You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari Jayasekara
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 13712345 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Nov 2016 07:29 PM

    https://s13.postimg.org/50ioh9etj/kana.jpg

    මගේ කන ඇතුළින් 'කුරු කුරු' ගාන ශබ්ද ඇහෙනවා. ඇතැම් දෙනා පවසති. මෙලෙස කන ඇතුළතින් ඝෝෂාවක්‌ ඇතිවන්නේ ඇයි දැයි කියා අපි විමසා බලමු.

    කන ඇතුළින් ඝෝෂාවන් ඇති වීම බාහිර උත්තේජයක්‌ නොමැතිව යම් පුද්ගලයකුගේ කන ඇතුළතින් ඝෝෂාවක්‌ ඇසීම කන් ඇසීම (ඔසබබසඑමි) අඩු වීමට බලපාන ඕනෑම හේතුවකදී මතු වේ.

    කන් ඇසීම අඩුවීම නිසා බාහිර පරිසරයේ ශබ්දය ඇසීම අඩු වේ. එවිට අභ්‍යන්තර කනේ හෝ කර්ණ ස්‌නායුවේ ඇතිවන අසාමාන්‍ය ස්‌නායු ආවේග ඝෝෂාවක්‌ ලෙස ඇසීමට පිළිවන. මෙම ඝෝෂාවන් හිසේ ලේ නහර තුළින් රුධිරය ගමන් කරන හඬ, බෙල්ලේ සහ හනුවල සන්ධි චලනය නිසා ඇතිවන හඬ විය හැකිය.

    මෙම සියුම් ශබ්ද සාමාන්‍ය පරිසරයකදී අවට පරිසරයේ ඇති ඝෝෂාව නිසා යටපත් වේ.

    කන ඇතුළතින් ඝෝෂාවන් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු දෙකක්‌ ඇත. පළමු හේතුව කනට පමණක්‌ බලපාන ගැටලු නිසා ඇතිවන ඝෝෂාවය. දෙවැනි හේතුව මුළු ශරීරයටම බලපාන ගැටලු නිසා මතුවන ඝෝෂාවය.

    කනට පමණක්‌ බලපාන හේතු

    වයස්‌ගත බව නිසා ඇතිවන කන් ඇසීමේ දුර්වලතා, අධික ශබ්දය නිරාවරණය වීම නිසා ඇති වන කන් ඇසීමේ ආබාධ අභ්‍යන්තර කනේ ඇතිවන වෙනියර්ස්‌ රෝගය නිසා ආකුස්‌ටික්‌ නියෝරෝමා නමැති කර්ණ ස්‌නායුවේ ඇතිවන ගෙඩියක්‌ නිසා මැද කනේ අස්‌ථි ඝනවීම නිසා හටගන්නා ශබ්ද තරංග නිසි ලෙස කර්ණ ස්‌නායුවට ගමන් නොකිරීම (දඑදිජකැරදිසි) මැද කනේ ගෙඩි ඇතිssවීම, බාහිර කනේ කලාඳුරු සිරවී තිබීම, මැද කනේ සහ තල්ලේ මාංශ පේශිවල ඇතිවන අසාමාන්‍ය ක්‍රියාකාරීත්වය (චක්‌ඒක Cකදබමි) වැනි හේතු නිසා කන් ඇසීමේ දුර්වලතා මතු වේ.

    මුළු ශරීරයටම බලපාන හේතු

    අධික රුධිර පීඩනය, නීරක්‌තය, ලියුකේමියාව, වැනි රුධිරගත රෝග ස්‌නායුගත රෝග, දියවැඩියාව, අධික කොලෙස්‌ටරෝල් මට්‌ටම, අධි තයිරොයිඩ්තාවය, උණ රෝග නිසා කුඩා රුධිරවාහිනී අවහිර වී අභ්‍යන්තර කනේ සහ කර්ණ ස්‌නායුවේ ගැටලු මතුවිය හැකිය.

    කුඩා දරුවන්ට ඕනෑම උණ රෝගයකදී කනේ ඝෝෂාවක්‌ මතුවිය හැකි අතර ගර්භනී මව්වරුනට ලේ ගමනාගමනයේ සිදුවන වෙනස්‌කම් නිසා ද කනේ ඝෝෂාවක්‌ මතුවිය හැකිය.

    කනේ ඝෝෂාව ඇති රෝගියකු වෛද්‍ය පරීක්‍ෂාවට ලක්‌ කරන අයුරු

    කනේ ඝෝෂාව ඇති බවට පවසමින් පැමිණෙන රෝගියකු පරීක්‍ෂා කිරීමේදී පළමුව වෛද්‍යවරයා රෝගියාගෙන් විමසන ප්‍රශ්න කිහිපයක්‌ ඇත.

    ඝෝෂාව හා නාඩි වැටෙන ශබ්දය අතර සම්බන්ධයක්‌ තිබෙන්නේ දැයි කියා විමසනු ඇත. එසේ විමසන්නේ නාඩි සමඟ ඇසෙන ඝෝෂාව රුධිර සංසරණයට සම්බන්ධ බැවිනි.

    මෙම ඝෝෂාව දවස පුරා පවතින්නේ ද නැතිනම් කඩින් කඩ ඇතිවන්නේ දැයි කියා විමසනු ලැබේ.

    මෙම ඝෝෂාව නිසා රෝගියාගේ නින්දට බාධාවක්‌ ඇති දැයි කියා විමසනු ඇත.

    වෙනත් රෝග සහ ගනු ලබන ඖෂධ පිළිබඳව ඝෝෂාව නිසා ජීවිතය පවා එපාවීමේ තත්ත්වයක්‌ පවතින්නේද බව විමසනු ලැබේ.

    මෙම ප්‍රශ්න විමසීමේදී කනේ ඝෝෂාව මතුව ඇත්තේ කුමන හේතුවක්‌ නිසා දැයි කියා වෛද්‍යවරයාට යම් අවබෝධයක්‌ ලබාගත හැකිය. ඒ අනුව රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කළ යුත්තේ උගුර, කන නාසය පිළිබඳ වෛද්‍යවරයකු වෙත ද සර්වාංග රෝග වෛද්‍යවරයකු වෙත ද කියා තීරණය කරනු ලැබේ..

    කනේ ඝෝෂාව ඇති රෝගියකුට සාමාන්‍යයෙන් සිදුකරන පරීක්‍ෂණ කිහිපයක්‌

    රුධිර පරීක්‍ෂණ මගින් රුධිරගත සීනි මට්‌ටම, කොලෙස්‌ටරෝල් මට්‌ටම, නීරක්‌තිය පිළිබඳ පරීක්‍ෂණය, තයිරොයිඩ් හෝමෝන මට්‌ටම පරීක්‍ෂා කරනු ලැබේ.

    ශ්‍රවණ, ප්‍රස්‌තාර පරීක්‍ෂාව මගින් කනේ ඝෝෂාව ඇති වීමට බලපා ඇති ශ්‍රවණ ඌණතාවය හඳුනාගත හැකිය.

    සී. ටී. හෝ එම්. ආර්. අයි ස්‌කෑන් පරීක්‍ෂණ මගින් මොළයේ ගෙඩියක්‌ ඇතිදැයි කියා වටහා ගත හැකිය.

    කනේ ඇතිවන ඝෝෂාවට ප්‍රතිකාර

    කන් දෙකෙහම ශ්‍රවණ ඌණතාවයක්‌ ඇතිනම් ශ්‍රවණාධාර ලබා දෙනු ලැබේ. කනේ ඝෝෂාව අඩු කිරීමට ඇති ශ්‍රවණාධාර (ඔසබබසඑමි ඵ්sනැර) ලබා දේ

    නින්දට බාධා ඇතිවන අයුරින් ඝෝෂාව මතු වේ නම් කොට්‌ටය යටින් රේඩියෝවක්‌ තබා ගැනීමට උපදෙස්‌ දෙයි. එවිට රේඩියෝවට සවන් දෙන විට ඝෝෂාව අමතක වී යනු ඇත.

    ඇතැම් රෝගීනට ඝෝෂාව මහත් මානසික වදයක්‌ව පවතින බැවින් ඔවුන්ට මනෝ වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශන ලබාදිය යුතු වේ.

    කොළඹ ජාතික රෝහලේ උගුර කන හා නාසය පිළිබඳ
    ශල්‍ය වෛද්‍ය විශේෂඥ
    චන්ද්‍රා ජයසූරිය

    උපුටා ගත්තේ දිවයින වෙබ්පුවතිනි

    1

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    11 Nov 2016 09:14 PM
    අපේ තාත්තටත් මෙවැනි තත්ත්වයක් තිබී ප්‍රතිකාර ගෙන සුව කරගනු ලැබුවා.

    ස්තූතියි මල්ලි තොරතුරු වලට.
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    11 Nov 2016 10:53 PM
    අම්මො බයෙ බැහැ
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    11 Nov 2016 11:56 PM
    බොහෝම වැදගත් තොරතුරු ටිකක්.. අම්මෝ කණ කියන්නේ ඉතා පරෙස්සමෙන් ආරක්ශා කර ගත යුතු අවයවයක්. දැනට වසර 20කට පෙර මගේ කණ ඇතුලට සතෙක් ගිහින් ඌ ඇතුලෙදි මැරිලා අර ගන්න විඳපු වේදනාව අද වගේ මතකයි.
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    12 Nov 2016 05:05 AM
    වැදගත් ලිපියක් ස්තූතියි
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    12 Nov 2016 09:12 AM
    මේක ගොඩක් මැදි වයස පහු කරපු අයට තියෙනවා.
    හුගක්අය කියන්නේ කන ඇතුලේ හෝ ගානවා වගේ කියලනෙ.
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    28 Nov 2016 10:03 AM

    https://s14.postimg.org/lzclxubxt/image.jpg

    https://s13.postimg.org/6m5kfcrrb/image.jpg

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    28 Nov 2016 07:29 PM
    අම්මො බයයි අනේ
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    28 Nov 2016 09:08 PM
    එක් කාලයක නම් ඒඩ්ස් නොවේ ආඩ්ස් කියා කතාවකුත් තිබුනා මතකයි 
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    29 Nov 2016 01:31 AM
    ඔය ලෙඩේට බෙහෙතක් හොයාගත්තොත් අනාචාරයේ හැසිරීම වැඩි වෙයි
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    29 Nov 2016 05:05 AM
    මේක හොදකරන්න පුලුවන්නං හොදයි අනාචාරයේ හැසිරිලා හදා ගත්ත එවුනගේ නෙවෙයි
    ආසාධිත ගැබ් ගැනීම්, රැධිර ලබාදීම් තුලි්න් බෝ උන අයගේ
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    29 Nov 2016 10:20 AM
    බහුතරයක් ඉතින් මේක හදා ගන්නේ විහින්.
    කොයි දෙයත් ඕනෑවට වඩා ගියොත් ඉතින් සොරි තමා.
    0

    Chandima Max
    Advanced Member
    Advanced Member
    Posts:509






    --
    29 Nov 2016 08:03 PM
    thanks for the article
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    29 Nov 2016 08:17 PM
    Posted By sha733 on 29 Nov 2016 05:05 AM
    මේක හොදකරන්න පුලුවන්නං හොදයි අනාචාරයේ හැසිරිලා හදා ගත්ත එවුනගේ නෙවෙයි
    ආසාධිත ගැබ් ගැනීම්, රැධිර ලබාදීම් තුලි්න් බෝ උන අයගේ

    ඒක නම් ඇත්ත ෂා මල්ලී...
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    29 Nov 2016 11:51 PM
    හැබැයි කාලයක් ගියා මේ විදියට තමන්ට එච්.අයි.වි බෝ කිරීමේ පලියගැනීමේ තත්වයක්
    ඒ කියන්නේ හිතා මතාම මේ ලෙඩේ බෝ කරපු පිරිසක්. ඒක ඉතාම අසාධාරණයි.
    හරියට නිකං එක මදුරැවයි කන්නේ ඒ පලියට ඔක්කොම මදුරැවෝ මරණවා වගේ
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    01 Dec 2016 12:13 AM
    ලෝක ඒඩ්ස්‌ දිනය අද

    ඒමන්ති මාරඹේ

    ලෝක ඒඩ්ස්‌ දිනය අදට (01 දා) යෙදී තිබේ. ''එච්. අයි. වී. නිවාරණය සඳහා දැත් ඔසවමු" යන්න මෙවර ඒඩ්ස්‌ දිනයෙහි තේමාව වී තිබේ.

    ලොව ප්‍රථම එච්. අයි. වී/ඒඩ්ස්‌ වෛරසය ශරීරගතවූ තැනැත්තා සොයා ගැනීමෙන් පසු මේ දක්‌වා මිලියන 88 ක පමණ ජනගහනයක්‌ එම වෛරසයට ගොදුරු වී ඇති අතර ඒඩ්ස්‌ රෝගයෙන් මිය ගොස්‌ ඇති සංඛ්‍යාව මිලියන 35 කි.

    ශ්‍රී ලංකාවේ දැනට එච් අයි වී/ඒඩ්ස්‌ වෛරසය ශරීරගත වූ 2436 දෙනකු සිටින බවට ඇස්‌තමේන්තු කර ඇති අතර ඔවුන්ගෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස්‌ මර්දන වැඩසටහනට අයත් සායනවල ලියාපදිංචි වී ප්‍රතිකාර ලබනුයේ 1050 දෙනකු බව එම වැඩසටහන පවසයි. මේ වනවිට අදාළ සායනවලින් ඒඩ්ස්‌ රෝගය සඳහා වන ඒ ආර් ටී ප්‍රතිකාරය ලබා ගන්නා පිරිස 945 දෙනෙකි.

    ලෝක ඒඩ්ස්‌ දිනය නිමිත්තෙන් අද උදැසන 8.30 ට කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටින් 2500 කගේ පමණ සහභාගිත්වයෙන් පා ගමනක්‌ ඇරැඹෙන අතර එම පා ගමන කැම්බල්පිටිය දක්‌වා ගමන් කර එහිදී ප්‍රධාන ඒඩ්ස්‌ දින සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතය.

    එම උත්සවයේදී වසර 2025 දී මෙරටින් එච් අයි වී/ඒඩ්ස්‌ රෝගය තුරන් කිරීම සඳහා වන ජාතික සන්නිවේදන පිළිවෙත හා මාර්ග සිතියම එළිදැක්‌වීමට නියමිතය. මෙයට අමතරව අද සිට කොළඹ ටවුන්හෝල්, ලිප්ටන් වටරවුම, තර්ස්‌ටන් පාර හා තුම්මුල්ල යන ප්‍රදේශවල විශාල ඩිජිටල් තිරවල එච් අයි වී/ඒඩ්ස්‌ රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ දැන්වීම් 75 ක්‌ මසක කාලයක්‌ ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    01 Dec 2016 05:32 AM

    ලංකාවෙත් එන්න එන්නම ඒඩ්ස් රෝගීන් වැඩි වන ලකුණු නේද පෙන්නුම් කරන්නෙ 

    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    05 Feb 2017 05:31 PM

    https://i.imgsafe.org/7d1ee06609.jpg

    https://i.imgsafe.org/7d1ebf324c.jpg

    https://i.imgsafe.org/7d1eb65e1a.jpg

    https://i.imgsafe.org/7d1eeba183.jpg

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    05 Feb 2017 05:43 PM
    me cheena katru seen එක එදා ඉන්දන්ම තියෙන එකක් ..මෙක ඇත්තද ? ලෙඩ හොද වෙච්ච අය ඉන්නවද ?
    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    06 Feb 2017 09:00 AM
    apoi math cheena katu gahagena hitiya kaalayak... aduwak nam une ne mata ...
    0
    You are not authorized to post a reply.
    Page 1 of 13712345 > >>