Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 117 of 137 << < 115116117118119 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 28 Apr 2018 07:43 PM කුඹුක් ගසේ පස්පංගුව හදවත් රෝගවලට ඉතා හොඳයි ප්‍රශ්නය - ආයුර්වේද දැනුමේ හැටියට ශරීරයේ තිබෙන වැදගත්ම ඉන්ද්‍රිය තුනෙන් එකක් තමයි හදවත. මොළය සහ පෙණහලු සෙසු ඉන්ද්‍රියන් ලෙස හැඳින්වෙනවා. පසුගිය සතිවල අප ඔබ සමඟ කතා කළේ හෘද රෝග පිළිබඳවයි. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - බටහිර ලෝකයේ විද්‍යා දැනුමට අනුව එක්‌දහස් නවසිය අසූ ගණන්වල මුල් කොටසේදීත් හෘද රෝගියාට හිමි මරණය විතරයි. බයිපාස් සැත්කම්, හෘදය බද්ධකිරීම්. ස්‌ටෙන්ට් දැමීම වැනි කටයුතු බහුල ලෙස සිදු කරන්නට පටන් ගන්නේ වසර 2000 නුත් පස්‌සේ. එහෙත් හෘද රෝගවල එක්‌තරා වාසියක් තිබෙනවා. මුලදී හඳුනා ගත්තොත් රුධිර නාලවල තැන්පත් වෙලා තිබෙන කොලෙස්‌ටරෝල් ඉවත් කර යළි යථා තත්ත්වයට පත් කර ගත හැකියි. ආයුර්වේදය මගින් කරන්නේ ලෙඩේ මුලට පිළියම් කිරීමයි. හෘද රෝගයට මුල කොලෙස්‌ටරෝල් නම් ආයුර්වේදය මගින් කරන්නේ කොලෙස්‌ටරෝල් නිපදවන ශාරීරික තත්ත්වය මර්දනය කිරීමයි. හෘද රෝගයට මුල හෘදයේ මාංශ පේශි ඝන වීම නම් ආයුර්වේදය කරන්නේ හෘද පේශිය තුනී කර දැමීමයි. ප්‍රශ්නය - හෘද රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර වශයෙන් පාරම්පරික වෛද්‍ය ක්‍රමය මගින් නිර්දේශ කරන්නේ මොනවාද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - හෘද රෝග හට ගැනීමට බලපාන ප්‍රධාන කාර්යයක් තමයි ශරීරය තුළ විෂ සහිත තත්ත්වයක් හට ගැනීම. මේ විෂ නැති කිරීමට නෙල්ලි යොදාගත හැකි බව පාරම්පරික වෙදකමේ සඳහන් වෙනවා. ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය නැංවීමටත් හෘදය පෝෂණය කිරීමටත් නෙල්ලිවලට පුළුවන්. හෘද රෝගවලට ප්‍රධානතම හේතු වන්නේ හෘද පේශි ඝන වීම, ප්‍රදාහ තත්ත්වයක් ඇතිවීම සහ හෘද නාල බාධා වීම බව අප දන්නවා. නහරබාධා වුණොත් රුධිර සංසරණය හරිහැටි සිදුවන්නේ නැහැ. මෙහෙම වුණාම හෘද පේශි සහ පටකවලට ලොකු පීඩනයක් දරන්නට වෙනවා. හෘද පේශි සවිමත් කරන්න කුඹුක් ගසේ පස් පංගුවෙන් හදන විස්‌කම් ඖෂධ අපේ වෙද පරම්පරාවේ තිබෙනවා. රුධිර පීඩනය අඩු කරන්නටත්, කොලෙස්‌ටරෝල් පාලනය කරන්නටත් ත්‍රිපලාවලට පුළුවන්. අශ්වගන්ධ හෙවත් අමුක්‌කරාවලට පුළුවන් ආතතිය මඟහරවන්නට. ආතතිය තමයි හුඟක් හදවත් රෝගවලට මුල. ලබන සතියට නොමිලේ විස්‌තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව පොතු කබර සුදු කබර නවතින්නේ හුඟක් දුර ගිහින් ප්‍රශ්නය - පොතු කබර සහ සුදු කබර යන රෝග ගැන පසුගිය සතිවල අප දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව අපේ පාඨකයන් දන්නවා. මේ රෝග දෙක වැළඳෙන ආකාරයත් එය සුවපත් කිරීම සඳහා රත්රන් සහ රසදිය යොදාගෙන ඖෂධ නිපදවන ආකාරයත් ඔබ විස්‌තර කළා. වෛද්‍ය එච්. ඒ. ඒ. හපුගස්‌පිsටිය - ඒ ඖෂධ පැය 72 ක් විෂ නැසිය යුතු අතර, තවත් පැය 72 ක් එක දිගට ත්‍රිපලා ඇතුළු ඖෂධ සමඟ එක්‌කර ඇඹරිය යුතුයි. ඉන් පසු එන්නේ තද දුඹුරු පැහැති කුඩු වර්ගයක්. මෙය තමයි පොතුකබර සඳහා වන දිව්‍ය ඖෂධය. ප්‍රශ්නය - සුදු කබර සහ පොතු කබර හට ගන්නේ රුධිරයේ තිබෙන දොaෂ සහගත තත්ත්වයක් නිසා නේද? වෛද්‍ය හපුගස්‌පිටිය - පොතු කබර සහ සුදු කබර හටගන්නේ රුධිරය මූලික කරගෙන බව ඇත්ත. රුධිරයේ සංයුතියේ හටගන්නා විකෘතින් හා විෂමතා නිසා මේ රෝගය ඇති වෙනවා. එහෙත් එය එතැනින් නවතින්නේ නැහැ. රෝගය ක්‍රමයෙන් ශරීරයේ අභ්‍යන්තරයට ගමන් කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මුලින්ම කාටිලේජ විනාශ වීමට පටන් ගන්නවා. දෙවනුව අස්‌ථි දිරායැම ආරම්භ වෙනවා. ඊළඟට නියපොතු සහ කැල්සියම්වලින් නිර්මාණය වුණ සියලුම ශරීර කොටස් දිරා යනවා. ප්‍රශ්නය - මේ රෝගය නිසා ආත්‍රයිටිස් තත්ත්වයක් ඇති වෙනවද? වෛද්‍ය හපුගස්‌පිටිය - ඔව්. එහෙම දීර්ඝ වුණාම අප එය හඳුන්වන්නේ Psoriatic arthritis කියලයි. ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවද? වෛද්‍ය හපුගස්‌පිටිය - සන්ධි වේදනාව, සන්ධි ඉදිමුම සහ සන්ධිවල දැඩි බව හට ගැනීම, සන්ධි රතු පැහැයට හැරීම සහ ස්‌පර්ශ කරන විට උණුසුමක් ඇතිවීම, අතැඟිලි සහ පා ඇඟිලි ඉදිමීම, පාද සහ විලුඹ ඉදිමීම, නියපොතු හැලීම තමයි මේ රෝගයේ ලක්‍ෂණ. ප්‍රශ්නය - මේ රෝගය වැළඳුනාම ගතයුතු හා නොගත යුතු ආහාර තිබෙනවාද? වෛද්‍ය හපුගස්‌පිටිය - මස් මාළු, කිරි ආහාර, පිරිපහදු කළ සීනි (සුදු සීනි) අර්තාපල්, තක්‌කාලි බටු යන ද්‍රව්‍ය නොගත යුතුයි. උකුල් ඇටය පුපුරලා දෙපා පණ නැති වුණත් සුව කරන්න පුළුවන් ප්‍රශ්නය (- උකුල් ඇටය දිරා යැම නිසා කොඳු ඇට පෙළේ හටගත් ආබාධයකින් පීඩා විඳි 44 හැවිරිදි ග්‍රාම නිලධාරිනියක ගැන පසුගිය සතියේ අප කතා කළා... වෛද්‍ය එම්. ඒ. මදනායක - ඇය කොතරම් දුෂ්කර තත්ත්වයක හිටියා ද කියනවා නම් ඇය නිවසේ ඇවිද ගොස් තිබුණේ බිත්ති අල්ලමින්. ඇගේ නිවසේ හැම බිත්තයකම ඇගේ ඇඟිsලි පහරවල් තිබූ බව ඇය මට කිව්වා. ප්‍රශ්නය - උකුල් ඇටය පිපිරුවාම එය කොඳු ඇටවලට බලපාන්නේ කොහොමද? වෛද්‍ය එම්. ඒ. මදනායක - කොඳු ඇට සහ උකුල් ඇටය කියන්නේ එකට සම්බන්ධ ඒකක දෙකක්. කොටින්ම ඇගේ අස්‌ථි පඤ්ඤරයම එකිනෙකට සම්බන්ධයි. ගාත්‍රාවල තිබෙන නහර එකිනෙකට සම්බන්ධයි. මොළයේ සිට ගමන් කරන ස්‌නායු එකිනෙකට සම්බන්ධයි. දැන් අපි බලමු උකුල් අටය දිරුවාම කොන්දට මොකද වෙන්නෙ කියලා. උකුල් ඇටය දිරුවාම පළමුවෙන්ම සිදු වන්නේ ඒ තැන ආසාදනය වීමයි. එම ආසාදනය නිසා උකුල් ඇටයට සම්බන්ධ මාංශපේෂීන් ආසාදනය වෙනවා. ඒ එක්‌කම එය හා සම්බන්ධ නහර අප්‍රාණික වීමට පටන් ගන්නවා. ස්‌නායු මැරෙනවා, කාටිලේජ දියවෙනවා. ඒ තත්ත්වය ටිකෙන් ටික උඩු අතටත් යටි අතටත් පැතිරෙන්නට පටන් ගන්නවා. එතැනදී තමයි පාද අප්‍රාණික වන්නේ. පාදයේ උඩ කොටස උකුල් ඇටය සමඟ සම්බන්ධ වන තැනක් තිබෙනවා. එතැන ආසාදනය වුණාම තත්ත්වය බරපතළ වෙනවා. පාදය උකුල් ඇටයට සම්බන්ධ වන ගෝලාකාර කොටස ඉදිමී පාදය හොල්ලන්න බැරි තත්ත්වයක් පත්වෙනවා. ප්‍රශ්නය - එය කොන්දට පැතිරෙන්නෙ කොහොමද? වෛද්‍ය එම්. ඒ. මදනායක - මා කලිනුත් සඳහන් කළ පරිදි අස්‌ථි පඤ්ඤරය එකිනෙකට සම්බන්ධ ඒකකයන්. නහර, ස්‌නායු සියල්ල එකට සම්බන්ධයි. උකුල් ඇටයේ හටගෙන තිබෙන නරක තත්ත්වය ඉන් උඩ තිබෙන කොඳු ඇට පෙළට කෙළින්ම බලපානවා. එවිට සුෂුම්නාව පීඩාවට පත් වෙනවා. කොන්ද රිදෙනවා. තව ටික කලක් යන විට එම තත්ත්වය අත්වලටත් බලපානවා. අත් දෙක අප්‍රාණික වෙනවා. එහෙත් වාසනාවකට වගේ අර ග්‍රාම නිලධාරිනිය මා වෙත එන විට ඇගේ අත් දෙකට බලපෑමක් හටගෙන තිබුණේ නැහැ. ප්‍රශ්නය - ඉතින් ඔබ ඇයට ප්‍රතිකාර කිරීමට පටන් ගන්නවා. වෛද්‍ය එම්. ඒ. මදනායක - මම ඒ ප්‍රතිකාර පටන් ගන්නේ කසායවලින්. මොකද මට මුලින්ම අවශ්‍ය වුණේ ඇගේ සිරුර පුරා ඔඩුදුවාගෙන යන ආසාදනය නතර කරන්නට. එය නතර නොකළා නම් ඇගේ සිරුර අභ්‍යන්තරය සම්පූර්ණයෙන්ම වනයක තත්ත්වයට පත්වෙනවා. කසාය දීම ටික දිනක් සිදුකරන විට ඇගේ අභ්‍යන්තරය සුවපත් වන බව අප අත්දැකීමෙන් දන්නවා. ඊළඟ ප්‍රතිකාරය සිදුකරන්නේ දුර්ලභ තෙල් වර්ග සහ තැවිලි යොදාගෙනයි. මේ අක්‍රියකාරී වූ ශරීර කොටස් උද්දීපනය කරන්නට මේ තැවිලිවලට පුළුවන්. අප ළඟ තිබෙන දුර්ලභ තෙල් වර්ග ශරීරයේ ස්‌වේත ග්‍රන්ථි හරහා ශරීරය ඇතුළට කි¹ බහිනවා. මේ විදියට කළ ප්‍රතිකාරවලින් මාසයකට අඩු කාලයක් තුළ රෝගී කාන්තාව කිසිදු ආධාරයක් නැතිව ඇවිදින්නට පටන් ගත්තා. අද වනවිට ඇය ඉතා නිරෝගීව තම කටයුතු කරගන්නවා. නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836 සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ පිළිකාව සුව කරන්න සොයාගත් අලුත්ම බෙහෙත ප්‍රශ්නය - පිළිකා රෝගය සුව කිරීම සඳහා මැංගුස්‌ටීන්, කෝමාරිකා, තක්‌කාලිවල අඩංගු ඞ්බඑයදබැ ඇතුළු සංඝටක ගැන පසුගිය දිනවල අප සාකච්ඡා කළා. අද අප අදහස් කරනවා පිළිකා රෝගය ගැන පාඨකයන් තවදුරටත් දැනුවත් කරන්න. වෛද්‍ය රේණුකා ද අල්විස් - අප පිළිකාව ගැන දහස්‌වර ජනතාව දැනුවත් කර තිබෙනවා. එහෙත් තවදුරටත් එම දැනුවත් කිරීම වැදගත් වන්නේ විවිධාකාර පිළිකා අද තිබෙන නිසයි. මෙහිදී අප පිළිකා රෝගයේ ලක්‍ෂණ ගැන සාකච්ඡා කරමු. පිළිකා බොහොමයකට පොදු ලක්‍ෂණ තිබෙනවා. කැස්‌ස සමඟ රුධිරය පිටවීම, නිතර නිතර හිසේ වේදනාව හට ගැනීම, අස්‌වාභාවික ලෙස ශරීරයේ බර අඩුවීම, අස්‌ථිවල වේදනාව, අධික විඩාපත්බව, ඔක්‌කාරය, වමනය, සාමාන්‍ය මට්‌ටමේ උණ දිගින් දිගටම පැවැතීම, නිතර නිතර ආසාදන තත්ත්වයන්ගෙන් පෙළීම තමයි ඒ රෝග ලක්‍ෂණ. ශරීරයේ කොතැනක කවර පිළිකාවක් හට ගත්තත් මේ තමයි පොදු ලක්‍ෂණ. පිළිකාවක් හැදෙන ක්‍රම කිsහිපයක් තිබෙනවා. පළමුවෙන් ම උපතේදීම හටගන්නා ජාන විකෘතිතාවන් නිසා පිළිකාවක් හට ගැනීමට ඉඩ තිබෙනවා. ජාන විකෘතිතා උපතේදීම ඇති වෙන අවස්‌ථා තිබෙනවා. එසේ නොවන අවස්‌ථාව තමයි පළමු අවස්‌ථාව. ප්‍රශ්නය - පිළිකා රෝගියකුගේ ස්‌වභාවය කුමක්‌ද? වෛද්‍ය රේණුකා ද අල්විස් - පිළිකා රෝගියා හරිම සංවේදී, තමාට තිබෙන්නේ පිළිකාවක් බව දැනගත් සැණින් එය මාරාන්තික වුණත් නැතත් රෝගියා මනසින් පිරිහෙන්නට පටන් ගන්නවා. එය මාරාන්තික වුණත් නැතත් පිළිකා රෝගියා ඉන්නේ විශාල මානසික අසහනයකින්. ප්‍රශ්නය - පිළිකා වර්ග කීයක් තිබෙනවද? වෛද්‍ය රේණුකා අල්විස් - ඉතාම විශාල ප්‍රමාණයක් තිබෙනවා. Basal cell Carcinoma හෙවත් චර්ම පිළිකාව, පිත්තාශයේ පිළිකාව, මුත්‍රා බොක්‌කේ පිළිකාව, අස්‌ථි පිළිකාව, ඇට මිදුළු පිළිකාව, අන්ත්‍රයේ හෙවත් බඩවැලේ පිළිකාව, මොළයේ පිළිකාව, වකුගඩු පිළිකාව, ලේ පිළිකාව, අක්‌මා පිළිකාව, පෙනහළු පිළිකාව, අග්න්‍යාසයේ පිළිකාව, තයිරොයිඩ් පිළිකාව ඇතුළුව පිළිකා 500 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ප්‍රශ්නය - නිතර නිතරම මහන්සියෙන් සිsටින බව පළකිරීමත් පිළිකා සංඥාවක් ද? වෛද්‍ය රේණුකා ද අල්විස් - හේතුවක් පෙන්වීමට නොහැකි මහන්සියක් ඔබට නිතර දැනෙනවා නම්, ඔබ ඉතා හොඳින්, අවශ්‍ය ප්‍රමාණයෙන් නින්දක් ලැබුවත් නිsදි නොලැබ මහන්සිබවක් ඔබට හැඟෙනවා නම් එය ශරීරයේ ඇතුළත වර්ධනය වන පිළිකාවක ලක්‍ෂණ වෙන්නට පුළුවන්. ප්‍රශ්නය - පිළිකාව හඳුනා ගත හැකි රුධිර පරීක්‍ෂණ තිබෙනවාද? වෛද්‍ය රේණුකා ද අල්විස් - රුධිර සාම්පලවල තිබෙනවා පිළිකා සෛල, පිළිකාවක තිබෙන ප්‍රොaටීන හෝ වෙනත් ආගන්තුක අංග. ප්‍රශ්නය - පිළිකාව සුව කරන බෙහෙත් නිෂ්පාදනය කර තිබෙනවාද? වෛද්‍ය රේණුකා ද අල්විස් - පිළිකාව සුව කරන බව කියන ඖෂධ දහස් ගණනක් සියලු වෛද්‍ය ක්‍රම මගින් හඳුන්වා දී තිබෙනවා. මෑත කාලයේදී පර්යේෂකයන්a පිරිසක් විසින් අලුත් ඖෂධයක් සොයා ගත්තා. මෙහි තිබෙනවා මුවන්ගේ වැදෑමහේ තිබෙන ප්‍රොaටීන ඇතුළු ශාකසාර රැසක්. ලබන සතියේ තව කොටසක් කාටිලේජ වර්ධනයට ගෙඳ කොළ,ගස්‌ලබු, සූදුරු ප්‍රශ්නය - පසුගිය සති කිහිපය තුළ අප කතා කළේ ගෙවී ගිය කාටිලේජ වර්ධනයට යොදා ගන්නා ආයුර්වේද ප්‍රතිකාර ගැනයි. වෛද්‍ය වසන්ත උදයජීව - මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම දෙයක් කාටිලේජ වර්ධනය, ගුලි වර්ග එකක් හෝ දෙකක් හෝ කසායක් මගින් විතරක් කරන්නට බැහැ. සුදුසු වෛද්‍යවරයකුගේ උපදෙස් මත ලබාගත් බෙහෙත් පන්තියක්‌ම මේ සඳහා වැය කළ යුතුයි. ප්‍රශ්නය - සමහරු කියනවා කාටිලේජයක් ගෙවුණාම, නැත්නම් තුවාල වුණාම, කිසිදු ඖෂධයක් නැතිවම සුවපත් වෙනවා කියලා. මෙය ඇත්තක් ද? වෛද්‍ය වසන්ත උදයජීව - දණහිස, වැලමිට වැනි තැන්වල තිබෙන කාටිලේජ පටක තුවාල වුණාම හෝ ගෙවී ගියාම ඖෂධවලින් තොරව නැවත වර්ධනය වීමට තිබෙන අවකාශය ඉතාම අඩුයි. එයට හේතුව එවැනි කාටිලේජවලට රුධිර සැපයුමක් තිබීමයි. එහෙත් නාසය වැනි තැන්වල තිබෙන නාස් පොල්ල වැනි කාටිලේජ කැඩුණාම ආපසු වර්ධනය වනවා. එයට හේතුව නාසයේ කාටිලේජ සෛලවල තිබෙන විශේෂ ගුණයයි. ප්‍රශ්නය - ගෙවී ගිය හෝ හානියට පත් වූ කාටිලේජවලට ආයුර්වේද ප්‍රතිකාර ගන්නා අතර, ආහාර වර්ගවලින් ඒ කාර්යයට සහයෝගයක් ලබා ගත හැකිද? වෛද්‍ය වසන්ත උදයජීව - සුදුලූනු, ලීක්‌ස් සහ ලූනු ඉතාම හොඳයි. මේ එළවළුවල ගෙන්දගම් බහුලව තිබෙනවා. සන්ධිවල හටගන්නා ප්‍රදාහ තත්ත්වය සහ වේදනාව නැති කරන්නට මේ එළවළුවලට පුළුවන්. වල් පැළෑටියක් ලෙස සැලකෙන ගෙඳ කොළත් ඉතාම හොඳයි. Omega 3 මේදය ගෙඳ කොළවල යහමින් තිබෙනවා. ඊට අමතරව E විටමිනයත් මෙහි බහුලව තිබෙනවා. E විටමිනයට පුළුවන් ශරීරය තුළ තිබෙන විෂ සහිත භාවය නැති කරන්නට. ඊළඟට ගනිමු සූදුරු. මෙහිත් තිබෙනවා Omega 3 මේදය යහමින්. ඊළඟට ගනිමු අන්නාසි. එහි තිබෙනවා Bromelain කියනා එන්සයිමය. Bromelain වලට පුළුවන් සන්ධි ප්‍රදාහය සහ වේදනාව නැති කරන්නට. විටමින් C විටමින් A සහ එන්සයිම බහුල ගස්‌ලබු ආහාරයට ගැනීමත් මෙහිදී වැදගත්. වෙළෙඳපොළේ තිබෙන බොකටු ගෝවාත් ඉතාම ගුණයි. Fatty liver සුව කළ හැකියි (3) පසුගිය සතිය හා බැඳේ ශාරීරික අප්‍රාණිකත්වය, අසාමාන්‍ය වෙහෙසකාරී බව, ආහාර අරුචිය, වමනය, ඔක්‌කාරය, උදරයේ අපහසුව, බඩ පිපුම, අලස බව වැනි ලක්‌ෂණ ඇතිවිය හැකියි. ඇතැම් විට උදරයේ දකුණු පැත්තේ ඉහළට වෙන්න වේදනාවක් ඇතිවිය හැකියි. සිරෝසිස් තත්ත්වය දක්‌වා රෝගය වර්ධනය වූ විට දරුණු රෝග ලක්‌ෂණ පහළ වෙනවා. ශරීරය ඉදිමීම, ලේ වමනය, ගුදයෙන් ලේ පිටවීම, කළු පැහැයෙන් මළ පිටවීම, බඩේ වතුර එකතු වීම, උදරයේ ලේ නහර ඉස්‌මතු වීම, හමේ පැහැය වෙනස් වීම වැනි ලක්‌ෂණ ඇති වෙනවා. ගුදයෙන් ලේ පිටවීම අර්ශස් ලෙස වරදවා සිතනවා. මීට අමතරව වෙනත් ස්‌නායු ආබාධ සහ ලේ හිඟවීම නිසා ඇතිවන වෙනත් රෝග ලක්‌ෂණ ද ඇතිවිය හැකියි. මෙම රෝග තත්ත්වය උග්‍ර වීමට පෙර හඳුනාගන්නේ කොහොමද? අද වෛද්‍ය විද්‍යා තාක්‌ෂණය ඉතා දියුණු යි. විවිධ පරීක්‌ෂණ උපක්‍රම මඟින් රෝග තත්ත්වයත් රෝගය ඇති වීමට පෙර පවතින අවදානම් අවස්‌ථාත් හොඳින් හඳුනාගත හැකියි. අවදානමක් ඇතැයි සැක සහිත තැනැත්තන් වෛද්‍යවරයකු හමු වී සාකච්ඡා කොට උපදෙස් ලබාගත යුතු යි. සාමාන්‍යයෙන් යාකෘතික ක්‍රියාකාරීත්ව පරීක්‌ෂණයකදී මේ තත්ත්වය නිසා අක්‌මාවට ඇති වී ඇති බලපෑම මූලික ව හඳුනා ගත හැකි යි. මෙහි " රුධිරයේ පවතින යාකෘතික එන්සයිම වල අසාමාන්‍ය වැඩිවීමක් පෙන්වනවා. අක්‌මාවේ පටක කොටස් ප්‍රදාහයකට ලක් ව පීඩා වීම නිසයි එසේ වන්නේ. මෙය රෝගයේ ආරම්භක අවස්‌ථාවේ " ම දැකිය හැකි යි. රෝග තත්ත්වය තව දුරටත් උග්‍ර වන විට අක්‌මාවේ වෙනත් විවිධ වෙනස්‌කම් ඇති වෙනවා. ස්‌කෑන් පරීක්‌ෂණ සහ පටක විද්‍යාත්මක පරීක්‌ෂණ වලින් ඒවා හඳුනා ගත හැකි යි. මෙම රෝග තත්ත්වය ඇති වීම වලක්‌වා ගැනීම සහ සුව කර ගැනීම කළ හැකි ද? රෝග තත්ත්වය ඇති වීම වලක්‌වා ගත හැකි යි. රෝග තත්ත්වය ඇති වීම සඳහා හේතු වන සාධක නිවැරදි ව හඳුනා ගැනීමට සහ ඒවායින් වැලකීමට අදාල උපදෙස් වෛද්‍යවරයෙකු හමු වී ලබා ගැනීම කළ යුතුයි. ඇල්කොහොල් භාවිතයෙන් වැලකී සිටීම රෝග තත්ත්ව ඇති වීමේ අවදානම අවම කර ගැනීම සඳහා බොහෝ සෙයින් ම වැදගත් වෙනවා. රෝග තත්ත්වයේ ස්‌වභාවය සහ රෝගයේ උග්‍රතාව අනුව සිදු කළ යුතු ප්‍රතිකාරද විවිධ යි. රෝගයේ විවිධ අවස්‌ථා හඳුනා ගෙන ඒ අනුව නිවැරé සැළසුමකින් යුතු ව මුල් අවස්‌ථාවේ දී ම නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර සහ උපදේශ ලබා ගැනීමෙන් රෝගය සාර්ථක ව සුව කර ගත හැකි යි. අර්ශස් වැඩි වන්නේ කවර ආහාරවලින්ද? ප්‍රශ්නය - පසුගිය සතියේදී අප සාකච්ඡා කළා ගුද මාර්ගයේ හටගන්නා Haemorrhoid නමැති ආසාදන වර්ගය ගැන. මෙය රක්‌ත විතාභය ලෙසත් හැඳින්වෙනවා. ගුදය තුළ හට ගන්නා ඇතැම් ගෙඩි ඉබේටම යටපත්වන අවස්‌ථා තිබෙනවා. රක්‌ත විතාභ හෙවත් Haemorrhoid මේ ආකාරයෙන් ඉබේම සුව වන්නේ නැද්ද? වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - Haemorrhoid වලට අර්ශස් යන වචනය බහුලව යෙදෙන බව පසුගිය සතියේදී අප ඔබට පැහැදිලි කළා. අර්ශස් ගෙඩි කුඩා නම් ඒවා නිකම්ම බැස යන අවස්‌ථා තිබෙනවා. එහෙමත් නැත්නම් ඉතා සුළු ප්‍රතිකාරවලින් යට යවන්නට පුළුවන්. එහෙත් අර්ශස් ගෙඩිය විශාල වෙලා ගුද මාර්ගයෙන් ඉවතට එන තත්ත්වයක්, එනම් ගුද විදාධියක ස්‌වභාවයක් හට ගන්නවා නම් සුව කිරීම සඳහා ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍යයි. ප්‍රශ්නය - ඇතැම් රෝගීන් පැමිණිලි කරනවා අර්ශස් ගෙඩි කසනවා කියලා. වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - අර්ශස් ගෙඩි කැසීම කවදාවත් නොකළ යුතුයි. කැසීම මගින් ඇඟිලිවල තිබෙන විෂබීජ අර්ශස් ගෙඩි තුළට ගිහින් තුවාල ආසාදනය විය හැකියි. ප්‍රශ්නය - ආයුර්වේද අර්ථකථනයට අනුව අර්ශස් ගෙඩි හට ගන්නේ කොහොමද? වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - අධික තිත්ත ආහාර, අධික වියළි ආහාර, අධික ලෙස ශීත කළ ආහාර, ඉතා සැහැල්ලු ආහාර, කුළුබඩු අධික ආහාර, මධ්‍යසාර, දිගින් දිගටම ආහාර නොගෙන උපවාස කිරීම, පමණ ඉක්‌මවා ව්‍යායාම කිරීම, අධික බර එසවීම, අධික ලෙස ශෝකයට පත් වීම , තමන්ට නුපුරුදු වියළි කාලගුණ තත්ත්වයන් යටතේ ජීවත්වීම, තෙල් බහුල ආහාර සහ බදින ලද ආහාර නිරන්තරයෙන් පුරුද්දක් වශයෙන් ගැනීමෙන් තුන්දොස් කිපී අර්ශස් රෝගය හට ගන්නා බව තමයි ආයුර්වේදයේ කියෑවෙන්නේ. අර්ශස් ගෙඩි නිසා ඇති විය හැකි ප්‍රබල අනතුරක් තිබෙනවා. ඒ තමයි එම ගෙඩි පුපුරා රුධිරය පහ වීමට පටන් ගැනීම. මෙහෙම ලේ ගියාම රෝගියා රක්‌තහීන තත්ත්වයට පත්වෙලා අප්‍රාණික වීමට පටන් ගන්නවා. ප්‍රශ්නය - අර්ශස් හට ගන්නේ මේ හේතු නිසා විතරද? වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - ඔව්. ඉහත සඳහන් තත්ත්වයන් නිසා ගුද මාර්ගය තුළ බාධාකාරී තත්ත්වයක් ඇති වුණාම පීඩනයක් හටගෙන ගුද මාර්ගයේ මළවල තෙරැපීමක් හට ගන්නවා. එවිට එහි නහර තැනින් තැන ඉදිමෙනවා. අප අර්ශස් ගෙඩි කියන්නේ මෙන්න මේ ගෙඩි වලටයි. ලබන සතියට නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055 කාන්තාවන්ගේ මුත්‍ර කාන්දුවට කැකිරි ඇටවලින් සහනය ප්‍රශ්නය - පසුගිය සතියේදී අප මේ ලිපිය අවසන් කළේ කාන්තාවන් තුළ හට ගන්නා මුත්‍රා කාන්දුවීම යන රෝග තත්ත්වය ගැන සාකච්ඡා කිරීමෙනුයි. මේ රෝග තත්ත්වය පාලනය කරන්නේ කොහොමද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - ඉදිරිපස බර වෙමින්, නිතර බර එසවීමෙන් වැළකීම, ශරීරයේ ස්‌ථුලභාවය අඩුකර ගැනීම, මළ බද්ධය සුවකර ගැනීම, කෝපි පානයෙන් වැළකීම යන පිළිවෙත් අනුගමනය කළ හැකි නම් මුත්‍රා කාන්දුව පාලනය කරගත හැකියි. ප්‍රශ්නය - කාන්තාවකගේ මුත්‍ර කාන්දුව සිදුවීමට බලපාන විශේෂ හේතු තිබෙනවාද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - ගර්භණී සමයේදී හටගන්නා වූ ශාරීරික වෙනස්‌කම් මගින් තමයි මුත්‍ර කාන්දුවන පරිදි මුත්‍රා බොක්‌කේ මාංශ පේශීන් හැඩ ගැහෙන්නේ. දරු ප්‍රසූතියේදීත් ආර්ථවහරණ සමයේදීත් මෙම තත්ත්වය ඇති වෙනවා. කාන්දුව හටගන්නේ මුත්‍රා හිස් කිරීමේ ක්‍ෂණික අවශ්‍යතාව මුත්‍රා බොක්‌කට දැනුන විටයි. එතැනදී මුත්‍රා බොක්‌ක සම්පූර්ණයෙන්ම පිරී තිබෙනවා වෙන්නටත් පුළුවන්. නැතිවා වෙන්නටත් පුළුවන්. ප්‍රශ්නය - මෙය මඟහරවා ගන්නේ කොහොමද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - නියම වෙලාවට මුත්‍ර පහ කිරීම සඳහා මුත්‍රා බොක්‌ක පුරුදු කරගත යුතුයි. ඒ සමඟම ශාකසාර ඖෂධ රැසක් තිබෙනවා මේ සඳහා පරිහරණය කළ යුතු. මෙය සැත්කමක් මගින් නිවැරැදි කළ හැකි බව නවීන විද්‍යාවේ සඳහන් වුවත් ආයුර්වේදය මගින් නිර්දේශ කරන්නේ. කැපීම්, කෙටීම් නැති ක්‍රමවේදයක්. ප්‍රශ්නය - මුත්‍ර කාන්දුව ප්‍රශ්නකාරී වන අවස්‌ථා මොනවද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - මුත්‍රා කාන්දුවෙන් පසු ඔබේ යට ඇඳුම් රතු පැහැයෙන් හෝ තද දුඹුරු පැහැයෙන් අවර්ණ වී ඇත්නම් සහ මුත්‍රා කාන්දුව සිදුවන විට දැවිල්ලක් හට ගන්නවා නම් එය අවදානම් තත්ත්වයක් සේ සැලකිය හැකියි. ප්‍රශ්නය - මේ සඳහා නිර්දේශ කළ හැකි ආයුර්වේද ඖෂධ මොනවද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - මුත්‍ර කාන්දුවට සහ නිතර මුත්‍ර පහවීමට ප්‍රතිකාර වශයෙන් සුදුසු ඖෂධ ගණනාවක් ආයුර්වේදයේ තිබෙනවා. ඉන් එකක් තමයි රෝස් කළ කැකිරි ඇට. රෝස් කළ කැකිරි ඇට අහුර බැගින් දිනපතා අනුභව කළොත් මේ රෝග තත්ත්වය මඟහැරෙනවා. ලබන සතියට නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055 සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත පේශි දියවීමේ රෝගය කුඩා දරුවන්ටත් හැදෙනවා ප්‍රශ්නය - පසුගිය සතියේ අප මේ ලිපිය අවසන් කරන්නේ Muscular Dystrophy නමැති මාංශ පේශි විනාශ කරන රෝග තත්ත්වය යටතේ එන Duchenne muscular dystrophy රෝගය ගැනයි. වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - මෙය ඉතාම දරුණු රෝග තත්ත්වයක්. මෙය බහුලව හට ගන්නෙ පිරිමි දරුවන් තුළයි. පිරිමි දරුවකුට අවුරුදු හතර පමණ වන විට රෝග ලක්‍ෂණ හට ගැනීමට පටන් ගන්නවා. ඔවුන්ගේ කලවාවලත් උකුළු ප්‍රදේශයේ අත්වල ඉහළ කොටසේත් මාංශ පේශීන් වැහැරීමට පටන් ගන්නවා. ඒ අනුව අවුරුදු 12 පමණ වන විට රෝගියාට හරියාකාරව කෙලින් ඇවිද යැමට බැරි තත්ත්වයක් ඇති වෙනවා. වෙනතක් තබා කෙළින් සිටගන්නටවත් බැරි වෙනවා. මාංශ පේශීන් දිය වුණත් එහි තිබෙන මේද කොටස් එසේම පැවතීම නිසා අත්පාවල තැන තැන ඉදිමුන ස්‌වභාවයක් දක්‌වනවා. මේ සමඟම කොඳු ඇට පෙළත් ඇද වන්නට පටන් ගන්නවා. අප එය හඳුන්වන්නේ Sජදකසදිසි කියලයි. මේ රෝගීන් තුනෙන් දෙකක් පමණ එම තත්ත්වයට පත්වන්නේ සිය මවුපියන්ගෙන් ලැබුණ ජානමය උරුමය නිසයි. ජාන විකෘතිතා නිසා ඉතිරි තුනෙන් එක රෝගී වෙනවා. නවීන විද්‍යාවට අනුව මේ රෝගයට ප්‍රතිකාරයක් නැහැ. එහෙත් ආයුර්වේද විග්‍රහයට අනුව මේ රෝගය හට ගන්නේ තුන්දොස් කිපීම නිසාත්, තුන්දොස් සමනය කිරීමට ඖෂධ සහ ප්‍රතිකාර ආයුර්වේදයේ තිබෙන නිසාත් මේ රෝගය සුවපත් කිරීමට ආයුර්වේදයට හැකියාව ලැබෙනවා. ප්‍රශ්නය - Duchenne muscular dystrophy රෝගයේ ලක්‍ෂණ ගැන සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - මේ රෝගයේ ප්‍රමුඛ ක්‍රියාවලිය ලෙස අප හඳුනා ගන්නේ ශරීරයේ මාංශය ක්‍ෂය වීම බව මේ වන විට ඔබ දන්නවා. එයට සමගාමීව පහත සඳහන් රෝග ලක්‍ෂණ හටගන්නවා. 