You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Aug 2016 01:20 AM by  sha733
හදිස්සියකදී මේ ප්‍රථමාධාර 5 දැනගෙන හිටියොත් ඔබට ජිවිතයක් බේර ගන්නට හැකි වේවි!
 359 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 18 << < 1011121314 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Apr 2015 07:43 PM
Posted By Imalka on 01 Apr 2015 01:59 AM
Posted By isurusam on 31 Mar 2015 01:58 AM

මානසික රෝග නිවැරදිව හඳුනාගනිමු

 

සුවබර ජීවිතයක් සඳහා කායික මෙන්ම යහපත් මානසික තත්ත්වයද අත්‍යවශ්‍ය වේ. සමාජයේ බොහෝ පිරිසක් විවිධාකාරයේ මානසික ගැටළු වලින් පීඩා විඳියි.

තමන් මානසික ගැටළුවලින් පීඩා විඳිනබව නොදැන සිටීම සහ එය හෙළි කිරීමට දක්වන නොකැමැත්ත හේතුවෙන් මෙවැනි ගැටළු තව තවත් උග්‍ර වේ. තවත් පිරිසක් එය කරුමය හෝ නොපෙනෙන බලවේගයක ක්‍රියාවක් ලෙස සිතා මිත්‍යා විශ්වාස පසුපස හඹායාම හේතුවෙන් ජිවිත විනාශ කරගනියි. මානසික ගැටළු ආශ්‍රිතව පවතින සැළකිය යුතුම කරුණ වන්නේ මෙය අනිකුත් කායික රෝගයක් සේම වෛද්‍ය ප්‍රතිකාර තුලින් සුවපත් කර ගැනීමට හැකිවීමයි.

මානසික රෝග හා ගැටළු යනු?
මිනිසාගේ සිතුවිලි සහ ක්‍රියාකාරකම් හෙවත් චර්යාවන්හි ඇතිවන අසාමාන්‍ය, එදිනෙදා ජිවිතයට කරදරකාරී වන වෙනස්වීමක් මානසික රෝග හෝ මානසික ගැටළු ලෙස සරලව හැඳින්විය හැක. මෙයින් මානසික රෝග සුවපත් කිරීමට සහ පාලනය කිරීමට මනෝ වෛද්‍ය සහ ඖෂධිය ප්‍රතිකාර අවශ්‍ය වේ. මානසික ගැටළු සුවපත් කිරීමට ඖෂධ ප්‍රතිකාර අත්‍යවශ්‍ය නොවන අතර උපදේශනය සහ වෙනත් මනෝ ප්‍රතිකාර මගින් බොහෝ මානසික ගැටළු සුවපත් කල හැක.

සුලබ මානසික රෝග

විශාදය(මානසික අවපීඩනය - Depression)

ජීවිතය පිළිබඳ අධික කලකිරීම
සියදිවි නසාගැනීමට සිතීම ජීවිතය වින්දනය වෙනුවට විඳවීම
නිරතුරුව ආසුබවාදී සිතීම මතකය දුබල වීම
තීරණ ගැනීමේ දුබලතා ඇතිවීම
නොරිස්සුම, අධික කෝපය
වෛද්‍ය ප්‍රතිකාර වලට ප්‍රතිචාර නොදක්වන හිසරදය වැනි කායික රෝග ලක්ෂණ ඇතිවීම අඩිය විශාදයේ ප්‍රධාන රෝග ලක්ෂණ වේ.

විශාදය ඖෂධ ප්‍රතිකාර ගත යුතු මානසික රෝගයකි

භින්නෝන්මාදය (Schizophrenia)
හේතු විරහිත සැකය
හුදෙකලා වීම
නොපෙනෙන ය කතා කරනවා මෙන් ඇසීම
සැබැවින්ම නොමැති ගඳ සුවඳ දැනීම
තනිව කතා කිරීම හෝ තනිව සිනාසීම
අදෘශ්‍යමාන බලවේගවලින් තමාව පාලනය කරන බව දැනීම

මෙය මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුම මානසික රෝගයකි

භීතිකාව (Phobia)
යම් යම් දේවල්වලට පදනම් විරහිතව ඇතිවන අධික බිය සහ භීතිකා තත්ත්වයක් වේ. මෙය මානසික රෝග නොවන මානසික ගැටළුකාරී තත්ත්වයන් වේ.
භීතිකා අතරින් සමාජ භීතිකාව(social phobia)වඩා සුලබය. මේ හේතුව නිසා සමාජයට සමාජයට මුහුණ දීමට අධික බියක් හා ලැජ්ජාවක් ඇතිවේ. සමාජය මගහැර සිටීමට වැඩ ප්‍රියකරයි. අන් අය නිරතුරුවම තමාගේ අඩු ලුහුඬුකම් දකීවි යයි අස්ථාන බියකින් යුක්ත වේ.භීතිකා සියල්ලක්ම උපදේශනය ඇතුළු මනෝ ප්‍රතිකාර වලින් සුව කළ හැක.

කාන්සාව( Anxiety)
අහේතුකව ඇතිවන තැතිගැන්ම, කලබලකාරී බව, නිතර බද පපුව දැවිල්ල වෙව්ලීම, හිසරදය, නිතර පපුව ගැහීම අඩිය කාන්සාවේ ප්‍රධාන ලක්ෂණ වේ. මානසික ගැටළු ගණයට අයත්වන සියලු කාංසා තත්ත්ව උපදේශනය ඇතුළු මනෝ ප්‍රතිකාර වලින් සම්පුර්ණයෙන් සුවපත් කළ හැක.

ග්‍රස්ථිය තත්ත්ව (O C D )
යම් සිතුවිල්ලක් හේතු රහිතව තමාට පීඩා ගෙනදෙන අයුරින් නැවත නැවතත් ඇතිවීම.
යම් ක්‍රියාවක් හේතු විරහිතව නිරතුරුව කිරීමට සිතීම
උදා- දිනකට අසාමාන්‍ය වාර ගණනක් දෑත සේදීම

මෙම තත්ත්වයන් අර්ථ ශුන්‍ය බව තමාට දැනුනත් ඒවා පාලනය කර ගැනීමට අපහසු වේ. ග්‍රස්ථි තත්වයද උපදේශනය මගින් සුවපත් කළ හැක.

මානසික රෝග වැළඳීමට හේතු
ජානමය හේතු සාධක
මොළයේ රසායනික සංඝටක ආදියේ ඇතිවන ආසාමාන්‍යතා
මත්ද්‍රව්‍ය සහ මත් පනවල බලපෑම
විෂම පරිසර සාධක
විෂම වූ සමාජ සංස්කෘතික තත්ත්ව වල බලපෑම්

 

මානසික රෝග හා මානසික ගැටළු වැළඳෙන්නේ කාහටද?
වයස ස්ත්‍රී පුරුෂ භාවය උගත් නූගත් බව කුලය ජාතිය දුප්පත් පොහොසත් බව ආදීවූ කිසිඳු තරාතිරමකින් තොරව ඕනෑම පුදගලයෙකුට මානසික රෝග සහ ගැටළු ඇතිවිය හැක.

මානසික රෝග සුලබ තත්ත්වයකි
ලෝක ජනගහණයෙන් සෑම 10 දෙනෙකුගෙන් එක් අයෙකුට සුළු හෝ මානසික රෝගයක් හෝ නිරතුරුව පවතින මානසික ගැටළුවක් පවතියි.

මානසික රෝගයක් වැළඳීම ලජ්ජාවට කරුණක්ද?
කිසිසේත්ම නැත. මානසික රෝග ද කායික රෝග මෙන්ම රෝග තත්ත්වයක් පමණක් වේ.

මානසික රෝග නිසා ඇතිවන අහිතකර බලපෑම්
රෝගියාගේ එදිනෙදා දෛනික කටයුතු අදාල වීම හා අක්‍රමවත් බව
රෝගියාගේ මෙන්ම රෝගියාගේ පවුලේ සමජිකයන්ගේද ආර්ථික, සමාජීය කටයුතුවල බාධා ඇතිවීම
අන්‍යන්ගේ උදව් උපකාර නිරතුරුවම අවශ්‍ය වීම

මානසික රෝග හා මානසික ගැටළු සුවකළ හැකියි
වෛද්‍ය නිර්දේශය අනුව ඖෂධ නිසි ලෙස බාවිතයෙන් බොහෝ මානසික රෝග සුවපත් කර ගැනීමට හා පාලනය කර ගැනීමට පුළුවන වේ.
මානසික ගැටළු බොහොමයක් මනෝ ප්‍රතිකාර සහ උපදේශනය මගින් සුවපත් කල හැකිය.

නොමිලේ උපදේශන සේවා ලබාගැනීම සඳහා ඔබට සමාජ සේවා අමාත්‍යංශයේ උපදේශන අංශය හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවල සිටින උපදේශන නිලධාරීන් වෙත යොමුවීමට හැකියාව ඇත.

 

 

බොහොම ස්තුතියි ඉසුරු,..මම හිතන්නේ මේක අපේ සයිට් එකෙත් බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි 

 

 

kathawa sahatika atha...............

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
01 Apr 2015 08:31 PM
සමහර රොග අන්දුරගන්න අමාරුයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Apr 2015 08:39 PM
සමහර මානසික රෝග වලට බෙහෙතුත් නෑ
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
08 Apr 2015 07:27 AM
කෝ බන් මේ ඉසුරුව....මාතෘකාව ගැන අවබෝධය ඇතිකරගන්න ගිහින්ද ?
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
08 Apr 2015 06:50 PM
මට පෙන්නේ මෙක වටුනට පස්සෙ ගොඩක් අයට තෙරුන තමන්ට මෙ වගෙ රොගයක් තියෙන බව
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Apr 2015 10:26 PM

වැසිකිලියකට වඩා අපවිත්‍ර දේවල් 7ක්

විෂබීජ අපේ ජීවිත වලින් ඈත් කරලා තියන එක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපි කොච්චර උත්සාහ කරත් කරන්න අමාරු දෙයක්. විසබීජ ගැන කතාකරද්දී අපිට මුලින්ම මතක් වෙන්නේ වැසිකිලි ගැන මොකද එතන නිතරම අපවිත්‍ර වෙන තැනක් හින්දා. ඒ හින්දම අපි ගොඩක් වෙලාවට අපි භාවිතා කරන වැසිකිලි පිරිසිදුව තබා ගැනීමට මහන්සි වෙනවා.

නමුත් මේ හැම දේටම වඩා අපි නොහිතන තැන් වල විෂබීජ තියෙන්න පුළුවන්. ඒක හින්ද ඊළඟ පාර විෂබීජ ගැන කතාකරද්දී වැසිකිලියට ඇඟිල්ල දික් කරන්න කලින් මේ ගැනත් හිතන්න.

ආපනශාලා වල කෑමබීම ට දාන අයිස් වල


ගොඩක් වෙලාවට අපි ෂෝර්ට්ඊට්ස් කන්න පුරුදු වෙලා තියන කඩවල් වල මේ ප්‍රශ්නය තියෙන්න පුළුවන්. මේ ගැන ගිය අවුරුද්දේ එක එක පර්යේෂණ සිදු කෙරුණා. ඒ අතරින් අවුරුදු 12ක් වයසැති Jasmine Roberts නම් දැරිය තමන්ගේ විද්‍යා ව්‍යාපෘතියෙන් කරුණු සහිතව ඔප්පු කරා ෂෝර්ට්ඊට්ස් කඩවල් වල අයිස් වල ඔවුන්ගේ වැසිකිලි වල ජලයට වඩා 70% අපවිත්‍ර බව. මේ සඳහා ඇයට ප්‍රථම ස්ථානය වගේම ඩොලර් 800ක ත්‍යාගයකුත් හිමිවුණා.

ශීතකරණය


ශීතකරණය ගැන හිතද්දී අපිට විෂබීජ ගැන නොහිතෙන්න පුළුවන්. නමුත් වැසිකිලියකට වඩා වැඩි විෂබීජ ප්‍රමාණයක් ශීතකරණය ඇතුලේ තියනවා කියල ඔබ දන්නවද? E. Coli , Salmonella , Listeria, yeast සහ විවිධ පුස් වර්ග මේ අතරට අයත් වෙනවා. මේ තත්වය අවම කරගන්න ශීතකරණය ඇතුලේ තියන රාක්ක එහෙම හොඳින් පිරිසිදු කරලා තියාගන්න ඕනේ. අනිත් එක තමයි ශීතකරණය ඇතුලේ කෑම තියද්දි ආවරණය කරලා තිබ්බොත් වඩා හොඳයි.

යතුරුපුවරුව


අපේ පරිගණක වල Keyboard එක ඉස්සර පැය ගානක් ගතකරනවා. එක හින්දා අපේ අත්වල තියන බැක්ටීරියා, කහිද්දී , කිවිසුම් යද්දී පිටවන විෂබිජත් මේ ගොඩට එකතු වෙනවා. සමීක්ෂණයකින් හොයාගෙන තියනවා වැසිකිලියකට වඩා 5 ගුණයක් අපේ Keyboard එක අපිරිසිදු වෙන්න පුළුවන් කියලා.

ජංගම දුරකතනය


අපේ අතේ නිතරම ගැවසෙන උපකරණයක් වගේම නිතර රෙදි කැලි වලින් එහෙම නැත්තන් ලේන්සු වලින් පිසදැමීමටත් අපි පුරුදු වෙලා තියන හින්දා දුරකථනයත් විෂබීජ වලින් පිරිලා.

සුපර් මාර්කට් එකේ කරත්ත වල


ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ කරපු අධ්‍යනයකට අනුව පරික්ෂාවට ලක් කරපු කරත්ත 85න් 72% ම මල අපද්‍රව්‍ය වල හමු වන බැක්ටීරියා හමුවෙලා තියනවා. E.Coli බැක්ටිරියාවත් ඒ අතර ඉඳල තියනවා.

අපි නිදාගන්න ඇඳ


අපි නිදාගන්න ඇඳේ අපේ ශරීරයෙන් ඉවත් වන මැරුණු සෛල හා විවිධ තෙල් ශ්‍රාව තියන එක සාමාන්‍ය දෙයක්. මේ දේවල් මත ජීවත් වන ශුද්‍රජීවින් බොහොමයක් ඉන්නවා. සමහරු කියනවා මේ හේතුව හින්දා අපි නිදාගන්න මෙට්ටේ බර අවුරුදු 8කට පස්සේ දෙගුණයකින් විතර වැඩි වෙන්න පුළුවන් කියලත් !

කාන්තා අත්බෑග්


කාන්තා අත්බෑග් නොයෙක් ස්ථාන සහ මතුපිටවල් සමඟ ගැටෙනවා. ඒ නිසා නොයෙක් ආකාරයේ විෂබීජ මේ හරහා පැතිරෙන්න ඉඩකට තියනවා. මේ දේවල් නිතර පිරිසුදු කරන්නේ නැත්නම් මේ දේවල් පැතිරීමේ ලොකු අවදානමක් තියනවා.

මේ දේවල් වලට අමතරව අපි නිතරම වැඩ කටයුතු කරන මේසය, පාපිසි, TV රිමෝට් , දත්බුරුසු , ආපනශාලා වල menu cards මේ ගොඩට එකතු වෙනවා.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
17 Apr 2015 10:59 PM
මේ කියන විදියට වැසිකිලියද කොහෙද ගෙදර තියෙන පිරිසිදුම තැන..

බොහොම වැදගත් මේ තොරතුරු අපේ ජීවිත වලට..

කී බෝර්ඩ් එක වගේම මවුසයත් ඔය කොටසට එකතුවිය යුතු බවයි මගේ අදහස..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
18 Apr 2015 01:21 AM
අප භාවිතාකරනු ලබන මුදලුත් මෙයට අැතුලත් විය යුතු යයි මම සිතනවා..
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Apr 2015 05:20 PM
හ්ම්ම්ම්ම්ම් ගොඩක් වැදගත් මේ විස්තර ,,,අපේ ලොකු දුත් එක සැරයක් මේ විදියේ විද්‍යා ව්‍යාපෘතියෙන් කරා ,,එක්දිත් වැසිකිලිය අපි හිතන තරම් විසබීජ තියෙන තැනක් නොවුනා ,, ඊට වඩා මාළු ටැංකිය ගෙදර දුරස්ථ පාලකය වැඩි විෂබිජ තියෙන තැන් වලට හදුනා ගත්තා .

ස්තුති මල්ලි
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
19 Apr 2015 06:28 PM
මීට වඩා අපවිත්‍ර තැන් තියෙනවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
28 Apr 2015 08:14 PM
iyaaaaa
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Apr 2015 06:01 PM

                                                          පුංචි ළිඳේ වතුර ගුණයි

 
පුංචි ළිඳේ වතුර ගුණයි
 

පොල් වගේම අපේ රටේ බොහෝ ප්‍රදේශ වල තැඹිලි බහුලව වැවෙනවා. ඒවගේම වෙළඳපොළේ සුලබව තැඹිලි දකින්න ලැබෙනවා. ඒත් අපි බොහෝ දෙනෙක් තැඹිලි බොන්නෙ ලෙඩක් හැදුනම විතරයි. වෙහෙසක් දැනුන වෙලාවට අපි බොන්නෙ කඩෙන් ගන්න වෙනත් කෘත්‍රිම පාන වර්ග.

තැඹිලිවල ගුණ දායක බව ඔබ දන්නවනම් තැඹිලි පානය කරන්න උත්සහ කරාවි. ස්වභාවික සීනි, ලුණු අඩංගු තැඹිලි පානයේ ගුණය ඔබව පුදුමයට පත් කරාවි.

  • තැඹිලි වතුර සම්පුර්ණ යොදය සහිත කිරි පිටිවලට වඩා පෝෂ්‍ය දායකයි. එසේම එහි කොලොස්ටරෝල් නැත. මේදයද නැත.
  • මෙහි දොඩම් වීදුරුවකට වඩා පෝෂණය පවතී. නමුත් දොඩම්වලට වඩා කැලරි ප්‍රමාණය අඩුයි.
  • තැඹිලි ළදරු කිරි පිටිවලට වඩා ගුණ දායකයි. මව් කිරිවල ඇති ලෝරික් අම්ලය තැඹිලි වතුරේද අන්තර්ගතයි.
  • තැඹිලි වතුර සවභාවයෙන්ම ජීවානුහරිතයි. ඒක නිසා විෂබීජ වලින් ප්‍රශ්නයක් නෑ.
  • තැඹිලිවල පොටෑසියම් 299mg පමණ අඩංගු වෙනවා. නමුත් sports drink සහ වෙනත් energy drink වල අඩංගු වෙන්නෙ 117mg වගේ ප්‍රමාණයක්.
  • ඒවගේම sports drink සහ වෙනත් energy drink වලට වඩා තැඹිලි වතුරවල සෝඩියම් අඩුයි.
  • සීනි ප්‍රමාණය තැඹිලි වතුරවල අඩංගු වන්නේ 5mg වගේ ප්‍රමාණයක්. නමුත් sports drink සහ energy drink වල වෙනස් කරන ලද සීනි ප්‍රමාණය 10-25mg අතර වෙනවා.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
30 Apr 2015 07:06 PM
මේක තමයි සමහරු පෝලිමට උදේ තැඹිලි බොන්නේ එහෙනම්..

තැඹිලි කියන්නේ නම් හොද ගුණදායක බීමක් වගේම ඇඟ සිසිල් කරන බීමක් බව නම් දන්නවා.. ඒ නිසා තමයි සමහරු මේ උෂ්ණය නිවා ගන්න උදේට උදේට මේවා බොන්නේ..

අපට අගේ නැති උනාට මේවා නැති රටවල් නම් බෝතල් කරගෙන හරි ගෙන්වාගෙන බොන්නේ..

අපේ කට්ටිය නම් බෝතල් කරලා ගෙන්න ගත්ත ඒවායේ සැර නැති වෙන්න තමයි මේවා බොන්නේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
30 Apr 2015 11:21 PM
තැඹිලි කොහොමත් ගුණදායක බීමක්. අපේ රටේ ඕන තරම් තියෙන නිසා අපිට අගයක් නැහැ. පිළිකා රෝහල ලඟට ගියා නම් හැමදාමත් තැඹිලි නොමිලේම බොන්න තිබුණා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
01 May 2015 02:37 AM
පුන්චි ලින් වල වතුර රසායි ...
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
01 May 2015 03:18 AM
හැම ලිදෙන්ම වතුර බීලද කියන්නෙ ඉන්දික අයියේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 May 2015 03:27 AM
අපිට කොහෙන්ද ඉතින් තැබිලි ... කැන් වල ඒවා තමයි බොන්න වෙන්නේ .... ස්තුති ඉසුරු
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
01 May 2015 08:24 AM

මේක කියෙව්වහම මට අමුතු කතාවක් මතක් උනා.....

තැඹිලි වෙළෙන්දා උදේ ඉඳන්ම තැඹිලි  කපලා මහන්සියට එක්ක හවසට අරක්කු ෂොට් එකක් දානවා මහන්සිය නිවෙන්න,....

දවස පුරා බීපු බේබද්දා උදේට බැන බැන තැඹිලි බොන්න හොයනවා අරක්කු වල සැර යවා ගන්න,.....

ඉන්දික 007 ගේ අත්දැකීම් අනුව ඒ ඒ ලිං වල වතුර ගැන අපට හිතාගන්න පුළුවන්,,,,,ඒ ත් බලාගෙන,....වතුර බොන්න ගිහින් ලිඳේ වැටුනොත් ගොඩ එනවා බොරු,

....බී  කෙයාෆුල් ආ ???

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
01 May 2015 06:25 PM

අනුන්ට ඉරිසියා නොකර තමන්ගෙම කියලා ලිදක් කපා ගනිල්ලා

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
01 May 2015 07:30 PM
Posted By Ind007ka on 01 May 2015 06:25 PM

අනුන්ට ඉරිසියා නොකර තමන්ගෙම කියලා ලිදක් කපා ගනිල්ලා

 

දැන් ඔය ඉන්දික අයියා තමන්ගේම කියලා කපා ගත්ත එක ළිඳකින් බීලද මේ "පුංචි ලිඳේ වතුර රසා...යි කිව්වේ.."

කරුණාකරලා අපව නොමග යවන්නේ නැතිව පැහැදිළි පිළිතුරක්  දෙන්න..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
You are not authorized to post a reply.
Page 12 of 18 << < 1011121314 > >>