You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Jan 2017 07:56 AM by  hasithad
ගස්ලබු කොළ වල සැඟවුණු ඖශධීය ගුණ..
 201 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 1112345 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Feb 2015 07:55 AM

    උපතේ සිට මරණය දක්වාම හිසේ තෙල් ගැල්වීම ඉතා සුදුසුයි

    දවස පුරා තෙල් බේරාගෙන සිටීම හොඳ නැහැ

    කෘත්‍රිම ආලේපන නිසා කල් යෑමේ දී හි‍සකෙස්වලට වෙන දේ හිතාගන්නවත් බැහැ

    ලෝකේ වෙනස් වෙලා. ඉස්සර දිගු කොණ්ඩයක් තිබු අයට දැන් එහෙම නැහැ. ඇතැමුන්ගේ තට්ටය පෑදිලා. තවත් අයගේ කොණ්ඩය පැහිලා. අකලට සිදුවන මේ වෙනස්කම්වලට හේතුව කුමක් විය හැකි ද?

    අයහපත් පැවැත්ම, වායුසමීකරණය කරන ලද කාමරවල සිටීමත් හිසකෙස් වර්ධනයට බලපෑමක් වෙලා. අපි කොහොම ද මේ අකලට පැහෙන, හැලෙන කෙස් කළඹ පරිස්සම් කරගන්නේ.

    හිසකෙස් කියන්නේ කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ටත් තිබෙන ස්වාභාවික ආභරණයක්. විශේෂයෙන්ම කාන්තාවන්ට නම් හිසකෙස් යනු පංචකල්‍යාණයෙන් එක් කල්‍යාණයක්. දිගු හිසකෙස්, පැහැපත් හිසකෙස්, කෙනෙකුගේ පෞරුෂයට මෙන්ම තවත් කෙනෙකුගේ ආකර්ෂණයට ගෞරවයට ලක්වීමටත් හේතුවක් වෙනවා. අද කාන්තාවන් මෙන්ම පුරුෂයන් ද හිසකෙස්වලට විවිධ වූ දේ කරනවා. ඔවුන් එහෙම කරන්නේ තවත් කෙනෙකුගේ ආකර්ෂණය ලබා ගැනීමට මෙන්ම තමන් හැඩ වැඩ වීමටත්. මේ හැඩ වැඩ වීමට යෑමේ දී විවිධ කෘත්‍රිම ආලේපන වර්ග, ජෙල් වර්ග ආදිය ඔවුන් හිස ගල්වනවා අද අපිට දකින්නට පුළුවන්. ඒ දේවල් කිරීමෙන් ඔවුන්ගේ අරමුණ ඉටුවෙනවා වන්නට පුළුවන්. නමුත් ඔවුන් දන්නෙම නැතිව හිසට හිසකෙස්වලට එම ආලේපන නිසා අහිතකර ප්‍රතිඵල අත්වීමට තිබෙන ඉඩකඩ වැඩියි. එමෙන්ම බරපතළ රෝගාබාධයන්ටත් ඔවුන් ගොදුරු වීමට පුළුවන්.

    අපි හිස ගැන කතා කළොත් හිසෙහි මස්තිෂ්කය ආරක්ෂා වී තිබෙන්නේ ඒ වටා තිබෙන පටලවලින්. ඒ වටා ඝන අස්ථි විසි දෙකක් තිබෙනවා. ඒවා තිබෙන්නේ විවිධ වූ ඝනකම්වලින්. ඉන් පසුව ඝනකම් චර්මයක් තිබෙනවා. හිසකෙස් පිහිටා තිබෙන්නේ මේ සියල්ලටම පසුව. කෙනෙකුගේ මනාව වැඩුණු කෙස් කළඹ මස්තිෂ්කය වගේම ශිර්ෂ චර්මයත් ආරක්ෂා කරනවා. විශේෂයෙන්ම බාහිරින් එන ශීතල, උෂ්ණත්වය, වෙනස්වීම්වලට ඔරොත්තු දෙමින් අපේ හිසේ මනා උෂ්ණත්වය පවත්වාගෙන යෑමට හිසකෙස් උදව් වෙනවා.

    මෙහිදී මනා පෝෂණයක්, ප්‍රමාණවත් ජල පානය, ජල ස්නානය, හිසකෙස් පිරිසුදුව තබා ගන්නේ නම් වගේම හොඳ හින්දක් ලබන්නේ නම් හිසකෙස් ස්වාභාවිකවම වැඩීම සිදු වෙනවා. එහෙත් ඇතැම් රෝගාබාධ සහ දේශගුණික හේතු නිසා හිසකෙස් වර්ධනයේ අඩාල වීමක් සිදු වෙනවා නම් ඊට ප්‍රතිකාර කළ යුතුයි. හිසකෙස් සම්බන්ධව වැලදෙන ප්‍රධාන රෝග ලෙස හිසකෙස් අකලට හැලීම, අකලට කෙස් පැසීම, කෙස් අග පැලීම, කෙස් ගස් තුනි වීම ආදිය දැක්වීමට පුළුවන්.

    ඕනෑම කෙනෙකුගේ කෙස් ගස් දිනකට හතළිහක් පනහක් පමණ හැලෙනවා. නමුත් මෙම ප්‍රමාණ ඊටත් වඩා වැඩියෙන් අවුරුදු තිහ හතළිහේ දී පමණ සිදුවේනම්, තට්ටය පෑදේ නම් එය අකාලයේ හිසකෙස් හැලීමක් ලෙසට හඳුන්වා දෙන්නට පුළුවන්.

    කෙස් කලඹට පෝෂණය
    *පොල් තෙල් හෝ ඔලිව් තෙල් මේස හැන්දකට දෙහි ඉස්ම තේ හැදි දෙකක් කලවම් කර හිස් කබලේ ගල්වා පැය දෙකකට පමණ පසු හිස සේදිමෙන් හිස්හොරි සුව කර ගැනීමට පුළුවන්.

    *දෙහි යුෂ ගැල්වීම හෝ තේ කහටට දෙහි යුෂ කලවම් කර හිසකෙස් වල තවරා පැය භාගයක් පමණ තිබෙන්නට හැර සේදීමෙන් හිස කෙස්වලට දිප්තියක් ලබා ගත හැක.මෙය සුමානයකට දවසක් කිරීම ප්‍රමාණවත්.

    *ගොටු කොළ දෙහි ඇඹුලෙන් අඹරා මී පැණි සමඟ කලවම් කර හිස ගැල්වීමෙන් හිස කෙස්වලට නීරෝගී බවක් මෙන්ම ඝන බවක් ඇති කර ගැනීමට පුළුවන.

    *නෙල්ලි දෙහි උළු හාල් සමඟ තම්බා හිස ගැල්වීමෙන් අකලට හිස කෙස් වැටීම ,පැසීම වැලැක්වීම,හිස කෙස් වර්ණවත් කිරීම ,ප්‍රාණවත් කිරීමට හොඳ ඖෂධයක් ලෙස භාවිත කිරීමට පුළුවන.

    වයස් ගතවීමත් සමඟ කෙස් ගස් තුනි වීමත් කෙස් ගස් සුදු වීමත් තට්ටය පෑදීමත් සාමාන්‍ය දෙයක්. නමුත් මේ සියලු දේ වයස්ගත වීමට පෙර සිදුවේ නම් එය අස්වාභාවිකයි. එවැනි විටෙක හොඳම දේ තමයි සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ප්‍රතිකාර ලබා ගැනීම.

    ඇතැම් විට ශරීර අභ්‍යන්තරයේ රෝගවල ප්‍රතිඵලයක් ලෙසත් ඇදුම පීනස ආදි රෝග ඇති විටත් කෙස් ගස් පැසීම හැලීම සිදු වෙනවා.

    මේ අතරම අද තිබෙන ලොකු ප්‍රශ්නය තමයි හිසකෙස් සරසන්න මූලික අරමුණ ඇතිව ප්‍රමිතියකින් තොර කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය අඩංගු කේෂාලේප, ඩයි වර්ග, ජෙල් වර්ග ආදි විවිධ දේ භාවිත කිරීම. මේ නිසා අවසානයේ චර්ම රෝග මෙන්ම අසාත්මිකතා ඇතිකර ගන්නවා. ඇතැම් විට මේවා මාරාන්තිකයි.

    මීට අමතරව ලාදුරු ආදි චර්ම රෝගවලදී ද පිළිකා රෝගවලදී කරනු ලබන ධුලකවේද සහ කිරණ ප්‍රතිකාරවල බලපෑමෙන් අතුරු ආබාධ හැටියටත් හිසකෙස් හැලීම වෙනවා.

     

    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    02 Feb 2015 07:56 AM
    කෙසේ වෙතත් කෙස් කළඹට අකලට සිදුවන හානි අවම කර ගැනීමට නම් අපි විසින් අනුගමනය කළ යුතු පිළියම් කිහිපයක්ම තිබෙනවා.


    ඉන් එකක් තමයි මනා පෝෂණයක් ඇති ආහාර වේලක් ලබා ගැනීම. මෙහිදී අපි හැම විටම උනන්දු විය යුත්තේ නැවුම් එළවළු පළතුරු ආහාරයට ගැනීමට. මෙහිදී ශීතකරණයේ එළවළු පළතුරු ආහාරයට ගැනීම අනුමත කරන්න බැහැ. එමඟින් සිදුවන්නේ ආහාරවල ප්‍රතිඔක්සිකාරක විනාශ වීම. ඒ නිසා පුළුවන් තරම් අපි නැවුම්ව එළවළු පළතුරු ආහාරයට ගැනීමට පුරුදු විය යුතුයි.

    විශේෂයෙන්ම පලා වර්ග ඒ අතරිනුත් ගොටුකොළ, ආහාරයට ගැනීම සුදුසුයි. ගොටුකොළ අමුවෙන් කෑම, ගොටුකොළ යුෂ පානය කිරීම, ගොටුකොළ කැඳ වශයෙන් ගැනීමටත් හිසකෙස්වල පැවැත්මට හොඳයි වගේම මතක ශක්තිය, ධාරණ ශක්තිය ඇතිවීමටත් ගොටුකොළ හොඳ ඖෂධයක්. දරුවන්ට දිනපතාම ගොටුකොළ ආහාරයට දීමේ වරදක් නැහැ. ඊට අමතර කතුරුමුරුංගා, කොළ, මල්, මුරුංගා කොළ සහ කරල් ආහාරයට ගැනීමෙන් හිසකෙස් වර්ධනයට එයිනුත් අනුබලයක් ලැබෙනවා.

    කහ සහ රතු වර්ණ එළවළු, මේවා පුළුවන් තරම් අමුවෙන් හෝ සලාද, මද වශයෙන් තම්බා ආහාරයට ගැනීම සුදුසුයි. මීට අමතරව ඇට වර්ග ආදියත් ආහාරයට ගැනීම හොඳයි. මෙහිදී මුං ඇට, සෝයා ඇට, කඩල කව්පි ආදිය ඇට වර්ග තම්බා ආහාරයට ගන්නවාට වඩා දිනක් හෝ දෙකක් පෙගෙන්නට තබා එහි මොටෙයිය ආවාට පසුව අමුවෙන් හෝ සලාද හැටියට, එහෙමත් නැත්නම් මද වශයෙන් පිස ආහාරයට ගන්නට පුළුවන්නම් එය වඩාත්ම හොඳයි.

    මෙය අද වන විට බටහිර ඉතා ජනප්‍රිය කෑමක්. මේ ක්‍රමයට ඇට වර්ග ආහාරයට ගැනීම චර්මයට මෙන්ම තරබාරුව මට්ටු කරන්නටත් හොඳ ක්‍රමයක්. මෙය දීර්ඝකාලීනව කළ යුතු දෙයක්. එමෙන්ම දිරවීමටත් පහසුයි. පාන් සහ පාන්පිටි මිශ්‍ර ආහාර ඉවත දමා ස්වාභාවිකව වැවෙන අල බතල කෑම වඩාත් යෝග්‍යයයි. දවසට නෙල්ලි ගෙඩි තුනක්වත් කෑමට ගන්න පුළුවන්නම් එය හිසකෙස්වලට හොඳ බෙහෙතක්.

    ඒ වගේම තමයි ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම, දිනකට පස් වතාවකට වැඩියෙන් මුත්‍රා පිටවන විදිහට අපි වතුර පානය කළ යුතුයි. ආහාර වගේම ස්නානයත් හිසකෙස් වර්ධනයට එහි සුරක්ෂිතභාවයට බලපාන්නක්.

    දහඩිය තෙල් ආදිය සේදි යන අයුරින් නෑම කළ යුතු අතර සතියකට දවස් දෙක තුනක්වත් නෑම කළ යුතුයි. මෙහිදී සැර සබන් වර්ග ෂැම්පු වර්ග හිස ගැල්වීම සුදුසු නැහැ. මෙහිදී අපිට අතීතයේ සිට භාවිත කෙරෙන මේ ප්‍රතිකර්මය කළ හැකියි. නෙල්ලි, උළුහාල්, දෙහි ගැට තම්බලා ඒ වතුරෙන් හිස සෝදා මෘදුව සම්බාහනය කිරීම හොඳයි. ඒ වගේම වදමල් අඹරා හිස ගල්වා නෑම ද සුදුසුයි. ස්නානයෙන් පසුව හිසකෙස් හොඳින් වියළා ගැනීම කළ යුත්තක්. රාත්‍රියේදී නෑම සුදුසු නැතිව මෙන්ම හිසකෙස් ස්වාභාවිකව වියලීමට සැලැස්විය යුතුයි.

    ඉතාම වැදගත් දෙයක් තමයි හිසට තෙල් ගැල්වීම. උපතේ සිට මරණය දක්වාම ජීවත්ව සිටින කාලය තුළ හිසට තෙල් ගැල්වීම කළ යුතුයි. අවාසනාවට අද අපේ සමාජයේ තිබෙන්නේ තෙල් වෙනුවට ජෙල් ගෑමක්. හිසට දැමීමට සුදුසුම තෙල තමයි පොල්තෙල්. ගෙදර සිඳගන්නා පොල් තෙලට උළුහාල් සැවැන්දරා, ගොටුකොළ මුගුණුවැන්න කොළ කොටා දාලා එය සකසා ගැනීමට පුළුවන්නම් වඩාත් හොඳයි. සුමානයකට දවස් දෙකක්වත් නාන්න පැයකට පෙර හිස් මුදුන තෙල් දාලා හිස්කබල පුරාම විහිදී යන විදිහට ඇඟිලි තුඩුවලින් සම්බාහනය කිරීම ඉතා හොඳයි. ඉන් පසුව පැය දෙකකට පසුව නෑම කළ හැකියි. එහෙම නැතිව දවස පුරා හිසේ තෙල් තවරාගෙන සිටීමෙන් සිදුවන්නේ දූවිලි කුණු වැදීමෙන් කෙස්වලට හානි පැමිණීමක්.

    මේ සියල්ල පිළිපදින අතරේ හිසකෙස් වර්ධනයට බලපාන තවත් සාධකයක් තමයි නින්ද. හොඳ මානසික තත්ත්වයකින් සිටිය යුතු සේම අඩුම වශයෙන් දිනකට පැය හයක්වත් නින්දක් ලබාගත යුතුයි. මේ ආදි වශයෙන් පිළිවෙළක් ඇති පැවැත්මක් ගෙන යන විට අපට හිසකෙස් ආරක්ෂා කරගත හැකියි.

    කතාබහ
    වෛද්‍ය වජිර සෙනෙවිරත්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    02 Feb 2015 08:06 AM
    magea me sudhu kes tika kalu karanna berida?
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    02 Feb 2015 08:12 AM

     dan parakku wedi neda aiyye,,dye tikak wath gamuda ...eth dan sudu kesuth style ekak ne,,eka nisa onna ohe tiya ganna

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    02 Feb 2015 08:23 AM
    mamath asa sudu kes walata thamayi..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    02 Feb 2015 08:33 AM
    Posted By samantha on 02 Feb 2015 08:23 AM
    mamath asa sudu kes walata thamayi..

     

     

    මේ කොමෙන්ටුව දැක්කාම මට අර නරියා සහ මිදී වැල කතාව මතක් උනා සමන්ත අයියේ... අනේ මන්දා ඒ ඇයි කියලා.. (තරහ නැහැනේ?)

    බොහොම ස්තුතියි රෝසි මේ වටිනා කාරණා කාරනා අපට හොයාගෙන එනවට..

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    02 Feb 2015 08:38 AM
    Posted By maduranga001 on 02 Feb 2015 08:33 AM
    Posted By samantha on 02 Feb 2015 08:23 AM
    mamath asa sudu kes walata thamayi..

     

     

    මේ කොමෙන්ටුව දැක්කාම මට අර නරියා සහ මිදී වැල කතාව මතක් උනා සමන්ත අයියේ... අනේ මන්දා ඒ ඇයි කියලා.. (තරහ නැහැනේ?)

    බොහොම ස්තුතියි රෝසි මේ වටිනා කාරණා කාරනා අපට හොයාගෙන එනවට..

    තරහ වෙන්න කාරණයක් නෙමෙයි . ඒක තම්යි සත්‍ය. ගොඩක් අය මගෙන් ඇහුවා ඇයි කොණ්ඩේ ඩයි කරන්නේ නැත්තේ කියලා. මම එදා සිට කිව්වේ මම මේ කොණ්ඩෙට කැමති බවයි.

     

     

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    02 Feb 2015 09:27 AM

    eththa samahara ayata sudu konde lassanai...

    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    02 Feb 2015 09:32 AM
    sthuti me lipi valata.
    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    02 Feb 2015 10:18 AM
    sudu kondeth kalathamaka bawak tiyanawa.............
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    02 Feb 2015 10:30 PM
    Posted By samantha on 02 Feb 2015 08:23 AM
    mamath asa sudu kes walata thamayi..

     

    සුදු කෙස් කියන්නේ ලා ගස් ...

    ඒවා මෝරන කොට කළුපාට වේවි..

     

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    02 Feb 2015 10:37 PM
    ඒ කියන්නේ සමන්ත අයියා තවම ළපටියෙක්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    02 Feb 2015 10:47 PM
    Posted By maduranga001 on 02 Feb 2015 10:37 PM
    ඒ කියන්නේ සමන්ත අයියා තවම ළපටියෙක්.

    නැහැ. නැහැ.. සමන්ත අයියා කියන්නේ අත්දැකීම්වලින් පරිපූර්ණ වූ විශ්ව කෝෂයක්..

    ඒ වගේම තරුණයෙක් වගේ ක්‍රියාශීලීයි. කෙලිලොල්..

    ඒ වගේ මිනිස්නු හරිම දුර්ලභයි.

     

     

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    02 Feb 2015 11:19 PM
    ඔව්.. ඔව්.. සමන්ත අයියා අපේ සයිට් එකට සම්පතක්. අනිවාර්යයෙන්ම..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    03 Feb 2015 03:06 PM

    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    03 Feb 2015 04:55 PM
    mewa ath hada balalada apita denne...
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    04 Feb 2015 02:07 AM

    apooo ne ...math kiyawpu deyak thama me..one unoth karala balanna one

    0

    Vita123
    Advanced Member
    Advanced Member
    Posts:549






    --
    04 Feb 2015 08:14 PM

    මටත් ගැලපෙන ලිපියක්..

    බොහෝම ස්තුතියි රෝසි නංගි..

    "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    04 Feb 2015 08:18 PM
    elaga para hambaweddi katiya konde kalu kragena edi needa?
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    04 Feb 2015 08:20 PM
    Posted By Rosi on 03 Feb 2015 03:06 PM

     

    ithin me neel avariya ehema kohen hoyananda.

     

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0
    You are not authorized to post a reply.
    Page 1 of 1112345 > >>