You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 116 of 137 << < 114115116117118 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Apr 2018 05:58 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Apr 2018 06:08 PM

suwa3 'එක්‌සීමා' රෝග තත්ත්වය මත සමහෙs වේදනාවක්‌ හා කැසීමක්‌ ඇතිවන අතර මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස සම ඉබේම කසනා පැළුණු හා ඉදිමුණු ස්‌වභාවයක්‌ පෙන්නුම් කරන බව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති
 
 සමේ රෝගයක්‌ සේ සැළකෙන 'එක්‌සීමා' රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා බටහිර සමේ රෝග විශේෂඥයින් විසින් නිර්දේශ කරනු ලබන ස්‌ටෙරොයිඩ් ක්‍රීම් වර්ග එම රෝග තත්ත්වය දරුණු කිරීමට හේතු වන බව ඇමරිකානු සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන වෛද්‍ය මර්වින් රැපාපෝට්‌ අධ්‍යයනයක ප්‍රතිඵලයක්‌ ලෙස ප්‍රකාශ කර තිබේ.
 
 'එක්‌සීමා" යන පොදුවේ වැඩි දෙනෙකු පීඩා විඳින සමේ රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා ස්‌ටෙරොයිඩ් ක්‍රීම් වර්ග භාවිත කිරීමේදී සම ඒ සඳහා ඇබ්බැහි වන අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස එම ක්‍රීම් භාවිතය නතර කළ විගස නැවත එම රෝග තත්ත්වය දරුණු අන්දමින් මතුවන බව වෛද්‍ය රැපාපෝට්‌ පවසයි.
 
 'එක්‌සීමා' රෝග තත්ත්වය මත සමහෙs වේදනාවක්‌ හා කැසීමක්‌ ඇතිවන අතර මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස සම ඉබේම කසනා පැළුණු හා ඉදිමුණු ස්‌වභාවයක්‌ පෙන්නුම් කරන බව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති. මෙහිදී මෙම තත්ත්වයට ප්‍රතිකාර වශයෙන් බටහිර වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ස්‌ටෙරොයිඩ් ක්‍රීම් වර්ග භාවිත කිරීමෙන් සමෙහි මතුවන ඉහත කී ලක්‌ෂණයන් නැතිව යයි.
 
 එහෙත් එසේ සමෙහි මතුව ඇති රෝග ලක්‌ෂණ මතුපිටින් නැතිව ගියද එම ස්‌ටෙරොයිඩ් ක්‍රීම් වර්ග භාවිත කිරීම නතර කළ පසු එම ලක්‌ෂණයන් නැවත දරුණු ලෙස මතුවන බව වෛද්‍ය රැපාපෝට්‌ පවසයි.
 
 මෙම තත්ත්වය ඔහු විසින් 2003 වසරේදී සායනික චර්ම වෛද්‍ය විද්‍යාව පිළිබඳ සඟරාවෙහි නම්කර තිබුණේ රතු දැවෙන චර්ම රෝගය හෙවත් "රෙඩ් බර්නින් ස්‌කින් සින්ෙඩ්‍රාaම්" ලෙසය.
 
 මෙහිදී කළ යුතු එකම ප්‍රතිකර්මය "එක්‌සීමා" රෝගය සඳහා ස්‌ටෙරොයිඩ් ක්‍රීම් කිසිසේත් භාවිත නොකිරීම බවත් තමන් වෙත පැමිණි එම රෝග තත්ත්වයෙන් පෙළුණ 4000 ක්‌ දෙනා හට ස්‌ටෙරොයිඩ් ක්‍රීම්වලින් මිදීමට තමා උපකාර කළ බව ඔහු සඳහන් කර සිටී. වසර ගණනාවක්‌ ස්‌ටෙරොයිඩ් ක්‍රීම් වර්ග අධික ප්‍රමාණයන් ගෙන් 'එක්‌සීමා' රෝගය සඳහා භාවිත කිරීමෙන් සමෙහි ඇති රුධිර නාල වසා දමා සම රතු පැහැ ගන්වන බව වෛද්‍ය මතය වී තිබේ.
 
 මෙම ස්‌ටෙරොයිඩ් ක්‍රීම් භාවිතය නතර කර දිගු කලක්‌ දරුණු ලෙස රෝගාතුරුව සිටි 'එක්‌සීමා' රෝගීන්ගේ සම නැවත වරක්‌ ස්‌වාභාවිකව අලුතින් ඇතිවීම සිදු වන බව වෛද්‍ය රැපාපෝට්‌ සඳහන් කරයි.
 
 ඒමන්ති මාරඹේ

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Apr 2018 06:22 PM
suwa4දිනපතා ජලය නෑමෙන් මිනිසාගේ ශරීරයෙහි සම වියළී ගොස්‌ පැලීම් සිදු වන බවත් ඒ හරහා විෂබීජ ශරීරට ඇතුළු වී ලෙඩ රෝගවලට ගොදුරුවීමේ අවදානම වැඩිවන බව ඇමරිකා එක්‌සත් ජනපදයේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වන වෛද්‍ය එලේන් ලාසන් ප්‍රකාශ කර සිටින්නීය.
 
 බොහෝ දෙනා දිනපතා නෑමෙන් රෝග වැළඳීමේ අවදානම අඩුකරගත හැකි බව විශ්වාස කළද එසේ නෑම හරහා ශරීරයේ දුර්ගන්දය ඉවත් කිරීම පමණක්‌ සිදුවන බව ඇය සඳහන් කර ඇත. මෙම මතයට සිය අදහස්‌ එක්‌ කරන ඇමරිකා එක්‌සත් ජනපදයේ ජෝඡ් වොෂිංටන් විශ්වවිද්‍යාලයේ චර්ම රෝග පිළිබඳ සහකාර මහාචාර්ය වෛද්‍ය සී.
 
 බ්‍රෙන්ඩන් මිචෙල්ට අනුව නිරතුරුව සම සේදීමට ලක්‌ කිරීමෙන් සමෙහි අඩංගු ස්‌වභාවික තෙල් ඉවත්කරන අතර එහිදී ප්‍රතිශක්‌තිකරණ පද්ධතියට හිතකර බැක්‌ටීරියාවන්ගේ ක්‍රියාකාරිත්වයටද එය බලපෑම් එල්ල කරනු ලබයි.
 
 "දිනපතා ජලය නෑම මේ නිසා අනවශ්‍යයි. සතියකට වරක්‌ හෝ දෙවරක්‌ නෑම බොහෝ විට ප්‍රමාණවත්' වෛද්‍ය මිචෙල් කියයි.
 
 බොහෝ දෙනා නොදන්නා කරුණක්‌ වනුයේ මිනිස්‌ සිරුර ස්‌වභාවිකවම තෙල් වලින් පරිපූර්ණ යන්ත්‍රයක්‌ බව යෑයිද බොහෝ දෙනා වැඩිපුර නෑමෙන් එම තත්ත්වය නැතිකර ගන්නා බව ඔහු සඳහන් කරයි.
 
 බටහිර චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනුයේ නාන විටදී සිරුර පුරාම සබන් ගැලීමෙන් වැළකීම වැදගත් වන අතර කිහිල්ල හා පාද වැනි දුර්ගන්ධය හැමිය හැකි ස්‌ථානවල පමණක්‌ සබන් ගැල්වීම සිදුකළ යුතු බවයි.
 
 වියළි හිස කෙස්‌ පවතින අයෙකු සති කිහිපයකට වරක්‌ එය සේදීම ප්‍රමාණවත් බවත් ඉස්‌හොරි හා හිස කෙස්‌ ආශ්‍රිත ගැටලු පවතින අයට සතියකට කිහිප වරක්‌ ශැම්පු යොදා හිස කෙස්‌ සේදීම කළ හැකි බව ද ප්‍රකාශ වී තිබේ.
 
 අවශ්‍ය පමණට වඩා සම ජලයෙන් සේදීමෙන් ශරීරයේ ජීවත්වන ශරීරයට හිතකර බැක්‌ටීරියා වෛරසය හා අනිකුත් විෂබීජවලට හානි පැමිණෙන බව මෙයට පෙර අධ්‍යයනවලින් හෙළිවී තිබේ.
 
 දිනපතා නෑම නුසුදුසු බව ප්‍රකාශ කර ඇති වෛද්‍ය ලාසන්ට අනුව දිනපතා නිරතුරුව දෑත් සබන් යොදා හොඳින් සේදීම මෙන්ම රෙදි සේදීම කෙරෙහි හැමට වඩා ජනතාව අවධානය යොමු කළ යුතු වෙයි.
 
 මේ හරහා ලෙඩ රෝග වැළඳීමේ අවදානම අඩු වන බවට ඇය පවසන්නීය.
 
 වෛද්‍ය මිචෙල්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Apr 2018 06:32 PM

weda4මෙම බෙහෙත්වලට සාමාන්‍ය ජන වහරේ ඉනා බෙහෙත් ලෙස පවසනවා.
 
 මෙහිදී ශරීරය අඩපණ කිරීම සඳහා යොදා ගනු ලබන ද්‍රව්‍ය අතර, නියපොතු කැබලි, කෙස්‌ කැබලි, සමේ කොටස්‌, නූල් කැබලි ආදිය අඩංගු වෙනවා.
 
 මේවා ආහාර ජීර්ණ පද්ධතිය තුළට ගිය විට එහි තැන තැන පැටලී ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩපණ වෙනවා.
 
 අප සමාජය තුළ ඇත්තේ දිගු ඉතිහාසයකි. යම් පුද්ගලයකු රෝගියකු බවට පත් කර අබල දුබල කරන්නට හෝ තම අරමුණු ඉටුකර ගැනීම සඳහා අවනත කර ගන්නට මෙම ඉනා බෙහෙත් බහුqලව භාවිත කරති.
 
 නවීන විද්‍යාව අප සමාජය තුළ පැවැතියත් මෙම ඉනා බෙහෙත් ලබා දීම තවමත් අප අතර සිදුවේ.
 
 වෛද්‍යතුමනි, ඉනා බෙහෙත් පිළිබඳව දේශීය ආයුර්වේදයේ හඳුන්වන්නේ කෙසේද?
 
 නිරෝගී සාමාන්‍ය පුද්ගලයකුගේ ශරීරයේ කටයුතු සිදුකර ගැනීමට නොහැකි වීමට හෝ ඒවා අඩපණ කරවීමට ලබාදෙන බෙහෙත් වර්ගයක්‌ ලෙස ඉනා බෙහෙත් හඳුන්වනු ලබනවා. ආයුර්වේදයට අනුව මෙය අගදතන්ත්‍රයට හෙවත් විෂ වෛද්‍ය විද්‍යාව යටතට ගැනෙනවා. මෙම විෂ වෛද්‍ය විද්‍යාව යටතේ ඝරවිෂ කියා සංකල්පයක්‌ පවතිනවා. ඝර විෂ යනු විවිධ ආකාරයේ මැතිරීමට ලක්‌ කළ යම් යම් ද්‍රව්‍ය ශරීරගත කර ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාකාරකම් අඩපණ කරවීම සිදුÊකිරීමයි.
 
 මෙම බෙහෙත්වලට සාමාන්‍ය ජන වහරේ ඉනා බෙහෙත් ලෙස පවසනවා. මෙහිදී ශරීරය අඩපණ කිරීම සඳහා යොදා ගනු ලබන ද්‍රව්‍ය අතර, නියපොතු කැබලි, කෙස්‌ කැබලි, සමේ කොටස්‌, නූල් කැබලි ආදිය අඩංගු වෙනවා.
 
 මේවා ආහාර ජීර්ණ පද්ධතිය තුළට ගිය විට එහි තැන තැන පැටලී ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩපණ වෙනවා. එවිට එහි ක්‍රියාකාරීත්වය දුර්වල වී රෝගීන් බවට පත් වෙනවා. ගස්‌ගල් වගේ හිටපු කෙනා එකවර ලෙඩ වූවා කියා පවසන්නේ මෙවැනි අවස්‌ථාවලදී. මෙම ඉනා බෙහෙත්වල ඇති අපද්‍රව්‍ය ආහාර ජීර්ණ පද්ධතියේ දිගු කාලීනව රැඳී තිබීමෙන් අජීර්ණ, සුව නොවී කාලයක්‌ පවතින ලෙඩ රෝග දැකිය හැකියි.
 
 වෛද්‍යතුමනි, මෙවැනි ඉනා බෙහෙත්වල ඇති ප්‍රබල බව එය මතුරන ආකාරය අනුව තීරණය වනවාද?
 
 ඔව්......... බොහෝ විට ඉනා බෙහෙත් ලබා දෙන්නේ මැතිරීමට ලක්‌ කිරීමකින් පසුයි. වෛද්‍ය විද්‍යාව ලෝකයේ කොයි තරම් දියුණු වුවත් අපගේ පාරම්පරික උරුමයන් එකවර බැහැර කරන්න බැහැ. පිරිත්වලින් ලබා ගන්නා ආශිsර්වාද ගුණ බලය වගේම වචනවලට බල පිහිටුවා මතුරලා හූනියම් කරමින් යම් යම් ලෙඩ රෝග ඇති කරන හැකියාවකුත් අපගේ පාරම්පරික ඇතැම් මන්ත්‍ර ගුරුකම්වල තිබෙනවා. ඒ නිසා නියපොතු, කෙස්‌ ආදිය මතුරලා ඒවා ඉනා බෙහෙත් සමඟ ලබාදීමෙන් එම අපද්‍රව්‍ය ශරීරගතවන පුද්ගලයා තුළ ඇතිවන රෝග පීඩාව වෙනස්‌ විය හැකියි.
 
 එසේම මෙලෙස ශරීරගත වන මෙම අපද්‍රව්‍ය නවීන විද්‍යාත්මක පරීක්‍ෂණවලින් පවා හඳුනාගත නොහැකි වන අවස්‌ථා තිබෙනවා. උදාහරණයක්‌ ලෙස ඉතා ප්‍රබල ලෙස මතුරලා දුන් ඉනා බෙහෙත් මගින් ශරීරගත වී ආහාර ජීර්ණ පද්ධතියේ දිගු කාලයක්‌ තිස්‌සේ රැඳී පවතින නියපොතු කැබැල්ලක්‌ ස්‌කෑන් පරීක්‍ෂණයකින් පවා හඳුනා ගත නොහැකි විය හැකියි. එවැනි අවස්‌ථාවන්ට මුහුණ දී ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන්ගේ අත්දැකීම් අප අසා තිබෙනවා.
 
 මෙවැනි රෝගීන් දිගු කාලයක්‌ තිස්‌සේ දැඩි ලෙස කායික සහ මානසික පීඩා විඳිමින් ජීවත් වී තිබෙනවා. මෙම ඉනා බෙහෙත් මගිsන් ශරීර ගත වූ අපද්‍රව්‍ය පිළිබඳව යම් දැනුවත් බවක්‌ ඇති ඇතැම් රෝගීන් ඒවා ගැන සිතමින්ද මානසික පීඩාවට පත්ව තිබෙනවා. එවිට ඔවුන්ගේ රෝග තත්ත්වය වඩාත් උත්සන්න වෙනවා.
 
 වෛද්‍යතුමනි, මෙවැනි ඉනා බෙහෙත් නිසා රෝගී වූ පුද්ගලයන් සුවපත් කරන ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මොනවාද?
 
 මෙවැනි ඉනා බෙහෙත් ලබාදෙන ඝරවිෂ සංකල්පය කුමන ආකාරයක ප්‍රබල වුවත් ශරීරයෙන් එම විෂ කොටස්‌ බැහැර කිරීමේ දියුණු වැඩපිළිවෙළක්‌ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ තිබෙනවා.
 
 අපගේ පාරම්පරික වෛද්‍ය ක්‍රම වලින්ද මෙම ඉනා බෙහෙත් මගින් හදි හූනියම් මගින් ආහාර සමඟ ශරීරගත වූ හෝ ආහාර ලෙස ලබා දුන් යම් යම් ද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙළක්‌ තිබෙනවා.
 
 රන්පත වෙද පරපුරත් මේ සඳහා නිසි ප්‍රතිකාර ගණනාවක්‌ සාදා තිබෙනවා. අපගේ වෙද පරපුරට ද උරුම වූ බෙහෙත් වට්‌ටෝරු ගණනාවක්‌ පරීශීලනයට ලක්‌කර වර්තමානයට ගැලපෙන ලෙස භාවිතයට පහසු අයුරින් ඖෂධ වර්ග රැසක්‌ නිෂ්පාදනය කර තිබෙනවා.
 
 මෙම ඖෂධ භාවිතය මගින් අප සඳහන් කළ ඝර විෂ පමණක්‌ නොව දැනට රෝගියකුට පවතින වෙනත් රෝග නිසා හට ගත්තා වූ ශරීරයේ පවතින සියලුම විෂ කොටස්‌ ද බැහැර කළ හැකියි.
 
 වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0713009088 හෝ 0713007000 ඇමැතිය හැකි ය.
 
 ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක
 
 weda3රන්පත වෙද මැදුර, පෑලියගොඩ
 
 සංස්‌කරණය - උපාලි ද සේරම් - වසන්තා ශ්‍රියා කාන්ති

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Apr 2018 06:48 PM

weda2පිළිකා රෝගීන්ටත් නිරෝගී කොයි කාටත් දිනපතා ගත හැකි ඉතා ප්‍රබල ගුණයක්‌ සිරුරට ලබාදෙන ඖෂධීය පානයක්‌ තිබෙනවා. එය තමයි ගොටුකොළ සහ කෝමාරිකා මදය සහිත යුෂ පානය.
 
 මෙම පානය දිනපතා උදේ අවදිවී හිස්‌බඩ ගැනීම සහ රාත්‍රී නින්දට පෙර ගැනීම කළ හැකියි.
 
 එක්‌ වරකදී අඬු කොප්ප තුන්කාලක්‌ පමණ පානය කළ යුතුයි.
 
 වෙනත් රෝග මෙන් නොව පිළිකා රෝගය සම්බන්ධව අප තුළ ඇත්තේ දැඩි බියකි. ඊට හේතුවී ඇත්තේ පිළිකා රෝගයක්‌ ඇතිවූ විට ඉතා ඉක්‌මනින් මරණයට පත්වන බවට අප තුළ මතයක්‌ පැවැතීමය.
 
 පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය අනුව පිළිකාවක්‌ හඳුනාගන්නේ කෙසේද?
 
 පිළිකා වර්ග විශාල ප්‍රමාණයක්‌ තිබෙනවා. එම පිළිකාවෙන් පිළිකාවට මතුවන රෝග ලක්‌ෂණවල වෙනස්‌කම් පවතිනවා. නමුත් පිළිකා රෝගවලදී මතුවන පොදු රෝග ලක්‍ෂණ කිහිපයක්‌ අපට පැවැසිය හැකියි.
 
 පොදුවේ පිළිකා රෝගයකදී දැකිය හැකි රෝග ලක්‌ෂණයක්‌ වනුයේ ශරීරය දුර්වල වීමය. එසේ වන්නේ පිළිකා රෝගයකදී මතුවන පිළිකා සෛල මගින් ශරීර ශක්‌තිය විශාල ප්‍රමාණයක්‌ උරා ගැනීමය. එවිට ශරීරයේ ක්‍රියාකාරිත්වය කුමන හෝ ආකාරයකින් වෙනස්‌වීමට පටන් ගනී.
 
 එහිදී මතුවන රෝග ලක්‌ෂණ අතර අධික තෙහෙට්‌ටුව දැකිය හැකිය. වෙනදාට වැඩියෙන් අධික ලෙස දහදිය දැමීම සිදුවෙනවා. සිරුරේ ලේ හිඟකම (රක්‌තහීනතාව) මතුවෙනවා. ශරීර බර අසාමාන්‍ය ලෙස අඩුවීමට පටන් ගන්නවා. ශරීරයේ නිතර උණ හටගැනීමක්‌ සිදුවෙනවා. විශේෂයෙන්ම සවස්‌ වරුවේ ඇඟ සීතල කළ උණ ගැනීමක්‌ දැකිය හැකියි. ආහාර අරුචියක්‌ මතු වෙනවා. නිතර කරකැවිල්ල පැවතීම සහ ක්‌ලාන්තයට පත්වීම සිදු විය හැකියි. වසා ග්‍රන්ථි ඉදිමුම එසේත් නැති නම් අප සාමාන්‍යයෙන් පවසන පරිදි කුද්දෙටි විශාලවීම සිදුවෙනවා. සුවනොවී නිතර නිතර පවතින කැස්‌ස, සෙම, උගුරෙන් කැඩී නොඑන බවක්‌ පැවතීම දැකිය හැeකියි. එසේම සෙම් රෝගවලට අදාළ නොවනා ආකාරයේ හුස්‌ම ගැනීමේ අපහසුතා මතුවෙනවා. අස්‌ථි සන්ධිවල වේදනා, කැක්‌කුම් හටගන්නවා. අස්‌ථි ඉදිමුම, අස්‌ථි බිඳීම. අස්‌ථි පිපිරීම සිදුවිය හැකියි.
 
 මෙම පොදු ලක්‌ෂණ සමූහය පිළිකා නොවන වෙනත් රෝග සඳහාත් මතුවෙනවා. එනිසා රෝග ලක්‌ෂණ එකක්‌ දෙකක්‌ මතුවූ පමණින් පිළිකා රෝගයක්‌ මතුවී ඇතැයි කියා එකවර තීරණය කරන්න බැහැ. නමුත් මෙම රෝග ලක්‌ෂණ කිහිපයක්‌ එක දිගට පවතිනවා නම් සුදුසුකම් ලත් බටහිර වෛද්‍යවරයෙක්‌ හෝ දේශීය වෛද්‍යවරයෙක්‌ හමුවී පරීක්‍ෂා කරගැනීම මගින් මතුව ඇති රෝගය නිවැරදිව හඳුනාගත හැකියි.
 
 පිළිකාවක්‌ මතුව ඇතැයි කියා මෙම පරීක්‍ෂාවකදී හඳුනාගතහොත් ප්‍රතිකාර ලබාදීම ආරම්භ කරන්නේ කෙසේද?
 
 පළමුව කළයුත්තේ රෝගියාට පිළිකා රෝගය සම්බන්ධව පවතින බිය නැති කිරීමයි. එසේ කළයුතුවන්නේ පිළිකාවක්‌ නිසා දැනගත් විගස රෝගියා අතිශය අයුරින් බියට පත්වෙනවා. ඊට හේතුව වී ඇත්තේ පිළිකාවක්‌ නිසා මරණය ඉතා ඉක්‌මනින් සිදුවන බවට පවතින මතයයි. නමුත් සෑම පිළිකා රෝගයක්‌ම ඉතා භයානක නැහැ. එනිසා වෛද්‍යවරයා මුලින්ම කළ යුතු ප්‍රතිකාරය වන්නේ රෝගියාගේ පවතින බිය නැතිකර ආත්ම විශ්වාසය ගොඩනැඟීමයි. රෝගියා තුළ බිය හට ගැනීමෙන් සිදුවන්නේ බියවීම නිසා සිරුරින් ශ්‍රාවය වන එන්සයිම මගින් රුධිරය තවදුරටත් දූෂණය වීමයි. එවිට පිළිකාව පැතිරයැම ඉතා ඉක්‌මනින් සිදුවෙනවා.
 
 දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකාවක්‌ සුව කිරීමේදී අනුගමනය කරන ප්‍රතිකාර ක්‍රම මොනවාද?
 
 දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම රැසක්‌ තිබෙනවා. එය වෛද්‍යවරු පැවත එන වෛද්‍ය පරම්පරාව අනුවත් වෙනස්‌ වෙනවා. අප පැවත එන්නේ පුලස්‌ථි සෘසිවරයාගෙන් ශිල්ප ලැබූ රාවණා රජතුමාගේ පරපුර ඔස්‌සේ පැවත එන ගලේවෙල දේවහූව දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ ආදිවාසීන් ලෙස ජීවත්වූ මහාකන්දා වැදිනායකතුමාගෙන් පැවත එන පුලස්‌ති වෙදපරපුරේ එරමුදුගහ ගෙදර මූලික වූ මාගේ පියාණන් වන පියදාස සරත් කුමාර එරමුදුගහ ගෙදර වෙද පරපුරෙනි. එම වෙද පරපුර අනුව පිළිකාව සඳහා ප්‍රතිකාර කරන ඖෂධ වට්‌ටෝරු සකස්‌කර තිබෙනවා.
 
 එසේම අප වැනි පාරම්පරික දේශීය වෛද්‍ය පරපුරත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙත් ප්‍ර්‍රතිකාර ලෙස අනුගමනය කරන්නේ ආහාරවලින් රෝග පාලනය ප්‍රතිකාර ක්‍රමයකි. රෝගීන්ට ලබාදෙන සෑම ඖෂධයක්‌ම ආහාර වර්ගය. එම ආහාරවල බහුලවම අඩංගු වන්නේ කුළුබඩුය. මෙම ප්‍රතිකාර මගින් ශරීරයට කිසිදු හානියක්‌ සිදුවන්නේ නැහැ. එනිසා පිළිකා රෝගීන්ටත් ලබා දෙන්නේ මෙවැනි ආහාරමය ඖෂධ වර්ගයිs.
 
 ඖෂධ වර්ගත් හැකිතාක්‌ දුරට සකස්‌ කළ ඖෂධ වර්ග ලබාදෙනවා. කසායක්‌, තැම්බුමක්‌ ආලේපයක්‌ වැනි සාදාගත යුතු ඖෂධ වර්ගයක්‌ සඳහාත් අවශ්‍ය අමුද්‍රව්‍ය ඉතා පහසුවෙන් දැන් ලබාගත හැකියි.
 
 ප්‍රතිකාර ලබාගැනීමේදී රොගියා ආහාරපාන ගැනීමේ පාලනයක්‌ සිදු කළ යුතුද?
 
 රෝගියෙක්‌ කියන්නෙ සරල සාමාන්‍ය පුද්ගලයෙක්‌ නෙමෙයි. විශේෂයෙන් පිළිකා රෝගියෙක්‌ සඳහා ප්‍රතිකාර ලබාදීමේදී රෝගියාට ආදරය කරුණාව අවශ්‍යයි. එසේම තෙල් බහුල ආහාර, මේදය බහුල ආහාර, ජාන වෙනස්‌ කළ කෘත්‍රිම ආහාර වර්ග ලබා නොදිය යුතුයි.
 
 පිළිකාවක්‌ ඇතිවීමට හේතුව ශරීරයේ විෂක්‌ නිෂ්පාදනය වීමයි. එනිසා එම විෂ නැති කරන ආහාර රටාවකට වෛද්‍ය උපදෙස්‌ මත යොමුවිය යුතුයි.
 
 මෙම ආහාර වට්‌ටෝරුව අතර පිළිකා රෝගීන්ටත් නිරෝගී කොයි කාටත් දිනපතා ගත හැකි ඉතා ප්‍රබල ගුණයක්‌ සිරුරට ලබාදෙන ඖෂධීය පානයක්‌ තිබෙනවා. එය තමයි ගොටුකොළ සහ කෝමාරිකා මදය සහිත යුෂ පානය.
 
 මෙම පානය දිනපතා උදේ අවදිවී හිස්‌බඩ ගැනීම සහ රාත්‍රී නින්දට පෙර ගැනීම කළ හැකියි.
 
 එක්‌ වරකදී අඬු කොප්ප තුන්කාලක්‌ පමණ පානය කළ යුතුයි.
 
 එය සාදාගැනීම සඳහා දේශීය ගොටුකොළ දෙමිටක්‌ ගන්න. කෝමාරිකා අඟල් තුනක්‌ පමණ දිග පිත්තක්‌ හෝ එහි මදය ගෙන ගොටු කොළ සමඟ මිශ්‍රකර කොටා රෙදි කඩකින් එහි යුෂ මිරිකා ගන්න. ඉන්පසු ඊට ලුණු ස්‌වල්පයක්‌ මිශ්‍රකර ගන්න.
 
 මෙම පානය මගින් අපට නිතර වැළඳෙන ලෙඩ රෝග සියයට 95 ක්‌ පමණ අඩුකර ගත හැකියි. තම රෝගය ඉක්‌මනින් සුවකර ගැනීමට මෙය ගුණදායකයි. එනිසා මෙම ඖෂධීය පානය රෝගී, නිරෝගී කොයිකවුරුත් දිනපතා පානයට යොමුවීම මගින් තම ශරීර සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීමට හැකි බව පැවැසිය යුතුයි.
 
 වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා 0718285605 හෝ 0778985757 ඇමැතිය හැකිය.
 
 weda1කඩවත කිරිල්ලවල ජීව බල වෙද මැදුරේ පාරම්පරික දේශීය ආයුර්වේද රස වෛද්‍ය වජිරජීව සරත් කුමාර

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Apr 2018 07:06 PM
suwa2මෙම රෝග පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යැම සිදු වන නිසා මහජනයා ගැවසෙන ස්‌ථානවල මෙවැනි රෝගීන් වැඩි කාලයක්‌ ගත කරන විට ඉතා පහසුවෙන් අන් අයට ඔවුන්ගෙන් රෝගය පැතිර යනවා
 
 මේ දිනවල පවතින කාලගුණ වෙනස්‌ වීම මත බොහෝ දෙනා සෙම් රෝග, ස්‌වසන රෝගවලට බහුලව ගොදුරුව සිටිති. එසේම ඇතැම් දෙනාට මෙම රෝග පීඩාවන් සති ගණනක්‌ නොව මාසයක්‌ පමණ දක්‌වා කාලයක්‌ පවතින තත්ත්වයක්‌ මතුව තිබේ.
 
 *  වෛද්‍යතුමනි, පවතින කාලගුණ වෙනස්‌කම් මත නොයෙකුත් බෝ වන රෝගවල හිස එසවීමක්‌ පවතිනවාද ?
 
 බොහෝ දෙනා මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ සෙම් රෝගවලින්, හතිය, ඇදුම වැනි ස්‌වසන රෝගවලින් පීඩා වි`දින බවක්‌ දක්‌නට ලැබෙනවා. ඊට හේතු වී ඇත්තේ වියළි කාලගුණයක්‌ සහිත පරිසරයක දූවිලි පැවැතීම වැඩියි. ගස්‌ කොළන් වේළීම නිසා ඒවායේ ඉතා සියුම් කොටස්‌ ද සුළ`ග හරහා පරිසරයට එක්‌ වෙනවා. මේවා වාතය සම`ග එක්‌ව තිබීම නිසා අප හුස්‌ම ගන්නා විට ඒවා ශරීරගත වෙනවා. එවිට දූවිල්ල සහ මෙවැනි සියුම් ශාක කොටස්‌ සහිත වාතය වැඩිපුර ශරීර ගත වෙනවා.
 
 පීනස, ඇදුම, හතිය වැනි ස්‌වසන රෝග ඇති අයට මෙම දූවිලි සහිත වාතය අසාත්මික වෙනවා. එනිසා ඔවුනට ඉතා පහසුවෙන් තම රෝගාබාධ උත්සන්න වෙනවා.
 
 අසාත්මිකතාවය කියන්නේ අධි සංවේදීතාවයක්‌. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ වෙනවා. ඇතැම් දෙනාට දූවිල්ල සහ ශීතල සුළ`ග අධි සංවේදී බවක්‌ දක්‌වනවා. එවිට ඔවුනගේ සිරුරට එවැනි දේ ඇතුළු වීමේදී සිරුර තුළින් දක්‌වන ප්‍රතිචාර ලෙස කිවිසුම් යැම වැඩි වෙනවා. නිතර සෙම් සොටු ගැලීම සිදු වෙනවා. හුස්‌ම ගැනීමේ අපහසුතා මතු වෙනවා.
 
 වැසි සහිත සීත පරිසරයකදීත් මේ හා සමානව ඇතැම් පුද්ගලයන්ට අසාත්මිකතා මතු වෙනවා. විශේෂයෙන් ශීත කාලගුණයක්‌ සහිත පරිසරයකදී ඉන්µaලුවෙන්සා රෝග පැතිරෙනවා. මෙම රෝග පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යැම සිදු වන නිසා මහජනයා ගැවසෙන ස්‌ථානවල මෙවැනි රෝගීන් වැඩි කාලයක්‌ ගත කරන විට ඉතා පහසුවෙන් අන් අයට ඔවුන්ගෙන් රෝගය පැතිර යනවා. මෙලෙස පැතිර යන්නේ වෛරස සහ බැක්‌ටීරියා ආසාදන රෝග නිසා ඉතා පහසුවෙන් අන් අයට බෝ වීමත් සිදු වෙනවා.
 
 * වෛද්‍යතුමනි, මෙවැනි රෝග අවස්‌ථාවන්හීදී ගත යුතු ප්‍රතිකාර මොනවාද ?
 
 එය වෛද්‍ය උපදෙස්‌ මත ලබා ගැනීම සිදු කළ යුතුයි. මෙවැනි ආසාදන රෝග සහ අසාත්මික රෝග පුද්ගලයාගෙන් පුද්ගලයාට බලපාන ආකාරය වෙනස්‌ වෙනවා. කුඩා දරුවන්ගේ ශරීරයේ ප්‍රතිශක්‌ති පද්ධතිය තවම නිසි ලෙස වර්ධනය වී නැති නිසා මෙවැනි රෝගවලට ඔරොත්තු දීමට තරම් ප්‍රතිශක්‌තියක්‌ ශරීරය තුළ තවම සැකසී නැහැ. එනිසා ඔවුනට ඉතා පහසුවෙන් මෙවැනි රෝග බෝ වෙනවා. එහිදී දරුවාගේ වයස සහ ශරීර සෞඛ්‍යය පිළිබ`ද අවධානය යොමු කර ප්‍රතිකාර ලබා දිය යුතුයි.
 
 වයසක පුද්ගලයන්ගේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය වර්ධනය වීම අවසන් වී දැන් එය දුර්වල වීමට පටන් ගෙන තිබෙන නිසා ඔවුන්ටත් ආසාදන රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අඩුයි.
 
 ගැබිනි මවුවරුන්ට තම ගැබිනි සමයත් සමග ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතියේ දුර්වල වීමක්‌ පවතිනවා. එනිසා ගැබිනි සමයේ ආසාදන රෝගවලට ගොදුරු වීමට ඇති ඉඩකඩ වැඩියි.
 
 පීනස, හතිය, ඇදුම වැනි ස්‌වසන රෝග ඇති අයටත් ආසාදන රෝග මතු වීමේ අවදානම වැඩියි. එසේම ඔවුන්ට ආසාදන රෝග මතු වූ විට තමා හට පවතින අසාත්මිකතා ද උග්‍ර වෙනවා. එවිට ඔවුන්ගේ රෝග තත්ත්වයන් ද උග්‍ර වෙනවා.
 
 එනිසා නිසි වෛද්‍ය උපදෙස්‌ මත ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්.
 
 දුහුවිල්ල අසාත්මික අය දුහුවිල්ල සහිත පරිසරයක කටයුතු කිරීමේදී මුහුණු ආවරණයක්‌ යොදා ගැනීම හෝ පිරිසිදු ලේන්සුවකින් හෝ රෙදි කඩකින් මුහුණ ආවරණය කරගෙන අදාළ කටයුතුවල යෙදීම තුළින් මතු විය හැකි අපහසුතා අවම කර ගත හැකියි.
 
 නිවාස පවිත්‍ර කරන විට ද මුහුණු ආවරණ යොදා ගැනීම සහ දුහුවිල්ල ඇවිස්‌සීම අවම කර ගැනීම ස`දහා අතු ගාන කොස්‌ස ජලයෙන් තෙමා භාවිත කිරීම කළ හැකියි.
 
 අසාත්මිකතා ඇති අයට ඒවා අවම කර ගැනීමට ද වෛද්‍ය ප්‍රතිකාර තිබෙනවා. ඒ ස`දහා වූ විශේෂඥ වෛද්‍යවරයකු හමු වී නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් පවතින අසාත්මිකතාවය මග හරවා ගත හැකියි.
 
 පීනස, කිවිසුම් යැම, ඇදුම, හතිය, රක්‌තවාතය ඇතුළු රෝග අසාත්මිකතා හා සම්බන්ධ රෝග කාණ්‌ඩයකට අයත්ය. එනිසා එක්‌ රෝගයක්‌ උත්සන්න වන විට අනෙක්‌ රෝග ද මතු විය හැකියි. ඇදුමට ප්‍රතිකාර ගන්නා විට රක්‌තවාතය වැඩි වෙනවා කියා ඇතැම් දෙනා පවසන්නේ මෙවැනි අවස්‌ථාවන්හිදීය.
 
 මෙවැනි අසාත්මිකතා ඇති අය ශීත ජලය පානය වෙනුවට උණුසුම් ජලය පානය, රාත්‍රියට ඇල් ජලයෙන් ශරීරය සේදීම වැළකී උණුසුම් ජලයෙන් ඇ`ගපත සේදීම කළ යුතුයි.
 
 suwa1කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පරපෝෂිතවේදය පිළිබ`ද විශේෂඥ වෛද්‍ය සනත් සේනානායක
 
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
23 Apr 2018 08:08 PM
දූවිලි වලට නම් මටත් හචිං 50 ක් විතර යනවා...
සෑම කෙනෙකුටම වගේ විවිධ දේවල් ආසාත්මික වෙනවා...
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
23 Apr 2018 10:55 PM
කාලගුනේ කිව්වම මතක් උනේ...සමහරුන්ට හඳ පායන දවස්වලට එක එක අමාරු හැදෙනවලු නේද ??
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Apr 2018 04:23 AM

තරුණ පෙනුම රැක ගන්න මේ පුරුදු වලින් වළකින්න

කෙනෙකුගෙන් වයස අහන විට ඊට පිළිතුරු දෙන්න බොහෝ දෙනෙකු කැමති වන්නේ නෑ. මගේ වයස කීයක් විතර පේනවාද කියලයි අහන්නේ. එහෙම ඇතැම් අයගේ වයස පෙන්නේ නෑ. ඇතැම් අයගේ වයස මුහුකුරා ගියා සේ පේනවා.

වයසට යන එක කාටත් පොදු දෙයක්. නමුත් පෙනුම තරුණ විදියට තබාගන්න කාටත් පුළුවන්. මෙයට අපි ගන්නා ආහාර රටාව බලපානවා. තරුණ පෙනුම ලබාගන්න වගේම පෙනුම රැකගන්න මේ පුරුදු වලින් වළකින්න.

  • කැෆේන් අධික ආහාර

තේ,කෝපි වැනි පානයන්, ශක්ති ජනකපාන, සෝඩා මෙන්ම චොකලට් පරිභෝජනය කිරිමෙන් සම ඉතා ඉක්මණින් විජලනයට ලක් වෙනවා.

  • ලුණු භාවිතය අවම කරන්න

සෝඩියම් අධික ආහාර වැඩිපුර ගැනීමෙන් සම ඉක්මණින් වයසට යන අතර හදවත් රෝග ඇති කිරිමට හේතු වෙනවා.

  • සීනි අධික ආහාර

සීනි අධික ආහාර ගැනීමෙන් රුධිරයේ ග්ලුකෝස් මට්ටම ඉහළ යනවා. එහි ප්‍රතිළුලයක් ලෙස සමේ ඇදෙන සුළු බව නැතිවෙනවා. එවිට සම රැළි වැටෙනවා.

  • කලින් පිළියෙළ කළ මස් වර්ග

විටින විට ආහාර ගැනීම හැකි තරම් අවම කරන්න. සෝසේජස්,මීට් බෝල්ස්, බේකන් වැනි ආහාරවල ඇති කල් තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය නිසා සම ඉක්මණින් වියපත් කරනවා.

  • පිළිස්සු මස්

මෙමගින් සමේ ඉදිමුමක් ඇති කරන්න පුළුවන් අහිතකර දෑ නිකුත් වෙනවා. එලෙසම සමේ අති කොලජන් අහිමි කරන අතර එම නිසා ඉක්මණින් වයසට යනවා.

මිරිස් ඇතුළු කුළුබඩු හැකි තරම් සීමා කරන්න. සැර අධික ආහාරවලින් සමේ පැහැයට හානි කරනවා.

  • කිරි ආහාර

කිරි සහිත ආහාර සියල්ලක්ම සමට අහිතකර නැහැ. නැවුම් කිරි,යෝගට් සමට ඉතාමත් හිතකරයි. නමුත් විශේෂයෙන් විවිධ ආකාරයට පිළියෙළ කළ චීස් වර්ග සමට එතරම් සුදුසු වෙන්නේ නැත.

  • පොප් කෝන්

පොප් කෝන්වලට ගොඩක් දෙනෙක් ප්‍රිය කරන අතර එහි අඩංගු ට්‍රාන්ස් කියන මේද කොටස හදවතට වගේම සමට හිතකර වෙන්නේ නැත. සම මත ඇතිවන ඉන්නන් සහ ලප වලට මෙය හේතු වෙනවා.

මලිෂා ගුණවර්ධන

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
24 Apr 2018 07:30 AM
කැෆේන් අධික ආහාර
තේ,කෝපි වැනි පානයන්, ශක්ති ජනකපාන, සෝඩා මෙන්ම චොකලට් පරිභෝජනය කිරිමෙන් සම ඉතා ඉක්මණින් විජලනයට ලක් වෙනවා.
චොක්ලට් වලට නම් මම මම වැඩිය කැමති නැහැ. නමුත් අනෙක්වා නම් නිතර භාවිත වෙනවා.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Apr 2018 06:23 PM

ස්නායු ශක්තිමත් කරන කටු අනෝදා

කටු අනෝදා ශාකය මල්හටගන්නා පළල් පත්‍ර දරන සදාහරිත ශාකයකි. නිවර්තන කලාපයේ මෙන්ම දකුණු ආසියාවේ හා පැසිපික් කලාපයේ ඇතැම් ප්‍රදේශවලට ආවේණික ශාකයකි. එම ශාකයේ සියලු කොටස් ඒ ඒ රටවල පාරම්පරික වෛද්‍ය විද්‍යාවන්ට සමීප ඖෂධයක් වීම විශේෂ ලක්ෂණයකි.

ආර්ථික බෝගයක් ලෙස වගා කෙරෙන කටු අනෝදා ශාකයේ පලය සෙන්ටිමීටර 20ක් 30ක් දිග හා කිලෝ 1 සිට 6ක් පමණ ප්‍රමාණයෙන් වැඩෙන කොළ පැහැති පලතුරකි. පලයේ මධ්‍යස්ථය සුදු පැහැති මදුළුවලින් සමන්විත වන අතර කඑ පැහැති බීජ දරයි. මෙහි සුදු පැහැති මදුඑවලින් සමන්විත කොටස මිහිරි පානයක් ලෙස මෙන්ම රසකාරකයක් (flavoring agent) ලෙස භාවිතා කරයි.

ශ්‍රී ලංකාවේ කටු අනෝදා ශාකය අනෙකුත් රටවල මෙන් ආර්ථික බෝගයක් ලෙස වගා නොකෙරේ. එසේම ශ්‍රී ලාංකිකයන් මෙහි ඇති සුවිශේෂි ගුණාංග පිළිබදවද නොදැනුවත්ය.

වර්තමානයේ වාර්තාවන ඉතා ප්‍රදුමාකාර සොයාගැනීම වන්නේ කටු අනෝදාවල පිළිකා නැසීමේ ගුණය ඒ සදහා භාවිතා කරන රසායනික ඖෂධවලට වඩා 10 000 ගුණයකින් ප්‍රබල වන බවයි. පිළිකා මර්දනයේදී අතුරු ආබාධවලින් තොර නිරෝගී සෛල විනාශ නොකරන වටිනා ඖෂධයක් බව සොයාගෙන ඇත.

කාබෝහයිඩ්‍රේට, පෘක්ටෝස්, විටමින් C, විටමින් B1 මෙන්ම විටමින් B2 බහුල පලතුරක් වන කටු අනෝදා වල පිළිකා නැසීමේ කාරකය ‘annonacin’ ලෙස හදුනා ගෙන ඇත. මේ පිළිකා නැසීමේ ගුණයට අමතරව ආන්ත්‍රික පණුවන්ට හා ක්ෂුද්‍රජීවී ආසාදන බොහෝමයක් සදහා ප්‍රතිරෝධී ඖෂධයක් ලෙස ද ක්‍රියා කෙරේ. එසේම මානසික ආතතිය හා ස්නායු දුර්වලතාවලට මනා ප්‍රතිකාරකයක් ලෙස සදහන් වේ.

විද්‍යානුකූල අධ්‍යනයන්ට අනුව කටු අනෝදා සාරය

• පිළිකා මර්ධනයේදී බර අඩුවීමෙන් හා කෙස් වැටීමේ ආබාධවලින් තොර ඖෂධයක් ලෙසද

• මාරාන්තික ආසාදන වළක්වමින් ප්‍රතිශක්ති පද්ධතිය ආරක්ෂා කරන්නක් ලෙසද

• ශරීර ශක්තිය වර්ධනය කරන ශක්ති ජනකයක් ලෙසද

• දරු ප්‍රසූතියෙන් ඔසු මවගේ කිරිවල ගුණාත්මය වැඩි කරවන්නක් ලෙසද

• පාචනය හා උණ වලක්වන ප්‍රතිකාරකයක් ලෙසද

• අභ්‍යන්තර හා බාහිර පරපෝශිතයින් නැසීමේ ඖෂධයක් ලෙසද

කටු අනෝදා පත්‍රවල සාරය වැදගත් වන බව අනාවරණය වී ඇත.

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Apr 2018 06:28 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Apr 2018 06:28 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Apr 2018 06:28 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Apr 2018 06:28 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Apr 2018 06:28 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Apr 2018 06:29 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Apr 2018 06:29 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Apr 2018 06:29 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Apr 2018 06:59 PM

ජීවිතයම බිලිගත් මිත්‍යාව

ආසියානු රටවල වැසියන් වන අප බොහෝ විට ලිංගික ගැටලු හෝ ප්‍රශ්න ප්‍රසිද්ධියේ සාකච්ඡාවට නොගනිති. මේවා පවුල තුළ හෝ අඹු සැමියන් අතර රහසකි. මීට ප්‍රධානම හේතුව පාසැල් අධ්‍යාපනය තුළ වයසට අනුකූලව ලිංගික කරැණු සාකච්ඡා නොකිරීමත්, කුඩා කල සිටම දරුවාගේ මනසට ඕනෑවට වඩා ලජ්ජාව හා භීතිය ඇතුළු කිරීමත්ය. ගුරුවරුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් නිසි ලෙස ලිංගික අධ්‍යාපනය නොලබන දරැවා ඒවා ගැන තොරතුරු එකතු කිරීමට අන්තර්ජාලය, මුහුණු පොත සහ සම වයසේ මිත්‍රයන්ට ළංවේ. මෙහි වාසිදායක මෙන්ම අවාසි සහගත පැත්තක්ද ඇත. මාධ්‍ය සහ මිත්‍රයන් මගින් වැරදි තොරතුරු මනසට ඇතැළු වීම ඔහුගේ හෝ ඇයගේ මුළු ජීවිතයම අවුල් වීමට හේතුවේ.

සුපුන්ගේ කතාව මීට කදිම නිදසුනකි. සුපුන් අවු.18ක් වයසැති උසස් පෙළ ලියන දරුවෙකි. සාමාන්‍ය පෙළ ඉතා ඉහළින් සමත් වී උසස් පෙළ කිරීමට කොළඹ පාසලකට වරප්‍රසාද හිමි වූවෙකි. සුපුන් නැවතී සිටියේ ඔහුගේ නැන්දාගේ ගෙදරය. සුපුන්ගේ පියා කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. සුපුන් ඔවුන්ට සිටි එකම දරුවා ද වේ. සුපුන්ගේ ගැටලුව ඔහුගේ පියා මෙසේ පැවසුවේය.

සුපුන් හොඳට ඉගෙනගත්තා. එයා කොළඹට ආවේ O/L පාස් වෙලා. එයා නතර වුණේ නැන්දගේ ගෙදර. ගෙදර එන්නේ මාසෙකට සැරයක්. පසුගිය මාස 6 තුළ සුපුන්ගේ හැසිරීම වෙනස් කියලා නතරවෙලා හිටිය ගෙදර නැන්දත් මට කීවා. රෑ වෙලා ගෙදර එනවා. නිතරම Phone එකේ සිටිනවා, අඳුරන්නේ නැති නොයෙකුත් පුද්ගලයන් සුපුන් හමුවීමට එනවා, ගෙදර සල්ලි හිටපු ගමන් නැතිවෙනවා, පාසල් යනවත් අඩුයි වගේ දේවල්. 

පියා තවදුරටත් මෙහෙම පැවසුවා. සුපුන් දවසක් ගෙදර ආවා. හිටිහැටියේ වමනේ දාන්න පටන් ගත්තා. ඇඟපත රිදෙනවා කියලා කෑගහන්න ගත්තා. නහයෙන් ඇස්වලින් වතුර වගේ ගලන්න පටන් ගත්තා. ඒ වගේම පාචනයත් තිබුණා. අපි ඉක්මනටම කුරුණෑගල රෝහලට ඇතුළු කළා. රෝහලේ වෛද්‍යවරු කීවා ඇඟට කිසිම විෂබීජයක් නම් ගිහින් නෑ කියලා. ඔවුන් සැක කරා සුපුන් කුමක් හෝ මත්ද්‍රව්‍යකට ඇබ්බැහි වෙලා ඇති කියලා. වෛද්‍යවරැ දිගටම සුපුන්ගෙන් මේ ගැන ඇහැව්වා. සුපුන් අන්තිමට එයා හෙරොයින් ගන්නවා කියලා කීවා

අපි සුපුන්ගෙන් මේ ගැන තවත් විමසුවා. සුපුන් මෙහෙම කීවා.

මම හොඳට ඉගෙනගත්තා. මම කුරුණෑගල තමයි ඉස්කෝලේ ගියේ. O/Lවලට A9ක් ගත්තා. ඊට පස්සේ තමයි කොළඹ පාසලකට ආවේ. මට සමාජේ අත්දැකීම් තිබුණ කෙනෙක් නෙවෙයි. කොළඹට ආවම ඒ පරිසරය හුඟක් වෙනස් කියලා මට දැනුණා. නැන්දලාගේ ගෙදර හිටියත් අම්මගෙනුයි, තාත්තාගෙනුයි ඈත් වුණ පරිසරය තුළ මට ලොකු පාලුවක් දැනුණා. මම හුඟක් යාළුවන්ට සමීප වුණා. සමාජේ ගැන ඉගෙනගන්න පටන් ගත්තේ මම යාළුවන්ගෙන්. මට මේ අතරේදී Girlfriend කෙනෙක් හම්බවුණා. ඇයත් සමඟ ලිංගික සබඳතාවයකුත් ඇති වුණා. අපි අතරේ හෙරොයින් ගන්න යාළුවෝ දෙන්නෙක් හිටියා. එක යාළුවෙක් මට කීවා හෙරොයින් ගත්තම හොඳට sex කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ වැඩි වෙලාවක් ලිංගික කාර්යයේ යෙදෙන්න පුළුවන් කියලා. මෙහෙම තමයි මම හෙරොයින්වලට පුරුදු වුණේ. හෙරොයින් ගත්ත පළවෙනි දවසෙනම් හරිම අප්‍රසන්නයි. මගේ ඔළුව කැරකැවුණා. හොඳටම වමනේ ගියා. ඒත් මගේ යාළුවෝ කීවා නියම ත්‍රිල් එක එන්න සති කීපයක් යනවා කියලා. පාඩම් කරන එක මට එපා වුණා. හෙරොයින් හොයාගෙනම යන්න මට හිතුණා. මීට හේතු දෙකක් මට දැනෙනවා. හෙරොයින් ගත්තම අමුතුම සතුටක් දැනෙනවා. ඇඟ සේරම ලිහිල් වෙනවා වගේ දැනෙනවා. දැන්නම් මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක නෙවෙයි. දැන් මට නවත්තගන්න බෑ. නැවැත්තුවොත් කියන්න බැරි තරම් ඇඟපත රිදෙනවා. වමනේ යනවා. නින්ද යන්නේ නෑ. සල්ලි කොහොම හරි හොයාගෙන හෙරොයින් බොනවා. මට මේක නවත්තගන්න ඕන. මගේ ජීවිතේම අවුල් වෙලා. මේක මහ පාපයක්. මේවා ගෙන්නන, බිස්නස් කරන පුද්ගලයන් එක්කත් මට තියෙන්නේ පුදුම වෛරයක්.

මොනවද මේ හෙරොයින් කියන්නේ? 

හෙරොයින් යනු මෝෆින්වලින් හදන ලද මත්ද්‍රව්‍යයක්. පොපි ශාඛයෙන් තමයි මෙය ගන්නේ. එය අග්නිදිග හා නිරිතදිග ආසියාව, මෙක්සිකෝව හා කොළොම්බියාව පොපි ශාඛයෙන් විශාල ලෙස නිපදවනවා. හෙරොයින් සුදු හෝ දුඹුරු කුඩු හෝ කළු තාර ලෙස දක්නට ලැබෙනවා. මෙය නොයෙකුත් නම්වලින් වෙළඳපොළ තුළ හඳුන්වනවා.

හෙරොයින්වලට ඇබ්බැහි වෙන්නේ ඇයි?

හෙරොයින්වලට අදාළ විශේෂ ප්‍රතිග්‍රාහක මොළයේ තිබෙනවා. හෙරොයින් එම ප්‍රතිග්‍රාහකවලට සම්බන්ධ වූ විට ඩෝපමීන් නැමති සතුට ගෙන දෙන රසායන ද්‍රව්‍ය ශ්‍රාවය වෙනවා. එවිට සතුට හා ලිහිල්භාවය දැනෙනවා. හෙරොයින් නැතුව ඉන්න බැරි හේතුව එහි තිබෙන භයානක ඇබ්බැහි වීමේ ස්වභාවයයි. මෙයත් මොළය තුළ සිදුවන ගැඹුරු රසායන ප්‍රතික්‍රියාවක්. නමුත් මනෝ වෛද්‍යවරයකුගෙන් නිසිලෙස ප්‍රතිකාර ලබාගෙන ඉන් ඔබට ගැලවෙන්න පුළුවන්.

සුපුන් මින් ගලවාගත් ආකාරය 

හෙරොයින් මොළය තුළ භයානක ලෙස ඇබ්බැහි වීමක් සිදුකරනවා. විෂානුහරණය නැමති ප්‍රතිකාරයට ඔහු භාජනය කළා. ඉන්පසු ආශාව අඩු කරන නැල්ට්‍රෙක්සෝන් (Naltrexone) නැමති ඖෂධය ලබාදෙනවා. මෙය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. සුපුන්ට ජීවිතය පිළිබඳ අවබෝධය ලබාදීමට කොහුවල Life ආයතනයට යොමු කළා. මෙම උපදේශන පංතිවලට ඔහු සහභාගී වීමෙන් පහත දැනුම ඔහුගේ මනස වෙනස් කරා. හෙරොයින් යනු භයානක මත් ද්‍රව්‍යයක් බවත් එය ලිංගික ආශාව වැඩි කරන මත් ද්‍රව්‍යයක් ලෙස පවතින විශ්වාසය මිත්‍යාවක් ඉවත් ඉන් ක්‍රමානුකූලව විනාශයට පත්වන බවත් සුපුන් ක්‍රමයෙන් අවබෝධ කරගෙන මුළු ජීවිතයම අලුත් මගකට යොමු කර ගත්තා.

දරුවාට  ජීවන කුසලතා කුඩා කල සිටම පැසල් අධ්‍යාපනය තුළ ලබා දිය යුතුය. විෂය පමණක් ඔළුවට ගිල්වන මෙම අධ්‍යාපන ක්‍රමය නිසා දරුවාගේ මනස නොයෙකුත් විනාශකාරී ප්‍රවණතාවයන්ට ගොදුරු වීම පුදුමයක් නොවේ. දවසකට පැය 6ක් හෝ 7ක් ටියුෂන්වලට ඔළුව මෙහෙයවන මනස උත්තේජනය කරන වින්දනය ඇති කරන සියලුම ක්‍රියාකාරකම්වලින් ඈත් වුණු දැඩි ආතතියට ගොදුරු වුණු පරිසරයක ජීවත් වන අද දරුවන්ගේ හෙට  අනාගතය කුමක් වේද?

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

0
You are not authorized to post a reply.
Page 116 of 137 << < 114115116117118 > >>