Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 May 2019 09:24 PM by Imalka Hewage මේ මොනවාද ? 474 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 12 of 24 << < 1011121314 > >> Author Messages Danu LiyanageVeteran MemberPosts:3457 16 Oct 2016 11:12 PM Posted By සඳුනි on 16 Oct 2016 09:43 PM අැට්ටේරියා ශාකය උපුටා ගැනීමකී........... ස්තුති සඳුනි ඇට්ටේරියා ගැන අහලා තිබුනට විස්තරේ අහලා තිබුනෙ නැහැ නේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Oct 2016 07:07 AM ස්තූතියි විස්තරයට... 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 17 Oct 2016 01:11 PM 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 17 Oct 2016 08:08 PM දුම්කොළ වෙන්න ඕන මේවා නම් ... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 17 Oct 2016 08:09 PM ඇට්ටේරියා විස්තරයට ස්තුති නගෝ . 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 18 Oct 2016 01:22 AM Posted By සඳුනි on 17 Oct 2016 01:11 PM dunkola 0 shanaka kelumSuper Senior MemberPosts:7332 18 Oct 2016 04:51 AM දුම්කොල තමයි මේ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 18 Oct 2016 10:29 AM ශා අයියේ ඔයාලගේ පැත්තෙදී. අපේ අයියා ගත්තා පොටෝ ඒකක් ඔක හී 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 18 Oct 2016 09:09 PM ඔබ දුම්කොල ගැන නොදත් ඉතාමත්ම වැදගත් විස්තරයක් මුළු ලෝකයම කෘෂිකර්මය , ආහාර සුරක්ෂිතතාව ගැන ඉතාමත් උනන්දුවෙන් කතා කරන යුගයකට අප එළඹ සිටින්නෙමු. එම මාතෘකාවටම අදාල තවත් වැදගත් අංගයක් ලෙස ඉහත අපේකෂාවනට තරජනයක් වන වගාවක් ගැන කතා කිරීම ඉතා කාලෝචිත ලෙෂ දකිම්. ඒ අන් කිසිවක් නොව වසරකට ලොව පුරා මිනිස් ජීවිත මිලියන 5.5 කට මරණය උරුම කිරීමට මූලික වස්තු භීජ සපයන දුම්කොළ වගාවයි, දුම්කොළයේ ආනුභාවයෙන් නිපදවෙන සිගරට් ලෝකයට සිදුකරන අවුල ගැන අමුතුවෙන් කිව යුතුනොවේ. සිගරට් නිපදවීමට ලොව පුරා වගා කෙරෙන දුම්කොළ ගැනයි මේ කතාව මෙය හරියට උපමා කල හැක්කේ කෘෂිකර්මය යන බැටළු හම පොරවා ගත් වෘකයකු ලෙසයි, ඒ ඇයි ?? ”අද කාලයේ විද්වතුන් ප‍්‍රකාශ කරන ආකාරයට සිගරට් නම් වෙළඳ භාණ්ඩය අද ලෝකයේ විකිණිමට ආරම්භ කිරීමට යන්නේ නම් එයට කිසි ලෙසවත් එම අයිතිය එනම් පෙටන්ට් අයිතිය නොලැබෙන බවයි” සිතරට් වලට එසේ නම් සිගරට් නිපදවීමට මූලික අමුදාව්‍ය ලෙෂ ගැනෙන දුම්කොළ පිළිබඳ කිනම් කතාද… සිගරට් දිගින් දිගටම මිනිසුන් මරණයට පත් කරමින් පවතින්නේ හා සිගරට් සෑදිම සඳහා නිපදවෙන දුම්කොළ වගාව පවතින්නේද දුම්කොල සමාගම් වල මුදල් බලය හා ඉන් මිලට ගෙන ඇති දේෂපාලන බලයේ ආනුභාවයෙනි. මෙම ශාපලත් වගාව ඉදිරියට යන්නේ අන් කිසි වාසියක් නිසා නොව අනෙක් වගාවලට නොලැබෙන වරප‍්‍ර‍්‍රසාද ලැබෙන යාන්ත‍්‍රනයක් මෙම වගාව වටා දුම්කොල සමාගම් විසින් ගොඩනගා ඇති නිසායි. අප රටේද මෙම වගාව දිරිමත් කිරීමට සිගරට් කොම්පැණිය විසින් විවිධ දේ සිදුකරයි වගා ණය ලබා දීම සහතික මිලක් ගොවීන්ට නියම කර තිබීම නිතිපතා සමාගම විසින් මිලයට ගත් කෘෂිකර්ම උපදේශක වරැුන්ගේ වගා කටයුතු නිරික්ෂනය මේ අතර වේ. දුම්කොළ වගාවට මෙතරම් අනුග‍්‍රහයක් දක්වන්නේ ඇයි ? ඒ x තම මිනිමරු ව්‍යාපාරයේ ආරක්ෂාවට හා පැවැත්මට x මෙම වගාව එම මිනිමරු ව්‍යාපාරයේ පැවැත්මට මිස වෙන කිසිම දෙයකට වැදගත් නොවන නිසා x වගාකිරීමේ මූලික අදියරේ සිට ලෙඩ මරණය අවාසිය සෑම අතින්ම අත්වෙන බව සිගරට් කොම්පැණි දන්නා නිසා මෙන්ම මේවා අවබෝද වී වගා කරන ගොවීන් ඉන් ඉවත් වීම අවම කිරීමට තවද මෙම වගාව ගැන සාමාන්‍ය ලෙස අධ්‍යනය කරන්නෙකුට උවද පහසුවෙන් අවබෝද කරගත හැකි පෙනෙන සත්‍යන් වේ එනම් මෙම වගාව සිදුකරන පොලවට හා එම පරිසරයට මෙම ශාකය විසින් ලබා දෙන යමක් තිබේද ? අන් කිසිම වගාවක නැති ආත්මාර්ථ ලක්ෂණ දුම්කොළ ශාකයේ තිබේ එම ආත්මාර්ථ ගතිම පෙන්නුම් කරන දුම්කොළ සමාගම් වලටම පෑහීමට එය සුදුසුකමක් වන්නට ඇත පොලවේ සියළු සාරවත් දේ හොඳින් අවශෝසනය කරගන්නා මෙම ගස ඉන් ඉතා සරුවට වැඞී නිසි කාලයේදී ගොවීන් විසින් සමාගමට අස්වැන්න ලෙෂ ලබාදෙන්නේ වැඩුනු පොලවට කිසිවක් ඉතිරිකරමින් නොවේ. මේ හේතුව නිසා තෙවරක් පමණ මෙම වගාව සිදුකල බිම් වල වෙන යම් කිසි බෝගයක් කිසිසේත් සාරවත් නොවේ. මන්ද එම ශාකවලට ලබා ගැනීමට පොහොරක් එම ගොවි බිමේ තවත් ඉතිරි වී නොමැති බැවිනි. තවද කෙසේ හෝ සාදා ගන්නා දුම්කොළ සිගරට් නිශ්පාදනයට අවශ්‍ය ලෙෂ වේලා පදම් කර ගැනීම අත්්‍යවශය ප‍්‍රමුඛ කාර්්‍යකි, මෙම සැකසීම ලොව පුරා මහා පරිමාණ හා ධනවත් යයි කියන සිගරට් සමාගම් විසින් කරන්නේ දැව හා ශාක කොටස් පිලිස්සිමෙන් ලබාගන්නා තාපයෙනි .එසේ දුම්කොළ වියලිමට අවැසි තාපය ලබාගැනීමට දැව හා දර ලැබෙන්නේ කේසේ ද? සිගරට් සමාගම් විසින් ලොව පුරා වනාන්තර එළි කරමින් එම අවශ්්‍යතාව සපුරා ගනී. දුම්කොළ අක්කර එකනකින් (01* ලැබෙන ඵලදාව සමාගමට අවැසි ලෙස සැකසීමට වනාන්තර අක්කර 4 ක් පමණ එළි කිරීමට සිදුවන බව සඳහන් වේ. මෙය අප ජීවත් වන මේ මනරම් මිහිතලයට කරන ලොකුම අසාධාරණය නොවන්නේ ද? දුම්කොළ වගාව රටකට සිදුකරන තවත් අවාසියක් නම් අධික පරිසර විනාශයයි, මිනිමරු දුම්කොළ සමාගමේ වරදාන සහ වහසි බස් වලට රැවටෙන අසරණ ගොවීන් සමහර විට වෙනත් බෝග වගාව අතහැර දමා මෙම බෝගය වැවීම ආරම්භ කරයි. එහිදි වැඩි ලාභ අපේක්ෂාවෙන් නොඉඳුල් වනාන්තර පවා විනාෂ කිරීමට පසුබට නොවේ, එය ආර්ථක සමාජීය වශයෙන් මහා ඵල අත්කර දේ නම් ගැටළුවක් නැත. වගාව පටන්ගත් අවස්ථවල සිට පොලව සැකසීමේදී පවා යොදන කෘමිනාශක නිසා මෙන්ම පැල අවධිය පත‍්‍ර මෝරන අවධිය යන සෑම අවස්ථාවකම අදික ලෙෂ අධික විෂ සහිත කෘමිනාශක යොදනු ලැබේ. මෙම තත්වය මත ඒවා භූගත ජලය මතුපිට පස සමග මුසුවීම දිර්ග කාලීන ගැටළු නිර්මාණය කරදේ. මෙම සියළු තත්වයන්ගේ ඇති අමිහිරිම හා උච්චතම අවස්ථාව වනුයේ මෙම සියළු පරිසර විනාශයන්ගේ මුල් ගොදුර බවට පත්වන්නේ දුම්කොළ වගාව සිදුකල ගොවියා හෝ පවුලේ උදවියම වීමයි. වගාවට ඍජුව හා වක‍්‍ර අකාරයෙන් සම්බන්ද වෙන බොහේ දෙනාට රෝගි ඉරනමකට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් දුම්කොළ වගාවේ නියලීමෙන් එම පිරිසට අති වීම කෙතරම් ඛෙද ජනක තත්වයක්ද? ලොව පුරා මෙම වගාව ආසි‍්‍රතව සිදුකරන ලද සමීක්ෂනයන් පෙන්වන පරිදි දුම්කොළ වගාවට යොදන අධිවිෂ කෘමිනාශකවලට දිගින් දිගටම නිරාවරණය වීමේ ප‍්‍රථිඵලයක් ලෙස සමේ රෝග, ඇස් පෙනීම දුර්වල වීම ස්වසන අභාද හා එහි පිලිකා තත්වයන් වර්ධනය වීමක් පැහැදිලිව පෙන්නුම් කර තිබේ. බඩ වියත සොයා ගැනීමට, සැපවත් ජීවිතයක් ගත කිරීමට අපේක්ෂාවෙන් සිදුකල අන් කිසිම වගාවකින් මෙතරම් ඍජු හා වක‍්‍ර හානි ගොවින්ට අත්කර දෙනවායි ඔබ අසා තිබේ ද? මෙතරම් ගැටළු තිබියදී මෙම වගාව කරගෙන යාම එම ගොවීන්ට අවබෝද නොවන්නේ ද? අවබෝද වුවත් ඔවුන් දැන් ප‍්‍රමාද වැඩියි කෙසේද යත් මිනිමරු දුම්කොළ සමාගමේ කූට උපායට ඔවුන් හසු වී හමාරයි, වගා කිරීමට නොකඩවා දෙනු ලබන ණය මුද්ල් ආශිර්වාදයක් ලෙස සිතූ දුම්කොළ ගොවීන් දිගින් දිගටම ණය මත යැපෙමින් සිදුකල වගාවේ අවසන් ප‍්‍රතිඵලය රෝගී වු ගොවි පියකු සහා පවුලක් මෙන්ම කිසිවක් නැවත සරුවට නොවැඩෙන මුඩු ගොවි බිමක්, මෙවන් තත්වයක් උඩ ළිං කටින් වැටුන එකා එහි කටෙන්ම ගොඩ විය යුතු යන ව්‍යවහාරයේ පිහිටා දුම්කොළ ගොවියාටද සිදුවනුයේ සමහරවිට ලෙඩ මරගාතේ උවද සිගරට් සමාගමේ ණය පියවීමට මැජික් කර හෝ තම මුඩු ඉඩමේ නැවත දුම්කොළ සිටුවීමයි. සමාගමේ හා දුම්කොළ වගාවේ බැටළු හම ගැලවෙන්නේ මේ අවස්ථාවේදී යි. එහෙත් කල හැකි කිසිවක් නොවේ, මෙම තත්වයන් වේලාසනින්ම හඳුනාගත් ගොවීන් දුම්කොළ සමාගමේ උගුලේ නොවැටෙන අතර සමහරක් අපහසුවකින් තොරව පසුව හෝ මෙහි දිගුකාලීන අවාසිදායක තත්වය වටහාගෙන ඉන් ඉවත් වීම සිදු කරයි. එහිදි ඔවුන් තම භුමිය නිසරු වීම, මෙම කරුමක්කාර වගාව එපා වීම හා සිගරට් සමාගමේ කූට උපායන් තේරුම් ගැනීම යන කාරණා නිසා දුම්කොළ වගාවට සමුදේ. අවසාන වශයෙන් කිව හැක්කේ අප රට වැනි කුඩා භුමි ප‍්‍රමාණයක් ඇති හා එහි වගා කර හැකි මට්ටම ද ඉතා සීමිත අවස්ථාවක දුම්කොළ වැනි දුක් බෝගයක් වගා කල යුතු නොවේ යන්නයි. මන්ද ආහාර සුරක්ෂිතතාවයට හා ඉන් ස්වයං පෝෂි ව්මට මේ සිම්ත වගා කල හැකි භුම්ය හා එයට යොදන ජලය, පොහොර මෙන්ම මිනිස් ශ‍්‍රමයද ඉතා වැදගත් වන නිසාය. දුම්කොළ වගා කොට එම භුම්ය නිසරු කිරිමේ ආදීනවද අපට මේ ජීවිතයේ දිම බලාගැනීමට හැකිවනු ද ඇත. දුම්කොළ සමාගම් විසින් මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කොට ඇති පිරිසිදු ජලය භාවිතා කිරීමේ අවස්ථව ලොව කිසියම් මානවයකුට අහිම් කරන්නේ නම් ඒ මේ දුම්කොළ වැවීමේ කාර්‍ය හරහායි ඒ මුල් අදියරේ මූලික මිනිස් අයිතිවාසිකම උල්ලංගනයට කටයුතු කිරීමයි ඊලඟ පියවරයන් හිදි මෙම සමාගම් විසින් පිරිසිඳු වාතය ආඝා‍්‍රනය කිිරීමට ඇති මිනිස් අයිතිවාසිකම ද නැති කර දමයි. ඒ කේසේද යයි ඔබට පැහැදිලි කල යුතු නොවේ. සිගරට් භාවිතා කරන පිරිස් අතර දිනයේ වැඩි කාලයක් ගත කරන අයට හෘද රෝග ඇති වීමේ අවදානම 25% – 30 % ත් අතර වන බව සෝයාගෙන ඇත. ඔවුන්ට 20% – 30% අතර ප‍්‍රමාණයකින් පෙනහළු පිලිකා ඇති වීමේ අවදානමක් ද පවතින බව ලෝක සෙෘඛ්‍ය සංවිධාන වාර්ථ පෙන්වා දෙයි. අක‍්‍රිය දුම්පානය නිසා බ‍්‍රිතාන්‍යයේ දුම් නොබොන්නන් හෘද රෝග වලට ගොදුරු වීම 60% ක් වන අතර එය එරට සාමාන්‍ය මට්ටමට සිගරට් බීම නිසා සිදුවන මරණ ගණනට සමාන බව පවසයි. මෙතරම් පැහැදිළි සාක්ෂි තිබියදී තවදරටත් සිගරට් නිෂ්පාදනයට මූලිකවම අවශ්්‍ය වන දුම්කොළ ලෝකයේට ජන ජීවිතයට තර්ජනයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. වාගාවේ සිටම නිෂ්පාදනය දක්වාම දුකම පමණක් උරුම කරදෙන මේ වගැව මිහිපිටින් ඉවත් කර දැමීමට කටයුතු කිරීම සියළු ජනතා හිතවාදී මිනිසුන්ගේ යුතුකමකි. තොරතුරු සැපයීම - Battaramulla sri lanka fb page 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 18 Oct 2016 09:31 PM රෝසි නංගීනේ මුලින් පිළිතුරු දීලා තියෙන්නේ.. ඔයා දන්නේ කොහොමද මේවා ගැන... 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 18 Oct 2016 09:37 PM විස්තරය නම් අන්තර්ජාලයෙන් තමා හොයා ගත්තේ. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 19 Oct 2016 01:20 AM Posted By සඳුනි on 18 Oct 2016 10:29 AM ශා අයියේ ඔයාලගේ පැත්තෙදී. අපේ අයියා ගත්තා පොටෝ ඒකක් ඔක හී මට ඔනෙනං මේ කොතනද කියල කියන්නත් පුලුවන් ගෙවල් වලට ලග පාතනම් අඩුයි ගලේවෙල නගරයට කිට්ටු වෙන්න තමයි වැඩි. මොකද ඒ හරියේ දුම්කොල කර්මාන්ත ශාලාවක් තියෙනවා 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 19 Oct 2016 12:27 PM "රෝසි නංගීනේ මුලින් පිළිතුරු දීලා තියෙන්නේ.. ඔයා දන්නේ කොහොමද මේවා ගැන..." බාවිතය නිසා නොවැ හේ හේ ..අනේ නැ අයියේ මෙහෙත් ඕවා වගා කරලා තියෙනවා නිතර දකිනවා යමින් එමින් . එක නිසා ගහ අදුර ගත්තා මන් . 0 Danu LiyanageVeteran MemberPosts:3457 19 Oct 2016 01:00 PM මෙච්චර කල් දුම් ගැහුවට අද තමා කොලේ දැක්කේ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 19 Oct 2016 02:24 PM විහින් ලෙඩ හදා ගන්න කට්ටිය හරි කැමතී නේද? 0 Danu LiyanageVeteran MemberPosts:3457 19 Oct 2016 03:34 PM dana dana daganna ledak eka 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 20 Oct 2016 08:39 AM දැන් දුම් ගහන්නත් ලේසි නෑ කට්ටියට. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 20 Oct 2016 12:58 PM ඊයා... කරන්න වෙන මොකුත් අැත්තෙම නැද්ද? 0 Danu LiyanageVeteran MemberPosts:3457 21 Oct 2016 08:05 AM a mokda ehema kiyanne sanduni 0 Danu LiyanageVeteran MemberPosts:3457 22 Oct 2016 03:13 AM සඳුනි නන්ගිගේ ෆොටො වැටෙන්නේ නැහැ කියල මෙම රූපය අප්ලොඩ් කර දෙන්න කිව්ව මම දන්නේත් නැහැ මොකද්ද කියලා. දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න 0 You are not authorized to post a reply. Page 12 of 24 << < 1011121314 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games