1. ඇවිදීම, දිව යැම, පඩි නැගීම යන ක්‍රියාකාරකම්වලදී සමතුලිතතාවයෙන් තොර ස්‌වභාවයන් රෝගියා දක්‌වනවා. 2. රෝගියා නිතරම ඇද වැටෙනවා. 3. ඔහු දැඩි මහන්සියෙන් පෙළෙනවා. 4. ඔහුගේ චලනයන් දුර්වල වෙනවා. 5. ශරීරය සෘජුව තබා ගත නොහැකිව ඇද වෙනවා. 6. පයින් ගමන් කිරීම ඉතා දුෂ්කර වෙනවා. 7. පේශීන්වල තන්තු විනාශයට පත්වීම නිසා අත් පා ක්‍රියා කරවීම දුෂ්කර වෙනවා. 0 chamaramindMost Senior MemberPosts:13471 28 Apr 2018 07:57 PM ඉනා බෙහෙත් වලින් ඇතිවන ලෙඩවලට පිළියම් මෙන්න අප සමාජය තුළ ඇත්තේ දිගු ඉතිහාසයකි. යම් පුද්ගලයකු රෝගියකු බවට පත් කර අබල දුබල කරන්නට හෝ තම අරමුණු ඉටුකර ගැනීම සඳහා අවනත කර ගන්නට මෙම ඉනා බෙහෙත් බහුලව භාවිත කරති. නවීන විද්‍යාව අප සමාජය තුළ පැවැතියත් මෙම ඉනා බෙහෙත් ලබා දීම තවමත් අප අතර සිදුවේ. ප්‍රශ්නය - ඉනා බෙහෙත් පිළිබඳව දේශීය ආයුර්වේදයේ හඳුන්වන්නේ කෙසේද? වෛද්‍ය රන්පත රුවන් රත්නායක - නිරෝගී සාමාන්‍ය පුද්ගලයකුගේ ශරීරයේ කටයුතු සිදුකර ගැනීමට නොහැකි වීමට හෝ ඒවා අඩපණ කරවීමට ලබාදෙන බෙහෙත් වර්ගයක් ලෙස ඉනා බෙහෙත් හඳුන්වනු ලබනවා. ආයුර්වේදයට අනුව මෙය අගදතන්ත්‍රයට හෙවත් විෂ වෛද්‍ය විද්‍යාව යටතට ගැනෙනවා. මෙම විෂ වෛද්‍ය විද්‍යාව යටතේ ඝරවිෂ කියා සංකල්පයක් පවතිනවා. ඝර විෂ යනු විවිධ ආකාරයේ මැතිරීමට ලක් කළ යම් යම් ද්‍රව්‍ය ශරීරගත කර ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාකාරකම් අඩපණ කරවීම සිදු කිරීමයි. මෙම බෙහෙත්වලට සාමාන්‍ය ජන වහරේ ඉනා බෙහෙත් ලෙස පවසනවා. මෙහිදී ශරීරය අඩපණ කිරීම සඳහා යොදා ගනු ලබන ද්‍රව්‍ය අතර, නියපොතු කැබලි, කෙස් කැබලි, සමේ කොටස්, නූල් කැබලි ආදිය අඩංගු වෙනවා. මේවා ආහාර ජීර්ණ පද්ධතිය තුළට ගිය විට එහි තැන තැන පැටලී ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩපණ වෙනවා. එවිට එහි ක්‍රියාකාරීත්වය දුර්වල වී රෝගීන් බවට පත් වෙනවා. ගස්‌ගල් වගේ හිටපු කෙනා එකවර ලෙඩ වූවා කියා පවසන්නේ මෙවැනි අවස්‌ථාවලදී. මෙම ඉනා බෙහෙත්වල ඇති අපද්‍රව්‍ය ආහාර ජීර්ණ පද්ධතියේ දිගු කාලීනව රැඳී තිබීමෙන් අජීර්ණ, සුව නොවී කාලයක් පවතින ලෙඩ රෝග දැකිය හැකියි. ප්‍රශ්නය - මෙවැනි ඉනා බෙහෙත්වල ඇති ප්‍රබල බව එය මතුරන ආකාරය අනුව තීරණය වනවාද? වෛද්‍ය රන්පත රුවන් රත්නායක - ඔව්......... බොහෝ විට ඉනා බෙහෙත් ලබා දෙන්නේ මැතිරීමට ලක් කිරීමකින් පසුයි. වෛද්‍ය විද්‍යාව ලෝකයේ කොයි තරම් දියුණු වුවත් අපගේ පාරම්පරික උරුමයන් එකවර බැහැර කරන්න බැහැ. පිරිත්වලින් ලබා ගන්නා ආශිsර්වාද ගුණ බලය වගේම වචනවලට බල පිහිටුවා මතුරලා හූනියම් කරමින් යම් යම් ලෙඩ රෝග ඇති කරන හැකියාවකුත් අපගේ පාරම්පරික ඇතැම් මන්ත්‍ර ගුරුකම්වල තිබෙනවා. ඒ නිසා නියපොතු, කෙස් ආදිය මතුරලා ඒවා ඉනා බෙහෙත් සමඟ ලබාදීමෙන් එම අපද්‍රව්‍ය ශරීරගතවන පුද්ගලයා තුළ ඇතිවන රෝග පීඩාව වෙනස් විය හැකියි. එසේම මෙලෙස ශරීරගත වන මෙම අපද්‍රව්‍ය නවීන විද්‍යාත්මක පරීක්‍ෂණවලින් පවා හඳුනාගත නොහැකි වන අවස්‌ථා තිබෙනවා. උදාහරණයක් ලෙස ඉතා ප්‍රබල ලෙස මතුරලා දුන් ඉනා බෙහෙත් මගින් ශරීරගත වී ආහාර ජීර්ණ පද්ධතියේ දිගු කාලයක් තිස්‌සේ රැඳී පවතින නියපොතු කැබැල්ලක් ස්‌කෑන් පරීක්‍ෂණයකින් පවා හඳුනා ගත නොහැකි විය හැකියි. එවැනි අවස්‌ථාවන්ට මුහුණ දී ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන්ගේ අත්දැකීම් අප අසා තිබෙනවා. මෙවැනි රෝගීන් දිගු කාලයක් තිස්‌සේ දැඩි ලෙස කායික සහ මානසික පීඩා විඳිමින් ජීවත් වී තිබෙනවා. මෙම ඉනා බෙහෙත් මගිsන් ශරීර ගත වූ අපද්‍රව්‍ය පිළිබඳව යම් දැනුවත් බවක් ඇති ඇතැම් රෝගීන් ඒවා ගැන සිතමින්ද මානසික පීඩාවට පත්ව තිබෙනවා. එවිට ඔවුන්ගේ රෝග තත්ත්වය වඩාත් උත්සන්න වෙනවා. ප්‍රශ්නය - වෛද්‍යතුමනි, මෙවැනි ඉනා බෙහෙත් නිසා රෝගී වූ පුද්ගලයන් සුවපත් කරන ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මොනවාද? වෛද්‍ය රන්පත රුවන් රත්නායක - මෙවැනි ඉනා බෙහෙත් ලබාදෙන ඝරවිෂ සංකල්පය කුමන ආකාරයක ප්‍රබල වුවත් ශරීරයෙන් එම විෂ කොටස් බැහැර කිරීමේ දියුණු වැඩපිළිවෙළක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ තිබෙනවා. අපගේ පාරම්පරික වෛද්‍ය ක්‍රම වලින්ද මෙම ඉනා බෙහෙත් මගින් හදි හූනියම් මගින් ආහාර සමඟ ශරීරගත වූ හෝ ආහාර ලෙස ලබා දුන් යම් යම් ද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් තිබෙනවා. රන්පත වෙද පරපුරත් මේ සඳහා නිසි ප්‍රතිකාර ගණනාවක් සාදා තිබෙනවා. අපගේ වෙද පරපුරට ද උරුම වූ බෙහෙත් වට්‌ටෝරු ගණනාවක් පරීශීලනයට ලක්‌කර වර්තමානයට ගැලපෙන ලෙස භාවිතයට පහසු අයුරින් ඖෂධ වර්ග රැසක් නිෂ්පාදනය කර තිබෙනවා. මෙම ඖෂධ භාවිතය මගින් අප සඳහන් කළ ඝර විෂ පමණක් නොව දැනට රෝගියකුට පවතින වෙනත් රෝග නිසා හට ගත්තා වූ ශරීරයේ පවතින සියලුම විෂ කොටස් ද බැහැර කළ හැකියි. ලබන සතියට 0 chamaramindMost Senior MemberPosts:13471 28 Apr 2018 08:08 PM මොළේ වනසන