Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 115 of 137 << < 113114115116117 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 19 Apr 2018 07:33 PM ගැබ්ගත් මුල් කාලයේ සිදු කෙරෙන රුධිර පරික්ෂණ 0 Ind007kaMost Senior MemberPosts:12931 19 Apr 2018 09:44 PM මම කොනක තියෙන කවි දෙක 0 chamaramindMost Senior MemberPosts:13471 20 Apr 2018 06:00 PM අනුන් රවටන හිතේ ලෙඩේ ඔබට බලාපොරොත්තු තිබෙනවා. ඔබට සිහින තිබෙනවා. මේ සිහින තුළට යන්න ඔබ පුංචි කාලේ සිටම මහත් පරිශ්‍රමයක් දරනවා. ඒත් ආදරයක් නැති හැඟීමක් නැති පුද්ගලයකුට ඔබ ගොදුරු වුණොත් ඒ සිහින බොඳවී ලෝක දෙකක් අතර අතරමං වෙන්න පුළුවන්. මානසික රෝගියකු වෙන්නත් පුළුවන්. මේ ඔබේ දෛවය කියලා ඔබ හඳුන්වන්න පුළුවන්. මෙය ඔබේ කේන්දරයට අනුව නරක කාලය කියලා කියන්නත් පුළුවන්. නමුත් මෙය ඔබට ලැබෙන සහකරැ හෝ සහකාරියගේ පෞරුෂය පිළිබඳ ගැටලුවක් ලෙසයි මනෝ විද්‍යාව තුළ හඳුන්වන්නේ. අද ඔබ කවුද? ඊයේ ඔබේ ළමා කාලයයි. වෛද්‍ය විද්‍යාත්මකව ඔබේ පෞරුෂය නිර්මාණය වීමට ප්‍රධාන කරුණු දෙකක් බලපානවා. මව්පියන්ගෙන් ලැබෙන ජාන එක් කරුණක් වන අතර අනෙක ඔබ ජීවත් වන පරිසරයයි. ජානවලින් ඔබට සම්ප්‍රේෂණය වන ගති ලක්ෂණ තව දුරටත් ඔපමට්ටම් වෙන්නේ ඔබ ජීවත් වන පරිසරය අනුවයි. එය හොඳට නරකට දෙකටම දිව යන්න පුළුවන්. අපි මෙහෙම හිතමු. ඔබේ දරුවා තරහා පාලනය කරගන්න බැරි පුද්ගලයෙක් කියලා. මව්පියන්ටත් ඒ හා සමානව තරහා යනවනම් දරුවගේ මේ හැසිරීම තවදුරටත් වැඩි වෙන්න පුළුවන්. දෙමාපියන් තමාගේ තරහා නිසි ලෙස පාලනය කරගෙන දරුවා සන්සුන් කරන්නේ නම් දරුවාගේ තරහා ක්‍රමානුකූලව අඩු වී සන්සුන් වූ මනසක් ඇතිවිය හැකියි. මෙය බොහෝ සෙයින් ජාතක කතා සංග්‍රහයේ එන ගිරවුන් දෙදෙනාගේ හැසිරීමට සමානය. කාංචනා අපට හමු වූ තවත් තරුණියකි. ඇගේ වයස අවු.30යි. විවාහ වී අවු. 5ක දරුවෙක් ද සිටිනවා. ජීවිතය එපා වූ ජීවිතය නැති කරගැනීමේ සිතුවිලි සමඟ සියල්ලම අවුල් වූ කාංචනා අප සායනයට යොමු වූයේ ඇයගේ වැඩිමහල් සොයුරිය සමඟය. ඇයගේ සොයුරිය මෙසේ කතාව ආරම්භ කළා. මේ මගේ නංගි. එයා ජීවිතය නැති කරගන්න දෙපාරක් උත්සාහ කළා. ගෙදර කිසිම වැඩක් කරන්නේ නෑ. ඇඳේ වැතිරිලා ඔහේ කල්පනා කරගෙන ඉන්නවා. අපේ නංගි බැංකුවේ රුකියාවක් කරමින් හොඳින් ජීවිතය ඇරඹුවා. වංචාකාර කාලකන්නියකුට අහුවෙලා තමයි නංගිගේ ජීවිතය අවුල් වුණේ. තවමත් මේ මිනිහගෙන් අයින් වෙන්න අපේ නංගිට හිත හදාගන්න බෑ. නංගි හිතන්නේ මේ මනුස්සයා එයාට තවමත් ආදරෙයි කියලා. අපි කාංචනා දෙසට හැරුණා. ජීවිතය ගැන කලකිරීම හා එපා වීම ඇයගේ මුහුණින් හොඳින් පිළිබිඹු වුණා. ඇගේ ඇස්වලින් කඳුළු බේරුණා. ඇය අපිට මෙහෙම කිව්වා. උපුල් ඔහු මගේ මහත්තයා. මට අවු.5ක දරුවෙකුත් ඉන්නවා. උපුල් මගේ ජීවිතේම විනාශ කළා. ඒත් මම තවමත් හිතනවා ඔහු මට ආදරෙයි කියලා. මගේ පවුලේ කවුරුත් කියන්නේ උපුල් වංචාකාරයෙක් කියලා. ඒත් උපුල් තවමත් මට ආදරෙන් කතා කරනවා. උපුල් මට කතා කරන්නේ මගේ පැටියො කියලා. ඔහුට කිසිම දවසක තරහා යනවා මම දැකලා නැහැ. ඉතින් මගේ හිත ඔහුගෙන් අයින් කරන්න හරිම අමාරුයි. කාංචනා මෙහෙම කියාගෙන යනවිට ඇගේ සොයුරිය නැවතත් මෙහෙම කීවා. Dr. මගේ නංගිට තේරෙන්නේ නෑ. මම මුල ඉඳලම කතාව කියන්නම්. පළවෙනි සිද්ධිය නංගිගේ විවාහය. විවාහයට සේරම විදම් කළේ නංගි. උපුල් රුපියලක්වත් වියදම් කළේ නෑ. උපුල් කීවා එයා සහකාර පොලිස් අධිකාරීවරයෙක් කියලා. මඟුලට ඇන්දේ පොලිස් ඇඳුම. මඟුලෙන් පස්සේ සති දෙකක් ගියේ නෑ පොලිසියෙන් ඇවිත් උපුල්ව අත්අඩංගුවට ගත්තා. මොහුට තිබුණු චෝදනාව වංචාකාරී ලෙස පොලිස් නිලධාරීවරයකු ලෙස පෙනී සිටීම. පොලිසියට ගියාම මොහුට මෙවැනි වංචා කීපයකටම උසාවිවල නඩු තිබෙන බව දැනගත්තා. මේ සිද්ධියෙන් පස්සේ අපේ නංගිට අපි කීවා මේ මනුස්සයා අත්අරින්න කියලා. නංගි අපි කියන කිසි දෙයක් අහන්නේ නෑ. ඊටපස්සේ නංගිගේ බැංකු පොතේ තිබුණු ලක්ෂ විසිපහම මේ මිනිහට දීලා තිබුණා. උපුල් ඒ සල්ලි ඉල්ලලා තිබුණේ ව්‍යාපාරයක් කරන්න කියලා. ඔහු කරන කිසිම ව්‍යාපාරයක් ගැන අපිනම් අහලා නෑ. ඔහු යාළුවන් සමඟ සමාජ ශාලාවලට ගිහින් මත්පැන් සහ කැසිනෝවලට ගොදුරු වුණු පුද්ගලයෙක් කියලයි අපිට ආරංචි වුණේ. ඊළඟට සිදුවුණේ ඊට වඩා භයානක දෙයක්. නංගි වැඩකරපු බැංකුවෙන් ලක්ෂ 30ක ලෝන් එකක් උපුල් අරගෙන තිබුණා. ඒ ඇපයට අස්සන් කරලා තියෙන්නෙත් නංගි. උපුල් මේ සල්ලි ගෙව්වේ නෑ. නංගිට රස්සවත් නැති වුණා. නංගි හිරේ යන්නත් ගිහින් බේරගත්තේ අපි තමයි. අපේ පවුලේ අය එකතු වෙලා ඒ මුදල් ගෙවලා දැම්මා. රස්සාව නැති වුණාට පස්සේ නංගි හොඳටම මානසිකව වැටුණා. මෙයා වස බීලා ජීවිතේ නැති කරගන්න උත්සාහ අරගෙන වෛද්‍ය ප්‍රතිකාරවලින් යන්තම් ජීවිතේ බේරුණා. මේ කතාවත් අපූරු සිද්ධියක්. ජීවිතේ නැතිකරගන්න ඉස්සරලම යෝජනා කරලා තියෙන්නේ උපුල්. උපුල් කියලා තියෙනවා අපි දෙන්නම වස බලා මැරෙමු. එතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා. නමුත් ඔහු කියලා තියෙන්නේ නංගිට ඉස්සරලම වස බොන්න ඔහු ඊට පස්සේ බොන්නම් කියලා. නංගි මෙතනදිත් රැවටුණා. නංගි වස බීවා. උපුල් නම් වස බීවේ නෑ. උපුල් හිතන්න ඇති නංගි මැරෙයි කියලා. නමුත් එහෙම වුණේ නෑ. අපිට තියෙන ප්‍රශ්නෙ නංගි තවමත් මේ මනුස්සයව විශ්වාස කරන එකයි. මෙහි එන කාංචනා දැඩි මානසික අවපීඩනයට ගොදුරු වී ඇති බව අපට පේනවා. ජීවිතය එපා වීම, ජීවිතය කලකිරීම, ජීවිතය නැතිකර ගැනීමේ සිතුවිලි මානසික අවපීඩනයේ ප්‍රධාන ලක්ෂණයයි. කාංචනාට ඖෂධ ප්‍රතිකාර පටන් ගත්තා. ජීවිතය එපා වීම සහ කලකිරීම ඇයගෙන් ඈත් වුණා. ඇය අප ආයතනයේ උපදේශනයට යොමු කළා. උපදේශනය තුළින් උපුල් පිළිබඳ ඇය නිසි ලෙස අවබෝධ කරගත්තා. උපුල් සමඟ ජීවත් විය නොහැකි බවත් ඔහු වංචාකාරී පෞරැෂයකට ගොදුරැ වූ පුද්ගලයකු බවත් කාංචනා අවබෝධ කරගත්තා. උපුල් ගොදුරු වී ඇති පෞරුෂය කුමක්ද? මෙහි එන උපුල් මනෝ වෛද්‍ය විද්‍යාව අනුව සමාජ විරෝධී පෞරැෂයකට ගොදුරැ වී ඇති බව පෙනේ. මෙම පෞරැෂයට ගොදුරු වූ පුද්ගලයකු තුළ දක්නට ලැබෙන ලක්ෂණ මොනවාදැයි බලමු. වංචාසහගත බව. හදවතේ තෙතමනයක් හෝ හැඟීමක් නැති බව. භයානක හෝ ජීවිතයට අනතුරුදායක දේවල යෙදීමට ඇති ආශාව. වගකීම් පිළිබඳ හැඟීමක් නැති බව. වෛරය සහ සූක්ෂම ලෙස පලිගැනීම. හැඟීම් පාලනයට ඇති නොහැකියාව. බාහිර ස්වරූපයෙන් හඳුනාගත නොහැකි වීම සහ වශී වන ආකාරයෙන් කතා කිරීම. අනිත් අයගේ වටිනාකම් හෝ අයිතිවාසිකම් පිළිබඳ හැඟීමක් නොමැතිකම. නිතරම නීති කඩ කිරීම. බොහෝ දේශපාලනඥයන් මෙවැනි පුද්ගලයන් තමන්ගේ අපරාධවලට යොදාගන්නා බව පෙනී යයි. සිර ගෙවල්වල සිටින සිරකරුවන්ගෙන් සෑහෙන පිරිසක් මෙම පෞරුෂයට ගොදුරු වී ඇති අය බව සමීක්ෂණවලින් පෙනී යයි. සමාජ විරෝධී පෞරුෂයට හේතු රාශියකි. සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ මෙය ප්‍රධාන වශයෙන්ම ජානවලින් සම්ප්‍රේෂණ වන බවයි. සෙරොටනීන් මොළයේ පණිවිඩ ගෙනයන ප්‍රධාන රසායන ද්‍රව්‍යකි. මොළය තුළ මෙම රසායන ද්‍රව්‍යයේ අසමතුලිතතාවය ද මෙම හැසිරීමට හේතුවන බව විශේෂඥයන් පෙන්වා දේ. නූතන ස්කෑන්වලින් පෙන්වා දී ඇත්තේ මෙවැනි පුද්ගලයකුගේ මොළයේ පරිමාව නිරෝගී පුද්ගලයකුට වඩා අඩු බවයි. මොළයේ හැඟීම් පාලනයට අදාළව වැදගත් වන ලලාට කණ්ඩිකාවේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදු නොවීම මීට හේතු වන බව ද සොයාගෙන ඇත. මවුපිය අදරය නොලැබීම, ළමා කාලයේදී අපයෝජනයට ලක්වීම, මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ පරිසරයක දරුවා හැදීවැඩීම වැනි පාරිසරික සාධක ද මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුවන බව ද සොයාගෙන ඇත. අප රටේ උසාවිවල ඇති නඩුවලින් 55%ක්ම ළමා අපයෝජනය. පවුල්වලින් 33%ක් මත්පැන්වලට ගොදුරු වී ඇත. ගෘහ ප්‍රචණ්ඩත්වය 60%ක මෙවැනි පරිසරයක් තුළ හැදෙන ඔබේ දරුවා හෙට වනවිට සමාජ විරෝධී පෞරුෂයකට ගොදුරු වීම පුදුමයක් නොවේ. කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක 0 chamaramindMost Senior MemberPosts:13471 20 Apr 2018 06:06 PM 0 chamaramindMost Senior MemberPosts:13471 20 Apr 2018 06:06 PM 0 chamaramindMost Senior MemberPosts:13471 20 Apr 2018 06:07 PM 0 chamaramindMost Senior MemberPosts:13471 20 Apr 2018 06:07 PM 0 chamaramindMost Senior MemberPosts:13471 20 Apr 2018 06:07 PM 0 chamaramindMost Senior MemberPosts:13471 20 Apr 2018 06:07 PM 0 chamaramindMost Senior MemberPosts:13471 20 Apr 2018 06:08 PM 0 chamaramindMost Senior MemberPosts:13471 20 Apr 2018 06:08 PM 0 chamaramindMost Senior MemberPosts:13471 20 Apr 2018 06:32 PM කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත පිරිමින් මුහුණ දෙන ලොකුම ගැටලුවක් හැටියට ලිංගික අප්‍රාණිකත්වය දක්වන්න හැකියි. විවිධ පෙති, කරල්, එන්නත් ගැන මෙන්ම ව්‍යාජ ඖෂධ ගැනත් මෙහිදි කතාබහට ලක් වෙනවා. පෙත්ත වැරදුණොත් ලොකු අමාරුවක වැටෙන්නටත් හේතු වන මේ කෘත්‍රිම බේත්වලට වඩා හොඳ ප්‍රතිඵල ලබා දෙන ස්වභාවික උත්තේජකයක් ලෙස දැන් කෝමාරිකා ගැන නවතම අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා. කෝමාරිකා ජෙල් තුළ ඇති විවිධ පෝෂණ සංයෝගයන් මේ සඳහා ආධාර වන බවයි එයින් කියැවෙන්නේ. රූපලාවන්‍ය අමුද්‍රව්‍යයක් ලෙසත් ලොව පුරා භාවිත වන කෝමාරිකා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සඳහාත් නැතිවම බැරි ඖෂධයක්. කෝමාරිකා තුළ අන්තර්ගත වන කාබනික ජර්මේනියම් සංයෝගය මගින් මිනිසාගේ රුධිර පීඩනය ස්වභාවිකවම නියාමනය කරන බවයි නව අධ්‍යයන මගින් තහවුරු කර ඇත්තේ. මේ නිසා ව්‍යාග්‍රා පෙත්තේ ක්‍රියාකාරිත්වයම වඩාත් ආරක්ෂිතව කෝමාරිකා මගින් ලබා දෙන බවයි එයින් කියන්නේ. කාබනික ජර්මේනියම් සංයෝගය හතු, සුදුළුනු වැනි ආහාර තුළත් අඩංගු වනවා. කෝමාරිකා තුළ අන්තර්ගත වන තවත් එක් සංයෝගයක් වන “isocitrate calcium salts” මගිනුත් ශරීරයේ අවයව කෙරිහි සිදුවන රුධිර සංසරණය නිසි ලෙස නියාමනය කරනු ලබනවා. එසේම කෝමාරිකා මගින් ශරීරයේ “LDL” කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම සහ “HDL” හෙවත් හොඳ කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීමද සිදු කරනවා. මේ නිසා රුධීර සංසරණය කාර්යක්ෂම වෙනවා. අප්‍රාණීකත්වයට ප්‍රධාන හේතුව නිසි රුධිර සැපයුමක් නොලැබීමයි. මේ හේතුව නැති කරන නිසා කෝමාරිකා හොඳ වාජීකරණයක් ලෙස ක්‍රියා කරන බවයි අධ්‍යයනය මගින් පෙන්වා දෙන්නේ. කිරීටක ධමනිවල රෝග ඇති පුද්ගලයන්ගේ හදවතේ ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් නොමැතිවීම නිසා ඇති වන වම් පස පපුවේ සහ බාහුවේ වේදනාව නැත්නම් “Angina” රෝගී තත්ත්වයට කෝමාරිකා තුළ අධික ලෙස අඩංගු වන ෆෝලික් අම්ලය, මැග්නීසියම් සහ විටමින් E නිසා සහනයක් සපයා ගන්නටත් පුළුවන්. කෝමාරිකා මගින් හදවත් රෝග නිවාරණය කිරීම, රුධිර සැපයුම වර්ධනය කිරීම සහ සමස්ත රුධිර සංසරණ පද්ධතියම සුවදායකව පවත්වා ගැනීම නිසා කෝමාරිකා ලිංගාශ්‍රිත රුධිර සංසරණයත් මනාව පාලනයට සමත්කම් දක්වනවා. මේ නිසයි පිරිමි පුද්ගලයන් හට කෝමාරිකා ජෙල් ආහාරයට ගැනීම මගින් තම පුරැෂ ශක්තිය වර්ධනය කර ගත හැකි බවට කරුණු ඉදිරිපත්ව ඇත්තේ. නමුත් හිතුමතේ කෝමාරිකා එකදිගට ගිල දැමීම පිලියමක් වන්නේ නෑ. මීට අමතරව යෝනියේ ලිහිස්සි ශ්‍රාවයන් නිසි ලෙස නිෂ්පාදනය නොවන කාන්තාවන් සඳහා ස්වභාවික ලිහිස්සි ද්‍රාවණයක් ලෙසත් කෝමාරිකා භාවිත කරන්නටත් හැකියි. මේ සියල්ල වෛද්‍ය උපදේශ මත කළ යුතුයි. සුගත් 0 chamaramindMost Senior MemberPosts:13471 20 Apr 2018 06:49 PM ලෙඩ රැසක් ගැන අනතුරු අඟවන කුරුලෑ කුරුලෑ ගැන බොහෝ දෙනා තුළ ඇත්තේ අප්‍රසාදයක්. තමන්ගේ රුව පිළිබඳව කණගාටුවට පත්වී කුරුලෑව ඉක්මණින් සුව කර ගැනීමටයි එවන් විටෙක කවුරුත් මුල් තැන දෙන්නෙ. නමුත් කුරුලෑවක් මුහුණේ ඇතිවන ස්ථානය අනුව ශරීරයේ වෙනත් අවයවයක ඇති රෝගාබාධ පිළිබඳ අනතුරු ඇඟවෙන බව ඔබ මීට පෙර දැන සිටින්නට නැතිව ඇති. අද අපි ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ මුහුණේ කුරුලෑවක් ඇතිවන ස්ථානය අනුව ශරීරයේ වෙනත් තැනක අවයවවල සෞඛ්‍යය තත්ත්වය ගැන අනතුරු ඇඟවෙන ආකාරය ගැනයි. කම්මුල නාසයට ආසන්නව බොහො විට බැක්ටීරියාවන් ඒකරාශී වීම නිසා මෙම තත්ත්වය ඇතිවනවා. කුණු දුහුවිලි පිරුණු දෑත් මගින් සම ස්පර්ශ කිරීම සහ දුම්පානය නිසාත් කම්මුල් මත කුරුලෑ ඇති වනවා. දුම් පානය නිසා සමට ලැබෙන ඔක්සිජන් අවම වීම මේ සඳහා එක හේතුවකි. රෝසියා ලෙස හැඳින්වෙන රතු පැහැ ඉදිමුම් බඳු කුරුලෑ, කඩචෝරු ආහාර අසීරු කාලගුණ තත්ත්ව නිසා ද ඇති විය හැකිය. මුහුණු ආලේපන ක්‍රීම් වර්ගවලින් නොසෝදා සිටීම තවත් හෙතුවකි.හිස තබන කොට්ටය අපිරිසුදු වූ විට ඇතිවන බැක්ටීරියා ඇතුළු විසබීජ ක්‍රියාකාරිත්වය ද මෙයට හේතුවකි. නවතම අධ්‍යයන පෙන්වා දෙන්නෙ ස්වසන පද්ධතිය ආශ්‍රිත ගැටලු ඇති විට කම්මුල ආශ්‍රිත කුරුලෑ හටගන්නා බවය. T-zone හෙවත් මුහුණේ අනතුරුදායක ත්‍රිකෝණ කලාපය නැතිනම් නලල, නාසය, කම්මුල් ආශ්‍රිත කුරුලෑ රුධිර සංසරණය මන්දගාමී වීම, අධි මාත්‍ර ලෙස කැෆේන් ශරීරගත වීම, ඇල්කොහොල් පානය සහ මානසික ආතතිය වගේම ස්වසන පද්ධතියේ රෝගි තත්ත්වයන් ද මෙමගින් පෙන්නුම් කරනවා. හක්ක, නිකට හෝ බෙල්ල සැකසූ සීනි සහිත ආහාර වැඩි ලෙස පරිභෝජනය, හෝමෝන අසමතුලිතතාවය, “Candida” වැනි දිලීර ආසාදන. ඇහිබැමි අතර කුරුලෑ ඇති වීම අක්මාවේ ගැටලුවක් ගැන අනතුරු ඇඟවීමක් විය හැකියි. මස් වැඩි ලෙස ආහාරයට ගැනීම, දුම්පානය කිරීම හෝ ඇල්කොහොල් වැඩි වශයෙන් පානය කිරීම මෙම තත්ත්වය කෙරෙහි බලපායි. මෙවන් අහිතකර හුරු පුරුදු ඔබේ අක්මාව සදාකාලිකවම රෝගී බවට පත් කරන අතර වැඩි වශයෙන් පළතුරු සහ එළවළු ආහාරයට ගෙන දිනපතා ව්‍යායාම සිදු කර දිනකට අවම වශයෙන් පැය හතක නින්දක් ලබා ගැනීම වැදගත්. නළල – මුත්‍රාශය හෝ කුඩා බඩවැල ආශ්‍රිත ආහාර මාර්ගයේ ගැටලු මේදය අධික සැකසූ ආහාර පරිභෝජනය කිරීම නිසාත් අධික ලෙස ආතතියට පත්වීම මෙන්ම ඇල්කොහොල් අධික ලෙස පානය කිරීම නිසාත් මෙම තත්ත්වය ඇති වී විජලනය, ආහාර ජීර්ණය අක්‍රමවත්වීම සහ විෂ සහිත සංඝටකයන් ශරීරයේ තැන්පත්වීම වැනි සෞඛ්‍යය ගැටලු ඇති වනවා. මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස ජලය (දිනකට ජලය වීදුරු 10-12) පානය කිරීම සහ ඇල්කොහොල් පානය අතහැර දැමීම සහ යෝගා වැනි ව්‍යායාම සිදු කර ආතතිය දුරු කිරීම සිදු කරන්නට පුළුවන්. ඇහිබැම සහ ඇස අවට වකුගඩු හෝ අක්මාව විජලනය සහ මන්දපෝෂණ තත්ත්වයන් නිසා ඇහිබැම සහ ඇස අවට කුරුලෑ ඇති වනවා. අධික ලෙස දුම්පානය සහ ඇල්කොහොල් පානය කිරීම, හදවතේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම, රැධිර සංසරණය මන්දගාමී වීම වැනි කරුණු මේ සඳහා ප්‍රධාන ලෙස බලපාන අතර වැඩි වශයෙන් ජලය පානය කිරීම ඇල්කොහොල් සහ කැෆේන්වලින් ඉවත්වීම වැනි දෑ සිදු කිරීම මේ සඳහා සුවදායක වනවා. කම්මුල් දෙපස – පෙනහළු සහ අක්මාව කම්මුල් මත කුරුලෑ ඇති වනවා නම් ඔබ මුඛ සෞඛ්‍යය පිළිබඳ දැඩි අවධානයක් යොමු කල යුතු වනවා. සීනි අධික ආහාර සහ පානවලින් ඉවත්වී දිනපතා හොඳින් දත් මැදීම සිදු කර මුඛ සෞඛ්‍යය ආරක්ෂා කර ගන්න. සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාවට අනුව වම් කම්මුල අක්මාවටත් දකුණු කම්මුල පෙනහල්ලටත් සම්බන්ධ වනවා. නාසය – හදවත නාසය හදවත සමග සම්බන්ධ වන අතර නාසයේ කුරුලෑ ඇතිවීම මගින් අධික ලෙස ලුණු ආහාරයට ගැනීම පෙන්නුම් කරනවා. අධි රුධිර පීඩනය සහ හදවත සම්බන්ධ වන වෙනත් සෞඛ්‍යය ගැටලු මෙමගින් නිරූපණය වන අතර මෙම තත්ත්වය මගහරවා ගැනීමට එළවළු, පළතුරු සහ ඇට වර්ග පරිභෝජනය කර ලුණු සහ මිරිස් අධික ආහාරවලින් වැළකී දිනපතා ව්‍යායාම කිරීම සුදුසු වනවා. මුඛය සහ නිකට – උදරය ඔබේ මුඛය අවට සහ නිකටේ කුරුලෑ ඇති වනවා නම් සීනි සහ මේදය අධික ආහාර පරිභෝජනයෙන් වැලකී ඇල්කොහොල් පානය කිරීමෙන්ද වැලකීම ගුණ දායකයි. සිට යෝගට් වැනි ආහාර පරිභෝජනය කරන්න. හක්ක සහ බෙල්ල – හෝමෝන හෝමෝන අසමතුලිතතාවය නිසා බෙල්ල අවට කුරුලෑ ඇති වනවා. මේ සඳහා විසඳුමක් ලෙස එළවළු සහ පළතුරු ආහාරයට ගැනීම සහ කැෆේන් මෙන්ම ලුණු පරිභෝජනයෙන් වැළකී සිටීම හඳුන්වා දෙන්නට පුළුවන්. කුරුලෑ පිලිබඳ මෙතෙක් දැක්වු නොසැලකිල්ල අතහැර ශරිර ගත වෙනත් ආබාධ පිළිබඳ සැලකිලිමත් වන්නට මේ කරුණු ආධාර වනු ඇති. Web MD 0 Ind007kaMost Senior MemberPosts:12931 20 Apr 2018 06:51 PM ඒ වුනාට කුරුලැ එන්නෙ ගැටවර වියෙ අයට විතර්යි නෙද ? 0 JaaniBasic MemberPosts:285 21 Apr 2018 11:24 AM එහෙමත් එකක්ද . 0 chamaramindMost Senior MemberPosts:13471 21 Apr 2018 07:13 PM කාටිලේජ වර්ධනයට සුදුසු බෙහෙත් ප්‍රශ්නය - පසුගිය දෙසතිය තුළ අප කතා කළේ අස්‌ථි රෝග අතර ඉතා ප්‍රකට රෝගයක් වන කාටිලේජ දියවීම පිළිබඳවයි. ඒ සඳහා තිබෙන ආයුර්වේද ප්‍රතිකාර ගැන අප කතා කළා. වෛද්‍ය වසන්ත උදයජීව - සන්ධි රෝගවලට ප්‍රතිකාර කිරීමේ සාර්ථක ක්‍රමවේදයක් ආයුර්වේදයේ සැමදාමත් තිබුණා. එයට හේතුව තමයි සන්ධි රෝග අතීතයේ පටන් මනුෂ්‍යයාට බලපෑ ප්‍රමුඛතම රෝගයක් වීම. මනුෂ්‍ය වර්ගයා මුල් කාලයේදී ආහාර සපයා ගත්තේ ඉතාම මහන්සියෙන් වැඩ කිරීමෙන්. මෙසේ වැඩ කරන විට ඔවුන්ට නිතරම සන්ධි ආබාධ ඇති වුණා. මේ නිසා අවුරුදු දහස් ගණනකට පෙර සිටම සන්ධි ආබාධ සඳහා ඖෂධ සොයා ගනු ලැබුවා. ප්‍රශ්නය - කාටිලේජ යළි වර්ධනය වීමට ඖෂධ සොයා ගැනීම සිදු වන්නේත් ඒ ආකාරයෙන්ද? වෛද්‍ය වසන්ත උදයජීව - අස්‌ථි ආබාධයකදී කාටිලේජ දියවීම ඉතා සුලබයි. ඒ නිසා කාටිලේජ දිය වීමට ඖෂධ සෙවීමත් ඉතාම පරණයි. කාටිලේජයක් දියවීම දවසකිsන් සිදුවන්නේ නැහැ. එය දිගුකාලීන වැඩක්. හැම වයසකම අයට මේ රෝගය හට ගන්නවා. ආයුර්වේද ප්‍රතිකාරයක් සිදු කරන්නෙ පියවර තුනකට. මුලින්ම කරන්නේ රෝගියාගේ වේදනාව කළමනාකරණය කිරීම. ඒ සඳහා කයිරෝසර ගුග්ගුලි පෙති, යෝගරාජ ගුග්ගුලි පෙති, ෂඩ්හරනම් චූර්ණ යනාදිය යොදා ගන්නවා. සච්චරාදි තෛලය සහ කොට්‌ටම් චුක්‌තාදි තෛලය ගානවා. ඊළඟ පියවර තමයි දියවුණු කාටිලේජය වටා තිබෙන මාංශ පේෂීන් ශක්‌තිමත් කිරීම. මේ සඳහා රහසිගත වට්‌ටෝරු අනුව සිඳින ලද තෙල් පරිහරණය කරනවා. ඒ එක්‌කම කල්කයක් වගේ දෙයක් මුඛ මාර්ගයෙක් රෝගියාගේ ශරීර ගතකරනවා. මේ කල්කයෙන් තමයි කාටිලේජ වර්ධනය නැවත වරක් සිදු වෙන්නේ. මේ ප්‍රතිකාර කරන විට රෝග මූලය සිඳී ගිහින් අවසන්. අවසන් පියවර තමයි රෝගය යළිs පැන නැඟීමට හේතු විය හැකි කාරණා විනාශ කරන එක. ප්‍රශ්නය - නවීන වෛද්‍ය විද්‍යාව කියන පරිදි විනාශයට පත් වූ ගෙවී ගිය කාටිලේජයක් ප්‍රතිසංස්‌කරණය කරන්නට බැහැ... වෛද්‍ය වසන්ත උදයජීව - කාටිලේජයක තිබෙන ප්‍රධාන නව සංඝටකය තමයි කොලැජන්. මෙය ප්‍රොaටීනයක්. මේ ප්‍රොaටීනය හැදෙන්නේ විටමින් C වලින්. ඒ අනුව විටමින් C ලැබෙන දොඩම්, දෙළුම් වැනි පලතුරුවලින් කාටිලේජ වර්ධනය කරගන්න පුළුවන්. නිවුඩ්ඩ වැඩි සහල්වලිනුත් එයම කළ හැකියි. ලබන සතියට Fatty liver සුව කළ හැකියි පසුගිය සතිය හා බැදේ අක්‌මාවේ මේද අධික ලෙස තැන්පත් වීම නිසා එහි පටක කොටස් ප්‍රදාහයට පත් වී විනාශ වෙනවා. ඒ නිසා ශරීරයේ සෑම කොටසකටම අහිතකර බලපෑම් ඇති වෙනවා. දියවැඩියාව, අධික රුධිර පීඩනය, පාණ්‌ඩුව වැනි රෝග තත්ත්ව ඇති වෙනවා පමණක් නෙවෙයි ඒවා සුව කර ගැනීමත් වඩ වඩාත් අපහසු වෙනවා. අක්‌මාවේ තෙල් තැන්පත් වීම සඳහා බලපාන හේතු මොනවා ද? ඇල්කොහොල් අනිසි ලෙස සහ අධික ලෙස භාවිත කරන සෑම කෙනකුටම අක්‌මාවේ තෙල් තැන්පත් වීම නිසා ඇතිවන අක්‌මා රෝග (Alcoholic fatty liver disease) ඇති විය හැකියි. ඇල්කොහොල් අඩංගු විවිධ ඖෂධ වර්ග, අරිෂ්ට ආසව සහ බීම වර්ග දීර්ඝ කාලයක් භාවිත කිරීමත් මීටම අයත් වෙනවා. මීට අමතරව වෙනත් හේතු ද තිබෙනවා. අක්‌මාව කෙරෙහි බලපෑම් ඇති කිරීමට සමත් නොයෙක් ඖෂධ දීර්ඝ කාලයක් භාවිත කිරීම, අධික මේද ප්‍රමාණයක් සහිත ආහාර පාන නිතර නිතර අධික ලෙස පරිභෝජනය කිරීම, අක්‌මාව ආශ්‍රිතව ඇතිවන වෛරස් ආසාදන සහ ඇතැම් ජාන විකෘතිතා ද හේතු වෙනවා. Non-alcoholic fatty liver disease නමින් ප්‍රචලිතව පවතින්නේ ඇල්කොහොල් හැරවෙනත් හේතු නිසා ඇති වෙන අක්‌මා රෝග කාණ්‌ඩය යි. හේතුව කුමක් වුවත් සිද්ධ වෙන්නේ අක්‌මාව නිර්මාණය වෙලා තිබෙන පටක කොටස් තුළ මේදය තැන්පත් වීම. ඒ සඳහා එකිනෙකට සම්බන්ධ සංකීර්ණ ජෛව රසායනික යාන්ත්‍රණ රාශියක් ක්‍රියාත්මක වෙනවා. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස අක්‌මාවේ පටක ප්‍රදාහයට පත් වී පසුව එම පටක මියයනවා. මියයන පටක වෙනුවට අලුත් පටක නිර්මාණය වුවත් ඒවා විකෘති හැඩතල වලින් යුක්‌තයි. මේ නිසා අක්‌මාවෙන් ඉටු කෙරෙන කලින් සඳහන් කළ මෙහෙයන් නිසි පරිදි සිදු වීමට බාධා ඇති වෙනවා. අක්‌මාව විශාල වීමත් ඝන වීම සහ කඨින භාවයට පත් වීමත් සිදු වෙනවා. සිරෝසිස් නමින් හඳුන්වන්නේ මේ තත්ත්වයයි. මෙය ඉතා දරුණු මාරාත්මක අවස්‌ථාවක්. අක්‌මාවේ තෙල් තැන්පත් වීම නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවාද? රෝගයේ ආරම්භක අවස්‌ථාවේ පැහැදිලි රෝග ලක්‌ෂණ පෙන්වන්නේ නැහැ. ඒ නිසා රෝග තත්ත්වය නොපෙනී සැඟවී හෙමිහිට වසර කීපයක් තිස්‌සේ වර්ධනය වෙනවා. රෝගය තරමක් උග්‍ර වූ විට තමයි රෝග ලක්‌ෂණ පහළ වන්නේ. ශාරීරික අප්‍රාණිකත්වය, අසාමාන්‍ය වෙහෙසකාරී බව, ආහාර අරුචිය, වමනය, ඔක්‌කාරය, උදරයේ අපහසුව, බඩ පිපුම, අලස බව වැනි ලක්‌ෂණ ඇතිවිය හැකියි. ඇතැම් විට උදරයේ දකුණු පැත්තේ ඉහළට වෙන්න වේදනාවක් ඇතිවිය හැකියි. සිරෝසිස් තත්ත්වය දක්‌වා රෝගය වර්ධනය වූ විට දරුණු රෝග ලක්‌ෂණ පහළ වෙනවා. ශරීරය ඉදිමීම, ලේ වමනය, ගුදයෙන් ලේ පිටවීම, කළු පැහැයෙන් මළ පිටවීම, බඩේ වතුර එකතු වීම, උදරයේ ලේ නහර ඉස්‌මතු වීම, හමේ පැහැය වෙනස් වීම වැනි ලක්‌ෂණ ඇති වෙනවා. ගුදයෙන් ලේ පිටවීම අර්ශස් ලෙස වරදවා සිතනවා. මීට අමතරව වෙනත් ස්‌නායු ආබාධ සහ ලේ හිඟවීම නිසා ඇතිවන වෙනත් රෝග ලක්‌ෂණ ද ඇතිවිය හැකියි. මෙම රෝග තත්ත්වය උග්‍ර වීමට පෙර හඳුනාගන්නේ කොහොමද? අද වෛද්‍ය විද්‍යා තාක්‌ෂණය ඉතා දියුණු යි. විවිධ පරීක්‌ෂණ උපක්‍රම මඟින් රෝග තත්ත්වයත් රෝගය ඇති වීමට පෙර පවතින අවදානම් අවස්‌ථාත් හොඳින් හඳුනාගත හැකියි. අවදානමක් ඇතැයි සැක සහිත තැනැත්තන් වෛද්‍යවරයකු හමු වී සාකච්ඡා කොට උපදෙස් ලබාගත යුතු යි. සාමාන්‍යයෙන් යාකෘතික ක්‍රියාකාරීත්ව පරීක්‌ෂණයකදී මේ තත්ත්වය නිසා අක්‌මාවට ඇති වී ඇති බලපෑම මූලික ව හඳුනා ගත හැකි යි. මෙහි " රුධිරයේ පවතින යාකෘතික එන්සයිම වල අසාමාන්‍ය වැඩිවීමක් පෙන්වනවා. අක්‌මාවේ පටක කොටස් ප්‍රදාහයකට ලක් ව පීඩා වීම නිසයි එසේ වන්නේ. මෙය රෝගයේ ආරම්භක අවස්‌ථාවේ " ම දැකිය හැකි යි. රෝග තත්ත්වය තව දුරටත් උග්‍ර වන විට අක්‌මාවේ වෙනත් විවිධ වෙනස්‌කම් ඇති වෙනවා. ස්‌කෑන් පරීක්‌ෂණ සහ පටක විද්‍යාත්මක පරීක්‌ෂණ වලින් ඒවා හඳුනා ගත හැකි යි. මෙම රෝග තත්ත්වය ඇති වීම වලක්‌වා ගැනීම සහ සුව කර ගැනීම කළ හැකි ද? රෝග තත්ත්වය ඇති වීම වලක්‌වා ගත හැකි යි. රෝග තත්ත්වය ඇති වීම සඳහා හේතු වන සාධක නිවැරදි ව හඳුනා ගැනීමට සහ ඒවායින් වැලකීමට අදාල උපදෙස් වෛද්‍යවරයෙකු හමු වී ලබා ගැනීම කළ යුතුයි. ඇල්කොහොල් භාවිතයෙන් වැලකී සිටීම රෝග තත්ත්ව ඇති වීමේ අවදානම අවම කර ගැනීම සඳහා බොහෝ සෙයින් ම වැදගත් වෙනවා. රෝග තත්ත්වයේ ස්‌වභාවය සහ රෝගයේ උග්‍රතාව අනුව සිදු කළ යුතු ප්‍රතිකාරද විවිධ යි. රෝගයේ විවිධ අවස්‌ථා හඳුනා ගෙන ඒ අනුව නිවැරදි සැළසුමකින් යුතු ව මුල් අවස්‌ථාවේ දී ම නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර සහ උපදේශ ලබා ගැනීමෙන් රෝගය සාර්ථක ව සුව කර ගත හැකි යි. ලබන සතියට නිතරම මුත්‍රා පහ වන්නේ ඇයි? ප්‍රශ්නය - අප මේ ලිපි පෙළ මගින් ඉකුත් සතිවල සාකච්ඡා කළේ කාන්තාවන්ට වැළඳෙන මුත්‍රා රෝග ගැනයි. මේ රෝගයට අදාළ ප්‍රශ්න කිහිපයක් අද අප ඔබෙන් විමසනවා. එනම්, කාන්තාවකට නිතරම මුත්‍රා බැහැර කිරීමට සිදුවෙනවා නම් එයට හේතුව කුමක්‌ද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - කාන්තාවක් නිතරම කැෆේන් සහ මද්‍යසාර මිශ්‍ර පාන වර්ග ගන්නවා නම් ඇයට නිතරම මුත්‍රා පහ කරන්නට ඕනෑ වෙනවා. එහෙම නැත්නම් මුත්‍රා බොක්‌කේ ආසාදනයක් තිබෙනවා නම් එවිටත් නිතරම මුත්‍රා පහ කිරීමට අවශ්‍ය වෙනවා. මුත්‍රා බොක්‌ක පහත් වෙනවා කියලා රෝග තත්ත්වයක් තිබෙනවා. එවිටත් නිතර මුත්‍රා පහ කළ යුතුයි. දියවැඩියාව වැළඳී තිබෙනවා නම් එයත් එක හේතුවක් නිරන්තර මුත්‍රා පහවීමට. ප්‍රශ්නය - ඇතැම් කාන්තාවන් මුත්‍රා කාන්දු වීමේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. මෙය විශාල කරදරයක්. මෙයට හේතුව කුමක්‌ද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - මුත්‍රා පහකර අවසන් වූ විට මුත්‍රා වාහිනිය මාංශ පේෂි කිහිපයකින් වැසෙනවා. මෙය ඛදජන එකක් ලෙස හැඳින්විය හැකියි. මේ ඛදජන එක මතට අසීමාන්තික පීඩනයක් යෙදවූවා ම මුත්‍රා ලීක් වෙන්නට පටන් ගන්නවා. කැස්‌ස, කිsවිසුම් හැරීම, අධික වේදනාව, බර ව්‍යායාම හෝ වෙනත් ක්‍රියාකාරකම් නිසා මේ පීඩනය ඇති විය හැකියි. ඒ එක්‌කම මුත්‍රා බොක්‌කේ පේෂියක් සීමාව ඉක්‌මවා ක්‍රියාකාරී වී මුත්‍රා පහතට තෙරපෙනවා නම් එවිටත් මුත්‍රා කාන්දු වෙනවා. ප්‍රශ්නය - කාන්තාවක් දිනකට වාර කීයක් මුත්‍රා කරනවද? අපට දැන ගන්නට වුවමනා වන්නේ ස්‌වභාවික තත්ත්වයයි. වෛද්‍ය කේ. ආර්. වීරසේකර - පැය 24 ක කාලයකට හතර වරක් සිට අට වරක් දක්‌වා මුත්‍රා කිරීම අස්‌වාභාවික නැහැ. ඒ මට්‌ටම ඉක්‌මවා යමින් රාත්‍රි කාලයේ නින්දෙන් අවදි වී මුත්‍රා කළ යුතු තත්ත්වයක් මතු වෙනවා නම් එය ස්‌වාභාවික නැහැ. ලබන සතියට සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055 මොනවද මේ අර්ශස් සුව කරන්නෙ කොහොමද? ප්‍රශ්නය - ගුද මාර්ගයේ හට ගන්නා වේදනාකාරී තත්ත්වයක් ගැන සාකච්ඡා කිරීමේ ලිපි පෙළක පළමුවැන්න වශයෙන් පසුගිය සතිවල මේ ලිපිය ඔස්‌සේ අප ගුද භ්‍රංශය ගැන කතා කළා. වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - අද අප සාකච්ඡා කරන්නේ Haemorrhoid නමැති ගුද ආශ්‍රිත රෝගය ගැනයි. මෙය රක්‌තවිතාභය ලෙස ආයුර්වේදයේ හැඳින්වෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී මෙය අර්ශස් කියා හැඳින්වූවාට වරදක් නැහැ. ප්‍රශ්නය - මොනවද මේ අර්ශස්? මෙය හොඳ කරන්න පුළුවන්ද? වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - මුලින්ම දෙවැනි ප්‍රශ්නයට උත්තර දෙමු. අර්ශස් හොඳ කරන්නට පුළුවන්. රෝගීන්ගේත් සහයෝගය ලැබෙනවා නම් නැවත මතු නොවන විදියටම සනීප කරන්න පුළුවන්· දැන් බලමු මොනවද අර්ශස් කියන කාරණය. ගුද මාර්ගය සහ ගුදය කියන තැන්වල රුධිර නාල ඉදිමී ආසාදනය වීමෙන් අර්ශස් හට ගන්නවා. මේවා හට ගන්නේ ගුද මාර්ගය සහ ගුදය කියන තැන්වල පහළ කොටසේ යි. සමහර අවස්‌ථාවලදී මේ ඉදිමුම් නිසා ඒවා හටගන්නා රුධිර නාල ඇදී තුනී වී, ගුදය දිගේ අශුචි පහළට ගමන් කරන විට හටගන්නා තෙරැපීම නිසා පුපුරා යනවා. එවිට රුධිරය වහනය වෙනවා. අර්ශස් නිසා ලේ යනවා කියලා මෙවැනි අවස්‌ථාවලදී කියනවා. ඒ එක්‌කම කිව යුතුයි. අර්ශස් ගෙඩි කොටස් දෙකකට බෙදනවා. ඉන් පළමුවැන්න, බාහිර ගෙඩි, දෙවැන්න අභ්‍යන්තර ගෙඩි. ප්‍රශ්නය - මේ දෙකේ වෙනස්‌කම් මොනවාද? වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - අභ්‍යන්තර අර්ශස් ගෙඩි හට ගන්නේ ගුද විවරයේ ඉහළ කොටසේ අතට හසු නොවන තැන්වලයි. ඒ නිසා ඒවා තිබෙන බව ඔබට දැනෙන්නේ නැහැ. ඒ වගේම ඒවා ඔබට පෙනෙන්නේ නැහැ. ඒවා රිදෙන්නෙත් නැහැ. එයට හේතුව ගුද මාර්ගය තුළ තිබෙන වේදනාව දැනෙන ස්‌නායු ප්‍රමාණය ඉතාම ස්‌වල්ප වීමයි. මේවා තිබෙන බවට ඇති එකම ලකුණ ගුද මාර්ගයෙන් රුධිර පිට වීමයි. සමහර විට මේ ගෙඩි විද්‍රධි බවට පත්වෙලා, එහෙමත් නැත්නම් ඉදිමිලා ගුද මාර්ගයෙන් එළියට එනවා. ඒවා රෝස පාටයි. ඒවා ඇඟිල්ල මගින් ගුදය තුළට ඇතුළු කළ හැකියි. ඊළඟට බලමු බාහිර අර්ශස් ගෙඩි මොනවාද කියලා? මේවා ගුදයේ පහළ කොටසේ හටගන්නා අතර ඉතාම පහසුවෙන් ගුදයෙන් පිටතට එනවා. විශේෂයෙන්ම මළ පිට කිරීමේදී මේ ගෙඩි පිටතට එනවා. මේ ගෙඩි වර්ගය පෙනුමින් භයංකර වුණාට එතරම් විශාල හානියක් දෙන දෙයක් නොවෙයි. සමහරවිට සතියකින් පමණ මේවා යට යනවා. මෙය වේදනා දෙන විට ප්‍රතිකාර අවශ්‍යයි. හැබැයි වේදනා දෙනවා කියලා මේවා සැත්කම් මගින් ඉවත් කළ යුතු නැහැ. ලබන සතියට රුධිර නාළ අවහිර කරන කොලෙස්ටරෝල් නසන හෙළඔසු කොලෙස්ටරෝල් වැඩිවීම නිසා සිරුරේ රුධිර පීඩනය වැඩිවීම සිදුවන්නේ කෙසේද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා (- හෘදයෙන් පිටතට රුධිරය ගමන් කරන රුධිර නාළවල අභ්‍යන්තර බිත්තිවල මෙම කොලෙස්‌ටරෝල් තැන්පත් වීම සිදුවේ. එවිට එම නාළවල අභ්‍යන්තර කුහරය සිහින් වීම සිදුවේ. එම සිහින් වූ නාළ හරහා රුධිරය ගමන් කිරීමේදී පෙරට වඩා වැඩි පීඩනයක් දැරීමට සිදුවේ. සිරුරේ රුධිර නාළ කිහිපයක මෙලෙස කොලෙස්‌ටරෝල් තැන්පත් වීම නිසා රුධිරය ගමන් කිරීමට වැඩි පීඩනයක් දැරීමට සිදුවේ. එවිට මෙම වැඩි පීඩනය දැරීම නිසා හෘදයට දරුණු බලපෑම් ඇතිවිය හැකිය. Ö මෙලෙස රුධිර නාළ අවහිර වීමෙන් ශරීරයට ඇතිවන බලපෑම් මොනවාද? Ö ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා (- කාලයක් තිස්‌සේ මෙලෙස රුධිර නාළවල කොලෙස්‌ටරෝල් තැන්පත් වීමෙන් ඇතරෝඩා නමැති තෙල් කුටි හටගැනීම සිදුවේ. එවිට රුධිර නාළ අවහිර වී ඉන් ඔබ්බට රුධිරය ගලා යැම ඇනහිටීම සිදුවේ. එවිට එම නාළ හරහා රුධිරය ගලායන හෘදයේ සෛල කොටස්‌වලට නිසි පරිදි රුධිරය නොලැබීමෙන් එම සෛල මැරී යා හැකිය. එවිට පපුවේ වේදනාවක් හටගන්නා අතර ඒ තත්ත්වය තීව්‍ර වීමෙන් හෘදය ඇනහිටී මරණය පවා ළඟවීමේ අවදානමක් පවතී. Ö මේ තත්ත්වයෙන් මිදීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවාද? Ö ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා (- විශේෂයෙන්ම කළ යුත්තේ තම ශරීර සෞඛ්‍ය පිළිබඳ නිසි සැලකිල්ලක් දැක්‌වීමය. ඒ අනුව අවුරුදු 35 -40 ඉක්‌මවන හැමෝම ආහාර පාලනය කිරීමට කටයුතු කළ යුතුයි. ව්‍යායාම කිරීම, වෙහෙස වී වැඩකටයුතුවල යෙදීම ඉතා හොඳයි. අධික ලෙස සත්ත්ව තෙල් අඩංගු ආහාර වර්ග පාලනයක් කරවා ගැනීම, බිත්තර කහ මද, මස් වර්ග පාලනයකින් යුතුව ආහාරයට එක්‌කර ගත යුතුය. ආහාර ජීර්ණයේදී ඇතිවන යම් යම් ගැටලුකාරී තත්ත්ව නිසා කොලෙස්‌ටරෝල් හටගැනීම සිදුවේ. මේද කොටස් අක්‍රමවත් ලෙස හෝ අවිධිමත් ලෙස රසායනික පරිවර්තනයකට ලක්‌වීම හේතුවක් ලෙස කොලෙස්‌ටරෝල් ඉහළ යැමට හැකිය. මෙම කොලෙස්‌ටරෝල් හිතකර සහ අහිතකර ලෙස සිරුරට බලපායි. නිවැරදි ලෙස මේදය ජීර්ණය වුණේ නම් ඒවා ශක්‌තිය ලෙස එක් වේ. Ö ආයුර්වේද ප්‍රතිකාර මගින් මෙම කොලෙස්‌ටරෝල් විනාශ කිරීම සඳහා ප්‍රතිකර්ම තිබෙනවාද? Ö ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා (- ආයුර්වේදයේ මෙම කොලෙස්‌ටරෝල් හඳුන්වන්නේ පිත්තස්‌නේහ ලෙසය. එනම් නිවැරදි ලෙස නොදිරවූ මේද කොටස්‌ය. ඒවා ආම රසය ලෙස ද හඳුන්වනු ලැබේ. ආයුර්වේද ප්‍රතිකාර ඇරඹීමට පෙර ශරීරයේ කොලෙස්‌ටරෝල් හටගන්නා ක්‍රමවේද ද නිසිලෙස වටහාගෙන ප්‍රතිකාර ඇරඹිය යුතුය. ආම පාමක නම් ඖෂධ මගින් රුධිර නාළ හෝ වෙනත් තැනක ඇති අහිතකර කොලෙස්‌ටරෝල් නැවත ජීර්ණය කරවීම සිදුවේ. මෘදු විරේඛන ඖෂධ මගින් එම අහිතකර පදාර්ථ මළ, මුත්‍ර හා දහදිය මාර්ගවලින් පිට කිරීම සිදුකරයි. ඒ හා සමඟම ලබාදෙන ජීරක එන්සයිම සමබර කරවන ඖෂධ මගින් ශරීරයට අලුතෙන් එක්‌වන මේද කොටස් නිවැරදි ආකාරයට ජීර්ණය වී ශක්‌තිය ලෙස නැවත ශරීරයට ලබාදීම සිදුකරයි. මෙලෙස ප්‍රතිකාර කිරීම තුළින් ඉතා කෙටි කලකින්ම කොලෙස්‌ටරෝල් රෝගයට ගොදුරුව සිටින රෝගීන්ට සුවය ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත. ඇලිගැටපේරවලින් පිළිකාව සුව වෙන්නේ කොහොමද? ප්‍රශ්නය - පිළිකාව පැතිර යැම වළක්‌වන සහ පිළිකාව සුවපත් කිරීම පහසු කරන අලුත් ඖෂධයක් ගැන සාකච්ඡා කරන ලිපි මාලාවක සිවු වැන්න මෙයයි. මේ නව ඖෂධය යුරෝපයේ කළ සොයාගැනීමක් වන අතර මෙහි අඩංගු වන්නේ ශාකසාර ඇතුළු ස්‌වභාවික සංඝටකයි. මෙහි අඩංගු Xanthone සහ වෙනත් පිළිකා නාශක සංඝටක ගැනත් එම පිළිකා නාශක තැන්පත්ව තිබෙන මැංගුස්‌ටින්, තක්‌කාලි වැනි ශාකමය ද්‍රව්‍ය ගැනත් අප කතා කළා. අද අප සාකච්ඡා කරන්නේ මෙහි අඩංගු Dendrobium නමැති ශාකමය ද්‍රව්‍යය ගැනයි. වෛද්‍ය රේණුකා ද අල්විස් - ක්‍රි. පූ. 6-5 අතර එනම් මෙයට වසර 2500 කට පමණ පෙර චීනයේ පහළ වුණා තාඕ වාදය කියා දර්ශනයයක්. මෙය එක් විදියකින් ආගමක්. තවත් විදියකින් සෞඛ්‍ය සම්පන්න ජීවන විලාසිතාවක්. ඊළඟට වෙදකමක්. තාඕ වාදයට අයත් වෙදුන් වැඩිහරියක් ඖෂධ තැනුවේ සදාකාලික ජීවනය පිණිසයි. මේ වෙද වට්‌ටේdaරු වැඩි හරියක ප්‍රධාන සංඝටකය වූයේ Dendrobium කියන ශාක ද්‍රව්‍යයයි. තාඕ ධර්මය යටතේ ලියා ඇති වසර දහස් ගණනක් පැරණි වෛද්‍ය පොත්වල එන හැටියට චීනයේ ප්‍රමුඛතම ඖෂධ වර්ග 9 න් එකක් ලෙස Dendrobium හඳුන්වනවා. මෙය හැදෙන්නේ උස් කඳුවල විතරයි. ඒ නිසාම එය නෙළා ගැනීම ඉතාම දුෂ්කරයි. ඒනිසාම එය ඉතාම මිල අධිකයි. මෙය හැදෙන්න දීර්ඝ කාලයක් යනවා. හරිම දුර්ලභ පැළයක්. විඩාව මග හරවන පාන වර්ග වලටත් රුධිර පීඩනය, උදර රෝග සහ පිළිකාව යන රෝගවලට ඖෂධ හදන්නත් මෙය පාවිච්චි කරනවා. Dendrobium වලට පුළුවන් රුධිර සංසරණය ක්‍රමවත් කර, රුධිර වාහිනි පුළුල් කර රුධිර සංසරණය පහසු කරවන්නටත්, රුධිර කැටිති නාළවල හිරවී නහර පුපුරා යැම වළක්‌වන්නටත්, වයස් ගතවන සෛල යළි පිළිසකර කරන්නටත් Dendrobium වලට පුළුවන්. ප්‍රශ්නය - Dendrobium වලට අමතරව අලිගැටපේර තෙල් මෙම ඖෂධයේ තිබෙනවා එහි විශේෂත්වය කුමක්‌ද? වෛද්‍ය රේණුකා ද අල්විස් - මෙය ඉතාම පෝෂ්‍යදායක තෙල් වර්ගයක්. ශරීරයට අහිතකර මේද වර්ග අඩුවෙන්ම තිබෙන තෙල් වර්ගයක් ලෙස අලි ගැටපේර තෙල් හඳුන්වන්නට පුළුවන්. වැදගත්ම දෙය තමයි මෙහි තිබෙන Beta Sitosterol නමැති සංඝටකය. පිළිකාව නැති කරන්න මේ සංඝටකය ට පුළුවන්. මෙහි ස්‌වභාවය හරියටම කොලෙස්‌ටරෝල් වගෙයි. එහෙත් ක්‍රියාකාරිත්වය ඊට වඩා වෙනස්. ශරීරයේ තියෙන කොලෙස්‌ටරෝල් මට්ටම අඩු කරන්නට Beta Sitosterol වලට පුළුවන්. එයට අමතරව පුරස්‌ථික ග්‍රන්ථි ඉදිමීමේ රෝගයට ලක්‌ව සිටින අයටත් සහනය දෙන්න මේ සංඝටකයට පුළුවන්. මාගරින්, දොඩම් යුෂ සහ යෝගට්‌වලත් Beta Sitosterol තිබෙනවා. ප්‍රශ්නය - පුරස්‌ථික ග්‍රන්ථි පිළිකාව මර්දනය කරන්නටත් මේ සංඝටකය ට පුළුවන්ද? වෛද්‍ය රේණුකා ද අල්විස් - වසර 2005 දීම පුරස්‌ථික ග්‍රන්ථි පිළිකාව සුව කිරීමේ ප්‍රමුඛ සංඝටකයක් ලෙස යොදා ගැනීම සිදු වුණා. ලබන සතියේ තව කොටසක් උකුල් ඇටය දිරායැම කොඳු ඇට පෙළට බලපාන හැටි වෛද්‍ය එම්. ඒ. මදනායක - කොඳුඇට පෙළේ හටගත් අධික සහ නොනවතින වේදනාවක් ගැන සොයා බැලීමේදී එය හටගැනීමට හේතුව උකුල් ඇටය දිරා යැම බව හෙළිවීමේ කතාවක් අද මා ඔබට කියනවා. ප්‍රශ්නය - මේ සිද්ධියට මුහුණ දුන්නේ කවුද? වෛද්‍ය එම්. ඒ. මදනායක - ඒ රෝගියා කාන්තාවක්. ඇගේ වයස අවුරුදු 44 යි. වෘත්තියෙන් ඇය ග්‍රාම නිලධාරිනියක්. අවුරුදු තිස් පහේදී විතර ඇගේ කොන්ද රිදෙන්න පටන් ගත්තා. ඇය ඒ සඳහා මුලින්ම කළේ බාම් වර්ගයන් ගා කොන්ද සම්බාහනය කර ගැනීමයි. ඉන් පසු වේදනා නාශක කිහිපයක් පානය කර තිබුණා. තාවකාලිකව ලෙඩේ සුව වුණා. ඊළඟ දවසේ එය යළි මතු වුණා. මෙහිදී තවදුරටත් බාම් වලින් වැඩක් වුණේ නැහැ. නමුත් වේදනා නාශක පෙති මගින් මද සහනයක් ලැබුණා. ඊළඟ දවසේ වේදනාව ඇති වුණාම ඇය වෛද්‍යවරයෙක් ළඟට ගියා. ඔහු එන්නතක් සහ වේදනානාශක පෙති ඇයට දී කිව්වා සතියක් තුළ සුවයක් ලැබුණේ නැත්නම් කොඳුඇට පෙළේ "X" කිරණ ඡායාරූපයක් රැගෙන ඔහු වෙත එන්න කියලා. ප්‍රතිකාර වලින් දින දෙක තුනකට පසු යළි වේදනාව පටන් ගැනීම නිසා ඇය කොඳු ඇට පෙළේ "X" කිරණ ඡායාරූපයක් රැගෙන වෛද්‍යවරයා හමුවුණා. ඔහුගේ අදහස වූයේ ඇගේ කොඳු ඇටවල කිසිදු ආබාධයක් නැති බවයි. කොහොම වුණත් තවත් මාසයක් සඳහා වෛද්‍යවරයා බෙහෙත් වට්‌ටෝරුවක් ඇයට නියම කළා. ඒවායේ තිබුණේ වේදනානාශක පෙති සහ ගැස්‌ට්‍රයිටීස් රෝගය වළක්‌වන පෙති විතරයි. වේදනා නාශක පෙති ගත්තාම උදරයේ ආම්ලික ස්‌වභාවය වැඩි වෙනවා. එය සමනය කිරීම සඳහා පෙති ගත යුතුයි. එහෙත් දීර්ඝ වශයෙන් පෙති ගැනීම විශාල සෞඛ්‍ය අවදානමක් ඇති කරනවා. එය වකුගඩු නරක් වීමට ප්‍රධාන හේතුවක් වෙනවා. කොහොම වුණත් ඇය මා ළඟට එන විට ඇවිද ගන්නවත් පුළුවන් තත්ත්වයක නොවෙයි ඇය සිටියේ. ප්‍රශ්නය - ඉන්පසු ඔබ ඇය පරීක්‍ෂා කරනවා. වෛද්‍ය එම්. ඒ. මදනායක - මා ඇයගේ කොඳු ඇට පෙළ පරීක්‍ෂා කළා. අප ඒ සඳහා වෛද්‍ය උපකරණයක් හෝ "X" කිරණ ඡායාරූපයක් යොදා ගත්තේ නැහැ. අතින්ම පුරුද්දලා තමයි බලන්නේ. ඒ පරීක්‍ෂණයේදී මට තේරුණා ඇගේ කොඳුඇටවල කිසිදු ආබාධයක් නැති බව. එහෙනම් ආබාධය තිබුණේ කොහේද? ඇගේ උකුල් ඇටයේ. එය දිරා ගොස් තිබුණා. එහි වේදනාව තමයි ඇයගේ කොඳුඇට පෙළ දිගේ ඉහළට ඇවිත් තිබුණේ. ප්‍රශ්නය - උකුල් ඇට දිරා යන්නේ ඇයි? වෛද්‍ය එම්. ඒ. මදනායක - කලකට පෙර බිම ඇද වැටීමකදී උකුල් ඇටය පුපුරා යැමෙන් පසු එතැනින් දිරා යැමක් පටන් ගන්නට ඉඩ තිබෙනවා. එහෙමත් නැතිනම් කැල්සියම් ඌනතාවක් හටගත් විටත් උකුල් ඇටය දිරනවා. උකුල් ඇටය දිරන විට එහි තිබෙන ඉතා සියුම් සිදුරු විශාල වෙන්නට පටන් ගන්නවා. එවිට උකුල් ඇටයේ සවිමත් භාවය දුර්වල වෙනවා. එවිට එහි බලපෑම නිසා කොඳු ඇට පෙළ රිදෙන්න පටන් ගන්නවා. නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836 සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ ලබන සතියේ තව කොටසක් රත්රන් මිශ්‍ර බෙහෙතින් සුදු කබර සනීප වන්නේ මෙහෙමයි ප්‍රශ්නය - පසුගිය සති කිහිපය තුළ ඔබ සමඟ අප කළ සාකච්ඡාවලදී හෙළි වූයේ සුදු කබර හෙවත් ලිගුකොඩර්ටා රෝගය සුව කළ හැකි බවයි. මේ රෝගය සුව කිරීම සඳහා රත්රන්වලින් ඔබ විශේෂ ඖෂධයක් නිපදවන බව හෙළිදරව් වුණා. මේ ඖෂධය සෑදීම සඳහා පුරා පැය 72 ක කාලයක් තුළ රත්රන්වල විෂ මැරීම කරන බවත් ඉන්පසු වෙනත් බෙහෙත් ද්‍රව්‍ය සමඟ විසමැරූ රත්රන් එකතු කර පුරා පැය 72 ක කාලයක් එක දිගට අඹරන බවත් කියෑවුණා. අද අප ඔබෙන් විමසන්නේ ඒ ඖෂධය ක්‍රියාත්මක වීමෙන් පසු සුදු කබර සුවවීම පටන් ගන්නේ කොහොමද කියන කරුණයි. වෛද්‍ය එච්. ඒ. ඒ. හපුගස්‌පිටිය - සුදු කබර හටගන්නේ ඇයි? ඔබ දන්නවා කෙනකුගේ සමේ වර්ණය තීරණය වෙන්නේ සමේ තිබෙන මෙලනීන් ප්‍රමාණය අනුවයි. තවත් විදියකින් කියනවා නම් මෙලනීන් තමයි චර්ම වර්ණයේ තීරකයා. සුදුකබර හටගන්නවා කියන්නේ සමේ මෙලනීන් වර්ණකය අඩුවීමයි. එහෙනම් සුදු කබර සුවපත් කරනවා කියන්නේ සමේ මෙලනීන් වර්ණකය යථා තත්ත්වයට පත් කිරීමයි. මේ සඳහා ශරීරය තුළදී රත්රන් යන සංඝටකය ඉතා විශාල වැඩ කොටසක් කරනවා. අප ශරීරය තුළට රත්රන් යවන්නේ තනිවම නොවෙයි. අරළු, බුළු, නෙල්ලි හෙවත් ත්‍රිපලා ඇතුළු තවත් ඖෂධ රැසක් සමඟයි. ත්‍රිපලාවලින් සමස්‌ත ශරීරයම ශෝධනය වෙනවා. ඒ කියන්නේ ශරීරයේ තිබෙන විෂ සහිත දේවල් මූලික වශයෙන් ඉවත් කර දෙනවා. ඊළඟට එන්නේ රත්රන්. ඔබ දන්නවා ශරීරයේ මෙලනීන් අඩු වෙන්නේ රුධිරයේ තිබෙන දොaෂ සහගත තත්ත්වයන් නිසා බව. අප අනුගමනය කරන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයට අනුව විෂ නසපු රත්රන් ප්‍රමුඛ ඉතිරි ඖෂධවලට (ත්‍රිපලා හැරුණු විට) පුළුවන් රුධිරයේ දොaෂ සහගත තත්ත්වය සමනය කරන්න. එතැන් පටන් සම මත මෙලනීන් සංයුතිය නැවත වරක් වර්ධනය වීමට පටන් ගන්නවා. ප්‍රශ්නය - සුදු කබර සුව වීම ක්‍රමානුකූලව දැකගත හැකිද? වෛද්‍ය එච්. ඒ. ඒ. හපුගස්‌පිටිය - දැනගත හැකියි. එය ක්‍රම කිහිපයකට සිදුවෙනවා. ඖෂධ දිගටම පාවිච්චි කර මාසයක් පමණ ගතවන විට සුදු කබර පැල්ලම් මැද දුඹුරු පැහැති ලප හට ගන්නවා. මේ ලප තමයි මෙලනීන්. මේවා ක්‍රමයෙන් වර්ධනය වෙනවා. ඊළඟට සුදු කබර පැල්ලම මෙලනීන්වලින් සම්පූර්ණයෙන්ම වැසී යනවා. ඒ එක ක්‍රමයක්. දෙවැනි ක්‍රමය තමයි සුදු කබර ලප ක්‍රමයෙන් කුඩා වීම. ඒ කියන්නේ සුදු කබර පැල්ලම වටා තිබෙන සීමාව ක්‍රමයෙන් කුඩා වීමට පටන් ගන්නවා. දිගින් දිගටම එම කුඩා වීම සිදුවෙලා පැල්ලම සම්පූර්ණයෙන්ම වැසී යනවා. මේ අනුව මාස තුනකට අඩු කාලයක් තුළ රෝගියා සුව වීමට පටන් ගෙන ඔහුටම හෝ ඇයටම එය දැක ගැනීමට පුළුවන් වෙනවා. ලබන සතියේ තව කොටසක් හෘද රෝග නසන ඒකාවේරිය ප්‍රශ්නය - හෘද රෝගීන්ට බතලවලින් ලැබෙන ගුණය ගැන පසුගිය සතියේ අප ඔබ සමග කතා කළා. එවැනි ගුණදායක වෙනත් ආහාර මොනවාද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - දොඩම් හොඳ ආහාරයක්. ඒවයින් රුධිර පීඩනය අඩුවී කොලෙස්‌ටරෝල් පාලනය වෙනවා. බොකුටු ගෝවා හෙවත් ණ්‌කැ නමැති එළවළුවත් හෘද රෝගවලට සුදුසුයි. සුදුලූනු මගින් රුධිර පීඩනය අඩුවී හදවතේ නහරවල බැඳී තිබෙන කැල්සියම් තට්‌ටු ඉවත් කෙරෙනවා. රට කොට්‌ටම් ඇටත් ඉතාම ගුණයි. ඒ වගේම ලංකා මුහුදේ තිබෙන බලමාළුත් සුදුසුයි. බලමාළුවල ඔමේගා 3 තෙල් වර්ගය තිබෙනවා. මෙය හදවතට ඉතාම ගුණදායක තෙල් වර්ගයක්. ප්‍රශ්නය - හෘද රෝගීන්ට අගුණ ආහාර මොනවාද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - බැදපු කුකුළු මස්, බැදපු සොසේජස්, ඌරුමස්, හරක් මස්, පූර්ණ යොදය සහිත කිරි ඉතාම නරකයි. ඔබේ බරින් කිලෝ 10 -20 අතර ප්‍රමාණයක් අඩු කළහැකි නම්, දිනකට වතුර ලීටර් 2-2.5 ප්‍රමාණයක් බීමට හැකිනම්, කෝපි වෙනුවට තේ බොන්නට හැකි නම් විටමින් E ගත හැකි නම් එය ඉතාම සුදුසුයි. දවසකට බිත්තරයක් අනුභව කිරීම එතරම් අගුණ නැහැ. බිත්තරවල ශරීරයට අනවශ්‍ය ප්‍රොaටීන වගේම Omeg a - 3 වර්ගයේ හිතකර මේදය තිබෙනවා. හදවත් රෝගීන්ට කෙසෙල් ගෙඩිත් ඉතාම ගුණදායකයි. මෙහි පොටෑසියම් බහුලයි. පොටෑසියම් වැඩිපුර අනුභව කරන අයට හදවත් රෝග වැළඳෙන්නේ ඉතාම අඩුවෙන්. ප්‍රශ්නය - හෘද රෝග සඳහා ඖෂධ වශයෙන් ගත හැකි ශාක වර්ග මොනවාද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඒකාවේරිය නමැති ඖෂධීය ශාකය හදවත සඳහා වූ බෙහෙත් සෑදීමට ගන්නා ඉතා උසස් ආයුර්වේද පැළෑටියක්. මේ පැළෑටිය මගින් සාදන ඖෂධ යොදාගෙන අධික රුධිර පීඩනය මර්දනය කරන ඖෂධ ක්‍රි. පූ. 600 දී පවා සාදන ලද බව සුශ්‍රැත සංහිතා නමැති විශිෂ්ට ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථයේ සඳහන් වෙනවා. හෘද පේෂීන්වල චලනය දුර්වල වූ විට, මේ මගින් සාදන ලද ඖෂධවලින් රෝගියා සුවපත් වූ ආකාරය දැක්‌වෙන සායනික වාර්තා තිබෙනවා. ඒ වගේම රසායනික ඖෂධ මගින් ශරීරයට සිදුවන විෂ නැසීම සඳහාත් ඒකාවේරිය ඖෂධයක් ලෙස යොදා ගන්නවා. ලබන සතියට නොමිලේ විස්‌තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව 0 chamaramindMost Senior MemberPosts:13471 21 Apr 2018 07:24 PM මාංශපේශි දියවීමේ රෝග 8 වර්ගයක් තිබෙනවා ප්‍රශ්නය - Muscular Dystrophy හෙවත් මාංශෂෝශ නමැති රෝගය ගැන පසුගිය සතියේ අප සාකච්ඡා කළා. මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිසිංහ - අද අප ලිපිය පටන් ගන්නේ මාංශෂෝශ රෝගය ගැන ක්‍ෂණිකව ඔබ දැනුවත් කරන බටහිර විද්‍යාත්මක කාරණා කිහිපයක් මගින්. 1. Muscular Dystrophy කියන්නෙ මාංශ පේෂීන් ක්‍ෂය වීමේ ශාරීරික තත්ත්වයක්. 2. Duchenne Muscular Dystrophy කියන රෝගය තමයි මාංශෂෝශ රෝග අතර වැඩිපුරම තිබෙන රෝගය. 3. Dystrophy කියා ප්‍රොaටීන වර්ගයක් තිබෙනවා. මාංශෂෝශ රෝගය හටගත්තේ ඒ ප්‍රොaටීනය මුල් කරගෙනයි. 4. මේ රෝගය සුවපත් කිරීම සඳහා ජානමය ප්‍රතිකාර කළ හැකිද කියන කාරණය ගැන දැනට පර්යේෂණ පැවැත්වෙනවා. ප්‍රශ්නය - මෙහි රෝග ලක්ෂණ මොනවාද? වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - මෙහි රෝග ලක්‍ෂණ අවස්‌ථා දෙකකට බෙදිය හැකියි. පළමු අවස්‌ථාවේදී කකුල් බකල වීම, මාංශපේශි හිරවී වේදනා ඇතිවීම, දුවන පනින විට ශාරීරික අසීරුතා ඇතිවීම, පා ඇඟිලිවලින් ඇවිදීමට සිදුවන ලෙස යටිපතුල් වේදනා දීම, හිඳ ගැනීමට හෝ සිට ගැනීමට අපහසු වීම, කථන දුර්වලතා සහ නිතර පය පැකිලී බිම ඇද වැටීම යන තත්ත්වයන්a හට ගන්නවා. රෝගයේ දෙවැනි අවස්‌ථාවේදී ඇවිද ගැනීමට බැරිවීම, මාංශපේශිවල අධික තද ගතියක් ඇතිවී ශරීරයේ චලනයන් නිසි පරිදි කර ගැනීමට බැරි වීම, හුස්‌ම ගැනීමට අපහසු වීම, ශරීරයේ මාංශපේෂි දුර්වල වීම නිසා කුදු ගතියක් ඇතිවීම, හෘදයෙහි මාංශපේෂි දුර්වල වීම නිසා හෘද රෝග ඇතිවීම, ආහාර ගිලීමට බැරි වීම යන තත්ත්වයත් ඇති වෙනවා. ප්‍රශ්නය - ඔබ පළමුවැනි ප්‍රශ්නයට උත්තර දුන් ආකාරයෙන් අපට වැටහුණා Muscular Dystrophy වර්ග කිහිපයක් තිබෙන බව... මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - වර්ග 8 ක් තිබෙන බව නවීන විද්‍යාවේදීන් කියනවා. ප්‍රශ්නය - මොනවද ඒ වර්ග මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - පළමුවැනි වර්ගය තමයි Duchenne Muscular Dystrophy රෝගය. මෙය වැඩිපුර හටගන්නේ පිරිමි දරුවන්ට. ගැහැනු දරුවන්ට මෙය වැළඳෙන්නේ ඉතාම කලාතුරකින්. එහෙත් රෝග වැළඳීමේ මූල ධාතුව ගැහැනු ළමුන් තුළ තිබෙන්නට පුළුවන්. ඒ මගින් එම රෝගය ඔවුනගේ දරුවන්ට වැළඳෙන්ට පුළුවන්. නොමිලේ විස්‌තර 011-5289248/077 7620948 ලබන සතියේ තව කොටසක් සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත 0 indika76Most Senior MemberPosts:10459 21 Apr 2018 09:00 PM රෝගවල නම් කියවන විටත් කලන්තේ වගේ... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Apr 2018 05:02 AM 0 chamaramindMost Senior MemberPosts:13471 22 Apr 2018 05:03 AM 0 You are not authorized to post a reply. Page 115 of 137 << < 113114115116117 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner