You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 09:24 PM by  Imalka Hewage
මේ මොනවාද ?
 474 Replies
Sort:
You are not authorized to post a reply.
Page 15 of 24 << < 1314151617 > >>
Author Messages

Nipuni Dilhara
New Member
New Member
Posts:30

--
27 Oct 2016 07:28 AM
මෙි කොරවක්කා නේද සදූ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
27 Oct 2016 07:31 AM
ඔව්. අපේ නිපුණි නගා හරි. මේ "ළය සුදු කොරවක්කා" හෙවත් දන්න සුද්ධ සිංහලෙන් කිව්වොත් කොරවක්ක තමයි.
එහෙම නේද සඳුනි නංගි ?
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462

--
27 Oct 2016 07:34 AM
අාපු ගමන් කෑවනේ වැඩේ.
හරි කොරවක්කා තමා. මම දන්නවා කොරවක්කා ගැන විහිලු කතාවක්

කොරවක්කා වන වැදුනා. හිතේ අමාරුව හැදුනා. හී
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
27 Oct 2016 07:36 AM
ඉතිං අනේ අපටත් කියන්නකො ඔයා දන්න ඔය දන්න කතාව. කොරවක්ක දැක්කට අපට කතා කියල නැහැනෙ කොරවක්කො.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462

--
27 Oct 2016 07:43 AM
මුලින් විස්තරයක් දාන්න ඔනෙනේ කොර වක්කාගැන කතාවත් දාන්නම්
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462

--
27 Oct 2016 08:00 AM

කොරවක්කා..

         ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඉතා සුලබව දක්නට ලැබෙන පක්‍ෂියෙක් ලෙස කොරවක්කා හැඳින්විය හැකිය. ඉංග්‍රීසි භාෂාවෙන් White breasted water Hen යන නමින් හැඳින්වෙන අතර  Amauromis phoenicurus  යන විද්‍යාත්මක නාමයෙන්ද කොරවක්කා හැඳින්වේ.

        වගුරු බිම් හා වෙල් ආශ්‍රිතව ජීවත්වන කොරවක්කා ඉතාම සමබර සතෙකි. දිගු පාද ඇඟිලි, කෙටි වලිගය නිසා ඉතා ඉක්මනින් ඇවිද යෑමට හා ඉගිළ යෑමට හැකියාවක් කොරවක්කාට තිබේ. කුඩා මාළු, කෘමීන්, ජලජ බීජ ආහාරයට ගන්නා කොරවක්කා වියළි බිමක කූඩු සාදයි. වරකට බිත්තර 6 – 7ක් දමයි. විශේෂයෙන් අලුයම හා සන්ධ්‍යාවේදී ඉතා ඝෝෂාකාරී ශබ්ද නිකුත් කරයි. සුදු පැහැති පපු ප්‍රදේශය හා අළු පැහැය නිසා කොරවක්කා ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය. ඉතා කලබලකාරී හා සංවේදී පක්‍ෂියෙක් ලෙසද කොරවක්කා හඳුනාගත හැකිය.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
27 Oct 2016 08:05 AM
කුරුටු පුවක් පුවක්..

කාටද මතක අපි ඉස්කෝලේ යන කාලේ අච්චු පොතේ තිබුණු ලස්සන කවි ටික.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
27 Oct 2016 08:10 AM
කොරවක්කා ලස්සනයි නේ අනේ ..ස්තුති නගෝ තොරතුරු වලට
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
27 Oct 2016 08:10 AM
බොහොම ඉහත කොරවක්කා
පුවක් මිලට ගෙන වික්කා
වැඩි කල් යන්නට මත්තෙන්
ලොකුම දියුණුවක් දැක්කා

ගමේ ගොඩේ අැවිදින්නයි
පුවක් මිලට අරගන්නයි
ඒ පළාතේ නම ගත්තේ
කොරවක් අඹු සැමි දෙන්නයි

කුරුටු පුවක් පුවක් කියා
සින්දුවකුත් රසට ගයා
හොදට ඉදුණු පුවක් සොයා
ඒ දෙන්නා එගොඩ ගියා

මේ කොරවක් මුදලාලී
පොඩි දරුවොත් දනිති ගමේ
ඔහුගෙ යාළු ඔරුකරුවෙකි
අදුනන කොට්ටෝරු නමින්

පුවක් ගෝනි එගොඩ ගොඩේ
කඩ තියෙන්නේ මොගොඩ ගොඩේ
ඔරුවෙන් අරගෙන ඒමයි
දැන් කළ යුතු හොදම වැඩේ

මෙහෙම හිතා කොරවක්කා
කොට්ටෝරුව බැහැ දැක්කා
ඔරුවෙ පුවක් ගෝනි දමා
දෙන්න ම එහි නැග ගත්තා

ගගේ වතුර වැඩි වුණේය
ඔරුව බරට පරළුණේය
මේ දෙන්නා දෙවි පිහිටෙන්
දිවි රැකගෙන ඉගිළුණේය

කොරවක්කා වන වැදුණා
හිතේ අමාරුව හැදුණා
කුරුටු පුවක් පුවක් හඩින්
කවුරුත් ඔහු අැත හදුනා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
27 Oct 2016 08:12 AM
ෂා අපුරුයි නේ මේ කවි ටික ,,ස්තුති මදුරංග ට මතක් වුනාට අපි වෙනුවෙන්
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
27 Oct 2016 08:13 AM
මට නම් මතකයි, අපේ පැත්තේ ඉන්නව නිතරම කොරවක්කො.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462

--
27 Oct 2016 08:20 AM
මම කියන්න ගිය කතාවත් මේ කවි පංතියේ අදහසට ටිකක් සමානයි.
අපිට නම් ඔය කවි පංතිය හම්බෙලා නෑ. අන්තිම කවිය දන්නවා. අාච්චී අම්මා මට චූටි කාලේ කියලා දිලා තියෙන නිසා
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100

--
28 Oct 2016 03:35 AM
e kawi nam matath mathakayi tikak
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
28 Oct 2016 08:25 AM
පොඩි කාලෙ ස්කෝල පොතක මේ වගේ එකක් තිබුන මතකයි රූපත් එක්කම.
0

Nipuni Dilhara
New Member
New Member
Posts:30

--
28 Oct 2016 11:58 AM
ape nam thibbe na.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462

--
28 Oct 2016 08:13 PM

මෙන්න වැදගත් ශාකයක් අදුරනවද බලමු...

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
28 Oct 2016 08:50 PM
Posted By සඳුනි on 27 Oct 2016 08:00 AM

කොරවක්කා..

         ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඉතා සුලබව දක්නට ලැබෙන පක්‍ෂියෙක් ලෙස කොරවක්කා හැඳින්විය හැකිය. ඉංග්‍රීසි භාෂාවෙන් White breasted water Hen යන නමින් හැඳින්වෙන අතර  Amauromis phoenicurus  යන විද්‍යාත්මක නාමයෙන්ද කොරවක්කා හැඳින්වේ.

        වගුරු බිම් හා වෙල් ආශ්‍රිතව ජීවත්වන කොරවක්කා ඉතාම සමබර සතෙකි. දිගු පාද ඇඟිලි, කෙටි වලිගය නිසා ඉතා ඉක්මනින් ඇවිද යෑමට හා ඉගිළ යෑමට හැකියාවක් කොරවක්කාට තිබේ. කුඩා මාළු, කෘමීන්, ජලජ බීජ ආහාරයට ගන්නා කොරවක්කා වියළි බිමක කූඩු සාදයි. වරකට බිත්තර 6 – 7ක් දමයි. විශේෂයෙන් අලුයම හා සන්ධ්‍යාවේදී ඉතා ඝෝෂාකාරී ශබ්ද නිකුත් කරයි. සුදු පැහැති පපු ප්‍රදේශය හා අළු පැහැය නිසා කොරවක්කා ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය. ඉතා කලබලකාරී හා සංවේදී පක්‍ෂියෙක් ලෙසද කොරවක්කා හඳුනාගත හැකිය.

ලස්සනයි කොරවක්කා

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
28 Oct 2016 09:56 PM

කොරවක්කා ගැන ලිපියට ස්තූතියි...

කොරවක්කා හරිම අහිංසක සතෙක්  ...

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
28 Oct 2016 10:00 PM
Posted By maduranga001 on 27 Oct 2016 08:10 AM
බොහොම ඉහත කොරවක්කා
පුවක් මිලට ගෙන වික්කා
වැඩි කල් යන්නට මත්තෙන්
ලොකුම දියුණුවක් දැක්කා

ගමේ ගොඩේ අැවිදින්නයි
පුවක් මිලට අරගන්නයි
ඒ පළාතේ නම ගත්තේ
කොරවක් අඹු සැමි දෙන්නයි

කුරුටු පුවක් පුවක් කියා
සින්දුවකුත් රසට ගයා
හොදට ඉදුණු පුවක් සොයා
ඒ දෙන්නා එගොඩ ගියා

මේ කොරවක් මුදලාලී
පොඩි දරුවොත් දනිති ගමේ
ඔහුගෙ යාළු ඔරුකරුවෙකි
අදුනන කොට්ටෝරු නමින්

පුවක් ගෝනි එගොඩ ගොඩේ
කඩ තියෙන්නේ මොගොඩ ගොඩේ
ඔරුවෙන් අරගෙන ඒමයි
දැන් කළ යුතු හොදම වැඩේ

මෙහෙම හිතා කොරවක්කා
කොට්ටෝරුව බැහැ දැක්කා
ඔරුවෙ පුවක් ගෝනි දමා
දෙන්න ම එහි නැග ගත්තා

ගගේ වතුර වැඩි වුණේය
ඔරුව බරට පරළුණේය
මේ දෙන්නා දෙවි පිහිටෙන්
දිවි රැකගෙන ඉගිළුණේය

කොරවක්කා වන වැදුණා
හිතේ අමාරුව හැදුණා
කුරුටු පුවක් පුවක් හඩින්
කවුරුත් ඔහු අැත හදුනා

හිත ගොඩක් ඈතට ගියා..

මේ පද පේලි අහනකොට ළමාවිය මතක් වෙනවා...

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
28 Oct 2016 10:02 PM
Posted By සඳුනි on 28 Oct 2016 08:13 PM

මෙන්න වැදගත් ශාකයක් අදුරනවද බලමු...

අට්ටික්කා නේද...

0
You are not authorized to post a reply.
Page 15 of 24 << < 1314151617 > >>