා පුස්තකය සම්පාදනය කොට ඇත්තේ ඒ කාර්යයට අතිශයින් ම යෝග්‍ය කතුවර දෙපළක් විසින් බව පෙනේ.

පිළිකාව යනු මින් දශක කීපයකට පෙර නමවත් කියන්නට ජනතාව බිය වූ රෝගයකි. එය සුව කළ නොහැකි රෝගයක් සේ සැලකුණු අතර රෝගීන් ජීවත් වූයේ මරණය අත ළඟයැයි දුක්මුසුව දවස පුරා දොම්නසින් මිරිකෙමිනි. වෛද්‍ය විද්‍යාව පිළිකාව සඳහා පිළියම් සොයමින් වෙහෙසුණු එසමයෙහි එය දුස්සාධ්‍ය රෝගයක් සේ හැඳින්වීමෙහි යම් පමණක සත්‍යතාවක් නොතිබුණා නොවේ. ගැමියන් පිළිකාව කරුමෙට හැදෙන ලෙඩක් යැයි හැඳින්වූයේ ද එහෙයිනි.

එදා එසේ වුව ද වෛද්‍ය විද්‍යාවේ ශීඝ්‍ර ප්‍රගතියත් සමඟ පිළිකා රෝගය විෂයෙහි පැවති බිය මෙන් ම මිථ්‍යා විශ්වාසයන්ගෙන් ද මිදෙන්නට කාලය පැමිණ ඇතත් තවමත් ජනතාව තුළ පවත්නා භීතිය මුළුමනින් ම තුරන්ව ගොස් නැත. එයට ප්‍රධාන හේතුව නම් නවීනතම දැනුම තවමත් ප්‍රමාණවත් පරිදි ජනතාව වෙත සමීප වී නැතිකමයි. පුවත්පත්වල වෛද්‍ය අතිරේක මෙන් ම කාන්තා පුවත්පත් ද මේ රෝගය සම්බන්ධ දැනුම පොදු ජනතාව වෙත ගෙනයාම සඳහා ඉමහත් දායකත්වයක් ලබා දෙන බව සඳහන් කළ යුතු වෙයි.

අන්තර්ජාලය භාවිතා කරන්නනට ද බොහෝ තොරතුරු ලබා ගත හැකි වුවත් ඒවා ඉංග්‍රීසි භාෂාවෙහි මනා ප්‍රාගුණ්‍යයක් නොමැත්තවුනට අවබෝධ කර ගැනීම පහසු නොවේ. තමනට දැනට මේ රෝගය වැලඳී නැති වුව ද පරිසරය සහ පාරිභෝගික ද්‍රව්‍ය පිළිකා කාරක බහුලව ඇති මෙසමයෙහි ඒ පිළිබඳ මනා දැනුමක් ලබා තිබීම අපේ ම හිත සුව පිණිස හේතු වෙයි.

මා දැන සිටි එක් සරසවි නිලධරයෙක් උදර පිළිකාව හඳුනාගත් එක් සතියකින් ම මිය ගියේ තමා මේ රෝගය නිසා අනිවාර්යයෙන් ම මිය යතැයි ඇති වූ මානසික චකිතය හේතුවෙනි. වෛද්‍ය විද්‍යාවෙහි මෑත කාලීන ‘හාස්කම්’ පිළිබඳව කියවා තිබුණේ නම් ගැටලුවට ධනාත්මකව මුහුණ දෙන්නට ඔහුට හැකියාව තිබිණි.

රෝගයක් සම්බන්ධයෙන් වඩාත් නිරවද්‍ය ලෙස මෙන් ම විශ්වසනීය ලෙස කරුණු පැහැදිලි කළ හැක්කේ ඒ පිළිබඳ විශේෂඥ ඥානයක් මෙන් ම සායනික ප්‍රාගුණ්‍යයක් ද ඇති වෛද්‍යවරයකුට බව අවිවාදිත ය. එහෙයින් පිළිකාවේ සැබෑ තතු නමැති අගනා පුස්තකය සම්පාදනය කොට ඇත්තේ ඒ කාර්යයට අතිශයින් ම යෝග්‍ය කතුවර දෙපළක් විසින් බව පෙනේ.

වෛද්‍ය ජයන්ත බලවර්ධන මහරගම අපේක්ෂා රෝහලේ ජ්‍යේෂ්ඨතම විශේෂඥ වෛද්‍යවරයා මෙන් ම සිය ආදරණීය ගෝලයකු ද වූ බව පොතේ පසුකවරයෙහි මහාචාර්ය කාලෝ ෆොන්සේකා සඳහන් කර ඇත්තේ ඉමහත් අභිමානයෙනි.

සැබවින් ම විශේෂඥ වෛද්‍ය බලවර්ධන මහතාගේ කීර්තිය දසත පතළ යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. එතුමා සමඟ එක්ව පොත සම්පාදනය කළ වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ මහතා ද මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සුවපත් කිරීමෙහි නිරතුරුව ම නිරතව සිටින දක්ෂ විචක්ෂණ තරුණ වෛද්‍යවරයෙකි.

මේ දෙපළ එක්ව සිය න්‍යායික සහ ව්‍යවහාරික පරිචය උපයෝගී කරගනිමින් සම්පාදනය කර ඇති ග්‍රන්ථය ඔවුන් සතු ප්‍රබල සන්නිවේදන චාතුර්යය හේතුවෙන් කාටත් පහසුවෙන් පරිහරණය කළ හැකි අනර්ඝ ඥාන කෝෂයක් බවට පත්ව ඇත. මෙහි ලා මා වඩාත් අගය කරන්නේ එහි සෑම පිටුවක් පාසා ම ගැබ් වී ඇති ඔවුන්ගේ කාරුණිකත්වයේ උණුසුමයි.

රෝගීන් බලාකියා ගන්නා අයට සහ රෝගයෙන් වැළකී සිටිනු කැමැත්තනට දෙන උපදෙස් මෙන් ම ජන සමාජය වෙතින් රෝගීනට ලැබිය යුතු කරුණාව ගැන ද ලේඛක වෛද්‍යවරුන් සඳහන් කරන්නේ මහත් දයාවෙනි.

ශාස්ත්‍රීය පදනමකින් සැළසුම් කර ඇති පිළිකාවේ සැබෑ තතු පොත ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙයි. පළමුවන කොටස පිළිකාව පිළිබඳ ඉතිහාසයෙහි පටන් වත්මන් පිළියම් ක්‍රම දක්වා පොදු කරුණු ඇසුරෙන් පාඨකයන් දැනුවත් කිරීමක් සිදු වෙයි. විශේෂයෙන් ම පිළිකා වැලඳීමට හේතු සහ පිළිකාවලින් ආරක්ෂා වී ජීවත් වීමට සහ තමන්ට කිසියම් අවදානමක් තිබේ දැයි කල් ඇතිව දැන ගැනීම සදහා අවශ්‍ය ව්‍යවහාරික දැනුම ද එමගින් සැපයෙයි.

පොතෙහි දෙවන කොටස විවිධ පිළිකා වර්ග පිළිබඳ අප දැන ගත යුතු කරුණු රැසක් පරිච්ඡෙද 27කින් ඉදිරිපත් කරයි. පියයුරු පිළිකාවේ පටන් ළමා පිළිකා රෝග දක්වා ඒ ඒ රෝග සෑදීමේ හේතු, රෝග ලක්ෂණ, පරීක්ෂා ක්‍රම සහ ප්‍රතිකාර ක්‍රම මෙන් ම රෝගීන් සඳහා විවිධ උපදේශ ද මේ කොටසෙහි අන්තර්ගත වෙයි.

සාමාන්‍යයෙන් මාධ්‍ය මගින් දැනුවත් නොකෙරෙන ලිමිෆෝමා, මල්ටිපල් මයලෝමා වැනි පිළිකා සම්බන්ධයෙන් ද මේ කොටසෙන් අප දැනුවත් කරනු ලැබේ. මේ විස්තර සඳහා කතුවරුන් යොදා ගෙන ඇත්තේ සරල සුගම බස් වහරක් හෙයින්‍ උසස් අධ්‍යානපනයක් නොලද පාඨකයකුට වුව ද ආයාසයක් නොමැතිව ප්‍රමාණවත් දැනුමක් ලබා ගත හැකි වෙයි.

රෝග සහ චිකිත්සා විෂයයෙහි යෙදෙන බොහෝ ඉංග්‍රීසි වචන දැන් අප කාහටත් පාහේ හුරු පුරුදුව ඇති හෙයින් වරහන් තුළ ඒවා යොදා තිබීම ඉමහත් පහසුවකි. පිළිකා නාශක ඖෂධ ප්‍රතිකාරය යන්න Chemotherapy යන ඉංග්‍රීසි වචනය වරහනේ දුටු වහා ම අපට මනාව වැටහෙයි.

ඇතැම් වචන වලට සිංහල වචන මෙතෙක් තනා නැති අතර ආයාසයෙන් තැනූ අමුතු දුරවබෝධ වචනයකට වඩා සුපුරුදු ඉංග්‍රීසි වචනය යෙදීම මෙවන් පොතක අරමුණ මැනවින් සාධනය කරන බව දත් කතුවරු ඒවා ඉංග්‍රීසියෙන් ම දක්වති. නිදසුන් ලෙස Mammogram, Ultrasound scan, MRI Scan වැනි දේ දැක්විය හැකි ය. ජපානය වැනි දියුණු රටවල ද විද්‍යා අධ්‍යාපනයෙහි දී යෝග්‍ය ඉංග්‍රීසි වචන කුලවද්දා ගැනීම සිදු කෙරෙයි.

මෙහි තේරුම මේ පොතේ කතුවරුන් සිංහලයට අනවශ්‍ය තරමට ඉංග්‍රීසි වචන රිංගවන බව නොවේ. තනි සිංහලයෙන් සන්නිවේදනය කළ හැකි දේ ඔවුහු රම්‍ය ලෙස සිංහලයෙන් ලියති. මේ බලන්න: “විකිරණශීලී ද්‍රව්‍යයක්, දියරයක් හෝ කරලක් ලෙස රෝගියාට ගිලීමට දීමෙන් හෝ නික්ෂේපණ මාර්ගයෙන් ශිරාගත කිරීමෙන් සමහර පිළිකා සඳහා ප්‍රතිකාර කරනු ලැබේ.

තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා සඳහා විකිරණශීල අයඩින් භාවිත කිරීම ඒ සඳහා උදාහරණයකි.”

පොතෙහි තුන්වන කොටස කැප කර ඇත්තේ ඉතා වැදගත් මාතෘකා දහතුනක් වෙනුවෙනි.

රෝගය හඳුනා ගැනීම සඳහා භාවිත කෙරෙන වෛද්‍ය පරීක්ෂණ පිළිබඳව මනා හැඳින්වීමකින් මෙන් ම ප්‍රතිකාර හේතුවෙන් ඇති විය හැකි අතුරු ආබාධ පිළිබඳව ද විස්තරයකින් ද යුක්ත මේ කොටසෙහි සාමාන්‍ය ජනතාව නිතර මැදි වන ගැටලු සහ දුර්මත රැසකට පිළිතුරු සපයා තිබේ. එමෙන් ම පවුලේ කෙනෙකුට මේ රෝගය වැළඳුන විට පවුලේ සාමාජිකයන් ක්‍රියා කළ යුතු අන්දම ද දක්වා තිබීම අතිශයින් ප්‍රයෝජනවත් ය.

පිළිකාවේ සැබෑ තතු කතුවරුන් තමන් පවරා ගත් දුෂ්කර ශාස්ත්‍රීය කාර්යයේදී කිසි ම වැදගත් අංශයක් අත නොහැර අංග සම්පූර්ණ කෘතියක් ලාංකික පාඨක ප්‍රජාව වෙත පිරිනමන්නට ගත් අධිෂ්ඨානය මුලමනින් ම සාර්ථකව ඇති බව නොපැකිල සටහන් කරනු කැමැත්තෙමි. අප ජීවත්වන යුගයේ හැටියට මෙරට ජීවත්වන සියලු දෙනා විසින් ම කියවා ළඟ තබා ගත යුතු පොතක් ලෙස මෙය හඳුන්වන් කැමැත්තෙමි.

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 May 2018 05:56 PM

පවුල කඩා ඉහිර වූ හදිස්සිය

ලිංගික ජීවිතය හා ඊට අදාළ කරුණු අඹුසැමියන් හෝ පවුල් අතර සාකච්ඡාවට භාජනය වන්නේ ඉතාමත් අඩුවෙන්. මීට ප්‍රධානම හේතුව ලැජ්ජාවම නෙමෙයි. ඒ පිළිබඳ තිබෙන විශ්වාස සහ ආකල්පයි. පවුල තුළ මෙය සැඟවී යන මාතෘකාවක් නිසාම දරුවන්ට ලැබෙන දැනුමත් ඉතාමත් අල්පයි. ඔවුන් දැනුම ලබාගන්න උත්සාහ කරන්නෙ බාහිර පරිසරයෙන්, යාහළු මිත්‍රයන්ගෙන් එහෙමත් නැත්නම් අන්තර්ජාලය සහ මාධ්‍ය මගිනි. මේවායින් ලැබෙන දැනුම හැමවිටම විද්‍යාත්මක නෑ. විද්‍යාත්මක නොවන තරමට ඔවුන් නොයෙකුත් මිත්‍යාවන්ට ගොදුරු වී වැරදි ප්‍රතිකාරවලට යොමු වෙනවා. පවුල් සම්බන්ධතාවයන් කඩාවැටී දික්කසාදයෙන් කෙළවර වන තැනටම ප්‍රශ්නය උඩු දුවන්න පුළුවන්. මෙහි එන පියල්ගේ කතාව මීට කදිම නිදසුනක්. ලිංගික ප්‍රශ්නයක් නිසා ජීවිතය අවුල් වුණ පියල් අප වෙත යොමු වනවිට සියල්ල අවුල් වී බිරිඳගෙන් වෙන්වීමටද තීරණය කර තිබුණේ. පියල් ඔහුගේ කතාව මෙසේ අපට පැවසුවා.

“මගේ වයස අවු. 28යි. මම රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්. විවාහ වෙලා අවු. 2ක් වෙනවා. තවම අපට දරුවෝ නැහැ. බිරිඳ සමඟ හරියට ලිංගිකව එකතුවෙලත් නැහැ. අපි විවාහ වුණේ අවුරුදු 3ක් ආදරය කරලා. අපි යාළුවෙලා ඉන්න කාලේ ලිංගික සංසර්ගයේ යෙදුණේ නැති වුණත් වෙන ක්‍රමවලින් සතුටු වුණා. අපේ හනිමුන් එක දවසේ ඇතිවුණු ලිංගික ගැටළුවත් එක්ක තමයි මේ සියලුම ප්‍රශ්න පටන් ගත්තේ. එදා සිදුවීම තාම මට හොඳට මතකයි. අපි ආදරෙන් සිප වැළඳගෙන සිටියා. අපි එකතුවෙන්න  හදනකොටම සුක්‍රානු පිට වුණා. හරියටම කීවොත් විනාඩියක්වත් ගියේ නැහැ. මම එකතුවෙන්න හැදුවේ හරිම ආශාවෙන්. හැබැයි බයකුත් තිබුණා. හරියට බැරි වුණොත් එය පිරිමිකමටත් ලැජ්ජාවක් කියලා මට හිතුනා. 

එකතු වෙන්න කලින් මගේ පපුවේ පොඩි ගැස්මකුත් මට තිබුණා. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ මගේ බිරිඳගේ මුහුණත් වෙනස් වුණා. ඇගේ අස්වල කඳුළු පිරුණා. මම අසාර්ථක පුද්ගලයෙක් කියලා මට හිතුනා. මට මම ගැනම තරහක් ඇති වුණා. අපි දෙන්නා ලිංගික ඇසුරෙන් ඈත් වුණා. මම හැදුවේ බොහෝ විට මගේ වැරැද්ද මගේ බිරිඳ පිට පටවන්න. අපි දෙන්නා නිතරම රණ්ඩු වුණා. මගෙ අම්මයි තාත්තයි නිතරම ඇහුවා ඇයි උඹලා දෙන්නා රණ්ඩු වෙන්නෙ කියලා. ඒත් ඉතින් මම මේක කොහොම කියන්නද? මේ අතර කාලෙදි මගේ දෙමව්පියෝ මගේ කේන්දරේ අරගෙන සාස්තරකරුවෙක් ළඟට ගියා. ඔහු කීවා අපි දෙන්නටම ඒරාෂ්ඨකයක් තියනවා කියලා. තව මගේ යාළුවෙක් කීවා මේක මෝහනයෙන් සනීප කරන්න පුළුවන් කියලා. ඒ අනුව අපි මෝහනයට ඉතා ප්‍රසිද්ධ පුද්ගලයෙක් ළඟටත් ගියා. ඔහු කීවා මෝහන වාර දහයකට සහභාගී වුවහොත් ක්ෂණික මෝචනය නිට්ටාවට සනීප වෙනවා කියලා. එක මෝහන වාරයකට රුපියල්. 2750ක් ගත්තා. කිසිම සුවයක් වුණේ නෑ. මෙවැනි හොරු කීදෙනෙක්ට අපි අහුවෙන්න ඇද්ද කියලා හිතෙනවා.

පියල්ගේ ලිංගික ජීවිතය ගැන තවත් තොරතුරු විමසුවා. ඔහු මෙසේද කීවා. මම එතකොට වැඩ කරේ අනුරාධපුරේ. එතකොට මට කිසිම ලිංගික අත්දැකීමක් තිබුණේ නෑ. අනුරාධපුර නගරෙ නම් ගණිකා නිවාස පිරිලා. මාත් එක්ක එකට වැඩකරපු මගේ හොඳම යාළුවා නිමල්. ඔහු තමයි ඉස්සරලම මාව ගණිකා නිවාසයකට එක්කගෙන ගියේ. මම ඒ නිවාසෙ ඇතුළට ගියේ හරිම බයෙන්. භීතීන් දෙකක් මට ඇති වුණා. කවුරු හරි දැක්කොත් මොනවා හිතයිද කියලා මට හිතුවා. ලිංගික අත්දැකීමක් නැති මට හරියට Sex කරන්න බැරි වෙයි කියලත් මට බයක් ඇති වුණා.මේ බයත් එක්කම තමයි මම ඒ තරුණියත් එක්ක හිටියේ. එදා Sex කරන්නත් ඉස්සර වෙලා මට ශුක්‍රාණු පිට වුණා. මෙහෙම හය හත් වතාවක් පමණ මේ නිවාසෙට ගියා. ඒ හැම දවසකම මට හරියට Sex කරගන්න බැරි වුණා. ක්ෂණිකව ශුක්‍රාණු පිට වුණා.

මනෝ වෛද්‍ය විද්‍යාව අනුව පියල්ගේ ගැටලුව ක්ෂණික මෝචනය (Premature Ejaculation) ලෙස හඳුන්වනවා. ක්ෂණික මෝචනය හඳුනාගැනීමට පහත ලක්ෂණ තිබිය යුතුයි.

• තම සහකාරිය සමඟ එකතු වීමේදී විනාඩියකටත් ප්‍රථම ශුක්‍රාණු පිටවීම.

• එකතුවන බොහෝ අවස්ථාවලදී (75% වඩා) ඉහත ආකාරයට ක්ෂණික මෝචනය සිදුවීම.

• මාස 6කට වැඩි කාලයක් මේ තත්ත්වය පැවතීම.

• කිසියම් ඹෞෂධයක් හෝ මත්ද්‍රව්‍යයක් හෝ වෙනත් රෝගී තත්ත්වයක් නිසා මෙය සිදුනොවිය යුතුය.

අප ළඟට යොමු වූ පියල් සහ ඔහුගේ බිරිඳ හංසි මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කෙරුණි. පියල්ට තිබූ ප්‍රධාන ගැටලුව නම් ලිංගිකත්වය පිළිබඳ තිබුණ ආකල්ප හා දැඩි ආතතියයි. ඔහු අනුරාධපුරයේ දී ලැබූ නොමේරූ ලිංගික අත්දැකීම මෙම ආතතියට ප්‍රධානම හේතුවයි. පියල් නිතරම සිටියේ ලිංගික කාර්යය ඉතා සාර්ථකව කරගැනීමට නොහැකිවේයැයි යන බියෙනි. මෙම භීතිය (Performance Anxiety) ක්ෂණික මෝචනයට ප්‍රධාන හේතුවක් විය.

මානසික සායනයට යොමුවූ පියල් සහ ඔහුගේ බිරිඳ පහත සඳහන් ක්‍රියාකාරකම්වලට යොමු කෙරුණි.

• දෙදෙනාගේම ලිංගික ආතතිය අඩු කරන ස්පර්ශය මුල්කොට ගත් (Sensate Focus Exercise) සම්භාහන ක්‍රමය.

• ක්ෂණික මෝචන පමා කිරීමට ශිෂ්ණයේ මාංශපේශී ක්‍රමානුකූලව සංකුංචනය හා ලිහිල් කිරීමේ ක්‍රමවේදයට පුරුදු කිරීම.

• ලිංගිකත්වය හා ලිංගික කාර්යය පිළිබඳ විද්‍යාත්මක පුහුණුවක් ලබාදීම.

• පියල්ගේ දැඩි ආතතිය හා ක්ෂණික මෝචනය නැති කිරීමට විද්‍යාත්මක  ඖෂධ ලබාදීම.

මෙසේ මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරවලට යොමු වූ පියල්ට සති 8ක් යාමට පෙර ක්ෂණික මෝචනය නැමති තත්ත්වයෙන් එළියට ඒමට හැකි විය. ක්ෂණික මෝචනය පිරිමින් බහුල ලෙස ගොදුරුවන ලිංගික අසනීපයකි. පිරිමින් මුහුණ දෙන ලිංගික ගැටලු අතර 50%ක්ම ක්ෂණික මෝචනයයි. මෙය සොරොටනීන් නැමති ස්නායු උත්තේජකය නිර්මාණය කරන ජාන (Serotonin Transporter Gene) විකෘති ස්වභාවයක් නිසාද ඇතිවිය හැකි බව විශේඥ මතයයි. සමාජ භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් ද මේ තත්ත්වයට බොහෝ සෙයින් ගොදුරු වන බව සොයාගෙන ඇත. කෙසේ නමුත් පියල් සහ හංසි විද්‍යාත්මක ප්‍රතිකාරවලට පිං සිදුවෙන්නට සතුටින් කල්ගෙවති.

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 May 2018 06:12 PM

  ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 
 රටේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වැඩිහිටි පුද්ගලයකු දිනකට වතුර ලීටර් 2 ක්‌ පානය කිරීම සුදුසු යෑයි කොළඹ ජාතික රෝහලේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්‌ස මහත්මිය "දිවයින" ට ඊයේ (04 වැනිදා) පැවසුවාය.
 
 මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌ වු ඇය මෙසේද කීවාය. "විශේෂයෙන් වතුර වැඩි වැඩියෙන් පානය කිරීම වැදගත්. ඒ වගේම වතුර පානය කරන කොට දෙහි හෝ පිපිඤ්ඤා පෙති කපලා වතුරට දාලා බොනව නම් වඩාත් හොඳයි.
 
 දැන් මේ කාලයේ පවතින අධික උෂ්ණත්වය නිසා වැඩි වශයෙන් වතුර පානය කළේ නැති වුණොත් හිසේ අමාරුව, කරකැවිල්ල, ඇඟපත වේදනාව, විජලනය වගේ රෝගාබාධ ඇති විය හැකියි. මේ ගැන සැලකිලිමත් වෙලා වතුරවලට අමතරව තැඹිලි දොඩම්, කුරුම්බා වගේ පාන වර්ගත් බොන්න.
 
 "ඒ වගේම කුඩා දරුවන්ට දවසකට වතුර ලීටර් එකහමාරක්‌වත් බොන්න දෙන්න. ඒ වගේම මේ දිනවල නිතර නිතර නාගන්නවා නම් හොඳයි.
 
 "එසේම අව්වේ වැඩිපුර ගමන්වල යෙදෙන්න එපා. පුළුවන් තරම් කුඩයක්‌ ඉහලගෙන ගමන් යන්න. ඒ වගේම තොප්පි පැළඳගෙන යන්න. එසේම සුදු පැහැති ඇඳුම් ඇඳගෙන ගමන් බිමන්වල යෙදෙනවා නම් හොඳයි. මේ දැඩි අව්ව ශරීර සෞඛ්‍යයට අහිත කරයි. එනිසා කල්පනාකාරීව කටයුතු කරන්න.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 May 2018 06:38 PM

නි‍රෝගී දිවියකට එළවළු සහ පලතුරු

ඇතැම් දරුවන්ගේ ශරීරය නිසි වයසට ගැළපෙන ලෙස වර්ධනය නොවීම සහ වයසට වඩා අධික වර්ධනය සිදු වීමත් වර්තමානයේ බහුලව දක්නට ලැබේ. විශේෂයෙන් ගැහැණු දරුවාගේ කායික වර්ධනයට බලපාන ප්‍රෝටීන්, කැල්සියම් සහ ඛනිජලවණ නිසි ලෙස නොගැනීමත් ඇතැම් විට වැඩිවශයෙන් ගැනීමත් නිසා එවැනි ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ.

අප ආහාරයට එළවළු සහ පලතුරු එක්කර ගන්නේ ගතානුගතික පැවත එන පුරුද්දක් ලෙස ය.නමුත් ඇත්තෙන් ම මෙහි පෝෂණ හා ඖෂධීය වටිනාකම ගත් විට රුව රැකීම සම්බන්ධයෙන්ද මෙම පලතුරු එළවළු ඉතා වැදගත් වේ.

එළවළු සහ පලතුරුවල විටමින් A අඩංගු වන අතර , විශේෂයෙන් කහ පැහැති සහ කොළ පලා වර්ගවල ඒවා බහුලව අඩංගු ය.විටමින් A ශරීරයේ සම සම හා ශ්ලේෂ්මල පටක නිරෝගීව සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උපකාරී වේ.එබැවින් සමේ නීරෝගීභාවය හෙවත් සම පැහැපත් වීම සිදු වේ.එසේ ම තෙල් සහ ස්වේද ග්‍රන්ථි නියමිතව වර්ධනය හා ක්‍රියාකාරී වීම හා විෂබීජවලින් ආරක්ෂා කිරීමට ද සිදු වේ.තවද විටමින් C අඩංගු නිසා සමේ කේශ නාළිකා හොඳින් වර්ධනය වී , සම තෙත්ව සහ ලස්සනට තබා ගැනීම සිදු කරයි.විටමින් A සහ C, විෂබීජවලින් ආරක්ෂා කර දීමට සටන් කිරීමට ද විෂ නැසීම ද කරයි.තව ද විටමින් D මගින් සමේ ස්වේද ග්‍රන්ථි සහ තෙල් ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම නිසා සම තෙල් සහිතව සහ පැහැපත්ව කොරළ ඇති නොකර ලස්සනට තබා ගැනීමට උපකාරී වේ.තව ද විටමින් C මගින් සමට තුවාලයක් වු විට එය වහා සුව කිරීම හා කොලෑජන් පටක වර්ධනය කිරීම ද සිදු කරයි.

විටමින් A සහ D තිබෙන එළවළු පලතුරුවල ඇති කැල්සියම් මගින් ඔස්ටියෝ ආත්‍රයිටිස් සහ ඔස්ටියෝපොරෝසියාව වළක්වා ශරීරයේ අස්ථි පද්ධතියේ ආකූල භාවය පාලනය කර ශරීරයේ විකෘතිතා ඇති නොකරයි. එසේ ම හන්දිපත් ප්‍රදාහය සැදීම ද වළක්වයි. තව ද ශරීරයේ මේද ප්‍රමාණය,සමේ තෙල් ස්වභාවය සහ තෙත ගතිය වර්ධනය කෙරේ.ලිංගික හෝමෝන ද මෙයට බලපායි. මෙම නිසා පසු ආර්තව කාලයේ දී ඇති වන සම වියළීම,දහඩිය ගතිය පාලනය කරන සහ ඔස්ටියෝපොරෝසියාව නැති කරන Phytoeostrogen ( ෆයිටොඊස්ට්‍රජන් ) ශාක හෝමෝන ( සෝයාවල අඩංගු ) මගින් පසු ආර්තව අවධියේ දී සමේ නිරෝගීකම පාලනය කරයි.මෙහි අඩංගු Phytoeostrogen වන්නේ Isoflavons ( අයිසෝෆ්ලේවොන්ස් ) ය.එම නිසා පසු ආර්තව කාලයේ දී ද ශරීරය නිරෝගීව හා ලස්සනට තබා ගැනීමට මෙම එළවළු , පලතුරු උපකාරී වේ.තව ද මෙහි අඩංගු කෙදි ස්වභාවය නිසාම තරබාරුකම වළක්වා මලබද්ධය දුරු කර ,ස්ථුලතාවය පාලනය කරයි. තව ද පිළිකාවලින් සම ආරක්ෂා කර රුව රැක දෙයි.එසේ ම හිරු එළියේ ඇති UV කිරණවලින් සම ආරක්ෂා කර විටමින් D නිපදවීම ඇති කරන අතර , විටමින් D පසු ආර්තව අවධියේ දී ඔස්ටියෝපොරෝසියාව ද නැති කර ශරීරයේ අස්ථි ආකූල බව රැක දී රුව රැක දෙයි.තව දිගු කෙස් කළඔක් සඳහා විටමින් A සහ C, ද ප්‍රෝටීන ද ඉතා වැදගත් වේ.එසේ ම විටමින් D , කැල්සියම් සහ සල්ෆර් ද මිට උපකාරී වේ.මෙම සියළුම ක්ෂුද්‍ර පෝෂක එළවළු සහ පලතුරුවලින් සපයනු ලබයි.තව ද සමට තුවාලයක් සිදු වු විට එය කැළලක් නොමැතිව ඉක්මනින් සුව කර දීම මෙම පලතුරු සහ එළවළුවල අඩංගු විටමින් සහ ඛනිජ ලවණවලින් සිදු කරයි.

කොළඹ පවුල් සෞඛ්‍ය කාර්යංශ පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු විසින් රචිත ආහාර හා පෝෂණය ග්‍රන්ථය ඇසුරිණි.

මදාරා

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 May 2018 07:08 PM

ගැබිණි මවක නිදාගත යුතු නිවැරදි ආකාරය මෙන්න

ගර්භනී සමයේදී කාන්තාවන් නිදා ගැනීමේදී  සුවපහසු ඉරියව්වක් තෝරා ගැනීමට විශාල අරගලයක් සිදුකරනු ලබනවා. අවාසනාවකට මෙන් ගර්භනී කාන්තාවන් නොදැනුවත්ව හෝ වැරදි නිදා ගැනීමේ ඉරියව් අනුගමනය කරනු ලබනවා. ඔබ කාන්තාවක් නම් මේ ලිපිය හොඳින් කියවා ගර්භනී සමයේදී නිදාගත යුතු ආකාරය පිළිබඳව නිසිලෙස දැනුවත් වන්න. එය ඔබට පසුවට හෝ උපකාරයක් වේවි.

ඇයි ඔබ සාමාන්‍යයෙන් නිදියන ඉරියව් ගර්භනී සමයේදී ඔබට සුවපහසු නොවන්නේ?

ඔබ ගර්භනීභාවයට පත් වූ විට ඔබේ ශරීරයේ විවිධ වෙනස්කම් සිදුවනවා. මේ සිදුවන වෙනස්කම් නිසා සාමාන්‍ය ආකාරයට ඔබට නිදාගැනීමට නොහැකි වනවා. උදාහරණයක් ලෙස මෙවන් ශාරීරික වෙනස්කම් කිහිපයක් තමයි කුසේ ප්‍රමාණය විශාල වීම, කොන්දේ වේදනාව ඇතිවීම, අජීර්ණ ඇතිවීම, හුස්ම ගැනීමට ඇතිවන අපහසුව සහ නින්ද නොයාම වැනි වෙනස්කම්.

වෛද්‍යවරයෙකු විසින් ගර්භනී කාන්තාවකට නිර්දේශ කරනු ලබන සුදුසුම නිදාගැනීමේ ඉරියව්ව කුමක්ද?

සුදුසුම නිදාගැනීමේ ඉරියව්ව තමයි පැත්තට හැරී නිදාගැනීම SOS (Sleep on side) ක්‍රමය.

ඔබ වම්පසට හැරී නිදාගැනීම මගින් ඔබට වැඩි සුවපහසුවක් දැනේවි. ඔබ ගර්භනී සමයේදී වම්පසට හැරී නිදාගැනීම මගින් වැදෑමහට සහ කුස තුළ සිටින දරුවාට නිසිලෙස රැධිරය සංසරණය වීමත් අවශ්‍ය කරන වෙනත් පෝෂක ලෙහෙසියෙන්ම ගමන් කිරීමත් සිදුවනවා. මේ ඉරියව්වෙන් නිදාගැනීමේදී ඔබේ පාද සහ දණහිස් නමා දණහිස් අතරට කොට්ටයක් තබාගන්න.

ඔබට කොන්දේ වේදනාවක් දැනුණු විට මේ SOS ඉරියව්ව අනුව නිදාගෙන යටිබඩ යටින් සහ පාද දෙක අතරින් කොට්ටය බැගින් තබාගන්න.

ඔබට රාත්‍රී කාලයේදී අජීර්ණ ස්වරූපයක් ඇතිවනවා නම් ඔබේ ශරීරයේ උඩු කොටස එසවෙන පරිදි කොට්ටයක් තබාගන්න. ගර්භනී සමයේ මැද සමය පසුකරද්දී ඔබට හුස්ම ගැනීමේ අපහසුව වැනි ගැටලුත් ඇතිවේවි. එවන් අවස්ථාවලදීත් ඔබ නිදාගැනීමේ දී මේ ක්‍රමය අනුගමනය කරන්න.

ඔබ අත්හැරිය යුතු නිදාගැනීමේ ඉරියව් මොනවාද?

• උඩු අතට හැරී නිදාගැනීම:

ගර්භනී කාන්තාවක් උඩු අතට හැරී නිදා ගැනීමෙන් කොන්දේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව, අජීර්ණ, අර්ශස්, රුධිර පීඩනය අඩුවීම සහ හදවතට සහ කුස තුළ සිටින දරුවාට සිදුවන රැධිර සංසරණය අඩුවීම වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවන්නට පුළුවන්. මෙසේ සිදුවන්නේ ගර්භනී කාන්තාවක් උඩු අතට වන්නට නිදා ගැනීමෙන් උදරයෙන් වැඩි පීඩනයක් බඩවැල්වලට සහ ප්‍රධාන රුධිර නාලිකාවලට එල්ලවීම නිසයි.

• මුනින් අතට වන්නට නිදාගැනීම:

ගර්භනී සමය දිනෙන් දින ගතවද්දී ගර්භනී කාන්තාවකගේ උදරයේ ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වනවා. ඒ නිසා ගර්භනී කාන්තාවකට මුනින් අතට නිදාගැනීමට අපහසුවක් ඇති වනවා. ඊටත් අමතරව එම ක්‍රියාව සිදුකිරීමෙන් කුස තුළ සිටින දරුවාට හානියක් වන්නටත් පුළුවන්.     
                          
Medi news 

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 May 2018 07:30 PM

උපත් පාලනයට එන්නත හොඳද? නරකද?

කාන්තාවන් සඳහා වන සාර්ථක උපත් පාලන එන්නත් ක්‍රමවේදයකි DEPO PROVERA ලෙස හඳුන්වන්නෙ. මෙය ප්‍රොජෙස්ටරෝන් හා සමාන හොර්මොනයකින් නිපදවා ඇත. මෙම එන්නත වෛද්‍යවරයා විසින්  අතට හෝ තට්ටම් ප්‍රදේශයට එන්නත් කරනු ලැබේ. එක් එන්නත් කිරීමක් සති 12ත් 14ත් අතර ප්‍රමාණයකට සෑහේ. එහෙත් පුර්ණ ආරක්ෂාවක් ලබා ගැනීමට නම්  සති 12ට වරක් මෙම එන්නත ලබාගත යුතුය. වඩාත් සාර්ථක උපත් පාලන ක්‍රමවේදයක් හැටියට පෙන්වා දෙන මේ එන්නත ගැන පුළුල් අවබෝධයක් දේශය පාඨක ඔබට ලබාදීම මෙහි අරමුණයි.  

කොපමණ කාලයකින් එන්නත  ක්‍රියාත්මකවීම ආරම්භ වන්නේද?

කාන්තාවක් ඇගේ මාසික ඔසප් වීමේ පළමු දින පහ ඇතුළත මෙම එන්නත ලබා ගතහොත් එය ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මකවීම ඇරඹෙයි.

ඵලදායීතාවය කොපමණද?

මෙයින් 99%ක් ම ගැබ්ගැනීම වළක්වා ගත හැකි බව කියයි.

ඕනෑම කාන්තාවකට භාවිත කළ හැකිද?

සාමාන්‍යයෙන් මෙය බොහෝ කාන්තාවන් සඳහා සුදුසුය. එහෙත් පහත රෝග ඇති කාන්තාවන් සඳහා මෙය සුදුසු නොවේ.

හඳුනාගත නොහැකි ලෙස යෝනියෙන් ලේ වහනය වීම, අක්මාවේ රෝග, පියයුරු පිළිකා, රුධිරය කැටිගැසීම්, වයසින් අඩු නව යොවුන් වයසේ සිටින තරුණියන් හා ඔස්ටියෝපොරෝසිස් (osteoporosis) ඇති කාන්තාවන් මෙම එන්නත ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය යි.

අතුරැ ආබාධ මොනවද?

සමහර කාන්තාවන්ට විවිධ අතුරු ආබාධ ඇති විය හැකි ය. අක්‍රමවත් ඔසප් වීම හෝ ඔසප් වීම නතර වීම. හිසරදය, අලස බව ,මානසික ආතතිය, ක්ලාන්තය, කුරුලෑ, කෑම අරුචිය, බර වැඩිවීම, මුහුණේ සහ සිරුරේ අනවශ්‍ය රෝම ඇති වීම, හිසකෙස් ගැලවී යාම, අස්ථිවල ඛනිජලවණ ඝනත්වය අඩු වීම ඔසප් චක්‍රයේ ඇති වන වෙනස්වීම් මෙහි ප්‍රධාන අතුරු ආබාධයකි. මෙහිදී අක්‍රමවත් ලෙස රුධිරය පිට වීම සිදු විය හැක. මෙය වසරක් පමණ භාවිතයෙන් පසු කාන්තාවන්ගෙන් 50%ට පමණ ඔසප් වීම නතර වෙයි. ඔවුන් එන්නත් ලබාගැනීම නතර කිරීමෙන් පසු නැවත ඔසප් වීම ආරම්භ වූ බව වාර්තා වෙයි.

දිගු කාලයක් තිස්සේ Depo Provera ලබා ගැනීමෙන් ශරීරයේ අස්ථිවල ඛනිජලවණ ඝනත්වය අඩු වේ. එය ඔස්ටියෝපොරෝසිස් වැළඳීමේ ප්‍රවණතාවය වැඩි කරයි. වසර දෙකකට වඩා ඔබ එන්නත ලබා ගන්නේ නම්, ඔබේ පවුලේ ඔස්ටියෝපොරෝසිස් පෙර සිටම ඇත්නම්, ඔබ දුම්පානය කරන්නේ නම් සහ මත්පැන් පානය කරන්නේ නම් ඔබට ඔස්ටියෝපොරෝසිස් වැළඳීමට ඇති ඉඩකඩ ඉතාමත් වැඩිය.

එන්නත  ගැනීම නැවැත්වීමෙන් පසු නැවත ගැබ් ගත හැකිද?

ඔබ එය  ගැනීම නවත්වා මාස 3ට හෝ 4ට පසු එනම් ඔබ අවසාන එන්නත ලබාගෙන මාස 3 ට හෝ 4 ට පසු ඔබට අවශ්‍ය විට නැවත ගැබ්ගත හැකිය. එහෙත් ඇතැම් කාන්තාවන්ට මෙවැනි උපත් පාලන ක්‍රම නවත්වා නැවත ගැබ් ගැනීම සඳහා වසරක් හෝ දෙකක් පමණ ගත වන අවස්ථාද ඇත. මෙම කාලය සහ ඔබ එන්නත ලබා ගත කාලය අතර සබඳතාවයක් නැත.

කොපමණ කාලයකින් එන්නත  ක්‍රියාත්මකවීම ආරම්භ වන්නේද?

කාන්තාවක් ඇගේ මාසික ඔසප් වීමේ පළමු දින පහ ඇතුළත මෙම එන්නත ලබා ගතහොත් එය ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මකවීම ඇරඹෙයි.

ඵලදායීතාවය කොපමණද?

මෙයින් 99%ක් ම ගැබ්ගැනීම වළක්වා ගත හැකි බව කියයි.

ඕනෑම කාන්තාවකට භාවිත කළ හැකිද?

සාමාන්‍යයෙන් මෙය බොහෝ කාන්තාවන් සඳහා සුදුසුය. එහෙත් පහත රෝග ඇති කාන්තාවන් සඳහා මෙය සුදුසු නොවේ.

හඳුනාගත නොහැකි ලෙස යෝනියෙන් ලේ වහනය වීම, අක්මාවේ රෝග, පියයුරු පිළිකා, රුධිරය කැටිගැසීම්, වයසින් අඩු නව යොවුන් වයසේ සිටින තරුණියන් හා ඔස්ටියෝපොරෝසිස් (osteoporosis) ඇති කාන්තාවන් මෙම එන්නත ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය යි.

අතුරු ආබාධ මොනවද?

සමහර කාන්තාවන්ට විවිධ අතුරු ආබාධ ඇති විය හැකි ය. අක්‍රමවත් ඔසප් වීම හෝ ඔසප් වීම නතර වීම. හිසරදය, අලස බව ,මානසික ආතතිය, ක්ලාන්තය, කුරුලෑ, කෑම අරුචිය, බර වැඩිවීම, මුහුණේ සහ සිරුරේ අනවශ්‍ය රෝම ඇති වීම, හිසකෙස් ගැලවී යාම, අස්ථිවල ඛනිජලවණ ඝනත්වය අඩු වීම ඔසප් චක්‍රයේ ඇති වන වෙනස්වීම් මෙහි ප්‍රධාන අතුරු ආබාධයකි. මෙහිදී අක්‍රමවත් ලෙස රුධිරය පිට වීම සිදු විය හැක. මෙය වසරක් පමණ භාවිතයෙන් පසු කාන්තාවන්ගෙන් 50%ට පමණ ඔසප් වීම නතර වෙයි. ඔවුන් එන්නත් ලබාගැනීම නතර කිරීමෙන් පසු නැවත ඔසප් වීම ආරම්භ වූ බව වාර්තා වෙයි.

දිගු කාලයක් තිස්සේ Depo Provera ලබා ගැනීමෙන් ශරීරයේ අස්ථිවල ඛනිජලවණ ඝනත්වය අඩු වේ. එය ඔස්ටියෝපොරෝසිස් වැළඳීමේ ප්‍රවණතාවය වැඩි කරයි. වසර දෙකකට වඩා ඔබ එන්නත ලබා ගන්නේ නම්, ඔබේ පවුලේ ඔස්ටියෝපොරෝසිස් පෙර සිටම ඇත්නම්, ඔබ දුම්පානය කරන්නේ නම් සහ මත්පැන් පානය කරන්නේ නම් ඔබට ඔස්ටියෝපොරෝසිස් වැළඳීමට ඇති ඉඩකඩ ඉතාමත් වැඩිය.

එන්නත  ගැනීම නැවැත්වීමෙන් පසු නැවත ගැබ් ගත හැකිද?

ඔබ එය  ගැනීම නවත්වා මාස 3ට හෝ 4ට පසු එනම් ඔබ අවසාන එන්නත ලබාගෙන මාස 3 ට හෝ 4 ට පසු ඔබට අවශ්‍ය විට නැවත ගැබ්ගත හැකිය. එහෙත් ඇතැම් කාන්තාවන්ට මෙවැනි උපත් පාලන ක්‍රම නවත්වා නැවත ගැබ් ගැනීම සඳහා වසරක් හෝ දෙකක් පමණ ගත වන අවස්ථාද ඇත. මෙම කාලය සහ ඔබ එන්නත ලබා ගත කාලය අතර සබඳතාවයක් නැත.

 වෛද්‍ය චන්දන ධර්මරත්න
කළුබෝවිල ශික්ෂණ රෝහල

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
05 May 2018 06:35 PM
මේ එන්නත් ගැන නම් ෂුවර් කරන්න බෑ..
ස්වාභාවික ක්‍රම වලට හුරුවීම තමයි නුවණට හුරු...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 May 2018 07:10 PM

womenෆයිබ්‍රොයිඩ් හෙවත් ගර්භාශය ආශ්‍රිතව හට ගන්නා ගෙඩි වැනි වැඩීම් දරුවන් ලබන වයසේ කාන්තාවන්ට බහුල තත්ත්වයකි. විශේෂයෙන් වයස අවුරුදු 30 - 50 අතර වයසේ කාන්තාවන්ට මෙම තත්ත්වය වැඩිපුර ඇති වේ. වැඩිපුර මාස්‌ රුධිරය පිටවීම, මාස්‌ ශුද්ධියේදී වේදනාව ඇතිවීම, යටිබඩ ආශ්‍රිත බරබව ආදී විවිධ අපහසුතා මෙම තත්ත්වය තුළදී හට ගනී. ෆයිබ්‍රොයිඩ් වර්ධනය හේතුවෙන් ගර්භාශය ද සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වන හෙයින් එම අවස්‌ථාවලදී උදරය තුළ තදට ගෙඩියක්‌ වැනි ස්‌වභාවයක්‌ අතට ස්‌පර්ශ විය හැක. ඊට අමතරව ගර්භාශය අවට පටක තෙරපීම හේතුවෙන් කොන්ද ආශ්‍රිත වේදනා පාදය තෙක්‌ පැතිරෙන වේදනා,මළබද්දය, නිතර මුත්‍ර පිටකිරීමට අවශ්‍යවීම වැනි විවිධාකාර ලක්‍ෂණ මෙම රෝග තත්ත්වයේදී එක්‌ එක්‌ පුද්ගලයාට බලපාන ස්‌වභාවය අනුව ඇති වේ.

මෙම ගෙඩි දරු ඵල ප්‍රමාදය සඳහා ද බලපෑම් ඇති කරන බව දැනට සොයාගෙන ඇත. එමෙන්ම ගබ්සා වීම් ඇති වීමට ද එක්‌ හේතුවක්‌ ලෙස ෆයිබ්‍රොයිඩ් හඳුන්වයි. ඒ අනුව දරුඵල බලාපොරොත්තුව සිටින කාන්තාවන්ට ද මෙම තත්ත්වය විවිධ ආකාරයෙන් බාධාවන් සිදු කරයි. විශාල එක්‌ ගෙඩියක්‌ හෝ ගර්භාශය පුරා පැතිරුණු වර්ධනයන් කිහිපයක්‌ ලෙස ෆයිබ්‍රොයිඩ් වල විවිධ ආකාර දැකිය හැක. මේ සඳහා සිදු කරන ජනප්‍රිය ප්‍රතිකාර ක්‍රමය ශල්‍යකර්ම වේ.

මෙම ශල්‍යකර්ම ගර්භාශය ආශ්‍රිතව සිදු කරනු ලබන අතර නාභිය ආශ්‍රිත කුඩා කැපුමකින් (Laparoscopy) හෝ යටිබඩ ආශ්‍රිත විවර කිරීමකින් සිදු කරනු ලබයි. ගෙඩි පවතින ස්‌වභාවය අනුව සම්පූර්ණ ගර්භාශයම ඉවත් කිරීම හෝ ගෙඩිය පවතින පටකය පමණක්‌ ඉවත් කිරීමට වෛද්‍ය තීරණය අනුව සිදු වේ. නමුත් සම්පූර්ණ ගර්භාශය ඉවත් කිරීම දරුඵල පිළිබඳ බලාපොරොත්තු සිඳලන අතර ගෙඩිය පමණක්‌ ඉවත් කිරීම නැවත ගෙඩි ඇති වීම වැළකීමට ප්‍රමාණවත් නොවේ. එබැවින් මෙම තත්ත්වය සඳහා ඖෂධමය ප්‍රතිකාරයක්‌ පිළිබඳ පර්යේෂණ ලොව පුරා සිදුවෙමින් පවතී.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ මෙම වර්ධනය ගර්භාශගත අර්බුද නමින් හඳුන්වන අතර, ඒ සඳහා ශල්‍යකර්ම නොමැත ඖෂධමය ප්‍රතිකාර දක්‌වා ඇත. එහිදී මුව තුළින් ගන්නා ඖෂධ වර්ග සේම බාහිරින් ආලේප පත්තු, තෙල් ගැල්වුම් ආදී ප්‍රතිකාර ද සිදු කළ යුතු වේ. දැනට මෙම ප්‍රතිකාර ක්‍රමය ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. අතුරු ආබාධ වලින් තොරවීම, පහසුවෙන් භාවිත කළ හැකි වීම, සාර්ථක ප්‍රතිඵල ලබාදී ඇති වීම මෙයට ප්‍රධාන හේතුවයි. මෙම ප්‍රතිඵල ගෙන දෙන ප්‍රතිකාර ක්‍රමය දැනටත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ පර්යේෂණවලට ලක්‌වන අතර ඒ තුළින් තව තවත් නවීකරණය වී භාවිතයට වඩාත් පහසු ලෙස සැකසෙමින් පවතී. ඖෂධ ප්‍රතිකාර අතරතුර අවම වශයෙන් මාස 3 කට වරක්‌ වර්ධනයේ ප්‍රමාණය පිsළිබඳ ස්‌කෑන් පරීක්‍ෂණ මගින් මැන බලන අතර රෝගය නිසා ඇති වන අනෙකුත් ආබාධයන් ද සුවවීමේ ස්‌වභාවය අනුව ප්‍රතිකාරයේ සාර්ථකත්වය මැන බැලීමට හැකිය.

women1

 

skinප්‍රශ්නය - පසුගිය සති කිහිපය තුළ පොතු කබර සහ සුදු කබර රෝග සම්බන්ධයෙන් අප ඔබ සමඟ ඉතා වැදගත් සාකච්ඡා මාලාවක්‌ කළා. එහිදී පොතු කබර සහ සුදු කබර රෝග සම්බන්ධයෙන් ඔබ වැදගත් තොරතුරු සමූහයක්‌ හෙළි කළා. දැන් මේ සාකච්ඡා පෙළ එහි අවසන් අදියර කිහිපය වෙතයි එළඹ සිටින්නේ

වෛද්‍ය හපුගස්‌පිටිය - චර්ම රෝග කියන්නේ හැම කෙනෙකුටම සිය ජීවිතයේ කිසියම් කාලයකදී වැළඳෙන දෙයක්‌. විවිධ හේතු මත චර්ම රෝග හට ගන්නා බව දැන් අප දන්නවා. ඒවා සියල්ලම භෞතික හේතු. ඒ අතර සමහර ඉන්දියානු වෙද පොත් සඳහන් කරන අන්දමට චර්ම රෝග හට ගැනීමට තවත් හේතුවක්‌ තිබෙනවා. ඒ තමයි කර්ම ශක්‌තිය. මාපියන්ට පරිභව කළ අයට, ගුරුවරුන්ට පරිභව කළ අයට, භික්‍ෂුන්ට හා පූජකයන්ට පරිභව කළ අයට, උගතුන්ට පරිභව කළ අයට සහ වෛද්‍යවරුන්ට පරිභව කළ අයට පොතු කබර, සුදු කබර සහ චර්ම රෝග හට ගන්නා බව එම පොත්වල එනවා.

ප්‍රශ්නය - මෙය කර්මයේ කොටසක්‌ නම් ඖෂධවලින් සුවපත් කරන්නේ කොහොමද?

වෛද්‍ය හපුගස්‌පිටිය - එම සුවපත් වීමත් කර්මයේම කොටසක්‌. කර්ම ශක්‌තිය විසින් රෝගය පනවන අතර එය සුවපත් කර ගැනීම සඳහා වෛද්‍ය ශාස්‌ත්‍රය උපයෝගි කර ගැනීමේ ශක්‌තියත් පනවා තිබෙනවා. චර්ම රෝගියා වෛද්‍යවරයකු වෙත යන්නේ එම ශක්‌තියේ කොටසක්‌ හැටියටයි. කර්මය සම්පූර්ණයෙන්ම නැති කරන්නට බැහැ. එය අවම කරන්නට පුළුවන්. සුදුසු වෛද්‍යවරයා විසින් කරනු ලබන්නේ ඖෂධ ශක්‌තියෙන් කර්මය අවම කර දීමයි.

ප්‍රශ්නය - පොතු කබර, සුදු කබර හා චර්ම රෝග සුව කර ගැනීමට ඔබ වෙත එන රෝගීන්ට බෙහෙත් වලට අමතරව රෝගයට පදනම් වූ ලෝක ධර්මතාවන් ඔබ පැහැදිලි කරනවද?

වෛද්‍ය හපුගස්‌පිටිය - ඔබ දන්නවා මගෙන් ප්‍රතිකාර ගන්න අයට මස්‌ මාළු, මත්පැන්, දුම් පානය තහනම්. ඔවුන් පස්‌ පව්වලින් වැළකී ඉන්නවා නම් රෝගය සුව කරන්න ඉතා පහසුයි. එසේම මම කියන්න කැමතියි අප පරිහරණය කරන ඖෂධ වෙන කිසිදු වෛද්‍ය පරපුරක්‌ සතුව නැති බව.

skin1

 

bloodකොලෙස්‌ටරෝල් වැඩිවීම නිසා සිරුරේ රුධිර පීඩනය වැඩිවීම සිදුවන්නේ කෙසේද?

වෛද්‍ය රන්පත රුවන් රත්නායක :- හෘදයෙන් පිටතට රුධිරය ගමන් කරන රුධිර නාළවල අභ්‍යන්තර බිත්තිවල මෙම කොලෙස්‌ටරෝල් තැන්පත් වීම සිදුවේ. එවිට එම නාළවල අභ්‍යන්තර කුහරය සිහින් වීම සිදුවේ. එම සිහින් වූ නාළ හරහා රුධිරය ගමන් කිරීමේදී පෙරට වඩා වැඩි පීඩනයක්‌ දැරීමට සිදුවේ. සිරුරේ රුධිර නාළ කිහිපයක මෙලෙස කොලෙස්‌ටරෝල් තැන්පත් වීම නිසා රුධිරය ගමන් කිරීමට වැඩි පීඩනයක්‌ දැරීමට සිදුවේ. එවිට මෙම වැඩි පීඩනය දැරීම නිසා හෘදයට දරුණු බලපෑම් ඇතිවිය හැකිය.

Ö මෙලෙස රුධිර නාළ අවහිර වීමෙන් ශරීරයට ඇතිවන බලපෑම් මොනවාද?

Ö වෛද්‍ය රන්පත රුවන් රත්නායක :- කාලයක්‌ තිස්‌සේ මෙලෙස රුධිර නාළවල කොලෙස්‌ටරෝල් තැන්පත් වීමෙන් ඇතරෝඩා නමැති තෙල් කුටි හටගැනීම සිදුවේ. එවිට රුධිර නාළ අවහිර වී ඉන් ඔබ්බට රුධිරය ගලා යැම ඇනහිටීම සිදුවේ. එවිට එම නාළ හරහා රුධිරය ගලායන හෘදයේ සෛල කොටස්‌වලට නිසි පරිදි රුධිරය නොලැබීමෙන් එම සෛල මැරී යා හැකිය. එවිට පපුවේ වේදනාවක්‌ හටගන්නා අතර ඒ තත්ත්වය තීව්‍ර වීමෙන් හෘදය ඇනහිටී මරණය පවා ළඟවීමේ අවදානමක්‌ පවතී.

Ö මේ තත්ත්වයෙන් මිදීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවාද?

Ö ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා :- විශේෂයෙන්ම කළ යුත්තේ තම ශරීර සෞඛ්‍ය පිළිබඳ නිසි සැලකිල්ලක්‌ දැක්‌වීමය. ඒ අනුව අවුරුදු 35 -40 ඉක්‌මවන හැමෝම ආහාර පාලනය කිරීමට කටයුතු කළ යුතුයි. ව්‍යායාම කිරීම, වෙහෙස වී වැඩකටයුතුවල යෙදීම ඉතා හොඳයි. අධික ලෙස සත්ත්ව තෙල් අඩංගු ආහාර වර්ග පාලනයක්‌ කරවා ගැනීම, බිත්තර කහ මද, මස්‌ වර්ග පාලනයකින් යුතුව ආහාරයට එක්‌කර ගත යුතුය.

ආහාර ජීර්ණයේදී ඇතිවන යම් යම් ගැටලුකාරී තත්ත්ව නිසා කොලෙස්‌ටරෝල් හටගැනීම සිදුවේ. මේද කොටස්‌ අක්‍රමවත් ලෙස හෝ අවිධිමත් ලෙස රසායනික පරිවර්තනයකට ලක්‌වීම හේතුවක්‌ ලෙස කොලෙස්‌ටරෝල් ඉහළ යැමට හැකිය. මෙම කොලෙස්‌ටරෝල් හිතකර සහ අහිතකර ලෙස සිරුරට බලපායි. නිවැරදි ලෙස මේදය ජීර්ණය වුණේ නම් ඒවා ශක්‌තිය ලෙස එක්‌ වේ.

Ö ආයුර්වේද ප්‍රතිකාර මගින් මෙම කොලෙස්‌ටරෝල් විනාශ කිරීම සඳහා ප්‍රතිකර්ම තිබෙනවාද?

Ö ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා :- ආයුර්වේදයේ මෙම කොලෙස්‌ටරෝල් හඳුන්වන්නේ පිත්තස්‌නේහ ලෙසය. එනම් නිවැරදි ලෙස නොදිරවූ මේද කොටස්‌ය. ඒවා ආම රසය ලෙස ද හඳුන්වනු ලැබේ. ආයුර්වේද ප්‍රතිකාර ඇරඹීමට පෙර ශරීරයේ කොලෙස්‌ටරෝල් හටගන්නා ක්‍රමවේද ද නිසිලෙස වටහාගෙන ප්‍රතිකාර ඇරඹිය යුතුය. ආම පාමක නම් ඖෂධ මගින් රුධිර නාළ හෝ වෙනත් තැනක ඇති අහිතකර කොලෙස්‌ටරෝල් නැවත ජීර්ණය කරවීම සිදුවේ. මෘදු විරේඛන ඖෂධ මගින් එම අහිතකර පදාර්ථ මළ, මුත්‍ර හා දහදිය මාර්ගවලින් පිට කිරීම සිදුකරයි.

ඒ හා සමඟම ලබාදෙන ජීරක එන්සයිම සමබර කරවන ඖෂධ මගින් ශරීරයට අලුතෙන් එක්‌වන මේද කොටස්‌ නිවැරදි ආකාරයට ජීර්ණය වී ශක්‌තිය ලෙස නැවත ශරීරයට ලබාදීම සිදුකරයි. මෙලෙස ප්‍රතිකාර කිරීම තුළින් ඉතා කෙටි කලකින්ම කොලෙස්‌ටරෝල් රෝගයට ගොදුරුව සිටින රෝගීන්ට සුවය ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

blood1

 

gudayaප්‍රශ්නය - පසුගිය සති කිහිපය තුළ අප ඔබ සමඟ සාකච්ඡා කළේ ගුදයේ හට ගන්නා වේදනාව ගැන සහ ඒ ඒ වේදනාකාරී තත්ත්වයන්ට හේතුවන කාරණා ගැනයි. අද තවදුරටත් ඒ ගැන කතා කිරීම අපගේ අපේක්‍ෂාවයි.

වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - ගුදය සහ ආශ්‍රිත ප්‍රදේශවල හට ගන්නා වේදනාවට කියන විශේෂ වචනයක්‌ තියෙනවා. ඒ තමයි Proctalgia කියන යෙදුම. මේ යටතේ අද අප කතා කරන්නේ ගුද පර්කර්තිකා හෙවත් anal fissure ගැනයි.

ප්‍රශ්නය - මෙහි ස්‌වභාවය කුමක්‌ද?

වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - ගුද මාර්ගයේ ඇතුළත චර්මයේ පැල්මක්‌, විවරයක්‌, විවර වූ ඉදිමුමක්‌ හට ගන්නවා. ගුද මාර්ගය කියන්නේ මහාන්ත්‍රයේ අවසන් කොටස.

ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවද?

වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - මුලදී මළ පහ කරන විට තියුණු වේදනාවක්‌ දැනෙන්නට පටන් ගන්නවා. ඊළඟට පැය ගණනාවක්‌ පුරා පවතින පිළිස්‌සුම් ගතියක්‌ ගුද ප්‍රදේශයට දැනෙනවා. ඊළඟට මේ තත්ත්වය දිගින් දිගටම තිබෙනවා.

එය තමයි පළමුවන ලක්‍ෂණය. ඊළඟට රෝගියා උනන්දු වෙනවා මේ තරම් වේදනා සහගත ලෙස තමන් පිට කළ මළවල ස්‌වභාවය කුමක්‌ද කියලා. එතකොට ඔහුට දැන ගන්නට ලැබෙනවා මළ සමඟ රුධිරය ද පහ වී තිබන බව. මෙකී ගුද පරිකර්තිකාවන් බොහෝ විට කිසිදු ප්‍රතිකාරයක්‌ නැතිවම සුව වෙනවා.

ප්‍රශ්නය - ගුද පරිකර්තිකා හට ගන්නේ කොහොමද?

වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - මළ බද්ධය ප්‍රමුඛ හේතුව වෙන්නට පුළුවන්. මළ බද්ධයේදී තටමන විට මළවල තෙරපීම නිසා ගුදය තුළ සම ඉරී යැම සිදුවනවා. ඒ එක්‌කම පාචන තත්ත්වයකදී දිගින් දිගටම මළ පහ වුණාමත් ගුදය ඉරෙනවා. අන්ත්‍රයේ රෝග හට ගත්තාමත් ගුදය තුවාල වෙනවා. ගර්භනී සමයේදීත්, සිපිලිස්‌ හෝ හර්පිස්‌ වැනි සමාජ රෝග වැළඳුනාමත් ගුදයේ අභ්‍යන්තර මාංශ පේෂීන් අසාමාන්‍ය ලෙස තද වුණාමත්, ගුද පරිකර්තිකාව හට ගන්නට පුළුවන්.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

gudaya1

 

 

drugsඇල්කොහොල් (අරක්‌කු) අධික ලෙස පානය කිරීම අක්‌මා රෝග ඇතිවීම සඳහා බලපාන ප්‍රධාන සාධකයක්‌ බව පිළිගත් කරුණක්‌. ශ්‍රී ලංකාවේ අක්‌මා රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල් ගත වන රෝගීන්ගෙන් 50% කට වඩා අධික පිරිසක්‌ දීර්ඝ කාලීනව අධික ලෙස ඇල්කොහොල් පානය හේතු කොට ගෙන සිරෝසිස්‌ රෝගයට ගොදුරු වූ අය බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 200 - 30% ක්‌ අතර පිරිසක්‌ ඇල්කොහොල් භාවිතයට නැඹුරු වී ඇති බව වාර්තා වෙනවා.

ඇල්කොහොල් අධිකව භාවිත කිරීම නිසා ඇති විය හැකි අක්‌මා රෝග අවස්‌ථා තුනක්‌ ප්‍රධාන වශයෙන් හඳුනාගෙන තිබෙනවා. එනම් ඇල්කොහොල් හේතු කොට ගෙන ඇති වන අක්‌මාවේ තෙල් තැන්පත් වීම (Alcoholic Fatty Liver) තීව්‍ර අක්‌මා ප්‍රදාහය (Acute Alcoholic Hepatitis) සහ යාකෘතික සිරෝසිස්‌ තත්ත්වයයි.

ඇල්කොහොල් භාවිතය නිසා ඇති වන අක්‌මාවේ තෙල් තැන්පත් වීම (Alcoholic Fatty Liver)

ඇල්කොහොල් හේතු කොට ගෙන ඇති වන අක්‌මාවේ ඇති වන ආබාධවල ප්‍රාථමික අවස්‌ථාව මෙයයි. ඇල්කොහොල් භාවිත කරන සෑම කෙනකුටම භාවිත කරන ඇල්කොහොල් ප්‍රමාණය අනුව මෙම තත්ත්වය අඩු වැඩි වශයෙන් ඇති විය හැකි යි. ඇල්කොහොල් පානය කිරීමේ දී අක්‌මාවේ පවතින glycerol 3- phosphate (3-GP) නමැති ජෛව රසායනික සංයෝගයේ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා අක්‌මාවේ ඇති NAD/NADH අනුපාතය වැඩි වී මේද අම්ල එස්‌ටරීකරණය වේගවත් කරනවා. එසේම ඇල්කොහොල් මගින් අක්‌මාවේ දී මේද අම්ල ඔක්‌සිකරණය අවරෝධ කරනවා. මේ නිසා අක්‌මාවේ මේද තැන්පත් වීම සිදු වෙනවා. මෙම මේද තැන්පත් වීම කල් ගත වීමේ දී අක්‌මා ප්‍රදාහය ඇති කර සිරෝසිස්‌ තත්ත්වය දක්‌වා වර්ධනය වීමට හේතු වෙනවා.

අක්‌මාවේ තෙල් තැන්පත් වීම (Alcoholic Fatty Liver) නිසා ඇති වන රෝග ලක්‌ෂණ අක්‌මාවේ තෙල් තැන්පත් වීම නිසා මුල් අවස්‌ථාවේ දී රෝග ලක්‌ෂණ නොපෙන්වීම රෝගය උග්‍ර වීමට හේතු වෙනවා. බොහෝවිට ඇල්කොහොල් පානය කරන අයට ඇති වෙන උදර වේදනාව, ආහාර අරුචිය, ශාරීරික අප්‍රාණිකත්වය, වරින් වර ද්‍රව මළ බැහැර වීම මානසික අසහනකාරී බව වැනි රෝග මෙම තත්ත්වයේ ආරම්භක ලක්‌ෂණ විය හැකියි.

ඇතැම් විට උදරයේ දකුණු පසින් ඉළ ඇට ආසන්න ප්‍රදේශයේ හෝ උදරයේ මැදින් වේදනාවක්‌ ඇති විය හැකි යි. ඇල්කොහොල් පානය කළ පසු ඉහත රෝග ලක්‌ෂණ වල වැඩිවීමක්‌ පෙන්වනවා. යාකෘතික ක්‍රියාකාරිත්වය පරීක්‌ෂා කරන රසායනාගාර පරීක්‌ෂණවලදී මෙම තත්ත්වය මුල් අවස්‌ථාවේ දී ම අනාවරණය කර ගත හැකි යි. මෙම පරීක්‌ෂණයේ දී රුධිර ගත වූ යාකෘතික එන්සයිම සාන්ද්‍රණයන් ඉහළ ගොස්‌ තිබෙනවා දැකිය හැකි යි. එසේ ම උදරය ආශ්‍රිතව කරන ස්‌කෑන් පරීක්‌ෂණ මගින් අක්‌මාවේ මේද තැන්පත් වීම අනාවරණය කර ගත හැකි යි. මෙම අවස්‌ථාවේ දී නිවැරදි ලෙස සැලකිළිමත්ව වෛද්‍ය උපදෙස්‌ අනුව ප්‍රතිකාර ලබා ගත හොත් රෝග තත්ත්වය සාර්ථකව සුවපත් කර ගත හැකි යි. නිවැරදි ස්‌වාභාවික ආයුර්වේද ප්‍රතිකාර වඩාත් සාර්ථක ප්‍රතිඵල පෙන්වන බව සායනික අධ්‍යයන තුළින් තහවුරු වී තිබෙනවා. නොසැලකිලිමත් වීම සහ නිවැරදි ප්‍රතිකාර නොලැබීම නිසා රෝග තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වී අවාසනාවන්ත ඉරණමකට ගොදුරු විය හැකි යි. එ වැනි අවස්‌ථාවක දී සියලු ප්‍රතිකාර ක්‍රම අසාර්ථක වීම නොවැලැක්‌විය හැකි තත්ත්වයක්‌ බව අවබෝධ කර ගත යුතු යි.

ඇල්කොහොල් හේතු කොට ගෙන ඇති වන තීව්‍ර අක්‌මා ප්‍රදාහය (Acute Alcoholic Hepatitis) පිළිබඳ තොරතුරු මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න

drugs1

 

neuroප්‍රශ්නය - පසුගිය සති කිහිපය පුරා ඔබ අප සමඟ සාකච්ඡා කළේ කාන්තාවනට වැළඳෙන මුත්‍ර රෝග පිළිබඳවයි. අද අප යොමු වෙනවා අලුත් මාතෘකාවකට එනම් Ciatica කියන රෝගය වෙත. මෙයට ආයුර්වේදීය නාමයක්‌ තිබෙනවාද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - මෙය ආයුර්වේදය විසින් හඳුනා ගන්නා ලද බෙහෙවින් පැරැණි රෝගයක්‌. ආයුර්වේදය මෙය හඳුන්වන්නේ ගුද්‍රසි යනුවෙන්.

ප්‍රශ්නය - මේ රෝගයේ ස්‌වභාවය කුමක්‌ද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - කොන්දේ පහළ කොටසේ සිට කකුල් දෙක දිගේ පහළට ගමන් ගන්නා අධික වේදනාව තමයි මේ රෝගයේ ස්‌වභාවය. මේ වේදනාව පාදය දිගේ පහළට වගේම පාදය ඉදිරිපස කොටසට දැනෙන්නටත් පුළුවන්. බටහිර වෙදකමේ නම් ගුද්‍රdසි හෙවත් සයටිකා රෝගය හඳුන්වන්නේ 'සයටික්‌ ස්‌නායුව' නමැති ස්‌නායුව ගමන් කරන ප්‍රදේශයේ හටගන්නා වේදනාව ලෙසයි. මෙහි ආයුර්වේදීය අර්ථකථනය මෙයට වඩා වෙනස්‌. එය ඉදිරි ලිපිවලින් විස්‌තර කළ හැකියි. මෙය උග්‍ර සහ නිදන්ගත යන අවස්‌ථා දෙකෙන් පවතිනවා.

ප්‍රශ්නය - මේ රෝගයේ ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - කොන්දේ පහළ කොටස නිතර වේදනා දීම, හිඳගෙන සිටින විට ශරීරයේ පහළ කොටස අතිශයින් වේදනා දීම, ඉඟටියේ වේදනාවක්‌ හට ගැනීම, පාදවල පහළ කොටසේ දැවිල්ලක්‌ හෝ වේදනාවක්‌ හට ගැනීම, පාදය එහා මෙහා කරන විට එය කරගන්නට බැරි තරමට දුර්වල ගතියක්‌, හිරි ගතියක්‌ හට ගැනීම, ශරීරයේ පහළ කොටස නිරන්තරයෙන් වේදනා දීම, හිඳ සිට නැඟී සිටින විට එක්‌වරම විදුලියක්‌ වැනි වේදනාවක්‌ පාදය දිගේ හට ගැනීම මෙහි රෝග ලක්‍ෂණ සිය ගණනක්‌ අතුරින් ප්‍රමුඛ ඒවා ලෙස හඳුන්වන්නට පුළුවන්.

ප්‍රශ්නය - මේ රෝගය හට ගන්නේ කොහොමද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - Spinal disc herniation කියලා තත්ත්වයක්‌ තිබෙනවා. මෙයින් සිදුවන්නේ ස්‌නායු තෙරපීමයි. තවත් තිබෙනවා Spinal stenosis කියලා තත්ත්වයක්‌. මෙහිදී සිදුවන්නේ කොඳු ඇටපෙළ දෙපස තිබෙන හිස්‌ ඉඩ ක්‍රමයෙන් අවහිර වීමට පටන් ගැනීමෙන් සුසුම්නාව තෙරැපීමට පටන් ගන්නවා. මෙයට අමතරව ගර්භනී සමයේදීත් සයටිකා රෝගය හට ගන්නවා. එයට හේතුව දරුගැබ නිසා ශරීරයේ උඩ කොටසේ බර වැඩි වීමයි. මේ අවස්‌ථාවේදී කළ හැකි ප්‍රතිකාරයක්‌ නැහැ.

ශරීරයේ ස්‌නායු පීඩනයට ලක්‌ කරන අභ්‍යන්තර ගෙඩි සහ අර්බුද නිසාත් සයටිකා තත්ත්වය ඇති වෙනවා.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

neuro1

 

katilageප්‍රශ්නය - පසුගිය සතියේදී මේ තීරය ඔස්‌සේ අප සාකච්ඡා කළා කාටිලේජ ගෙවී යැම ගැන සහ ඒවා යළි වර්ධනය කරන ආකාරය ගැන. අප දැන් ඒ මාතෘකාවම සාකච්ඡා කරනවා.

වෛද්‍ය වසන්ත උදයජීව - මෙහිදී අප වැඩි අවධානය යොමු කරන්නේ දණහිස සම්බන්ධයෙනුයි. දණහිස කියන්නේ විශාල සන්ධියක්‌. ශරීරයේ ඇහැට පෙනෙන්නට තිබෙන විශාලතම සන්ධිය තමයි දණහිස. මෙය කාටිලේජ ඇතුළු ද්‍රව්‍ය විශාල ප්‍රමාණයකින් සමන්විතයි. දණහිස්‌ සන්ධිය වටා පේෂීන් විශාල ප්‍රමාණයක්‌ තිබෙනවා. මේ සෑම පේශියක්‌ම, කාටිලේජ කොටසක්‌ම ආසාදනය වුණාම දණහිස්‌ වේදනාව හට ගන්නවා. සාමාන්‍යයෙන් දණහිසක්‌ වේදනා දීමට පහත සඳහන් කරුණු බලපානවා. එනම්.

1. ඔස්‌ටියෝ ආත්‍රයිටිස්‌ - විශේෂයෙන්ම වියපත් පුද්ගලයන්ට වැළඳෙන රෝගයක්‌ වන මෙයට වැඩි වශයෙන් බලපාන්නේ තරුණ හෝ නව යොවුන් වියේදී දණහිසේ හටගත් පිපිරුමක්‌ විය හැකියි. වියපත් වීමත් සමඟම අස්‌ථි සහ කාටිලේජවල හටගන්නා වෙනස්‌කම් නිසා වේදනාව ඇති වෙනවා.

2. දණහිස්‌ පොල්කටුව ගෙවී යැම - දණහිස්‌ පොල්කටුව ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Patella යනුවෙන්. වයස අවුරුදු 40 ඉක්‌ම වූ පසු වැළඳෙන දණහිස්‌ පොල් කටුව ගෙවී යැමේ රෝගය Patellofemonal arthrosis යනුවෙන් හැඳින්වෙනවා. නිතර නිතර කඳු නඟින බහින අයටත් උක්‌කුටයෙන් හිඳගෙන වැඩ කරන අයටත් මෙය වැළඳෙනවා.

3. ආත්‍රයිටිස්‌ නිසාත්, දණහිස වේදනා දෙනවා. දණහිස ඉදිමෙනවා. සන්ධියේ උණුසුම ඉහළ ගොස්‌ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා.

4. කාටිලේජ සහ අස්‌ථිවල හට ගන්නා ප්‍රදාහ තත්ත්වය දණහිසේ වේදනාවට බලපාන ඊළඟ හේතුවයි.

ප්‍රශ්නය - කාටිලේජ වර්ධනයට සුදුසු ප්‍රතිකාර මොනවාද?

වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේදය මගින් ප්‍රතිකාර රැසක්‌ යෝජනා කර තිබෙනවා. එයින් එක්‌ ප්‍රධාන කසායක්‌ මා කියන්නම්. හැබැයි මෙය පාවිච්චි කළ යුත්තේ සුදුසු වෛද්‍යවරයකුගේ අධීක්‍ෂණය යටතේයි.

කසාය - කුරුඳු පොතු, මානෙල් අල, නෙළුම් අල, අමුක්‌කරා අල, නෙල්ලි, රසකිඳ කලං 2 බැගින් ගෙන වතුර පත 8 කට දමා පත 1 කට හිඳ පෙරා සීනි/ මී පැණි දමා උදේ සවස කෝප්ප භාගය බැගින් පානය කළ යුතුයි. මෙය දින 14 ක්‌ (හැලි 14 ක්&zwnj නොකඩවා පානය කිරීම වැදගත්.

ලබන සතියට

katilage1

 

neckප්‍රශ්නය - පසුගිය සතියේ ඔබ සමඟ කළ සාකච්ඡාවේදී උකුල් ඇටය පුපුරා යැමේ රෝගය පිළිබඳ කරුණු රැසක්‌ හෙළි වුණා. ඒ අනුව රෝගීන් රැසක්‌ අපට කතා කළා. අද ඔබ අප සමඟ සාකච්ඡා කරන්නේ කුමක්‌ද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - මා අද විස්‌තර කරන්නේ වෛද්‍යවරයකු ලෙස මා ලද පුද්ගලික ඇත්දැකීමක්‌. පසුගියදා මා හමුවට ආවා සොහොයුරියන් දෙදෙනෙක්‌. මේ දෙදෙනාටම තිබෙනවා පහත සඳහන් රෝග ලක්‍ෂණ. එනම්,

1. අධික නිදිමත

2. දකුණු අත්වල වේදනාව

3. තදබල හිසේ කැක්‌කුම

4. අත් පා හිරි වැටීම.

5. ඇවිදීමේ අපහසුව.

මේ දෙසොහොයුරියන්ගෙන් බාල තැනැත්තියට තවත් ආබාධයක්‌ තිබුණා. ඒ තමයි ඇතැම් විට යමක්‌ ඇල්ලුවාම අත හැරී යැම. දවසක්‌ ඇය බසයකින් බැසීම සඳහා පා පුවරුවේ තිබෙන ආධාරකය අල්ලා ගත්තා. එය අල්ලා ගෙන සිටින බව ඇයට දැනුනත් ඇගේ අතට එය හසුවී තිබුණේ නැහැ. අන්තිමට ඇය බස්‌ රියෙන් ඇද වැටුණා. ඇගේ කර්ම ශක්‌තිය ප්‍රබල නිසාත්, බස්‌ රිය සෙමින් ධාවනය කළ නිසාත් අගේ ජීවිතය බේරී තිබුණා.

මේ සොයුරියන් දෙදෙනා පසුගියදාක මා හමුවෙන්නට ආවා. තමන් ක්‍රමානුකූලව ශාරීරික බෙලහීනත්ත්වයකට පත්වෙමින් සිටින බව ඔවුන් මට කිව්වා. එහිදී මා දෙදෙනාව පරීක්‍ෂා කර බැලුවා. දෙදෙනාටම හැදී තිබුණේ එකම ලෙඩක්‌. ඒ තමයි ඔවුන්ගේ ග්‍රීව අස්‌ථිය (Neck Bone) දිරා යැම. ග්‍රීව අස්‌ථිය කියන්නේ ගෙල ඇටයයි. හිස්‌ කබලේ අග සහ උරස්‌ කුහරයේ මුල අතර තිබෙන කොඳු ඇට පෙළේම දිගුවක්‌ ලෙස ග්‍රීව අස්‌ථිය පිහිටනවා.

ප්‍රශ්නය - මොකක්‌ද මේ ග්‍රීව අස්‌ථිය කියන්නේ?

වෛද්‍ය එම්. ඒ. මදනායක - මෙය ශරීරයේ ඉතාම වැදගත් අස්‌ථියක්‌. මොළය, සංවේදන ග්‍රන්ථන්, ස්‌නායු, රුධිර නාලිකා යන සියල්ලම ග්‍රීව අස්‌ථිය තුළ සහ එය අවට තිබෙනවා. ඒ අතරම මුහුණේ මාංශ පේෂීන්වල චලනයන්ට ආධාර කරන ස්‌නායු පිහිටා තිබෙන්නෙත් මේ ග්‍රීව අස්‌ථිය අවටයි. ඒ විතරක්‌ නොවෙයි ආහාර ගැනීම, කථනය, හිස සැලීම යන ක්‍රියා සියල්ලටමත් මෙය උපයෝගී වෙනවා.

හිස්‌කබල ඇට කැබලි 22 කින් සමන්විතයි. මේ ඇට කැබලි සියල්ලම ග්‍රීව අස්‌ථියට කවරාකාරයකින් හෝ සම්බන්ධයි. ග්‍රීව අස්‌ථිය දිරා යනවා කියන්නේ ඉතාම විශාල ශාරීරික ව්‍යසනයක ආරම්භයක්‌. මේ සමඟ ශරීරයේ ඉල ඇට දිරා යැමත් පටන් ගන්නවා. එයට ප්‍රධාන හේතුව තමයි ග්‍රීව අස්‌ථිය අවට තිබෙන රුධිර නාල එය දිරා යැමත් සමඟ අප්‍රාණික වීම. එවිට ඉලඇටවලට රුධිරය සැපයෙන්නෙ නැහැ.

නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836

සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

neck1

 

 

0
You are not authorized to post a reply.
Page 118 of 137 << < 116117118119120 > >>