You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 114 of 137 << < 112113114115116 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Apr 2018 05:24 PM

අසාත්මිකතාවෙන් වැළකෙන්න අගුණ දෙයින් ඈත් වෙන්න

ලෝකයේ සෑම රටකම අසාත්මිකතාවන්හි වැඩි වීමක් දක්නට ලැබේ. අනෙකුත් රෝග තත්ත්වයන්ට සපේක්ෂව අසාත්මිකතාවය (Allergy) සාමාන්‍ය සුළු ආබාධයක් සේ පෙනුණ ද ඇතැම් අවස්ථාවල දී තත්ත්වය දරුණු වීමට ද පුළුවන. එවැනි අවස්ථාවල නිසි පරිදි වෛද්‍ය උපදෙස් අනුගමනය නොකර හිතුමතයට තීරණ ගැනීමෙන් ජීවිත අවදානමකට ලක් විය හැකි ය. ආසාත්මිකතාවන් ඇති විය හැකි ද්‍රව්‍යවලින් කුඩා කාලයේ සිටම ඈත් වී සිටීමෙන් ආසාත්මිකතාවන් නිසා ඇතිවන රෝග බොහෝමයක් වළක්වා ගැනීමට පුළුවන. විටෙක අප නොසිතන ආකාරයට යම් කිසි ද්‍රව්‍යකට ශරීරයෙන් මතුවන ප්‍රතික්‍රියාව හේතුවෙන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට සිදු වීම වළක්වා ගැනීමට ද නොහැකි වේ. අසාත්මිකතාවය යනුවෙන් හඳුන්වනු ලබන්නේ කුමක් ද?,ආසාත්මිකතාවක් ඇති වී තිබෙනවා යන්න හඳුනා ගන්නේ කෙලෙස ද? සහ ආසාත්මික ක්‍රියාවලිය සිදු වීමට ගත වන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට වෙනස් විය හැකි ද? යනාදී කරුණු පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ.වී.සී ජානක මහතා දැක්වූ අදහස් මෙසේ ය.

අසාත්මිකතාවය යනුවෙන් හඳුන්වනු ලබන්නේ කුමක් ද?

ආසාත්මිකතාවය යනු යම් කිසි ද්‍රව්‍යකට ශරීරයෙන් මතුවන ප්‍රතික්‍රියාව වේ.එම ප්‍රතික්‍රියාව ක්ෂණිකව හෝ කල්ගත වන ( Chronic ) ක්‍රියාවක් විය හැක. එමෙන්ම මෙම ප්‍රතික්‍රියාව ශරීරයේ එක කොටසකට සීමා විය හැකි අතර ( Local Reaction ) වීම හෝ ඇතැම් අවස්ථාවල මුළු ශරීරයටම බලපාන ප්‍රතික්‍රියාවක් විය හැක.

සාමාන්‍යයෙන් අසාත්මිකතාවයක දී හිස්ටැමීන් නමැති රසායන ද්‍රව්‍ය මූලික වේ. ඊට අමතරව විවිධ සෛල වර්ග හා වෙනත් රසායන ද්‍රව්‍ය ද මෙම ක්‍රියාවලියට එක් වේ.

ආසාත්මිකතාවක් ඇති වී තිබෙනවා යන්න හඳුනා ගන්නේ කෙලෙස ද?

දළඹුවෙකු ගෑවුණු විට ඇති වන ක්‍රියාවලිය වැනි දෙයක් අසාත්මිකතාවයකට හොඳම උදාහරණයයි.එවිට එම ප්‍රදේශයේ ඉදිමීම, රතු පැහැ ගැන්වීම,උෂෟණත්වය වැඩි වීම සහ කැසීම වැනි රෝග ලක්ෂණ ඇති වේ.මේවා ආසාත්මිකතාවයේ ප්‍රධාන ලක්ෂණ වේ.

මල් වර්ග,කොළ වර්ග,විවිධ සතුන් සහ ආලේපවලට මෙවැනි ප්‍රතික්‍රියා සිදු විය හැකි ය. මෙම ආසාත්මිකතාවයන් ශරීරයේ එක කොටසකට සීමා වේ.නමුත් ප්‍රතික්‍රියාව ඉතා විශාල නම් එය මුළු ශරීරයටම බලපා හැකි ය.එහිදී ශරීරයේ රුධිර වාහිනී විස්තාරය වීම නිසා ( Vaso Dialation) රුධිර පීඩනය අඩු වීම විය හැක.එවිට කලන්තය හෝ කම්පනය( Shock ) වැනි තත්ත්වයන් ඇති විය හැකි ය.එමෙන් ම ස්වසන මාර්ගයේ බිත්තිවල ඇතිවන ඉදිමුම නිසා හුස්ම ගැනීම අපහසු වීම,ඇඳුම වැනි තත්ත්වයන් ඇති විය හැකි ය.

ශ්වසන අවහිරතාවය හෝ රුධිර පීඩනය අඩු වීම නිසා පුද්ගලයෙකු මිය යෑමට ද පුළුවන.

ආසාත්මික ක්‍රියාවලිය සිදු වීමට ගත වන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට වෙනස් විය හැකි ද?

අසාත්මික ක්‍රියාවලිය සිදු වීමට ගත වන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට වෙනස් විය හැකි ය.සමහර අවස්ථාවල විනාඩි කිහිපයක දී ප්‍රතික්‍රියාව සිදු වී පුද්ගලයා මිය යෑමට පුළුවන.සමහර විට මෙම ප්‍රතික්‍රියාව දින කිහිපයක් තිස්සේ වර්ධනය විය හැක. ආහාර හෝ ඖෂධ නිසා ඇති වන ප්‍රති ක්‍රියාවන් සාමාන්‍යයෙන් මුළු ශරීරයටම බලපානු ලබයි.එහි දී ඇතිවන පලු ( සමෙහි ඉදිමීම),කැසීම යන රෝග ලක්ෂණ දින ගණනාවක් පැවතිය හැක.

අසාත්මිකතාවය ඇති විය හැකි ද්‍රව්‍ය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක. උදාහරණයක් ලෙස පෙනිසිලීන් අසාත්මිකතාවය ඇත්තේ සමහර පුද්ගලයන්ට පමණි.එමෙන්ම බොහෝ දෙනෙකුට ආසාත්මික නොවන දෙයක්, තවත් කෙනෙකුට ආසාත්මික විය හැක.උදාහරණයක් වශයෙන් පැරසිටමෝල් ඖෂධය දැක්වීමට පුළුවන.

ඔබ යම් කිසි ද්‍රව්‍යකට ආසාත්මිකතාවක් ඇති බව දැන ගත හොත් මුළු ජීවිත කාලයේදීම එයින් වැළකිය සිටිය යුතු ය.

ආසාත්මිකතාවයේ ඇති වන රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කළ හැකි නමුත් , ආසාත්මිකතාවය ඇති වීම වැළැක්විය නොහැක.

ආසාත්මිකතාවක් ඇති වීමට හේතු මොනවා ද?

ආසාත්මිකතාවයක් තිබීමට බලපාන්නේ එක් එක් පුද්ගලයාගේ ජාන සංයුතියයි.එම නිසා යම් කිසි පුද්ගයකු යම් දෙයකට ආසාත්මිකවේදැයි, එසේත් නැත්නම් ආසාත්මික නොවේදැයි කලින් හඳුනා ගත නොහැකි ය . එමෙන් ම එක් වරෙක සුළු ආසාත්මිකතාවක් ඇති වන දෙයකින් ඊළඟ අවස්ථාවේ දී මාරාන්තික තත්ත්වයක් ඇති විය හැකි ය.එම නිසා ආසාත්මිකතාවයකින් වැළකීමට හැකි එකම මාර්ගය,ආසාත්මිකතාවක් ඇති විය හැකි ද්‍රව්‍යවලින් ඈත් වී සිටීම ය.එමෙන් ම ආසාත්මිකතා ප්‍රතික්‍රියාව ඇති වීමට එම ද්‍රව්‍යයේ ප්‍රමාණය හෝ සාන්ද්‍රණය ආදාළ නොවේ.සමහර විට, ඇසට නෙපෙනෙන තරම් අංශු මාත්‍රාවක ප්‍රමාණයේ තරම් දෙයකින් මාරාන්තික ආසාත්මිකතාවයක් ඇති විය හැක.

අසාත්මිකතාවයන්වල දී සිදු කරන ප්‍රතිකාර මොනවා ද?

යම් කිසි ආසාත්මිකතාවයන්වල දී කළ යුතු පළමු දෙය වන්නේ එම ද්‍රව්‍යයෙන් ඈත් වීමයි.උදාහරණයක් වශයෙන් ආලේපනයක් නම් එය වහා සෝදා ඉවත් කළ යුතු ය.සුළු ආසාත්මිකතාවයක දී ඇන්ටි හිස්ටමීන් ඖෂධයන් (Promethazine,Cetrizine, Fexofenadine) වැනි ඖෂධ භාවිතා කළ හැකි ය.

හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ රුධිර පීඩනය අඩු වීම හෝ ශරීරය පුරා පලු ඇති වීම වැනි අවස්ථාවල දී බොහෝ විට රෝහල් ගත වී එන්නත් ලබා ගැනීමට සිදු විය හැකි ය.මෙහි දී Adrenaline ඖෂධය , ජීවිත ආරක්ෂීත ඖෂධයකි.විටින් විට , දරුණු ආසාත්මිකතාවන් ඇති වන පුද්ගලයෙකු මෙම ඖෂධය අඩංගු එන්නත් පෑනක් සෑම විටම තමා සන්තකයේ තබා ගත යුතු ය.

අසාත්මිකතා බහුලවම දක්නට ලැබෙන හැකි ආහාර වර්ග මොනවා ද?

අන්නාසි, තක්කාලි,ඉස්සෝ, දැල්ලෝ , සහ විවිධ මාළු වර්ග ආසාත්මිකතාවයන් බහුලවම ඇති විය හැකි ආහාර ලෙස දැක්වීමට පුළුවන.නමුත් මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

ආසාත්මිකතා බහුලවම දක්නට ලැබෙන ඖෂධ වර්ග මොනවා ද?

වේදනා නාශක සහ ප්‍රතිජීවක ඖෂධ වර්ග සහ ඩයි වර්ග ප්‍රධාන වශයෙන් ම ආසාත්මිකතා බහුලවම දක්නට ලැබෙන ඖෂධ වර්ග ලෙස හැඳින්විය හැකි ය.

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Apr 2018 05:38 PM

මත්පැන් සහ සැකය

සැකය අපි කාටත් ඇති විය හැකි අවිශ්වාසයකි. සාමාන්‍යයෙන් එය රෝගයක් නොවේ. අපි හිතමු Tuition යන ඔබේ දරුවා හවස 6ට ගෙදර එන්න තියෙන්නේ. ඒත් එනවිට හවස 8 වෙනවා. මවුපියන් වන ඔබට සැකය සහ බය යන මේ දෙකම ඇති වෙනවා. අපි හිතමු ඔබේ ස්වාමිපුරුෂයා සාමාන්‍යයෙන් වැඩ ඇරිලා ගෙදර එන්නේ හවස හයට කියලා. නමුත් ඔහු රෑ 8ට ගෙදර ආවොත් ඔබට සැකයක් ඇති වෙන්න පුළුවන්. පොඩි බහින්බස් වීමක් ඇති වෙන්නත් පුළුවන්. නමුත් ඒක වැඩි දුර යන්නේ නෑ. සාමාන්‍ය දෙයක්. නමුත් දිගින් දිගටම හේතු රහිතවත් කේන්ති යන, සැකයෙන් බලන්න යොමුවනවානම් ඒක රෝගයක් හැටියට හඳුනාගන්න පුළුවන්.

සැකය සමහර මානසික රෝගවල ලක්ෂණයක් විදියට ඇති වෙන්නත් පුළුවන්. භින්නෝන්මාදය ද්වී ධ්‍රැව රෝගය සමහර පෞරුෂ භින්නතා මීට හොඳම උදාහරණයයි. 

දිගටම මත්පැන් ගන්න පුද්ගලයකුට සැකය ඇති වෙන්න පුළුවන්. ඒත් මේ සැකයට හරිම හේතුව සොයාගෙන නෑ. වෛද්‍ය විශේෂඥයන් කරන ලද එක් සමීක්ෂණයකදී පෙනී ගොස් ඇත්තේ මත්පැනට ඇබ්බැහි වූ දෙසිය හත්දෙනකුගෙන් 71 දෙනකුම දරුණු ලෙස සැකය නැමති මානසික රෝගී තත්ත්වයට ගොදුරු වී ඇති බවයි. දිගටම මත්පැන් ගන්න කෙනකුට ලිංගික දුබලතා ඇති වෙන්න පුළුවන්. ලිංගික ශක්තිය ඇති කරන ටෙස්ටස්ටරෝන් නැමති හෝමෝනය ශරීරය තුළ නිපදවීම අඩු වෙන්න පුළුවන් කියලා විශේෂඥයන් කියනවා. සමහරවිට ලිංගික ශක්තිය අඩු වුණාම තම සහකාරිය වෙත සැකය ලෙස එය ප්‍රකාශ වෙන්නත් පුළුවන්. කාලයක් මත්පැන් ගන්න කෙනෙකුගේ අක්මාව තුළ ලිපිඩ තැම්පත් වී ක්‍රමයෙන් අක්‍රීයභාවයට යන්න පුළුවන්. අක්මාව දුර්වල වූවිට අප ශරීරයේ වැඩිපුර නිපදවන ඊස්ට්‍රජන් නැමති හෝමෝනය නිසි ලෙස බහිස්‍රාවය වීමක් සිදු වන්නෙත් නෑ. එවිට ඊස්ට්‍රජන් හෝමෝනය වැඩිපුර ශරීරය තුළ එකතු වීමට බලනවා. ඊස්ට්‍රජන් වැඩිපුර එකතු වනවිට පුරැෂ ලිංගික ශක්තිය ද අඩු වෙනවා. මෙසේ ලිංගික ශක්තිය දෙස සැකෙන් බලන්න සමහරු පෙළඹෙනවා. අපි කුමුදුගේ කථාව බලමු.

කුමුදු පේරාදෙණිය සරසවියෙන් කලා උපාධියක් අරගෙන ගුරුවරියක් ලෙස කුරුණෑගල ප්‍රදේශයේ පාසලක සේවය කරනවා. ඇයට ජීවන්ත හමුවෙන්නේ යාළුවකු‍ගේ මඟුල් ගෙදරකදී. ජීවන්ත පෞද්ගලික ආයතනය විධායක නිලධාරියකු ලෙස සේවය කරනවා. කුමුදු ජීවන්ත සමග විවාහ වන්නේ අවු.2ක ආදර සම්බන්ධතාවයකින් පසුවයි. ඒත් අද අපට කුමුදු හමුවන්නේ තම ජීවිතය එපා වෙලා ජීවිතය නැති කරගන්න උත්සාහ කර ප්‍රතිකාරවලින් ජීවිතය බේරී රෝහල්ගතව සිටිනවිටයි. කුමුදු ඇගේ කථාව මෙසේ කීවා.

මගේ සැමියා දැන් හැමදාම බොනවා. බීලා ඇවිත් මා සමඟ රණ්ඩු වෙනවා. ඔහු රණ්ඩු වෙන්නේ මාව සැක කරලා. නිතරම කියන්නේ මට හොර මිනිහෙක් ඉන්නවා කියලා. මේ ළඟදි ගෙදර ලොකු ප්‍රශ්නයක් වුණා. මම teacher කෙනෙක්. ඔහු මගේ පාසලේ දරුවෙක්. ඔහුගේ වයස අවු.15යි. අපේ අසල්වැසියෙක්. මේ දරුවා මගෙන් ගණන් වගයක් අහගන්න ගෙදර ආවා. එදා කොහොමහරි මගේ husband ගෙදර හිටියා. ඔහු මේ දරුවව සම්බන්ධ කරගෙන මා ගැන ලොකු සැකයක් ඇතිකරගත්තා. ඔහු මටයි දරුවටයි දෙන්නටම ගැහුවා. මේ සිද්ධිය දැන් ගමෙත් පැතිරිලා. මම උගන්වන පාසලේ විදුහල්පතිත් මාව ගෙන්නලා මගෙන් මේ ගැන ඇහුවා. මට හරිම ලජ්ජයි. සමාජයට මූණ දෙන්නත් හරිම අමාරුයි.

ඔබට යාළුවෝ නැද්ද?

මම campus යන කාලෙත් ඉස්කෝලේ යන කාලෙත් හුඟක් යාළුවෝ හිටියා. ඒත් දැන් එකම යාළුවෙක්වත් නෑ. මගේ සැමියා මට කිසි කෙනෙක් ආශ්‍රය කරන්න දෙන්නෑ. කොටින්ම කියනවනම් මගේ අම්මා, තාත්තා බලන්නවත් මට තනියෙන් යන්න දෙන්නේ නැහැ. ඔහු සමඟ ගමනක් යනවිට මම යන්නේ බිම බලාගෙන. වැරදිලාවත් පිරිමියෙක් දිහාවත් බැලුනොත් එදාට මට හොඳටම ගුටි කන්න වෙනවා. 

ඔබ phone එකක් පාවිච්චි කරනවද?

නැහැ. මගේ ළඟ phone එකක් නැහැ. Phone 4ක්ම ඔහු පොළොවේ ගහලා කුඩු කළා. Phone එකක් තිබුණොත් ඔහුට සැකය වැඩියි. Phone එකක් නැතුව ඉන්න එක ඇඟට ගුණයි.

ඔබ සැමියා සමඟ ලිංගිකව එකතු වෙනවද?

දැන් හුඟක් අඩුයි. ඔහුගේ සැකය නිසාම මට දැන් ඔහුව අප්‍රසන්න වෙලා. කොහොමත් මට දැන් ලිංගික ආශාවක් දැනෙන්නෑ. ජීවිතය කලකිරිලා. එපා වෙලා. ඉස්සර වගේ දැන් මට වැඩ කරන්න හිතෙන්නෑ. ඇඟට පණ නෑ. ජීවිතය නැති වුණානම් හොඳයි කියලා හිතෙනවා.

මේ කතාව අධ්‍යනය කිරීමේදී කුමුදු දැඩි මානසික අවපීඩනය හෙවත් විශාදියට ගොදුරු වී ඇති බව පේනවා. මීට හේතුව ඇගේ සැමියාගේ දැඩි සැකයයි. ඇගේ සැමියා දිගටම මත්පැන් ගැනීම නිසා සැකය නැමති මානසික රෝගයට (Othello syndrome) ගොදුරු වී ඇති බව පේනවා. දෙදෙනාටම ප්‍රතිකාර පටන් ගත්තා. විශේෂයෙන්ම ජීවන්ත මත්පැන්වලින් එළියට ගැනීමට විෂානුහරණය නැමති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයට යොමු කරා. කුමුදුට මානසික අවපීඩනයට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර පටන් ගත්තා. ජීවන්ත සැකය මත්පැන් නිසා ඇති වන මානසික රෝගයක් බව ක්‍රමානුකූලව තේරැම් ගත්තා. මානසික අවපීඩනයට ප්‍රතිකාර ගැනීමත් සමඟ කුමුදුට  ජීවිතය පිළිබඳ ආශාව ඇති වුණා. දැන් ඔවුන් තම දරැවන් සමඟ සතුටින් කාලය ගෙවනවා.

නටන්න, සින්දු කියන්න, ජීවිතය විඳින්න මත්පැන් අවශ්‍ය දෙයක් කියලා අදහසක් අපේ සංස්කෘතිය තුළ තිබුණේ නෑ. අපේ රටට මත්පැන් ගෙනාවේ 1505දී පෘතුගීසීන්. 1658 ලන්දේසි එය තවත් ව්‍යාප්ත කළා. අපේ රටට ආපු සුද්දෝ (බ්‍රිතාන්‍ය ජාතිකයෝ) 1912දී රාවලට ලයිසන් දීලා මත්පැන් රටේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ජන අනුපාතය අනුව අපේ රටේ එක් අයෙක් බොන මත්පැන් ප්‍රමාණය 16.2L. ඔවුන් කියන්නේ හොර මත්පැන් හෙවත් කසිප්පු බොන ප්‍රමාණය අපේ රටේ පිරිමින්ගෙන් 55%ක් කියලා.

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Apr 2018 05:54 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Apr 2018 05:54 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Apr 2018 05:55 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Apr 2018 05:56 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Apr 2018 05:56 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Apr 2018 05:56 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Apr 2018 05:56 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Apr 2018 06:25 PM

ළදරුවන්ගේ මොළේ වර්ධනය අඩුවන්න හේතු

කුඩා දරුවකුගේ මොළයේ වර්ධනය ආරම්භ වන්නේ කළල අවස්ථාවේදීයි. උපත වනවිට සාමාන්‍ය දුරට වර්ධනය වන දරුවාගේ මොළය මුල් වසර පහ තුළ සීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඉන්පසුව දරුවාට වයස 10-12 පමණ වනතුරැම මොළය වර්ධනය වීම සාමාන්‍ය ක්‍රමවේදයයි. සාමාන්‍ය තත්ත්වය එසේ වුවත් ඇතැම් දරුවන්ගේ මොළයේ වර්ධනය පිළිබඳ ගැටලු පවතිනවා. මේවා මුල් අවස්ථාවන්වලදීම හඳුනාගැනීම තුළින් දරුවාගේ අනාගතය ඛේදවාචකයක් නොවීමෙන් වළක්වා ගැනීමට පුළුවන්. 

ඒ නිසා නිසි ලෙස මොළය වර්ධනය නොවීම සඳහා බලපාන හේතු සහ ඒ නිසා ඇතිවන ලක්ෂණ පිලිබඳ මූලික දැනුමක් ලබා තිබීම සෑම මවුපියෙකුටම අතිශය වැදගත්. 

මවගේ සෞඛ්‍ය තත්ත්වය

දරුවාගේ මොළයේ වර්ධන සිදුවන අවධියේදී කුඩා මොළයට හානි සිදු වුවහොත් වර්ධනය අඩාල විය හැකියි. ප්‍රධාන වශයෙන්ම කළල අවස්ථාවේදී මවට ඇතිවන අසනීප තත්ත්වයන් දරුවාගේ මොළයේ වර්ධනය අඩාල වීමට හේතු වෙනවා. විශේෂයෙන් වෛරස් ආසාදන නිසා එන පැපොල, හර්පීස්, සමේ පළු දැමීම මෙන්ම උණ රෝගය, මෙන්ම දියවැඩියාව හේතු කරගෙනත් මොළයේ වර්ධනය අඩාල විය හැකිය.

මව ලබාගන්නා ඖෂධ හේතුකරගෙනත් දරුවාගේ මොළයේ වර්ධනය අඩාලවන අවස්ථා දැකිය හැකියි. වලිප්පුව වැනි රෝග සඳහා ගන්නා ඖෂධ, දියවැඩියාව සඳහා ගන්නා ඖෂධ මෙලෙස දරැවාගේ වර්ධනය අඩාලවීමට බලපානවා. එසේම මවට යම් යම් අත්‍යවශ්‍ය විටමින් වර්ග හිඟවීම. එනම් උදාහරණ ලෙස ෆෝලික් අම්ලය හිඟවීම ද දරුවාගේ මොළයේ වර්ධනය අඩාල වීමට හේතුවක්.

දරුවා බිහිවන අවස්ථාව

ඒ හැරුණුවිට දරුවා බිහිවන අවස්ථාවේදී ඔක්සිජන් සැපයුම මදිවීම, දරුවාගේ හිස එළියට එනවිට යෝනී මාර්ගයේ දරුවා සිරවීම, ගෙල වටා පෙකණිවැල එතීම නිසා රුධිර ගමනාගමනය මන්දගාමී වීමෙන් මොළයට අවශ්‍ය ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුම අඩාලවීම, මළ හා මුත්‍රා පෙවීම ආදිය හේතු කරගෙනත් දරුවා ඉපදෙන අවස්ථාවේ දරැවාගේ මොළයට හානි සිදුවෙනවා.

දරුවා ඉපදීමෙන් පසුව ඇතිවන තත්ත්වයන්

දරුවා ඉපදුණ පසුවත් ඕනෑම අවස්ථාවකදී මොළයේ වර්ධනය අඩාල විය හැකියි. දරුවාගේ රැධිරය හරහා විසබීජ ඇතුළුවීමෙන් මොළයේ පටල ආශ්‍රිතව හටගන්නා මෙනින්ජයිටිස් සහ එන්කෙපලයිටිස් ඇතිවීමෙන් දරුවාගේ මොළයේ වර්ධනය අඩාල වනවා.

වැදීමක් හෝ වැටීමක් හේතු කරගෙන මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවීම ජානමය ගැටලු හෙවත් විශේෂයෙන් ලේ නෑයන් අතර සිදුවන විවාහය, තයිරොයිඩ් ඌනතාව වැනි හේතු මතද දරුවාගේ මොළයේ වර්ධනය අඩාල වන බව වෛද්‍ය මතයයි.
දරුවා උපදින මොහොතේ රෝස පැහැයෙන් යුතුව හඬමින් සිටිනවා නම් උපතේදී දරුවාට ගැටලුවක් ඇතිවී නැතැයි සිතිය හැකියි. නමුත් දරුවා නිල් පැහැයෙන් වගේම හඬන්නේ නැතිව ඉපදේ නම් දරුවාගේ මොළයේ වර්ධනය පිළිබඳ ගැටලුවක් පවතිනවා.

දරුවාගේ වයස අවුරුද්දක් පමණ වන විට..

මව හඳුනාගෙන සිනාසීම, හිස එසවීම, අවුරුද්දක් පමණ වනවිට ඇවිදීම, අවුරුද්දයි මාස 3ක් පමණ වනවිට තනි වචන කීම හොඳින් මොළයේ වර්දනය සිදුවූ දරුවකුගේ ලක්ෂණයි. ඔළුව කෙළින් කරගත නොහැකි වීම, ඔළුව දෙපසට වැනීම, වචන කතාකළ නොහැකිවීම ඇවිදීම පමාවීම ආදී ලක්ෂණ තිබේ නම් දරුවාගේ මොළයේ වර්ධනය පිළිබඳව ගැටලුවක් පවතින බව සිතිය හැකියි.

කථන පුහුණුව සහ ව්‍යායාම ක්‍රම මඟින් දරුවාට නිසි ප්‍රතිඵල ළඟාකර දිය හැකි බැවින් මෙවැනි අසාමාන්‍ය ලක්ෂණ ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න. එසේම සෑම ගර්භණී මවක්ම දරු ගැබේ ආරක්ෂාව ගැන සිතීම පිරිසුදු බව සහ ආරක්ෂිතව රෝහල් ගතවීම තුළින් නිරෝගී දරැවකු බිහිවීමට මඟ පාදනවා.
 
Child Care

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Apr 2018 06:44 PM

ලේ හිඟය මාරාන්තික ලෙඩක්!

ඇඟපතේ පණ නැතිකම, සුදුමැලිවීම, ඈලි මෑලි දුබල ගතිය වගේ අපහසුකාරී තත්ත්වයන් සඳහා අධික ලෙස වෙහෙස මහන්සි වී වැඩ කිරීම, මානසික පීඩනය ආදී බොහෝ කරුණු හේතු විය හැකියි. නමුත් ඒ සඳහා බලපාන ප්‍රබලම හේතුවක් ලෙස රක්තහීනතාවය හැඳින්විය හැකියි. සාමාන්‍ය කටවහරෙදී ලේ හිඟකම කියලා හඳුන්වන මේ තත්ත්වය එදිනෙදා ජිවිතය අවුල්කර දමන එසේම මාරාන්තික විය හැකි  රෝගයක්. අද අපි ඒ ගැන කතාබහ කරමු.

නිරෝගී පුරුෂයකුගේ රුධිරයේ තිබිය යුතු හිමොග්ලොබින් සාන්ද්‍රණ අගය ලෙස සැළකෙන්නේ ඩෙසි  ලීටරයක් තුළ ග්‍රෑම් 12ක (12g/dl – 14g/dl) අගයයි. එය නිරෝගී කාන්තාවකගේ නම් 11.5g/ dl – 13.5 g/ dl අගයක් ගත යුතුවනවා. මෙම අගයන්ට වඩා අඩු අගයකින් රුධිරයේ හිමොග්ලොබින් සාන්ද්‍රණය පවතී නම් එය රක්තහීනතාවය එසේත් නැතිනම් නීරක්තිය ලෙස හඳුන්වනවා. රුධිරයේ හිමොග්ලොබින් ඩෙසි ලීටරයට ග්‍රෑම් 5ට අඩු වූවිට මරණය පවා සිදු විය හැකියි.

නිතර ඇතිවන ක්ලාන්තය මෙන්ම ඇඟ සුදුමැලි ස්වභාවයක් ගැනීම සමඟම විඩාබර ගතියක් දැනෙනවා නම් ඊට හේතුව රක්තහීනතාවය විය හැකියි. අප ගන්නා ආහාරයෙහි යකඩ, විටමින් බී – 12 හෝ ෆෝලික් අම්ලය අඩුවීම රක්තහීනතාවයට බලපාන හේතු සාධක ලෙස දැක්විය හැකියි. එය විටමින හිඟය නිසා ඇතිවන රක්තහීනතාවයි. ඒ වගේම පිළිකාව, වකුගඩු හෝ  අක්මා ආබාධ, ඒඩ්ස්, දිරවීම් පද්ධතියේ රෝග ඇතුළු නිදන්ගත ආබාධ හේතුවෙනුත් ලේ හිඟ විය හැකිය. මෙම අවස්ථා 2කදීම රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීමක් සිදුවන නිසා රුධිර මඟින් පෙණහලුවල සිට සිරැරේ නොයෙක් පටක කරා ගෙන යන ඔක්සිජන් ප්‍රමාණය ද අඩුවී යනවා.

එම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා හිමොග්ලොබින් අඩු රුධිරය සිරුර පුරා වේගයෙන් ගෙන යාමට හෘදය වස්තුවට වේගයෙන් ගැහෙන්නට සිදු වෙනවා. සුළු වැඩක් පළක් කළ ද මහන්සි ගතියක් ඇතිවන්නේ ඒ නිසයි.

රක්තහීනතාව ඇතිවීමට බලපාන හේතු

රුධිරයේ ප්‍රමාණවත් තරම් රතු රුධිරාණු නිෂ්පාදනය නොවීම.

මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ රතු රුධිරාණු නිෂ්පාදනයට අවශ්‍ය වන පෝෂණ සංඝටක නොලැබීමයි. ඒ අතර යකඩ ඌණතාව, විටමින් බී 12 ඌණතාව හා ෆෝලික් ඇසිඩ් ඌණතාව ප්‍රධාන වෙනවා.

ඇට මිදුළු ආශ්‍රිත රෝග තත්වයන් 

මේ නිසාද රතු රුධිරාණු නිපදවීම අඩපණ වෙනවා. මෙයට ඇට මිදුළු ආශ්‍රිත පිළිකා තත්ත්වයන් මෙන්ම ඇට මිදුළු ක්‍රියාකාරිත්වය අඩපණ කරවන ඖෂධ වර්ග භාවිතය ද හේතු වන්නට පුළුවන්.

රතු රුධිර සෛල නිපදවීමට අවශ්‍ය හෝර්මෝන ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය නොවීම 

උදා: එරිත්‍රෝපොයෙටින් හොර්මනයේ ඌණතාවය. මෙය දිගුකාලීන වකුගඩු රෝග තත්ත්වයන් ඇති වීමටද හේතුවක් වනවා.

තයිරොයිඩ් ආබාධ

අර්ෂස් හා පණු රෝග. නිදන්ගත ආමාශ රෝග සහ බඩවැල් තුවාල

බාහිර රුධිර වහනයන් 

උදා : ඔසප් වීමේදී අධික ලෙස රුධිරය පිටවීම.

සිරුරේ අභ්‍යන්තරව ඇතිවෙන රුධිර වහනයන් 

මේවා පිටතින් හඳුනාගන්නට බැහැ. වෛද්‍ය පරීක්ෂණවලින් පමණයි හඳුනාගත හැකි වන්නේ.

රතු රුධිරානු හැඩය වෙනස් වීම (සික්ල්සෙල් හෙවත් දෑ කැති හැඩ රුධිර සෛල)

මෙහි ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඔබටත් ඇත්නම් එය කිසිසේත්ම නොසලකා හැරීම නොකළ යුතුයි. වහාම වෛද්‍යවරයකු හමුවී උපදෙස් ලබා ගත  යුතුයි. තදබල නිරක්තිය හෘදයාබාධ සඳහාත්, ජීවිත හානි සදහාත් හේතු විය හැකියි. 
       
  සුගත්

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Apr 2018 06:13 PM

whatප්‍රශ්නය - අද ඔබ සමඟ අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ Muscular Dystrophy රෝගය ගැනයි. මෙය මාංශ පේෂීන්ට අදාළ රෝගයක්‌ද?

මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - මෙය අස්‌ථි පඤ්ජරය සමඟ සම්බන්ධ මස්‌පිඩුවලට අදාළ රෝගයක්‌. නිශ්චිත කාලයක්‌ තුළදී මස්‌පිඩු දුර්වල වීම, විනාශයට පත්වීම මෙම රෝගයේ ලක්‍ෂණ ලෙස දැකගත හැකියි. මා දන්නා පරිදි මේ රෝගය සුවකළ හැකි එකම වෛද්‍ය ක්‍රමය ආයුර්වේදයයි.

ප්‍රශ්නය - මෙය මාරාන්තිකද?

මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - මේ රෝගය හැදුනම රෝගියා ක්‍රමයෙන් අකර්මණ්‍ය වීමට පටන් ගන්නවා. මේ රෝගය සමහර විට ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රීයන්ටත් බලපාන අවස්‌ථා තිබෙනවා. ඒ කියන්නේ මේ රෝගය වර්ග 9 ක්‌ තිබෙනවා. උප වර්ග 30 ක්‌ තිබෙනවා. ඒවායින් එක්‌ වර්ගයකින් තමයි ශරීරය අභ්‍යන්තර ඉන්ද්‍රීයන් දරුණුවටම විනාශ වෙන්නේ.

ප්‍රශ්නය - මෙය ආයුර්වේදයෙන් සුව කරන්න පුළුවන් බව ඔබ කියනවා...

මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - බටහිර විද්‍යාවේ කියන්නේ මෙය කළමනාකරණය කරගෙන හැකි කාලයක්‌ ජීවත් වනවා මිස සුවපත් කරන්නට බැරි බවයි. භෞත චිකිත්සාව ඇතැම් විට සිදු කළ යුතු සැත්කම් යනාදියෙන් රෝගය යම් ප්‍රමාණයකට කළමනාකරණය කරගත හැකි බවයි කියන්නේ. එහෙත් ආයුර්වේදයේ එන පරිදි මෙය සුවපත් කළ හැකියි.

ප්‍රශ්නය - ආයුර්වේදය මඟින් මෙය අර්ථකථනය කරන්නේ කොහොමද?

මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - ආයුර්වේදය මෙම රෝගය හැඳින්වන්නේ මාංශශෝෂ කියන නමින්. ආයුර්වේද අර්ථකථනයේ හැටියට මේ රෝගය හටගන්නේ වාත දොaෂය සප්ත ධාතුව (රස, රක්‌ත, මාංශ, මේධ, අස්‌ථි, මඡ්ජා, ශුක්‍ර) අසමතුලිත වීම නිසයි. ඒ අනුව මේ රෝගය සුවපත් කරන්නට නම් වාත දොaෂය සහ සප්ත ධාතුව සමතුලිත කළ යුතුයි. ආයුර්වේදයේ කියන පරිදි මෙසේ සමතුලිත කිරීමේදී මාංශය විනාශ කරන මාංශ ධාතු අග්නිය ශරීරය තුළ නැඟ එන්නට පටන් ගන්නවා.

ලබන සතියේ තව කොටසක්‌

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

what1

 

tomatoප්‍රශ්නය - පසුගිය සතියේ අප කතා කළේ කෝමාරිකා ශාකයේ තිබෙන පිළිකා නාශක ගුණය ගැනයි. මෙවැනි තවත් ශාක තිබෙනවාද?

වෛද්‍ය රේණුකා ද අල්විස්‌ - අප විසින් හඳුනාගනු ලැබ තිබෙන අලුත් පිළිකා නාශක ඖෂධය තුළ ශාක, සත්ත්ව සහ සාමුද්‍රිත ද්‍රව්‍ය 10 කින් ලබාගත් සංඝටක 10 ක්‌ තිබෙනවා. මේ වනවිට අප මැංගුස්‌ටින් සහ කෝමාරිකා යන ද්‍රව්‍යවල අඩංගු ඞ්බඑයදබැ නමැති පිළිකා නාශක සංඝටකය ගැන කතා කළා. අද මා ඔබට කියන්නේ තක්‌කාලිවල යහමින් තිබෙන Lycopene (ලයිකොපින්) නමැති පිළිකා නාශකය ගැනයි.

ප්‍රශ්නය - මේ සංඝටකය තිබෙන්නේ තක්‌කාලිවල විතරද?

වෛද්‍ය රේණුකා ද අල්විස්‌ - කැරට්‌, කොමඩු, ගස්‌ලබු යන පලතුරුවල මෙය තිබෙනවා. මෙය යහමින් තිබෙන්නේ තක්‌කාලිවල බවත් එයින් මෙය උකහාගැනීම පහසු බවත් විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා. මෙය විෂ නාශකයක්‌. විවිධ ආහාර පාන සහ ආඝ්‍රානයේදී ශරීරයට ඇතුළුවන විෂ ද්‍රව්‍ය විනාශ කරන්නට මෙයට පුළුවන්. ඒ වගේම තවත් වැදගත් කාරණයක්‌ කිව යුතුයි. සෑම පලතුරකටම රතු පැහැය හෝ රතට හුරු පැහැය ලබාදෙන්නේ ලයිකොපින් රසායනික ද්‍රව්‍යයයි.

ප්‍රශ්නය - ඔබ කිව්වා මෙය විෂ නාශකයක්‌ කියලා. ඒ ගැන තවත් විස්‌තර කළ යුතුයි?

වෛද්‍ය රේණුකා ද අල්විස්‌ - ලයිකොපින් කියන්නේ ලොව තිබෙන ප්‍රබලතම විෂ නාශකවලින් එකක්‌. තුන්වැනි ලෝකය පෙර සකස්‌ කළ ආහාරවලින් පිරුණු තැනක්‌. මේ ආහාරවලින් ශරීරයට යන විෂ වලින් පිළිකාව ඇතුළු නොයෙකුත් රෝගාබාධ හැදෙනවා. විශේෂයෙන් ආහාරවලට මිශ්‍රකරන කෘමිනාශකවලින් පිළිකාව හැදෙන එක කිසිසේත්ම වළක්‌වන්න බැහැ. කෘමිනාශක වගේම පලිබෝධ නාශක සහ වල් නාශක ශරීරය තුළට ගියාම සෛල විනාශ වෙනවා. එතැනින් පිළිකාව පටන් ගන්නවා.

ඊළඟට තිබෙන භයානකම පිළිකා කාරකය තමයි මොනෝසෝඩියම් ග්ලූටොමේට්‌. මෙයින් පිළිකා වර්ග දෙකක්‌ හැදෙනවා. පළමුවැන්න අක්‌මාවේ හා ? හටගන්නා පිළිකාව. දෙවැන්න මොළයේ ස්‌නායුවල හටගන්නා පිළිකාව. සාමාන්‍යයෙන් ඵීඨ ශරීරගත වුණාම හිසේ වේදනාව, අධික දහදිය දැමීම, මුහුණේ රුධිර පීඩනය ඉහළ යැම, හිරිවැටීම, ඔක්‌කාරය සහ ඇඟේ දුර්වලකමත් ඇතිවෙනවා. එයට හේතුව MSG වලින් මොළයේ ස්‌නායුවලට විශාල බලපෑමක්‌ කිරීමයි. ලයිකොපින් මඟින් මේ සියලු දොaෂ සහගත තත්ත්වයන් නැති කරන්නට පුළුවන්.

මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ සමහර නිදන්ගත පිළිකා තත්ත්වයන් තවදුරටත් පැතිරෙන්නට ඉඩ නොදීමට ලයිකොපින් සතු හැකියාවයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ හටගන්නා පිළිකා තත්ත්වයන් පැතිර යැමට ඉඩ නොදී සීමා කිරීම සඳහා ලයිකොපින් මඟින් විශාල කාර්ය භාරයක්‌ කරන බව හෙළිව තිබෙනවා.

ලබන සතියේ තව කොටසක්‌

tomato1

tomato2

 

koduප්‍රශ්නය - පසුගිය සතියේ අග ඔබ සමඟ සාකච්ඡා කළේ කොඳු ඇට පෙළේ ලේ කැටියක්‌ හිරවීමෙන් අකර්මණ්‍ය වූ තරුණයකු ගැනයි. ළමාවියේදී උඩුබැලි අතට ඇද වැටීම නිසා ඇති වූ තැල්මකින් ඔහුගේ කොඳු ඇට පෙළේ එක තැනක සම යට ලේ කැටිගැහී හිරවී නරක්‌ වී තිබුණා. ඒ නිසා අවසානයේදී ඔහු අත් පා සොලවා ගැනීමටත් බැරි තත්ත්වයකට පත් වුණා...

වෛද්‍ය එම්. ඒ. මදනායක - ඔහු එසේ රැගෙන ආවට පස්‌සෙ අප මුලින්ම කළේ ලේ කැටිය සහ එය පිහිටා තිබෙන ආකාරයත් එය ආශ්‍රිත ප්‍රදේශයේ ස්‌වභාවයත් සොයා බැලීමයි. මෙය අප සොයා බලන්නේ කිසිදු උපකරණයක්‌ ආධාරයෙන් නොව අතේ හුරුවෙන්මයි. ලේ කැටිය තිබෙන තැන පිරිමදින විට අපට සොයාගන්න පුළුවන් එය නිසා එතැන තිබෙන කාටිලේජ සහ Disc වර්ධනයට කොතරම් දුරට බාධාවක්‌ වෙලා තිබෙනවද? කියලා.

ප්‍රශ්නය - ඔබේ මේ රෝගියාට ප්‍රතිකාර කිරීම පටන් ගත්තේ කොතැනින්ද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - ඒ වාගේ ලෙඩෙකුට මුලින්ම කරන්නේ ප්‍රතිකාර සඳහා සූදානම් කිරීමයි. එතැනට විශේෂ තෙල් වර්ගයක්‌ ආලේප කරලා ලේ කැටිය යටින් තිබෙන අවහිරය නැති කරනවා. එතකොට එතැන තියෙන ලේ නහරවල තෙරපිලා ලේ ගමනට ඇතිව තිබූ බාධකය නැති වෙලා යනවා. එතැනදී ලේ ගමන නැති නිසා අප්‍රාණික වෙලා තිබුණ කාටිලේජ සහ Disc කොටස ටික ටික වර්ධනය වෙන්නට පටන් ගන්නවා.

ප්‍රශ්නය - මොකද්ද? මේ තෙල?

වෛද්‍ය එම්. ඒ. මදනායක - අප තෙල හදන්නේ රෝගියාගේ රෝග තත්ත්වය නිශ්චය කරලා එයට ගැළපෙන විදියටයි. එහෙම නැතිව සම්ප්‍රදායික ආයුර්වේද තෙල් අප ළඟ නැහැ. අනෙක අපේ තෙල්වල ඖෂධ ගොඩක්‌ අඩංගු නැහැ. අපි තෙල්වල ගුණය වෙනස්‌ කරන්නේ එයට යොදන ශාකසාර මාත්‍රාව අඩු වැඩි කිරීමෙන්. ඒක අපි අපේ ඉදිරිපිට ඉන්න රෝගියාට ගැළපෙන විදියට හදාගන්නවා.

ප්‍රශ්නය - තෙල් ගෑමෙන් පස්‌සෙ ඔබ මොනවද කළේ?

වෛද්‍ය එම්. ඒ. මදනායක - තෙල් සාත්තුවට සමාන්තරව කසාය දීම සිදුවෙනවා. ඉන්පසු අප කොඳු ඇට පෙළේ ප්‍රශ්නකාරී තැනට යොදනවා විශේෂ පත්තුවක්‌.

ප්‍රශ්නය - මේ පත්තුව හදන්නේ කොහොමද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - මෙය කහ සහ වෙනත් ඖෂධ කීපයක මිශ්‍රණයක්‌.

ප්‍රශ්නය - මොනවද ඒ වෙනත් ඖෂධ?

වෛද්‍ය එම්. ඒ. මදනායක - ඒක කියන්න බැහැ. මිනිසුන් මේ වට්‌ටෝරු බලලා බෙහෙත් හදාගෙන තමන්ම බෙහෙත් කරගන්න ගිහින් විශාල අමාරුවල වැටෙනවා.

ප්‍රශ්නය - මේ පත්තුව ආලේප කළාම මොනවද වෙන්නෙ?

වෛද්‍ය එම්. ඒ. මදනායක - අර කුණු ලේ කැටිය පත්තුවට කාන්දු වෙනවා. ඒ කියන්නේ පත්තුවට අදිනවා. ඒක තමයි ප්‍රතිකාරයේ අවසන් අදියර. ඉන් පස්‌සේ කොඳු ඇට පෙළ යථා තත්ත්වයට පත්වෙලා කාටිලේජ සම්පූර්ණයෙන්ම වැඩෙනවා. Disc එක යථා තත්ත්වයට පත්වෙනව...එතකොට ස්‌නායු තෙරපීම් නැතිවෙලා ශරීරයේ අකර්මණ්‍යභාවය නැතිව යනවා.

ප්‍රශ්නය - කහවල විශේෂ ගුණයක්‌ තිබෙනවා නේද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - කහවල තිබෙන Curcumin කියන සංඝටකය. මෙය ශරීරයේ විෂ නැති කරන, ප්‍රදාහ තත්ත්වයන් සුවපත් කරන අගනා ඖෂධයක්‌. ඊට අමතරව පිටතින් එන ආක්‍රමණශීලී විෂබීජවලට එරෙහිව ප්‍රතිශක්‌තිකරණය ඇති කරන්නට කහවලට පුළුවන්. සෛලයක්‌ තුළ ප්‍රදාහ තත්ත්වය ඇති කරන්නේ NF - KB කියන අනු විශේෂයයි. මෙය සෛලයේ න්‍යෂ්ටිය තුළට ඇතුළු වී ප්‍රදාහ තත්ත්වයන් ඇති කරන ජාන අවදි කරනවා. Curcumin වලට පුළුවන් NF - KB අනුවට අවහිර කර එය සෛල න්‍යෂ්ටියට ඇතුළු වීම වළක්‌වන්නට. එයට සුදුසු තත්ත්වයක්‌ ඇති වන්නේ නැහැ.

ඒ විතරක්‌ නොවෙයි ශරීරයේ විෂ හරණය කරන්නටත් කහවලට පුළුවන්. ඒ විතරක්‌ නොවෙයි හෘදයාබාධ වළක්‌වන්නටත් කහවලට පුළුවන්. කොඳු ඇට ආශ්‍රිත ලේ කැටි විසුරුවා හැරීමට අප පාවිච්චි කරන කහ මිශ්‍රණය සාමාන්‍ය කහවලට වඩා උසස්‌ ගුණයත් බලවත්.

ලබන සතියේ තව කොටසක්‌

නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836

සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

kodu1

 

gudaප්‍රශ්නය - භ්‍රංශය රෝගය ගැන පසුගිය සතිවල අප මේ තිරය ඔස්‌සේ කතා කළා. ඇඹුල් ඇඹිලිය සහ නිදිකුම්බා මඟින් එම රෝගයට ප්‍රතිකාර කිරීම ගැන එහිදී සඳහන් කළා.

වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - මේ සාකච්ඡාව අරඹමින් මා වැදගත් යමක්‌ කිව යුතුයි. ඒ තමයි භ්‍රංශය රෝගයට ප්‍රතිකාර කිරීමේදී ආයුර්වේදීය ක්‍රම වැදගත් වන්නේ මන්ද කියන එක. ආයුර්වේද ප්‍රතිකාරවල පහත සඳහන් වාසි තිබෙනවා. එනම්,

1. කිසිදු ආකාරයක සැත්කමක්‌ නොකර ප්‍රතිකාර සිදුකර රෝගය සුවපත් කිරීම.

2. ඖෂධවලින් කිසිදු අතුරු ආබාධයක්‌ ඇති නොවීම.

3. අවදානම අවම වීම.

4. රෝග ලක්‍ෂණ යටපත් කරනවා වෙනුවට රෝග නිධානය සොයාගෙන එය තුරන් කිරීම.

ප්‍රශ්නය - භ්‍රංශය වශයෙන් ප්‍රතිකාර වශයෙන් යොදාගත හැකි ශාකමය ද්‍රව්‍යය ලෙස අද අපි ඔබට හඳුන්වා දෙන්නේ කුමක්‌ද?

වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - අද මා හඳුන්වා දෙන්නේ අරළු හෙවත් හර්තකී පලයයි. මෙය මේ රටේ හැම කෙනකු විසින්ම දන්නා දෙයක්‌. අරළු වර්ග 7 ක්‌ තිබෙනවා. මෙයින් රෝහින් කියන අරළු වර්ගය තුවාල සුව කිරීම සඳහා යොදා ගන්නවා. එය තමයි භ්‍රංශය තුවාලවලට සහනය ලබා ගැනීම සඳහා යොදාගත හැකි හොඳම වර්ගය. අරළු කුඩු මේස හැඳි 2 ක්‌ වතුර බාල්දි භාගයකට දමා හොඳින් මිශ්‍ර කර එමඟින් භ්‍රංශය තුවාල සේදිය හැකි නම් හොඳ ප්‍රතිඵල ලබාගන්නට පුළුවන්. මෙය වෙනත් චර්ම රෝගවලටත්, පණු රෝගවලටත් ඉතාම හොඳයි.

ප්‍රශ්නය - අරළු මඟින් තුවාල සුවපත් වීමේ ක්‍රමවේදය කුමක්‌ද?

වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - අරළු කියන්නේ පැණි රස සහ තිස්‌ස රස සර්ව මිශ්‍රණය කෙරුණු ස්‌වභාවික ඵලයක්‌. එහි ඇති එම ගුණය නිසා පිත්ත සහ කප යන දොaෂ දෙක සමතුලිත කෙරෙනවා. මෙහි ඇඹුල් රසයෙනුත් තිබෙනවා. ඒ නිසා වාත දොaෂයන් නිවාරණය වෙනවා. මෙයට අමතරව චන්ගෙරි ග්‍රිත, මුෂිකා තෛලය, ලොද්රාසම, අගෝකදරිශ්වය, කුමාජරෂ්ටය, චන්දන ආසව යනාදියත් මේ සඳහා සුදුසුයි. හැබැයි වෛද්‍ය උපදෙස්‌වලින් තොරව ඒවා පරිහරණය නොකළ යුතුයි.

ලබන සතියට

guda1

 

muthraප්‍රශ්නය - කාන්තාවන්ට වැළඳෙන මුත්‍ර රෝග වළක්‌වාගත හැකි ක්‍රම කිහිපයක්‌ පසුගිය සතියේ අප කතා කළා.

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - මුත්‍රා රෝග වළක්‌වන ශාක වර්ධ කිහිපයක්‌ මේ සතියේ හඳුන්වා දෙන්නම්. කොත්තමල්ලි කොළ මුත්‍රා රෝගවලට ඉතාම ශුභදායකයි. අප හොද්දට දමන තුනපහත් ඉතාම සුදුසුයි. රාබු අල සහ කොළ යහමින් ආහාරයට ගන්නා අයට මුත්‍ර රෝග හැදෙන්නෙම නැති තරම්. මෙහි විටමින් A, B සහ C බහුල ලෙස තිබෙනවා. සෝඩියම් පොස්‌පරස්‌, මැග්නීසියම්, ක්‌ලෝරීන් යනාදියත් හොඳින් තිබෙනවා. සුදු ලූනු වැඩිපුර ආහාරයට ගැනීමෙන් මුත්‍ර රෝග සුවවෙනවා. කුරුඳු කුඩු ග්‍රෑම් 5 බැගින් දිනකට තුන්වරක්‌ ආහාරයට ගත් විටත් මුත්‍රා ආබාධ සුවපත් වෙනවා. මෙයට අමතරව චත්‍රප්‍රභාවවී, චත්‍රතලාරස, චන්දනාසව, යමක්‌ෂාර හෙවත් පොටෑසියම් බයිකාබනේට්‌ යන ද්‍රව්‍ය වලිනුත් මුත්‍රා රෝග සුවපත් කරගන්නට පුළුවන්. ඒත් වෛද්‍යවරුන්ගේ උපදෙස්‌ නැතිව ඒවා පරිහරණය කිරීම කිසිසේත්ම සුදුසු නැහැ.

මේ සියල්ලටම අමතරව මුත්‍රා රෝග ඇති වීම වළක්‌වන ක්‍රියාමාර්ග තව කිහිපයක්‌ ඔබට පැහැදිලි කර දෙන්නම්. මේවා අතුරින් සමහර කාරණා මෙයට පෙරත් අප සාකච්ඡා කළා. එහෙත් නැවත මතක්‌ කර දීම සුදුසුයි.

1. මුත්‍රා කිරීමට ඇති අවශ්‍යතාව තදකරගෙන සිටිය යුතු නැහැ. විවිධ මුත්‍රවල තිබෙන බැක්‌ටීරියා මුත්‍ර මාර්ගයෙන් පිට නොවී පවතින අතර තවදුරටත් එම බැක්‌ටීරියා වර්ධනය වීම සිදුවෙනවා.

2. මුත්‍රා කිරීමෙන් පසු ඉදිරිපස සිට පසුපසට නොව පසුපස සිට ඉදිරිපසට හිස දමනවා. එවිට ගුද මාර්ගයේ තිබෙන බැක්‌ටීරියා මුත්‍රා මාර්ගයට ඇතුළු වීම වළකිනවා.

3. ඔබ ඔබේ රහස්‌ ප්‍රදේශ සේදීම සඳහා කිසි විටෙකත් සුවඳ සබන් නොයෙදිය යුතුයි. ශැම්පු වර්ග සහ Deoderants වර්ග නොයෙදිය යුතුයි. ඒවා මගින් ඔබේ සමේ තිබෙන ස්‌වභාවික ආරක්‌ෂක සංඝටක විනාශයට පත් වෙනවා.

4. ලිංගික එකතුවීමකින් පසු මුත්‍රා කර ඉන් පසු ඔබේ මුත්‍රාශය සෝදා පිරිසිදු කළ යුතුයි. හැබැයි ලිංගේන්ද්‍රිය ඇතුළත රෙදි කැබැලි දමා පිසදමන්නට එපා.

ලබන සතියට

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

muthra1

 

katilageප්‍රශ්නය - පසුගිය සතියේ අප කතා කළේ ගෙවුණු කාටිලේජ නැවත වර්ධනය කරන ආකාරය ගැනයි.

වෛද්‍ය වසන්ත උදයජීව - ඒ සඳහා සුදුසු විස්‌කම් ඖෂධයක්‌ ගැන අපි අද කතා කරමු. සන්ධියක තිබෙන කාටිලේජ ගෙවෙන ආකාරය ගැන පසුගිය සතියේ අප ඔබ සමඟ සාකච්ඡා කළා. එහිදී සිදු වන්නේ කුමක්‌ද කියලා ඔබ දන්නවා.

ප්‍රශ්නය - ඔබ නිපදවා ඇති ඖෂධයේ සංයුතිය කුමක්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - කුරුඳු පොතු, ගම්මිරිස්‌, නිල් මානෙල් අල, ගොකටු ඇතුළු ඖෂධ 84 ක්‌ මේ මිශ්‍රණයට යොදනවා. මෙය පදම් කරන්නේ තනිකරම මී පැණි සහ ගිතෙල්වලින්.

ප්‍රශ්නය - මෙය ඕනෑම වයසක ඕනෑම කෙනකුට සුදුසුද?

වෛද්‍ය වසන්ත උදයජීව - වයසේ කිසි ප්‍රශ්නයක්‌ නැහැ. කාටිලේජ දියවීම නිසා තරුණ මහලු වැඩි දෙනාගේ සන්ධි වලින් කර කර ශබ්දයත්, එහෙමත් නැත්නම් සන්ධි බිඳෙන ශබ්දයක්‌ එනවා. මේ ඖෂධය පාවිච්චි කරන්න පටන් ගත් විට ක්‍රමානුකූලව ඒ කර කර ශබ්දය නැතිව යනවා. එයින් කියෑවෙන්නේ කාටිලේජ වර්ධනය නැවත හටගෙන තිබෙන බවයි. හැබැයි ඉතාම වැදගත් දෙයක්‌ කිව යුතුයි. ඒ තමයි කාටිලේජ වර්ධනයට තිබෙන එන්නත ගහගෙන එන අයට මේ ප්‍රතිකාරය කිරීම සුදුසු නැති බව. ඒ කියන්නේ ප්‍රතිකාරය කොහොමටවත් අහන්නේ නැහැ.

ප්‍රශ්නය - මේ ක්‍රමයට කාටිලේජ වර්ධනය කරන්න කොපමණ කාලයක්‌ ගතවෙනවද?

වෛද්‍ය වසන්ත උදයජීව - සාමාන්‍යයෙන් මාස 3 යි. එයට ටිකක්‌ වැඩිවෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්.

ලබන සතියට

katilage1

 

heartප්‍රශ්නය - හෘද රෝගීන්ට සුදු ලූනු ශුභදායක වන්නේ කොහොමද කියන එක පසුගිය සතියේ අප සාකච්ඡා කළා. හෘද රෝගීන්ට සුදුසු තවත් ආහාර කිහිපයක්‌ ගැන ඔබ සඳහන් කර තිබූ අතර බතල ගැනත් එහි සඳහන් වුණා.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - බතල කියන්නේ හෘද රෝගීන්ට ඉතා සුදුසු ආහාරයක්‌. මධ්‍යම ප්‍රමාණයේ බතල අලයක කැලරි 103 ක්‌ තිබෙනවා. ඒ තරම්ම අර්තාපල් අලයක තියෙන්නේ කැලරි 128 යි. ශරීරයට සුදුසු නැති ග්ලයිසිමික්‌ ඒකක 85 ක්‌ අර්තාපල් අලයක තිබෙනවා. ඒත් බතල අලයක තිබෙන්නේ ඒකක 54 ක්‌ විතරයි. මෙය වැඩි ගුණැති ආහාරයක්‌. විශේෂයෙන්ම කාබෝහයිඩේ්‍රට්‌ වර්ග ශරීරය මඟින් උරා ගන්නට රුධිර සීනි මට්‌ටම කොතරම් ඉක්‌මනට නඟිනව ද කියන එක පෙන්වන්නේ ග්ලයිසිමික්‌ මට්‌ටම මඟින්. මධ්‍යම ප්‍රමාණයේ අර්තාපල් අලයක ෆයිබර් ග්‍රෑම් 3 ක්‌ තිබෙනවා. ඒ තරම්ම වූ බතල අලයක ෆයිබර් ග්‍රෑම් 4 ක්‌ තිබෙනවා. රුධිර සීනි ප්‍රමාණය නිසි මට්‌ටමක පවත්වා ගැනීමටත්, රුධිර කොලෙස්‌ට්‍රොaල් මට්‌ටම අඩු කිරීමටත් ෆයිබර්වලට පුළුවන්. අර්තාපල්වල මෙන් දෙගුණයක්‌ C විටමින් බතලවල තිබෙනවා. බතල පිළිකා රෝග සම්බන්ධයෙන් විශාල බලපෑමක්‌ කරන්නෙ එහි පවතින විෂ නාශක ගුණය නිසයි. සෛලවල ජීව ගුණය වැඩි කරන්නටත් කොලැජන් (Collegen) නිෂ්පාදනය කරන්නටත් මේ විෂ නාශක සංඝටකවලට පුළුවන්. මේ සියලු කාරණා අතර මාංශපේෂී දියවීමේ රෝගය වළක්‌වන්නටත් බතලවලට පුළුවන්.

ප්‍රශ්නය - රුධිර පීඩනය වැඩි වීම සම්බන්ධයෙනුත් බලපෑමක්‌ කරන්නට බතලවලට පුළුවන් නේද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - බතලවල තිබෙන ඊ 6 කියන විටමින් වර්ගය ඉතා යහමින් කිරීටක ධමනි සහ රුධිර නාළ බිත්ති ඝනකම් කරමින් රුධිර ගමනට බාධා කරන Hදපදජහිඑසබැ කියන ද්‍රව්‍යය කඩා ඉහිරවන්නට ඊ 6 විටමීනය ට පුළුවන්. රුධිරය ගමන් කරන වැදගත් නාළ බිත්ති නම්‍යශීලී තත්ත්වයේ තබා ගන්නට ඊ 6 විටමිනය මඟින් විශාල සහායක්‌ ලැබෙනවා. හෘදයාබාධ වළක්‌වා ගැනීම සඳහා වැඩි පොටෑසියම් ප්‍රමාණයක්‌ අවශ්‍යයි. මධ්‍යම ප්‍රමාණයේ බතල අලයක පොටෑසියම් මිලිග්‍රෑම් 542 ක්‌ තිබෙනවා. ශරීරයේ පොටෑසියම් ප්‍රමාණය වර්ධනය වීමෙන් හෘදයාබාධයෙන් මියයැමට ඇති අවකාශය 20% කින් අඩු වෙනවා.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා

0713464276/ 0759061771

අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

heart1

 

 

fattyඅද සමාජයේ බොහෝ දෙනෙක්‌ පීඩා විඳින රෝග තත්ත්වයක්‌ තමයි අක්‌මාවේ තෙල් තැන්පත් වීම (Fatty liver). මේ රෝග තත්ත්වය ගැන පැහැදිලි කිරීමක්‌ කරනවා නම්...

අක්‌මාව කියන්නේ අපේ ජීවිතය පවත්වා ගෙන යැම සඳහා ශරීරය තුළ විශාල මෙහෙයක්‌ ඉටුකරන ඉතා වැදගත් ඉන්ද්‍රියයක්‌. මෙම ඉන්ද්‍රීය පිහිටල තියෙන්නේ උදර කුහරයේ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ මහප්‍රාචීරයට යටින් ඉල ඇට වලින් වට වූ ප්‍රදේශය තුළයි. මෙය කි.ග්‍රෑම් 1.5 ක පමණ බරකින් යුක්‌ත ශරීරයේ තිබෙන විශාල ඉන්ද්‍රියයක්‌.

ශරීරයේ පවතින මේදය හෙවත් තෙල් කොටස්‌ මෙම ඉන්ද්‍රීය නිර්මාණය වී ඇති පටක තුළ අධික ලෙස තැන්පත් වීම නිසා ඇතිවන තත්ත්වය තමයි අක්‌මාවේ තෙල් තැන්පත් වීම හෙවත් Fatty liver නමින් හඳුන්වන්නෙ. මේ නිසා අක්‌මාව ආශ්‍රිතව හටගන්නා රෝග තත්ත්ව සමූහය පොදුවේ හෙවත් මේදජ යාකෘතික රෝග නමින් හඳුන්වනවා.

අක්‌මාවේ තෙල් තැන්පත් වීම නිසා ශරීරයට ඇතිවන බලපෑම කුමක්‌ද?

අක්‌මාවේ තෙල් තැන්පත් වීම නිසා අක්‌මාව මඟින් ඉටු කෙරෙන ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවෙනවා. නිරෝගී තත්ත්වයේදී අක්‌මාවෙන් ඉටුකරන ක්‍රියාකාරීත්වයන් බොහෝමයක්‌ තිබෙනවා. ආහාර ජීරණය, පරිවෘත්තිය, ප්‍රතිශක්‌තිය, පෝෂණ පදාර්ථ ගබාඩා කිරීම ආදිය එයින් සමහරක්‌. මෙම ක්‍රියාකාරීත්වයන් සඳහා අක්‌මාව ඝෘජුවම දායක වෙනවා.

අප ගන්නා ආහාර අන්ත්‍රවලදී ජීරණය වුණාට පස්‌සේ අවශෝෂණය වී රුධිරය සමඟ අක්‌මාව වෙත පැමිණෙනවා. එහි කිසියම් විෂ කොටස්‌ තිබුණ හොත් ඒවා ශරීරගත වීමට පෙර නිර්විෂ කිරීම අක්‌මාවෙන් කෙරෙන විශේෂ ක්‍රියාකාරීත්වයක්‌. එමෙන්ම අප භාවිත කරන ඖෂධ, ඇල්කොහොල් සහ ශරීරය තුළදී නිපදවෙන විවිධ විෂ රසායනික සහ හෝමෝන ආදිය ද නිෂ්ක්‍රීය පදාර්ථ බවට පත් කරනවා. මේ නිසා ශරීරයේ අනෙකුත් කොටස්‌ ආරක්‌ෂා කරනවා. ඊට අමතරව ශරීරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරන විවිධ ප්‍රොaටීන නිෂ්පාදනය කරනවා. රුධිරයේ පවතින ග්ලූකෝස්‌ සහ මේද ප්‍රමාණයන් නිසි පරිදි පවත්වා ගැනීමටත් අක්‌මාව විශාල මෙහෙයක්‌ ඉටුකරනවා.

ලබන සතියට

fatty1

 

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Apr 2018 06:23 PM

head* බොහෝ දෙනෙක්‌ පීඩා විඳින රෝගයක්‌ තමයි හිසරදය කියන්නේ. කොහොමද මෙම රෝගය ඇතිවන්නේ.

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක -

රදය යනු වේදනාවයි. මිනිසාගේ ශරීරයේ ප්‍රධානතම ඉන්ද්‍රිය මොළයයි. මොළය ස්‌නායු පද්ධතියේ මූලස්‌ථානයයි. එයින් නිකුත් වන මූල ස්‌නායුව කුඩා මොළය ඔස්‌සේ ප්‍රධාන කශේරුකා පන්තියට ඇතුළු වී කශේරුකා සන්ධිස්‌ථානවලින් පිටතට ගොස්‌ ශරීරයේ සියලුම ඉන්ද්‍රිය හා අවයව කරා දිවෙනවා. ඒවායේ ක්‍රියාකාරිත්වය දායක වීම සිදු වෙනවා. එම නිසා ශරීරයේ කුමන ස්‌ථානයක ඉන්ද්‍රිය දොaෂයක්‌ හටගත්තත් එය මොළයට බලපෑම සිදු කරනවා. එම බලපෑම්වල උච්චතම අවස්‌ථාව තමයි මෙම රදය හෙවත් හිසරදය ලෙස හැඳින්විය හැක්‌කේ.

* හිසරදය වැළඳුණු රෝගීන්ගේ ප්‍රධානතම රෝගී තත්ත්වය ලෙස හැඳින්විය හැක්‌කේ කුමන අවස්‌ථාවක්‌ද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක -

අප කරා පැමිණෙන බොහෝ රෝගීන්ගේ හිස කැක්‌කුමට ප්‍රධානතම හේතුව ලෙස දැක්‌විය හැක්‌කේ සෙම කුපිත වීමයි. මෙලෙස හිස ආශ්‍රිත කලාපයේ සෙම බහුල වීම සඳහා බලපාන්නේ බොහෝ දෙනෙක්‌ එතරම් නොසිතන ශරීරයේ අධික උෂ්ණාධික බවයි. මෙම උෂ්ණාධික බව ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන් හා අවයවවලට බලපෑම් ඇති කරන අතර මොළය ආශ්‍රිතව පවතින්නේ ඉතා සියුම් සෛල නිසා එම සෛල මෙම අධික උෂ්ණාධික බව නිසා විනාශ විය හැකියි.

මෙම තත්ත්වයෙන් මොළයේ සෛල ආරක්‍ෂා කර ගැනිම ශරීරය විසින් හිස පෙදෙසට සෙම ගෙන්වා ගෙන ස්‌වයංක්‍රීය ශීතකරණ වැඩපිළිවෙළක්‌ ඇති කරනු ලබනවා. මෙන්න මේ ක්‍රියාවලියක්‌ සමග තමයි සියලු ප්‍රශ්න ඇතිවීම සිදුවන්නේ.

* මේ තත්ත්වය තවදුරටත් පැහැදිලි කළොත්

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක -

මෙසේ මොළ කුහරය තුළ වැඩි වශයෙන් එක්‌වන සෙම නාස්‌කුහර තුළින් පැමිණෙන බාහිර වාතයත් සමග එන ක්‍ෂුද්‍ර ජීවීන්ගේ බලපෑම් හමුවේ සෙම නරක්‌ වීමේ තත්ත්වයට පත්වීමෙන් හිසේ බර ගතිය සහ වේදනාව ඇතිවීම සිදු වේ. මෙම තත්ත්වයේ උච්චතම අවස්‌ථාව ලෙස ඉරුවාරදය හැඳින්විය හැකියි.

* මීට අමතරව හිසරදය ඇතිවීමට බලපාන වෙනත් තත්ත්වයන් තිබෙනාවද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

ඔව්. තවත් විවිධ රෝග අවස්‌ථා නිසා හිසරදය ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. ඒ අනුව මළ බද්ධය, ගැස්‌ට්‍රයිටීස්‌ ඇතුළු ආහාර ජීර්ණ පද්ධතියේa ඇතිවන දුර්වලතා, දියවැඩියාව, අර්ශස්‌, පීනස, රක්‌තහීනතාව, අධික නිදිමත හෝ නින්ද නොයැම බඩ පුරවා දැමීම, මුත්‍රා රෝග, වකුගඩු ආශ්‍රිත දුර්වලතා, පිත්තාශයේ ගල්, කාන්තාවන්ගේ ගර්භාෂ රෝග, විවිධ සමේ රෝග, වාතරක්‌ත වැනි රෝගාබාධ අවස්‌ථාවන්හිදී ද හිසරදය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක්‌ තිබෙනවා. මීට අමතරව විවිධ මානසික පීඩනයන්a නිසාද හිසරදය ඇතිවිය හැකියි.

* මෙම රෝගය සඳහා ප්‍රතිකාර කළ යුත්තේ කෙසේද?

ආයුර්වෙද් වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

සෙම ඉවත් කිරීම සහ සෙම වියළීමට ප්‍රතිකාර කිරීම තුළින් උෂ්ණාධික බව තවත් වැඩි වී මොළය ආශ්‍රිත සියුම් සෛල තවත් විනාශ විය හැකියි. එම නිසා මොළය ආශ්‍රිත කලාපය සිසිලනය කිරීම සඳහා මුළු ශරීරයයේම උෂ්ණාධික බව අඩු කිරීමට ප්‍රතිකාර කළ යුතුයි. අප අනුගමනය කරන්නේ එම ක්‍රමවේදයයි. එවිට රෝගියාගේ සම්පූර්ණ ශරීරයේම පවතින උෂ්ණ බව නැති වෙන අතර එවිට මොළයේ සිසිලනය ද සිදුවී හිසරදය සම්පූර්ණයෙන්ම සුව වීම සිදු වෙනවා. මීට අමතරව රෝගියාට පවතින අනෙකුත් රෝගී තත්ත්වයේද සොයා බලා ප්‍රතිකාර ලබාදීම සිදු කළ යතුයි.

* බොහෝ දෙනා සිතන්නේ හිසරදය නිට්‌ටාවටම සුව කළ නොහැකි බවත් මෙය ඒ ඒ අවස්‌ථාවන්හිදී යටපත් කළ හැකි තත්ත්වයක්‌ පමණක්‌ බවය. ඇත්තටම හිසරදය නිට්‌ටාවට සුව කළ නොහැකිද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- ඇත්තටම බොහෝ රෝගීන් පවසන්නේ කෙතරම් බෙහෙත් ගත්තත් මෙය යළි යළි මතුවෙන බවයි. නමුත් වෛද්‍යවරයකු හෝ වෛද්‍යවරියක කරා ගොස්‌ නිවැරදි පරීක්‍ෂාවකින් පසු රෝගියාට වැළඳී ඇත්තේ කුමන රෝගයක්‌දැයි වටහාගෙන රෝග නිධානයට ප්‍රතිකාර ලබා දුන්නොත් හිසරදය නිට්‌ටාවටම සුව කළ හැකියි. වේදනා නාශක තුළින් හිසරදය සුවපත් කිරීමෙන් පසුකාලීනව වෙනත් බරපතළ රෝගාබාධ වැළඳීමද සිදුවිය හැකියි.

විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ දක්‍ෂ ආයුර්වේද වෛද්‍යවරයකු කරා ගියොත් මේ රෝගය නිට්‌ටාවටම සුව කර ගත හැකියි. ඒ සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම තිබෙනවා.

head1

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Apr 2018 07:44 PM
මම නම් හිතන්නෙ නැහැ හිසරදය නිට්ටවට සුව කරන්න ජගතෙක් තවම ඉන්නවා ඉයලා
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
17 Apr 2018 09:36 PM
හිසරදය නිට්‌ටාවටම සුව කරගන්නා හැටි................ ඔය පත්තරවල කියනා තරම් සාර්ථක නැහැ ක්‍රියා වලිය ............. අනික පුද්ගලයකුගෙන් පුද්ගලයකුට වෙනස් අයුරින් කරනා හැම ප්‍රතිකාරයක්ම සාර්ථක වන්නේ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Apr 2018 04:22 AM

ගැස්ට්‍රයිටිස්වලට ගුණ ආහාර

සාමාන්‍ය ව්‍යවහාරය තුළ අපි කවුරුත් බඩේ දැවිල්ල ලෙස හඳුන්වන්නේ ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයයි. මෙය අමාශයේ ආසාදන තත්ත්වයකි. ආමාශයේ ඉතා සුළුවෙන් ඇතිවන තුවාල ගැස්ට්‍රයිටිස් ලෙස හඳුන්වයි.

මෙම රෝගී තත්ත්වය හදිසියේම හෝ කාලයත් සමඟ විවිධ හේතු සාධක නිසා ඇතිවිය හැකිය. බොහෝ දෙනෙකුට ගෑස්ට්‍රයිටිස් සුළු රෝගී තත්ත්වයක් වන අතර ප්‍රතිකාර කිරිමෙන් පසු ඉක්මණින් පහව යනු ඇත.

අප ගන්නා ආහාර සහ ආහාර ගන්නා අවස්ථාවල වැරදි ආහාර පිළිවෙත් මෙයට මුලික හේතුන් වේ. බඩගින්නේ සිටීම, වේලාවට ආහාර නොගැනීම ගැස්ට්‍රයිටිස් ඇතිවීමට ප්‍රධාන හේතුවේ.

අධික මානසික පීඩනය, ශරීරයේ බර වැඩි අය වෛද්‍ය උපදෙස් වලින් තොරව ආහාර පාලනයට යාමෙන් ද ගැස්ට්‍රයිටිස් වලට ගොදුරු වීමට ඉඩකඩ තිබේ.

ගෑස්ට්‍රයිටිස් ඇති පුද්ගලයකු ආහාරයට සුදුසු කෑම

  • කෙදි සහිත ආහාර ඇපල්,කොමඩු,බ්‍රෝකෝලී,කැරට්,බෝංචි
  • අඩු මේදය සහිත ආහාර මාළු,මස්
  • අඩු ආම්ලිකතාවයකින් යුතු ආහාර හෝ වැඩි ඇල්කේන වර්ග, එළවළු වැනි
  • කාබනීකරණය නොකරන බීම වර්ග
  • කැෆේන් රහිත බිම වර්ග
  • ප්‍රෝබයෝටික් සහිත යෝගට්,කිමිචි,ගෝවා

 

ගෑස්ට්‍රයිටිස් ඇති පුද්ගලයකු ආහාරයට නුසුදුසු කෑම

  • ඇල්කොහොල්
  • කෝපි
  • ඇසිට් සහිත ආහාර තක්කාලි
  • අධික මිරිස්,තුනපහ,ගම්මිරිස්,කුළුබඩු,තෙල් සහිත ආහාර
  • බදින ආහාර සහ ආහාර පිසීමේ දී කෘත්‍රිම වර්ණකාරක, සෝස් වර්ග

 

මලීෂා ගුණවර්ධන

අන්තර්ජාලය ඇසුරෙනි.

