Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Aug 2016 01:20 AM by shanaka kelum හදිස්සියකදී මේ ප්‍රථමාධාර 5 දැනගෙන හිටියොත් ඔබට ජිවිතයක් බේර ගන්නට හැකි වේවි! 359 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 13 of 18 << < 1112131415 > >> Author Messages Indika KandanaarachchiMost Senior MemberPosts:12931 01 May 2015 07:37 PM නැතුව නැතුව ...... 0 isuru sampathSuper Senior MemberPosts:7342 09 May 2015 06:56 PM GREEN TEA බොන්න හේතු 6ක් ග්‍රීන් ටී ශ්‍රී ලංකාවේද දැන් ජනප්‍රිය වෙමින් පවතිනවා. කෙරතම් ජනප්‍රිය ද කියනවානම් ඇතැම් සමාගම් තම බීම වර්ග වලටත් ග්‍රීන් ටී එකතුකර තිබෙනවා. නමුත් බොහේ දෙනා මේ පිළිබඳව නොදැනුවත්ව සිටිනවා. එනිසා ග්‍රීන් ටී හි ඇති සුවිශේෂි කරුණූ කීපයක් මෙසේ පෙලගස්වනවා. 1. කැළරි දහනයට ජිම් එකේදි මෙන්ම ගෙදරදිත් තම සිරුරේ තිබෙන මේදය දහනය කරන්නට මෙයට පුලුවන්. අලුත්ම සොයාගැනීමකට අනුව කැලරි දහනය 4%ක් කැලරි දහනය කිරීමේ හැකියාව තිබෙනවා ග්‍රීන් ටී වෙත. (American Journal of Clinical Nutrition) 2. හෘදයාබාධ අඩුවේ චීන පර්යේෂණයන්ට අනුව ග්‍රීන් ටී බොන්නන්ට හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාව 11%කින් අඩුවේ. ඒ සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමෙන්. 3. අක්මාවේ රෝග අඩුවේ Maryland විශ්වවිද්‍යාලයට(University of Maryland) අනුව ග්‍රීන් ටී නිසා අක්මාවේ ඇතිවිය හැකි රෝගාබාධ බොහෝ ප්‍රමාණයක් වලක්වාගත හැක. 4. සිරුරේ ශක්තිය වැඩිවේ සෞඛ්‍ය පිළිබඳව ඇති ඇමරිකානු සඟරාවකට(The American Journal of Physiology) අනුව ග්‍රීන් ටී වලට සිරුරේ ඇති දරාගැනීමේ හැකියාව සහ ශක්තිය 24%කින් වැඩිකෙරේ. 5. තරුණබව රැකගැනීමට බ්‍රිතාන්‍ය සඟරාවකට අනුව (The British Journal of Nutrition) ග්‍රීන් ටී වල ඇති ඇන්ටිඔක්සිඩන්ට් මඟින් සිරුර පාරජම්බුල කිරණ වලට ඔරොත්තුදීමේ හැකිව වැඩිකරන අතර මුහුණ රැළි වැටීමද අවම කරයි. 6. මතක ශක්තිය වැඩිකරයි අමතකවීම එච්චර හොඳ දෙයක් නෙවෙයි අපි හැමෝටම. ඉතින් ග්‍රීන් ටී වලට මතක ශක්තිය වැඩිකිරීමේ හැකියාව පවතින බව ස්විස්ටර්ලන්ත විශ්ව විද්‍යාල(University of Basel in Switzerland) පර්යේෂණයකින් හෙලිකරගෙන තිබෙනවා. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 10 May 2015 01:41 AM ගොඩක් රටවල පානය කරන්නේ ග්‍රීන් ටී තමයි. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 10 May 2015 06:16 PM කොලොස්ට්‍රොල් අඩු කරනවලු නෙද? 0 isuru sampathSuper Senior MemberPosts:7342 16 May 2015 09:40 PM වතුරයි මිපැණියි හිස්බඩ පානය කිරිමෙන් ලැබෙන වාසි මානව ශිෂ්ටාචාර පහලවිමටත් ප්‍රථම මිනිසා අනුභවකරනු ලැබු අතර මිපැණි ද දැකගන්නට තිබුනා. ඒ වගේම පෝෂක පදාර්ථයන් රැසක්ම ලබාදෙන මිපැණි අනුභව කිරිමෙන් විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභයන් රැසැක්ම ලැබෙනවා. ජලය සමග මිපැණී මිශ්‍රකොට පරිභෝජනය කිරිමෙන් බොහෝමයක් ලෙඩරෝග සුවකරගන්නට හැකියාවක් තිබෙන බව වැඩි දෙනෙක් දන්නේ නැහැ. අවශ්‍ය කරන ද්‍රව්‍ය ඇල් වතුර කොප්පයක් මිපැණි තේ හැන්දක් සදාගන්නා ආකාරය ඇල්වතුර කොප්පයට මිපැණි ඒකතු කොට හොඳින් කලවම් කරන්න. ඒම මිශ්‍රණයේ සියයට 30 ක් පමන මිපැණි අන්තර්ගතයි නම් එහි ඝනත්වය රුධිර ප්ලාසාම වලට සමාන විය යුතුයි. මෙලෙස සාදාගන්නා මිපැණි වතුර වල අන්තර් ගත මිපැණි වඩාත් හොඳින් ශරිරයට අවශෝෂණය වෙනවා.ඉන් විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභයන් රැසක්ම ඔබට ලැබෙනවා. එම සොඛ්‍ය ප්‍රතිලාභයන් අතරින් වඩාත් ජනප්‍රියතම ප්‍රතිලාභයන් කිහිපයක් තමයි මේ ඔබ පහතින් දකින්නේ. * බඩවැල් වල ඇති විෂ තැන්පතු ඉවත් කරමින් සම්පුර්ණ ශරිරයම පිරිසිදු කරනවා. * ප්‍රතිදිලිර, ප්‍රතිබැක්ටිරියා සහා ප්‍රතිවෛරස ගුණයක් එහි තිබෙනවා. * රාත්‍රි කාලයේදී ඇති වෙන පාලනය කළ නොහැකි මුත්‍රා කිරිමේ අවශ්‍ය තාවයට සඳහා මෙය ඉතාමත් හොඳ විසදුමක්. වකුගඩු වල ජලය මිපැණි විසින් අවශෝෂණය කර ගෙන එහි ක්‍රියා කාරිත්වය පහසු කරනවා. * ආහාර ජිර්ණ මාර්ගයේ වර්ධනය වන පරපොෂිතයින් පිරිසිදු කරමින් රුධිර වහනය සිදුවිම වළක්වනවා. * ඔබේ සම දිප්තිමත්, මෘදු, තරුණ එකක් බවට පත් කරනවා. * ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණූ කරමින් සෙම්ප්‍රතිශ්‍යාව සහා ක්ලොමප්‍රදාහය සඳහා සහනය සලසනවා. * පෙනහළු තුල දැකගත හැකි සෙම ආදිය තුරල් කරනවා. ආරම්භයෙදී ඔබේ ඉන ප්‍රදේශය තරමක් මහත් වි තිබෙනවා ඔබට දැකගන්නට ලැබේවි. එය ඔබ වද විය යුතු තත්වයක් නොවයි. fecal sediments ඉදිමිම්ම සහා මෘදුවිම හේතුවෙන් තමයි එම තත්වය ඇතිවෙන්නේ. මෙම තත්වය සිමිත කාලයක් දක්වා පවතින අතර පසුව ඉන ප්‍රදේශයේ පෙනුම ටික දිනකින් යතා තත්වයට පත් වෙනවා. පරිභෝජනය කරන ආකාරය වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගැනිම සඳහා මෙම පානය උදෑසන හිස්බඩින් පානය කලයුතුයි. මෙය වේගයෙන් පානය කලයුතු බවද හොඳින් මතක තබා ගන්න. අවශ්‍ය නම් නින්දට යෑමට පෙරද මෙය පානය කරන්නට පුලුවන්. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 May 2015 11:13 PM මීපැණි හොඳ බෙහෙතක්. ඒත් හොඳ නියම මීපැණි හොයගන්න එක තමයි අමාරුම වැඩේ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 16 May 2015 11:18 PM හොද මී පැණි බෝතලයක් හොයාගෙන බීල බලන්න ඕනේ මේ විදියට.. අපේ සයිට් එකේ කී සැරයක් නම් මේ මීපැණි ගැන කියලා ඇතිද? එත් බැරි උනා පොඩි ට්‍රයි එකක් දෙන්න.. වෙන මොනවටවත් නෙවෙයි.. ලෙඩ දුක් අඩුවෙන් නිරෝගිව වැඩි කාලයක් හොදින් ජීවත් වෙන්න. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 17 May 2015 07:52 PM ඇයි මදුරන්ග රක්වාන පත්තට වෙන්න හොන්ද මී පැනි තියෙනවනෙ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 May 2015 08:12 PM හොඳ කිතුල් පැණි නම් එනවා ඒ පැත්තෙන්.. මී පැණි ගැන නම් හැබැයි දන්නේ නැහැ.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 17 May 2015 08:24 PM සිංහරජය පත්තෙන් එන්නෙ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 18 May 2015 10:44 AM Math meka kara..... Miipani walata kettu wenna balanawa wage .... eka nisa neweththuwa.....eth meka bohoma hoda ekak hisbada bonna 0 Indika DampahalaVeteran MemberPosts:3410 19 May 2015 10:34 PM පොල් පැණි තමයි වැඩිහරියක් ලේසියෙන්ම හොයා ගන්න තියෙන්නෙ ... මී පැණි හොයන එක තමයි වැඩේ .. හැමදාම උදේට බිව්වොත් අවුල් ද 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 19 May 2015 11:05 PM Posted By kingD on 19 May 2015 10:34 PM හැමදාම උදේට බිව්වොත් අවුල් ද අවුල් නේන්නම්.. උදේට උදේට බොන්න පුරුදු උනොත් හොදට හිටීවි.. තරුණ ජීවිතයක් නේද? ඔන්න වතුර වීදුරුවකට මීපැණි හැන්දක් දාගෙන බිව්වට නම් කමක් නැහැ.. 0 isuru sampathSuper Senior MemberPosts:7342 20 May 2015 04:42 AM Posted By maduranga001 on 19 May 2015 11:05 PM Posted By kingD on 19 May 2015 10:34 PM හැමදාම උදේට බිව්වොත් අවුල් ද අවුල් නේන්නම්.. උදේට උදේට බොන්න පුරුදු උනොත් හොදට හිටීවි.. තරුණ ජීවිතයක් නේද? ඔන්න වතුර වීදුරුවකට මීපැණි හැන්දක් දාගෙන බිව්වට නම් කමක් නැහැ.. හැන්දෑවට පොඩ්ඩක් බොන්න ඇගේ අමාරුව යන්න 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 22 May 2015 08:36 AM Posted By kingD on 19 May 2015 10:34 PM පොල් පැණි තමයි වැඩිහරියක් ලේසියෙන්ම හොයා ගන්න තියෙන්නෙ ... මී පැණි හොයන එක තමයි වැඩේ .. හැමදාම උදේට බිව්වොත් අවුල් ද දැන් ඔය මොනවා බිවුවොත් ද අවුල් කියලා අහන්නේ....... එතකොට දැන් බොන්නේ අවුල්ද කියලා අහලා බලලා ද. 0 Imalka HewageVeteran MemberPosts:4533 23 May 2015 04:00 AM රා පොඩ්ඩක් බිව්වොත් නම් සියලු දෝෂ කම්මුතුයි 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 23 May 2015 04:26 AM Posted By Imalka on 23 May 2015 04:00 AM රා පොඩ්ඩක් බිව්වොත් නම් සියලු දෝෂ කම්මුතුයි කෑමට පෙරද පසුද ගන්න ඕන... 0 isuru sampathSuper Senior MemberPosts:7342 24 May 2015 08:30 PM උස යන්නෙ නැති එක ගැටලුවක්ද? උස ශරීරයක හිමි කරුවෙක් හිමිකාරියක් වීමට සෑම දෙනාම සුළු හෝ කැමැත්තක් දක්වනවා. නමුත් ඔබේ වර්තමාන උස මට්ටමෙහි ඔබ නතර වී ඇති නම් එය හිත් පීඩාවක් වනවාට කිසිදු සැකයක් නැහැ. නමුත් එදිනෙදා ජීවිතයේදී පහසුවෙන් සිදු කළ හැකි ව්‍යායාම කිහිපයක් භාවිතයෙන් වර්තමාන උස ප්‍රමාණය පහසුවෙන් වැඩි කර ගත හැකි බව වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. 1. පිහිනීම. පිහිනීමේදී ශරීරයේ ඇදීම හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් උස වැඩි කර ගැනීමේ හැකියාව තිඛෙනවා. නමුත් මිනිය හැකි ප්‍රථිඵලයක් ලබා ගැනීමට නම් දිනකට පැය 2ක් පමණ දීර්ග කාලයක් පිහිනීම සිදු කළ යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. 2. ්Hanging Exercises මෙහිදී එල්ලී සිටීම සිදු කළ යුතුයි. ශරීරය සම්පූර්ණයෙන්ම කෙලින් සිටින සේ එල්ලී සිටීම, පාද පොලොවට සමාන්තර පිහිටුමකට ගෙන ඒම සහ ඉහලට ගෙන ඒම මේ යටතේ සිදු කළ හැකි ව්‍යායාමයන් ය. සතියකට කිහිප වතාවක් සිදු කිරීමට වෛද්‍ය අනුමැතිය ලැඛෙනවා. 3. පාදයේ ඇගිලි තුඩු අතින් ඇල්ලීම. ඔදමජය ඔදැි පහසුවෙන්ම ඕනෑම ස්ථානයකදී සිදු කළ හැකි ව්‍යායාමයකි. මෙහිදී දණහිස නොනැවෙන සේ පාදයේ ඇගිලි අතින් ඇල්ලිය යුතුයි. මෙය එක වැරම සිදු කිරීමට අපහසු වුවත් දිගින් දිගටම උත්සාහ කිරීම මගින් සිදු කර ගැනීමට හැකියි. මෙලෙස ස්වල්ප වේලාවක් ඇගිලි තුඩු ස්පර්ශ කරගෙන සිටීම මගින්ද ශරීරයේ උස වැඩි වන බව වෛද්‍ය මතය යි. 4. බිම දිගා වීම මෙම ව්‍යායාමය පිළිවෙලකට සිදු කළ යුතුයි. මෙමගින් කශේරුකාව සහ කොන්ද ඇදීමට ලක් කෙරෙනවා. මෙය නිරතුරුවම සිදු කිරීම මගින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පුලුවන්. පහත පින්තූරයේ ආකාරටය සිදු කළ යුතුයි. 5.Pelvic Shift මෙම ව්‍යායාමය මගින් කශේරුව සහ උකුල් ප්‍රදේශය ඉලක්ක කෙරෙනවා. මෙය උස වැඩි කර ගැනීමට ඉතාමත් ප්‍රයෝජවත් සහ වැදගත් ව්‍යායාමයක් ලෙස හැදින්වීමට පුලුවන්. පැතලි බිමක දිගා වී පළමු රූපයේ පරිදි අත්ල බිම තබා දෙපා දණහිසින් නැමීම සිදු කළ යුතුයි. පසුව දෙවන රූපයේ පරිදි අත්ල බිමම තිඛෙන පරිදි ශ්‍රෝණිය අසලින් ඉහලට එසවිය යුතුයි. මෙය නිසි ආකාරයෙන් සිදු කිරීම මගින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පුලුවන්. 6. පාද ඇදීම මෙමගින්ද සැලකිය යුතු ලෙස උස වැඩි කරගැනීමේ හැකියාව තිඛෙනවා. බිත්තියකට සමාන්තර ලෙස හිටගෙන පාදයන් චලනය කිරීම සිදු කළ හැකියි. 7. The Table මෙම ව්‍යායාමයේදී ශරීරය මේසයක ආකාරයට තබා ගැනීම සිදු කරනවා. එමෙන්ම ඉතාමත් ඉක්මනින් උස වැඩි කර ගැනීම සදහා මෙම ව්‍යායාමය ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. 8. jump Rope මෙය ඉතාමත් ක්‍රියාකාරී ව්‍යායාමයකි. විශේෂයෙන් පාදයේ පහල කොටස් ඇදීමට ලක් කෙරෙනවා. එමෙන්ම මස්පිඩු වර්ධනය කිරීමක්ද සිදු වෙනවා. 9 Super Stretch මෙහිදී කෙලින් සිට, දෑත් හිස පිටුපස තබා සීරුවෙන් ඛෙල්ල ඉහලට පහළට සහ පැත්තට හැරවීම සිදු කළ යුතුයි. එක් එක් අවස්ථාවන්හි තත්පර කිහිපයක විරාමයක් තැබීම මගින් ඉතාම ඉක්මනින් ප්‍රතිඵල ලබා ගත හැක. මෙහිදී කශේරුව සහ ඛෙල්ල ඉලක්ක කිරීම සිදු වේ. 10. Two Legs Straight Up තරමක් අපහසු ව්‍යායාමයක් වුවත් ඉතාමත් ප්‍රතිඵල සහගත ව්‍යායාමයකි. මෙහිදී සමතලා බිමක දිගා වී අත් වලින් කොන්දට ආධාරයක් ලබා දී දෙපා ඉහලට එසවිය යුතුයි. පුහුණු වූ පසුව ඉතා පහසුවෙන් සිදු කළ හැකි ව්‍යායාමයකි. ඔබ උස පිළිබද ගැටලුවක් ඇත්තෙක් නම් මෙම ව්‍යායාම මගින් ස්වල්ප ප්‍රමාණයකින් හෝ උස වැඩි කර ගැනීමේ හැකියාව තිඛෙනවා. නමුත් අස්ථි සම්බන්ධ ගැටලු පවතී නම් මෙයින් ව්‍යායම තෝරා බේර ගැනීමට සැලකිලිමත් වීම වඩාත් සෞඛ්‍ය සම්පන්න බව එලකිරිවැඩ අපේ මතයයි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 May 2015 08:39 PM ඉසුරු මලයට නැහැ නේද මේ ගැටලුව.. මේ සමහර ඒවා නම් අපිත් කරනවා.. ව්‍යායාමයට නෙවෙයි.. ඒකද මන්ද මේ උස යන්නේ.. බොහොම ස්තුතියි වැදගත් තොරතුරු ටිකට.. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 25 May 2015 09:34 AM මට නම් මේ තියෙන උස හොඳටම ඇති. ඉසුරු මලයෝ නරකද ට්‍රයි කරලම බැලුවොත්. 0 You are not authorized to post a reply. Page 13 of 18 << < 1112131415 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner