You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Aug 2016 01:20 AM by  shanaka kelum
හදිස්සියකදී මේ ප්‍රථමාධාර 5 දැනගෙන හිටියොත් ඔබට ජිවිතයක් බේර ගන්නට හැකි වේවි!
 359 Replies
Sort:
You are not authorized to post a reply.
Page 18 of 18 << < 1415161718
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Jan 2016 09:27 AM
වැදගත් තොරතුරු ටිකක් තැන්ක්ස් සමන්ත අයියේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 Jan 2016 05:20 PM
විනාඩියක් තද කරන් ඉන්න තව තැණ් නැද්ද ?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
31 Jan 2016 09:44 PM

සිගරට් බොන එක නවත්ත ගන්න පහසුම මග මෙන්න

කෙසෙල් කියන්නේ අපි එදිනෙදා ආහාර ගැනීමෙන් පසුව අතුරු ආහාරයක් ලෙස ආහාරයට ගන්න පුරුදු වෙලා ඉන්න පලතුරක්. ඊට අමතරව ගෙවතු වගාවක් ලෙසත් කෙසෙල් අපට ආර්ථිකමය වාසි සලසන බෝගයක් වෙනවා. කෝලිකුට්ටු, ඇඹුල්, අළු කෙසෙල්, ආනමාළු, පුවාලූ, රබර් කෙසෙල්, ඇම්බුන්, සීනි කෙසෙල් ආදී වශයෙන් කෙසෙල් වර්ග 300කට අධික ප‍්‍රමාණයක් අප සමාජයේ අද වෙනකොට නවීන තාක්ෂණික ක‍්‍රමවේද හරහාත් බිහිකෙරෙනවා.

ජාත්‍යන්තර මට්ටමේ විද්වතුන් පවසන ආකාරයට කෙසෙල් ශාකයේ නිජ භූමිය ලෙස හැඳින්වෙන්නේ මැලේසියාව. නමුත් මැලේසියාව කෙසෙල් ශාකයේ නිජ භූමිය ලෙස හැඳින්වූවත් එය සනාථ කරන කරුණු මැලේසියාවේ නෑ. දැනට ලොව පවතින පැරැණිතම කෙසෙල් වර්ගය තමයි වනගත කෙසෙල් වර්ගයක් වන ඇටි කෙසෙල්. ඇටි කෙසෙල් තමයි කෙසෙල්වල මූලාරම්භය. නමුත් ඇටි කෙසෙල් ඇති එකම රට අපේ ශ‍්‍රී ලංකාව විතරයි. ඒ අනුව පැහැදිලි වෙනවා කෙසෙල් ශාකයේ නිජ බිම මැලේසියාව කියලා මත පළ කළත් සැබවින්ම කෙසෙල් ශාකයේ මූලාරම්භය සිදුවුණේ ශ‍්‍රී ලංකාවේ කියලා.

කෙසෙල් ගෙඩිවල ඉතා ඉහළ පෝෂ්‍යය ගුණයක් පවතිනවා. අපි එදිනෙදා භාවිත කරන පලතුරු අතර පොටෑසියම් බහුලම පලතුරක් තමයි කෙසෙල් ගෙඩි කියන්නේ. පොදුවේ සැම කෙසෙල් ගෙඩියකම සෝඩියම්, යකඩ, විටමින් ඒ, විටමින් ඕ, විටමින් ඛ් ගුණ පවතිනවා.

සිකරට් වලට ඇති ඇබ්බැහිය අඩු කරවන විශ්මිත කෙසෙල් මැජික් ආහාරය

අපි විද්‍යාත්මකව පවා තහවුරු කරගෙන තිබෙන සුවිශේෂී කරුණක් තමයි අධික ලෙස සිගරැුට් පානය කරන පුද්ගලයන්ට එයින් මිදීමට කෙසෙල්වලට පුළුවන් කියන එක. කෙසෙල්වල තිබෙන රසායනික ගුණය සිගරැුට්වල පවතින නිකටින් විසට ප‍්‍රතිවිරුද්ධව කටයුතු කරන නිසා සිගරැුට් බොන පුද්ගලයන් අධික ලෙස කෙසෙල් ගෙඩි අනුභව කරනව නම් සිගරැුට් බීම එපා වෙනවා. සිගරැුට් බීමට ඇබ්බැහිවෙලා එය මග හරවාගන්න බැරිව ළතැවෙන අයට මම කෙසෙල්වලින් සාදාගත හැකි කෑමක් කියන්නම්. දිනපතා උදේ, දවල්, ? කෑම කනකොට පපඩම් වෙනුවට ඒ ආහාරයට ගන්න. ඔබට සිගරැුට්වලින් අත්මිදෙන්න පුළුවන් වේවි.

මුලින්ම හොඳින් පැසුණු අමු අළු කෙසෙල් ගෙඩි කිහිපයක් ගෙන පොතු ඉවත්කර ඒවා කැබැලිවලට කපා ගන්න.
කපාගත් කැබලි කහකුඩු ස්වල්පයක් හා ලූනු ස්වල්පයක් සමග මිශ‍්‍ර කරලා ගැඹුරු තෙලේ බැදලා රන්වන් පාට වෙනකොට තෙලෙන් බා ගන්න.
ඉන්පසු හොඳින් ඇසුරුම් කරලා දිනපතා බත් සමග ඒ කැබලි කිහිපයක් ආහාරයට ගන්න.
ඔබ දුම් පානයේ වහලෙක් වෙලා නම් එයින් ඔබට අත්මිදෙන්න මේ ඖෂධීය ගුණ සහිත ආහාරය උදව්වක් වේවි.

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාජගිරිය පිහිටා ඇති දේශීය

වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
31 Jan 2016 09:55 PM
අපේ ඉසුරු මල්ලිට තමයි මේ කරුණු ටික හුගාක් වටින්නෙ ...  ඒත් අලුකෙහෙල් මෙහෙම හැමදාමත් කන්න හොදද මන්දා 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
31 Jan 2016 09:56 PM
සමන්ත අය්යා මෙක අත් හදා බැලුවද ?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
31 Jan 2016 10:07 PM
Posted By Ind007ka on 31 Jan 2016 09:56 PM
සමන්ත අය්යා මෙක අත් හදා බැලුවද ?
මම සිගරැට්ස්  බීලම නැති නිසා අත්හදා බැලීමක් කරන්න අවශ්‍යතාවක් වුණේ නැහැ.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
31 Jan 2016 10:10 PM
දැනට ලොව පවතින පැරැණිතම කෙසෙල් වර්ගය තමයි වනගත කෙසෙල් වර්ගයක් වන ඇටි කෙසෙල්. ඇටි කෙසෙල් තමයි කෙසෙල්වල මූලාරම්භය. නමුත් ඇටි කෙසෙල් ඇති එකම රට අපේ ශ‍්‍රී ලංකාව විතරයි. ඒ අනුව පැහැදිලි වෙනවා කෙසෙල් ශාකයේ නිජ බිම මැලේසියාව කියලා මත පළ කළත් සැබවින්ම කෙසෙල් ශාකයේ මූලාරම්භය සිදුවුණේ ශ‍්‍රී ලංකාවේ කියලා.


ඒත් ලංකාව තවම කෙසෙල් අපනයනය ගැන හිතලවත් නැහැ. කලත් ඒකත් බොහොම සුළු ප්‍රමාණයකින්. දියුණු කරන්න පුළුවන් හොදම කර්මාන්තයක් තමයි මේක. විශේෂයෙන්ම අපනයන බෝගයක් විදියට. හැබැයි අපි කන කෙසෙල් සුද්දට හරියන්නේ නැහැ. ඒකට ගැළපෙන වෙනස් විදියේ කෙසෙල් වර්ග වෙන්න ඕන. පර්යේෂණ නම් නොකෙරෙන තරම් ලංකාවේ.. දෙපාර්තමේන්තුවක් තිබුනට.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
31 Jan 2016 10:35 PM
ලංකාවේ මොණතරම් ස්වාභාවික සම්පත් තිබුණත් ඒවායින් නිසි ප්‍රයෝජන ගන්නේ නැහැ. තිඹුණ සම්පත් පවා විනාශ කරන්න තමයි බලන්නේ.. හොඳම උදාහරණය තමයි බිබිලේ දොඩම්... බටහිර සමාගම් වල මුදලට මේවා සම්පූර්ණයෙන්ම විනාශ කලා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Feb 2016 07:16 AM
බොන අය මේක අත්හදා බලන්නෙ නැතිවෙයි.

අපිට හිතුනත් (බොන්නෙ නැති හින්දා)
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Feb 2016 07:22 AM
Posted By kingD on 31 Jan 2016 09:55 PM
අපේ ඉසුරු මල්ලිට තමයි මේ කරුණු ටික හුගාක් වටින්නෙ ...  ඒත් අලුකෙහෙල් මෙහෙම හැමදාමත් කන්න හොදද මන්දා 
ඈ  බොල  මට ................

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
01 Feb 2016 08:53 PM
උත්සාහ  කරලා බලන්න ඕනේ..මේකවත් හරි ගියොත්.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
01 Feb 2016 09:18 PM
Posted By Imalka on 01 Feb 2016 08:53 PM
උත්සාහ  කරලා බලන්න ඕනේ..මේකවත් හරි ගියොත්.

ඔව් ඔව් උඹත් දැන් එන්න එන්නම බොනව වැඩියි.. බලපන් ට්‍රයි කොරොල මේකවත් හරියයිද කියල 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Feb 2016 09:49 PM
Posted By kingD on 31 Jan 2016 09:55 PM
ඒත් අලුකෙහෙල් මෙහෙම හැමදාමත් කන්න හොදද මන්දා 
ඇයි අයියේ තෙල් වලින් බැදල කන හින්දද

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Aug 2016 10:55 AM

හදිස්සියකදී මේ ප්‍රථමාධාර 5 දැනගෙන හිටියොත් ඔබට ජිවිතයක් බේර ගන්නට හැකි වේවි!

 

ප්‍රථමාධාර කියන්නේ මොකද්ද?

groupon.com.au

groupon.com.au

ප්‍රථමාධාර කියන්නේ අපිට අනපේක්ෂිත අවස්ථාවක අනතුරක් කරදරයක් උනොත් එහෙම ලෙඩාව රෝහලට ගෙනියන්නට කලින් කලයුතු වත් පිළිවෙත් කියන එකයි. මෙය බොහොම සරලව මෙන්න මෙහෙම කියන්න පුළුවන්

“ප්‍රථමාධාර යනු යම් හදිසි අනතුරකදී හෝ රෝගී තත්ත්වයකදී, පුහුණු ප්‍රථමාධාරකරුවෙකු විසින්, පිළිගත් ක්‍රම සහ න්‍යායයන්ට අනුකූලව, පරිසරයේ ඇති සුදුසු සම්පත් උපයෝගී කරගනිමින්, රෝගියාට වෛද්‍යාධාර ලබාදීමට පෙර ලබාදෙන තාවකාලික ආධාරයයි.”

 

ප්‍රථමාධාර කරන්න සුදුසුකම් ලත් අයෙක් වෙන්න ඕනෙද?

Source - wollongongfirstaid.com.au

Source – wollongongfirstaid.com.au

එහෙම වෙන්නම කියලා අත්‍යාවශ්‍ය නැහැ. එත් ඔබ අදාළ අනතුර හෝ අදාළ අවස්තාව ගැන හොඳින් දැනුවත් වෙලා සිටින එක වැදගත්. උදාහරණයක් විදිහට අස්ථි කැඩීමකදී ඔබ සර්පයෙකු දෂ්ට කල අයෙකුට කරන ප්‍රථමාධාර කරලා වැඩක් නැහැනේ. අන්න ඒ වගේ. අනික වැදගත්ම දේ, ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ, ප්‍රථමාධාර දුන්නට ඔබ වෛද්‍ය වරයෙකු නොවන වග, ඒ නිසා කෙනෙකුට ප්‍රථමාධාර දුන්නම වටේ පිටේ චියර් එක හොඳ නිසා නොදන්නා බෙහෙත් නියම කරන්න ගියොත් නාන්න වෙන්නේ ඔබටම  තමා! ☺

හරි දැන් අපි ප්‍රථමාධාර ගැන කතා කරමු.

 

1. උගුරේ කුමක් හෝ සිර වුනොත්
Source - eltelegrafo.com.ec

Source – eltelegrafo.com.ec

a. කිහිප වරක්  කහින ලෙස උපදෙස් දෙන්න.

b. රෝගියා සිටවා උරහිස් ඉස්සරහට නවා උර පත්ත මැද්දට හෙමිහිට සාමාන්‍ය වේගයෙන් පහරවල් කිහිපයක් තට්ටු කරන්න.

c. රෝගියාගේ පිටුපසට ගොස් තමාගේ දෑත් බැඳ වටේට දමා පපු අස්ථියේ කෙලවරට පහතින් කිහිප වරක් ඉහලට තෙරපන්න. ළදරුවන් සඳහා මේ ක්‍රම වේදය භාවිතා කරන්න එපා.

වැඩිහිටියෙක් හට මේ ක්‍රමවේදය භාවිතා කරන ආකාරය මේ වීඩියෝවෙන් පැහැදිලිව දැක්වෙනවා.

උගුරේ යම් යම් දේවල් වැඩිපුර සිරකරගන්නේ කුඩා දරුවන් බැවින් ළදරුවෙකුට මේ ප්‍රථමාධාරය දෙන ආකාරය ගැන මේ වීඩියෝවෙන් දැනගන්න

බ තනිවම සිටින වේලාවක මේ වගේ අණතුරක් සිදුවුණොත් ඒ සඳහා අනුගමනය කරන්න පියවර කීපයක් තිබෙනවා. පහත වීඩියෝවේ දැක්වෙන ආකාරයට ඔබේ උදරය පුටුවකට තෙරපීමෙන් ඔබට ඒ ප්‍රථමාධාරය ලබාගත් හැකියි. මේ වගේ අවස්ථාවක කලබලයට පත් නොවී සිටීමට උත්සාහ කිරීම ඉතා වැදගත්

 

මේ කිසිවක් කලත් ප්‍රතිඵල නැතිනම් සිරුර ඉහල පහල නොයන ලෙස තබා ලඟම ඇති රෝහල වෙත රැගෙන යන්න.

 

2. සර්පයෙකු දෂ්ඨ කල විට
Source – howstuffworks.com

Source – howstuffworks.com

a. රෝගියාව බය කරන්න එපා. ඔහුව සන්සුන් කරන්න. සර්පයාගේ දලින් සිරුරට එකතු වෙන්නේ විෂ. ඉතින් අපි රෝගියාව කලබල කරොත් රෝගියාගේ හර්ද ස්ඵන්ධනය වැඩි වෙලා ඒ විෂ ශරීරාංග වෙතට යන්නට ගතවෙන්නේ සුළු වෙලාවයි.

b. දෂ්ට කල ස්ථානය නිසල කරවලා ඊට ඉහලින් රෙදි පටියකින් තදින් ගැට ගසන්න.

c. ඔහුට ඇවිදින්නට දෙන්න එපා. ඔහුව හාන්සි කරවලා ඔසවාගෙන යන්න.

d. ඒ වගේම රැගෙන යන විට දෂ්ට කල ස්ථානය හැම විටට හදවතට පහල ස්ථානයකින් තිබීම වැදගත්.

(නිද: දෂ්ටකලේ කකුලට නම් කකුල හදවත තියෙන උසට වඩා අඩු උසකින් ඔසවා රැගෙන යා යුතුයි.)

රෝගියාව සන්සුන් කරන්න උත්සාහ කරන්න. හැකිනම් දෂ්ට කල සර්පයාගේ වර්ණය, හැඩරුව ගැන විමසා දැනගන්න උත්සාහ කරන්න. සර්පයා සොයා යන්න උත්සාහ කරන්න එපා.
කැෆීන් සහ මධ්‍යසාර අඩංගු කිසිවක් බීමට දෙන්න එපා එය ශරීරය පුරා විෂ පැතිරීම ඉක්මන් කරයි.
පුළුවන් තරම් ඉක්මනින් රෝහලක් වෙත රැගෙන යන්න.

 

3. ක්ලාන්තයක් සිහිමුර්ජාවක් වුනොත්
Source – recert911.work

Source – recert911.work

a. රෝගියා නිදිකරවන්න. පාද දෙක ඉහලට ඔසවා හිස පැත්තකට හරවන්න.

b. රෝගියා ඇඳගෙන ඉන්නේ තද ඇඳුමක් නම් හොඳින් සිරුරට නිදහස ලැබෙන සේ තද ඇඳුම් බුරුල් කරන්න.

c. පිරිසිදු වාතය ලැබෙන්නට සලස්වන්න. කෙනෙකුට ක්ලාන්ත වී ඇති විට වටවෙලා ඔහු දිහා බලන්න ගියාම ඔහුට පිරිසිදු වාතයක් ලැබෙන්න ඉඩකඩක් නැහැනේ. ඒ නිසා ඔහුට ඒ නිදහස ලබා දෙන්න.

d. මුහුණට පවන්සලන්න, වතුර බිඳක් ඉස මුහුණ සිසිල් කරන්න.

e. සිහි නැති බව දැනුන හොත් වහාම අසල පිහිටි රෝහලට රැගෙන යන්න.

4. සෙල්ලම් කරන විට කකුල උලුක් වුනොත්
මේවට නම් ප්‍රථමාධාර නැහැ හොඳේ!Source - Giphy.com

මේවට නම් ප්‍රථමාධාර නැහැ හොඳේ!
Source – Giphy.com

a. මිතුරාව ඔසවාගෙන සිසිල් සෙවනකට අරන් යන්න.

b. ඉදිමි ඇති ස්ථානය සිසිල් කරන්න.

c. උලුක් වූ තැන ඔසවා තියාගන්න.

d. වෙළුම් පටි වලින් ඔතන්න එපා. එතනට ලේ ගමනාගමනය නිසිපරිදි වන්නට ඉඩ දෙන්න.

e. කලබල වෙලානම් ඉන්නේ ඔහුව සන්සුන් කර අස්වසන්න. කලබල වෙලා දඟලනකොට මේ ඉදිමුම තවත් නරක අතට හැරෙන්න පුළුවන්.

f. වහාම වෛද්‍යවරයෙකු ලඟට අරන් යන්න.

 

5. අස්ථි භග්නයක් (Fracture) වුනොත්
Source - radiologyassistant.nl

Source – radiologyassistant.nl

a. භග්නය වූ තැන සොලවන්න එපා.

b. භග්නය වී ඇත්තේ අතක නම් “උරමාවක්” යොදා ඇත ඔසවා තබන්න. නැතිනම් රෝගියාට ඔසවා සිටින්න කිවහොත් ඔහුට වෙනම වෙහෙසක් ඒ සඳහා දරන්නට වේවි.

c .ලේ වහනය වෙනවා නම් වහාම එය නතර කරන්න පිළියම් යොදන්න.

d. භග්නය සිදුවී ඇති අවස්ථාවේ කවන්න පොවන්න යන්නට එපා, කෙටියෙන් කියනවා නම් ආහාර පාන දීමෙන් වලකින්න.

ඉදිමුමක් ඇත්නම් තුවායක ඔතාගත් අයිස් තබන්නට පුලුවන්

e. වහාම රෝහලක් වෙත අරන් යන්න.

 

*සැලකිය යුතුයි – ප්‍රථමාධාර පිළිබඳ නිසි දැනුමකින් තොරව ප්‍රථමාධාර ලබාදීම රෝගියාට හානිකර විය හැකි බව මතක තබාගන්න.*

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Aug 2016 07:46 PM
ගොඩක් වටින පෝස්ට් එකක්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Aug 2016 10:09 AM
ස්තූතියි ඉසුරු මල්ලි වටින පෝස්ට් එකක්.
මේවා ඕනෙම මොහොතක වෙන්න පුලුවන් දේවල්නිසා මේ දැනුවත් කිරීම කාටත් ප්‍රයෝජනවත්.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
21 Aug 2016 10:53 PM
ඒත් හදිස්සියකදී මේවගේ දෙයක් උනහම බය වෙනවානේ ... එතකොට මේවා මතක් වෙන්නෙ නැති එක තමා දුක 
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Aug 2016 09:44 AM
අනතුරකදී බය වෙන එක තමයි කරන්න ඕනෙම නැති එක.මේ ගැන මට ගොඩක් අත්දැකීම් තියෙනවා.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Aug 2016 01:35 PM
ගොඩක් ස්තුති දැනුවත් කිරීමට ..කලබලේට මතක් නොවෙන එක තමා ප්‍රශ්නේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Aug 2016 01:20 AM
මේ ටිකනං බොහොමත්ම වැදගත් අයියේ
ගොඩක් සිතූතියි
0
You are not authorized to post a reply.
Page 18 of 18 << < 1415161718