You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari Jayasekara
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 7712345 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Sep 2016 08:47 AM

    සී ෆුඩ් ඩෝනට්

    මුහුදු ආහාර වර්ග පෝෂණ ගුණයෙන් ඉහළයි. ඔබ ඩෝනට් වර්ග නිතර රසවිඳ ඇතුවා නිසැකයි.
    මේ සී ෆුඩ් එක්කර වෙනස් විදියට සාදාගත් ඩෝනට් වර්ගය ඔබේ පවුලේ හැමෝටම වෙනසක් සඳහා කදිමයි.

    අවශ්‍ය ද්‍රව්‍ය:
    තලපත් මාළු ග්‍රෑම් 100 ක්
    ඉස්සන් ග්‍රෑම් 100 ක්
    දැල්ලන් ග්‍රෑම් 100 ක්
    බිත්තර 1 ක්
    මාළු සෝස් තේ හැඳි 1/2 ක්
    තලතෙල් තේ හැඳි 1/4 ක්
    කොත්තමල්ලි
    කොළ ග්‍රෑම් 20 ක්
    සුදුලූනු ග්‍රෑම් 20 ක්
    අමුමිරිස් කරල් 2 ක්
    ලුණු (රස අනුව)
    දෙහි යුෂ ස්වල්පයක්
    බිස්කට් කුඩු ග්‍රෑම් 100 ක්
    බැදීමට තෙල්
    සාදන්නේ මෙහෙමයි:
    මුලින්ම තලපත්, ඉස්සන්, දැල්ලන් ශුද්ධකර සෝදා සිහින්ව අඹරාගන්න. අඹරාගත් ද්‍රව්‍ය බඳුනකට දමා එයට ලුණු, මාළු සෝස්, තලතෙල්, සිහින්ව කපාගත් අමුමිරිස් එක්කර හොඳින් මිශ්‍රකරන්න. එයටම බිත්තරය හා අනෙක් සියලුම ද්‍රව්‍ය එක්කර කලවම් කරගෙන විනාඩි 10 ක් පදම් වෙන්නට තබන්න. ඉන්පසු මේ මිශ්‍රණය ඩෝනට් හැඩය එන සේ රවුමට සකසා බිස්කට් කුඩු දවටා ගැඹුරු තෙලේ රන්වන් පාටට බැදගන්න.
    මෙය පිළිගැන්වීමේදී කැමැති සෝස් වර්ගයක් සමඟ පිළිගන්වන්න. මෙහිදී ඩෝනට් සෑදීමට භාවිත කරන මිශ්‍රණය පදම් කරන තරමට එහි මෘදු ගතිය වැඩිවේ.

    Tags: කෑම පිටුව
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    14 Sep 2016 08:48 AM

    අලිපේර සැලඩ් සමඟ කුකුළු මස් මිශ්‍ර වම්බටු බන්

    මෙන්න වෙනස්ම විදියේ ආහාරයක්. මස් හා එළවළුවල එකතුවක් ලෙස ඔබේ කෑම මේසය සරසන්නට කදිමයි නේද?

    අවශ්‍ය ද්‍රව්‍ය:
    වම්බටු ගෙඩි 1 ක්
    ඔලිව් තෙල් තේ හැඳි 1 ක්
    ලුණු (රස අනුව)
    ගම්මිරිස් කුඩු (රස අනුව)
    කුකුළු මස් ග්‍රෑම් 100 ක්
    ඉදුණු අලිපේර ගෙඩි 1/2 ක්
    ලූනු ගෙඩි 1/2 ක්
    තක්කාලි ගෙඩි 1/2 ක්
    දෙහි යුