You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Aug 2016 01:20 AM by  shanaka kelum
හදිස්සියකදී මේ ප්‍රථමාධාර 5 දැනගෙන හිටියොත් ඔබට ජිවිතයක් බේර ගන්නට හැකි වේවි!
 359 Replies
Sort:
You are not authorized to post a reply.
Page 17 of 18 << < 1415161718 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 Jul 2015 04:52 AM
ඇට සෝදගෙන බීල ෆිට් එකේ ඉන්න මිනිහෙක් ගැන ඇහුවමයි.. ඔහ්.. මිනිහෙක් නෙවේ.. රජෙක් නෙව.. සොරි වෙන්න ඕනේ.. තව ඩින්ගෙන් නිකරුණේ රාජ උදහසටත් ලක්වෙනව..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Aug 2015 12:00 AM
ඇත්ත බොරුව නම් දන්නේ නැහැ.. නමුත් මෙහෙම දෙයකුත් දැක්ක මම..

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Aug 2015 04:51 AM

අපි නිදාගන්න ඉරියව් 8 ක් සහ එයින් අපගේ සෞඛ්‍යයට  ඇතිවන ගැටළු


  • Starfish ඉරියව්ව




    මෙම ඉරියව්වට නිදාගැනීමෙන්  මුහුණේ රැලි වැටීම හා සම කැඩීයාම වැළකෙනවා . නමුත් ගෙරවිමේදී ප්‍රශ්න ඇතිවිය හැකිය . එලෙසෙම අත් දෙක ඇදීම නිසා  උළුක්කු විය හැකිය.
  •   එක පැත්තකට නිදාගැනීම



     මෙමගින් කශේරුකාව හා එහි හැඩය නිසියාකාරව පවත්වාගත හැකිය . නමුත් බෙල්ලේ වේදනාවක් ඇති විය හැකිය . සම රැලි වැටීම සහ පියයුරු එල්ලා වැටීම සිදු වේ .
  • Face Down  ඉරියව්ව
    මෙමගින් අහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදුවේ.නමුත් බෙලෙහි වේදන්වක් හටගත  හැකිය
  • දකුණු පැත්තට ඇලවී නිදාගැනීම


    ඔබ වම පැත්තට අලවී නිදාගත්තොත් පෙනහළු , ආමාශය , අක්මාවට බලපෑමක් ඇතිවිය හැකියි. දකුණු පැත්තට ඇලවී නිදාගතොත්  අම්ල පිත්තයට හානිවිය හැකියි .
  • කොට්ටය බදාගෙන නිදාගැනීම



    මෙය නිදාගැනීම සදහා ඉතාම හොද ඉරිය්වුවකි.  මෙමගින් අතේ හෝ වෙනත් ස්ථානවල කිසිම ආකරයේ  වේදනාවන් ඇති නොවේ.  අපේ සෞඛ්‍යයට ඉතාමත්ම හොද  ඉරියවුවක් ලෙස හැදින්විය හැකිය .
  • එක පැත්තට නිදා ගැනීම අත් විහිදුවා


    මෙහි ප්‍රතිපලද එක පැත්තකට නිදාගැනීම ඉරියව්ව හා සමාන වේ .
  • Fetal ඉරියව්ව


    ගර්භනී කාන්තාවන් සදහා මෙම ඉරියවුව සුදුසුය . නමුත් බෙල්ලට සහ කොන්දට හොද නැත .
  • අත්  ලං කරගෙන Starfish ඉරියව්ව 

    දැනට තිබෙන හොදම නිදාගැනීමේ ඉරියවුව මෙය වේ . මෙමගින් කිසිදු  සෞඛ්‍යය ප්‍රශනයක් ඇති නොවන අතර . නිරෝගිමත් නින්දක් ලබාගත හැකිය .


<!-- AdLink - Ad Display Code --> <!-- AdLink - Ad Display Code -->
  •  
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Aug 2015 06:44 AM
Posted By isurusam on 02 Aug 2015 04:51 AM

අපි නිදාගන්න ඉරියව් 8 ක් සහ එයින් අපගේ සෞඛ්‍යයට  ඇතිවන ගැටළු


  • Starfish ඉරියව්ව




    මෙම ඉරියව්වට නිදාගැනීමෙන්  මුහුණේ රැලි වැටීම හා සම කැඩීයාම වැළකෙනවා . නමුත් ගෙරවිමේදී ප්‍රශ්න ඇතිවිය හැකිය . එලෙසෙම අත් දෙක ඇදීම නිසා  උළුක්කු විය හැකිය.
  •   එක පැත්තකට නිදාගැනීම



     මෙමගින් කශේරුකාව හා එහි හැඩය නිසියාකාරව පවත්වාගත හැකිය . නමුත් බෙල්ලේ වේදනාවක් ඇති විය හැකිය . සම රැලි වැටීම සහ පියයුරු එල්ලා වැටීම සිදු වේ .
  • Face Down  ඉරියව්ව
    මෙමගින් අහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදුවේ.නමුත් බෙලෙහි වේදන්වක් හටගත  හැකිය
  • දකුණු පැත්තට ඇලවී නිදාගැනීම


    ඔබ වම පැත්තට අලවී නිදාගත්තොත් පෙනහළු , ආමාශය , අක්මාවට බලපෑමක් ඇතිවිය හැකියි. දකුණු පැත්තට ඇලවී නිදාගතොත්  අම්ල පිත්තයට හානිවිය හැකියි .
  • කොට්ටය බදාගෙන නිදාගැනීම



    මෙය නිදාගැනීම සදහා ඉතාම හොද ඉරිය්වුවකි.  මෙමගින් අතේ හෝ වෙනත් ස්ථානවල කිසිම ආකරයේ  වේදනාවන් ඇති නොවේ.  අපේ සෞඛ්‍යයට ඉතාමත්ම හොද  ඉරියවුවක් ලෙස හැදින්විය හැකිය .
  • එක පැත්තට නිදා ගැනීම අත් විහිදුවා


    මෙහි ප්‍රතිපලද එක පැත්තකට නිදාගැනීම ඉරියව්ව හා සමාන වේ .
  • Fetal ඉරියව්ව


    ගර්භනී කාන්තාවන් සදහා මෙම ඉරියවුව සුදුසුය . නමුත් බෙල්ලට සහ කොන්දට හොද නැත .
  • අත්  ලං කරගෙන Starfish ඉරියව්ව 

    දැනට තිබෙන හොදම නිදාගැනීමේ ඉරියවුව මෙය වේ . මෙමගින් කිසිදු  සෞඛ්‍යය ප්‍රශනයක් ඇති නොවන අතර . නිරෝගිමත් නින්දක් ලබාගත හැකිය .


<!-- AdLink - Ad Display Code --> <!-- AdLink - Ad Display Code -->
  •  

දැනට තිබෙන හොදම නිදාගැනීමේ ඉරියවුව මෙය වේ . මෙමගින් කිසිදු  සෞඛ්‍යය ප්‍රශනයක් ඇති නොවන අතර . නිරෝගිමත් නින්දක් ලබාගත හැකිය .
හොදා අපිත් try කරනවා එහෙම නම් ......................වැදගත් ලිපියක් my respect to you Issuru 
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Aug 2015 04:03 PM
හොද ලිපියක් ..... බලන්න ඕනේ මාත් try කරලා ...එත් ඉතින් නින්ද ගියාට පස්සේ ඔය එක ඉරියවුවක් වත් සිහියේ නැ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Aug 2015 06:15 PM
නිදා ගත්තම ඔවා මතක කොහෙද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Aug 2015 08:46 PM
අපොයි ඔව්..
හොද විදියට හරි බරි ගැහිලා නිදා ගත්තට මොකද ඊට පස්සේ මොකද වෙන්නේ කවුද දන්නේ.. වෙන කෙනෙක් තියල වෙනවා ඉරියව්ව හදන්න.

කොහොම උනත් මේ තොරතුරු ඉතා වැදගත්..
බොහොමයක් වේදනාකාරී රෝග වලට එක හේතුවක් තමයි ඉරියව් සහිත හිදගෙන සිටීම සහ නිදා ගැනීම..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Aug 2015 08:50 PM
නිදා ගැනීම කෙසේ වෙතත් උදේට සරම සොයා ගන්නත් හෙන ගේමක් දෙන්න ඕන...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Aug 2015 08:17 AM
නිදාගන්නනං පුලුවන් ඒ විදියටම එලි වෙනකං ඉදියිද කියන එකනේ අවුල
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Aug 2015 06:35 PM
Posted By indika76 on 02 Aug 2015 08:50 PM
නිදා ගැනීම කෙසේ වෙතත් උදේට සරම සොයා ගන්නත් හෙන ගේමක් දෙන්න ඕන...


… …නින්ද ගියහම කවුද සරම හංගන්නෙ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Aug 2015 07:36 PM
Posted By Ind007ka on 04 Aug 2015 06:35 PM
Posted By indika76 on 02 Aug 2015 08:50 PM
නිදා ගැනීම කෙසේ වෙතත් උදේට සරම සොයා ගන්නත් හෙන ගේමක් දෙන්න ඕන...


… …නින්ද ගියහම කවුද සරම හංගන්නෙ?

ඕවත් ඉතිං මේ මහ රෑ ඉන්න ඉරියව්වල ප්‍රතිඵල තමයි.. 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Aug 2015 07:49 AM
අනේද කියන්නේ වෙලාවකට මටත් ඔය ගැටලුවනං තියෙනවා
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Jan 2016 08:48 PM

තප්පර 60 න් කොන්දේ වේදනාව නැතිකරන විශ්මිත ප‍්‍රතිකර්මයක් මෙන්න…

වර්තමානයේ ජිවන රටාව තුළින් ව්‍යායාම කිරීම සදහා අපට කාලයක් වෙන්කර ගැනීම ඉතාමත් අපහසු කටයුත්තක් වෙනවා. අප බොහෝ දෙනෙකුටම ඇත්තේ ඒකාකාරී ජිවන රටාවක්. අප සේවය කරන ස්ථානයේ හෝ වෙනත් ස්ථානයන් හි එකාකාරීව ඉදගෙන සිටිම තුළින් නොනවතින කොන්දේ වේදනාවක් ඇති වෙන්වා… නූතන සමාජය මුහුණ දෙන පොදු ගැටළුවක් වන්නේ මෙම කොන්දේ වේදනාවයි.
ඔබ ඔබගේ වාහනය පදවන විටදී එහෙමත් නැත්තම්  මිතුරන් සමග භාණ්ඩ මිලදී ගන්නා විටදී හෝ ඔබගේ මිතුරන් සමග ආහාර ගන්නා විටදී ඔබට මෙවන් අකාරයේ කොන්දේ වේදනාවකට මුහුණ දීමට සිදුවූ විට ඔබ විසින් සිදුකරනු ලබන්නේ කුමක්ද?
තප්පර 60 ක පමණ කාලයක් වැයකර කොන්දේ වේදනාව සුවකර ගැනීම සදහා කළහැකි විශ්මිත ප‍්‍රතිකර්මයක් තිබෙනවා ඔබට දැන් තිබෙනවා… මෙම ලිපිය මගින් ඔබට ඉදිරිපත් කරනු ලබන්නේ කොන්දේ වේදනාව විනාඩියක පමණ කාලයක් ඇතුළත සුවකරගැනීම සදහා සිදුකල හැකි ඉතාමත් සරල ව්‍යායාමයක්…. ඔබට කොන්දේ වේදනාව ඉතාමත් දරුණුවට දැනෙනවානම් පහත දැක්වෙන ව්‍යායාමය සිදුකිරීම සදහා එක් විනාඩියක් වැය කරන්න…. මෙය ඔබගේ ශරීරය සන්සුන් කරවන ආශ්වාස කිරීම මගින් සිදුකරනු ලබන ව්‍යායාමයකි. මෙමගින් ඔබගේ කොන්දේ වේදනාවට ඉතාමත් ඵලදායි ලෙස ප‍්‍රතිකාර සිදුකර ගැනීමට හැකි වේයි.

පහත පියවර අනුගමනය කරන්න…

  •  පහසු ඉරියව්වකින් ඉඳගන්න.
  • ඔබගේ ඇස් පියාගෙන ඔබගේ මනස සහ ශරීරය සන්සුන් කර ගැනීමට උත්සහ කරන්න.
  • දැන් ඔබගේ දිවේ කෙලවර උඩු ඇන්දේ දත් වලට පිටුපසින් තබාගන්න.
  • තප්පර හතරක් පමණ සෙමින් නාසයෙන් හුස්ම ගන්න.
  • හුස්ම රදවාගෙන 7 ට ගණන් කරන්න.
  • දැන් ඔබගේ මුඛයෙන් එම හුස්ම පිටකරන අතරතුර 8 ට ගණන් කරන්න.
  • වාතය පිටකිරීමේ දී කුඩා ශබ්දයක් පිටකරන්න.
ඉහත පියවරයන් තුන් වතාවක් සිදු කරන්න…
ඔබ සිතනවානම් ඔබගේ කොන්දේ වේදනාව ඇතිවන්නේ ඔබගේ ඉරියව් නිසා කියා ඔබට කොන්දේ වේදනාව සදහටම සුවකර ගැනීම සදහා වෙනත් ව්‍යායාමයක් තිබේනවා. මෙම ව්‍යායාමය සිදුකිරීම සදහා තප්පර 60 ක් වත් ගත නොවන අතර ඔබ දිනපතා මෙම ව්‍යායාමය සිදු කිරීම මගින් ඔබගේ කොන්දේ වේදනාව සුවකරගෙන ඔබ පෙර සිටි ආකාරයට සිටීමට හැකි වේ.

පහත පියවර අනුගමනය කරන්න…

  • මුනින් අතට වැතිර ඔබගේ අත් පිටුපසට යොමු කරන්න.
  • ඔබගේ වැලමිට බිම තබා ඔබගේ ශරීරයේ ඉහල කොටස ඔසවා තප්පර 8ක් රැදී සිටින්න.
  • ඉන් පසුව ආරම්භක ඉරියව්වට පැමිණෙන්න.
  • මේ ආකාරයට වාර 2 ක් සිදු කරන්න.
  • මෙයින් පසුව ඔබ උඩු අතට වැතිර ඔබගේ අත් නිදහස්ව තබා ගෙන ඔබගේ දණහිස් නවන්න.
  • ඔබගේ ශරීරයේ ඉනෙන් පහල කොටස කෙලින් ඔසවා තප්පටර 8ක් රැදී සිටින්න.
  • ඉන්පසුව ඔබගේ දණහිස් පෙදෙස අතින් අල්ලාගෙන නවන්න.
  • ඔබගේ පාද, පපුව දෙසට ගෙන තප්පර 8ක් රැදී සිටින්න.
  • ඉන්පසුව ආරම්භක ඉරියව්වට පැමිණෙන්න.
මෙම සම්පූර්ණ ව්‍යායාම කට්ටලයම වාර දෙකක් සිදු කරන්න…
මෙම ව්‍යායාම නින්දට යාමට පෙර සිදුකර ඔබගේ කොන්දේ වේදනාව සුව කරගන්න. කොන්දේ වේදනාව සුවකර ගැනීම සදහා සෑම විටම ක‍්‍රියාශීලිව සිටීමට මතක තබාගන්න…. එමගින් කොන්දේ වේදනාව ඉක්මනින්ම සදහටම සුව කරගැනීමට ඔබට හැකිවේවි…

උපුටා ගත්තේ -http://healthtips.lk

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
19 Jan 2016 09:09 PM
මන් හිතුවෙ බාම් එකක් කියල
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Jan 2016 09:13 PM
මමත් හිතුවෙ එහෙමයි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 Jan 2016 10:01 PM
මගෙත් කියෙනවා කොන්දේ වේදනාවක්.. කරලා බලමු..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Jan 2016 12:53 AM
බලන්න ඔනේ අපේ අම්මට කරලා. එයාටක් කොන්දේ අමාරැවක් තියෙනවා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
29 Jan 2016 06:15 AM

මෙම ස්ථානය විනාඩියක් පමණ තද කරන්න. සිදුවන දේ ඇසුවොත් ඔබ මවිතයට පත්වේ

ඔබ බියට පත්වූ විට හදවත ඉතා වේගයෙන් (ගැලවීමට යන්නාක් මෙන් ) ස්ඵන්දනය වීම ඔබ මෙන්ම මාද ලබා තිබෙන අත්දැකීමකි මෙවිට හාට් ඇටෑක් එකක්ද කියා බයවන අය නැතුවාද නොවේ. මෙම තත්වය හදවත් අභිස්ඵන්දනය ලෙස හදුන්වන්වා. නමුත් මෙය ගොඩාක් අවස්ථාවලදී හානිකර නොවන තත්වයකි. නමුත් මෙම තත්වයන් සාංකාව, චකිතය පවතින පුද්ගලයන් පේ‍්‍රරණය කිරීමක්.

සම්පූර්ණ දේහය සන්සුන්ව සහ සංවහන වේගය වැඩිකිරීම මගින් මෙම තත්වය මගහැරීම කටුචිකිත්සාව මගින් සිදුකරනු ලබනවා.

මෙම ස්ථානය ජීවී දේහයේ පීඩනය අඩුකරමින් සාංකා තත්වයන් සහ හදවතේ පවතින අභිස්ඵන්දන තත්වයන් මගහැරීමට දායක වනු ලබනවා. මෙම ස්ථනය පිහිටා තිබෙන්නේ පපු ඇටය මධයයේ හෝ පපු ඇටයෙ පහල දාරයේ සිට මහපට ඇගිලි තුනක පළලකින්.

මෙම ස්ථානය පණ ගැන්වීමට මෙම ස්ථානය මහපට ඇගිල්ලෙන් ගැඹුරින් හුස්ම ගනිමින් විනාඩි 1ත් 2ත් අතර කාලයක් සෙමින් මෘදුව ක‍්‍රම ක‍්‍රමයෙන් පිරි මදින්න.

එමගින් පපු ප‍්‍රදේශයේ පවතින ආතතිය අඩුකිරීම, චිත්තවේග වල පවතින අසංතුලිත තත්වයන්, සාංකාව, විෂාදය සහ හිස්ටීරියා තත්වයන් මගහැරීමට දායක වෙනවා. තවද, ඇදුම, පියයුරු වල පවතින සංකූලතාවයන්, ප‍්‍රමාණවත් පරිදි කිරි එරීම සිදුනොවීම, උගුරේ තුවාල වැනි තත්වයන් මගහැරීමට යෝග්‍යයි.

එලෙසම කටු චිකිත්සාවේ පිහිටන ප‍්‍රභල ස්ථානයක් තමා ඇහිබැම මධ්‍යයේ සහ නාසයේ උඩ වක‍්‍රය හමුවන ස්ථානයේ පිහිටන තුන් වන ඇස.

මෙම ස්ථානය උත්තේජනය කිරීම සදහා එම ස්ථානයේ අත්ල එක්කර තබා හෙමින් සහ ගැඹුරින් හුස්ම ගනිමින් විනාඩියක් පමණ කාලයක් මැදගිල්ල සහ දබර ඇගිල්ල භාවිතාකර තදකරන්න.

දේහය සන්සුන්ව පවත්වා ගැනීමට හා සාංකාව ආශ‍්‍රිත රෝගී තත්වයන්, නින්ද නොයාම, හිසරදය, ඇසේ පවතින රෝග, කරකැවිල්ල, නාසය සිරවීම වැනි රෝගී තත්වයන් මග හැරීමට දායක වේ.

තවද සංවේදන හැකියාව වැඩිකිරීම, මනස සහ දේහය සන්සුන්ව පවත්වාගැනීම මෙම ස්ථානය උත්තේජන කිරීම මගින් සිදුකල හැක.

Source | healthtipsportal.com

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Jan 2016 06:54 AM
අපේ ශරීරය තුලම අපේ ශරීරය නිරෝගී පවත්වාගෙන යන්න ක්‍රම උපායන් තියෙනවා නොවැ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Jan 2016 09:18 AM
නළල උඩ තැන නම් මාත් කරනවා ඔලුවේ කැක්කුමට .... ස්තුති අයියා මේ දැනුවත් කිරීමට
0
You are not authorized to post a reply.
Page 17 of 18 << < 1415161718 > >>