වැරදි පිළිවෙත් මොළය කියන්නේ අපේ ශරීරයේ තියෙන වටිනාම ඉන්ද්‍රිය. නමුත් අපේ අය කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව අනුගමනය කරන මෙන්න මේ වැරදි පිළිවෙත් නිසා මොළයට හානි සිදුවිය හැකියි. උදේ ආහාරයට නම් මඟ හරින්නම එපා උදේ අහාරය මොන තරම් වැදගත්ද කියන එක හැමදාමත් ලැබෙන උපදෙසක්. පෝෂ්‍යදායි ආහාර වේලක් අනිවාර්යයෙන්ම ලබා ගන්න කියන්නේ එයින් මොළයේ ක්‍රියාකාරිත්ව ක්‍රමවත් කර ගැනීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් අනිවාර්යයෙන් ලබා දිය යුතු නිසයි. එය අහිමි වී යාම ඔබේ මොළයේ වර්ධනය අඩපණ කරන්න හේතුවක් වෙනවා. phone එක ළඟ නැත්තම් නින්ද යන්නේ නැද්ද? මේක විශේෂයෙන් තරුණ පිරිස් වලට තියෙන ලෙඩක්. phone එක ළඟ නැත්තන් නින්ද යන්නෙත් නෑ. ඒත් මේ පුරුද්ද නම් බොහොම නරකයි. phone එකෙන් පිට වන අහිතකර කිරණ මඟින් ඔයාගේ මොළයට හානි සිදු කරනවා. ඉතින් ඔයා හැමදාම ඒ වැරදි වැඩේ කරන්න ගත්තොත් රුයක් පුරා දිනපතා ඔබේ මොළයට එල්ලවන අහිතකර කිරණවල බලපෑම වැඩි කල් නොයා අහිතකර ප්‍රතිඵල ඇති කරන්න හේතු වෙනවා. ඒ වගේම නිතරම phone එක කනේ තියාගෙන ඉන්න එකත් හැකි තරම් අවම කරන්න. ඔබ තුළ මානසික ආතතිය ඇති කරන්න එය හේතු වෙනවා. කොච්චර මොළය වෙහෙසුවත් එයට විවේකයක් දෙන්නේ නැද්ද? කාර්යබහුල බව නිසා විවේකය කියන දේ අපිට ගොඩක් වෙලාවට මඟ හැරෙනවා. ඒත් මොළයේ නිසි ක්‍රියාකාරිත්වයට විවේකය අතිශය වැදගත්. අසනීපයක් වුනු වෙලාවකදීත් මොළය වෙහෙසන්නේ නැතිව විවේක ගන්න කියන්නේ ඒ මඟින් මොළයේ කාර්යක්ෂමභාවය අවම වෙන නිසා. ඒ වගේම නින්ද කියන්නෙත් අනිවාර්ය දෙයක්, අනවශ්‍යය ලෙස නිදී වැරීම මොළයේ සෛලවලට දැඩි ලෙස හානි කරනවා. ඒ නිසා නින්ද ඇතුළු විවේකය ලබා ගැනීම කිසිම වෙලාවක සුළුවෙන් හිතන්න එපා. අනවශ්‍ය ලෙස ආහාර පාලනය මේ දේ නම් කාන්තාවන් ගොඩාක් දෙනෙක් කරන වැරැද්දක්. බර වැඩියි, බඩ වැඩියි, එහෙම නැත්තන් මහත වැඩියි කියලා අනවශ්‍යය විදියට ආහාර පාලනය කරනවා. නමුත් පුද්ගල මනස එදිනෙදා ක්‍රියාකාරකම් වලට ක්‍රමානුකුලව හැඩ ගැසිලයි තියෙන්නේ. ඉතින් ශරීරය ඒ දේවල් ඔයාගෙන් ඒ ඒ වෙලාවල්වලදී ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හැමදාම කෑම කන වෙලාවට අපිට බඩගින්නක් දැනෙන්නේ ඒ නිසානේ. ඒ නිසා එක පාර කෑම නොකා ඉන්නේ නැතිව ටිකෙන් ටික අඩු කරමින් පාලනයකට එන්න. Medi news 0 indika76Most Senior MemberPosts:10459 29 Apr 2018 03:27 AM අපේ මොලයට නම් නින්ද ගියත් විවේකයක් නැතිව ඇති.. ඒ තරමට කාර්ය බහුල වෙලා... 0 chamaramindMost Senior MemberPosts:13471 29 Apr 2018 03:56 AM සිරුරේ කළු ලප භයානක රෝගයක පෙරනිමිත්තක් සමේ සමහර ස්ථාන අනෙක් ස්ථානවලට වඩා රළු වී, කළු පැහැ ගැන්වී තිබෙන අවස්ථා සමහර විට ඔබට දකින්න ලැබී ඇති. ඇතැම් විට මේ කළු පැහැ ලප රැළි ගැසුණු වෙල්වට් ස්වභාවයක් ගන්නවා. මේ තත්ත්වයට කියන්නේ “Acanthosis Nigricans” කියලයි. මේ තත්වය සමහරවිට පිළිකා වැනි භයානක රෝගයක පෙරනිමිත්තක් වෙන්න ඉඩ තියෙන නිසා මේ ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. අවුරුදු හතළිහට වැඩි හෝ තරබාරු නොවන අයෙකුගේ ශරීරයේ මෙවැනි ලපයක් හදිසියේ ඇතිවුවහොත් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් පැතිය යුතුමයි. ලප ඇතිවන ස්ථාන මෙවැනි රළු ලප වැඩි වශයෙන් ඇතිවිය හැක්කේ කිහිල්ල, බෙල්ල, දණහිස ඇතුළත හෝ පිට, මුහුණේ, ඉකිලිවල, කලවා ආශ්‍රිතව, වැලමිටේ ඇතුළත සහ පිටත, පෙකණිය අසල, ප්‍රජනන අවයව වල, අත්ලේ, පිටි අත්ලේ සහ නකල්ස් ප්‍රදේශවල, දෙපතුල්වල, තොල්වල සහ පපු ප්‍රදේශය වැනි ස්ථාන වලයි. අත්ලේ සහ පතුලේ ඉතා ඝන ලෙස පිහිටන මෙවැනි ලප ගැන සැලකිලිමත් වී වෛද්‍යවරයෙකුට පෙන්වීමෙන්, එය පිළිකාවක ලක්ෂණයක්දැයි හඳුනාගන්න පුළුවන්. මේවා ලපවලට අමතරව ඉන්නන් ලෙසද පිහිටා තිබිය හැක. මෙම රෝගී තත්ත්වය මගින් රෑපය අවලස්සන වේ. මෙම ලප වැඩිපුර ඇතිවන්නේ ආසියාතික සහ අප්‍රිකානු රටවල ජීවත්වන පුද්ගලයන් අතරය. මෙවැනි ලප ඇතිවීම පසුපස තිබිය හැකි රෝග අනතුරු අත්ලේ මෙවැනි ලප පිහිටා ඇත්නම් ආමාශයේ හෝ පෙනහළුවල ඇති වී තිබෙන පිළිකාවක් හඟවන ලක්ෂණයක් විය හැකියි. කිහිල්ලේ මෙවැනි ලප පිහිටා ඇත්නම් එය ආමාශයේ ඇති වූ පිළිකාවක් හඟවන ලක්ෂණයක් විය හැකියි. දෙපතුලේ, තොල්වල හෝ මුහුණේ පිහිටා ඇත්නම් එය අමාශයේ, පියයුරුවල, වකුගඩුවල, පෙනහළුවල, පිත්තාශයේ හෝ ගර්භාශයේ ඇති වූ පිළිකාවක් හඟවන ලක්ෂණයක් විය හැකියි. මානසික ආබාධයක ප්‍රතිඵලයක් ලෙස – උදා :- මන්දබුද්ධික බව තයිරොක්සින් හෝමෝනය අඩු වීම නිසා, පිටියුටරි ග්‍රන්ථයේ ඇති රෝගී තත්වයක් නිසා, දියවැඩියා රෝගය නිසා ඇතිවන ඉන්සියුලින් ප්‍රතිවිරෝධක අවස්ථාවකදී, කුෂින් සින්ඩ්‍රෝම් නමැති රෝගයේ ප්‍රතිඵලයක් ලෙස හෝ පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් නමැති ඩිම්බකෝෂ ආශ්‍රිත රෝගයේ ප්‍රතිඵලයක් ලෙස, මෙන්ම අධික ලෙස තරබාරු අයට, ජානමය හේතුන් මතද මෙවැනි ලප ඇති විය හැක. සමහර දරුවන්ට මේ ලප උපතින්ම පිහිටයි. නැතිනම් ළමා කාලයේදී ඇති වී වයසත් සමඟ පැතිර යා හැකියි. ශරීරයට නොගැලපෙන ඇතැම් ඖෂධ භාවිතය නිසාත් මෙවැනි ලප ඇතිවීමට ඉඩ තිබේ. උපත් පාලන පෙති සහ සිරෝසිස් රෝගයට ලබාදෙන බෙහෙත් නිසාද මෙවැනි ලප බොහෝ විට ඇති විය හැක. වකුගඩු බද්ධ කළ පසු ඇතැම් අයට මෙවැනි ලප ඇති වේ. මෙවැනි ලප පිහිටා ඇති අය මේවා ගැන සැලකිලිමත් වී වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. වෛද්‍යවරයෙකු ඔබේ ලපවලට ඇති හේතුව සොයා ගැනීමට ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කරනු ඇත. රුධිරගත සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීම, ලබා ගන්නා අනෙකුත් බෙහෙත් වර්ග සහ ඔබේ රෝගය අතර සම්බන්ධයක් තිබේදැයි සෙවීම, සමෙන් කොටසක් බයොප්සි පරීක්ෂණයක් සඳහා යැවීම, බර අඩු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීම, දියවැඩියාව සඳහා ඖෂධ ලබාදීම, හේතුව හෝමෝන සම්බන්ධ ගැටලුවක් නම් හෝමෝන සහ විටමින් අතිරේක ලබාදීම. සුගත් 0 chamaramindMost Senior MemberPosts:13471 29 Apr 2018 05:00 PM 0 chamaramindMost Senior MemberPosts:13471 29 Apr 2018 05:01 PM 0 chamaramindMost Senior MemberPosts:13471 29 Apr 2018 05:01 PM 0 chamaramindMost Senior MemberPosts:13471 29 Apr 2018 05:03 PM 0 chamaramindMost Senior MemberPosts:13471 29 Apr 2018 05:08 PM 0 chamaramindMost Senior MemberPosts:13471 29 Apr 2018 05:08 PM 0 chamaramindMost Senior MemberPosts:13471 29 Apr 2018 05:08 PM 0 chamaramindMost Senior MemberPosts:13471 29 Apr 2018 05:09 PM 0 chamaramindMost Senior MemberPosts:13471 29 Apr 2018 05:09 PM 0 chamaramindMost Senior MemberPosts:13471 29 Apr 2018 05:09 PM 0 chamaramindMost Senior MemberPosts:13471 29 Apr 2018 05:11 PM 0 chamaramindMost Senior MemberPosts:13471 01 May 2018 06:40 PM පාදවල අවලස්සන රූපයේ ලස්‌සනට බාධාවක් වෙලාද? කාන්තා රුව පිළිබඳ කතා බහ කිරීමේදී පාද ලස්‌සනට තබා ගැනීමට වෙහෙසීම තුළ ඇතැම් කාන්තාවන්ට පාදවල දද, කුෂ්ඨ වැනි රෝග මෙන්ම නහර ගැට ගැසීමද රූපයේ ලස්‌සනට බාධාවක් වී තිබේ. නහර ගැට ගැසීම බොහෝ විට දකින්නට ලැබෙන්නේ මැදි වයසේදී වන අතර ගුරු හෙද වැනි වෘත්තීන්වල යෙදෙන අය අතර නහර ගැට ගැසීම ඇතිවීමේ ප්‍රවනතාවය වැඩිය. එයට හේතුව තරුණ වියේ විට හිටගෙන රැකියාවේ නිරත වීමයි. ගුරු හෙද යන වෘත්තීන්ට අමතරව හිටගෙන රැකියාවේ කාලාන්තරයක් යෙදී සිටීම මෙම තත්ත්වය ඇතිවීමට හේතුවේ. තවද ඇතැම් කාන්තාවන්ට මෙය ගර්භනී කාලයේ ඇතිවිය හැකි අවස්‌ථා තිබේ. මෙම තත්ත්වය ඇතිවීමට බලපාන හේතු ලෙසට ප්‍රවේණිගතව ඇති වන අවස්‌ථා ඇති අතර, වැඩිපුර හිටගෙන සිටීම, ව්‍යායාමයක් නොමැති වීම මත පාදවල සිට හෘදය කරා රුධිරය ගෙන යන ශිරාවල පිහිටි කපාට නිසි ලෙස ක්‍රියාත්මක නොවීම මත නහර ගැටගැසීමේ තත්ත්වය ඇතිවේ. අධික ස්‌ථුලතාවයද නහර ගැට ගැසීම ඇතිවීමට හේතුවකි. සැබැවින්ම මෙහිදී මතක තබා ගත යුතු වන්නේ පාදවල මනා රුධිර සංසරණයක් නොවීම නිසා මෙය ඇති වන තත්ත්වයක් බවයි. ගර්භනී අවස්‌ථාවේදී පාදවල නහර ගැට ගැසෙන අයට ප්‍රසූතියෙන් පසු ඉබේ මඟහැරී යැමේ හැකියාව තිබේ. එයට හේතුව රුධි සංසරණය ක්‍රමවත් වීමය. ඇතැම් අයගේ මකුළු දැලක ආකාරයට සිහින් රුධිර නාලිකා කැටි ගැසීම් ඇති ආකාරය පාදවල හඳුනාගත හැකි අවස්‌ථා තිබේ. එවැනි තත්ත්වයන් බොහෝ විට ප්‍රවේණිගතය. නහර ගැට ගැසීම මතු වී එන අවස්‌ථාවේදී රුධිර සංසරණය ක්‍රමවත් කර ගැනීමට නිසි උපදෙස් මත ව්‍යායාමවල නිරත වීමත්, එමෙන් මනා රුධිර සංසරණයක් සැපයෙන ආකාරයට පාද අංශක 45 වැනි ප්‍රමාණයකට තමන් වාඩි වී සිටින තැනට හෝ නිදා සිටීමේදී හෝ උසින් පවත්වා ගෙන යැමට කොට්‌ටයක් වැනි දෙයක් භාවිත කිරීමට වගබලා ගන්න. නහර ගැට ගැසීමක් ඇති වී නම් ඒ ආශ්‍රීතව තුවාලයක් ඇති නොවන්නට කල්පනාකාරී විය යුතුය. යම් හෙයකින් තුවාලයක් ඒ ආශ්‍රිතව සිදු වී නම් රුධිර සංසරණ වේගය අඩු නිසා තුවාලය සුවවීමේ වේගය ඉතාම අඩුය. මෙවැනි අවස්‌ථාවක හැකි තරම් පාදවල යට සිට ඉහළට වෙළුම් පටියක් නිසි පරිදි ඔතා සිටීමෙන් රුධිර සංසරණයට උදවුවක් ලැබෙනු ඇත. මෙවැනි තත්ත්වයක් හමුවේ කාන්තාවන් පාදවල අවලස්‌සන පිළිබඳ පසුතැවිලිවීම නිසාවෙන් මෙම තත්ත්වය මගහැර ගැනීමට වෛද්‍ය උපදෙස් මත තෛල වර්ගයක් ආලෝපයෙන් රුධිර සංසරණය ක්‍රමවත් කර ගැනීමේ හැකියාව තිබේ. නහර ගැට ගැසීමෙන් රූපයේ අවලස්‌සනට මතුවෙන තත්ත්වයට සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් චීනකටු වෛද්‍ය ක්‍රමය තුළ තිබේ. මෙහිදී පළමුව රෝගියාගේ ඇති වී තිබෙන තත්ත්වයට හේතු විමසා බලා මනා රුධිර සංසරණයක් ඇති කර ගැනීමට උපයෝගී වන විශේෂිත නිල උත්තේජනය කරන අතර මේ මගින් නහර ගැට ගැසීම යථා තත්ත්වයට පත්වීම ඉක්‌මන් කරනු ලැබේ. චීනකටු චිකිත්සාවෙන් මනා රුධිර සැපයුමක් ලබාදීම තුළ කිසිදු වේදනාකාරී තත්ත්වයක් ඇති නොවන ආකාරයට ප්‍රතිකාර ලබා දෙන්නේ සාර්ථක අතුරු ආබාධ රහිත චිකිත්සා ක්‍රමයක් ලෙසටය. නහර ගැට ගැසීම මත පාද අවලස්‌සන නිසාවෙන් ඔබත් පීඩා විඳිනවා නම් නොමිලේ චීනකටු චිකිත්සාවෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තිබේ. මහාචාර්ය ඇන්ටන් ජයසූරිය රෝහලට 0112507383 අංකය ඇමතීමෙන් ඔබටත් එම නොමිලේ අවස්‌ථාව ලබා ගැනීමට පුළුවන. වෛද්‍ය අමිලා කේ. ජයසිංහ 0 chamaramindMost Senior MemberPosts:13471 03 May 2018 04:13 AM නිතර ගබ්සාවීමෙන් දරු ඵල අහිමි වෙනවාද මවක්වීමට බලාපොරොත්තුව සිටින කාන්තාවකට ගර්භිණීබව මහත් ආශිර්වාදයකි. ගැබ්ගත්බව දැනගත් විට එය ආරක්ෂා කර ගැනීමට සෑම කාන්තාවක්ම විශේෂ සැලකිල්ලක් දක්වයි. එහෙත් නොසිතූ ලෙස දරු ගැබ අහිමිවන අවස්ථා තිබේ. ඒ බව කාන්තාවක දැනගන්නේ රුධිර වහනයෙනි. මේ නිසා ගර්භිණියකට රුධිර වහනයක් ඇතිවීම බියට හා ආතතියට පත් කරවන තත්ත්වයක් වේ. එනිසාම ගර්භිණී මුල් සමයේ සිදුවන රුධිර වහනය හා ඉන් ඇතිවිය හැකි ගැටලූ සම්බන්ධව මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ. ගර්භිණී සමයේ පළමු තෙමස ඇතුළත මවුවරුන්ගෙන් සියයට තිහකට පමණ රුධිර වහනයක් ඇති වේ. එහෙත් ඉන් ගබ්සාවක් වන්නේ අඩක් පමණි. බොහෝ මවුවරුන් මෙම අත්දැකීමට මුහුණ දෙන්නේ ගැබ්ගෙන සති 6-12 අතර කාලයේදීය. මෙවන් ගැටලූවකට මුහුණ දුන් විට හැකි විගස ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම වැදගත්ය. ඒ, තමන්ට ගබ්සාවක පෙර නිමිත්තක් දැයි තහවුරු කර ගැනීම සඳහාය. තද්ධිත ගබ්සාවක්ද? රුධිරය පහවන කාන්තාවකට යෝනි මාර්ග පරීක්ෂාවක් හා ස්කෑන් පරීක්ෂාවක් සිදු කර ගබ්සාවක් ද, එහි ස්වභාවය කෙසේ දැයි පරීක්ෂා කරනු ලැබේ. රුධිර වහනයකින් දරුවාට අනතුරක් විය හැකිය. එනිසා එය පරික්ෂා කරයි. සාමාන්‍යයෙන් ගර්භාෂයෙන් පිටත ගැබ්ගෙන තිබිය හැකි බැවින් එවැනි තත්ත්වයක් ද යන්නත් පරික්ෂා කරයි. සාමාන්‍යයෙන් ගර්භාෂයෙන් පිටත දරුවකු ජීවත්වීමට හැකියාව තිබෙන අවම ගැබ් කාලය සති 28 ක් ලෙස සලකනු ලැබේ. එහෙත් සති 28 ට පෙර රුධිර වහනයක් සිදු වුවහොත් එය තද්ධිත ගබ්සාවක් (Threatetened miscarreiage) ලෙසට හඳුන්වයි. මෙහිදීද රුධිරය පහ වෙයි. මේ හැර ජානමය හේතු මත ද කලලය ගබ්සා විය හැකිය. එවැනි දෑ බොහෝවිට වළක්වා ගැනීම අපහසු වේ. ගැබ්ගෙලේ ගැටලූවක්ද? එසේම කලලය හා එය දරා සිටින පටලවලින් ආවරණය වූ බෑගය හා සම්බන්ධයක් නැති ගැබ්ගෙල ආශ‍්‍රිත ආසාදන, ඉදිමීම්, තුවාල ගැටිති (Polyps) හේතුවෙන්ද, යෝනි මාර්ගයෙන් රුධිරය වහනය විය හැකිය. එයින් දරුවාට බලපෑමක් නැත. මවට අර්ශස් වැනි ගුද මාර්ගයෙන් සිදුවන රුධිර වහනයක් ද යන්නත් හොඳින් බලා නිවැරදි කරගත යුතුය. එසේම ගර්භිණීවීමෙන් පසු මග හැරෙන පළමු මාස් ශුද්ධිය සිදුවීමට නියමිත කාලයේ දී බොහෝ කාන්තාවනට රෝස හෝ දුඹුරු පැහැති රුධිරය ඉතා සුළු ප‍්‍රමාණයක් පහ වේ. එනිසා එම තත්ත්වය දැයි වෛද්‍ය පරීක්ෂාවෙන් දැන ගත හැකිය. එසේම කලලය ගර්භාෂ කුහරයේ තැන්පත්වීම සිදුවන ක‍්‍රියාවලිය හා සම්බන්ධ සිදුවීමකි. එවිට ද සුළු රුධිර වහනයක් සිදු වුවත් කලලයට අනතුරක් නොකරයි. ගබ්සාවට ප‍්‍රතිකාර තිබෙනවාද? තද්ධිත ගබ්සාවක් සිදුව ඇත්නම් කලලයේ ඉදිරි වර්ධනය තහවුරු කළ හැක්කේ ඊළඟට එළැඹෙන සති කිහිපය ගතවීමෙන් පසුවය. මෙම කාල සීමාව සඳහා ඔබේ වෛද්‍යවරයා විසින් හෝමෝන ඌනතාවක් හේතුවෙන් රුධිර වහනය සිදුවන්නේ යැයි අනුමාන කොට ‘ප්‍රොජෙස්ටරෝන්’ (Progesterone) හෝමෝන ප‍්‍රතිකාර නියම කරනු ඇත. මෙවැනි තත්ත්වයක දී මව ඇඳ විවේකයෙන් සිටිය යුතුය. එසේම ලිංගික සබඳතාවලින්ද වැළකී සිටීම අවශ්‍යය. මේ හැර ගබ්සාවට මූලික හේතුව ජානමය බලපෑමක් නම් එය කිසිසේත්ම වළක්වා ගැනීමට නොහැකි වනු ඇත. මෙසේ වන්නේ ස්වභාව ධර්මය විසින් අසම්පූර්ණ දරුවකු බිහි කිරීම වැළැක්වීමට ගන්නා ප‍්‍රතිඵලයක් ලෙසටය. ජානමය හේතු නොවන ගබ්සාවෙන් වැළකීමට නම් ගැබ්ගත්බව දැනගත් මුල් අවස්ථාවේදීම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම අවශ්‍යය. ඉන් බොහෝදුරට ජානමය නොවන හේතු මත සිදුවන ගබ්සා වළක්වා ගැනීමට පුළුවන. ගර්භිණීත්වය සමග බොහෝවිට ඇතිවෙන වමනය හා ඔක්කාරය ආදී ලක්ෂණ දිගටම පැවතීම එම කලලය තවදුරටත් වර්ධනය වන බවට සාක්ෂියක් වේ. නැවත නැවත ගබ්සා වුණොත් මොකද කරන්නෙ? කාන්තාවකට පළමු තෙමස තුළ සිදුවන ගබ්සාවලින් 80% ක් පමණ අසමතුලිත ජාන පිහිටීම නිසා සිදු වේ. කාන්තාවකට නැවත නැවත ගබ්සා සිදු වේ නම් ඊට හේතු විය හැකි කරුණු සොයා බැලීම ජානවල යම්කිසි විකෘතිතාවක් තිබේ දැයි සොයා බැලීමට (Pareutal Karyotyping) නම් වර්ණදේහ පරික්ෂාවක් සිදු කළ යුතුය. තම ශරීරයේ පටකවලට තම ශරීරය විසින්ම හානි කරන රෝග තත්ත්වයක් තිබේ දැයි සොයා බැලීමට සුවිශේෂී වූ ලේ පරීක්ෂාවක් සිදු කළ යුතුය. නැවත ගබ්සාවීම වළක්වා ගැනීමට සුවිශේෂී ප‍්‍රතිකාර ගර්භිණිතාව තහවුරු කළ වහාම ආරම්භ කිරීමට ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරනු ඇත. ප‍්‍රතිකාර නිසි ලෙස පිළිපැදීමෙන් එක දිගට ගබ්සා ගණනාවක් සිදු වූ මවුවරුන්ට නියමිත ප‍්‍රතිකාර මගින් දරු සම්පත් ලබා ගත හැකිය. දරුවකු බලාපොරොත්තුව සිටින කාන්තාවකට දියවැඩියාව, තයිරොක්සීන් ඌනතාව වැනි රෝග තත්ත්ව හඳුනා ගැනීමත් ඉතා වැදගත්ය. එවැනි රෝග නිසි ලෙස පාලනය කිරීම මගින් නැවත නැවත ගබ්සාවීම වළක්වා ගත හැකි වේ. කාන්තාවකගේ ගැබ්ගෙල දුර්වලවීමත් විශේෂයෙන් තරමක් වර්ධනය වූ දරුවකු ගබ්සාවීමට හේතු වේ. එසේම ගර්භාෂ කුහරයේ උපතින්ම ඇති වූ අසාමාන්‍යතා ද යම්තාක් දුරට ගබ්සාවකට මුල්විය හැකිය. එනිසා කිහිපවරක් ගබ්සා වුවහොත් ඒ කාන්තාවට ඊට හේතුව සොයා ගත යුතුය. ඒ සඳහා අද බෙහෙවින් නවීන විද්‍යාත්මක ඖෂධ තිබේ. ඉන් එවැනි ගැටලූ වළක්වා සාර්ථකව දරුවකු බිහි කිරීමට මවුවරුන්ට හැකියාව තිබේ. ඒ ගැන මීළඟ ලිපියෙන් පැහැදිලි කර ගනිමු. ශිරානි ගල්ලෑල්ල 0 chamaramindMost Senior MemberPosts:13471 03 May 2018 05:52 PM 0 chamaramindMost Senior MemberPosts:13471 03 May 2018 05:52 PM 0 You are not authorized to post a reply. Page 117 of 137 << < 115116117118119 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner