Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 119 of 137 << < 117118119120121 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 05 May 2018 07:20 PM හදවත් රෝග නැති කරන රාජකීය රාජකන්තුකි තෙල - ඉතාම දුර්ලභ ඖෂධ හතළිස් ගණනක වට්‌ටෝරුවක් ප්‍රශ්නය - හදවත නැවතුනහොත් කිසිවක් කර ගන්නට බැරි බව අප දන්නවා. හදවතේ ක්‍රියාකාරීත්වය කඩාකප්පල් කරන රෝග හෘද රෝග යනුවෙන් අප හඳුන්වනවා. පසුගිය සති කිහිපය තුළ හෘද රෝග සම්බන්ධයෙන් ඔබ සමඟ කළ කෙටි සාකච්ඡා කිහිපයක් අප පළ කළා. අපගේ ලිපි පෙළ කියවූ පාඨකයන් සිය ගණනක් හෘද රෝග සම්බන්ධයෙන් ප්‍රශ්න සිය ගණනක් අප වෙත යොමු කර තිබෙනවා. එයින් කිහිපයක් අද ඔබට ඉදිරිපත් කරනවා. පළමුවන ප්‍රශ්නය මෙයයි. බටහිර ලෝකය සිය නවීන විද්‍යාත්මක දැනුම මගින් හෘද රෝග නැසීම සඳහා ඖෂධ දහස් ගණනක් සොයාගෙන තිබෙනවා. එසේ නම් හෘද රෝග අඩුවිය යුතුයි. එහෙම අඩු වීමක් තිබෙනවද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - කොතරම් බෙහෙත් සොයා ගත්තත්, තිබෙන බෙහෙත් කොතරම් පාවිච්චි කළත් මනුෂ්‍යයා කට පරිස්‌සම් කර නොගන්නා තාක් කල් හෘද රෝග නැති කරන්නට බැහැ. ආහාරයට තිබෙන ගිජුකම නතර කරගන්නා තාක් කල් හෘද රෝග නැති කරන්නට බැහැ. බටහිර වෛද්‍ය විද්‍යාව අතින් හුඟක් ඉදිරියෙන් ඉන්න ඇමරිකාව ගත්තොත් මෙයට වසර 15 කට පෙර ඒ රටේ වැසියන්ගෙන් 709894 ක් 'හාට් ඇටෑක්' හෙවත් හෘදයාබාධ ලෙස හඳුන්වන රෝගවලින් මියගියා. 166028 ක් ආඝාතය ලෙස එහෙමත් නැත්නම් ස්‌ට්‍රොක් හැටියට හඳුන්වන රෝගයෙන් මිය ගියා. දුම්බීම, ව්‍යායාම නොකිරීම, පෝෂ්‍ය ගුණයෙන් හීන ආහාර ගැනීම, ආතතිය යන තත්ත්වයන් මෙයට බලපෑවා. අද වන විට හෘද රෝග සහ ආඝාතය නිසා මියයන ඇමරිකානුවන් ගණන 25% කින් පමණ වැඩි වෙලා. ඇමරිකාව වැනි දියුණු රටක තත්ත්වයත් මෙය නම් දියුණුවේ අතරමඟ සිටින ලංකාව වගේ රටක තත්ත්වය කොතරම් දරුණු විය හැකිද? ප්‍රශ්නය - ඇත්තටම ලංකාවේ තත්ත්වය මොකද්ද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මිනිසුන් මරා දමන බෝ නොවන රෝග ගණනාවක් ම තිබෙනවා. ලංකාවේ අයට මෙයින් හතරක් මාරක රෝග ලෙස බලපානවා. ඉන් පළමුවැන්න හෘදයාබාධ. දෙවැන්න දියවැඩියාව. තුන්වැන්න නිදන්ගත ශ්වසන රෝග. සිවුවැන්න පිළිකාව. ලංකාවේ මරණවලින් 75% ක් සිදුවන්නේ ඉහත කී රෝග හතර නිසයි. ඒ සියයට හැත්තෑපහෙන් 40% ක් මිය යන්නේ හෘද රෝග නිසයි. ප්‍රශ්නය - ඔබ හෘද රෝග සුවපත් කරනවා....? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඔව්. ඕනෑම හෘද රෝගියෙක් සුවපත් කළ හැකි ඖෂධ අපේ වෙදකමේ තිබෙනවා. හෘදයට පමණක් නොව හෘදයට බයිපාස් සැත්කම් කළ යුතු අවස්‌ථා පවා අප සුවපත් කර තිබෙනවා. ප්‍රශ්නය - ඔබ හෘද රෝග සුව කරන්නේ ආයුර්වේදයෙන්ද, එහෙමත් නැත්නම් පාරම්පරික වෛද්‍ය ක්‍රමයෙන්ද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මම දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමය ව්‍යවහාර කරන කෙනෙක්. හැබැයි අප මතක තබා ගත යුතු වැදගත් දෙයක් තමයි දේශීය වෙදකම හා ඉන්දියානු ආයුර්වේදය යන දෙකටම පරිහරණය කරන බෙහෙත් පැළෑටි එක බව. හැබැයි ඇතැම් ඉන්දියන් බෙහෙත් පැළෑටි සහ ශ්‍රී ලංකාවේ වැවෙන එම වර්ගයේ ම බෙහෙත් පැළෑටිවල ගුණයේ වෙනසක් තිබෙනවා. උදාහරණයක් ලෙස පොල් පලා ගනිමු. ඉන්දියාවේ වැවෙන පොල්පලා කොපමණ බිව්වත් ශරීරයට අගුණයක් නැහැ. හැබැයි ලංකාවේ වැවෙන පොල්පලා පමණ ඉක්‌මවා පානය කළොත් වකුගඩුවල පටක ගැලවී යන්නට පුළුවන්. ඒ නිසා වෛද්‍යවරයා නිවැරැදිව දැනුවත්ව සිටිය යුතුයි තමන් පරිහරණය කරන බෙහෙත් පැළ කවර රටක උපන් ඒවාද කියන කාරණය. මම හෘද රෝග බෙහෙත් හදන විට දෙරටේම බෙහෙත් පාවිච්චි කරනවා. ප්‍රශ්නය - හෘද රෝග හට ගැනීමට අධික රුධිර පීඩනය මූලික වෙනවා නේද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඔව්. ඉන්දියානු වනාන්තරවල තිබෙනවා. සර්පගන්ධ කියලා පැලෑටියක්. මේ පැළයෙන් පුළුවන් අධික රුධිර පීඩනය යථා තත්ත්වයට පත් කරන්නනට. ඊළඟට වෛද්‍ය උපදෙස් අනුව ජීවත් වුණාම කිසිදු ආකාරයකින් අධික රුධිර පීඩනය හට ගන්නේ නැහැ. තව තිබෙනවා පර්පන කියලා පැළයක්. මෙයිනුත් පුළුවන් අධික රුධිර පීඩනයට බෙහෙත් හදන්න. කිසිම අතුරු ආබාධයක් නැති මේ බෙහෙත් ජීවිත කාලයක් පාවිච්චි කළත් අගුණයක් වෙන්නේ නැහැ. කැරට් ඇට වලිනුත් හදනවා අධික රුධිර පීඩනය නසන බෙහෙත්. ඒ වගේම ගුග්ගුලු කියන ශාකයෙන් හදන බෙහෙත් වලට පුළුවන් කොලෙස්‌ටරෝල් අඩු කරන්න. ප්‍රශ්නය - ඔබ නිපදවන පාරම්පරික ඖෂධ තිබෙනවද හෘද රෝගවලට අදාළ? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අප ළඟ වසර 500 කට වඩා පැරැණි වට්‌ටෝරුවක් තිබෙනවා කොලෙස්‌ටරෝල් පාලනය කිරීමට යොදා ගන්නා. කරපිංච, උළුහාල් ඇතුළු ඖෂධ 16 ක් මෙහි තිබෙනවා. කරපිංචාවල උද්භිත විද්‍යාත්මක නාමය තමයි Murraya Koenigii මේ නම අන්තර්ජාලයේ ටයිප් කර බැලුවාම ඔබට පෙනේවි කරපිංචා කොයි තරම් ගුණ දෙන ශාකයක් ද කියලා. මෙය වකුගඩු සහ මුත්‍රා රෝගවලදී වකුගඩුවල තිබෙන නෙෆ්රෝන නමැති සියුම් නාල විශේෂය ආරක්‍ෂා කරන ඖෂධයක් ලෙස ක්‍රියා කරනවා. ඊළඟට අප හදනවා රාජකන්තුකි කියලා තෙලක්. මෙහි ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි වැල්මදට. ඊට අමතරව තවත් ඖෂධ 48 ක් මෙහි තිබෙනවා. මේ ඖෂධ සියල්ල ඉතා දුර්ලභයි. ඒ නිසාම මෙය සිඳ ගැනීමත් හරිම දුෂ්කර කටයුත්තක්. රාජ තන්තුකී ඖෂධයට පුළුවන් හදවතට රුධිරය ගෙන යන නාලවල බැඳිලා තිබෙන කැල්සියම් තට්‌ටු ඉවත් කරන්නට. ඒ සඳහා වැය වන්නේ මාස 6 ක් වැනි කෙටි කාලයක්. ඖෂධවල ප්‍රමිතිය පවත්වා ගෙන යායුතු නිසා මා හුඟක් අමුද්‍රව්‍ය ගෙන්වන්නෙ ඉන්දියාවෙන්. ලබන සතියේ තව කොටසක් නොමිලේ විස්‌තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව 0 chamaramindMost Senior MemberPosts:13471 05 May 2018 07:33 PM අස්‌ථි සන්ධි ප්‍රදාහයෙන් ඔබත් පීඩා විඳිනවාද? 'මට වැඩි වේලාවක් හිටගෙන ඉන්න අමාරුයි, කකුල් ඉදිමෙනවා' 'රෑ වෙද්දි අත් කකුල්වල පුදුම වේදනාවක් ඇති වෙන්නේ' 'මගේ ඇඟිලි පුරුක් ඉදිමිලා, කිසිම වැඩක් කරගන්න බැහැ' ඉහතින් දක්‌වා ඇත්තේ බොහෝවිට පුරුෂ පක්‌ෂයට වඩා, නිවසක ගෘහණියන් හෝ ස්‌ත්‍රි පාර්ශ්වය අතුරින් ඇසෙන මැසිවිලි කිහිපයකි. අද බෝ නොවන රෝග අතුරින් නිරන්තරයෙන්ම සමාජයේ කථා බහට ලක්‌වන රෝගයක් ලෙස Osteoarthritis හෙවත් අස්‌ථි සන්ධි ප්‍රදාහය හඳුන්වා දිය හැකියි. මේ වන විට ලෝක ජනගහනයෙන් 3.3%ක් පමණ මෙම රෝගයට ගොදුරුව ඇති බව මෑතදී කරන ලද සමීක්‌ෂණයන්ගේ සංඛ්‍යා දත්ත ගෙනහැර දක්‌වයි. ආතරයිටීස් හෙවත් සන්ධි ප්‍රදාහයේ එක් අවස්‌ථාවක් ලෙස Osteoarthritis නැතහොත් අස්‌ථි සන්ධි ප්‍රදාහය හඳුන්වා දිය හැකියි. මේ පිළිබඳව හලාවත මහ රෝහලේ අස්‌ථි ශල්‍ය හා විකලාංග ඒකකයෙහි, වෛද්‍ය ලිහිරු සරංග ප්‍රනාන්දුගෙන් කරුණු විමසා බලමු. "ඇත්තටම අස්‌ථි සන්ධි ප්‍රදාහය කියන්නේ ශරීරයේ ඇති සන්ධිවල ඇතිවන යම් රෝගී තත්ත්වයක්. දණහිස් සන්ධි, උකුල් සන්ධිය, වළලුකර සන්ධි, වැලමිට සන්ධි, උරහිස් සන්ධි මෙන්ම ඇඟිලි අග පවතින සන්ධි, බෙල්ල, කොඳු ඇට පෙළ ආදී ඕනෑම ස්‌ථානයක් මෙම රෝගී තත්ත්වයට ගොදුරු විය හැකියි. "සන්ධිවල පිහිටා ඇති Cartridge හෙවත් කෝමලාස්‌ථි ගෙවී යාමත්, ඉන් අනතුරුව ඒ වටා ඇති ඛණ්‌ඩරා සහ මාංශපේශිවල සැකැස්‌ම වෙනස් වී එම සන්ධි විකෘති වීමත් මෙම රෝගයේ අවසාන ප්‍රතිඵලය ලෙස දැක්‌වීමට පුළුවන්. "මෙහි ප්‍රධාන රෝග ලක්‌ෂණ පිළිබඳව සඳහන් කරනවා නම් මෙම රෝගය සඳහා වන රෝග ලක්‌ෂණ බොහෝවිට අවුරුදු ගණනක් තිස්‌සේම පැවතිය හැකියි. සන්ධිවල ඇතිවන වේදනා, දැඩි බව, ඉදිමුම මෙන්ම අත්පාවල ඇතිවන සුළු හිරිවැටීම හා චලනය අපහසුවීම අස්‌ථි සන්ධි ප්‍රදාහයෙහි ප්‍රධාන රෝග ලක්‌ෂණයි." මෙම රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින්නේ කුමන අය? ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම වයස අවුරුදු 40ට වැඩි අයවලුන් මෙම රෝගයට ගොදුරු විය හැකි වුවත් වැඩි වශයෙන්ම ගොදුරු වීමේ අවදානම පවතින්නේ ස්‌ත්‍රී පාර්ශ්වයයි. මීට අමතරව ශරීරයේ බර වැඩි අයත්, ශරීරයේ යම් සන්ධියක් ආතතියට ලක්‌වන ආකාරයට (Joint stress) අඛණ්‌ඩව හෝ නිතර නිතර යම් කාර්යයක නිරත වන අයත් මෙම රෝගයට ගොදුරු විය හැකියි. උදාහරණයක් ලෙස යතුරු ලියනය අඛණ්‌ඩව භාවිතා කරන අයකුගේ මැණික් කටු සන්ධියටත් රූපලාවණ්‍යාගාරයක කාර්යයන්හි නිරත වන අයෙකුගේ දණහිස් සන්ධිවලටත් මෙම රෝගය වැළඳීමේ ඉඩකඩක් පවතිනවා. ස්‌ත්‍රී පාර්ශ්වය මෙම රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩි ඇයි? අප ලාංකීය ජන සමාජය හා සංස්‌කෘතිය දෙස හැරී බැලුවහොත්, ලංකාවේ පවතින්නේ ස්‌ත්‍රී මූලික සමාජයක්. ඒ කියන්නේ බොහෝ දුරට ගෙදරදොර සියලු වැඩ රාජකාරි ඉටු කෙරෙන්නේ ස්‌ත්‍රිය අතින්, දරුවන් වදන්නියත් හදන්නියත් ඇයයි. වඩාත් අවාසනාවන්තම තත්ත්වය වන්නේ අද ලංකාවේ වෙසෙන පිරිමින්ගෙන් වැඩි ප්‍රතිශතයක් කිසිදු රැකියාවක් හෝ නිවසේ වැඩ කටයුතුවලට කිසිදු උරදීමක් හෝ නොකර කාන්තාවන්ගෙන්ම යෑපෙමින් දිවි ගෙවීමට හුරුවෙලා. මේ නිසා නිවසේ සහ දරුවන්ගේ කටයුතුවලට අමතරව රැකියාවක් කිරීමටත් කාන්තාවන්ට සිදුවනවා. එනම් කාන්තාවකගේ වැය වීම බොහෝවිට පිරිමින්ට වඩා වැඩියි. එම නිසා ශාරීරික ආතතිය ද වැඩියි. මෙය ප්‍රධානතම හේතුවක් වනවා අස්‌ථි සන්ධි ප්‍රදාහය ඇතිවීමට. ඒ වාගේම අතීත කාන්තාව ආහාර පිසීම හා අනෙකුත් බොහෝ කටයුතු සිදු කළේ බිම හිඳගෙන. එවිට ශරීර බර අනිසි ලෙස උකුල, දණහිස්, වළලුකර සන්ධිවලට දැරීමට සිදු වන්නේ නැහැ. නමුත් අද නවීන මුළුතැන්ගෙවල් අකර්මණ්‍ය හේතුවෙන් අපේ සියලු වැඩ කටයුතු සිදු කෙරෙන්නේ වැඩි වේලාවක් සිට ගෙනයි. මේ නිසා ශරීර බර අධික අය හට මෙම තත්ත්වය අහිතකර විය හැකියි. සටහන - මල්ෂා ප්‍රනාන්දු 0 chamaramindMost Senior MemberPosts:13471 05 May 2018 11:32 PM 0 chamaramindMost Senior MemberPosts:13471 05 May 2018 11:45 PM නාසයට වන හදිසි අනතුරු සහ රෝග පිළිබඳව සුළුවෙන් හිතන්න එපා 0 chamaramindMost Senior MemberPosts:13471 06 May 2018 06:34 PM උදරයෙහි මහත හෘද රෝග අවදානම වැඩි කරයි ශරීරරයෙහි බර නියමිත බරට වඩා වැඩි නොවුවද යමෙකුගේ උදරය මහත නම් එය හෘදයාබාධයක් වැළඳීමේ අවදානම දෙගුණ කරන බව ලොව ප්‍රකට වෛද්‍ය පර්යේෂණ කණ්‌ඩායමක් වන මායෝ සායනය (ක්‌ලින්ක්&zwnj සිය අධ්‍යයනයකදී අනාවරණය කර ගෙන තිබේ. තම ශරීරයෙහි බර නියමිත ප්‍රමාණයෙන් පවතින එහෙත් උදරය මහත අය වහාම වෛද්‍යවරයකු හමුවී වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව ලොව ප්‍රකට මායෝ වෛද්‍ය සායනයේ පර්යේෂකයෝ පවසති. කෙනෙකු නියමිත බරට වඩා අඩු බරකින් යුතුද? සාමාන්‍යය බරකින් යුතු ද, අධි බරැති ද හා තරබාරු ද යන්න මැන බලන ශරීර ස්‌කන්ධ දර්ශකයෙන් (බීඑම්. අයි) මාංශපේශීන්වලට බෙදා හැරෙන තෙල් ප්‍රමාණය මැන බැලීමක් සිදු නොවන බව පර්යේෂකයෝ පවසති. උදරය ආශ්‍රිතව තැන්පත්වන තෙල් භයානක ගණයේ වන අතර එය උදරයෙහි පහත කොටසෙහි පටකවල ගැඹුරින් තැන්පත්වීම නිසා ඒ ආසන්නයෙහි පිහිටි ප්‍රධාන පෙළේ ඉන්ද්‍රියයන්ට ද, එම තෙල් නිකුත් කෙරෙන බව ඔවුහු කියා සිටිති. මෙසේ නිකුත් කෙරෙන තෙල් අක්‌මාවේ ක්‍රියාකාරීත්වයටද අහිතකර ලෙස බලපාන බව හෙළි වී තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ රුධිර පීඩනය හා කොලෙස්‌ටරෝල් මට්‌ටම ඉහළ ගොස් දෙවැනි ගණයේ දියවැඩියාව වැළඳීමට ද අවදානමක් ඇතිවන බව පෙන්වා දෙන පර්යේෂණ කණ්‌ඩායමේ ප්‍රධානියා වන වෛද්‍ය ජෝසේ මෙඩිනා ඉනෝජොසා වෛද්‍යවරුන් පුද්ගලයකුගේ ශරීර ස්‌කන්ධ දර්ශකය පමණක් මැන නොබලා උදරය ආශ්‍රිතව තැන්පත් වන තෙල් ප්‍රමාණය ද මැන බලා යමෙකු අවදානම් තත්ත්වයේ පසුවන්නේ ද යන්න පිළිබඳව අවබෝධ කරගත යුතු බව අවධාරණය කර සිටී. ඒමන්ති මාරඹේ 0 chamaramindMost Senior MemberPosts:13471 06 May 2018 06:45 PM දියවැඩියාව සුවයට අග්න්‍යාශයට ප්රතිකාර දියවැඩියාව කියූ විට මිනිසුන්ගේ මතකයට පැමිණෙන්නේ රුධිරයේ සීනි මට්‌ටම පිළිබඳ වූ කතාවකි. එහෙත් රෝගය සෑදෙන ආකාරය, වැළකෙන ක්‍රම පිළිබඳ දැන සිටියත් පැහැදිලි අවබෝධයක් ඒ වෙනුවෙන් නොමැති බව සැබෑම කාරණාවයි. රෝගයෙන් බේරෙන්නේ කෙසේද?, රෝග ලක්‍ෂණ මොනවාදැයි යන්න දියවැඩියාව පිළිබඳ දැන සිටින ඇතැමුන්ට ඒ පිළිබඳ වැඩිදුර අවබෝධයක් නැත. දියවැඩියාව යනු ආයුර්වේදයේ ඇති ප්‍රමේහ 20 අතුරින් එක් ප්‍රමේහයකි. අප ගන්නා නුසුදුසු ආහාර ශරීරයේ තැන්පත් වන අක්‍රමවත් ආකාරය මත සිරුරේ ස්‌නායු පද්ධතියේ ක්‍රියාව ඇනහිටීමෙන් දියවැඩියාව හෙවත් මධුමේහය ඇති වේ. මෙහිදී බටහිර ක්‍රමයේදී රුධිරගත ග්ලූකෝස් මට්‌ටම අඩු කිරීමක් මිස අග්න්‍යාශයේ සහ අක්‌මාවේ ක්‍රියාව යථා තත්ත්වයට පත් කිරීමක් සිදු නොවේ. අග්න්‍යාශය සහ අක්‌මාවේ ක්‍රියාව නතර වූ විට සෛලවලට ඇද ගන්නා ග්ලූකෝස් ප්‍රමාණය අඩු වන අතර, අග්න්‍යාශයේ ක්‍රියාව අඩපණ වීම මත එලෙස සිදුවේ. මෙම ක්‍රමවේදයේදී ආහාර වේල රස ධාතුවේ සිට ශුක්‍ර ධාතුව දක්‌වා වැඩීමේදී සිදුවන ක්‍රියාවලිය සහමුලින් ම ඇන හිටී. එම හේතුවෙන් පිරිසිදු වාතය (ඔක්‌සිජන්) සිරුර පුරා ගමන් නොකිරීමෙන් සිරුරේ සියලු පද්ධතිවලට හානි පැමිණේ. එම හානිවීම වළක්‌වා ගන්නට සිරුරේ වෙනස් වූ පදනම නැවත සකස් කරන්නේ නොමැතිව රුධිරගත වී තිබෙන සීනි අඩු කිරීමට ප්‍රමිතියකින් තොර ලෝකයේ භාවිතය නුසුදුසු යෑයි නම් කර ඇති ඇතැම් ඖෂධ දැන දැනම නියම කිරීම සැබැවින්ම කනගාටුවට කාරණාවකි. සැබැවින්ම එය වැරදි ක්‍රියාවකි. එමගින් සිදුවන්නේ සිරුරේ සෛල ක්‍රියා නොකිරීම නිසා අභ්‍යන්තර සෛල කොටස්‌වල රැඳී ඇති බහිස්‌ස්‍රාවීය ද්‍රව්‍ය සිරුරෙන් ඉවත් වීමේ ක්‍රමවේදයක් නොමැති නිසාවෙන් සිරුරේ තැන තැන එකතුවීම මත හටගන්නා වූ ආගන්තුක රෝග, ගෙඩි, පිළිකා වැනි රෝග තත්ත්වයන් කැස්‌ස, සෙම්ප්‍රතිශ්‍යාව මෙන් ව්‍යාප්ත වීමයි. මෙයට මූලික හේතුව වී තිබෙන්නේ මෑත කාලය තුළ අප වැළඳගෙන ඇති වැරදි ආහාර පුරුදු, වැරදි ඖෂධ මෙන්ම ජීවිතයට වැරදි ක්‍රමවේදයන් එකතු කර ගෙන තිබීමයි. අතීත සමාජ ක්‍රමය තුළ සාමාන්‍යයෙන් සරලව එදිනෙදා භාවිත කළ අත් බෙහෙත් වර්ග, භාවිත වූ බව අපි දනිමු. එම හොඳ පුරුදු, නිවැරැදි ජීවන රටාව, හණමිටි අදහස් ලෙසින් පහළට දැමීම මෙන්ම ඉවත දැමීම තුළ අද මිනිසා බෝ නොවන රෝගවලට මැදි වී සිsටින බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව පෙනේ. විශ්වය, මිනිසාට, ස්‌වභාව ධර්මය සකස් කර දී තිබෙන්නේ රංචු වශයෙන් ජීවත් වීමටය. රංචු වශයෙන් සිටි මිනිසා අද එයින් ක්‍රමයෙන් ඈත් වී කුඩා ඒකක ලෙසින් ජීවත්වීම තුළ මිනිසා ස්‌වභාව ධර්මයෙන් බොහෝ සේ ඈත් වී ඇති සෙයකි. දියුණු යෑයි සැලකෙන ලෝකයේ දෙමුහුන් ආහාර, ඇතැම් කිරිපිටි වර්ග, ඇතැම් විටමින්, ඇතැම් රූපලාවණ්‍ය ආලේපන වර්ග යන මේවා සිරුරේ සාමාන්‍ය ක්‍රියාව වෙනස් කරමින් සෛල තුළ විෂ සහිත ආගන්තුක දේ ගොඩනැඟීම අද සිරුර තුළ සිදුවන ප්‍රධාන ක්‍රියාවලියකි. අපේ පුරාණ සෘෂි වෛද්‍යවරුන් මිනිසාට සිදුවන මෙම විපර්යාසය පිළිබඳ තිබූ අවබෝධය තුළ අද වසංගතයක් වී ඇති දියවැඩියාව මෙන්ම 4448 වන පිළිකා ගෙඩි වර්ග සඳහා ප්‍රතිකාර ක්‍රමවේද සහ එයින් වැළකෙන ආකාරය පිළිබඳ පොත පතෙහි සඳහන් කර තිබීම සැබැවින්ම වාසනාවකි. එසේ වෙතත් දේශීය වෛද්‍ය ක්‍රමවේද පිළිබඳ නූතන සමාජයේ දියුණු යෑයි සිතන ඇතැම් පුද්ගලයන් ඒ පිළිබඳ අඩු තක්‌සේරුවෙන් සිතා කටයුතු කිරීමේදී බටහිර ජාතීන් අපගේ හෙළ වෙද ක්‍රමවේදයන් පිළිබඳ අවධානය යොමු කරමින් ඒ දේවල් අනුව සුවය විඳිමින් සිටිනු දක්‌නට ලැබේ. අද සමාජයේ දැවෙන ප්‍රශ්නයක් වී ඇති දියවැඩියාව නමින් හඳුන්වන රෝගය නොවැළඳී සිටීම සඳහා කළ යුතු ක්‍රියාකාරකම් සහ වැළඳී සිටින රෝගීන් එයින් මිදීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රමවේද බොහෝමයක් දේශීය වෙදකම තුළ තිබේ. නියමිත වේලාවට ප්‍රධාන ආහාර වේල් ගැනීම, අතරමැද පානයන් සඳහා රණවරා පංචාංගය තම්බා බීම, ස්‌වාභාවික ආහාරයම භාවිත කිරීම, සවස් කාලයේ පිෂ්ඨය අඩු ආහාර භාවිතය පුරුදු වීම, අවේලාවෙහි නෑම, නිදි වැරීම වැනි ස්‌නායු දුර්වලතා ඇති වීමට හේතුවන කරුණු කාරණාවලින් වැළකී සිටීම, මානසික ආතතිය දුරුකර ගැනීම සඳහා ආගමික වතාවත්වල යෙදීම, වැනි සරල කාරණාවන් අප විසින් අනුගමනය කරන්නේ නම් මෙවැනි රෝගවලින් වැළකීම සහ අත්මිදීමට හැකියාව ලැබෙනු ඇත. දැනට සියලු වෛද්‍ය ක්‍රමවේදයන් ප්‍රකාශ කරනුයේ දියවැඩියාව සුව කළ නොහැකි බවයි. එය මුසාවකි. දියවැඩියාව සුව කළ හැක. මේ සඳහා අපගේ පාරම්පරික වෛද්‍ය ක්‍රමවේදයන් තුළ සිදු කරනු ලබන්නේ බෙහෙත් පන්ති කීපයක් භාවිතයෙන් අක්‍රිය වී ගිය ස්‌නායු නැවත ක්‍රියාකරවීමත්, ඒ මත ක්‍රියා විරහිත වී තිබූ අග්න්‍යාශය සහ අක්‌මාවේ ක්‍රියාවලීන් නැවත නිරෝගීව කරගෙන යැමට හැකි මට්‌ටමින් සකස් කර දීමත්ය. අපගේ පුරාණ සෘෂිවරුන්ට පින්සිදුÊවන්නට ප්‍රතිකාර ක්‍රමවේදයන් ලේඛනගත කර තිබූ නිසාවෙන් අද රෝගීන්ට එම රෝග තත්ත්වයන්ගෙන් මිදීමට එයින් ලැබී තිබෙන පිටිවහල සුළුපටු නොවන බව සතුටින් ප්‍රකාශ කළ හැක. දියවැඩියාවෙන් පෙළෙන, ඔබගේ ආහාර රටාව, ජීවන පුරුදු කෙසේ වෙනස් විය යුතුද? රෝගයෙන් වැළකී සිටීමට අනුගමනය කළයුතු පිළිවෙත් වැනි කරුණු කාරණා පිළිබඳ නොමිලේ විස්‌තරයක් දැන ගැනීමට අවශ්‍ය නම් 033-2283640 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබේ. 0 chamaramindMost Senior MemberPosts:13471 06 May 2018 06:59 PM පුරුෂ ශක්තිය වඩන අප අතරේ ඇති අප්‍රකට ඔසුවක් පුරුෂයන්ගේ ලිංගික බෙලහීනතාව ලොව පුරා නිබදවම සාකච්ඡාවට බඳුන්වන මාතෘකාවකි. දියවැඩියාව හෙවත් මධුමේහය ආදී රෝග තත්ත්වය නිසාත් වියපත් බව නිසාත් ප්‍රවේණිගත සාධක නිසාත් ඇතැම් පිරිමින්ගේ ලිංගික ශක්තිය මඳ බවට පත්වේ. එබැවින් ඒ සඳහා අප බටහිර වෛද්‍ය ක්‍රමය නමින් හඳුන්වන ඇලෝපති වෛද්‍ය ක්‍රමයෙන් සේම භාරතයෙන් අප රටට පැමිණි සිද්ධ සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම වලින් මෙන්ම දේශීය හෙළ වෙදකමින් ද බටහිර වෛද්‍ය ක්‍රමයෙන් බෙදී ගිය හෝමියෝපති වෛද්‍ය ක්‍රමයෙන්ද, අරාබිකරයෙන් පැමිණි යුනානි වෛද්‍ය ක්‍රමයෙන්ද, අකුපන්චර් නමින් හැඳින්වෙන චීන කටු චිකිත්සාවෙන්ද නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම නිර්දේශ කෙරේ. මේ අතර කිසිදු පිළිගත් වෛද්‍ය ක්‍රමයකට අයත් නොවන 'ජන වෙදකමේ' (Folk Medicine) ද පුරුෂ ලිංගික බෙලහීනතාව සඳහා විවිධ අත්බෙහෙත් ප්‍රතිකාර සහ කෙම් ක්‍රම හඳුන්වා දී තිබේ. මේ සියළු තත්ත්වයන් යටතේ පුරුෂ ලිංගික බෙලහීනතාව සඳහා අත්දුටු සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන ඔසුවක් තිබේ. අපට බෙහෙවින් ආසන්න ඉන්දියාවේ; විශේෂයෙන් කේරළ ආදී ප්‍රාන්ත වල ඖෂධයක් සේම කුළුබඩුවක් වශයෙන් යොදා ගැනෙන අමුක්කරා නැතහොත් අශ්වගන්ධා වෙනත් රටවල ද ඔසු පිණිස භාවිත වන පැළෑටියකි. අශ්වගන්ධා ලෙස සකුවෙනුත්, ද්‍රවිඩ භාෂාවෙන් පිල්ලි අංගා, අමුක්කීරම්, අමුතුලංගා, අමුක්කරා ලෙසත්, සිංහලෙන් අස්ගොඳු නාමයෙනුත් හඳුන්වන මෙම පැළෑටිය විද්‍යාත්මකව Withania Somnifera (L) Gunal / physilisSomnifera L. ලෙස නාමකරණය කරන ලද කන්ඨකාරී (SOLANASEAE)කුලයේ ශාකයකි.Indian ginseng, Poison Gooseberry, Winter Cherryයන ඉංග්‍රීසි නම් වලිනුත් මෙය හඳුන්වනු ලැබේ. සකු බසින් අශ්වගන්ධා නාමයට අමතරව පර්යාය නාම රාශියක් එම ගෘකය හැඳින්වීමට යොදා ගෙන ඇත. ඒ අතරින් සෘක්ෂගන්ධා, තුලාංහණ, වර්ගකාරී, ප්‍රියකාරී, ශ්‍යාමලා, අවරෝහිකා වාතඝනී, බලජා වාජිනී, අශ්වාරෝහිකා, තුරඟගන්ධා,කුෂ්ඨගන්ධ, වර්ගාත්‍රකරී, කුෂ්ඨගන්ධිනී, ගන්ධපත්‍රී,පාලපර්ණි, අශ්නක්ධිකා, අශ්වාරෝහ, අශ්වකන්ධිකා, බල්‍යා, තුරඟී,වරාහකර්ණ, වාරිගන්ධා වැනි පර්යාය නාම වැඩිපුර භාවිතා වේ. අශ්වගන්ධා යන නම පැමිණ තිබෙන්නේ මෙම ශාකයේ අල නැති නම් අමු මුල් පොඩි කල විට අශ්ව මුත්‍රා වල ගන්ධයට සමාන ගන්ධයක් ඇති කරනා නිසාවෙන් යැයි අදහසක් ඇත. මෙම අමුක්කරා පිළිබඳව මා හා අදහස් පළ කළ බටහිර විශේෂඥ වෛද්‍යවරයෙකු වරක් කියා සිටියේ අශ්වයා ලිංගිකත්වයේ සංකේතයක් සේ ගැනෙන බැවින් අශ්වයාගේ ලිංගේන්ද්‍රි පද්ධතියට සම්බන්ධ මුත්‍රා ගන්ධයට සමාන බැවින් මෙම ශාකය පුරුෂයන්ගේ ලිංගික ශක්තිය වඩවන්නක් බවට සංකල්පයක් බිහිව ඇති බවය. මෙයින් පුරුෂයන්ගේ ලිංගික ප්‍රාණවත් වීම කෙරෙහි මෙය බලපානුයේ හුදු මානසික උත්තේජනයක් මත පදනම් වන තුෂ්ඨක බලයක් (Placebo Effect) ලෙසින් පමණක් බවද හෙතෙම කීය. එහෙත් ඔහුගේ එම ප්‍රකාශය සත්‍ය නොවන බව මම කියා සිටියෙමි. නූතන රසායන හා උද්භිද විද්‍යාවේ දී මෙම ශාකය Anti-inflammatory, Antitumor, Antistress, Antioxidant Effect, Immunomodulatory, Hemopoetic Effect, Rejuvenating Effect, යන ගුණ ලබා දෙන අතර,Effects on the Endocrine System, Nervous System Effects, Effects on the CardiopulmonarySystem, යන පද්ධතිවල ඔසුවක් ලෙස ක්‍රියාකරන බව විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහවුරු වී ඇත. Alternative Medicine Review,Volume 9, Number 2, 2004. පර්යේෂණය මඟින් විද්‍යාත්මක ලෙස අශ්වගන්ධා වල ඖෂධීය ගුණාංග පිළිබඳ නිබන්ධන (Monograph) ලබා දී ඇත. එම නිසා මෙම ඔසු ගුණ විද්‍යාත්මකව ප්‍රකාශයට පත් වීතිබේ. පඳුරු ශාකයක් වන අමුක්කරා උපරිම වශයෙන් මීටර් එකක් පමණ උසට වැඩෙන කඳ කොටසෙහි දැඩි බූව ඇති අර්ධ කාෂ්ටීය ශාකයකි. අතු බෙදේ. අණ්ඩාකාර පත්‍ර ඇත. පත්‍ර වල යටි පැත්තේ සිහින් තාරකාකාර බූවක් ඇත. මල් පිපෙනා විට වේගයෙන් විශාල වී උපරිම සෙන්ටිමීටර 1-2 පමණ වේ. පුෂ්ප කොළ පැහැයට හුරු ලා අළු පැහැයක් ගනී. රතු පැහැ ඵලයක් ඇතිවේ. වියලි දේශගුණික කලාප වල බහුල ව සහ පහසුවෙන් වැවෙන මෙම ශාකය ශ්‍රී ලංකාවේ ද වියලි කලාපිය කැලෑ ආශිත ප්‍රදේශවල පහසුවෙන් සොයා ගත හැක. උතුරු ඉන්දියාව, පාකිස්ථානයේ උතුරු ප්‍රදේශ වල සේම අරාබි රටවල සහ අප්‍රිකානු වියලි ප්‍රදේශ වල ද මෙම ශාකය බහුල වශයෙන් ව්‍යාප්ත ව ඇත.අමුක්කරා ඉන්දියානු ප්‍රභේදයේ, මුල්වල පිටිමය ස්වභාවය අධිකය. ශ්‍රී ලාංකීය ප්‍රභේදය තත්තුමය ස්වභාවයකින් යුක්තය. ප්‍රභේද වශයෙන් වණ්‍ය (වනගත) හා ග්‍රාම්‍ය (ගැමි) යන අමුක්කරා දෙවර්ගයක් ඇති අතර දෙවගය ම ඔසු පිණිස ගැනේ. අමුක්කරා වල ප්‍රයෝජන කීපයකි. 1. ස්නායු උත්තේජක 2. පෝෂණ 3. වාජීකරණ 4. කායික රෝග සඳහා ඔසුවක් ලෙස ආදී වශයෙන් සිව් ආකාරයකින් මෙම පැළෑටිය වැදගත් වේ. ස්නායු උත්තේජක ගුණය හේතුවෙන් වේදනා නැති කිරීමට ද නින්ද ඇති කිරීමටද කුසගිනි වැඩීමට ද හිතකරය. පෝෂණීය බැවින් අමුක්කරා ශරීරය පුෂ්ටිමත් කරයි. ශරීරය කාන්තිමත් කරයි. ලේ පිරිසුදු කරයි. මලබද්ධය නසයි. අකලට මහලු වීම හා ජරාවට පත්වීම වළකයි. වාජීකරණ ඔසුවක් ලෙස පුරුෂ ලිංගික දුර්වලතා පහසුවෙන් මඟහරවා ගත හැකිය. එමෙන් ම ස්ත්‍රීන්ගේ වඳ භාවයට ප්‍රතිකාර කිරීමට ද වැදගත් ඔසුවකි. මානව දේහයේ ඇති සියලු ඉන්ද්‍රිය පද්ධති වල ඇතිවන ගැටලු සඳහා ප්‍රතිකාර කිරීමේදී මෙම ඔසුව වැදගත් මෙහෙයක් ඉටු කරයි. බාහිර ප්‍රයෝජ්‍යතාව ලෙස කෘෂිකාර්මික කටයුතු වල දී කෘමිනාශකයක් ලෙස ද වැදගත් වේ. ඉන්දියාවේ සහ ලංකාවේ භාවිත වන ආකාරයේ ද යම් යම් වෙනස්කම් දක්නට ඇත. ඉන්දියානු ආයුර්වේදයේ මෙම පැළෑටිය බොහෝ නිෂ්පාදිත ඔසුවලට යොදා ගනී. ඒවා අරිෂ්ඨ, ආසව, අවලේහ, ඝෘත, ඵාණ්ඨ, ආදී නම් වලින් හැඳින්වෙන ඔසු කාණ්ඩවල දී අශ්වගන්ධා නමින් ම ද තවත් නොයෙක් වෙනත් ඔසුවල ද භාවිත කරයි. ශ්‍රී ලංකාවේ පැවැතෙන ආදී දේශීය වෙදකමේ ද මෙම ඔසුව භාවිතවන අතර බොහෝ ක්ෂායවල ප්‍රධාන සංඝටකයක් ලෙස භාවිත කර ඇත. බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය 'අශ්වගන්ධාරිෂ්ඨය' මෙය මූලික සංඝටකය කොට නිපදවන ලද්දකි. එයද පුරුෂ ලිංගික ශක්තිය වැඩීම සඳහා ආයුර්වේදය මඟින් නිර්දේශ කෙරේ. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක්ද තිබේ. එනම් ඉන්දියාවේ බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙනගන්නා සිසුනට අනුකලන වෛද්‍ය ක්‍රමය (Integrative Medicine) නම් විෂයන් ඉගැන්වෙන අතර එමඟින් අවශ්‍ය පරිදි දේශීය ශාක සාර ඖෂධ යොදා ගැනීමක් සම්බන්ධයෙන්ද එම සිසුන් දැනුවත් කෙරේ. නිදසුනක් ලෙස කැස්ස, සෙම්ප්‍රතිශාව ආදී රෝග තත්ත්වයන් සඳහා දේශීය වෙදකමින් ගන්නා ශාක සාර ඖෂධ ප්‍රාථමික ප්‍රතිකාර ලෙස ගැනීම කෙරෙහි වෛද්‍ය සිසුන් දැනුවත් කරනු ලබයි. ඒ එම ඖෂධයන් හි ඇති රසායනික සංයෝගන්හි සාධනීය ගුණය පිළිබඳව විද්‍යාත්මකව තහවුරු කර ගැනීමෙන් පසුවය. එහෙත් අවාසනාවකට මෙන් අප රටේ බටහිර වෛද්‍ය විද්‍යාව සිසුනට ඉගැන්වීමේදී ආයුර්වේදය ඇතුළු දේශීය වෛද්‍ය ක්‍රම කෙරෙහි අවතක්සේරුවක් සිසුන්ගේ මනැස් තුළ ස්ථාපිත කෙරෙන අවස්ථා අපි අත්දැක ඇත්තෙමු. එය ඉතා කණගාටුදායක තත්ත්වයකි. මෙම අමුක්කරා මුල් සහ අල වශයෙන් සේම කුඩු වශයෙන් ද මිලදී ගත හැකි අතර ඒවා බොහෝවිට ඉන්දියාවෙන් ආනයනය කරන ඒවාය. විවිධ ආකාරයෙන් භාවිතයට ගත හැකි මෙම ඖෂධය කිරි සමඟ පානය කිරීමෙන් පුරුෂ ලිංගික ශක්තිය වැඩෙන බව විද්‍යාත්මකව තහවුරු වී ඇති සේම සායනික අත්දැකීම් වලදී අපටත් නොයෙක්වර තහවුරු වී තිබේ. ආයුර්වේද වෛද්‍ය ආචාර්ය ආර්.ඒ.ආර්.පී.සුසන්ත (PhD) 0 chamaramindMost Senior MemberPosts:13471 06 May 2018 07:14 PM නහර ගැට ගැසීමේ රෝගයට ආයුර්වේදයේ ඇති ප්රතිකාර සමාජයේ බහුලවම දක්‌නට ලැබෙන එහෙත් බොහෝ පිරිසක් නොසලකා හරින රෝග තත්ත්වයක් ලෙස නහර ගැට ගැසීම දැක්‌විය හැකියි. මුල් අවස්‌ථාවේ ඇතිවන අපහසුතාවය අවම නිසාත් එදිනෙදා වැඩකටයුතුවලට බාධාවක් නොවන නිසාත් නිසිකලට ප්‍රතිකාරවලට යොමු නොවී සිටින අවස්‌ථා බහුලව දක්‌නට ලැබෙයි. නමුත් මෙම රෝග අවස්‌ථාව එසේ මගහැරීමෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු පැනනැඟිය හැකියි. එබැවින් ඒ පිළිබඳ අවබෝධය හා නිසි කලට ප්‍රතිකාරවලට යොමුවීම අත්‍යවශ්‍ය කරුණකි. පාදවල නිල් පැහැ, ඉදිමුම් ස්‌වභාවයක් සහිත, නහර ආශ්‍රිත ගැටගැසීම් ලෙස බාහිරයට දර්ශනය වෙයි. වර්තමානයේ ජීවන රටාවත් සමඟ මේ තත්ත්වය බහුලව දක්‌නට ලැබෙන අතර විශේෂයෙන් කාන්තාවන් අතර බහුලය. මුල් අවස්‌ථාවේදී වේදනාව හෝ වෙනත් අපහසුතා නොදැනුනත් රූපලාවන්‍ය ගැටලු හේතුවෙන් ප්‍රතිකාරවලට යොමුවන අවස්‌ථා දක්‌නට ලැබෙයි. නහර ගැට ගැසීම සිදුවන අයුරු හෘදය දෙසට රුධිරය ගෙන යන ශිරා ආශ්‍රිතව මේ තත්ත්වය හට ගනී. ශිරා මගින් ශරීරයේa අපිරිසිදු රුධිරය හෘදය වෙත ගෙන ගොස් එහිදී පිරිසිදු වන රුධිරය ශරීරය පුරා බෙදා හරියි. මෙසේ එක් දිශාවකට රුධිරය ගමන් කරවීම සඳහා ශිරා ඇතුළත කපාට (Valves) පිහිටා තිබෙයි. මෙම ශිරා බිත්තිවල දුර්වලතා නිසා එහි කපාට නිසි පරිදි ක්‍රියා නොකිරීමෙන් රුධිරය නිසි පරිදි එක් දිශාවකට ගලා නොයැමත් එබැවින් ගමන් මාර්ගයේ එක්‌රැස්‌වීමත් සිදු වෙයි. මේ හේතුවෙන් අපිරිසිදු රුධිරය (Ded-oxygented) රුධිර නාල ආශ්‍රිතව එක්‌රැස්‌වීම ගැට ගැසුණ, නිල් පැහැ වූ ඉදිමුම් ලෙස දක්‌නට ලැබෙයි. ශරීරයේ ශිරා ආශ්‍රිත රුධිර ගමනය මේ ආකාරයෙන් සිදු වුවත් නහර ගැටගැසීමේ තත්ත්වය බහුලවම ඇති වන්නේ පාද ආශ්‍රිතවය. මීට හේතුව පාද ආශ්‍රිතව ගුරුත්වයට විරුද්ධව රුධිරය ගමන් කරවීම සිදුවන නිසා රුධිරය එක්‌රැස් වීමට එය බලපෑමක් වන බැවිනි. මෙසේ රුධිර නාලිකා බිත්ති ආශ්‍රිත පේශි දුර්වලතාවලට නිශ්චිත හේතු සොයාගෙන නැතත් නහර ගැටගැසීමේ තත්ත්වය සඳහා බලපාන අවදානම් සාධක කිහිපයක් පවතී. * හෝමෝනමය හේතු මත, විශේෂයෙන් කාන්තාවන්ට මේ තත්ත්වය ඇතිවීමේ අවදානමක් පවතී. උදා( ලෙස ගර්භණී අවස්‌ථාවේදී ආර්තවහරණය, හෝමෝන ප්‍රතිකාර. උපත් පාලන ඖෂධ භාවිතය ආදිය දැක්‌විය හැකියි. * වයස අවු. 50 ට වැඩි පුද්ගලයන් * නිතර දීර්ඝ වේලාවක් එක දිගට හිටගෙන සිටීම, හිඳගෙන සිටීම. විශේෂයෙන් ඇඟලුම් සේවිකාවන්, ගෘහණියන්. *ජානමය හේතු * අති ස්‌ථුලතාවය මීට අමතරව, ගර්භණී භාවය, දීර්ඝකාලීන මලබද්ධය, අර්බුද (Tumour) වැනි උදර කුහරය තුළ පීඩනය වැඩිවන අවස්‌ථාවලදී මේ තත්ත්වය ඇති විය හැකියි. රෝග ලක්‍ෂණ හඳුනා ගැනීම ගැටගැසුණු, නිල්පැහැති, ඉදිමුම් ස්‌වභාවයෙන් යුත් ශිරා බාහිරින් දර්ශනය වීම. * පාදවල වේදනාව මෙන්ම ඇවිදිමේදී, සිටගෙන සිටීමේදී ඇතිවන අපහසුතාවය හා පාදවල බර බව. * දාහය, අනින්නාක් බඳු වේදනාව (Throbbing pain) සහ මස්‌පිඬු පෙරළීම * නහර ගැටගැසී ඇති ස්‌ථානයක කඩතොලු වීමකින් පාලනය කළ නොහැකි ලෙස රුධිරය වහනය වීම. * මෙම දුර්වර්ණ වීම, විශේෂයෙන් වළලුකර ආශ්‍රිතව සම ඝන වීම, ඉදිමීම හා දුර්වර්ණ වීම කැපී පෙනෙයි. * අදාළ ප්‍රදේශය ආශ්‍රිතව සම වියළීම, කැසීම, රතු වීම සමහරවිට තුවාල හට ගැනීමද විය හැකියි. මෙම ලක්‍ෂණ රෝගියාගෙන් රෝගියාට වෙනස් ලෙස දක්‌නට ලැබෙයි. නිවැරැදි ප්‍රතිකාරවලට යොමු නොවීමෙන් භයානක ප්‍රතිඵල අත්විඳීමට සිදුවන තත්ත්වයකි. තුවාල හට ගැනීම ඉන් එක් අවස්‌ථාවකි. වළලුකර ආශ්‍රිත ප්‍රදේශයේ කල්ගත වීමේදී තුවාල හටගනී. (ඪැරසජදිe මකජැර) දීර්ඝ කාලීන ඉදිමුම හා එම ස්‌ථානයේ ඇතිවන අමතර පීඩනය හේතුවෙන් මෙවැනි තත්ත්වයක් හට ගනී. මෙම තුවාල සුව වීමට කල්ගත වන අතර දියවැඩියාව වැනි රෝගී තත්ත්වයක් පවතින විට එය බරපතළ තත්ත්වයකි. එබැවින් නහර ගැටගැසීමේ රෝගී තත්ත්වයෙන් පෙළෙන්නන් වළලුකර ආශ්‍රිත දිගින් දිගටම පවතින ඉදිමුම, දුර්වර්ණ වීම් පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු අතර නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් මෙවැනි තත්ත්වයන්ගෙන් ආරක්‍ෂා විය හැක. එසේම පාදවල ශිරා ආශ්‍රිතව හටගන්නා ගැටිති කාලයත් සමඟ විශාල වීම, රුධිර කැටි රුධිර නාලවල සිරවීමෙන් රුධිර ගමනාගමනය අවහිර වීමත් සිදුවිය හැකියි. රෝග පාලනයට ඇති ආයුර්වේද ප්‍රතිකාර රෝග තත්ත්වය පාලනය හා ඇතිවීම වැළැක්‌වීම සඳහා ජීවන රටාවේ වෙනස්‌කම් සිදු කළ යුතුයි. විශේෂයෙන් පවුලේ සාමාජිකයකුට මෙවැනි තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. මන්ද ජානමය සාධකවල බලපෑමක් ද ඇති බැවිනි. * දීර්ඝ වේලාවක් සිටගෙන සිටීමෙන් වැළකීම. * ශරීර බර උසට සරිලන පරිදි පාලනයකින් පවත්වා ගත යුතුය. * දිනපතා ක්‍රමවත් ව්‍යායාමවල නිරතවීම තුලින් හොඳ රුධිර ගමනාගමනයක් පවත්වා ගැනීම. * පාද වෙළුම් (bandage) හෝ මේස් (Stockings) භාවිත කිරීම. බටහිර වෛද්‍ය ක්‍රමයේ ශල්‍යකර්ම ඛ්zeර එරුaඑපැබඑල sජකැරදඑයෑර්චහ ආදී ලෙස විවිධාකාර ප්‍රතිකාර විධි භාවිත කරයි. නමුත් විවිධ හේතූන් මත ප්‍රතිකාර සාර්ථක නොවන අවස්‌ථා ද දක්‌නට ලැබෙයි. ප්‍රතිකාර සමඟ රෝගියාගේ ජීවන රටාවේ වෙනස්‌කම් සිදු කර ගත යුතුය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ විශේෂිත වූ ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රම මේ සඳහා යොදා ගනී. තෛල අභ්‍යංගය, පත්තු වර්ග, ආලේප, කූඩැල්ලන් යොදවා සිදු කරන ප්‍රතිකාර හා අභ්‍යන්තර ඖෂධ ප්‍රතිකාර මගින් සාර්ථකව පාලනය කළ හැකියි. වැදගත්ම කාරණය වන්නේ මෙම රෝගී තත්ත්වයේදී මුල් අවස්‌ථාවේදී ප්‍රතිකාර පහසුවනවා සේම පාලනය ද පහසුවෙයි. එබැවින් මුල් අවස්‌ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමු විය යුතු අතර එසේ නොවුණහොත් ප්‍රතිකාරය අපහසු වනවා සේම අහිතකර ප්‍රතිවිපාක අත්විඳීමට ද සිදු වනු ඇත. වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 07774941118 මගින් විමසිය හැකිය. 0 chamaramindMost Senior MemberPosts:13471 07 May 2018 03:54 AM හැම දරුවාම එක වගේ නැත්තේ ඇයි දරුවකුගේ් වර්ධනයේ් විවිධ පැතිකඩවල සීග‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරන වයස ලෙස අවුරුදු 2-5 අතර කාලය සඳහන් කළ හැකිය. දරුවාට ස්වාධීනව තමාගේ් වැඩ කටයුතු කර ගැනීමේ අඩිතාලම වැටෙන්නේත්, පවුලෙන් ඈත්ව පෙර පාසලටත්, බාහිර සමාජයටත් යොමුවීම ආරම්භ වන්නේත් මෙම අවධියේදී ය. හැම දරුවෙක්ම එක වගේ නැහැ ඔබ මෙතැනදී සිතිය යුතු විශේෂිත කාරණාවක් තිබේ. දරුවකුගේ මූලික වර්ධනයේ කොටස් 04 ක් වෙයි. ඒ කායික ක‍්‍රියාකාරිත්වය, චිත්තවේගී ක‍්‍රියාකාරිත්වය, සමාජීය ක‍්‍රියාකාරිත්වය හා බුද්ධිමය හැකියාවන්් ආදී වශයෙනි. මේ මූලික වර්ධන අවස්ථා එක් එක් දරුවාට වෙනස් වෙයිි. සෑම දරුවකුගේම වර්ධනයේ වේගය දළ වශයෙන් වෙනස් විය හැකිය. එනම් දරුවන් කිහිපදෙනෙකු ගත් විට යම් යම් දරුවන්ගේ වර්ධනය හා සම්බන්ධ සුළු වෙනස්කම් දැකීම අසාමාන්‍ය නොවේ. අවුරුදු 02 වන විට දරුවකුට වචන දෙක තුනක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් වාක්‍යයක් හැදීමට හැකිියාව තිබේ. සමහර විට ඇතැම් දරුවන්ට මේ හැකියාව ලැබෙන්නේ වයස අවුරුදු 2 1/2 ක් පමණ වූ විටය. මෙය එතරම් කලබල විය යුතු කාරණාවක් නොවේ. එමෙන්ම මෙම හැකියාව ඇතිවීමට අවුරුදු 3 - 4 ක් පමණ ගතවෙන්නේ් නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුය. මුලින්ම ශරීරය පාලනය කර ගනී දරුවකු මුලින්ම උත්සාහ කරන්නේ තමන්ගේ් ශරීරය පාලනය කර ගැනීමටය. පේශි ක‍්‍රියාකාරිත්්වය හා ඒවා එකිනෙකට සම්බන්ධ කර ගැනීමෙන් තමාගේ ශරීරය පාලනය කර ගන්නට උත්සාහ ගනී. ළමා කාලයේදී මෙම ක‍්‍රියාවලිය ඉතාමත්ම සීග‍්‍රයෙන් සිදුවෙයි. ඒ සදහා මොළය හා ස්නායු පද්ධතියේ වර්ධනයත් බලපායි. යම් විදියකින්් නිසි වයසට මෙම වර්ධනය සිදුවන්නේ නැතිනම් එය මොළයේ හා ස්නායු පද්ධතියේ ගැටලූවක් විය හැකිය. එවැනි අවස්ථාවකදී නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් ය. මෙවැනිි ක‍්‍රියාකාරකම් කරද්දී දරුවාට තමා ගැන ආත්ම විශ්වාසයක් ඇති වෙයි. තව තවත්් ඒ දේ කරන්නට උත්සාහ කරයි. ඇවිදීම, යමක් ඇල්ලීම, ලිවීම, දණගැසීම, පෙරලීම, පිනුම් ගැසීම, උඩ පැනීම ආදී ක‍්‍රියාකාරකම් කරන දරුවාට ඒ දේ කරන්නට ඉඩ දිය යුතුය. පිනුම් ගසන දරුවාට පිනුම් ගසන්නට ඉඩදෙන්න. එසේ නොමැතිව ඔබ එය වළක්වාලීමට උත්සාහ ගනී නම් එය දරුවාගේ සෞඛ්‍ය සම්පන්නබවට හා යහ පැවැත්්මට අහිතකර ලෙස බලපායි. කොටු කර තබන්න එපා අද බොහෝ මවුවරුන් දරුවා කොටුකර තබා තමන්ගේ වැඩ කරයි. මවගේ පහසුවට එසේ කළත් එය මවක වන ඔබ නොකළ යුත්තකි. මෙවැනිි අවස්ථාවක දරුවා කොටුකර තබනවා වෙනුවට ඔබ කළ යුත්තේ දරුවා තමන්ගේ වැඩවලට සම්බන්ධ කර ගැනිමය. ඔබ නිවෙසේ පුටු මේස පිස දමද්දී දරුවාත් තමන්ට හැකි අයුරින් ඊට සම්බන්ධ වෙයි. මෙසේ හවුල් වෙද්දී දරුවා ඉන්් ඈත්් නොකරන්න. දරුවා කරන දේ් අගය කරන්න. පඩිපෙළක් නගින්න දෙන්න පඩිපෙළක් නැගීම යනු දරුවකුගේ් විශාල වර්ධන ක‍්‍රියාවලියකි. මෙසේ් පඩිපෙළ නැගීමෙන්් විශාල වර්ධන ක‍්‍රියාවලියක් සිදුවෙයිි. මෙය නොදන්නා බොහෝ මවුපියන් කරන්නේ මෙසේ නැගීමේදී එය නොකිරීමට අණ කිරීමයි. දරුවාට ඊට උදව් කරන්න. එසේ උදව් නොකර දරුවාට බාධා කළහොත් දරුවාගේ කායික වර්ධනය අඩාලවීමට හේතු වෙන බව මතක තබාගන්න. දරුවෙක් ක‍්‍රම ක‍්‍රමයෙන්් කායික ක‍්‍රියාකාරකම් සිදු කරද්දී දරුවාට තමා ගැන ආත්ම ශක්තියක් හා විශ්වාසයක් ගොඩ නැගෙයි. දරුවා තුළ ගොඩනැගෙන මේ ආත්්ම ශක්තිය හා විශ්වාසය තවදුරටත්් දරුවාගේ කායික ක‍්‍රියාකාරිත්වය සඳහා උත්තේජනයක් වන අතර එය දරුවාට සමාජගතවීම සඳහා හිතකර ලෙස බලපායි. සුබෝධිනී පෙරේරා 0 chamaramindMost Senior MemberPosts:13471 07 May 2018 07:49 PM මහබඩවැලේ ලෙඩ සොයන කොලොනොස්කොපි පරීක්ෂණය ‘කොලොනොස්කොපි’ පරීක්ෂණය ගැන අනෙකුත් පරීක්ෂණ තරම් වැඩිදෙනා නොදනිති. එබැවින් මෙම පරීක්ෂණ කිරීමට නියම කළත් ඒ ගැන නොසලකා හරින අය සිටිති. එනිසාම කොලොනොස් කොපි පරීක්ෂණය යනු කුමක්ද? එය කිරීමට හේතු මොනවාද? යන කරුණු සොයා බලමු. කොලොනොස්කොපි යනුවෙන් හඳුන්වන්නේ මහ බඩවැල හෝ මහාන්ත‍්‍රය නමින් හඳුන්වන ජඨර අන්ත‍්‍රික පද්ධතියේ පහළ කොටස පරීක්ෂා කර බැලීමය. මෙම කොටස ඉතාම ආරක්ෂාකාරී පද්ධතියක් මෙන්ම අනෙකුත් පරික්ෂණ මගින් මෙම පද්ධතියේ තොරතුරු ලබා ගැනීමට නොහැකි වේ. එවිට මෙම පරීක්ෂාව මගින් එම පද්ධතියේ බොහෝ තොරතුරු නිවැරදිව හඳුනාගත හැකිය. මෙම පරීක්ෂණය කරනු ලබන්නේ ඒ සඳහා විශේෂ පුහුණුවක් ලත් වෛද්‍යවයෙකු මගිනි. එනම් කොලොනොස්කෝපය ගුදයට ඇතුළු කර මහ බඩවැල ඔස්සේ ඉදිරියටත්, ඇතැම් විට කුඩා අන්ත‍්‍රයේ කෙටි දුරකටත් යවා එම සියලූ පෙදෙස් පරීක්ෂා කරනු ලැබේ. මෙම පරික්‍ෂණය කරන්නේ ඇයි? මෙම පරීක්ෂණය වැඩි වශයෙන් කරනු ලබන්නේ පහත දැක්වෙන දෑ සොයා ගැනීම සඳහාය. වයස අවුරුදු 50 ට වැඩි කෙනෙකුගේ මහ බඩවැලේ පිළිකාවක් යැයි සැක කරන විට එය දැන ගැනීම සඳහා. මල පහ කරන විට රුධිරය පිටවීම හෝ ගුදයෙන් රුධිරය පහවන විට ඊට හේතු සොයා ගැනීම සඳහා දිගටම පවතින පාචනයකදී ජඨර ආන්ත‍්‍රික රෝග ලක්ෂණ සමග පැහැදිලි හේතුවක් නොමැතිව සැලකිය යුතු ලෙස බර අඩු වුවහොත් මහබඩවැල පිළිකා පිළිබඳ පවුල් ඉතිහාසයක් තිබෙන විට අසාමාන්‍ය බේරියම් වස්තියකින් පසු බඩවැල් පරීක්ෂාවකට භාජන කිරීමට මහ බැඩවැල පොලිපයක් හෝ පිළිකාවක් පිළිබඳ ඉතිහාසයක් තිබෙන විටසොයාගත නොහැකි උදර වේදනාවක් තිබෙන විට එය සොයා ගැනීමට පරීක්‍ෂණයට රෝගියා සූදානම් කරන හැටි ඉහත තත්ත්වයක් තිබෙන විට ඒ සඳහා හේතු හඳුනා ගැනීමට මෙම පරීක්ෂාව කරනු ලැබේ. ඒ සඳහා සුදානම් වන්නේ මෙසේය. රෝගියාට මෙම පරීක්ෂණය කිරීමට දින දීමට පෙර ඒ සඳහා සුදානම් විය යුතු ආකාරය පිළිබඳ විස්තර හා උපදෙස්ලබාදෙනු ඇත. මෙම උපදෙස් සැලසුම් කර තිබෙන්නේ පරීක්ෂණය කරන අතර වාරයේ හා පරීක්ෂණයෙන් පසු උපරිම ආරක්ෂාව සැලසීම සඳහාත් විය හැකි සංකූලතා අවම කිරීමටත්ය. එසේම මෙම පරීක්ෂණයෙන් වෛද්‍යවරයාට රෝගියාගේ මහ බඩවැල සම්පූර්ණයෙන්ම පරීක්ෂා කර බැලීමට හැකි වේ. මේ නිසා රෝගියාට ලබා දී තිබෙන උපදෙස් කල්වේලා ඇතිව කියවා බලා ඒවා සම්පූර්ණයෙන්ම අනුගමනය කිරීම ඉතාම වැදගත්ය. ඔබට යම් ගැටලූවක් වේ නම් පරීක්ෂණය කරන ආයතනයෙන් ඒ පිළිබඳ විමසා බැලිය හැකිය. පරීක්ෂණයට පෙර රෝගියාට වස්තියක් දෙයි. ඒ වෛද්‍යවරයාට මහබඩවැල ඇතුළත හොඳින් පරීක්ෂා කර බැලීමට පහසුවීම සඳහාය. මේ සඳහා රෝගියාට දිනක් පමණ කෑම සීමා කිරීමක් ද කරනු ලැබේ. පරීක්ෂණ දිනට පෙර ආහාර සහ බෙහෙත් ගන්නේ මෙහෙමයි මෙම පරීක්ෂණය කරන දිනයට පෙර දින සහ ආහාර එනම් තන්තුමය ආහාර නොගත යුතුය. දියර හා තන්තුමය ප‍්‍රමාණය අවම ආහාර ගත යුතුයි. රෝගියා ගත යුතු විශේෂ ආහාර පිළිබඳ ලේඛනයක් ද ලබා දෙයි. පරීක්ෂණය කිරීමට සතියක පමණ කාලයක් රෝගියා ඇස්පිරින්, ක්ලෝජිඩොග්‍රෙල් සහ යකඩ අඩංගු ඖෂධ ගැනීමෙන් වැළකිය යුතුය. ඇස්පිරින් හා ඉවුප්‍රොෆෙන් වැනි වේදනා නාශක ඖෂධ මගින් ලේ ගැලීමේ අවදානම වැඩි වේ. එසේම මෝෆරීන් වැනි ඖෂධ රුධිරය තුනී කරයි. එනිසා ඒවා ගැනීමෙන් වැළකිය යුතුය. එසේම රෝගියා දියවැඩියාව, හදවත් හෝ පෙණහලූ ආබාධ, අධික රුධිර පීඩනය වැනි රෝගයකට ඖෂධ ගන්නේ නම් ඒ ගැන පවසා එම ඖෂධ ගැනීමට සිදු වේ. ඊට හේතුව මෙම සමහර ඖෂධ ගැනීම වෛද්‍යවරයා නතර නොකරන නිසාය. නැතහොත් පරීක්ෂණයට පෙර මෙම ඖෂධ වැඩි කිරීමට සිදුවන නිසාය. පරීක්ෂණයෙන් පසු ගෙදර යන්න පුළුවන්ද? මෙම පරීක්ෂණයෙන් පසු තනිව නිවෙසට යාමට ඉඩ නොදෙයි. යම් ඥාතියකු ගේ උපකාර ලබා ගත යුතු වේ. මෙම පරීක්ෂණය කරන්නේ රෝගියා ඇඳෙහි වම් පසට ඇලවී සිටින විටය. මෙය අපහසු නැත. පරීක්ෂණය කරන අතරවාරයේ බොහෝ රෝගීනු නින්දේ පසු වේ. සමහරු අපහසුතාවයෙන් තොරව විවේකීව සිටිති. මෙම පරීක්ෂණයෙන් පසු රෝගියාගේ පටක කොටස් ලබා ගත හැකි මෙන්ම වෛද්‍යවරයාට අවශ්‍ය සියලූ දෑ පරීක්ෂා කිරීමටත් පහසු වේ. කොලොනොස්කොපි පරීක්ෂණයෙන් පසු ඒ සඳහා නියම කරන ශමනක ඖෂධවල බලපෑම පහව යනතුරු රෝගියා නිරීක්ෂණය කරනු ලැබේ.