You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Aug 2016 01:20 AM by  sha733
හදිස්සියකදී මේ ප්‍රථමාධාර 5 දැනගෙන හිටියොත් ඔබට ජිවිතයක් බේර ගන්නට හැකි වේවි!
 359 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 18 << < 1213141516 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
25 May 2015 06:09 PM
මටත් මෙ උස ඇති
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 May 2015 08:46 AM
ස්තුති ඉසුරු ,,,,අනේ මාත් උස නම් යන්නේ නැ
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
27 May 2015 08:07 PM
Posted By Rosi on 27 May 2015 08:46 AM
ස්තුති ඉසුරු ,,,,අනේ මාත් උස නම් යන්නේ නැ

 

 

 

 

 

බයවෙන්න එපා උස නොගියට වයසට යනවනෙ අනෙ

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 May 2015 06:06 AM
Posted By Ind007ka on 27 May 2015 08:07 PM
Posted By Rosi on 27 May 2015 08:46 AM
ස්තුති ඉසුරු ,,,,අනේ මාත් උස නම් යන්නේ නැ

 

 

 

 

 

බයවෙන්න එපා උස නොගියට වයසට යනවනෙ අනෙ

අන්න එක තමා දුක

 

 

 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
28 May 2015 07:26 AM
Posted By Rosi on 27 May 2015 08:46 AM
ස්තුති ඉසුරු ,,,,අනේ මාත් උස නම් යන්නේ නැ

 

40 පැන්නම උස යන්නේ නැහැ කියල මමත් අහල තියෙනවා 

 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 May 2015 09:18 AM
රෝසි අක්කට 40 වෙනවද දැන් 40ඇදිරියද ........
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 May 2015 03:47 PM
Posted By Imalka on 28 May 2015 07:26 AM
Posted By Rosi on 27 May 2015 08:46 AM
ස්තුති ඉසුරු ,,,,අනේ මාත් උස නම් යන්නේ නැ

 

40 පැන්නම උස යන්නේ නැහැ කියල මමත් අහල තියෙනවා 

 

දැන් කාටද 40 ,මටද ඔයාටද

 

 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 May 2015 03:49 PM
Posted By isurusam on 28 May 2015 09:18 AM
රෝසි අක්කට 40 වෙනවද දැන් 40ඇදිරියද ........

 

 

දැන්ම පෙලවහක් කර ගත්තේ නැත්නම් ඔයාට තමා  40 ඇදිරිය වැටෙන්නේ

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
28 May 2015 06:08 PM
හක හක හක හික්z ...ඉසුරු කොලුවො ඉක්මනට පෙලවහක් කරගනින්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 May 2015 06:19 PM
උබලා හදන්නේ මාව අමාරුවේ දාන්න ....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 May 2015 05:01 AM
දැන් ඉන්නේ ඊට වඩා අමාරුවකින් නේ ...... :p
1

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
29 May 2015 05:04 AM
Posted By Rosi on 29 May 2015 05:01 AM
දැන් ඉන්නේ ඊට වඩා අමාරුවකින් නේ ...... :p

 

හාහ් හාහ් හාහ් හාහ්......දවසේ කතාව රෝසි......දවසේ කතාව......

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
29 May 2015 06:13 PM
Posted By Rosi on 29 May 2015 05:01 AM
දැන් ඉන්නේ ඊට වඩා අමාරුවකින් නේ ...... :p

 

 

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Jun 2015 09:35 PM

කොහොඹ ගසෙන් මිනිසාට ලැඛෙන විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභ-kohoba gasen labena prtilaba

 
කොහොඹ ගසේ ඇති සෑම කොටසකම සෞඛ්‍ය ප්‍රතිලාභ තිඛෙනවා. ඒවා වලින් ලබාගත හැකි විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක් පිළිබඳව ඔබට මෙම ලිපියෙන් දැනගන්නට පුළුවන්.

1. කොහොඹ ඇට වල උපකාරයෙන් අර්ශස් සහ රුධිර වහනය නවතා ගන්නට පුළුවන්. ඒ සඳහා ඔබ කලයුතු වන්නේ උණුවතුර සමග කොහොඹ ඇට අඹරාගෙන සෑම උදෑසනකම හිස්බඩ පානය කිරීම පමණයි.

2. මෙම ශාකයෙන් සාදාගනු ලබන තෙල් භාවිතා කරමින් සම රැළිවැටීම් අවම කරගන්නද පුළුවන්. සමේ කලජන් නිර්මාණය කිරීමේ හැකියාවක් ඊට ඇති නිසා නම්‍යශීලීත්වය ආරක්ෂා කරමින් සම වයසට පත්වීමද වළක්වනවා. කුරුලෑ සහ දද වැනි නොයෙකුත් සම ආශ්‍රිත රෝගී තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමටත් එම තෙල් භාවිතා කරන්නට හැකියාව තිඛෙනවා. මෙම සුවිශේෂී තෙල් වර්ගය භාවිතා කරමින් දීප්තිමත් සහ තරුණ පෙනුමක් ලබාගන්නට පසුබට වෙන්න එපා.


3. ඉන්දියාවේ ඇතැම් ගම්මාන වල වෙසෙන ජනතාව කොහොඹ රිකිලි දත් බුරුසු ලෙස භාවිතා කරනවා. අප දත්බුරුසු වලින් දත් මදිනවා සේ ඔවුන් එම කුහොඹ රිකිලි වලින් දත් මදින්නේ නැහැ, ඔවුන් සිදුකරන්නේ සෑම උදෑසනකම එම රිකිලි කටින් සැපීම පමණයි. මුඛ ආසාදන සහ විදුරුමසින් ලේ වහනය වීම වළක්වාගැනීම සඳහා භාවිතා කළහැකි විශිශ්ට ස්වභාවික ක්‍රමවේදයක් ලෙස එය හඳුන්වන්නට පුළුවන්.

4. ස්වාභාවික දන්තාලේපන නිෂ්පාදනයේදී අමුද්‍රව්‍යයක් ලෙස කොහොඹ භාවිතා කරන බව ඔබ දන්නවද. දත් සුදුකර කිරීමේ, විදුරුමස් සහ දත් දිරායාම වළක්වාලීමේ සහ දත් ආරක්ෂා කිරීමේ හැකියාවක් කොහොඹ වලට තිඛෙනවා.

5. හිසකෙස් සඳහා වූ ප්‍රතිකාරයක් ලෙස කොහොඹ දළු භාවිතා කරන්නට පුළුවන්. කොහොඹ දළු වලින් තලපයක් සකසාගෙන එය ඔබේ හිස්කබලේ ගලවන්න. අකලට හිසකෙස් පැසීම, හිසකෙස් වැටීම, සහ ඉස්හොරි ඇතිවීම වළක්වා ගැනීම සඳහා එය ඔබට උපකාරී වේවි. උකුණන් වඳ කරගැනීම සඳහා වූ ඖෂධයක් ලෙසත් එය භාවිතා කරන්නට හැකියාව තිඛෙනවා.ල යැපදරරයදසාි

6. කොහොඹ දළු තලප භාවිතා කරමින් දද සහ සෙරෝසියස් වැනි චර්මරෝග සුවකරගන්නටද පුළුවන් බව මතක තබා ගන්න.

7. ස්නායුකම්පනය සහ ආතතිය වැනි තත්වයන් අවම කරගැනීම සඳහා වූ ඖෂධයක් ලෙස කොහොඹ තේ වඩාත් ඵලදායි බව නොදුටු ලෝකයට වාර්තා වෙනවා. ඔබේ මනසට ක්ෂණික සහනයක් සහ ශක්තියක් ලබා දීමට ඊට හැකියාව තිඛෙනවා. කොහොඹ තේ සකසා ගැනීම සඳහා විශේෂ වට්ටෝරුවක් ඇත්තේ නැහැ. අනෙකුත් ඖෂධ වලින් තේ සකසා ගන්නා ආකාරයටම කොහොම වලින්ද තේ සකසා ගන්න.

8. රුධිර සීනි මට්ටම අවම කිරීමේ හැකියාවක් කොහොඹ වලට ඇති නිසා දියවැඩියාවෙන් පෙලෙන අයද මෙම තේ පානය කරනවානම් වඩාත් හොඳ ප්‍රතිපල ලබාගන්නට පුළුවන්.ල ක්අ ඉකදදා චරුිිමරු

9. අඩු රුධිර සංසරණයක් ඇති පුද්ගලයින් පවා කොහොඹ තේ පානය කරනවානම් වඩාත් සුදුසුයි. හිතකර රුධිර සයිල නිර්මාණය කිරීම වැඩිදියුණු කරන නිසා තමයි අඩු රුධිර සංසරණයක් ඇති පුද්ගලයින්ට එය වඩාත් හිතකර වන්නේ.

10. ප්‍රතිවයිරස, ප්‍රතිබැක්ටීරියා සහ ප්‍රති දිලීර වැනි ගුණාංගයන් බොහොමයක් කොහොඹ වල තිඛෙනවා. එම නිසා ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ඔබේ ශරීරය ආරක්ෂා කරගන්නට කොහොඹ භාවිතා කරන්නට පුළුවන්. කෘමිනාශකයක් සහ විෂබීජ නාශකයක් ලෙසද කොහොඹ භාවිතා කරන්නට හැකියාව තිඛෙනවා.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
02 Jun 2015 09:58 PM
කොහොඹ කියන්නේ ඉතාමත් හොඳ ඖෂධය ක් තමයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
02 Jun 2015 10:06 PM
ඒ වගේම මේ කොහොඹ ගස් යට තියෙන්නේ පුදුම සනීපයක්.. අනෙත් ගස් වලට සාපේක්ෂව ලොකු සිසිලසක් දෙන ශාකයක්..

ඉස්සර අපේ මහ ගෙදර ඉදිරිපිට තිබුණා ලොකු කොහොඹ ගහක්.. ඒ නිසා මම අත්දැකීමෙන්ම මේක දන්නවා.. කොහොඹ ගහ කපුවහම ඒ වෙනස හොදට අත්වින්දා..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
02 Jun 2015 10:25 PM
පොලොන්ගු දශ්ට කලහම කොහොභ ඔරුවක ගිල්වලා තිබ්බහම සමහරු සනීප වෙනවලු
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Jun 2015 05:55 AM
කොහොම ගහක් ලග හිටියත් සැපයි ..ස්තුති මල්ලි
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Jun 2015 07:13 PM

කොලෙස්ටරෝල් අවම කරන සුදුළූණු-sudu lunu wala guna



කුළු බඩු අතර ප්‍රධාන වන සුදුළූණු ඉතාම රසවත් ආහාරයකි. ඕනෑම නිවසක තිබිය යුතු අත්‍යවශ්‍ය ඖෂධයක් ලෙස ද ඈත අතීතයේ සිටම පැවත එන සුදුළූණු පැරැන්නන්ගේ ඉතා රසවත් ව්‍යංජනයක් ලෙස ද ප්‍රචලිත වේ. විශේෂයෙන් දානමය කටයුතු උදෙසා මෙම සුදුළූණු නැතිවම බැරි අත්‍යවශ්‍ය ව්‍යංජනයක් ලෙස පිළිගැනේ.

.
▬▬▬ සිරුරේ පැහැපත් බවට

සුදුළූණු රසවත් මෙන්ම සිරුර වර්ණවත් කරයි. දීප්තිය වඩවයි. මතක ශක්තිය වර්ධනය කරයි. අස්ථි රෝගවලට ගුණ දෙයි. සම මතුපිට ඇතිවන අසාත්මිකතා නැති කරයි. සම පැහැපත් කරයි. ප්‍රති ඔක්සිකාරකයක් ද වේ.

▬▬▬ සීතලට ඔරොත්තු දීමේ හැකියාව

සුදුළූණු කෑමෙන් සීතලට ඔරොත්තු දීමේ හැකියාව ලැබේ. සම ආරක්ෂා කෙරේ. ශරීරය ප්‍රාණවත්ව තබා ගැනීමට පුළුවන.

▬▬▬ රසකාරකයකි

ව්‍යංජන රසවත් කිරීමට හොඳ රසකාරකයක් ලෙස ගන්නා සුදුළූණු මස්, මාළු, පොලොස්, කොහිල ආහාර සඳහා පිළියෙල කරන විට රසකාරකයක් ලෙස විශේෂයෙන් ගනු ලබයි.

▬▬▬ කොලෙස්ටරෝල් අඩු කරයි

කොලෙස්ටරෝල්වලට හිතකර සුදුළූණු විෂබීජ නාශකයක් ද වෙයි. වෛරස් රෝග නැති කරයි. ලේ කැටි දිය කිරීමේ හැකියාව ඇත. හෘදයට හිතකරයි. හෘද රෝග දුරු කරයි.

▬▬▬ පෝෂ්‍ය පදාර්ථ

සුදුළූණුවල විටමින් A හා B1, B2, B3, B5, B6, C හා විටමින් E අඩංගය. ඒ වගේම කැල්සියම් කොපර්, මැග්නීසියම්, සල්ෆර්, අයන්, සින්ක්, පොස්පරස්, පොටෑසියම් අඩංගු වේ. මේ නිසා වකුගඩු රෝගීන්ට සුදුස නැත. රුධිර පීඩනය අඩු කරයි.

▬▬▬ ඖෂධීය ගුණ

ආහාර රුචිය වැඩි කරයි. දහඩිය හොඳින් පිට කරයි. පිරිමින්ගේ සරු බව වැඩි කරයි. පක්ෂාගාත රෝගවලට ගුණ දෙයි. සන්ධි ඉදිමුමට ගුණ දෙයි. ශරීරය බලවත් කරයි. ඇස් පෙනීම වැඩි කරයි. කෙස් අග පැලීම නැති කරයි. පිළිකා නාශකයි. රුධිර නාල ඇතුලේ රුධිරය කැට ගැසීම දුරු කරයි. පණු රෝගවලින් ආරක්ෂා කරයි. වාතය සමනය කරයි. කර්ණ රෝගවලට ගුණ දෙයි. ඇට මිදුලු සවිමත් කරයි. ප්‍රතිශ්‍යාව, කැස්ස, බ්‍රොන්කයිටීස් රෝග දුරු කරයි. විවිධ අසාත්මිකතාවලට ගුණ දෙයි. ස්ත්‍රීන්ගේ ඔසප් රෝග සඳහා යෝග්‍ය වේ. වාත වේදනා කැක්කුම් දුරු කරයි. විශේෂයෙන් ගර්භණී අවස්ථාවලදී සුදුළූණු සමඟ බැබිල මුල් තම්බා බොන්නට දෙයි. එය ඔවුන්ගේ විවිධ වේදනාවලට ගුණ දෙයි. හෘද රෝගවලට ගුණ දෙන අතර ධමනි රෝගවලට ද සුදුසුයි.

▬▬▬ වෙනත් ප්‍රයෝජන

ඖෂධ නිෂ්පාදනයේදී සුදුළූණු ප්‍රයෝජනයට ගනී. රසෝත කල්කය සඳහා සුදුළූණු යොදා ගනී. ඇඹරීමේ මාධයක් ලෙස ද සුදුළූණු යොදයි. ඖෂධ කල්කවල අනුපාන වශයෙන් ගනු ලබයි. අධික රුධිර පීඩනය නැති කරයි.

▬▬▬ රෝග සඳහා සුදුළූණු

සෙංගමාලය, කැස්ස, ඇදුම, හර්නියා වැනි රෝගවලට ගුණදෙයි. මුත්‍රාශයේ හා පිත්තාශයේ ගල් දිය කිරීමේ හැකියාවක් ඇත. බෝ වන රෝගවලට ගුණ දෙයි. කටහඬ මිහිරි කරයි. අපහසුවෙන් මුත්‍රා පිට කිරීම (මුත්‍ර කෘත්‍ර) සිදු කරන රෝගීන්ට සුදුසුයි. කුෂ්ට රෝග වළකයි. හොඳින් සෙම පිට කරයි. සුදුළූණු හොඳ විශබීජ නාශකයක් ද වේ. විෂ ඝෝර සර්පයන්ගෙන් ආරක්ෂා වීමට සුදුළූණු හොඳ ඖෂධයකි. දරුවන් ප්‍රසූත කළ මව්වරුන්ට අපවිත්‍ර රුධිරය ඉක්මනින් පිට වීමට මෙම සුදුළූණු අගනා ඖෂධයකි.

▬▬▬ සුදුළූණු භාවිතයේදී සාදා ගන්නා ඖෂධ වර්ග

කුරුලෑ ගෙඩිවලට අමුකහයි, සුදුළූණු මී පැණි වලින් අඹරා ගාන්න.

හෘද රෝගවලට සුදුළූණු ගම්බිරිස් ඇට, කරපිංචා, තම්බා බොන්න.

අධික රුධිර පීඩනයට - බැබිල සහ සුදුළූණු තම්බා බොන්න.

ආමවත කැක්කුම්වලට - සුදුළූණු, මුරුංගා පොතු, අමු ඉඟුරුයි තම්බා බොන්න.

විවිධ වේදනාවලට - උළුහාල් හා සුදුළූණු තම්බා බොන්න.

කෑම අරුචියට සුදුළූණු බිකක් හෝ 2ක් පුළුස්සා කන්න.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

හදවතට ගුණදෙන සුදුළූණුවලින් රසැති කෑමක්

සුදුළූණු අච්චාරුව

අවශ්‍ය ද්‍රව්‍ය

සුදුළූණු 250g
අමුමිරිස් 150g
අබ 50g
විනාකිරි
ගම්මිරිස් ඇට කීපයක්
කහ කුඩු ස්වල්පයක්
මුරුංගා පොතු කැබැල්ලක්
ලුණු කුඩු
සීනි තේ හැඳි 1
එනසාල් ස්වල්පයක්
කැරට් අල 2
ගස්ලබු කුඩා ගෙඩියක්

සාදන ක්‍රමය

සුදුළූණු පොතු ඇරගන්න. අමුමිරිස් සෝදා දෙකට පලා ගන්න. කැරට්, ගස්ලබු සිහින් තීරු කපාගන්න. මේ සියල්ල මඳක් තම්බා ගන්න. ඉන් පසු ජලය හොඳින් බේරා පවනේ දමාගන්න. (ජලය වියලෙන තෙක්) ඉන් පසු අබ, ගම්මිරිස්, එනසාල් ඇට, මේවා විනාකිරිවලින් අඹරා ගන්න. මුරුංගා පොතු කැබැල්ල ද මඳක් තලාගන්න. මැටි මුටටික් ගෙන සුදුළූණු, අමුමිරිස්, කැරට්, ගස්ලබු, අඹරාගත් මිශ්‍රණය දමා හොඳින් කලවම් කර සීනි, ලුණු කුඩු ද දමාගන්න. මෙම මිශ්‍රණය තැම්බීමට අවශ්‍ය ප්‍රමාණයට විනාකිරි එක් කරගන්න. ඉන් පසු මුට්ටියේ කටට වැස්මක් දමා හොඳින් බැඳ තබන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
21 Jun 2015 07:25 PM
ඉතාමත් ගුණ කෑමක් කියලා නම් දන්නවා.. ඒත් මේකේ සුවද තමයි අවුල.. ඒ ඇරෙන්න කිසිම අවාසියක් නැහැ මට පෙනෙන විදියට..
සුදුළූණු කියන්නේ දිව්‍ය අවුසදයක් වගේ දෙයක් කියල තමයි කියන්නේ..

තොරතුරු වලට ගොඩක් ස්තුතියි..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
You are not authorized to post a reply.
Page 14 of 18 << < 1213141516 > >>