You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 120 of 137 << < 118119120121122 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 May 2018 07:04 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 May 2018 07:04 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 May 2018 07:04 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 May 2018 07:04 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 May 2018 07:05 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 May 2018 07:20 PM

දිව පිනවන රස ඔසුව

ශ්‍රී ලාංකීය අපට ආහාර පිසීමේදී කරපිංචා යනු නැතිවම බැරි ස්වාභාවික රසකාරකයකි. කරපිංචා ආහාරයට ගන්නේ ශ්‍රී ලාංකිකයන් පමණක් නොවේ. එය, ඉන්දියාව ඇතුළු ඇතැම් ආසියාතික රටවල ද රසකාරකයක් ලෙස බහුලව භාවිතා වේ. බොහෝවිට, කරපිංචා පමණක් ආහාරයක් ලෙස පිසීම දක්නට නොලැබෙන අතර, ආහාර පිසීමේදී අනෙකුත් ස්වාභාවික රසකාරක සමඟ මිශ්‍රව භාවිතා කරනු දැකිය හැකිය. කෙසේ වුවත්, ඇතැම් අය කරපිංචා කැඳ වැනි ආහාර පිළියෙල කරනු දක්නට ලැබේ.

ඔක්සිකාරක ආතති අධ්‍යයනය

(Oxidative stress study)

2007 වසරේදී රසායන-ජෛව අන්තර්ක්‍රියා (Chemico-Biological Interactions) සඟරාවේ පළ වූ සත්ත්වයන් යොදාගෙන සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල අනුව කරපිංචා පත්‍රවල යුෂ ඔක්සිකාර ආතතිය (Oxidative stress) අඩුකරන බව සොයාගෙන ඇත. මේ ක්‍රියාවලිය විශේෂයෙන්ම අග්න්‍යාශය හෙවත් ඇලදිව (Pancreas) තුළ සිදුවන බව සොයාගෙන ඇත. සැබැවින්ම, ඔක්සිකාර ආතතිය වැඩි අගයක් ගැනීම සන්ධි ප්‍රදාහ (Arthritis), කොලෙස්ටරෝල් තැන්පත් වී රුධිර නාල සිහින් වීමේ රෝගය (Atherosclerosis), සහ දියවැඩියාව ඇති බවට ඉඟියක් ලෙස දැක්විය හැකිය.

එමෙන්ම, කරපිංචා පත්‍රවල යුෂ නිතිපතා ආහාරයට ගැනීමෙන්, දියවැඩියාව වැලඳුනු මීයන්ගේ අග්න්‍යාශය තුළ ඔක්සිකාර ආතතිය ඇතිවීම වැළකෙන බවද, ඔක්සිකාර ආතතිය නිසා සිදුවන පටක හානි සුවවන බවද එම පර්යේෂණය මඟින් පෙන්වා දී ඇත. සැබැවින්ම, කරපිංචා පත්‍රවල යුෂවල ක්‍රියාකාරීත්වය, දියවැඩියාව පාලනය කිරීම සඳහා නිර්දේශ කරන ග්ලිබෙන්ක්ලමයිඩ් (Glibenclamide) ඖෂධයේ ක්‍රියාකාරීත්වයට තරමක් සමාන වන බව එම පර්යේෂණය මඟින් පෙන්වා දී ඇත. කෙසේ වුවත්, පර්යේෂකයන් පවසන්නේ මිනිසුන් යොදාගෙන වැඩිදුර අධ්‍යයනයන් කිරීමට අවශ්‍ය වන බවයි.

පිළිකා වැළැක්වීමට ඇති හැකියාව

(Potential Anti-Carcinogen)

2000 වසරේදී මානව පෝෂණය උදෙසා ශාකමය ආහාර (Plant Foods For Human Nutrition) සඟරාවේ පළ වූ අධ්‍යයනයකට අනුව, කරපිංචා පත්‍රවල ස්වාභාවිකවම ප්‍රතිඔක්සිකාරක (Antioxidants) බහුලව ඇත. මුක්ත ඛණ්ඩක (Free radicals) හෝ වෙනත් විෂ සහිත රසායන ද්‍රව්‍ය (Toxins) වලට නිරාවරණය වීම නිසා සිදුවන හානිවලින් සහ මරණයට පත්වීමෙන් සිරුරේ සෛල ආරක්ෂා කිරීමට මෙම ප්‍රතිඔක්සිකාරකවලට හැකියාව ඇත. සත්ත්වයන් යොදාගෙන සිදුකළ එම පර්යේෂණයේදී ඩයිමෙතිල්හයිඩ්‍රසීන් හයිඩ්‍රොක්ලෝරයිඩ් (Dimethylhydrazine hydrochloride) නම්වූ පිළිකා කාරක (Carcinogen) රසායන ද්‍රව්‍යය මඟින් සිදුවන අහිතකර සෞඛ්‍ය ප්‍රතිඵල අඩුකිරීමට කරපිංචා යුෂවලට හැකියාව ඇති බව සොයාගෙන ඇත. කෙසේ වෙතත්, මිනිසුන් තුළ සහ අනෙකුත් පිළිකා කාරක කෙරෙහි කරපිංචා යුෂවල ක්‍රියාකාරීත්වය තවදුරටත් පර්යේෂණයට ලක් කළ යුතු බව පර්යේෂකයන්ගේ අදහසයි.

ප්‍රති-ප්‍රදාහමය වාසි

(Anti-Inflammatory Benefits)

2009 වසරේදී ඖෂධ විද්‍යා සහ පර්යේෂණ සඟරාවේ (Journal of Pharmaceutical Sciences and Research) පළ වූ පර්යේෂණයකට අනුව කරපිංචා පත්‍ර වල, ප්‍රබල ප්‍රති-ප්‍රදාහ ගුණාංග එනම්, ප්‍රදාහයන් සමනය කිරීමේ ගුණාංග ඇති බව පෙන්වා දී ඇත. මේ පර්යේෂණයේදී, පිළිකා වැලඳුණු මීයන්ගේ ප්‍රදාහයන් නිසා සිරුර ඉදිමීම සැලකිය යුතු ලෙස අඩුකිරීමට කරපිංචා යුෂ වලට හැකි බව තහවුරු විය. එමෙන්ම, කරපිංචා යුෂ මගින් සිරුරේ ඇති ගැටිති හා ගෙඩි (Tumors) වල සංඛ්‍යාව, ඒවායේ ප්‍රමාණය හා බර විශාල වශයෙන් අඩුකරන බව පෙන්වා දී ඇත. මේ පර්යේෂණය දින 16 ක් තිස්සේ කරන ලද අතර, මිනිසුන් යොදාගෙන තවදුරටත් පර්යේෂණ කිරීම අවශ්‍ය බව පර්යේෂකයන්ගේ අදහසයි.

පෝෂ්‍ය පදාර්ථ

කරපිංචා පත්‍ර වල විටමින් B වර්ග සහ විටමින් A ඇතුළු විටමින් සහ ඛණිජ ලවණ වර්ග සුළු ප්‍රමාණ වලින් අඩංගු වේ.

එමෙන්ම, එය ප්‍රෝටීන්, ඇමිනෝ අම්ල (Amino acids), සහ ඇල්කලොයිඩ (Alkaloids) නැමැති පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර ප්‍රභවයකි. එහෙත් ආහාර පිසීමේදී කරපිංචා භාවිතා කරන්නේ සුළු වශයෙන් බැවින්, කරපිංචා මගින් ලැබෙන පෝෂණ ගුණය ස්වල්ප විය හැකිය.

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 May 2018 07:27 PM
නියමයිනෙ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 May 2018 07:35 PM

මොළයේ ලේ කැටි හැදීම වළක්වන එනසාල්

ගෘහනියක් බොහෝ විට එනසාල් කෑමවලට එකතුකර ගන්නේ කුළුබඩුවක් ලෙසිනි. නමුත් එනසාල් යනු කෑම රසවත් කරවන කුළුබඩුවක් පමණක් නොවේ. එය ඖෂධයක් ලෙසින්ද හැඳින්විය හැක.

ආහාර ජීර්ණ පද්ධතියේ බොහෝ රෝග සඳහා එනසල් ඉතා ගුණදායක ඖෂධයකි. එනසල්වල ඉඟුරුවලට සමාන ගුණයක් ඇත. එම නිසා සෙම්ප්‍රතිශ්‍යා වෛරස උණට එනසාල් ස්වල්පයක් තම්බා බීම ඉතා ගුණදායක වේ. බඩ පුරවා දැමීම, නිසි ලෙස ආහාර නොදිරවීම, මළබද්ධය වැනි තත්ත්වයන්ට එනසාල් ඉතා ගුණදායක වේ.

වකුගඩු හරහා ශරීරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ඉතා හොඳ ඔසුවක් ලෙසින් ද එනසාල් හැඳින්විය හැක. මුත්‍රා හොඳින් පිටකිරීමට ද උදව් කෙරේ. මේ සඳහා ආහාරයක් ලෙසින් අනුභව කිරීම ප්‍රමාණවත් වන අතර මුත්‍රා මාර්ගයේ රෝග පසුකාලීනව වකුගඩු රෝගයන්ට ද මුල් විය හැක. එම නිසා එනසාල් ආහාරයට එකතු කරගැනීම නිසා එවැනි අවදානම් තත්ත්වයන් වළක්වා ගතහැක. මුත්‍රාශය, වකුගඩු, මුත්‍රා මාර්ගය, හොඳින් පිරිසිදු කර ඒවායේ ඇති අනවශ්‍ය ලවණ හා අනවශ්‍ය ජලය ආදිය වළක්වා ගැනීමට උපකාරී වේ.

එමෙන්ම පිළිකා සෑදීම වැළැක්වීමටත් සෑදුණු පිළිකාමය තත්ත්වයන් පාලනය කිරීමටත් එනසාල්වල ඇත්තේ පුදුමාකාර ගුණයකි. දියවැඩියාව, අධික රැධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා වැනි බෝනොවන රෝග බොහෝමයකටත් මානසික ආතතිය සඳහාත් එනසාල් ඉතා ගුණදායක වේ.

මෙය තේ පානය කරන ආකාරයට පානය කළ හැක. ඒ සඳහා එනසාල් කුඩු කර පානය කරන්න. කෙඳි සහිත කුළුබඩුවක් නිසා රුධිරයේ අහිතකර කොලොස්ටරෝල් පාලනයට ද උදව් වේ. මෙමඟින් මොළයේ ඇතිවිය හැකි රුධිර කැටි වැනි තත්ත්වයන් වළක්වා ගතහැක.

ලිංගික බෙලහීනතාවය ඇති අයට ඉතා ගුණදායක ඔසුවක් වන මෙය මුඛයේ ඇතිවන තුවාල, මුඛයේ දුර්ගන්ධය ආදිය පලවා හැරීමට ද උදව් වේ.

එනසාල් තම්බා ගත් වතුරෙන් දිනකට දෙවතාවක් කට සේදීම බොහෝ මුඛ ආශ්‍රිත රෝගයන්ට ප්‍රතිකාරයක් ද වේ. මේ නිසා ඔබේ ආහාර වේලට දිනපතා එනසාල් ඇට 2, 3ක් වත් එකතු කරන්න.

ආයුර්වේද වෛද්‍ය 
නිමාලි සොලොහොකාර

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 May 2018 07:47 PM

බොරු ලෙඩ්ඩු!

අපි කිසිවකු ලෙඩ වෙනවාට කැමති නැත. අසනීපයකට ගොදුරු වීම දැඩි මානසික හා ශාරීරික පීඩනය ඇති කරන්නකි. ඔබේ ධනයෙන් ඔබ උපයන මුදලින් විශාල කොටසක් ඖෂධ, පරීක්ෂණ, රෝහල් ගාස්තු, වෛද්‍යවරුන්ගේ ගාස්තු යන මේවා සමඟ නැති වී යයි. ඒත් සමහර අරුම පුදුම මිනිසුන් සිටිනවා, නැති ලෙඩක් තමාට තියෙනවා යැයි මවාගෙන ඊට අදාළ පරීක්ෂණ ද සිදු කරගෙන වෛද්‍යවරු පිටුපස යමින් විශාල මුදලක් වියදම් කරමින් මුළු පවුලට සහ සමාජයට තමා රෝගිකයකු යැයි පැවසීමට උත්සාහ දරන. බොහෝ අවස්ථාවල මෙවැනි පුද්ගලයකු විශාල වෛද්‍යවරු සංඛ්‍යාවක් හමුවී බොරුවට එම වෛද්‍යවරුන්ට තොරතුරු සපයමින් ප්‍රතිකාර ගැනීමට පෙළඹේ. එය මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණයයි. මෙම රෝගයට මනෝ වෛද්‍ය විද්‍යාවේ ෆැක්ටියස් රෝගය (Factious Disorder) නමින් හඳුන්වයි. එය වෙනත් රෝගවලින් වෙනස් වන්නේ ෆැක්ටියස් රෝගයේදී මෙසේ තමාට රෝගයක් ඇතැයි මවාගැනීමට කිසිම බාහිර හේතුවක් සොයා ගැනීමට නොහැකි වීම තුළිනි. නමුත් මැලින්ජරින් නැමැති රෝගයේදී එසේ තමාට රෝගයක් ඇතැයි මවාගන්නේ එම රෝගී හැසිරීම තුළින් තමාට යටි වාසියක් ලබා ගැනීමටයි. මෙම රෝග දෙකම උදාහරණ ගෙන පැහැදිලි කරගනිමු.

තුෂාරගේ කතාව

තුෂාරගේ වයස අවු. 28යි. ඔහු විවාහ වී අවු.2ක දරුවෙක් ද සිටියි. රාජ්‍ය ආයතනයක ලිපිකරැවකු ලෙස තුෂාර සේවය කළේය. නමුත් හිටිහැටියේ මාස 6ක පමණ කාලයක් තුළ තුෂාර රැකියාවට ගොස්  තිබුණේ නැත. රැකියාවට නොගොස් තමාගේ රෝගී තත්ත්වය පිළිබඳ ලතවෙමින් ප්‍රතිකාරයක් සොයාගෙන වෛද්‍යවරු පිටුපස යයි. තුෂාර සායනයට යොමු වූයේ ඔහුගේ බිරිඳ සමඟයි. ඔහු මෙසේ පැවසුවා.

මගේ මුත්‍රා සමඟ ලේ යන එක දැන් මාස 6ක් වෙනවා. කිසිම වෛද්‍යවරයකුට මගේ රෝගය නිශ්චිතව සොයාගන්න බැරි වුණා. මට නිතරම කලන්තේ ගතිය තියෙනවා. යටි බඩ ප්‍රදේශය රිදෙනවා. මගේ ඇඟට පණ නෑ. මම වෛද්‍යවරු කීපදෙනෙක්ටම කීවා මට ලේ දෙන්න කියලා. ඔවුන් ඒ ගැන කිසිම සැලකිල්ලක් දැක්වූවේ නෑ. මට නිතරම හිතෙන්නේ මගේ රෝගය සොයාගන්න තරම් වෛද්‍ය විද්‍යාව තවම දියුණු නෑ කියලා. මේක මනෝ වෛද්‍ය සායනයක්. මට මෙතනට එන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. බිරිඳගේ බලකිරිල්ලටයි මම ආවේ. මට ඇති මානසික රෝගයක් නෑ.

මෙහෙම කියන අතර තුෂාර කුඩා ඉටි බෑගයක් ඇතුළේ තිබි බෝතලයක අසුරන ලද මුත්‍රා සාම්පලයක් එළියට ගත්තේය. 

මේ මුත්‍රා සාම්පලය පරීක්ෂා කරලා බලන්න.

මේ අවස්ථාවේ තුෂාරගේ බිරිඳ තුෂාර නැතුව තනිවම කතා කිරීමට අවශ්‍ය බව කීවාය.

මේ මගේ සැමියා. පසුගිය මාස 6ම රුකියාවට ගියේ නෑ. බැංකුවේ සල්ලි ටිකක් තිබුණා. ඒ සල්ලි සේරම එක එක පරීක්ෂණවලට ඉවර වුණා. Doctorsලා 12 දෙනෙක් ළඟට ගියා. කවුරැත් කීවේ තුෂාරට කිසිම ලෙඩක් නැහැ කියලා. ඒත් ඔහු පිළිගන්නේ නෑ. මට තව රහසක් කියන්න තියෙනවා. බ්ලේඩ් තලයක් අරගෙන එයාගේ ඇඟිල්ල කපලා ලේ ටිකක් අරගෙන එයාගේ මුත්‍රා සමඟ කලවම් කරනවා මම ඇහැටම දැක්කා. මට තේරෙන්නේ නෑ මේ මොන පිස්සුවක්ද කියලා.

තුෂාර ෆැක්ටියස් නැමති රෝගී තත්ත්වයට ගොදුරු වී ඇති බව පෙනී යනවා. තමා විසින්ම තමාට රෝගයක් ඇති බව නිර්මාණය කිරීම, වෛද්‍යවරැන් පිටුපස යාම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණයයි. තුෂාරට මෙම රෝගය  ඇති බව තවදුරටත් සනාථ වීමට පහත සඳහන් සාක්ෂි මගින් පැහැදිලි වේ.

• තම රෝගය පිළිබඳ සහ ඊට භාවිතා කරන වෛද්‍ය විද්‍යාවේ වචන පිළිබඳ ඔහුට තිබුණ දැනුම.

• ඉතා සූක්ෂම ලෙස රෝගය පිළිබඳ බොරැ පවසන බව පවුලේ අයට ද දැනීම.

වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් හමුවීම සහ මින් පෙර ලබාගත් පරීක්ෂණ වාර්තා, ස්කෑන් පරීක්ෂණ, ලේ පරික්ෂණ, මුත්‍රා පරීක්ෂණ වැනි දෑ ඔහු ළඟ එකතු කරගෙන සිටීම. සමහර විට තමාට රෝගයක් ඇතැයි තහවුරැ කිරීමට මෙම පරීක්ෂණවල සටහන් සූක්ෂම ලෙස වෙනස් කර තිබීමට ද පුළුවන.

• තුෂාර මීට පෙර රෝහල් 6කම වාට්ටුවල නැවතී මේ සඳහා ප්‍රතිකාර ගැනීමට උත්සාහ කර තිබීම.

• තම බොරුව අහුවේයැයි බියෙන් සමහර රෝහල්වලින් ටිකට් කැපීමටත් ප්‍රථමම හොරෙන් පැනයාම.

ෆැක්ටියස් නැමති මේ රෝගයේ තවත් පැතිකඩක් වන්නේ මෙවැනි රෝගී තත්ත්වයක් බොහෝ විට තම පවුලේ අයකුට හෝ ඥාතියකුට ඇති බව සූක්ෂම ලෙස මවා පෙන්වා වෛද්‍යවරැ පිටුපස යෑමයි. සමීක්ෂණවලින් පෙනී යන්නේ මව තම දරුවා මීට බොහෝ අවස්ථාවලදී යොදාගෙන තිබෙන බවයි.

ඇගේ නම කාන්තිය. කාන්ති තමාගේ අවු.10 වයසැති දරුවා වෛද්‍යවරු වෙත රුගෙන ගියේ සනීප නොවන බඩේ කැක්කුමක් සහ පාචනය නමැති රෝගී තත්ත්වය ඇති බව පවසමිනි. කිසිදු වෛද්‍ය පරීක්ෂණයකින් දරුවාට මෙවැනි අසනීපයක් ඇති බව තහවුරු නොවීය. අවසානයේදී සොයා ගැනුණේ මෙම මව සූක්ෂම ලෙස ආහාරවලට නොයෙකුත් විෂබීජ ඇතුළු කරමින් දරැවාට මෙම පාචන තත්ත්වය සහ බඩේ අමාරැව ඇති කිරීමට උත්සාහ කරන බවයි.

සුපුන් උසස් පෙළ සිසුවෙකි. මවුපියන්ගේ පෙරුත්තය මත උසස් පෙළ කළත් ඔහුට කිසිදු ආසාවක් ඒ සඳහා තිබුණේ නැත. උසස් පෙළ විභාගයෙන් පැනයාමට ඔහු සූක්ෂම ලෙස අසනීපයක් මවා ගත්තේය. එනම් ඔහුට පාලනය කරගත නොහැකි මුත්‍රා අමාරුවක් නිර්මාණය කර ගැනීමයි. මේ සඳහා ඔහු භාවිතා කළේ මුත්‍රා වැඩියෙන් පිට කිරීමට දෙන ෆ්රූස්මයිඩ් (Frusemide) නැමැති ඖෂධයකි. මෙම ඖෂධය අධික රැධිර පීඩනයට දෙන ඖෂධයකි. 

ඔහු මෙම ඖෂධය පිළිබඳ සොයාගෙන ඇත්තේ අන්තර්ජාලයෙනි. තමා මෙම ඖෂධය පාවිච්චි කළ විට පාලනය කරගත නොහැකි ලෙස මුත්‍රා පිටවන දැනගෙන හොරෙන් මෙම ඖෂධය පාවිච්චියට පුරුදු විය. ඔහුගේ යටි අරමුණ වුණේ තමාට මුත්‍රා අසනීපයක් ඇති බව මවුපියන්ට පෙන්වා උසස් පෙළ විභාගයෙන් පැන යාමයි.

මැලින්ජරින් නැමැති රෝගයට නම් අරමුණ ඉතා පැහැදිලිය. එනම් යම් පුද්ගලයකුට දැඩි ආතතියක් ගෙන දෙන පරිසරයක් ඇති වූ විට ඉන් පලායාමට දරණ සූක්ෂම උපක්‍රමයක් ලෙසයි. නමුත් ෆැක්ටියස් අසනීපය මීට හාත්පසින්ම වෙනස්ය. 

ඊට හේතු මොනවාද?

• දරුවකු කුඩා කාලයේ ශාරීරික හෝ ලිංගික අපයෝජනයන්ට පත් වීම, දෙමාපියන්ගේ ගැටලු අතරට දරුවා මැදි වීම, එසේත් නැත්නම් කුඩා කල දරුවකු නිතර අසනීපවලට ගොදුරැ වී රෝහල් ගතවීමට සිදුවීම වැනි කරැණු විශේෂඥයන් විසින් පෙන්වා දී ඇත.

තුෂාරගේ ළමා කාලයේදී වැදගත් සිද්ධියක් අනාවරණය විය. තුෂාරගේ පියා මවගෙන් වෙන්වී ඇත්තේ ඔහුගේ වයස අවු.4 දීය. පියාට දැඩි ලෙස ළං වූ තුෂාරට මෙය මහත් කම්පනයක් විය. එම කාලයේදී තුෂාරගේ හැසිරීම ද ප්‍රචණ්ඩකාරී ලෙස වෙනස් වූ බව මව පැවසීය. තුෂාරට දෙවැනි මානසික පීඩනය ඇති වුණේ මව දෙවැනි විවාහයකට ඇතුළු වූ පසුවයි. ඔහු සැර පරැෂ රළු පුද්ගලයකු විය. ඔහු තුෂාරට නිතරම දඬුවම් කළේය.

ෆැක්ටියස් නැමති රෝගය ප්‍රතිකාර කිරීමට ඉතා අපහසු රෝගයකි. මොකද ඔහු ප්‍රතික්ෂේපිත මනසකින් සිටින නිසාය. තුෂාර සහ ඔහුගේ පවුල සිතුවිලි ප්‍රතිකාරයට (Cognitive Therapy) යොමු කෙරුණි. මෙහිදී ඔහුගේ සිතුවිලිවල ඇති විකාර රූපී සහ විකෘති ස්වභාවයන් හා ඉන් ඔහුට විය හැකි හානිය සූක්ෂම ලෙස ඔහුගේ මනසට ඇතුළු කෙරුණි. මෙහිදී සිතුවිලි ප්‍රතිකාරය තුළ තිබෙන සොක්‍රටීස්ගේ ප්‍රශ්න විසඳාලීමේ ක්‍රමය ඉතා සාර්ථක ලෙස භාවිතා කෙරැණි. මෙම ක්‍රමය තුළදී රෝගියාට විරුද්ධ ප්‍රශ්න අසමින් (Confrontation) මනස නිවැරදි මාවතකට සෙමෙන් සෙමෙන් ඇතුළු කෙරුණි. මාස 6ක් පමණ කාලය තුළදී තුෂාර සම්පූර්ණ මෙම රෝගී තත්ත්වයෙන් මිදී පුරැදු රුකියාව ද ආරම්භ කළේය.

ඔබේ දරුවාට ශාරීරික සහ මානසික නිරෝගී බවක් ලබා දීමට කටයුතු කිරීමේ වැදගත්කම මෙම කතාවෙන් මනාව පැහැදිලි වේ.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 May 2018 08:01 PM

දරුඵල අහිමි වීමටත් ඉඩ තිබෙන කාන්තාවන් නොකියන ලෙඩේ

බොහෝ කාන්තාවන් තුළ ඇතිවිය හැකි නමුත් බොහෝ කාන්තාවන් ඒ පිළිබඳව සැලකිලිමත් නොවන එමෙන්ම වෛද්‍යවරයෙකු වෙතට නොයා ප්‍රතිකාර ගැනීමට මැලිවන තත්ත්වයක් ලෙසින් ඇඟ සුදකර යාම හැඳින්විය හැක.

මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු අවස්ථා කීපයකි.

යෝනි මාර්ගයේන් සුදු පැහැති කැටි සහිත ස්‍රාවයක් පිටවීම, ඒ ආශ්‍රිතව දුගඳක් හැමීම, යෝනි මාර්ගය ඇතුළත සහ පිටත කැසීම, යට ඇඳුම් තෙත් වීම, ලා දුඹුරු පැහැති වර්ණයක් යෝනි මාර්ගයේන් ස්‍රාවය වීම.

සුදයාම ඇතිවීමට හේතූන් -

විවිධ දිලීර හේතුවෙන්, විවිධ බැක්ටීරියා හේතුවෙන්, ආහාර පාන, වැරදි පුරුදු, මානසික පීඩනය, අනියම් සබන්ධතා.

මෙවැනි හේතූන් මත දිගින් දිගටම සුදයාම සිදුවෙයි නම් ඉක්මනින් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබාගැනීම අවශ්‍යයි. මේ පිළිබඳව නොසලකා හැරීමෙන් දිලීර තත්ත්වයක් ආසාත්මික වී පසුකාලීනව ගර්භාෂයේ ඇති බිත්ති විනාශ වී යාමට ද පුළුවනි. එමෙන්ම ලිංගික සංසර්ගයේදී විවිධ රෝග ඇතිවීමේ හැකියාවද තිබේ. විෂබීජ පැලෝපීය නාලවලට ද හානි සිදුකර එහි ඇති ව්‍යුහයට හානි සිදුවීමටත් පුළුවනි. සුද යාමට නිසි ප්‍රතිකාර නොගැනීම මව් පදවිය අහිමිවීමටද හේතුවක් විය හැක.

එබැවින් සුදයාම පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න.

යට ඇඳුම් සම්බන්ධව ඉතා සැලකිලිමත්වන්න. නිතරම පිරිසිදු යට ඇඳුම් අඳින්න. හොඳ කපු ඇඳුම් තෝරාගන්න.

• පොදු වැසිකිළි භාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න.

• නිරෝගී ආහාර ඔබේ ආහාර වේලට එක්කරගන්න.

• යෝනි මාර්ගය අවට ඉතා පිරිසිදුව තබා ගන්න.

• අච්චාරු, බලමාළු, අන්නාසි, තක්කාලි, කකුළුවන්, ඉස්සන් වැනි අධික උෂ්ණ ආහාර වැඩිපුර ගැනීමෙන් වළකින්න. එමෙන්ම ක්ෂණික ආහාරවලින් ඈත්වන්න.

• ඔබේ මානසික පීඩනය පාලනය කරගන්න. නිතරම සිත සතුටින් පවත්වා ගන්න.

• බොහෝ විට කාන්තාවෝ මේ රෝගයට අත්බෙහෙත් කිරීමට පෙළෙඹෙති. නමුත් කිසිවිටකත් රෝගය පිළිබඳව වෛද්‍යවරයකු තීරණයක් ගන්නට පෙර සුදුසුකම් නොලත් අයකු කිව් පමණින් මේ සඳහා අත්බෙහෙත් සිදුකිරීමෙන් වළකින්න. ඇතැම්විට වෙනත් රෝග තත්ත්වයක මූලික රෝග ලක්ෂණ ලෙසින් යෝනි මාර්ගයෙන් සුදයාම හැඳින්විය හැක. මේ නිසා මෙවැනි රෝග ලක්ෂණ මතුවේනම් ඉක්මනින් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර හා අවශ්‍ය උපදෙස් ලබාගැනීම අවශ්‍යය.

 

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 May 2018 08:21 PM

වකුගඩු රැක ගන්නේ මෙහෙමයි

නිවැරදි දිවිපෙවෙත යන්නෙන් අදහස් වන්නේ ක්‍රියාශීලි දිවි පෙවෙතක් යන්නයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු දිනකට ගන්නා ආහාර ප්‍රමාණය වැයකරන ශක්ති ප්‍රමාණය අතර සමබරතාවක් පවත්වා ගත යුතුයි. එසේ නොවුණුහොත් ශරීරය මඟින් වැය නොකරන ශක්තිය නිසා අප රෝගීන් බවට පත්විය හැකි වේ. වකුගඩු රෝගත් එහි ප්‍රතිඵලයකි

ක්‍රියාශීලි දිවි පෙවෙතක් ගත නොකිරීම නිසා තරබාරු බව, අධි රුධිර පීඩනය, දියවැඩියාව, ආඝාතය වැනි රෝග ඇතිවිය හැකි අතර මේ හේතු නිසාම ඔබගේ වකුගඩුවලට ද අහිතකර බලපෑම් ඇතිවෙයි. එබැවින් අපි ලබාගන්නා ආහාර දහනය කිරීම හරහා බර නියමිතව පවත්වාගැනිමට ක්‍රියාශීලි දිවි පෙවෙතක් ගත කිරීම මඟින් වකුගඩුවලට ඇතිවන අවදානම අඩු කර ගත හැකියි. එහිදී ඇවිදීම, බයිසිකල් පැදීම, ඇඟ වෙහෙසා වැඩ කිරීම ආදී කරැණු අපගේ දිවියේ සාමාන්‍ය වැඩ කොටසක් බවට පත් කරගත යුතුයි. අප කාර්යාලවල සිදුකරන වැඩ මඟින් සිදුවන්නේ අප තෙහෙට්ටුවට පත් වීම පමණකි.

ශරීර ශක්තිය වැය කරමින් කටයුතු කිරීම හරහා ඉහත රෝග කල්තබා වළක්වා ගත හැකියි. එදිනෙදා ජීවිතයේදී සිදු කරගත හැකි ශරීරය වෙහෙසවා කටයුතු කිරීම ඉතා වැදගත්.

වකුගඩු වලට දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝගවල බලපෑම

ලෝකයේ ඕනෑම රටක් ගතහොත් වකුගඩු රෝගවලට ප්‍රධාන හේතුව බවට පත්ව තිබෙන්නේ දියවැඩියාවයි. අංක දෙක අධික රුධිර පීඩනයයි. මෙම රෝග දෙක වැළඳී ඇති බව හඳුනාගන්නා විට ඔබගේ වකුගඩුවලට හානි වී තිබිය හැකියි. නමුත් කාලයක් තිස්සේ මෙම රෝගය පාලනයකින් තොරව පැවතීමෙන් වකුගඩුවලට හානි පැමිණිය හැකියි. බොහෝවිට දියවැඩියාව වැළඳී ඇති තරුණ අය එය පාලනයට ගන්නා බේත්වේල මඟහරිනු ලැබේ. එසේ බේත්වේල මඟහැරියත් ඔවුන්ට අපහසුතාවක් නොදැනෙන නිසා ඒවා මඟහරිනු ලැබේ. නමුත් එයින් සිදුවනුයේ වකුගඩු රෝගියෙක් බවට පත්වීමය. දියවැඩියාවට ඒ වගේම අධි රැධිර පීඩනයට ලබාදෙන ඖෂධ නිසා කිසිවිටෙක වකුගඩු නරක් වන්නේ නැහැ. එසේ සිදුවන්නේ එම රෝග තත්ත්ව නිසිලෙස පාලනය නොකිරීම නිසයි.

මෙට්ෆොමින් නිසා වකුගඩු නරක් වෙනවාද?

මෙට්ෆොමින් දියවැඩියාවට පමණක් නොවෙයි තවත් බොහෝ ලෙඩ රෝග අඩුකර ගැනීම සඳහා භාවිතා වන ඉතා හොඳ ඖෂධයක්. නමුත් වකුගඩු රෝගී වූ පසු මෙට්ෆොමීන් භාවිතය කළ නොහැකියි.

ස්ථුලභාවය

ස්ථුල භාවය ආකාර කිහිපයකින් වකුගඩුවලට හානි කළ හැකියි. දියවැඩියාව, අධික රැධිර පීඩනය, කොලෙස්ටරෝල් තැන්පත් වීම ආදී බොහෝ හේතු නිසා විවිධාකාර වශයෙන් වකුගඩුවල රෝගී තත්ත්ව ස්ථුලභාවය මුල් කරගෙන ඇතිවිය හැකියි.

වතුර හා වකුගඩු අතර සබඳතාව

වකුගඩු රෝග වළක්වා ගැනීමේ පහසුව හා ලාභදායී ක්‍රමවේදය වන්නේ නිසිලෙස ජලය පානයයි. මෙහිදී නිසිලෙස ජලය පානය යන්නෙන් අදහස් වන්නේ මෙම ජලය ලබා ගන්නා මූලාශ්‍රය පිළිබඳ සැලකිලිමත් වීමයි. මෙහිදී එම වතුර උතුරුවා නිවාගත් ඒවා වීම මෙන්ම පෙරාගන්නා ලද ජලය වෙනවා නම් ඉතාමත් හොඳයි. ඒ වගේම අපි පානය කරන වතුර ප්‍රමාණයත් ඉතා වැදගත්. ඒ වගේම පෙරණයේ නිර්දේශිත වතුර ප්‍රමාණයක් පෙරා ඉවර වූ පසුව එය ඉවත් කර දැමීම හෝ අලුත්වැඩියා කළ යුතුයි. මෙය සදාකාලිකව භාවිත කළ හැකි දෙයක් නොවේ. එහි කාලය හා පෙරීමේ හැකියාව නැතහොත් නියමිත කාලය ඉක්මවා ගිය පසු එහි කොටස් අලුත්වැඩියා කිරීමට බලා ගන්නවා නම් වඩාත් හොඳයි.

ජලය කොපමණ ප්‍රමාණයක් පානය කළ යුතු ද යන ගැටලුවේදී සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙකු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව දිනකට පානය කළ යුතු වතුර ලීටර් 1 1/2ත් 2ත් අතර ප්‍රමාණයක් ලෙස දක්වා තිබේ. නමුත් අප ඝර්ම කලාපීය රටක් වශයෙන් අප ලීටර් 2 1/2ක් වුවත් පානය කිරීම ඉතා වැදගත්. විශේෂයෙන් ඔබ දහඩිය පිටකරමින් වැඩකරන අයෙක් නම් ඊට සාපේක්ෂව වතුර ප්‍රමාණය වෙනස් විය යුතුයි.  

අපි දිනය පුරා බෙදී යන ආකාරයෙන් ජලය පානය කළ යුතුයි. එක්වර ජලය විශාල ප්‍රමාණයක් පානය කරනවාට වඩා බෙදී යන ලෙස පානය ඉතා වැදගත්. ඒ වගේම මුත්‍රාවල සාන්ද්‍රණය අධික නොවන ලෙස ජලය පාලනය මඟින් එය පාලනයකට ලක් කර එහි පැහැය ළා පැහැයට හුරු ලෙස පවත්වා ගත යුතුයි. එක්වර වතුර විශාල ප්‍රමාණයක් පානය තේරුමක් නොමැති දෙයක්.

ලුණු යනු ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් වුවත් ලංකාවේ ආහාර වේලේ ලුණු අධික ආහාර බහුල වශයෙන් තිබෙනවා. දිනකට ග්‍රෑම් 5ක් හෝ 6ක් ආහාරයට ගත යුතුයි. එය තේ හැන්දක ප්‍රමාණයකි. ඔබ ඔබගේ ප්‍රධාන ආහාරයට ලුණු එකතු නොකළ යුතුයි. ලුණු අඩුවෙන් ආහාරයට එකතු කර ගැනීම හරහා වකුගඩු ආරක්ෂා කරගත හැකියි. ඒ වගේම මෑතකාලීනව පැමිණි ක්ෂණික ආහාර බිස්කට්, පොටේටෝ චිප්ස්, සුප්කැට, විවිධ බැදපු මස් වර්ග ආදියේ ඉතා අධිකව ලුණු අඩංගු වේ. සොසේජස්, හැම්, බේකන් ආදී දේවල අධික ලෙස ලුණු අඩංගු නිසා මෙම ආහාර ඔබ ආහාරයට නොගත වගේම ඔබේ දුවා දරුවන්ට ලබා නොදිය යුතු ආහාර වේ.

වකුගඩු නරක් වීමට බලපාන වෙනත් කරුණු

දුම්පානය මඟින් වකුගඩුවට හානි සිදුවන ආකාර දෙකකි. ඒ යටතේ කොලෙස්ටරෝල් තැන්පත් වීම සහ රැධිරය සැපයීමේ නාල හීනි වීම නිසා වකුගඩුවලට රැධිරය සපයන නාළ හීනි විය හැකියි. ඊට අමතරව වකුගඩු සම්බන්ධ පිළිකා තත්ත්වයටත් දුම්පානය හේතුවිය හැකියි. ඔබ දුම්පානය නොකර සිටියොත් වකුගඩු රෝග වැළඳීමේ අවදානම අඩු කර ගත හැකියි.

දියවැඩියා රෝගීන් නිසි පරිදි ඖෂධ පානය, රුධිරගත දියවැඩියා පරීක්ෂාව ඩ්ඕඒ1ඛ් පරීක්ෂණයේ අගය 7ට වඩා අඩු අගයක පවත්වා ගත යුතුයි. ඒ වගේම අධි රුධිර පීඩනය තිබෙනවා නම් එහි අගය 140 – 80 ට වඩා අඩු අගයකට පවත්වා ගත යුතුයි. දියවැඩියාව හා රුධිර පීඩනය තිබෙන අයෙක් නම් 130 -80 ට අඩු මට්ටමට රුධිර පීඩනය පවත්වා ගත යුතුයි. එසේ නොවුණහොත් ඔබේ වකුගඩු ඉක්මනින් නරක් විය හැකියි.

තවද වකුගඩුවල ගල් තිබෙන අය මාස 6කට අවුරුද්දකට සැරයක් වෛද්‍ය පරීක්ෂණයකට යොමු වී වකුගඩුවේ තත්ත්වය පරීක්ෂා කරගත යුතුයි. තවද ප්‍රවේණික වකුගඩු රෝග තිබෙන අය (පවුලේ කාටහරි වකුගඩු රෝග තිබෙන අය) තමාගේ වකුගඩුවල තත්ත්වය පරික්ෂා කරගත යුතුයි.

වකුගඩු නරක් වී ඇති බවට පහළ වන රෝග ලක්ෂණ

මෙම රෝගයේදී රෝග ලක්ෂණ පහළ වන තෙක් සිටියහොත් සැලකිය යුතු මට්ටමින් වකුගඩු නරක් වී තිබිය හැකියි. වකුගඩු රෝග ඉතා මුල් අවස්ථාවේ හඳුනා ගැනීම ඉතාම අපහසු වේ. නමුත් මුත්‍රා සමඟ පෙණ වැඩිපුර පිටවීම, වැනි ලක්ෂණ මඟින් මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවන බව දැකගත හැකියි. මුත්‍රා සමඟ රුධිරය පිටවීම, ඉදිමුණු කකුල් ද රෝග ලක්ෂණ වේ.

සුගත්

උපදෙස් : ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ 
වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චින්තන ගලහිටියාව

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 May 2018 08:34 PM

හෘදයාබාධයක් ඇතිවූ විගසම දියයුතු ප්‍රථමාධාර

නිවසේ දී කාර්යාලයේ දී හෝ මහමඟ හෝ අයකු හට පපුවේ වේදනාවක් ඇති හෘදයාබාධයක ලක්ෂණ වුවහොත් මේ ලෙස ක්‍රියා කරන්න.

• රෝගියා තිරස්ව සැතැපීමට සලස්වන්න. ඇඳක් නැත්තම් සුදුසුතම ස්ථානය බිමයි. පැත්තට හැරෙන්නට වුවමනා නම් ඊට ඉඩදෙන්න. සිහිමඳ රෝගියකු නම් පැත්තට හැරෙන්නට වුවමනා නම් ඊට ඉඩදෙන්න. සිහිමඳ රෝගියකු නම් පැත්තකට හරහා තබන්න. (වමනය හා කෙළ පෙණහැල්ලට යෑම වැළැක්වීම පිණිස මෙසේ හරවා තැබීම අවශ්‍යය)

• දිගාවී සැතපීමට ඉඩක් නැත්තම්, පුටුවක වාඩි වී සිටියාට කම් නැත. එහෙත් ශරීර මට්ටමට එන ලෙස කකුල් ඔසවා බංකුවක් (වැනි දෙයක්) මත තබන්න.

• වාඩි වී සිටීමෙන් හුස්ම ගැනීම පහසු බව රෝගියා පැවසුවහොත් ඒ ඉරියව්වෙන්ම සිටීමට ඉඩ හරින්න.

• තදට ඇඳ ඇති ඇඳුම් ලිහිල් කරන්න. ඉනපටි, ටයිපටි ආදිය ඉවත් කරන්න.

• මලපහ කිරීමට හෝ මුත්‍රා කිරීමට අවශ්‍ය නම් ඇඳේ දිගා වී සිටිය දී ම එසේ කිරීමට ඉඩ හරින්න. නැගිටුවා ඇවිද්දවීම වැරදියි.

• වෙනත් හෘද රෝගියකු ළඟපාත සිටිදැයි වහාම විමසන්න. මෙම රෝගීන් ළඟ හදිසි අවස්ථාවක දී දිව යට තබාගත යුතු ටී.එන්.ටී. පෙති ඇත. එබඳු රෝගියකු ළඟ සිටියහොත් ඔහුගෙන් ටී.එන්.ටී. පෙති දෙකක් ඉල්ලා කුඩු කොට, රෝගියාගේ දිව යට තබන්න. විනාඩි දහයකට පසු වේදනාව තවමත් පවතින්නේ නම් තවත් ටී.එන්.ටී. පෙති දෙකක් එලෙසම දෙන්න. පැය භාගයක් ඇතුළත පෙති 06කට වඩා දෙන්න එපා.

• ඇස්පි‍්‍රන් හෝ දියවෙන සුලු ඇස්පී‍්‍රන් පෙත්තක් ඇල්වතුර කෝප්ප 1/4පමණ දිය කොට රෝගියාට පොවන්න. මෙය ඉතා වැදගත් පියවරෙකි.

• දහඩිය දැමීම අධික නම් රෙදි කඩකින් පිසදමා සෙමෙන් පවන් සලන්න.

• රෝගියා වටා බොහෝ දෙනා වට වී සිටීම නොමැනවි. එයින් ඔහුට වාතාශ්‍රය නොලැබෙනු පමණක් නොව මානසික අසහනය ද වැඩිවේ.

• ගෑස් අඩංගු බීම, සෝඩා බ්‍රැන්ඩි ආදිය නොදිය යුතු ය.

හෘද ශ්වසන පුනර්ජීවනය  හෙවත් ශ්වසන ප්‍රථමාධාර ක්‍රමය  – මුලික ක්‍රියා පිළිවෙළ

හෘදය ගැස්ම නැවතුණු විට කරනු ලබන ප්‍රථමාධාර ක්‍රමයට හෘද ශ්වසන පුනර්ජීවනය යයි කියනු ලැබේ. පහත සඳහන් ලක්ෂණ එකක් හෝ වැඩි ගණනක් හෝ හෘදයාබාධ රෝගියකු කෙරෙහි දුටු කල්හි හද ගැස්ම නැවතුණු බව උපකල්පනය කළ යුතුය.

එනම්:- • ශ්වසනය නැවතීම • නාඩිය හසු නොවීම • ශරීරය (වලිප්පුවක දී මෙන්) ගැස්සීම • ඇස් උඩට කරකැවී යාම • ඇඟිලි තුඩු ද නිල් පැහැවීම

මේ රෝග ලක්ෂණ ඇත්නම් වහාම පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.

තමාගේ දකුණත මීට මොළවා රෝගියාගේ පපුවේ වම් පැත්තට (ශරීරයට හෘදය මතුපිටට) වැරෙන් තලන්න. ඒ කළ වහාම බාහිර හෘද සම්බාහනය ආරම්භ කළ යුතුයි.

සම්බාහනයේදී කරනුයේ රෝගියාගේ හෘදය, පපු ඇටයත්, කොඳු ඇට පේළියත් අතර තෙරුපීමයි. එවිට හෘදයේ ඇති රුධිරය ශරීරයට ගලා යයි. මෙය සාර්ථකව කරනු පිණිස රෝගියාගේ කොඳු ඇට පෙදෙස නොනැමී තිබිය යුතුය. එබැවින් රෝගියා බිම වැතිරවීම ඉතා සුදුසුය. අනතුරැව තමාගේ අත්දෙකම රෝගියා ගේ පපු ඇටය මැද තබා අඟල් 1 1/2 – 2ක් පමණ පහළට පපු ඇටය එබිය යුතුය. මේ සඳහා තමාගේ සිරැරේ බර උපයෝගී කර ගැනීම යෝග්‍යය. 

විනාඩියකට 80 – 100 වාරයක්

විනාඩියට 80 – 100 වාරයක් පමණ මේ බාහිර සම්බාහනය කරන්න. ඕනෑවට වඩා වේගයෙන් සම්බාහනය කිරීමෙන් වැළකෙනු පිණිස එක, දෙක, තුන යනාදී වශයෙන් ගණන් නොකොට එක් දහසයි එකයි. එක් දහසයි දෙකයි. එක් දහසයි තුනයි. යන පරිද්දෙන් ගණනය සඳහා උපදෙස් දෙනු ලැබේ. සෑම සම්බාහන හතරකට හෝ පහකට හෝ පසුව කෘත්‍රිම ශ්වසනයක් ද කළ යුතුය.

කෘත්‍රිම ශ්වසනය

පළමුකොට වෙද ඇඟිල්ල රෙදි කඩකින් වෙලා රෝගියා ගේ මුව ඇතුළෙහි ඇති සෙම, වමනය, බොරැ දත් ආදිය ඉක්මනින් ඉවත් කරන්න. ඉන්පසු රෙදි කඩකින් තේ හැඳි මිටක් වෙලා එය දිවට උඩින් යොදා දිව පිටුපසට වැටී යාම වළක්වාලන්න. (එසේ වැටුණොත් ශ්වසන මාර්ගය අවහිර වේ)

අනතුරුව රෝගියාගේ නිකට (තමාගේ දකුණු අතින්) හැකි තරම් උඩට (ඉහළට) උස්සා තමාගේ වම් අතින් රෝගියාගේ නාස්පුඩු තදකොට වසාගන්න. (මේ සඳහා තමා රෝගියාගේ දකුණු පැත්තේ සිටිය යුතුය. නාස් පුඬු වසා නිකට උස්සා කට අරින පරිදි ඉහළට උස්සන්න.)

(සෑම සම්බාහන හතරකට වරක්ම කෘත්‍රිම ශ්වසනයක් දිය යුතු ය.)

දැන් හැකිතරම් ගැඹුරට හුස්ම ගෙන තමාගේ මුව, රෝගියාගේ මුවට තදකොට තබා වැරෙන් ඔහුගේ මුව තුළට හැකි තරම් හුස්ම පිඹින්න. රෝගියාගේ මුව මත ලේන්සුවක් එළා මෙය කළාට වරදක් නැත. හරියට මෙය කළහොත් රෝගියාගේ පපුව හුස්ම නිසා පිම්බෙනු ඇත. දැන් දෑතම ඉවත් කොට යළිත් බාහිර සම්බාහනය අරඹන්න. මේ අතර වෙද්‍යාධාර පැතිය යුතුයි.

Web MD

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 May 2018 02:03 AM
වැදගත් ලිපියක් ...චාමර මල්ලි .
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 May 2018 10:18 AM
වැදගත් කරුණු ටිකක්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 May 2018 01:47 AM

womenගර්භාෂය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්ව අතරින් ඉතා සුලබම රෝග අවස්‌ථාව ලෙස (Fibroid) රෝගය හඳුන්වා දීමට හැක. සමහර පර්යේෂණවල දක්‌වන ආකාරයට සෑම කාන්තාවන් තිදෙනකුගෙන් එක්‌ අයෙකුට මෙම රෝග තත්ත්වය පවතී. යම් කාන්තාවන් මේ ගැන නිසි අවබෝධයෙන් සිටින අතර සමහරුන් තමාට මේ තත්ත්වය පවතී දැයි නිසි හඳුනා ගැනීමක්‌ නැත. (Fibroid) රෝග තත්ත්වයේදී ඇතිවන ලක්‍ෂණ විවිධාකාර හෙයින් ඒවා අනුව රෝගය ඇතිබව සැකකිරීම තරමක්‌ අපහසු කරුණකි.

ගර්භාෂය ආශ්‍රිත මාංශ පටකයේ ඇතිවන මෙම රෝග අවස්‌ථාවට ගොදුරු වීමේ හැකියාව වැඩියෙන් පවතින්නේ කුමන කාරණා මත දැයි හඳුනා ගැනීමට ලොව පුරා විවිධ පර්යේෂණ සිදුකර ඇත. ඒ අනුව ෆයිබ්‍රොයිඩ් තත්ත්වයට ගොදුරු වීමේ හැකියාව වැඩි කරන සාධකයන් කිහිපයක්‌ ම හඳුනාගෙන ඇත.

ශරීරයේ බර වැඩි එනම් තරබාරු කාන්තාවන්ට මෙම රෝග තත්ත්වය වැළඳීමේ ප්‍රවණතාව නිසි බර හෝ අඩු බර කාන්තාවන්ට වඩා වැඩි බව පර්යේෂකයෝ හඳුනාගන ඇත. ඒ අනුව ගර්භාෂගත අර්බුදවලින් පීඩා විඳින්නියන් පවා වයසට උසට නිසි ශරීර බර පවත්වා ගැනීම ඉතා වැදගත් කරුණකි. එමගින් ෆයිබ්‍රොයිඩ් ගෙඩි තවදුරටත් වර්ධනය වීම පාලනය කළ හැක.

ෆයිබ්‍රොයිඩ් වැළඳීම අවිවාහක කාන්තාවන්ට සේම දරුඵල ප්‍රමාද හෝ අහිමි කාන්තාවන්ට වැඩිය. රෝග තත්ත්වය බහුලව වාර්තා වනුයේ අවු. 30 - 45 අතර වයසේ පසුවන්නියන්ට වේ. එම වයස්‌වල ද ඉහත තත්ත්වයේ සිටින කාන්තාවන්ට දරුවන් ලැබූ කාන්තාවන්ට වඩා වැඩි බහුලතාවකින් රෝගයට ලක්‌ වේ. බොහෝ විට දරුඵල ප්‍රමාද කාන්තාවන් මේ සඳහා ප්‍රතිකාරවලට යොමු වන්නේද මේ හේතුවෙනි.

මෙම රෝග තත්ත්වය සඳහා ජාන වල බලපෑමක්‌ ද හඳුනාගෙන ඇත. එනම් රෝගයට ලක්‌වීමේ ප්‍රවණතාව උපතේදීම තීරණය වී පවතී. මව් පාර්ශ්වයේ කිසිවෙකුට මෙම තත්ත්වය පවතී නම් නිරන්තර අවධානය ඉතා වැදගත් වේ. බොහෝ විට වැඩිමල් සොයුරිය, මවට හෝ මවගේ සහෝදරියන්ට පවතී නම් තමාද වයස එළඹෙත්ම රෝගයට ලක්‌වීමේ හැකියාව වැඩිය. ආයුර්වේදයට අනුව මෙම රෝගය මාංස ධාතුව හා හටගත් අවස්‌ථාවක්‌ නිසා මස්‌ අනුභවය රෝගීනට නුසුදුසු බව දක්‌වයි. එයින්ද හරක්‌මස්‌, බැටලු මස්‌ වැනි රතු පැහැති මස්‌ වර්ග වඩා හානිදායකය. අනවශ්‍ය පෝෂක පදාර්ථ ශරීරයට නිතිපතා ගැනීම උදා, අධි පෝෂ්‍ය පිටි වර්ග, සකසන ලද මස්‌ ආහාර, සොසේජස්‌, හැම්, සලාම්, මීට්‌බෝල් ආදිය, තෙල් බැදුම් නිතිපතා භාවිතය, පාන් පිටි ආශ්‍රිතව නිපදවන ලද ආහාර මෙබඳු තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන් විසින් හැකි සෑම විටම වර්ජනය කළ යුතු වේ. ෆයිබ්‍රොයිඩ් තත්ත්වය පාලනය කිරීමට සමත් ආහාරපාන පිළිබඳ උපදෙස්‌ ද ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ පවතී.

women1

 

whiteප්‍රශ්නය - සොරයිසිස්‌ හෙවත් පොතු කබර, ලියුකොඩර්මා හෙවත් සුදු කබර ඇතුළු චර්ම රෝග සුව කිරීම සඳහා ඔබ යොදාගන්නේ සාම්ප්‍රදායික ඉන්දියානු වෛද්‍ය ක්‍රමයක්‌. මේ ක්‍රමය ආයුර්වේදය ලෙස හඳුන්වනු ලැබූවත්, අප දකින්නේ ඉන්දියාවේ වෙනම ගුරු කුලයකට අයත් ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය වැනි ක්‍රමයක්‌ ලෙසයි. මේ ක්‍රමය මගින් රෝග සුව කරන පදනම ලෙස ඔබට විස්‌තර කළ හැක්‌කේ කුමක්‌ද?

වෛද්‍ය හපුගස්‌පිටිය - සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර, නිසි ව්‍යායාම්, භාවනාව වැනි අධ්‍යාත්මික ක්‍රමවේද සහ ශරීරයේ විෂ ඉවත් කරන ක්‍රමවේද තමයි අප මෙහි පදනම ලෙස ගන්නේ. විෂ ඉවත් කරන්නෙ ඖෂධවලින්.

ප්‍රශ්නය - ඉහත සඳහන් කබර වර්ග සහ චර්ම රෝග හට ගන්නේ කවර හේතුවක්‌ නිසාද කියලා අපට නැවත වරක්‌ පැහැදිලි කරන්න.

වෛද්‍ය හපුගස්‌පිටිය - ත්‍රිදොaෂ හෙවත් වාත, පිත, කප යන තුන කුපිත වීම නිසයි මේවා හට ගන්නේ. වාත ශක්‌තිය තමයි ශරීරයේ ක්‍රියාකාරීත්වය පවත්වා ගෙන යන්නෙ. පිත්ත ශක්‌තියට පුළුවන් ශරීරයේ ධාතු වෙනස්‌වීම ඇති කරන්නට. ශරීරයේ වර්ධනය ඇති කරන්නේ කප ශක්‌තියයි. මේ ත්‍රිදොaෂ සමාන මට්‌ටම්වල තිබුණාම අර්බුදයක්‌ නැහැ. එහෙත් එකක්‌ හෝ එහා මෙහා වුණොත් අවුල පටන් ගන්නවා. එය මොළේ අවුලේ සිට ඇඟේ අවුල දක්‌වා ව්‍යාප්ත වෙනවා. පොතු කබර, සුදු කබර සහ චර්ම රෝග කියන්නේ තුන්දොස්‌ කිපීම නිසා ශරීරයේ ලේ ධාතුවේ හට ගන්නා අවුල සම මතට පැමිණීමයි.

ප්‍රශ්නය - මේ ඇඟේ අවුල නසන්නට ඔබ හදන ඖෂධ විශේෂ වන්නේ කොහොමද?

වෛද්‍ය හපුගස්‌පිටිය - අපේ ඖෂධ වලින් ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ ශරීරයේ රුධිරය පිරිසිදු වීමයි. රුධිරයේ විස ඉවත් වීමයි. එතකොට තමයි සම මත මෙලනින් නිෂ්පාදනය වෙලා සුදු පැහැති කබර පැල්ලම් වැසෙන්නේ. සම ඉතා ඉක්‌මනින් මිය යැමේ ක්‍රියාවලිය මධ්‍යස්‌ථ වෙලා පොතු කබර හට ගැනීම නවතින්නෙ. වෙනත් වෛද්‍ය ක්‍රමවල අය, වෛද්‍ය ගුරුකුලවල අය බෙහෙත් වර්ග 10 ක්‌ දෙනකොට අප දෙන්නේ බෙහෙත් වර්ග 2 යි. එය සියුම් කුඩු හෝ භෂ්ම වශයෙන් එන්නෙ.

ලබන සතියේ ලිපි පෙළෙහි අවසන් ලිපිය පලවේ

white1

 

diabiticeÕ වෛද්‍යතුමනි මොකක්‌ද මේ දියවැඩියාව රෝගය කියන්නේ...

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - දියවැඩියාව ලෙස හඳුන්වන්නේ ශරීරයේ සීනි මට්‌ටම ඉහළ යැමයි. මෙලෙස සීනි මට්‌ටම ඉහළ යැම තුළින් ශරීරයේ ඇතිවන විවිධ සංකූලතා මෙහි රෝග ලක්‍ෂණ ලෙස හැඳින්විය හැකිය. සමහරුන්ට මෙය ජානමය හේතූන් මගින්ද ඇතිවිය හැකි අතර බොහෝ පිරිසක්‌ මෙම රෝගයට ගොදුරු වන්නේ වැරැදි ආහාර රටාවන්ට යොමුවීම තුළින් බවද පැවසිය හැකිය. දියවැඩියාව වැළඳුණු විට එම රෝගියාගේ ශරීරයට එය ඉතා අහිතකර බලපෑම් කරනු ලබන නිසා එය බොහෝ දෙනා නිහඬ මාරයා ලෙසද හඳුන්වනු ලබනවා.

Õ දියවැඩියා රෝගීන්ට වැළඳෙන තවත් අතුරු රෝගී තත්ත්වයක්‌ තමයි අතපය හිරිවැටීම. මේ රෝගී තත්ත්වය ගැන සඳහන් කළොත්...

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - මෙම රෝගී තත්ත්වය වැළඳුණු බොහෝ දෙනෙක්‌ පවසන්නේ ඔවුන් ඇවිදින විට දෙපා කොට්‌ටයක්‌ උඩ ඇවිදිනවා වගේ දැනෙන බවයි. පාවහන් පැළඳ සිටියත් ඒ බවක්‌ ඔවුන්ට නොදැනෙන බවද පවසනවා. සමහරුන්ට උදෑසනත්, තවත් අයට දිවා කාලයේත්, තවත් සමහරුන්ට රාත්‍රියේදීත් මෙම වේදනාවන් ඇති වෙනවා. බොහෝ විට මේ තත්ත්වය ඇති වන්නේ ඔවුන්ගේ ස්‌නායු පද්ධතියේ දුර්වලතා නිසයි. දියවැඩියාව රෝගය වැළඳුණු විට ස්‌නායු පද්ධතියට නිසි පෝෂණය නොලැබීම නිසා එම පද්ධතිය දුර්වල වූ විට මෙවැනි රෝග ලක්‌ෂණ ඇතිවිය හැකිය.

දියවැඩියාව සමඟම ආතරයිටිස්‌ රෝගයත් වැළඳුණහොත් මේ තත්ත්වය දෙගුණ තෙගුණ වීම සිදුවිය හැකිය. එම නිසා මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී නිවැරැදි පරීක්‍ෂණ අනිවාර්යයි.

Õ අතපය හිරිවැටීමට අමතරව මෙවැනි රෝගීන්ට ඇතිවන වෙනත් රෝග ලක්‍ෂණ කවරේද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - මළ බද්ධය, මළ බුරුලට පිටවීම, සම මතුපිට කැසීමේ තත්ත්වය, පලු දැමීම නිසා කැක්‌කුම, නින්ද නොයැම, මුඛයෙන් දුඟඳ හැමීම, කේන්ති යැම, ඇස්‌වලින් කඳුළු ගැලීම, ඇස්‌ වියළීම ආදී රෝග ලක්‍ෂණ රැසක්‌ම හඳුන්වා දිය හැකියි.

Õ මෙම රෝග සුව කිරීමට ආයුර්වේදය සතුව ප්‍රතිකාර තිබෙනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - ඉතාමත් නිවැරැදි ලෙස පරීක්‍ෂා කර බලා රෝගියාට වැළඳී ඇති රෝගය නිවැරැදිව හඳුනා ගැනීම තුළින් ඉතාම කෙටි කාලයක්‌ තුළ මෙම රෝග සුව කිරීමට ආයුර්වේදය සතුව ඖෂධ තිබෙනවා. ඒ සඳහා ඉතා දක්‌ෂ වෛද්‍යවරයකු තෝරා ගැනීමට රෝගියා සමත් වූවොත් කෙටි කලකින්ම ආයුර්වේද ප්‍රතිකාර තුළින් නිරෝගී සුව ළඟාකර ගත හැකියි.

ලබන සතියට

 

 

anusප්‍රශ්නය - පසුගිය සතියේ අප සාකච්ඡා කළා ගුද පරිකර්තිකා කියන රෝග තත්ත්වය ගැන. මෙය සුවපත් කළ හැකිද?

වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - ගුද පරිකර්තිකාව හටගත් විට බටහිර විද්‍යාව මගින් නිර්දේශ කරන්නේ සැත්කමක්‌ මගින් තත්ත්වය සමනය කිරීමයි. එහෙත් සැත්කමකදී ගුදයේ පටකවලට හානි සිදුවුවොත් එය යළි නිවැරදි කර ගැනීමට බැරි වරදක්‌ බවට පත්වෙනවා. සැත්කමක්‌ කරන විට වැරදීමකින් හෝ ගුදයේ ස්‌නායු කැපුනොත් එතැන් පටන් පාලනයකින් තොරව මළ පහවීම සිදු විය හැකියි. ඒ නිසා අප නිතරම නිර්දේශ කරන්නේ සැත්කම් නොකරන ආයුර්වේදීය ප්‍රවේශයක්‌.

ප්‍රශ්නය - ගුද පරිකර්තිකා තත්ත්වයකදී ආයුර්වේදය මගින් සහනයක්‌ ලබා ගන්නේ කොහොමද?

වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - මනුෂ්‍යයා කියන්නේ පරිසරයේ කොටසක්‌. සොබාදහමේ කොටසක්‌. ආයුර්වේදය කියන්නෙත් පරිසරය අනුසාරයෙන් සාදාගත් සොබා දහමට අනුකූල ප්‍රතිකාර ක්‍රමයක්‌. ආයුර්වේද ප්‍රතිකාර තුළ අතුරු ආබාධ නැහැ. ආයුර්වේදය ඖෂධ හැටියට පාවිච්චි කරන්නේ මහ පොළොවෙන් ලබාගත් සොබා දහමට අයත් දේවල්.

ප්‍රශ්නය - ගුද පරිකර්තිකාව සුව කරන ආයුර්වේදීය ඖෂධ මොනවද?

වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - නෙල්ලි ඉතා හොඳ ඖෂධයක්‌. ගුද රෝග තිබෙන කොයි කාටත් නෙල්ලි ආහාරයට ගැනීම ඉතාම සුදුසුයි. මෙය ස්‌වාභාවික විෂ නාශකයක්‌ වන අතර ශරීරයේ හට ගන්නා විවිධ විෂ තත්ත්වයන් මේ මගින් සමනය කළ හැකියි. ශරීරයේ සම පැහැපත් කිරීම. ගෙඩි වන පිළිකාවලට හේතුවන සාධක ශරීරයෙන් පලවා හැරීම, රක්‌ත හීනතාව නැතිකර ශරීරයේ ලේ වඩවාදීම යනාදිය සිදු කිරීමට නෙල්ලිවලට පුළුවන්. ඒ වගේම දිනපතා නෙල්ලි යුෂ මේස හැඳි 2 බැගින් පානය කරන කෙනෙකුගේ අක්‌මාව ඉතා හොඳින් ආරක්‍ෂා වෙනවා. ආහාර ජීර්ණය පහසු කරන පළතුරක්‌ ලෙසත් නෙල්ලි සැලකෙනවා. නෙල්ලිවල තිබෙන තුවාල සිදුකිරීමේ හැකියාව මත ගුද පරිකර්තිකාව සුව කරන්නට පුළුවන්.

ඒ වගේම පරිකර්තිකා රෝගයට සුදුසු තවත් ඖෂධයක්‌ තමයි අරළු.

අරළුවල ගුණය සහ ගුද පරිකර්තිකාව සුව කිරීමට එයට ඇති හැකියා ගැන ලබන සතියේ කියවන්න.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

anus1

 

arackඇල්කොහොල් හේතු කොට ගෙන ඇති වන තීව්‍ර අක්‌මා ප්‍රදාහය (Acute Alcoholic Hepatitis) සහ අක්‌මා සිරෝසිස්‌ (Alcoholic Liver Cirrhosis) රෝගය

ඇල්කොහොල් ශරීරගත වූ විට අක්‌මාව කෙරෙහි ඇති කරන බලපෑම

සාමාන්‍යයෙන් දිනකට ඇල්කොහොල් ග්‍රෑම් 40-80 ක්‌ ප්‍රමාණයක්‌ වසර 10ක්‌ පමණ කාලයක්‌ ශරීරගත වුවහොත් අක්‌මාව පීඩා වී සිරෝසිස්‌ තත්ත්වය ඇති විය හැකි බව අනාවරණය කර ගෙන තිබෙනවා. සියයට 35 ක ඇල්කොහොල් ප්‍රතිශතයක්‌ ඇති අරක්‌කු වර්ගයකින් වරකට මිලිලීටර් 30ක්‌ පානය කළහොත් ඇල්කොහොල් මිලිලීටර් 10.5 ක්‌ පමණ ප්‍රමාණයක්‌ එනම් ඇල්කොහොල් ග්‍රෑම් 8.3 ක්‌ පමණ ප්‍රමාණයක්‌ ශරීර ගත වෙනවා. ඒ අනුව දිනකට අරක්‌කු බෝතල් කාලක්‌ (මිලිලීටර් 180 ක්&zwnj පානය කරන කෙනකුගේ ශරීරගත වන ඇල්කොහොල් ප්‍රමාණය ග්‍රෑම් 49.8 ක්‌ පමණ වෙනවා. සාමාන්‍යයෙන් අක්‌මාවෙන් ඇල්කොහොල් ජීරණය කිරීමේ ධාරිතාව පැයකට ග්‍රෑම් 7 ක්‌ පමණ වෙනවා. ඒ නිසා ශරීර ගත වන ඇල්කොහොල් ප්‍රමාණය වැඩි වෙන විට එය අක්‌මාවට දරාගත නොහැකි නිසා කෙටි කාලීන වශයෙන් සහ දීර්ඝ කාලීන වශයෙන් නොයෙකුත් විෂාත්මක බලපෑම් ඇති වෙනවා.

තීව්‍ර අක්‌මා ප්‍රදාහය (Acute Alcoholic Hepatitis)

දීර්ඝ කාලීනව අධික ලෙස ඇල්කොහොල් භාවිතය නිසා අක්‌මාව කෙරෙහි ඇති කරන බලපෑමේ ප්‍රතිඵලයක්‌ ලෙස අක්‌මා ප්‍රදාහය ඇති වෙනවා. ඇල්කොහොල් පානය කළ විට එය ආමාශයාන්ත්‍රික ව්‍යqහයෙන් අවශෝෂණය කර රුධිරය මගින් අක්‌මාව වෙත ගමන් කරනවා. අක්‌මාවේ දී මෙම ඇල්කොහොල් පරිවෘත්තියට භාජනය වෙනවා. ඒ සඳහා අක්‌මාවේ සෛලවල ඇති එන්සයිම (Alcohol dehydrogenase - ADH) දායක වෙනවා. මෙම එන්සයිම මගින් ඇල්කොහොල් ඔක්‌සිකරණය වී ඇසිටැල්ඩිහයිඩ් (Acetaldehyde) නමැති රසායනිකය නිපදවනවා. මෙම ඇසිටැල්ඩිහයිඩ් රසායනිකය අතිශය විෂ රසායනිකයක්‌. එමගින් ශරීරයට බොහෝ හානි ඇති කරනවා. මෙලෙස නිපදවෙන ඇසිටැල්ඩිහයිඩ් රසායනිකය Aldehyde dehydrogenase - ALDH නමැති එන්සයිමය මගින් Acetate සංයෝග බවට පත් කර විෂාත්මකතාව අවම කරනවා. මීට අමතරව ශරීර ගත වන විෂ වර්ග විනාශ කිරීම සඳහා ක්‍රියාත්මක වන සයිටොක්‍රොම් නැමති එන්සයිම මගින් ද ඇල්කොහොල් ඔක්‌සිකරණය වී ඇසිටැල්ඩිහයිඩ් (Acetaldehyde) නමැති රසායනිකය නිපදවනවා. මෙම ප්‍රතික්‍රියාවලියේ දී අතුරුඵලයක්‌ ලෙස අධි සක්‍රියතාවකින් යුක්‌ත මුක්‌ත ඛණ්‌ඩ (Free radicals) නිපදවෙනවා. මෙම මුක්‌ත ඛණ්‌ඩ මගින් අක්‌මා සෛල විනාශ කරනවා. මෙම තත්ත්වය වැලැක්‌වීම සඳහා ප්‍රතිඔක්‌සිකාරක ක්‍රියාකාරිත්වයන් හේතු වෙනවා.

ලබන සතියට

arack1

 

sayatikaප්‍රශ්නය - පසුගිය සතියේදී සයටිකා රෝගය ගැන මූලික අවබෝධයක්‌ පාඨකයාට ලබා දීමට ඔබට හැකි වුණා. අද අප ඔබෙන් අසන පළමුවැනි ප්‍රශ්නය වන්නේ සයටිකා රෝගය නිසා හට ගන්නා අධික වේදනාව පාලනය කරගන්නේ කොහොමද කියන කාරණයයි.

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සයටිකා රෝගය කියන්නේ නිට්‌ටාවට සුව කළ හැකි රෝගයක්‌. ඒ නිසා සයටිකා වේදනාව තාවකාලිකව නැති කිරීම සඳහා යොදන ප්‍රයෝග එතරම් ප්‍රයෝජනවත් බව මා හිතන්නේ නැහැ. එහෙත් සයටිකා වේදනාව උහුලා ගන්නට බැරි අවස්‌ථාවකදී පහත සඳහන් උපදෙස්‌ අනුගමනය කිරීමෙන් යම් සහනයක්‌ ලබා ගන්නට පුළුවන්. හැකි තරම් ජලය පානය කරන්න. අමු සුදුලූණු සහ B විටමින් අඩංගු ආහාර බහුල වශයෙන් ගත යුතුයි. දීර්ඝ කාලයක්‌ එකම ඉරියව්වේ හිඳගෙන නොසිට නැගිට ඇවිද යමින් ක්‍රියාකාරී විය යුතුයි. ව්‍යායාම කළ යුතුයි.

ප්‍රශ්නය - සයටිකා රෝගය නිසා අංශභාගය වැළඳෙනවාද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - රෝගය නිසා ස්‌නායුවලට වන හානියේ ප්‍රමාණය අනුව තමයි අංශභාගය හැදෙනවාද නැද්ද කියලා තීරණය වෙන්නේ. එහෙත් සයටිකාව නිසා අංශභාගය හැදෙනවා අඩුයි. එයට හේතුව සුෂුම්නාව සහ සයටිකා ස්‌නායුව අතර සෘජු සම්බන්ධයක්‌ නැති වීමයි.

ප්‍රශ්නය - සයටිකාව සුව වීමට කොපමණ කලක්‌ ගත වෙනවාද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - පාදයේ වේදනාව සුළු වශයෙන් දැනෙනවා නම් එමගින් හෙළි වන්නේ සයටිකාව එතරම් නරක තත්ත්වයක නැති බවයි. එබැවින් සති 4 - 8 අතර කාලය තුළ රෝගය සුව වීමේ ප්‍රවණතාවක්‌ තිබෙනවා. එය නිදන්ගත නොවන සාමාන්‍ය මට්‌ටමේ සයටිකා තත්ත්වයක්‌ විය හැකියි.

ප්‍රශ්නය - සයටිකා රෝගය පීඩා දෙන අවස්‌ථාවක එම වේදනාව සමනය කර ගැනීම සඳහා යොදා ගත හැකි ඖෂධීය නොවන ප්‍රතිකාර මොනවාද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - මෙය හිඳගෙන කළ යුතු ක්‍රියාවක්‌. ඔබේ වම් කකුලේ දණහිස මත දකුණු කකුලේ විලුඹ තබන්න. මෙවිට සයටික්‌ ස්‌නායුව ලිහිල් වීමක්‌ සිදු වෙනවා. එවිට වේදනාව ක්‍රමයෙන් අඩු වෙනවා. මෙය මාරුවෙන් මාරුවට වම් කකුල සහ දකුණු කකුල යොදාගෙන කළ විට සහනයක්‌ ලැබෙනවා.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

sayatika1

 

atharaiticeප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගය එහි පීඩාකාරී ස්‌වරූපය, එය හට ගැනීමට හේතුවන කාරණා සහ එයට ඖෂධ වශයෙන් යොදා ගත හැකි දේ ගැන පසුගිය දිනවල අප ඔබ සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අද අප ඔබෙන් මුලින්ම විමසන්නට අපේක්‍ෂා කරන්නේ යෝග ශාස්‌ත්‍රයෙන් ආත්‍රයිටිස්‌වලට සහනයක්‌ ලබා ගත හැකිද යන්නයි.

වෛද්‍ය වසන්ත උදයජීව - යෝග අභ්‍යාස සහ ආයුර්වේද ප්‍රතිකාර සමාන්තරව කරනවා නම් විශාල සහනයක්‌ ලබා ගැනීමට හැකියි. එහෙත් වැඩි දෙනා ඉතාම අලසයි. ඔවුන් බලාපොරොත්තු වන්නේ වැඩි වෙහෙසක්‌ නැතිව ලබන ප්‍රතිකාර මගින් ලෙඩ සනීප කර ගන්නයි. ආත්‍රයිටිස්‌ තිබෙන විට යෝග නොවන සාමාන්‍ය ව්‍යායාම කිරීමෙන් වැළකී සිටිය යුතුයි. මොකද බර ව්‍යායාමයක්‌ ඇඟට වැටුණොත් හානි වී තිබෙන සන්ධි තවදුරටත් විනාශයට පත් වන්නට පුළුවන්. ඒ නිසා අප ව්‍යායාමයක්‌ කරනවා නම් එය සන්ධිවලට උපකාරයක්‌ වන පරිදි මාංශ පේශීන් සකස්‌ කර ගත හැකි ව්‍යායාමයක්‌ විය යුතුයි.

ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම සහ වෙනත් ව්‍යායාම්වලට හොඳම විකල්පය තමයි යෝග ව්‍යායාම. යෝග ව්‍යායාම්වලින් ඔබේ ශරීරයේ බර සැහැල්ලු කරන අතර එය සෞඛ්‍ය සම්පන්න මට්‌ටමක්‌ කරා ගෙන ඒම සිදු වෙනවා. යෝග කියන්නේ නිකම්ම නිකම් අත් පා අඹරමින් කරන ව්‍යායාමයක්‌ නොවෙයි. එමගින් හරියට හුස්‌ම ගන්නා ආකාරය පවා උගන්වනවා.

හැබැයි වැදගත් දෙය තමයි යෝග ව්‍යායාම කිරීමේදී සුදුසුකම් ලත් උපදේශකයකු වෙතින් උපදෙස්‌ ලබාගැනීම.

ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ වේදනාව නැති කර ගැනීම සඳහා යොදා ගත හැකි ශාකසාර ඖෂධ ගැන පසුගිය සතියේ පාඨකයන් අපෙන් විමසා තිබුණා.

වෛද්‍ය වසන්ත උදයජීව - පළමුවෙන් ම කිව යුතුයි ආත්‍රයිටිස්‌ රෝගය සඳහා ඖෂධ වර්ග දහස්‌ ගණනක්‌ තිබෙනවා. මේවා අතුරින් ප්‍රසිද්ධියට පත්වෙලා තිබෙන්නේ ස්‌වල්පයක්‌ විතරයි. මෙයින් එක ඖෂධයක්‌ තමයි කහ, කෝමාරිකා සහ කොහොඹ තෙල්වලින් හදන ආලේපය. මේ සඳහා කෝමාරිකා ග්‍රෑම් 250 ක්‌, කහ ග්‍රෑම් 50 ක්‌ සහ තල තෙල් මි. ලී.200 ක්‌ අවශ්‍යයි. මුලින්ම කෝමාරිකා තලතෙල් සහ කහ කුඩු බ්ලෙන්ඩරයක දමා හොඳින් ගසා ගන්න. ඊළඟට මේ මිශ්‍රණය ලිප මත තබා මඳ ගින්නේ පැය භාගයක්‌ පමණ කකාරා ගන්න. රිදුම් දෙන සන්ධිවල මෙය දිනකට තුන්වරක්‌ ආලේප කළ යුතුයි. එසේ කරන අතර වෙනිවැල්ගැට වැඩිපුර දමා උතුරුවා නිවාගත් පස්‌ පංගුව දිනකට දෙවරක්‌ කෝප්පය බැගින් දවස්‌ පහක්‌ පානය කළ යුතුයි. සාදාගත් මිශ්‍රණය පදමට කකාරා ගත් විට නරක්‌ නොවී දිගු කලක්‌ තබා ගත හැකියි.

atharaitice1ඒ සමගම රූමැටික ආත්‍රයිටිස්‌ රෝගය වැළඳුණ කෙනෙකුගේ සන්ධි තැවීම සඳහා ඉතාම යෝග්‍ය බෙහෙත් අඩංගු තැවුම් පොට්‌ටනියක්‌ මෙසේ සාදා ගත හැකියි. මෙය ඉතා පැරැණි තැවුමක්‌. ආයුර්වේද හෝ පාරම්පරික වෛද්‍යවරයකුගේ උපදෙස්‌ මත මෙය සාදා ගත හැකි නම් වඩාත් යෝග්‍යයි.

කුරුඳු පොතූ, මුරුංගා පොතු, ගස්‌ කදුරු පොතු, පොල්මල්, අබ, කහකුඩු, කපුඇට මද සම සමව ගෙන විනාකිරි එම පොට්‌ටනිවලට වක්‌කර වණ්‌ඩුවේ තම්බා ගත යුතුයි. ඉන් පසු අධික රස්‌නය පහව යන තුරු සිට තැවීම කළ යුතුයි. දිනකට දෙවරක්‌ මෙය කිරීම යෝග්‍යයි. මේ මගින් සන්ධි ඉදිමුම බැස යන අතර හයි වී තිබූ සන්ධි යථා තත්ත්වයට පත්වේ.

ලබන සතියට

atharaitice2

 

neckප්‍රශ්නය - පසුගිය සතියේ අප මේ සාකච්ඡාව අවසන් කළ තැනින් තමයි අද පටන් ගන්නේ. ඔබ අපට කිව්වේ ග්‍රීව අස්‌ථීය හෙවත් ගෙල ඇටය දිරා ගිය සහෝදරියන් දෙදෙනකු ගැනයි. ඇයි මේ දෙන්නාගෙම එකම අස්‌ථිය එකවරම දිරා ගියේ?

වෛද්‍ය එම්. ඒ. මදනායක - මේ සහෝදරියන් දෙන්නා එක කුස උපන් අය නිසා ඔවුන්ගේ ජාන අනුපිළිවෙළ එක සමානයි. ඒ අනුව ඔවුන්ගේ අස්‌ථිවල ඝනත්වයත් එක සමානයි. ඔවුන් දෙදෙනාම කර තිබුණේ පුටුවල ඉඳගෙන මේස මත තිබෙන පරිගණකය දිහා ඔලුව පහත් කර බලාගෙන කරන එකම විදියේ රස්‌සා දෙකක්‌. ඉතින් දෙදෙනාගේම ග්‍රීව අස්‌ථි එක ලෙස දිරා යන්නට පටන් ගත්තා. ඒකට ප්‍රධාන හේතුව ජානමය උරුමය අනුව ඔවුන්ගේ ගෙල අවට ඇති රුධිර නාල සහ ස්‌නායු පරිහානියට පත් වීම විය හැකියි. රුධිර නාල සහ ස්‌නායු පරිහානියට පත්වන විට අස්‌ථිවලට පෝෂ්‍ය පදාර්ථ යන්නේ නැහැ. එවිට අස්‌ථි මන්දපෝෂණ තත්ත්වයට පත් වෙනවා. මෙය දිරා යැමේ ක්‍රියාවලියට ලොකු පහසුවක්‌. ග්‍රීව අස්‌ථිය දිරා යනවාත් එක්‌කම එයට සම්බන්ධ වී තිබෙන අත්වල ස්‌නායු අක්‍රීය වෙනවා. එවිට අත් හොලවන්නට බැහැ. අධික වේදනාවක්‌ හට ගන්නවා.

ප්‍රශ්නය - මේ තත්ත්වයෙන් ගොඩ ඒම පිණිස ගතයුතු ක්‍රියාමාර්ග මොනවද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - අශ්වගන්ධ හෙවත් අමුක්‌කරා යොදාගෙන හදන ඖෂධ මේ තත්ත්වය සමනය කිරීම සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. අශ්වගන්ධය කියන්නේ මුළු ශරීරයටම සුවය ගෙන දෙන ඖෂධයක්‌. ලිංගික දුර්වලතාවල සිට අධික මළ බද්ධය යන රෝග සුව කිරීම දක්‌වාත් අස්‌ථි මූලික කරගත් රූමැටික රෝග සුවකර ගැනීම දක්‌වාත් විශාල කාර්ය භාරයක්‌ කරන්නට අශ්වගන්ධවලට පුළුවන්. ඒ වගේම ශරීරය තුළ හට ගන්නා අභ්‍යන්තර ආසාදන තත්ත්වයන් සුව කරන්නටත් අශ්වගන්ධයට පුළුවන්. (අප මේ කියන්නේ අශ්වගන්ධ අරිෂ්ටය ගැන නොව අශ්වගන්ධ ඖෂධය ගැනයි) ඊළඟට ගොටුකොළවලටත් පුළුවන් අස්‌ථි ආශ්‍රිත රෝග සුවපත් කරන්නට. මේ රෝගයට ප්‍රතිකාර කරන ඖෂධ සෑදීමේදී වියළි ඉඟුරුත් ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම කොරල්වල තිබෙන කැල්සියම් සංයුතිය උකහාගෙන සාදන ඖෂධවලිනුත් මේ රෝගයට ප්‍රතිකාර කළ හැකියි. මෙයට අදාළව රහස්‌ වට්‌ටෝරු විශාල ප්‍රමාණයක්‌ අප සතුව තිබෙනවා.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836

සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

neck1

 

 

 

 

heartප්‍රශ්නය - හෘද රෝග පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා පළ කරන ලිපි පෙළක තවත් කොටසක්‌ මේ. හෘද රෝග ගැන මතකය යළි අලුත්කර දීම සඳහා අප ඔබෙන් ප්‍රශ්න කිහිපයක්‌ නඟනවා. හෘදයාබාධයක මූලික ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මුලින්ම පපු ප්‍රදේශයේ අපහසුතාවක්‌ හට ගන්නවා. මෙය තමයි හෘදයාබාධයක ඉතාම පොදු ලක්‍ෂණය. ඊළඟට ඔක්‌කාරය, ආහාර ජීරණය නොවීම, හෘදයේ පිළිස්‌සෙන ස්‌වභාවය, ක්‌ලාන්ත ගතිය ගෙල හා හක්‌ක වේදනා දීම. ඈනුම් යැම, දහදිය අධික ලෙස දැමීම ප්‍රධාන මූලික ලක්‍ෂණ ලෙස ගත හැකියි.

ප්‍රශ්නය - බහුල වශයෙන් වැළඳෙන හෘද රෝග මොනවද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - හෘද ස්‌පන්දනය වෙනස්‌ වීම එක්‌ ප්‍රමුඛ රෝගයක්‌ විය හැකියි. එනම්, හෘදය ස්‌පන්දනය වෙන්නේ කිසියම් රිද්මයකට. මේ රිද්මය වෙනස්‌ වීම ඉංග්‍රීසි වෙදකමේ හඳුන්වන්නේ arrhythmias ලෙස. ඊළඟට හෘදයේ අක්‍රියාකාරී ස්‌වභාවයක්‌ ඇති වීම තවත් රෝගයක්‌. ඊළඟ රෝගය තමයි හෘද පේශි රෝගය. කිරීටක ධමනි රෝගයත් ඉතා සුලබයි.

heart1ප්‍රශ්නය - බරපතළ හෘද රෝගියකුගේ ආයු කාලය ඒ රෝගය හටගත් දිනයේ පටන් කොපමණ ඉදිරියට තිබෙනවාද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - සමහර නවීන විද්‍යාත්මක මතවාදයන්ට අනුව හෘද රෝගියකු වසර 5 - 10 අතර කාලයක්‌ ජීවත් වෙනවා. එහෙත් අප දරන දේශීය වෛද්‍ය විද්‍යාත්මක මතයට අනුව ඕනෑම හෘද රෝගියකුට සුවපත් වීමට හැකි අතර, පරමායුෂ විඳීමේ හැකියාව ලැබෙනවා.

ප්‍රශ්නය - හෘදයාබාධ හට ගන්නා වයස්‌ සීමාව කුමක්‌ද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඇමරිකාව වගේ දියුණු රටවල නම් හෘදයාබාධ වැළඳීමේ වයස සාමාන්‍යයෙන් අවුරුදු 65 යි. මේ වයසේදී හුඟක්‌ දුරට වැළඳෙන්නේ කිරීටක ධමනි රෝගයයි. එහෙත් ලංකාව ඉන්දියාව වැනි රටවල අවුරුදු 45ට අඩු අයටත් හෘදයාබාධ වැළඳෙනවා. ඒ වගේ හෘද රෝග වැඩි වශයෙන් හට ගන්නේ පිරිමින්ට

ප්‍රශ්නය - හෘද ආබාධයක්‌ හට ගන්නට එන අවස්‌ථාවක හෘද ස්‌පන්දනය මෙපමණක්‌ වෙනවා කියලා මිම්මක්‌ තිබෙනවාද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - හෘදය විනාඩියකට වාර 50 - 70 අතර ස්‌පන්දනයක පවතිනවා නම් එය හෘදයාබාධයක පූර්ව ලක්‍ෂණයක්‌ බව ඇතැම් වෛද්‍යවරු කියනවා. තවත් සමහරු කියන්නේ ඔබ විවේකයෙන් ඉන්න විට හෘදයේ ස්‌පන්දනය විනාඩියකට 76 වාරයක්‌ ස්‌පන්දනය වෙනවා නම් ඔබට හෘදයාබාධ අවදානමක්‌ තිබෙන බවයි.

ප්‍රශ්නය - හෘදයාබාධ අවදානම හඳුනාගැනීම රුධිර පරීක්‍ෂාවකින් කළ හැකිද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - රුධිර පරීක්‍ෂණ මගින් කරන්නේ කෙනෙකුගේ රුධිරයේ තිබෙන සීනි, තෙල්, කොලෙස්‌ටරෝල්, ප්‍රොaටීන යනාදියේ ප්‍රමාණය හඳුනා ගැනීමයි. මේ ප්‍රමාණ අසාමාන්‍ය ලෙස රුධිරයේ තිබෙනවා නම් ඔබේ හදවතේ අවුලක්‌ තිබෙන බව තමයි, කියෑවෙන්නේ. හෘදයාබාධයකදී හෘද පේශි සෛල මියයනවා. ඉන්පසු ඒවායේ තිබෙන ප්‍රොaටීන රුධිරයට මුදාහැරෙනවා.

ප්‍රශ්නය - හදවතේ නාලවල අවහිරතා ඇති වී රුධිර ගමනට හානි සිදුවී තිබෙනවා නම් ඒ බව පෙන්වන රෝග ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - පළමුවැනි ලක්‍ෂණය පපුවේ වේදනාවයි. ඔබගේ පපුව මත යම් කෙනෙක්‌ හිටගෙන ඉන්නවා වගේ පීඩනයක්‌ හෝ වේදනාවක්‌ ඔබට ඇති වේවි. ඒ එක්‌කම හුස්‌ම ගැනීම ඔබට අපහසු වේවි.

ප්‍රශ්නය - අප සමහරවිට දැකලා තිබෙනවා ක්‍ෂුද්‍ර (mini) හෘදයාබාධ කියලා දෙයක්‌.

වෛද්‍ය චාන්දනී හපුආරච්චි - හෘදයාබාධයකදී හැම විටම පපුවේ අමාරු වැනි රෝග ලක්‍ෂණ හට ගන්නේ නැහැ. ඒ වගේම හුස්‌ම ගැනීමේ අපහසුව හෝ සිරුර පුරා දහදිය දැමීම සිදුÊවන්නෙත් නැහැ. ඇත්තම කියනවා නම් තමන්ට නොදැනීම තමන් තුළ හෘදයාබාධයක්‌ හට ගන්නට පුළුවන්. මේ රෝග ලක්‍ෂණ නැතිව හට ගන්නා හෘදයාබාධ අප හඳුන්වන්නේ නිහඬ හෘදයාබාධ ලෙසයි.

ප්‍රශ්නය - කෙනෙකුට හෘදයාබාධයක්‌ හැදීගෙන එනවා නම් ඒ අවස්‌ථාවේදී පෙන්වන ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අපේ ශාරීරික අපහසුව සමඟ එන පපුවේ වේදනාව, එම වේදනාව ක්‍රමයෙන් පපුව පුරා, පැතිර යැම, අත්වලට පැතිර යැම, ශරීරයේ ඉමහත් දුර්වල ගතියක්‌ ඇතිවීම, අධික ලෙස දහදිය දැමීම, සාංකාවක්‌ සහ භීතියක්‌ ඇතිවීම තමයි එවැනි විටෙක හට ගන්නා රෝග ලක්‍ෂණ

ප්‍රශ්නය - කිසිදු වෛද්‍ය පරීක්‍ෂණයක්‌ නැතිව, ඔබ වෙත එන කෙනෙකුට හෘදයාබාධයක්‌ තිබෙන බව ඔබ දැන ගන්නේ කොහොමද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - නාඩි බලලා කියන්න පුළුවන්. නහරවල කොලෙස්‌ටරෝල් හෝ කැල්සියම් බැඳුණු කෙනෙකුගේ ලේ ගමන දුර්වලයි. නාඩිය ස්‌පර්ශ කරන විට ඒ බව දැනෙනවා. නහර තුළ බැඳිලා තිබෙන්නේ කැල්සියම් ද නැත්නම් කොලෙස්‌ටරෝල් ද කියන එකත් වෙන වෙනම කියන්න පුළුවන්.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා

0713464276/ 0759061771

අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

heart2

heart3

 

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
13 May 2018 07:10 AM
මගෙත් එක පාරක් පපුව හිරවුනා. හෘදයාබාධයක්ද දන්නේ නෑ..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 May 2018 06:44 PM

weda5පිළිකාවන්, හෘද රෝග, ආඝාතය (ස්‌ට්‍රොක්&zwnj, දියවැඩියාව ඇතුළු ලොව පුරා වේගයෙන් පැතිර යන බෝ නොවන රෝග රැසක්‌ වැළඳීමේ අවදානම කපා හැරීම සඳහා ලොව සෑම රටක්‌ම නිරෝගී දිවියකට මග හදන මධ්‍යධරණී රටවල ආහාර වේල හා නෝඩිත් රටවල (උතුරු යුරෝපා රටවල් පහකින් සමන්විතය) ආහාර වේල ජනතාවට හුරු කිරීමට කටයුතු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.
 
 මධ්‍යධරණී හා නෝඩිත් රටවල ආහාර වේල් බෝ නොවන රෝගවලට හේතුවන කිරි ආහාර, රසකැවිලි, අඩු රතු හා සකස්‌ කරන ලද මස්‌ වර්ග රහිත ආහාර වේල් බවත් ඒවා මාළු, එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග හා ඔලිව් තෙල් බහුල ආහාර වේල් බව ලෝක සංවිධානය පවසයි.
 
 මධ්‍යධරණී රටවල් 14 ක පමණ (ප්‍රංශය, ස්‌පාඤ්ඤය, ඉතාලිය, ග්‍රීසිය, පෘතුගාලය, තූර්කිය, සිරියාව, ලෙබනනය, ඊශ්‍රායලය, ඊජිත්තුව, ලිබියාව, ඇල්ජීරියාව, මොරොක්‌කෝව, හා ටියුනීසියාව) භාවිත වන මධ්‍යධරණී ආහාර වේල ප්‍රධාන වශයෙන් එළවළු, මාළු, ධාන්‍ය හා ඔලිව් තෙල් වලින් සමන්විත වන අතර නොඩිත් රටවල (ඩෙන්මාර්කය, ෆින්ලන්තය, අයිස්‌ලන්තය, ස්‌වීඩනය, හා නෝර්වේ) ආහාර වේල බෙරි වර්ග (පලතුරු) හා ධාන්‍ය ආහාරවලින් ද ධාන්‍ය ඇටවලින් තනා ගන්නා රෙපෙසීඩ් තෙල්වලින්ද පරිපූර්ණය.
 
 weda4ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝ නොවන රෝග පාලනය හා වැළැක්‌වීම පිළිබඳ යුරෝපා කාර්යාලයේ ජොආඕ බ්‍රෙඩාට අනුව ලොව රටවල් සිය ජනතාව සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු කරවීමේ ප්‍රත්පත්තියක්‌ සකස්‌ කර ජනතාවට එම ආහාර වේල් පරිභෝජනය කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවක්‌ව පවතී.
 
 ලොව පුරා වාර්ෂිකව මිලියන 40 ක්‌ දෙනා වැරදි ආහාර රටාවන්ට හුරු වීම හේතුවෙන් මිය යන බව අනාවරණය වී තිබේ. මෙම තත්ත්වය යටතේ සයිප්‍රසය, ග්‍රීසිය, අයර්ලන්තය, ඊශ්‍රායලය, මෝල්ටාව, මැසිඩෝනියාව, ස්‌පාඤ්ඤය හා තුර්කිය යන රටවල් ඔවුන්ගේ රජයේ මාර්ගෝපදේශන මාලාවට මධ්‍යධරණී ආහාර වේල ජනතාව අතර ප්‍රවර්ධනය කිරීම සඳහා ඇතුළත් කර ඇත. තවද බෙල්ජියම, ඩෙන්මාර්කය, විස්‌ටෝනියාව, µsන්ලන්තය, අයිස්‌ලන්තය, නෝර්වේ, හා ස්‌වීඩනය යන රටවල් නෝඩිත් රටවල ආහාර වේල අනුභව කරන ලෙසට සිය ජනතාව දැනුවත් කර ඇතැයි වාර්තා වී තිබේ.
 
 මේ අතර පර්යේෂණවලදී අනාවරණය වී ඇත්තේ මධ්‍යධරණී ආහාර වේල අනුභව කිරීමෙන් හෘදය වස්‌තුවේ නිරෝගී බව රැකෙන අතරම ඩිමෙන්ෂියා රෝගයට ගොදුරුවීම ප්‍රමාද කරන බවයි.
 
 මෙම ආහාර වේල්වලට හුරු වීමෙන් රටක සෞඛ්‍ය වියදමද ඉතිරි කර ගැන්මට මග හදන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වී තිබේ.
 
 වැරදි ආහාර රටාව මත තරබාරු බව වැඩිවී බෝ නොවන රෝග රැසකට මඟ පෑදී තිබීම නිසා ලොව පුරා හදිසි තත්ත්වයක්‌ සේ සලකා මෙම ආහාර වේල් ජනතාව අතර ප්‍රචලිත කිරීම සුදුසු බව එම සංවිධානය කියයි.
 
 නෝඩිත් රටවල ආහාර වේල මෙම අංගයන්ගෙන් සමන්විතය. මුල් සහිත එළවළු, බ්‍රැසිකාසියේ පවුලට අයත් එළවළු වර්ග (මල්ගෝවා, බොක්‌චෝයි, බ්‍රොකොලි, බ්‍රසල්ස්‌ ස්‌පුවුට්‌ස්‌ වැනි කොළ පැහැති එළවළු) බෙරස්‌ වර්ග, ඇපල්, පෙයාස්‌, පරිපූර්ණ ධාන්‍ය, තෙල්සහිත මාළු, ධාන්‍ය ඇට තෙල්, මෙම ආහාර වේලට රසකැවිලිs, කිරි ආහාර, රතු හා සකස්‌ කළ මස්‌වර්ග අයත් නොවේ.
 
 මධ්‍යධරණී රටවල ආහාරවේල එළවළු, පලතුරු. ධාන්‍ය, සීරියල් වර්ග, ඇට වර්ග, මාළු, ඔලිව් තෙල්වලින් අනූනය. මෙම ආහාර වලටද රතු හා සකස්‌ කළ මස්‌වර්ග කිරි හා බිත්තර අඩංගු නොවේ.
 
 ඒමන්ති මාරඹේ

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 May 2018 06:59 PM

weda3සිරුරේ අධික බර ලෙඩ රෝග රැසකට හේතුවන බව හෙළිවී ඇත. එනිසා තරබාරුවෙන් තොරවූ ශරීරයක්‌ පවත්වා ගෙන යැම සඳහා ගත යුතු පියවර පිළිබඳව දැනුවත් බවක්‌ ලබා ගනිමු.
 
 තරබාරුව වර්තමානයේ රෝගී තත්ත්වයක්‌ ලෙස හඳුන්වනු ලබනවා. එසේම තවත් රෝග රැසකට ගොදුරුවීමේ පරිසරය සකසන රෝගයක්‌ බවටත් පත්ව තිබෙනවා තරබාරුවේදී සිදුවන්නේ ශරීරය තුළ අධික ලෙස මේදය තැන්පත්වීමයි තරබාරුව නිසා බෝනොවන රෝග රැසක්‌ ඉතා පහසුවෙන් ඇතිවීමේ අවදානම ඇති බව හෙළිවී තිබෙනවා  තරබාරුව මතුවන ආකාර කිහිපයක්‌ තිබෙනවා
 
 වෛද්‍යතුමනි යම් පුද්ගලයකුගේ ශරීරයේ පැවතිය යුතු බර ප්‍රමාණය හඳුනා ගන්නේ කෙසේද?
 
 පුද්ගලයකුගේ ශරීරයේ පැවතිය යුතු බර හඳුනා ගැනීමට වර්තමානයේ භාවිත කරන විද්‍යාත්මක ක්‍රමය වන්නේ දේහ ස්‌කන්ධ දර්ශකයයි. (BMI) මෙමගින් ශරීරයේ උසට සරිලන තිබිය යුතු බර හඳුනාගත හැකියි.
 
 ඒ සඳහා බර කිලෝග්‍රෑම්වලින් මැන ගත යුතුයි. උස මීටර්වලින් මැන ගෙන එම අගයෙහි වර්ගයෙන් බර බෙදිය යුතුයි.
 
 weda2සාමාන්‍යයෙන් මෙම අගය 23 ට වඩා අඩු විය යුතුයි. 23 ට වැඩි නම් අධිබර ලෙස හඳුන්වනවා. (over wight) 25 ට වඩා වැඩිනම් ස්‌ථුලභාවය හෙවත් තරබාරුව (obesity) ලෙස හඳුන්වනවා.
 
 තරබාරුව වර්තමානයේ රෝගී තත්ත්වයක්‌ ලෙස හඳුන්වනු ලබනවා. එසේම තවත් රෝග රැසකට ගොදුරුවීමේ පරිසරය සකසන රෝගයක්‌ බවටත් පත්ව තිබෙනවා.
 
 තරබාරුවේදී සිදුවන්නේ ශරීරය තුළ අධික ලෙස මේදය තැන්පත්වීමයි.
 
 තරබාරුව නිසා බෝනොවන රෝග රැසක්‌ ඉතා පහසුවෙන් ඇතිවීමේ අවදානම ඇති බව හෙළිවී තිබෙනවා. දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය, පිළිකා රෝග, අස්‌ථි ආබාධ, අක්‌මාවේ අධික ලෙස මේදය තැන්පත්වීම (Fatty Liver) හුස්‌ම ගැනීමේ අපහසුතා මතුවීම, පාදවල ලේ නහරවල ලේ කැටි හට ගැනීම, හෝමෝන අසමතුලිතා මතුවීම, නින්ද නොයැම වැනි බෝ නොවන රෝග රැසක්‌ තරබාරුව නිසා මතුවිය හැකියි.
 
 තරබාරුව මතුවන ආකාර කිහිපයක්‌ තිබෙනවා. අප වැනි දකුණු ආසියානු රටවල බොහෝ දෙනාගේ තරබාරුවේදී උදරය වටා අධික ලෙස මේදය තැන්පත්වීම හෙවත් උදර ස්‌ථුලතාවය දැකිය හැකියි.
 
 (abdomina obesity) එය හඳුනාගත හැක්‌කේ ඉණ වටා ප්‍රමාණය මැන බැලීමෙනි. (waist Circomference)
 
 සාමාන්‍යයෙන් අප වැනි රටක පිරිමි පුද්ගලයකුගේ ඉණ වටා ප්‍රමාණය සෙන්ටිමීටර් 90 ට (90 cm) වඩා අඩුවිය යුතුයි. කාන්තාවගේ ඉන වට ප්‍රමාණය සෙන්ටිමීටර් 80 ට (80 cm) වඩා අඩුවිය යුතුයි.
 
 උදර වට ප්‍රමාණ අගය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිනම් එම තැනැත්තා උදර ස්‌ථුලතාවන්ට පත්ව ඇති බව හඳුනා ගත හැකියි.
 
 මෙම උදර ස්‌ථුලතාවය ඇති අය දියවැඩියාව, හෘදයාබාධ, අක්‌මාවේ අධික ලෙස මේදය තැන්පත්වීම වැනි බෝ නොවන රෝගවලට පහසුවෙන් ගොදුරු විය හැකියි.
 
 වෛද්‍යතුමනි, අධික තරබාරුවට පත්වීමට බලපාන හේතු මොනවාද?
 
 හේතු රැසක්‌ තිබෙනවා.බහුලව දැකිය හැකි හේතු තමයි අපගේ ජීවන රටා පවතින අවිධිමත් බව. එනම් වැරදි ආහාර රටාවන්ට හුරුවීම සහ නිසි ලෙස ව්‍යායාම්වල නිරත නොවීමයි.
 
 වැරදි ආහාර රටාව ලෙස හඳුන්වන්නේ පෝෂ්‍යදායී ආහාර වලින් යුත් සමබල ආහාර වේලක්‌ ගැනීම වෙනුවට පිෂ්ටය හෝ මේදය අධික ආහාරපාන බහුලව ගැනීමයි. වර්තමානයේ මෙවැනි වැරදි ආහාර රටාවකට බොහෝ දෙනා හුරුවී සිටිනවා. මෙවැනි පුද්ගලයන් ඉතා පහසුවෙන් තරබාරුවට පත්විය හැකියි.
 
 මීට අමතරව පරම්පරාවෙන් පරම්පරාවට තරබාරුව ගමන් කරනවා.
 
 හෝමෝන අසමතුලිතතා නිසාත් තරබාරුවට පත්වෙනවා. විශේෂයෙන්ම තයිරොයිඩ් හෝමෝන ඌනතාව තරබාරුව ඇතිවීම සඳහා බලපානවා.
 
 ජාන විකෘතිතා නිසාත් තරබාරුවට පත්වෙනවා. නමුත් එවැනි තරබාරු පුද්ගලයන් වර්තමානයේ දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි.
 
 වෛද්‍යතුමනි, තරබාරුව පාලනය කර ගැනීම සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?
 
 තරබාරුව පාලනය කිරීම සඳහා ප්‍රතිකාර කළ යුත්තේ තරබාරුව ඇතිවීමට බලපා ඇති හේතුව සහ පුද්ගලයාගේ තරබාරු බව නිවැරදිව හඳුනා ගැනීමෙන් පසුවයි.
 
 එනිසා තරබාරුව පාලනය සඳහා එක්‌වර ආහාර පාන ගැනීම අඩු කිරීම හෝ ඖෂධ ලබා ගැනීම නොකළ යුතුයි.
 
 එය නිසි වෛද්‍ය උපදෙස්‌ මත සිදු කළ යුතුයි.
 
 තරබාරු පුද්ගලයකුගේ ආහාර පාලනය කළ යුත්තේ පෝෂණ වේදියකුගේ උපදෙස්‌ අනුවයි.
 
 සෑම තරබාරු පුද්ගලයකුටම එකම ව්‍යායාමය ගැළපෙන්නේ නැහැ. එම පුද්ගලයාගේ බර අනුව වයස අනුව ව්‍යායාම තීරණය කළ යුතුයි. එසේ නොවුණහොත් ඔවුනගේ අස්‌ථි ආබාධ ඇතිවිය හැකියි.
 
 මීට අමතරව ඇතැම් තරබාරු පුද්ගලයිනට ආහාර පාන සහ ව්‍යායාම වැනි ජීවන රටාව වෙනස්‌ කිරීම මගින් බර අඩු කිරීම අපහසු විය හැකියි.
 
 එවැනි පුද්ගලයනට ආහාර පාන පාලනය සහ ව්‍යායාම කිරීමට අමතරව ඖෂධ ලබාදීමටත් සිදුවෙනවා. එම ඖෂධ මගින් ආහාර රුචිය අඩුකිරීම, ශරීරයේ තැන්පත්ව ඇති අධික තෙල් කොටස්‌ දියකර හැරීම (Thermoginises) ආදී ක්‍රියාවන් සිදුකරනවා.
 
 බොහෝ විට මෙවැනි ඖෂධ ලබා දීමට සිදුවන්නේ අධික ලෙස තරබාරුවට පත්ව සිටින (Morbid Obesity) පුද්ගලයින් සඳහායි.
 
 මෙවැනි පුද්ගලයින්ගේ ශරීර ස්‌කන්ධය (BMI) 45 ට වැඩියි.
 
 මෙලෙස ආහාර පාලනය, ව්‍යායාම කිරීම සහ ඖෂධ ලබාදීම මගින් තරබාරුව පාලනයඩ කළ නොහැකි අයට සැත්කම් සිදුකිරීම මගින් ඔවුනගේ ශරීර බර අඩු කළ හැකියි.
 
 එවැනි සැත්කම් වර්ග කිහිපයක්‌ තිබෙනවා. ඒවා පුද්ගයාගේ බර පවතින රෝග තත්ත්ව, වයස ආදිය අනුව තීරණය කළ යුතුයි.
 
 එනිසා මගේ බර අඩු ගරන්න බැහැ කියා කිසිවකුත් සිතමින් දුක්‌විය යුතු නැහැ.
 
 වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඒ සඳහා පහසුකම් තිබෙනවා. ඒ සඳහා සුදුසු වෛද්‍යවරු සිටිනවා. කළ යුත්තේ නිසි වෛද්‍ය උපදෙස්‌ අනුව නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමයි.

weda1

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 May 2018 07:09 PM

wada1ලෝකයේ පවතින ආදිතම වෛද්‍ය ක්‍රමයක්‌ ලෙස කටු චිකිත්සාව හැඳින්විය හැකිය. ලේඛනගත ඉතිහාසය දෙස බලන විට හුවාන් ඩිනේජින් නම් චීන කහ අධිරාජ්‍යයාගේ අභ්‍යන්තර වෛද්‍ය ලියවිල්ල හරහා කටු චිකිත්සාව චීනයේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයක්‌ ලෙස හඳුන්වා දී තිබේ.
 
 ක්‍රි. පූ. දෙවැනි සියවසේ ලියෑවුණු මෙම කෘතියේ දී සු වෙන් හා ලින්ෂි යනුවෙන් කොටස්‌ 2 ක්‌ පවතී. මෙහි ලින්ෂි කොටසෙහි කටු චිකිත්සාව සහ මුක්‌ත පිළිස්‌සුම් කොටසක්‌ විස්‌තර වෙන අතර සු වෙන් කොටස අධ්‍යාත්මික ශාස්‌ත්‍රීය ලියවිල්ලක්‌ ලෙස පවතී. මෙම කෘතියෙහි නිලස්‌ථාන 565 ක්‌, කටු චිකිත්සාව සිදු කරන ආකාරය, සුව කරන රෝග හා එක්‌ එක්‌ රෝගියාට කටු යෙදිය යුතු ආකාරය මෙන්ම එකල භාවිත වු කටු වර්ග 9 ක්‌ පිළිබඳවත් සඳහන් වේ.
 
 කෙසේ වෙතත් කටු චිකිත්සාව මෙරට පැවැති නිල වෛද්‍ය ක්‍රමය යෑයි මතයක්‌ පවතී. පෘතුගීසි හා ලන්දේසි ආක්‍රමණය නිසා දේශීය වෛද්‍යවරුන් මරා දැමීම තුළ මෙම වෛද්‍ය ක්‍රම චීනයට ගෙනගොස්‌ චීන කටු චිකිත්සාව ලෙස වර්ධනය වූ බව දැක්‌වේ. කෙසේ වූවද චීන කටු ක්‍රමය යටතේ රෝග රැසකට ප්‍රතිකාර ලබාගත හැකිය.
 
 උස වැඩි කිරීම
 
 මේ සඳහා ලෝකයේ ඇති එකම වෛද්‍ය ක්‍රමය "කටු චිකිත්සාවයි" ශරීරයේ උස සම්බන්ධව ක්‍රියාකරන ප්‍රධාන ග්‍රන්ථිය පිටියුටරි ග්‍රන්ථියයි. පූර්ව පිටියුටරියෙහි වර්ධන හෝමෝනය  සොමැටොට්‌ ට්‍රොපික්‌ යන හෝමෝන මේ සඳහා ක්‍රියා කරයි. කටු චිකිත්සාව තුළින් ග්‍රන්ථි ක්‍රියාකාරීත්වයන්ගේ සමතුලිත තත්ත්වයක්‌ ඇති කළ හැකිය. මේ සඳහා ප්‍රධාන වශයෙන් Endocrine Point භාවිත කරන අතර එයට අමතරව තෝරාගත් "යෝග" ව්‍යායාම කිහිපයකුත් උපකාර කරගෙන සාර්ථකව කරගත හැකිය. එවැනි සාර්ථක ප්‍රතිඵල අත්කරගත් බොහෝ දෙනෙක්‌ ඒ බවට සාක්‍ෂි දරනු ඇත.
 
 ආතරයිටිස්‌
 
 ආතරයිටිස්‌ වර්ග කීපයක්‌ වෙයි. ඔස්‌ටියෝ ආතරයිටිස්‌, රුමටොයිඩ් ආතරයිටිස්‌, රූමැටිකා සන්ධි ආසාදනය, ෙග්‍රෙව් ස්‌පොන්ඩිලෝසිස්‌, කටි ස්‌පොන්ඩිලෝසිස්‌, ගවුට්‌ මෙයින් ඉතාම සුලබ තත්ත්වය ඔස්‌ටියෝ ආතරයිටිස්‌ වෙයි. මෙහිදී සන්ධියක අස්‌ථි මතුපිට කාටිලේජ දිරාගොස්‌ අස්‌ථිය සිනිදු බව නැති වී රළු වෙයි. පෑදුණු අස්‌ථිය අසාමාන්‍ය ලෙස වර්ධනය වෙයි. වියපත් අයගෙන් 80% පමණ මෙය දක්‌නට ලැබේ. මෙහිදී සන්ධියේ ක්‍රියාකාරීත්වය අවුල් වී වේදනාකාරී වේ. කෙසේ වූවද ඇමෙරිකා එක්‌සත් ජනපදයේ හාවෙඩ් විශ්වවිද්‍යාලය මගින් කළ පරීක්‍ෂණයකදී "කටු චිකිත්සාව" මගින් එම අස්‌ථි ආශ්‍රිතව අයිසොපප්‍රීන් නමැති රසායනය ඇති වන බවත්, මෙමගින් කාටිලේජ නැවත වැඩීමක්‌ ඇතිකර ගත හැකි බවත් සනාථ කර ඇත.
 
 හිසරදය
 
 විවිධ වර්ගයේ හිසරදයන් ඇත. ආතතිමය හිසරදය Tenion Headache වාහිනීමය(Vascular) හිසරදය Post Concussion (අධික කම්පනයට, හැප්පීමකට පසුව ඇති වන හිසරදය) ඉදිරිපස පටක ආසාදනය (Sinusitis) ඇතිවන හිසරදය, තවද මොළයේ රුධිර වාහිනී සංකෝචනය නිසා හටගන්නා ඉරුවාරදය (Migaine) වැනි තත්ත්වයන් ස්‌ථීර සුවයක්‌ ඇති කළ නොහැකි බව බටහිර වෛද්‍ය මතය වුවද "කටු චිකිත්සාවත්" සමහර යෝග ව්‍යායාම ක්‍රමත් යොදාගෙන මේ ආකාරයේ හිසරදයන් නිට්‌ටාවට සුව කළ හැකිය.
 
 ස්‌නායු රෝග, නින්ද නොයැම ඇතුළු සර්වාංග රෝග සඳහා ද ප්‍රතිකාර ලබාගත හැකිය.
 
 weda7වැඩිවිස්‌තර සඳහා දුරකථන අංක 0714222954/0777354220

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 May 2018 07:26 PM

wada2වාත රෝගයන් නිසාවෙන් පීඩා විඳින පිරිස එන්න එන්නම වැඩිවන බවක්‌ දක්‌නට ලැබෙන්නේ ඒ පිළිබඳව සමාජය තුළින් අසන්නට ලැබෙන කතාබහ නිසාවෙනි. අද අපි ඒ පිළිබඳ විමසා බලමු.
 
 සන්ධිගත වාත රෝග යනු ශරීරයේ ලොකු කුඩා සන්ධි ඇසුරු කර වේදනාව උපදවමින් එදිනෙදා ක්‍රියාකාරකම් පවා අඩාල කරන රෝග තත්ත්වය ලෙසට සරලව හඳුන්වාදිය හැකිය.
 
 රෝගය ඇති කරන සන්ධි වර්ග ගැන කතා කරනවා නම්, ප්‍රධාන වශයෙන් දැකිය හැකි වන්නේ දණහිස සන්ධිය, උකුල සන්ධිය, බොලට සන්ධිය (වළලුකර) ලෙසින් පාදයේදී ප්‍රධාන වෙයි.
 
 අත්වලදී උරහිස සන්ධිය, වැළමිට සන්ධිය, මැණික්‌කටුව ආශ්‍රිත සන්ධි ස්‌ථාන සහ අත් පාදවල ඇඟිලි පුරුක්‌ ඇසුරු කළාවූ විවිධ වූ සන්ධි තුළ වාත රෝග පැන නගී. ඊට අමතරව කොඳු ඇට පෙළ අස්‌ථි සන්ධි සහ ශරීරයේ සෙසු අවශේෂ සන්ධි වල සන්ධි ගත වාත රෝගයන්හිදී පීඩාව ඇකි කරයි. මෙහිදී සන්ධි ස්‌ථාන 2 ක්‌ එකට එකතුවන අවකාශ ස්‌ථානයන් දූෂිත වාතයන් සහ අනුබද්ධ අනෙකුත් දොaෂයන් සමඟ එකතුවී පීඩාකාරී සන්ධිගත වාත වේදනා උපදවාලයි.
 
 සන්ධිගත වාත රෝග ඇතිකර අනෙකුත් දොaෂයන් මොනවාද?
 
 මෙහිදී වාතය සමඟ අනුබද්ධ වන දූෂිත කප හෝ (සෙම) දූෂිත පිsත හෝ දූෂිත රක්‌තය දූෂිත ආමය (දූෂිත රස ධාතුව ආමය නිර්මාණය කරයි.) අනෙකුත් දොaෂ ලෙස විග්‍රහ කළ හැක.
 
 මෙහිදී එම අනුබද්ධ දොaෂයන්ට අනුව යමින් වාතය මෙහෙයවීම මත ඇති කරනු ලබන සන්ධිගත වාත රෝග කුමක්‌දැයි රෝග පරීédවෙන් පසුව මනාව අවබෝධකොට ගෙන නිවැරදි හා ප්‍රත්‍යé චිකිත්සාවට යොමුවීම අතිශය වැදගත්ය.
 
 විවිධ සන්ධිගත වාත රෝග මොනවාද?
 
 මෙහිදී ආමය ඇසුරු කළ වාතය ආම වාතය නම් වූ සන්ධිගත වාත රෝගය ජනිත කරනු ලබයි. රක්‌තය ඇසුරු කළා වූ හා පිත ඇසුරු කළාවූ සන්ධිගත වාත රෝග වාත රක්‌ත, කෝෂ්ඨුක ශීර්ෂ (මෙය ආගන්තුක හේතූන් මත පැන නැගී පසුව දොaෂ හා එක්‌වේ.) වැනි වාත රෝග උපදවාලයි. කප හා මුසු වූ වාත දොaෂ සන්ධි ඇසුරු කළ කල්හි උදෙක්‌ ප්‍රමේහ වාත තත්ත්වයන් සන්ධිගතව හා ශරරීරගතව නිර්මාණය කරයි. එහෙත් කප දොaෂයන්ට අමතරව සෙසු දොaෂයන්ද අඩු වැඩි ලෙස මෙයට දායකත්වය සපයයි. මෙහි සඳහන් කළ සෑම සන්ධිගත වාත රෝග අවස්‌ථාවකදීම ඇසුරු කළාවූ ප්‍රධාන දොaෂයට අනුව යමින් රෝග ලéණ පහළ වන බැවින් ආමවාත, රක්‌තවාත ආදී ලෙසට ඒවා නාමකරණය කර ඇත. ඊට අනුව චිකිත්සාවන්ද විවිධ හා වෙනස්‌ ස්‌වරූපයක්‌ ගනී.
 
 සන්ධිගත වාත රෝග ලéණ මොනවාද?
 
 ආම වාතයේදී මුල් අවධියේ ඉඳිමුම, වේදනාව, සන්ධිවල බරබව, ක්‍රියාකාරිත්වයේ පවතින අපහසුව සහ පීඩාකාරීබව ප්‍රධාන ලෙස දැක්‌විය හැකිය. රෝගය ලොකු සන්ධිවල සිට කුඩා සන්ධි දක්‌වා ආක්‍රමණය පැතිරී යයි.
 
 රක්‌aතවාතයේදී ඉදිමුම ප්‍රදාහිත ලéණ දැවිල්ල හා සන්ධීන්ගේ ක්‍රියාවන් අඩපණවීම දැකගත හැක. මෙහිදී කුඩා සන්ධිවල සිට විශාල සන්ධි දක්‌වා ආක්‍රමණය පතුරුවයි.
 
 ප්‍රමේහ සන්ධිගත වාත රෝග අවස්‌ථාවන්හිදීද ඉදිමුම ප්‍රකට වන අතරම එම ඉදිමුම සන්ධිවලට පමණක්‌ සීමා නොවී ආශ්‍රිත ප්‍රදේශ පුරා විශේෂ වශයෙන් දැකගත හැක. එසේම වේදනාවට අමතරව සෙසු අවස්‌ථාවන්හිදී දැකිය නොහැකි කැසීම් ආදිය මෙහිදී ප්‍රකට වේ.
 
 මෙහිදී සඳහන් කළ යුතු තවත් කරුණක්‌ වන්නේ ප්‍රවෘත රක්‌තවාතයට නිසි පිළියම් නොලද කල්හි දිගුකාලීන ප්‍රතිsපලයක්‌ ලෙසට ප්‍රමේහ වාත තත්ත්වය සන්ධි ඇසුරු කර පැන නැගිය හැකි බවයි.
 
 මේ සඳහන් කළාවූ අවස්‌ථාවන්ට අමතරව තවත් විවිධ හේතූන් නිසා ඇති කළා වූ සන්ධි ඇසුරු කළ වාත රෝග බොහොමයක්‌ පවතී. එබැවින් චිකිත්සාවේදී මේ එකිනෙක රෝග වශයෙන් වෙන්කොට හඳුනාගෙන පිළියම් සඳහා යොමුවීම සාර්ථක චිකිත්සාවකට පිටිවහල සලසයි.
 
 ඒ මන්ද යත් සියලුම සන්ධි ඇසුරු කළ වාත වේදනාවන්ට එකම තෙල් වර්ගයක්‌, එකම තැවිලි ක්‍රම වේදයක්‌ හෝ ඖෂධ පන්තියක්‌ සාධාරණ නොවන නිසාවෙනි. ඒ එකිනෙකට වෙන වෙනම සාධාරණ චිකිත්සා පද්ධතියක්‌ පවතින නිසාවෙනි.
 
 මෙම කරුණු අවබෝධයෙන් තොරව කරනු ලබන චිකිත්සාව අසාර්ථක මෙන්ම අනිටු ප්‍රතිවිපාක ඇති කරන්නාවූ තත්ත්වයක්‌ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.
 
 චිකිත්සාවන් ගැන විස්‌තර කරනවා නම්,
 
 ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙන්ම පුරාණ හෙළ වෙදකමේ ද මෙම රෝග ත්ත්වයන් සඳහා ඊට අනන්‍ය වූ සුවිශේෂී චිකිත්සා ක්‍රමවේදයක්‌ මනාව දක්‌වා ඇත. වර්තමානය කාර්යබහුල හා éණික ප්‍රතිඵල අපෙක්‌ෂාවෙන් කරනු ලබන ප්‍රතිකර්මවලට වඩා මෙම ප්‍රතිකාර ප්‍රත්‍යé හා දීර්ඝ කාලීන සුවය සඳහා අනිවාර්යයෙන්ම වැදගත් වන බව දැක්‌විය හැක. මෙහිදී මුළුමනින්ම රෝගය පහ කර දමනු ලබන අතර රෝගී වූ සන්ධි පෙර තිබූ ආකාරයටම නිරෝගී ක්‍රියාකාරිත්වයට පත්කරලීමේ හැකියාවද මෙහිදී පවතී. මෙහිදී විශේෂයෙන්ම මතක තබාගත යුතු වන්නේ දැඩි ලෙස සන්ධි ක්‍රියාකාරිත්වය විනාශවීමට ප්‍රථම චිකිත්සා සඳහා යොමුවීමටයි. රෝග තත්ත්වය නියම ආකාරයෙන් හඳුනාගැනීම තුළ නිට්‌ඨාවට සුවය ලබා ගැනීමේ හැකියාව ඇත.
 
 ඔබත් සන්ධි ආශ්‍රිත යම් රෝග තත්ත්වයකින් පීඩා විඳිනවා නම් ඔබගේ රෝග තත්ත්වය පිළිබඳ වැඩිදුර විස්‌තර නොමිලයේ දැනගැනීමට 0775175409 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධකර ගැනීමේ හැකියාව ඇත.

weda6

0
You are not authorized to post a reply.
Page 120 of 137 << < 118119120121122 > >>