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Apr 2018 06:44 PM
 
 
awadanaජීවිත කාලය තුළ ඔබ අප මුහුණ දෙන විවිධ සුන්දර හා අසුන්දර අවස්‌ථා ඇත. එයින් රෝගී වීම, රෝහල් ගත වීම කාගේ සිතටත් ගෙන දෙන්නේ දොම්නසකි.
 
නමුත් සුදුසු වේලාවට නිසි ප්‍රතිකර්ම අපගේ ජීවිතයේ ගුණාත්මක බව වැඩිකර ජීවන කාලය වැඩිකරන්නට සමත් වේ. ජීවිතයට තර්ජනයක්‌ සිදුවන රෝගී තත්ත්ව සඳහා අකැමැත්තෙන් වුවද රෝග විනිශ්චිත පරීක්‍ෂණ ශල්‍යකර්ම හා වෛද්‍ය ප්‍රතිකාර සඳහා කැමැත්ත පළ කිරීමට සිදුවේ. එයින් සාර්ථක ප්‍රතිඵල ලැබීම වෛද්‍ය විද්‍යාව දියුණුවීම නිසා මිනිසා ලද මහඟු ජයග්‍රහණයකි.
 
 එහෙත් වර්තමානය මෙවන් පැතිකඩකට අවධානය යොමු කරවන්නට සිතන්නෙමි.
 
 අද ලෝකයේ සියලු රැකියා අවස්‌ථා ජයගනිමින් සම අයිතීන් ගැන වෙහෙසෙමින් ඉහළ අධ්‍යාපන තත්ත්ව කරා ළඟාවන කාන්තාව විවාහ පත් වූ පසු මවු පදවිය අපේක්‍ෂා කිරීම සත්‍යයකි. අධ්‍යාපනය, ආර්ථික තත්ත්ව, රැකියා අවස්‌ථා, විදේශ ගතවීම් හමුවේ විවාහය ප්‍රමාද කරන කාන්තාව දරු සම්පත් ප්‍රමාද කරනුයේද තමාට අවශ්‍ය දිනක දරු සම්පත් ලැබෙනු ඇතැයි යන විශ්වාසයෙනි.
 
 නමුත් මඳ සරු බව, වයස ඉක්‌මවා යැම හා වෙනත් රෝග තත්ත්ව හේතුවෙන් දරු සම්පත් ප්‍රමාද වන, අසීරු වන සහ නොලැබී යන කාන්තාවන් බහුලය.
 
 මොවුන් සමාජ මට්‌ටමෙන් හා ආර්ථික මට්‌ටමෙන් කුමන තලයකට අයත් වූවත් සිත් තැවුලෙහි වෙනසකින් තොරව දිවිගෙවන අය වෙති.
 
 එබැවින් සියල්ල ලැබුණු කාන්තාවන් කෙසේ හෝ තම සිහිනය ඉටුකර ගැනීම උදෙසා බටහිර, ආයුර්වේද ප්‍රතිකර්ම සොයයි. මඳ සරු බව හේතුවෙන් ප්‍රතිකාර ලබන කාන්තාවන් මුදල් වැයකිරීම මෙන්ම මඳ සරු බවට හේතු සොයා ගැනීමේ පරීක්‍ෂණ හා ශල්‍යකර්මවලට පවා මුහුණ දෙන්නේ අමිහිරි වේදනාකාරී අත්දැකීම් හමුවේය. විදේශගතව ප්‍රතිකාර ලබා ගන්නා කාන්තාවන්ද එමටය. ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව නිරෝගී දරු සම්පතක්‌ නොවේද? එහෙත් බොහෝ කාලයක්‌ මඳ සරු බව නිසා පීඩාවට පත් වූ ගබ්සා වීම්, මළ දරු උපත් සහ විවිධ උපතින්ම ඇතිවන රෝග සහිත දරු උපත්වලට මුහුණ දුන් කාන්තාවන් පවා තමාටම දරුවෙකු අවශ්‍ය යෑයි සිතනුයේ අවදානම කෙරෙහි ඇති අනවබෝධය නිසාය.
 
 මෙසේ ප්‍රතිකාර කොට දරුවන් ලැබූ සමහර දෙමාපියන් ගර්භ ඉතිහාසය පිළිබඳ දුක්‌ මුසු විස්‌තර ඉදිරිපත් කළද සියලු ප්‍රතිකාර නවතා දැමූ පසු මේ දරුවා අපට ලැබුණා" "වෙන කරන්නට ප්‍රතිකර්මයක්‌ නැති නිසා අපි දරුවෙකු අරන් හදා ගත්තා ඊට අවුරුද්දකට පස්‌සේ මේ දරුවා ලැබුණා" යෑයි පවසන අවස්‌ථා මට හමු වී තිබේ.
 
 ඉහත සඳහන් කළ අවදානම් තත්ත්වවල සිටින කාන්තාවන් විශාල මුදලක්‌ වැය කර කාලය වැයකර ගර්භණීභාවයට පත්වන්නේ ලොවම දිනූ අටියෙනි. නමුත්, උපතින් රෝගාබාධ සහිත වූ දරුවෙකු ලැබීම නිසි කලල වයස නොපිරූ නොමේරූ දරුවෙකු ලැබීම යන අවදානම් තත්ත්ව ඔවුන් හමුවේ ඇත.
 
 වෛද්‍ය විද්‍යාවේ දියුණුව මත කලලයේ අසාමාන්‍ය තත්ත්ව හඳුනාගත්තද මවට දරුවා බිහි කිරීම හැර වෙනත් විසඳුමක්‌ නොවන අවස්‌ථා එමටය.
 
 එවන් දරුවන් ජීවිතය බේරා ගැනීම සඳහා නිසි ගර්භ වයස විශේෂ සත්කාර ඒකකයක ගත කළ යුතුමය. රෝග සහිත දරුවන්ද ජීවිත කාලය පුරා සායනවලට සහභාගි විය යුතුය. මේ දරුවන් සාමාන්‍ය දරුවෙකු ජීවිත කාලය පුරා නොකරන රෝග විනිශ්චිත පරීක්‍ෂණ, ං කිරණ පරීක්‍ෂණ සහ ප්‍රතිජෛවක ඖෂධ ප්‍රතිකාර සඳහා යොමු වන්නේ විවිධ දුක්‌ වේදනාවන්ට මුහුණ දෙමිනි.
 
 නමුත් නිරෝගී දරුවෙකු ලෙස දෙමාපියන්ගේ සිහිනය සඵල වන අවස්‌ථා මෙන්ම නිශ්ඵල වන අවස්‌ථා සම සමව අපට දැකගත හැක. මේ ළදරුවන් සංවර්ධනය අතින් සාමාන්‍ය දරුවකු බවට පත්වන්නේ ආශ්චර්යයක්‌ ලෙසිනි. අප පිළිගත යුතු ධර්මතාවය නම් අපට සියල්ල පාලනය කළ නොහැකි බව සහ නොලැබෙන දේ වෙනුවෙන් දැඩි ලෙස උත්සාහ නොකොට සෑහීමට පත්වීම අවදානමට වඩා සුදුසු බව නොවේද?
 
 මෙසේ ඔබත් ඔබේ හිත මිතුරන් හෝ ඥාතීන් ඉතා අසීරුවෙන් දරු සම්පත් ලබන්නට වෙහෙසෙන අය වේ නම්, නොමේරූ ළදරු ඒකකවලින් පිටව ගිය දරුවන්ගේ සායන, රිඡ්වේ ආර්යා ළමා රෝහලේ අක්‌ෂි, හෘද සායන, ළමා සංර්ධනය ඇගැයුම් කරන සායනවලට පැමිණෙන දරුවන්ගේ දෙමාපියන්ගේ වදන්වලට අවධානය යොමු කිරීම ඔබේ අවදානම් තීරණය කෙරෙහි බලපෑම් කළ හැකිවනු නොඅනුමානය.
 
 නිරෝගී දරුවකු, මවක පියකු මෙන් නීතියෙන් පවරාගෙන හදාවඩා ගැනීම එවන් තීරණවලට වඩා යහපත් විය හැකිය. මන්ද අප කවුරුත් දරුවන් දෙමාපියන්ගේ යහපතට මෙන්ම අයහපතට හේතු වන අවස්‌ථා දැක ඇති බැවිනි. දරුවා තමන්ගේම නොවීම ඉහත අවදානමට වඩා අයහපත් නොවේ.
 
 ආබාධ සහිත ජීවිත කාලය පුරා ප්‍රතිකාර ලැබිය යුතු, මන්ද මානසික තත්ත්වවලට ගොදුරු වූ දරුවන් දෙමාපියන් විසින් අතහැර දමා යන, ප්‍රතික්‍ෂේප කරන ප්‍රතිකාර නොකරන ලෙස ඉල්ලා සිටින අවස්‌ථා ඇති බව ඔබ දන්නවාද? එය දෙමාපියන්ට තම දරුවන් වෙනුවෙන් කළ හැකි දෙයක්‌ද?
 
 ආබාධිත දරුවකුට ජීවිතයේ සැනසිල්ල පසෙක තබා දිවි තිබෙන තුරු සෙනෙහස දක්‌වන්නේද දෙමාපියන් පමණක්‌ම බවද සත්‍යයකි.
 
 සෞඛ්‍ය කණ්‌ඩායමේ සියලුම සේවකයන්ගේ අපේක්‍ෂාව මෙවන් දරුවන් සංකූලතාවලින් තොරව සුව කරලීම වුවත් නොමේරූ ළදරුවන් හා උපතින් රෝග සහ ආබාධ සහිත දරුවන් සම්පූර්ණ සුවය ලබන සාමාන්‍ය දරුවකුගේ තත්ත්වයට ළඟා නොවන අවස්‌ථා බොහෝමයක්‌ අපට හමුවේ.
 
 බොහෝ විට විද්‍යාවේ දියුණුව අපට වාසි මෙන්ම අවාසිදායක වන අවස්‌ථාද ඇති බැව් මින් පෙනී යයි. එබැවින් සංකූලතා සහිත, ගර්භ ඉතිහාසය සතුටුදායක නොවන නැවත දරු උපතක්‌ දරුවාට හෝ මවට අවදානම් විය හැකි යෑයි වෛද්‍ය අවවාදයට ලක්‌වී ඇති විවාහ පත් වූවන්ගේ අවධානය පිණිස දිනපතා මෙවන් දරුවන්ගේ සංකූලතා හා ගැටලු දකින නිසාවෙන් කරුණු ඉදිරිපත් කරන්නට සිතුවෙමි.
 
 
 හෙද නිලධාරිනි,
 ඡේ. එම්. එස්‌. කේ. ජයසූරිය,
 විශේෂ සත්කාර ළදරු ඒකකය,
 උතුරු කොළඹ ශිෂCණ රෝහල,
 රාගම.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
18 Apr 2018 08:34 PM
නිරෝගී දරුවකු ලැබීමත් ලොකු වාසනාවක්...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Apr 2018 07:18 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Apr 2018 07:18 PM
0
You are not authorized to post a reply.
Page 114 of 137 << < 112113114115116 > >>