You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari Jayasekara
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 77 << < 23456 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Oct 2016 01:38 PM
ම්ම්ම්ම්ම්ම් අබරැල්ල චට්නි ,,අනේ ඉතින් අපිට කොහෙද බැදපු මාලු
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Oct 2016 09:32 AM

https://s16.postimg.org/vf2mg1zwl/page0013.jpg

https://s16.postimg.org/u10lt6305/page0014.jpg

 

https://s12.postimg.org/87xx26w7h/page0019.jpg

 https://s21.postimg.org/z3ws7dbx3/page0031.jpg 

දියණිය පුවත්පතනිhttps://s16.postimg.org/3sjqjn1th/page0032w.jpg\

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 Oct 2016 10:02 AM
අමුතු අමුතු කෑම ජාති ගොඩයි.
මල්ලි දැනට රෙසිපි තොගයක්ම දාලා.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 Oct 2016 10:51 AM
හිතයි බඩයි දෙකම පිරෙනවා දැක්කමත් ..බොහොම ස්තුති .
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Oct 2016 11:47 AM
maru kema wattoruwak ne chamara dala thiyenne
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Oct 2016 09:33 AM
Posted By hasithad on 24 Oct 2016 10:25 AM
ඇඹරැල්ලා චටිනි අපි මෙදා පාර හැදුවා මල්ලි.
අපේ ඇඹරැල්ලා ගස් වල මේ සැරේ හොදට හැදුනා.

ඒකම තමයි අයියේ මටත් වෙලා තියෙන්නේ

මෙදා පාර ගහ පුරවලා ඇඹරැල්ල හැදිල. බාගයක් ඉදිල වැටෙනවා අනිත්ව වවුලො කනවා අපරාදෙනේ


0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Oct 2016 06:40 AM

http://s10.postimg.org/ih95n3pmx/Untitled_4.jpg

http://s13.postimg.org/8j0erfcwn/Untitled_5.jpg

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Oct 2016 08:11 AM
ගෝවා නම් අපේ ගේ පැත්ත හරියෙවත් ගේන්නේ නෑ.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2016 08:39 PM

සුපුරුදු රසට සැබෑ වෙනසක් 

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
හැමදාමත් ගන්න සුපුරුදු කෑම වට්ටෝරුවට වෙනසක් කරන්න පුළුවන් නම් ඒක හරිම වටිනවා. ඒ වෙනසට ඔයාගෙ දුව පුතාත් ගොඩක් සතුටු වේවි. ඔයා ගැන සැමියගෙ හිතේ තියෙන ආදරයත් වැඩිවේවි. ඉතිං ඉන්දියානු ක්‍රමය අනුව සකස්කරන ලද මේ වගේ සරල කෑම වට්ටෝරුවක් රාත්‍රී කෑමවේලකට පිළියෙල කරගන්න හැකිනම් මේ වෙනස ඔයාලටත් අත්විඳින්න පුළුවන්. ඉදිරිපත් කිරීම සූපවේදිනී ගයාලි පෙරේරා 077-8271594




රාත්‍රී ආහාරයට සරල ඉන්දියානු කෑම මසාලා බත

ඉන්දියානු ක්‍රමයට මසාලා බතක් හදාගන්න විදිහයි මේ. වෙනස් රසයක් ගෙන දෙන මේ බත ඔබේ මෙනු එකටත් වෙනසක් ගෙනදේවි.

අවශ්‍ය ද්‍රව්‍ය:
සම්බා හාල් ග්‍රෑම් 500 ක්
ගරම් මසාලා තේ හැන්දක්
එළඟිතෙල් මේස හැඳි 2 ක්
පෙති කපාගත් බී ලූනු ගෙඩියක්
සිහින්ව කපාගත් සුදුලූනු බික් 3 ක්
කරපිංචා ඉත්තක්
ලුණු රස අනුව
කහ ස්වල්පයක්

සාදන ක්‍රමය:
පළමුව බඳුනක් ළිප තබා එයට එළඟිතෙල් දමා රත්වන්නට තබන්න. පසුව එයට කහ, ගරම් මසාලා, ලූනු, සුදුලූනු සහ කරපිංචා දමා හොඳින් බැදගන්න. පසුව හාල් එයට එකතු කරගන්න. දැන් අවශ්‍ය පමණ වතුර දමා බත උයාගන්න.
පසුව රතුලූනු ගෙඩි කීපයක් සිහින්ව කපා රන්වන් පැහැ වනතුරු බැදගන්න. පසුව උයාගත් බත බඳුනකට දමා බැදගත් ලූනු බත උඩින් ඉසගන්න.


මැකරෝනි චීස්

මැකරෝනිවල රස බලන්න ලොකු කුඩා කවුරුත් හරිම කැමැතියි. ඒකට චීස් ටිකකුත් එකතුවුණාම රස දෙගුණ තෙගුණ වෙනවා. ඉතිං ඔයාලත් මේ විදිහට මැකරෝනි චීස් හදලා බලන්නකො
ඒ රස මොනවගේද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය:
තෙල් හෝ බටර් මේස හැන්දක්
ලුණු ස්වල්පයක්
මැකරෝනි පැකට් 1/2 ක්

සාදන ක්‍රමය:
පළමුව බඳුනකට වතුර දමා රත්වෙන්නට තබන්න. දැන් හොඳින් රත්වූ වතුරට මැකරෝනි, බටර් මේස හැන්ද සහ ලුණු ස්වල්පයක් දමා තැම්බෙන්නට තබන්න. පසුව මෙලෙසින් තම්බාගත් මැකරෝනිවල වතුර පෙරා නැවත ඇල්වතුරෙන් සෝදා ගන්න.

චීස් සෝස් සඳහා
මාගරින් හෝ බටර් මේස හැඳි 2 ක්
කිරි කෝප්ප 2 ක්
කෝන් ෆ්ලවර් මේස හැඳි 2 ක්
අබ ක්‍රීම් මේස හැඳි 2 ක්
ලුණු, ගම්මිරිස් රස අනුව
ග්‍රේට් කරගත් චීස් ග්‍රෑම් 100 ක්
තක්කාලි පෙති 8 ක්


සාදන ක්‍රමය:

පළමුව මාගරින් බඳුනකට දමා රත්වෙන්නට තබන්න. ඉන්පසු එයට කෝන් ෆ්ලවර් එකතුකරගන්න. පසුව කිරි, අබ ක්‍රීම්, ලුණු, ගම්මිරිස් සහ චීස්වලින් භාගයක් එකතු කරන්න. පසුව මැකරෝනි එයට මිශ්‍රකරන්න. දැන් බේක් කළ හැකි බඳුනක් ගෙන එයට මැකරෝනි මිශ්‍රණය දමා උඩින් තක්කාලි පෙති තබන්න. එයට උඩින් ඉතිරි චීස් ද දමා ගන්න. පසුව සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙන් රන්වන් පැහැවනතුරු බේක් කරගන්න.


ග්‍රිල්ඩ් චිකන් විත් බී හනී

හැමදාමත් කන රසයට වඩා වෙනස් රසයකට කුකුළු මස් කන්න කැමැති අය මේ ක්‍රමයටත් හදලා බලන්නකෝ. මී පැණිත් එකතු කරලා නිසා එස ත

වත් වෙනස් වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය:
චිකන් තයි කොටස් 5 ක් (සුපිරි වෙළෙඳ සල්වල කොටස් වෙන් කළ කුකුළු මස් ලබාගත හැකියි.
මී පැණි මේස හැඳි 3 ක්
සෝයා සෝස් මේස හැඳි 2 ක්
ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු රස අනුව

සාදන ක්‍රමය:
පළමුව චිකන් තයි කොටස් ටික ගෙන වෙන් නොවන්නට ඉරි ආකාරයට කැපුම් පාරවල් දමාගන්න. දැන් ඉතිරි ද්‍රව්‍ය බඳුනකට දමා කලවම් කරගන්න. ඉන්පසු කැපුම් දමාගත් චිකන් තයි උඩින් එම මිශ්‍රණය දමා පැය පහක් පමණ ශීතකරණයේ තබන්න. පසුව සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයෙන් රන්වන් පැහැවනතුරු ග්‍රිල්ඩ් කරගන්න.
අවසානයේ මෙය බඳුනක් මත තබා දොඩම් පෙති සමඟ අමුත්තන්ට පිළිගන්වන්න.


ග්‍රීන්පීස් සමඟ අල කරිය

හැමදාමත් හදන අල හොද්දට සැබෑ වෙනසක් ගෙනදෙන මේ අල කරිය හදලා රස විඳින්නකෝ. ඒ වෙනසට පුංචි දරුවොත් ගොඩක් සතුටුවේවි.

අවශ්‍ය ද්‍රව්‍ය:
තම්බාගත් අල ග්‍රෑම් 250 ක්
තම්බාගත් ග්‍රීන්පීස් ග්‍රැම් 50 ක්
ගරම් මසාල තේ හැන්දක්
කහ ස්වල්පයක්
කොත්තමල්ලි කොළ
කෝප්ප 1/2 ක්
බී ලූනු ගෙඩියක්
සුදුලූනු බික් තුනක්
ලුණු රස අනුව
එළඟිතෙල් මේස හැන්දක්

සාදන ක්‍රමය:
පළමුව බඳුනකට එළඟිතෙල් දමා රත්වන්නට තබන්න. ඉන්පසු ලූනු, සුදුලූනු, කහ, ගරම් මසාල, කොත්තමල්ලි කොළ එයට දමා තෙම්පරාදු කරගන්න. දැන් ලුණු එයට එකතුකරන්න. පසුව අල හා ග්‍රීන්පීස් දමන්න. තරමක් පිසගත් පසු ළිපෙන් ඉවතට ගෙන දීසියකට දමා කපාගත් කොත්තමල්ලි කොළ උඩින් ඉසින්න.


බොයිල්ඩ් පොටෙටෝ සැලඩ්
අල සැලඩ් එකක් විදිහට සාදා රස බලන්න අවස්ථාව අද ඔබට හිමිවෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:
තම්බාගත් අල ග්‍රෑම් 500 ක්
මෙයෝනේස් සෝස් කෝප්පයක්
කුඩාවට කපාගත්
පාස්ලි කෝප්ප 1/2 ක්
ලුණු, ගම්මිරිස් රස අනුව

සාදන ක්‍රමය:
පළමුව තම්බාගත් අල ගෙන අඟල් දෙකක් පමණ ප්‍රමාණයට කොටු කපාගන්න. ඉන්පසු ලුණු හැර අනෙක් සියලුම ද්‍රව්‍ය මිශ්‍රකර ගන්න. දැන් මෙය ශීතකරණයේ තබන්න.
කෑමට පෙර ලුණු දමා මිශ්‍රකරගන්න.


වෙජිටබල් ස්ටර් ෆ්‍රයි

එළවළුවලට වෙනස් රසයක් එකතු කරලා රස විඳින්න කැමැති ඔයාලාටයි මේ ආහාර වට්ටෝරුව.

අවශ්‍ය ද්‍රව්‍ය:
කැරට් ගෙඩි එකක්
ගෝවා කොළ 4 ක්
රතු, කහ, කොළ, බෙල්පෙපර්
කරල්1/4 බැගින්
සුදුලූනු බික් 4 ක්
ලූනු ගෙඩියක්
ලුණු, ගම්මිරිස් රස අනුව
තෙල් මේස හැඳි 2 ක්
සෝයා සෝස් මේස හැන්දක්

සාදන ක්‍රමය:
පළමුව කැරට් අලය ගෙන දික් අතට පෙති කපාගන්න. අනෙක් එළවළුද කැබලි කපාගන්න. බඳුනක් ළිප තබා එයට තෙල් දමා රත්කරගන්න. රත්වූ තෙලට කැරට් පෙති දමා මඳ වේලාවක් හැඳිගාන්න. ඉන්පසු ඉතිරි එළවළුද දමා සෝයා සෝස් එකතු කරන්න. අනෙක් ද්‍රව්‍යයද දමාගන්න. එළවළුවල පැහැය නොවෙනස් වන පරිදි ඉක්මනින් පිස බඳුන ළිපෙන් ඉවතට ගන්න.


කි්‍යුකම්බර් රයිතා

මුදවපු කිරිවලට පිපිඤ්ඤා එකතු කරලා මේ සලාදය හදාගෙන තියෙනවා. රසයයි පෝෂණයයි පිරුණු මේ රසවත් සලාදය මොනතරම් අපූරුද කියලා හදලාම බලන්නකෝ.

අවශ්‍ය ද්‍රව්‍ය:
පිපිඤ්ඤා ගෙඩියක්
බී ලූනු ගෙඩි දෙකක්
අමු මිරිස් කරල්
තුනක්
මුදවපු කිරි කෝප්පයක්
ලුණු, ගම්මිරිස් රස අනුව

සාදන ක්‍රමය:
පළමුව පිපිඤ්ඤා ගෙඩියගෙන පොතු ඉවත් කරගන්න. දැන් එහි මැද කොටසද ඉවත්කර සිහින්ව කපා ගන්න. පසුව මුදවාගත් කිරි සහ ලුණු, ගම්මිරිස් එයට එකතුකර හොඳින් කලවම් කරන්න. පසුව සියල්ලම එකට මිශ්‍රකරගන්න. දැන් මෙය අමුත්තන්ට පිළිගැන්විය හැකියි.


 

ග්‍රිල්ඩ් ෆිෂ්

ග්‍රිල් කරපු මාළු කෑල්ලක රස බලන්න ආසාවෙන් හිටියා නම් ඔන්න දැන් ඒ සඳහා අවස්ථාව තියනවා. ඒ රසත් මොනවගේද කියලා බලන්නකෝ.

අවශ්‍ය ද්‍රව්‍ය:

මාළු කූරියෙක්
(මොදා, තිලාපියා,
මී වැටි, බට්ටා)
ලුණු, ගම්මිරිස්
රස අනුව
සෝයා සෝස්
දෙහි ස්වල්පයක්
සැල්දරි, ලීක්ස්, කැරට් අවශ්‍ය පමණ

සාදන ක්‍රමය:
පළමුව මාළුවා ශුද්ධකර කහ දමා සෝදා කැපුම් පාරවල් කීපයක් දමාගන්න. ඉන්පසු අනෙක් ද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍රකර මාළුවාගේ ඇඟේ තවරන්න. දැන් මෙය පැය තුනක් පමණ ශීතකරණයේ තබන්න. පසුව සිහින්ව කපාගත් සැල්දරි සිහින් දිගටියට කපාගත් කැරට් අලයක් සහ සිහින්ව කපාගත් ලීක්ස් කොටසක් ගන්න. මේ සියල්ල එකට මිශ්‍රකර ගන්න. පසුව ශීතකරණයෙන් මාළුවාගෙන එයට උඩින් කපාගත් එළවළු ටික දමා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙන් රන්වන් පැහැය වනතුරු ග්‍රිල්ඩ් කරගන්න.

  ඡායා - ශාන් රඹුක්වැල්ල

උපුටා ගැනීම තරුණී වෙබ් අඩවියෙන්

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 Oct 2016 09:04 PM
ඉතා හොද කෑම වර්ග ටිකක් තියෙනවා..
ප්‍රින්ට් එකක් අරගෙන නෝනාට දෙන්න ඕන...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
31 Oct 2016 10:13 PM
මරු කෑම වට්ටෝරු ටිකක් නේ දාල තියෙන්නේ .........නියමයි
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
31 Oct 2016 11:47 PM
මේ ටිකත් හඳල බලන්න ඕන ස්තූතියි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Nov 2016 12:07 AM
හදලා බලන්නම වෙනවා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Nov 2016 02:32 AM
සමහර දවස වලට කන එකත් නිකං බෑ වගේ
ඒ වෙලාවට මේ දේවල් වලින් පොඩි උත්සාහයක් දාන්න ඕනේ
ස්තූතියි මල්ලී
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
01 Nov 2016 08:52 AM
Posted By chamaramind on 31 Oct 2016 08:39 PM

සුපුරුදු රසට සැබෑ වෙනසක් 

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
හැමදාමත් ගන්න සුපුරුදු කෑම වට්ටෝරුවට වෙනසක් කරන්න පුළුවන් නම් ඒක හරිම වටිනවා. ඒ වෙනසට ඔයාගෙ දුව පුතාත් ගොඩක් සතුටු වේවි. ඔයා ගැන සැමියගෙ හිතේ තියෙන ආදරයත් වැඩිවේවි. ඉතිං ඉන්දියානු ක්‍රමය අනුව සකස්කරන ලද මේ වගේ සරල කෑම වට්ටෝරුවක් රාත්‍රී කෑමවේලකට පිළියෙල කරගන්න හැකිනම් මේ වෙනස ඔයාලටත් අත්විඳින්න පුළුවන්. ඉදිරිපත් කිරීම සූපවේදිනී ගයාලි පෙරේරා 077-8271594




රාත්‍රී ආහාරයට සරල ඉන්දියානු කෑම මසාලා බත

ඉන්දියානු ක්‍රමයට මසාලා බතක් හදාගන්න විදිහයි මේ. වෙනස් රසයක් ගෙන දෙන මේ බත ඔබේ මෙනු එකටත් වෙනසක් ගෙනදේවි.

අවශ්‍ය ද්‍රව්‍ය:
සම්බා හාල් ග්‍රෑම් 500 ක්
ගරම් මසාලා තේ හැන්දක්
එළඟිතෙල් මේස හැඳි 2 ක්
පෙති කපාගත් බී ලූනු ගෙඩියක්
සිහින්ව කපාගත් සුදුලූනු බික් 3 ක්
කරපිංචා ඉත්තක්
ලුණු රස අනුව
කහ ස්වල්පයක්

සාදන ක්‍රමය:
පළමුව බඳුනක් ළිප තබා එයට එළඟිතෙල් දමා රත්වන්නට තබන්න. පසුව එයට කහ, ගරම් මසාලා, ලූනු, සුදුලූනු සහ කරපිංචා දමා හොඳින් බැදගන්න. පසුව හාල් එයට එකතු කරගන්න. දැන් අවශ්‍ය පමණ වතුර දමා බත උයාගන්න.
පසුව රතුලූනු ගෙඩි කීපයක් සිහින්ව කපා රන්වන් පැහැ වනතුරු බැදගන්න. පසුව උයාගත් බත බඳුනකට දමා බැදගත් ලූනු බත උඩින් ඉසගන්න.


මැකරෝනි චීස්

මැකරෝනිවල රස බලන්න ලොකු කුඩා කවුරුත් හරිම කැමැතියි. ඒකට චීස් ටිකකුත් එකතුවුණාම රස දෙගුණ තෙගුණ වෙනවා. ඉතිං ඔයාලත් මේ විදිහට මැකරෝනි චීස් හදලා බලන්නකො
ඒ රස මොනවගේද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය:
තෙල් හෝ බටර් මේස හැන්දක්
ලුණු ස්වල්පයක්
මැකරෝනි පැකට් 1/2 ක්

සාදන ක්‍රමය:
පළමුව බඳුනකට වතුර දමා රත්වෙන්නට තබන්න. දැන් හොඳින් රත්වූ වතුරට මැකරෝනි, බටර් මේස හැන්ද සහ ලුණු ස්වල්පයක් දමා තැම්බෙන්නට තබන්න. පසුව මෙලෙසින් තම්බාගත් මැකරෝනිවල වතුර පෙරා නැවත ඇල්වතුරෙන් සෝදා ගන්න.

චීස් සෝස් සඳහා
මාගරින් හෝ බටර් මේස හැඳි 2 ක්
කිරි කෝප්ප 2 ක්
කෝන් ෆ්ලවර් මේස හැඳි 2 ක්
අබ ක්‍රීම් මේස හැඳි 2 ක්
ලුණු, ගම්මිරිස් රස අනුව
ග්‍රේට් කරගත් චීස් ග්‍රෑම් 100 ක්
තක්කාලි පෙති 8 ක්


සාදන ක්‍රමය:

පළමුව මාගරින් බඳුනකට දමා රත්වෙන්නට තබන්න. ඉන්පසු එයට කෝන් ෆ්ලවර් එකතුකරගන්න. පසුව කිරි, අබ ක්‍රීම්, ලුණු, ගම්මිරිස් සහ චීස්වලින් භාගයක් එකතු කරන්න. පසුව මැකරෝනි එයට මිශ්‍රකරන්න. දැන් බේක් කළ හැකි බඳුනක් ගෙන එයට මැකරෝනි මිශ්‍රණය දමා උඩින් තක්කාලි පෙති තබන්න. එයට උඩින් ඉතිරි චීස් ද දමා ගන්න. පසුව සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙන් රන්වන් පැහැවනතුරු බේක් කරගන්න.


ග්‍රිල්ඩ් චිකන් විත් බී හනී

හැමදාමත් කන රසයට වඩා වෙනස් රසයකට කුකුළු මස් කන්න කැමැති අය මේ ක්‍රමයටත් හදලා බලන්නකෝ. මී පැණිත් එකතු කරලා නිසා එස ත

වත් වෙනස් වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය:
චිකන් තයි කොටස් 5 ක් (සුපිරි වෙළෙඳ සල්වල කොටස් වෙන් කළ කුකුළු මස් ලබාගත හැකියි.
මී පැණි මේස හැඳි 3 ක්
සෝයා සෝස් මේස හැඳි 2 ක්
ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු රස අනුව

සාදන ක්‍රමය:
පළමුව චිකන් තයි කොටස් ටික ගෙන වෙන් නොවන්නට ඉරි ආකාරයට කැපුම් පාරවල් දමාගන්න. දැන් ඉතිරි ද්‍රව්‍ය බඳුනකට දමා කලවම් කරගන්න. ඉන්පසු කැපුම් දමාගත් චිකන් තයි උඩින් එම මිශ්‍රණය දමා පැය පහක් පමණ ශීතකරණයේ තබන්න. පසුව සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයෙන් රන්වන් පැහැවනතුරු ග්‍රිල්ඩ් කරගන්න.
අවසානයේ මෙය බඳුනක් මත තබා දොඩම් පෙති සමඟ අමුත්තන්ට පිළිගන්වන්න.


ග්‍රීන්පීස් සමඟ අල කරිය

හැමදාමත් හදන අල හොද්දට සැබෑ වෙනසක් ගෙනදෙන මේ අල කරිය හදලා රස විඳින්නකෝ. ඒ වෙනසට පුංචි දරුවොත් ගොඩක් සතුටුවේවි.

අවශ්‍ය ද්‍රව්‍ය:
තම්බාගත් අල ග්‍රෑම් 250 ක්
තම්බාගත් ග්‍රීන්පීස් ග්‍රැම් 50 ක්
ගරම් මසාල තේ හැන්දක්
කහ ස්වල්පයක්
කොත්තමල්ලි කොළ
කෝප්ප 1/2 ක්
බී ලූනු ගෙඩියක්
සුදුලූනු බික් තුනක්
ලුණු රස අනුව
එළඟිතෙල් මේස හැන්දක්

සාදන ක්‍රමය:
පළමුව බඳුනකට එළඟිතෙල් දමා රත්වන්නට තබන්න. ඉන්පසු ලූනු, සුදුලූනු, කහ, ගරම් මසාල, කොත්තමල්ලි කොළ එයට දමා තෙම්පරාදු කරගන්න. දැන් ලුණු එයට එකතුකරන්න. පසුව අල හා ග්‍රීන්පීස් දමන්න. තරමක් පිසගත් පසු ළිපෙන් ඉවතට ගෙන දීසියකට දමා කපාගත් කොත්තමල්ලි කොළ උඩින් ඉසින්න.


බොයිල්ඩ් පොටෙටෝ සැලඩ්
අල සැලඩ් එකක් විදිහට සාදා රස බලන්න අවස්ථාව අද ඔබට හිමිවෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:
තම්බාගත් අල ග්‍රෑම් 500 ක්
මෙයෝනේස් සෝස් කෝප්පයක්
කුඩාවට කපාගත්
පාස්ලි කෝප්ප 1/2 ක්
ලුණු, ගම්මිරිස් රස අනුව

සාදන ක්‍රමය:
පළමුව තම්බාගත් අල ගෙන අඟල් දෙකක් පමණ ප්‍රමාණයට කොටු කපාගන්න. ඉන්පසු ලුණු හැර අනෙක් සියලුම ද්‍රව්‍ය මිශ්‍රකර ගන්න. දැන් මෙය ශීතකරණයේ තබන්න.
කෑමට පෙර ලුණු දමා මිශ්‍රකරගන්න.


වෙජිටබල් ස්ටර් ෆ්‍රයි

එළවළුවලට වෙනස් රසයක් එකතු කරලා රස විඳින්න කැමැති ඔයාලාටයි මේ ආහාර වට්ටෝරුව.

අවශ්‍ය ද්‍රව්‍ය:
කැරට් ගෙඩි එකක්
ගෝවා කොළ 4 ක්
රතු, කහ, කොළ, බෙල්පෙපර්
කරල්1/4 බැගින්
සුදුලූනු බික් 4 ක්
ලූනු ගෙඩියක්
ලුණු, ගම්මිරිස් රස අනුව
තෙල් මේස හැඳි 2 ක්
සෝයා සෝස් මේස හැන්දක්

සාදන ක්‍රමය:
පළමුව කැරට් අලය ගෙන දික් අතට පෙති කපාගන්න. අනෙක් එළවළුද කැබලි කපාගන්න. බඳුනක් ළිප තබා එයට තෙල් දමා රත්කරගන්න. රත්වූ තෙලට කැරට් පෙති දමා මඳ වේලාවක් හැඳිගාන්න. ඉන්පසු ඉතිරි එළවළුද දමා සෝයා සෝස් එකතු කරන්න. අනෙක් ද්‍රව්‍යයද දමාගන්න. එළවළුවල පැහැය නොවෙනස් වන පරිදි ඉක්මනින් පිස බඳුන ළිපෙන් ඉවතට ගන්න.


කි්‍යුකම්බර් රයිතා

මුදවපු කිරිවලට පිපිඤ්ඤා එකතු කරලා මේ සලාදය හදාගෙන තියෙනවා. රසයයි පෝෂණයයි පිරුණු මේ රසවත් සලාදය මොනතරම් අපූරුද කියලා හදලාම බලන්නකෝ.

අවශ්‍ය ද්‍රව්‍ය:
පිපිඤ්ඤා ගෙඩියක්
බී ලූනු ගෙඩි දෙකක්
අමු මිරිස් කරල්
තුනක්
මුදවපු කිරි කෝප්පයක්
ලුණු, ගම්මිරිස් රස අනුව

සාදන ක්‍රමය:
පළමුව පිපිඤ්ඤා ගෙඩියගෙන පොතු ඉවත් කරගන්න. දැන් එහි මැද කොටසද ඉවත්කර සිහින්ව කපා ගන්න. පසුව මුදවාගත් කිරි සහ ලුණු, ගම්මිරිස් එයට එකතුකර හොඳින් කලවම් කරන්න. පසුව සියල්ලම එකට මිශ්‍රකරගන්න. දැන් මෙය අමුත්තන්ට පිළිගැන්විය හැකියි.


 

ග්‍රිල්ඩ් ෆිෂ්

ග්‍රිල් කරපු මාළු කෑල්ලක රස බලන්න ආසාවෙන් හිටියා නම් ඔන්න දැන් ඒ සඳහා අවස්ථාව තියනවා. ඒ රසත් මොනවගේද කියලා බලන්නකෝ.

අවශ්‍ය ද්‍රව්‍ය:

මාළු කූරියෙක්
(මොදා, තිලාපියා,
මී වැටි, බට්ටා)
ලුණු, ගම්මිරිස්
රස අනුව
සෝයා සෝස්
දෙහි ස්වල්පයක්
සැල්දරි, ලීක්ස්, කැරට් අවශ්‍ය පමණ

සාදන ක්‍රමය:
පළමුව මාළුවා ශුද්ධකර කහ දමා සෝදා කැපුම් පාරවල් කීපයක් දමාගන්න. ඉන්පසු අනෙක් ද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍රකර මාළුවාගේ ඇඟේ තවරන්න. දැන් මෙය පැය තුනක් පමණ ශීතකරණයේ තබන්න. පසුව සිහින්ව කපාගත් සැල්දරි සිහින් දිගටියට කපාගත් කැරට් අලයක් සහ සිහින්ව කපාගත් ලීක්ස් කොටසක් ගන්න. මේ සියල්ල එකට මිශ්‍රකර ගන්න. පසුව ශීතකරණයෙන් මාළුවාගෙන එයට උඩින් කපාගත් එළවළු ටික දමා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙන් රන්වන් පැහැය වනතුරු ග්‍රිල්ඩ් කරගන්න.

  ඡායා - ශාන් රඹුක්වැල්ල

උපුටා ගැනීම තරුණී වෙබ් අඩවියෙන්



ඔය හැමදේම වගේ හදන් කනවා, ප්‍රශ්නය එකම රසට දෙවතාවක් හදා ගන්නට බැරි කම,
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Nov 2016 11:19 AM
ඔය ප්‍රශ්නෙ ගාමිනී අයියේ ඔයාට වගේම අපේ ගෙදර අයටත් තියෙනවා.
එකම කෑම හදන හැම වෙලාවකම රස වෙනස්.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Nov 2016 03:46 AM
ඒකත් හොදයිනේ එකම රසට කනවට වඩා....................
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
02 Nov 2016 05:49 AM
මැකරෝනි ටිකක් කාපු කාලයක් මතක නෑ .. කාට කියන්නද ඉතින් 
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Nov 2016 07:42 AM
මැකරෝනි නම් මට එපා කරපු කෑමක්.
එක පාරයි කෑවෙත්.එකෙන්ම ඇති වුනා.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Nov 2016 12:29 PM
Posted By kingD on 02 Nov 2016 05:49 AM
මැකරෝනි ටිකක් කාපු කාලයක් මතක නෑ .. කාට කියන්නද ඉතින් 


 අපේ ගෙදර අය හදන්න දන්නවා රසට, සවුදියේ ඉන්නකම් මට දුන්නෙම කන්න මැකරොනී තමා 
0
You are not authorized to post a reply.
Page 4 of 77 << < 23456 > >>