මෙම පරීක්ෂණයෙන් පසු සාමාන්‍යයෙන් ඇතිවන අපහසුතාවක් නම් උදරය ප‍්‍රදේශයේ ඉදිමුණු ස්වභාවයක් දැනීමය. ශමනක ඖෂධ නිසා රෝගියාට මත් ගතියක් දැනේ. රෝගියාගේ අපහසුතා අඩ වූ පසු නිවෙසට යවයි. එහෙත් එදින රැුකියාවට නොයා යුතුය. පරීක්ෂණයෙන් පසු රෝගියාට නිසි ලෙසට වෙනදා ගත් ඖෂධ ගත හැකිය. එහෙත් ඇස් පිරින් හෝ රුධිරය තුනීවීමට නියම කර ඇති ඖෂධ ගැනීමට වෛද්‍යවරයාගේ අසා නියමිත දිනයක් ලබා ගත යුතුය. මෙම පරීක්ෂණයෙන් පසු ප‍්‍රතිඵල පිළිබඳ වෛද්‍යවරයා විසින් රෝගියා දැනුවත් කරයි. එහෙත් රෝගියාට පටක කොටස් පරීක්ෂා කිරීම වැනි දෑ සඳහා කොටස් ඉවත් කර පරීක්ෂණයට යැව්වේ නම් ඒවායේ ප‍්‍රතිඵල දැන ගැනීමට සති 2 - 3කින් නැවත සායනයට පැමිණිය යුතු වේ. එම දිනය වෛද්‍යවරයා ලබා දෙනු ඇත. ශිරානි ගල්ලෑල්ල 0 chamaramindMost Senior MemberPosts:13471 08 May 2018 06:20 PM පිළිකා නසන රුව වඩන ආහාර පාන කිසියම් රෝගී තත්ත්වයක් නිසා ඇය රෝගී වූ විට යම් අයුරකින් රූප සොභාව මැකී යයි. එහිදී පිළිකාව වැනි රෝගයක් මතුවූ විට කාන්තාවකගේ රූප සොභාව වියෑකී යන්නේ ඉතා වේගයෙනි. වෛද්‍යතුමනි, පිළිකා රෝගයකදී කාන්තාවකගේ රූප සොභාව ඉතා වේගයෙන් මැකී යන්නේ ඇයි? පිළිකාව කියා පවසන්නේ ශරීරයේ නිරෝගී වර්ධනයට බාධා මතුකරමින් හටගන්නා සෛල විශේෂයක් නිසා හටගන්නා රෝග තත්ත්වයන්ටය. මෙය ශරීරයේ ඕනෑම තැනක හටගත හැකිය. පිළිකාවකදී ශරීරයේ වර්ධනය අඩාල කරන නිසා සියලුම ක්‍රියාකාරකම්වල දුර්වලතා මතුවෙනවා. ආහාර ගැනීමේ රුචියක් ඇතිවන්නේ නැහැ. ආහාර නිසි ලෙස ජීර්ණය වන්නේ නැහැ. එනිසා සිරුරට නිසි පෝෂණයක් ලැබෙන්නේ නැහැ. එහි ප්‍රතිඵලය වන්නේ සිරුරේ පැහැපත් බව ක්‍රම ක්‍රමයෙන් විනාශ වී යැමයි. එසේම හිස කෙස් වේගවත්ව ගැලවී යැම සිදුවෙනවා. හිස කෙස්‌වල පැහැය වෙනස් වෙනවා. වෛද්‍යතුමනි කාන්තාවන්ට බහුලව මතුවන පිළිකා වර්ග මොනවාද? කාන්තාවන්ට බහුලව මතුවන පිළිකා වර්ග දෙකක් තිබෙනවා. පළමු පිළිකා වර්ගය පියයුරු පිළිකාය, දෙවැන්න ගැබ් ගෙල පිළිකාය. මුලින්ම පියයුරු පිළිකා පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ යෑයි මට සිතෙනවා. නාඩි වෛද්‍ය ක්‍රමයට අනුව පියයුරු පිළිකා වර්ග හතරක් තිබෙනවා. ඉදිමුම සහිත පියයුරු පිළිකා, ගැටිති සහිත පියයුරු පිළිකා, වේදනා සහිත පියයුරු පිළිකා සහ තන පුඩුවේ ඇතිවන පියයුරු පිළිකා ලෙසින් එම පිළිකා හතර වර්ග කර තිබෙනවා. නාඩි වෛද්‍ය ක්‍රමයට අනුව යම් කාන්තාවකගේ පියයුරු මත පිළිකා තත්ත්වයක් හටගැනීමට ඉඩකඩ තිබෙන බව ඇයගේ කුඩා අවධියේදීම හඳුනාගත හැකියි. යම් දැරියක් වැඩි වියට පත්වීමට ප්‍රමාද වෙනවානම් කුඩා කාලයේදී ඇයගේ පියයුරු අසාමාන්‍ය ලෙස වර්ධනය වීමක් දක්‌නට ලැබෙනවානම් එවැනි දැරියන් කෙරෙහි දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මෙවැනි දරුවන්ට කුඩා කල සිට පිළිකා නසන ආහාර පාන ලබාදීම කළ යුතුයි. එහිදී හොඳින් ඉදුණු කාමරංගා පලතුරක් ලෙස සතියකට දෙවරක් පමණ ආහාරයට ලබාදීම සුදුසුයි. දිනපතා මඤ්ඤොක්‌කා කොළ මැල්ලුමක් එක් කිරීම, වට්‌ටක්‌කා දලු මැල්ලුමක්, වැල් දොඩම් කොළ, වැල් පෙනෙල කොළ, වැල් කොහිල කොළ, සහිත කවලම් මැල්ලුමක් නිතර ආහාරයට එක් කිරීමත් ගුණදායකයි. මෙවැනි ආහාර වර්ග මගින් පිළිකා සෛල ඇතිවීම පාලනය කර ගැනීම සිදුකර ගත හැකියි. වෛද්‍යතුමනි පියයුරු පිළිකාවක් මතුවී ඇති දැයි කියා කාන්තාවකට දැනගත හැක්‌කේ කෙසේද? තමාගේ පියයුරු සෙමින් පිරිමදිමින් එහි ගැටිත්තක් ඇති දැයි කියා පරීක්‍ෂා කළ හැකියි. මෙවැනි පරීක්‍ෂාවක් කර ගැනීමේදී තමාගේ පියයුරේ හැඩය හෝ පැහැයේ වෙනසක් තිබේ දැයි කියා පරීක්‍ෂා කිරීමත් වැදගත්ය. එසේ යම් වෙනසක් තිබෙනවා නම් වහාම වෛද්‍ය පරීක්‍ෂාවකට යොමුවීම වැදගත්ය. නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව ඉතා පහසුවෙන් සාදාගත හැකි පිළිකා නසන ඖෂධීය පාන වර්ගයක් සඳහන් කළ හැකියි. ඒ සඳහා මඤ්ෙÆක්‌කා කොළ යුෂ අඬු කෝප්ප 02 ක්, කලු තැම්බේරිය කොළ යුෂ අඬු කෝප්ප 02 ක්, පිට සුදු සාරණ යුෂ අඬු කෝප්ප 02 ක්, කුරුඳු කොළ යුෂ අඬු කෝප්ප 02 ක් ගෙන මේ සියල්ලම එක් භාජනයකට දමා අඬු කෝප්ප 04 ක ප්‍රමාණයට හොඳින් හින්දගන්න. එම හින්දාගත් යුෂ උදේ සවස අඬු කෝප්ප කාල බැගින් පානය කළ හැකියි. විශේෂයෙන්ම කුඩා කාලයේ වර්ධනය අඩාල වූ වැඩිවියට පත්වීම ප්‍රමාද වූ දැරියන් වැඩිවියට පත්වීමෙන් පසු මෙම පානය දිනපතාම ලබාදීමෙන් පිළිකා සෛල ඔවුනගේ සිරුරේ ඇතිවීමට යම් අවදානමක් තිබේ නම් එයත් අඩුකර ගත හැකියි. එසේම මෙම පානය මගින් සිරුරේ පැහැපත්වීමත් වර්ධනය වෙනවා. හිස කෙස් වර්ධනය වෙනවා. එනිසා පිළිකා සෛල විනාශ කිරීම වගේම රූ සපුවේ පැහැපත් බවත් වර්ධනය කර ගැනීමට කාන්තාවන්ට හැකි වෙනවා. වැඩිදුර තොරතුරු සඳහා - 0776500677 0 chamaramindMost Senior MemberPosts:13471 08 May 2018 06:47 PM දේශීය දෙළුම් ආයුෂ වැඩි කරන බව ඔබ දන්නවාද? අප විසින් ඉතාමත්ම රසවත්ව අනුභව කරන පලතුරු වර්ග අපට මොන විදිහේ ගුණයන් ලබාදෙනවාදැයි සොයා බලා පරිභෝජනයට ගැනීම අවබෝධයෙන් කළ යුතු දෙයකි. මක්‌නිසාද යත් අප විසින් වෙළෙඳපොළෙන් මිලදී ගන්නා ඉතාමත්ම වර්ණවත්, විවිධ හැඩයේ ලස්‌සනට අසුරා ඇති පලතුරු අපට උචිත පලතුරු දැයි සොයා බැලිය යුතු නිසාවෙනි. එයට හේතුව විදෙස් රටවලින් ලංකාවට ගෙන්වන ලද ජාන වෙනස් කළ පළතුරු වර්ග පරිභෝජනයෙන් අපට ඉතාමත්ම අහිතකර ප්‍රතිඵල අත්කර දෙන නිසාවෙනි. එවැනි පලතුරු ආහාරයට ගැනීමෙන් දරු සම්පත් අඩුවීම, දියවැඩියාව, කොලෙස්‌ටරෝල්, ශරීර ශක්‌තිය අඩුවීම, හා සෙම් රෝග වැනි තත්ත්වයන් බහුලව වැළඳෙන බව ඇතැම් තැනෙකදී සනාථ කර තිබෙන නිසාවෙනි. මෙවැනි පලතුරු කල්තබා ගැනීමට සහ ඉතාමත්ම ශක්‌තිමත්ව පෙනුමින් පවත්වා ගැනීමට යම් යම් රසායනික ද්‍රව්‍ය භාවිතා කරන බව අප මේ වන විට දන්නා කරුණකි. දැන් දැන් මේ රසායනික ද්‍රව්‍ය දේශීය පලතුරුවලට මෙන්ම කොස්, මඤ්ෙÆක්‌කා, පොලොස් වැනි අපට ඉතාමත්ම වටිනා දේශීය ආහාරවලට පවා ඇතැම් තැනෙකදී යොදන බව කණගාටුවෙන් වුවද කිව යුතුව ඇත. අප ගන්නා ආහාර වස විසවලින් තොර හා නැවුම් බවින් යුක්‌ත පළතුරු සහ එලවළු මෙන්ම පිරිසිදු ජලය ලබා ගැනීමෙන් අපගේ සිරුර පෝෂණය වන අතර මෙමගින් ශරීරයේ ඇති රෝගාබාධ අපට නොදැනුවත්වම සුවවන බව ඔබ නොදැන සිටියා වීමට පුළුවන. විශේෂයෙන්ම ගත් කල කොමඩු ලාභයට සහ පහසුවෙන් ලබාගත හැකි හොඳින් ගුණදෙන පලතුරකි. මෙම පලතුර බීම වශයෙන් හෝ ආහාරයක් වශයෙන් ලබාගත් විට ශරීරයේ ශෛලවල ඉතාමත්ම හොඳ උද්දීපනයක් ඇතිවන අතර ආමවාත රෝගය, ගැස්‌ට්‍රයිටීස් සුවවන බව ඔබ දන්නවාද? කොමඩු ආහාරයට ගැනීමෙන් මල බද්ධය පහව යන අතර රූපයේ ලස්‌සන පවත්වා ගැනීමට එයින් ලැබෙන පිටිවහල සුළුපටු නැත. අපගේ දේශීය දෙළුම් ගෙඩි විශාලව වැඩෙන්නේ නොමැති අතර මෙම දෙළුම් ගෙඩිය විජාතික දෙළුම් මෙන් පැහැයෙන් හැඩයෙන් මනා පෙනුමකින් දිස් නොවූවද දේශීය දෙළුම්වල ඇති ගුණ අපමණ බව මෙතෙක් දැන සිටියාද? රෝගීවූ අසල්වැසියෙක්, ඥතියෙක් එසේත් නැතිනම් රෝහල් ගතව සිටින රෝගියෙක් බැලීමට යැමේදී දේශීය දෙළුම් ගෙඩියක් රැගෙන යැමට හැකිනම් එම රෝගියා ගේ ආයුෂ වැඩි කිරීමට ඔබත් එක්‌වූ බව සිහිතබා ගන්න. එයට හේතුව දේශීය දෙළුම්වල ඇති පෝෂණීය ගුණයෙන් ඉහළ බවය. රෝගාතුර කෙනකුට නිතරම මළ බද්ධය, ආමවාතය, උදර රෝග හටගන්නා බැවින් දේශීය දෙළුම් වල ඇති ඖෂධීය සංඝටකවල අර්ශස්, ගැස්‌ට්‍රයිටීස්, ආමවාත වැනි රෝග සුවකිරීමේ මෙන්ම පාලනය කිරීමේ හැකියාවක් තිබෙන බව සොයාගෙන ඇත. තවද ඇඹරැල්ලා භාවිත කිරීමෙන් අඹවලින් ආහාර රුචිය වඩවන අතර ඇඹරැල්ලා වලින් පෝෂ්‍ය කොටස් නියම ආකාරයෙන් ශරීරයට අවශෝෂණය කර ගැනීමට හේතුවක් වන්නේය. අඹ, ඇඹරැල්ලා වැනි පලතුරු වර්ග වලින් ශරීරයේ ආම්ලිකතාව අඩුකර භාෂ්මික තත්ත්වයට පත්කරන නිසාවෙන් එය සිරුරේ පැවැත්මට ගුණදායකය. මධුමේහ සහ ගැස්‌ට්‍රයිටීස් ඇති අයට අඹ ඇඹරැල්ලා එතරම් ගුණදායක නොවූවත් කොමඩු, දේශීය දෙළුම් ඉතාම ගුණදායක බව කිව හැකිය. ගෘහණියක් ලෙසට ඔබගේ ගෙවත්තේ ඉඩ ප්‍රමාණය මත දේශීය දෙළුම් පැළයක් වැනි පලතුරක් සිටුවා ගැනීමට ඔබත් උත්සාහ කර බලන්න. ඉඩකඩ ඇති නිවෙසක පලතුරු වර්ග කිහිපයක් සිටුවා ගන්නවා යනු වස විසෙන් තොර පලතුරු වර්ග ආහාරයට එක්‌කර ගැනීමෙන් එය නිරෝගීභාවය වෙනුවෙන් පිටිවහලක් ලබා ගැනීමක් වන්නේය. දේශීය වෙදකම තුළ දෙළුම් වැනි පලතුරුවලට මුල්තැන දෙන්නේ ඒවා යොදා ගනිමින් ඖෂධ නිෂ්පාදනය කර රෝගීන්a සුවකර ගැනීම වෙනුවෙන් ඒවායේ ගුණ දන්නා නිසාවෙන්ය. ඕනෑම තත්ත්වයක අර්ශස් රෝගයක් දෙළුම් ගෙඩියෙන් සුවකර ගත හැකි බව පැරණි පොත පතෙහි සටහන් කර ඇත්තේ දෙළුම් ගුණ දන්නා නිසාවෙන් අපේ පැරැන්නන් දෙළුම් භාවිතයට ගෙන ඇති නිසාවෙනි. එයට හොඳම උදාහරණයක් ලෙසට ඔබේ මහ ගෙදරත් දෙළුම් ගසක් හෝ දෙකක් තිබූ බවට ඔබේ මතකයේ සටහන්ව තිබෙනවා නේද? එදා නිවෙසක මිදුලේ දෙළුම් ගසක් වවා තිබුණේන් එහි ඇති ගුණ හඳුනාගෙන තිබූ නිසාවෙන් බව පැහැදිලිය. එක්‌තැන්වී සිටින රෝගීන්ට දෙළුම් යුෂ පානයට ලබාදුන් අතීතයේ අපේ වැඩිහිටියන් එවැනි රෝගියෙකු වෙනුවෙන් මිදුලේ ඇති දෙළුම් ගසෙන් ගෙඩියක් කඩා ගොස් දුන්නේ මහත් ලැදිකමින්. ඔබ ඔබ ගැනම මොහොතක් සිතා බලන්න. රෝගියෙක් බලන්නට යන ඔබ රෝගියා වෙනුවෙන් ගෙන යන්නේ මොනවාදැයි සිතා බැලීමේදී ඔබට ඔබ ගැනම කණගාටුවක් ඇතිවිය යුතුය. ඉතා ගුණ දෙන දේශීය පලතුරු වර්ග රාශියක් තිබියදී රෝහල අසල විකිණීමට තබා ඇති විදේශීය පලතුරු වර්ගයක් හෝ දෙකක් රැගෙන යැම අද විලාසිතාවක් බවට පත්වී ඇත. ඒ නිසාම රෝගියාට පුංචි හෝ සුවයක් ලැබුනේ නැත. රෝගියෙක් බැලීමට යැමේදී මවක ගෘහණියක ලෙසින් හොඳින් සිතා බලා බොහෝ ගුණ ඇති දේශීය පලතුරු ටිකක් රැගෙන රෝගියා බැලීමට යැම තුළ රෝගියාගේ සුවයට එයින් යම් පිටිවහලක් ලැබීම පිළිබඳ ඔබේ සිතටද සතුටක් දැනෙනු ඇත. අනෙක් විශේෂ කාරණාව නම් බොහෝ ගුණ දෙන දෙළුම් වැනි පලතුරු පැළයක් නිවසේ සිටුවා ගැනීමෙන් ඔබගේ පවුලේ නිරෝගීභාවය වෙනුවෙන් ඒවායේ ඵල ප්‍රයෝජනයට ගැනීමය. පලතුරු ගුණ පිළිබඳ හෝ රෝගවලින් වැළකීමට ගත හැකි පලතුරු පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමට ඔබටත් අවශ්‍ය නම් 0719887572 අංකයෙන් වෛද්‍යතුමන් අමතා නොමිලේ උපදෙස් ලබා ගැනීමට ඔබටත් හැකියාවක් ඇත. 0 indika76Most Senior MemberPosts:10459 09 May 2018 02:54 AM දෙලුම් ආයුෂ වැඩි කලත් ඒවට ගහන බෙහෙත් නිසා ආයුෂ අඩු වෙනවා... 0 chamaramindMost Senior MemberPosts:13471 09 May 2018 05:02 AM රුව නසන අළුහමට ආයුර්වේදයෙන් සත්කාර ඕනෑම කාන්තාවක් උත්සාහ ගන්නේ ලප කැළැල්වලින් තොර පැහැපත් මෙන්ම නිරෝගී සමක් ලබා ගැනීමටය. එහෙත් විවිධ ආසාදිත තත්ත්ව නිසා රූ සපුවට බලපෑම් සිදුවන අවස්ථා තිබේ. අළුහම් එවැනි රෝගී තත්ත්වයකි. අතීතයේ කාන්තාවන් නම් තම රූමත්කම වඩාත් ඉහළ නැංවෙන අංගයක් ලෙස අළුහම් ඇතිවීම සලකනු ලැබීය. මේවා පෙති ගෝමර සහ මල් ගෝමර ලෙස ද හඳුන්වා තිබේ. එහෙත් අද වන විට මේවා සමෙහි සුන්දරත්වය අහිමි කරන රෝගී තත්ත්වයක් ලෙස හඳුනාගෙන තිබේ. ඔබත් අළුහම් නිසා පසුතැවෙමින් සිටී නම් මෙවර ලස්සනට ඉන්න ලිපිය ඔබ වෙනුවෙනි. අළුහම් හැදෙන්නේ මෙහෙමයි අළුහම් සම මතුපිට හටගන්නා දිලීර ආසාදනයකි. මේවා සුදු පැහැයෙන් මෙන්ම කළු පැහැයෙන් සහ දුඹුරු පැහැයෙන්ද දක්නට ලැබේ. නොසැලකිලිමත්කම නිසා බොහෝදුරට මෙම දිලීරය ශරීරය පුරා පැතිරී යයි. අළුහම් කාන්තා පිරිමි භේදයකින් තොරව ඇතිවන රෝගී තත්ත්වයකි. විශේෂයෙන්ම කාන්තා ශරීරයේ මුහුණ මත, පපුව, උරහිස්, පිට සහ ගෙල ප‍්‍රදේශවල මෙන්ම අත්වල ද වැඩි වශයෙන් පැතිරී යයි. අළුහම් ඇතිවීමට වයස් සීමාවක්ද නැත. මෙය ඕනෑම වයසක අයෙකුට ඇති විය හැකි චර්ම රෝගයක්බව පැවසුවහොත් එහි වරදක් නැත. රෝග ලක්ෂණ රැසක් සාමාන්‍යයෙන් හමේ පැහැයට වඩා සුදු පැහැයෙන් අළුහම් දක්නට ලැබේ. අධිකව දහඩිය දමන පුද්ගලයන්ට මෙන්ම උෂ්ණාධික ශරීරයක් ඇති අයට මෙම රෝගී තත්ත්වය බහුලව ඇති වේ. මෙය සම මතුපිට දිලීර ආසාදනයකින් ඇති වන අතර මෙමගින් සම දිරා යාමට සලසයි. සම සියුම්ව එකට එකතුවීම නිසා කුඩු කුඩු හැලීයාමට සලසයි. දහඩිය දමන විට මේවා කසන අතර කැසීම නිසා රතුපැහැ වී පැල්ලම් ඇතිවිය හැකිය. අළුහම් හැදෙන හේතු අළුහම් බෝවන රෝගී තත්්ත්වයකි. කෙනෙකුගෙන් කෙනෙකුට ඉතා ඉක්මනින් පැතිරී යයි. විශේෂයෙන්ම අළුහම් ඇති පුද්ගලයකුගේ ඇඳුම් ඇඳීම, තුවා භාවිත කිරීම, ඇඳ ඇතිරිලි භාවිතයෙන් මෙම රෝගී තත්ත්වය ආසාදනය වේ. මීට අමතරව හිරු එළියට සම නිරාවරණය නොවීම, ස්නානය සහ ඇඟ සේදීමෙන් අනතුරුව සම හොඳින් වියළා නොගැනීම, ශරීරයේ නිතර තෙත්බව රඳා පැවතීම, ඇඳ ඇතිරිලි නිතර පිරිසුදු නොකිරීම, කෘත‍්‍රිම ආහාරපාන නිතර භාවිතය, බ්ලීචින් අඩංගු බොඩිලෝෂන් භාවිතය, ප‍්‍රතිශක්තිකරණය දුර්වලවීම, තෙත පිටින් ඇඳුම් ඇඳීම ආදී තත්ත්ව නිසා ඕනෑම කෙනෙකුගේ සිරුරේ අළුහම් ඇති විය හැකිය. ආයුර්වේද ප‍්‍රතිකාර අළුහම් සඳහා ආයුර්වේදයේ සත්කාර රැසක් තිබේ. ඇත්තෝර කොළ දෙහි ඇඹුල් ඉස්මෙන් අඹරා සකස් කරගත් ආලේපනය පෙති තෝර කොළ හා අමුකහ දෙහි ඉස්ම සමග අඹරා සකස් කරගත් ආලේපනය පේර දලූ දෙහි ඇඹුලෙන් අඹරා සකස් කරගත් ආලේපනය හෙන්දිරික්කා කොළ පොල් තෙල්වලින් අඹරා සකස් කරගත් ආලේපනය ඇත්තෝර පින්න කොළ, කොහොඹ කොළ, අමුකහ සහ දෙහි ඉස්ම සමග අඹරා සකස් කරගත් ආලේපනය සතියකට දින 3 ක් වත් මාස 3 ක් පුරා මෙම ආලේපන ගැල්විය හැකි නම් අළුහම් සුව කර ගත හැකිය. මෙම ආලේපනය මිනිත්තු 45 ක්වත් සම මතුපිට තිබෙන්නට හැරිය හැකි නම් වඩාත් සාර්ථක ප‍්‍රතිඵල ලැබේ. විශේෂයෙන්ම අළුහම් ආසාදිත වූ අයෙකු තමන්ගේ පෞද්ගලික පරිහරණ ඇඳුම් ඇඳ ඇතිරිලි කොට්ටා ආදිය උණු වතුරේ දමා හොඳින් සෝදා වියළා භාවිත කළ යුතුය. සටහන : සසිනි රණසිංහ 0 chamaramindMost Senior MemberPosts:13471 11 May 2018 04:00 AM වයස නොයන රහස් සැමදා තරුණව සිටීමේ රහස දැන ගන්න ඔබ කැමතිද ? එහෙමනම් වයසට යාම පමා කරන ඖෂධීමය ගුණයෙන් යුත් ආහාර මොනවාද යන්න දැන ගන්න... ඔයා වයසට යන්නේ නෑනේ.. එදා වගේමයි... මේ අයුරින් ඔබ ද පවසා ඇතුවාට සැක නැත.. සමහර දෙනෙක් අවුරුදු පනහ ඉක්මවා ගිය ද... ඔවුන් වෙතින් දිස් වන්නේ අවුරුදු තිහ හතළිහක පෙනුමකි... නීරෝගීය. ඔයාට මොන ප‍්‍රශ්න ද තියෙන්නේ.. ඔයා ගේ හිත හොදායි.. මෙවන් ආකාරයේ පිළිතුරුද ඔබ අසා ඇත... සැබවින්ම මේ ආකාරයෙන් තරුණ බව පෙන්වන හේතු අතර සිතට පමණක් ප‍්‍රධාන තැනක් ලබා දෙන්නේ නැත... ඒ සඳහා ආහාරද ප‍්‍රධාන වේ.. උදාහරණයක් ලෙස ගුජරාට් වැනි ප‍්‍රාන්ත වල ජිවත් වන මිනිසුන් ගේ සම කහ පැහැතිය. එයට හේතුව ඔවුන් නැවුම් කිරි ඇතුඵ පස්ගෝ රස, දිනපතා ආහාරයට ලබා ගන්නා අතර නිර්මාංස ජිවිත ගත කිරීමයි. නීරෝගි බවෙන් තොර පංචකල්‍යාණයෙන් වැඩක් නැහැ පංච කල්‍යාණයෙන් යුතුව නීරෝගි බව ආරක්ෂා කරමින් ජිවත්වීමට හැකිවීම මිනිසා ලද භාග්‍යයකි. නීරෝගී බවකින් තොර පංච කල්‍යාණයක් කිසි විටෙකත් හිමි නොවන අතර, අප සැම විටම උත්සාහ කළ යුත්තේ නීරෝගි බව ආරක්ෂා කර ගැනීමටය. එමඟින් පංච කල්‍යාණයෙන් යුත් සිරුරක් හිමි කර ගැනීමට අවස්ථාව ලැබේ. පංච කල්‍යාණ සම්පත්තියට දන්ත, චවි, මාංශ, කෙස් හා වයස් යන කොටස් පහ ඇතුළත් වේ. බාහිර වශයෙන් අලංකාරව පෙනෙන කොටස් වල මනා පෙනුම පවත්්වා ගැනීමට උත්සාහ කළ යුතු අතර, දන්ත, මාංශ, කේෂ, චවි යන ඒ්වා ආරක්ෂා වූ සැණින් වයස් කල්‍යාණය හෙවත් වයසට වඩා අඩුවෙන් වයස පෙනීම නිරායාසයෙන් ම සිදුවෙනු ඇත. තරුණ කාලයේදී ආරම්භ කළොත්, වයසට ගියත් තරුණපෙනුම රැඳේවි මෙම වයස් කල්‍යාණය ආරක්ෂා කර ගැනීමට ආයුර්වේදයේ තුළ මනා උපදෙස් රාශියක් ම ලබා දී ඇත. එහිදි සිරුරේ සියලූම පද්ධති වල නීරෝගි බව ආරක්ෂා කිරීම ප‍්‍රධාන කරුණයි. මේ සඳහා තරුණ කාලයේදී ම, අවශ්‍ය ක‍්‍රියා මාර්ග ලබා ගත යුතුව තිබේ. සිරුරේ සියලූ කොටස් වල වයසට යාම සමග ගෙවි යාම්, ක්ෂය වී යාම් නිරන්තරයෙන් සිදු වේ. නිසි පෝෂණයක් නොලැබීම, අධික වෙහෙසීම, සමහර රෝග, මානසික ආතතිය යන කරුණු සිරුරේ ගෙවි යාම වැඩි කරනු ඇත. මේ නිසා සිරුරට හිතකර ආහාර තුළින් නිසි පෝෂණයක් ලබා ගැනීම එම තත්ත්වය පාලනය කළ හැකි එක් ක‍්‍රියා මාර්ගයකි. වර්තමානය වන විට සමාජයේ වැඩි පිරිසක් අකලට මහලූවිම වැනි ලක්ෂණ බොහොමයක් පෙන්නුම් කරති. අකලට හිසකෙස් සුදු වීම, අකලට හිසකෙස් ගැළ වී යාම, අකලට දත් ගැළ වී යාම, අකලට ඇති වන සන්ධි රෝග, චලන අපහසුතා අකලට සම රැුලි වැටීම ඊට උදාහරණ කිහිපයකි. කොළ කැඳ ඔසු පැන් දිනපතා පානය කරන්න මෙලෙස වයසට යාමේ පෙනුම පමා කිරීමට නිසි පෝෂණය ලබා ගැනීම ඉතාමත් වැදගත්ය. තරබාරු බව හෝ කෙසග බව පවතී නම් එම තත්ත්වයන් ද දුරු කර ගැනීමත් අවශ්‍ය වේ. සැමදා තරුණ බව පවත්වා ගෙන යාමට ස්වාභාවික ආහාර වලින් ලැබෙන්නේ අපමණ වූ මෙහෙයකි. සමට මෙන්ම සිරුරේ බොහෝ කොටස් වලට හානි කරන ලූණු සහ තෙල් සහිත ආහාර භාවිතය අවම කළ යුතුය. සිරුරේ වර්ණය, හිසකෙස් වල වර්ධනයට වැදගත් වන කොළ කැඳ, ඔසු පැන් දිනපතා පානය කිරීම ඉතාමත් වැදගත්ය. එසේම සිරුරේ පැහැපත් බව තවදුරටත් ආරක්ෂා කර ගැනීමට කිරි ගිතෙල් ඇතුඵ පස්ගෝ රස දෛනිකව භාවිතා කරන්න. කිරි, ගිතෙල්, වෙඬරු, මෝරු, බටර් යන දාව්‍ය පස්ගෝ රසට ඇතුළත් වේ. මෙම ආහාර ලබා ගැනීමෙන් සිරුරට ශක්තිය ලැබෙන අතර, රන්වන් සමක් ලබා ගැනීමට උපකාරී වේ. තවද එමඟින් සමෙහි රැුලි වැටිම නවතා දමයි. නෙල්ලි, අරළු තරුණ පෙනුම වැඩි කරයි තවද සිරුරේ වයසක පෙනුම පමා කිරීමට ලබා ගත යුතු ඖෂධීය ඵළ වර්ග ගැන ද සඳහන් කර තිබේ. උදාහරණයක් ලෙස නෙල්ලි සහ අරළු වලට ලබා දී ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. මේවා දෛනිකව භාවිතා කිරිමත් අවශ්‍ය වේ. දිනපතා අවම වශයෙන් නෙල්ලි ගෙඩි තුන හතරක් වත් ආහාරයට ලබා ගැනීමෙන් වයසට යාම පමා කර ගත හැකිය. අරළු ද එම ශක්තිය ඇති පලතුරක් ලෙස ආයුර්වේදයේ සඳහන් වේ. එසේ වුවත්, මෙය මෙරට සමාජයේ භාවිතයට හුරුවක් වී නොමැත. සොයා ගැනීමට අපහසු නිසා අරඵ, පලතුරක් වශයෙන් ආහාරයට ලබා ගන්නා බව ද බොහෝ දෙනෙක් නොදනී. මෙහිදි අමු අරළු පලතුරක් ලෙස ආහාරයට ලබා ගත හැකි අතර, වියළි අරඵ නම් එහි කුඩු උණු වතුර සමග මිශ‍්‍ර කර පානයක් ලෙස ලබා ගත හැකිය. හාතාවාරිය අල දිනපතා කැඳක් ලෙස ආහාරයට ලබා ගැනීමෙන් වයසට යාමේ පෙනුම පමා කිරීමට හැකියාව පවතී. එසේම තල ආහාරයට ගැනීමෙන් ද තරුණ බව රැුකදේ. රසායනික ප‍්‍රතිකාර ආයුර්වේදයේ වයසට යාම පමා කිරීම රසායන ප‍්‍රතිකාර ලෙස හඳුන්වනු ලබයි. ඒ සඳහා සුවිශේෂී ප‍්‍රතිකාර මෙහි අන්තර් ගත වේ. මෙම ප‍්‍රතිකර්මය ආරම්භ කිරිමට පෙර පංචකර්ම ප‍්‍රතිකාර සිරුරට සිදු කළ යුතුව තිබේ. එය ප‍්‍රායෝගිකව කිසියම් කැප කිරීමක් සිදු කරමින් කළ යුතු ප‍්‍රතිකාර පද්ධතියකි. නමුත් එමගින් ලැබෙන ප‍්‍රතිඵළ ඉතා උසස් තත්ත්වයක පවතී. මේ සඳහා යොමු වන්නේ නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් අවශ්‍ය වේ. එසේ වුවත්, ඉහත සඳහන් කරන ලද ආහාර වලින් ද මෙමගින් ලැබෙන ගුණය ලබා ගැනීමට හැකිය. ආහාර ගැනීමේදී ප‍්‍රමාණය ගැන විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත්ය. කුස ගින්න ඉතිරි වන පරිදි ආහාර ලබා ගැනීම, සිරුරේ මනා පෙනුමට හේතුවක් වන බව ආයුර්වේදයේ සඳහන් වේ. ඊට අමතරව හොඳින් ජලය පානය, මළ මූත‍්‍ර නිසි වේලාවට පිට කිරීම ද අවශ්‍ය කරුණු අතර පවතී. මස් මාංස ආහාරයට ලබා ගැනීම අවම කළ යුතුය. වයසට යාම පෙනුම පමා කිරීමට නිර්මාංශ ආහාර රටාව ඉතාමත් වැදගත් වේ. මස් මාංස ආහාරයට ගැනීමේදි අප සිරුරේ පේෂීන් ද වැඩෙන අතර, ප්‍රෝටීන ද වැඩිය. ඒවායේ නිෂ්පාදනය වී එන විෂ කොටස් සමේ පෙනුමට හානි කරය. සිසිර කුමාර බණ්ඩාර 0 indika76Most Senior MemberPosts:10459 11 May 2018 10:02 AM අපේ රටේ ආර්ථිකයත් එක්ක පෝෂ්‍යදායි ආහාර රටාවක් පවත්වාගෙන යන්න අපහසුයි.. ඒ වගේම වියපත් භාවය වැඩි කිරීමට මානසික ප්‍රශ්නත් බලපානවා.. 0 chamaramindMost Senior MemberPosts:13471 11 May 2018 06:43 PM සිරුර රීකන්ඩිෂන් කරන ඇඹරැල්ලා ලොකු කුඩා කොයි කවුරුත් ආහාරයට ගන්න කැමැති ඇඹරැල්ලා ගෝල්ඩන් ඇපල් ලෙසද හැඳින්වේ. ස්පොන්ඩියස් ඩල්කස් (Spondias Dulcus) ලෙසින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වන ඇඹරුල්ලාවල කොළ සහ කෙඳි විවිධ රෝගාබාධ සඳහා ඖෂධයක් ලෙසින්ද යොදාගැනේ. පොදුවේ ගත්කළ ඇඹරැල්ලා ඉතා ගුණවත් පළතුරක් මෙන්ම රසවත් ව්‍යාංජනයක් ලෙසින්ද පෝෂණයෙන්ද සපිරි ආහාරයකි. ඇඹරැල්ලාවල පොතුවල සහ කොළවල සැපොතීන් සහ ටැනීන් අඩංගු වේ. ඇඹරැල්ලා ගෙඩියක ඇති පෝෂණ ගුණය: ප්‍රෝටීන් ග්‍රෑම් 1, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 12, විටමින් සී මිලි ග්‍රෑම් 30, කැල්සියම් මිලි ග්‍රෑම් 15, යකඩ ග්‍රෑම් 3, පොස්පරස් ග්‍රෑම් 22 අඩංගු වේ. එමෙන්ම විටමින් බී, කෙඳි, තයමින්, රයිබොප්ලේමින්, විටමින්, ඛණිජ ලවණ අන්තර්ගත වේ. ඇඹරුල්ලාවල බැක්ටීරියා නාශක ගුණයක් මෙන්ම ශරීරයේ ඇති විෂ ඉවත් කිරීමේ ගුණයක් පවතී. එමෙන්ම රැධිර නාළවල රැධිර කැටි දිය කිරීමේ මෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුණයක් පවතී. ඇඹරුල්ලාවල තිත්ත මෙන්ම මධුර රසයද අඩංගු වේ. විටමින් සී බහුලව පවතින පළතුරක් නිසා ප්‍රතිශක්ති පද්ධතිය දියුණු කෙරේ. මේ නිසා මෙය කුඩා දරුවන්ට ඉතා ගුණදායක වේ. පොත්ත ඉවත්කර අඩුවෙන් කෑමට ගත හැකි අතර මෙය පානයක් ලෙසින්ද ගත හැකි ඉතා ගුණදායක පළතුරකි. චර්ම රෝග සඳහා ඉතා ගුණදායක පළතුරක් වන මෙය ශරීරයේ පටක අලුත්වැඩියාවටද කොලජන් නිපදවීම වැඩි කිරීමටද, සම පැහැපත් කිරීමටද ඉතා ගුණදායක වේ. ඇඹරුල්ලා කොළ තම්බාගත් වතුර මොයිස්චරයිස් සහ ලෝෂන් එකක් ලෙස සමේ ආලේප කිරීමටද පුළුවනි. මළබද්ධයට හා අර්ශස්වලට ඉතා ගුණදායක පළතුරක් ලෙසින් මෙය හැඳින්විය හැක. මෙහි ජලයද සාමාන්‍ය ප්‍රමාණයක් අන්තර්ගතව පවතී. තරබාරැව පාලනය කරගත හැකි ඉතා පෝෂ්‍යදායී ආහාරයක් ලෙසින් මෙය හැඳින්විය හැක. අධි රුධිර පීඩනය අඩුකළ හැකි ගුණයක් ඇඹරැල්ලාවල ඇති බව කරනු ලබන පරීක්ෂණවලින් සනාථ වී ඇත. හෘද රෝගීන්ට ඉතා ගුණදායක වන අතර ප්‍රතිඔක්සිකාරකය හේතුවෙන් පිළිකා රෝගීන්ටද ඉතා ගුණදායක වේ. යකඩ යම් සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගතව පවතින නිසා කුඩා දරුවන්ට, ගැබිණි මාතාවන්ට ඉතා ගුණදායක වේ. කැල්සියම් සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගතව ඇති හෙයින් සන්ධි රෝග ඇති අයට ආර්තවහරණයෙන් පසුව සන්ධිවල ඇතිවන රෝග තත්ත්වයන් සඳහා ඉතා ගුණදායක වේ. ඇඹරුල්ලාවල ඇති තිත්ත, කසට රස නිසා අඩංගු සීනි, පිෂ්ඨය අඩු නිසාත් කෙඳි අධික නිසාත් දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායක වේ. විටමින් ඒ වැඩිපුර අන්තර්ගතව පැවතීම හේතුවෙන් සම, ඇස් සහ කෙස්වලට ඉතා ගුණදායක වේ. ඇඹරැල්ලාවල පවතින පෝෂණ තත්ත්වය හේතුවෙන් වයසට යාම වැළැක්වීමේ ගුණයක් පවතී. කාන්තාවන්ගේ ගර්භාෂයේ ඇතිවන ගර්භාෂ බිත්ති අනවශ්‍ය ලෙස ඝනකම් වීම, එන්ඩ්‍රොමෙට්‍රියෝසිස් සඳහාද ශරීරයේ විවිධ වේදනා සඳහාද ආහාර උත්තේජනයක් ලෙස වැදගත් වේ. පිළිකා නැසීමේ ගුණයක්ද පවතින ඇඹරුල්ලා මානසික ආතතියටද, ඇසේ සුද ඇතිවීම වැළැක්වීමටද ඉතා ගුණදායක පළතුරක් ලෙසින් හැඳින්විය හැක. 0 chamaramindMost Senior MemberPosts:13471 11 May 2018 07:03 PM 0 chamaramindMost Senior MemberPosts:13471 11 May 2018 07:03 PM 0 chamaramindMost Senior MemberPosts:13471 11 May 2018 07:04 PM 0 You are not authorized to post a reply. Page 119 of 137 << < 117118119120121 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner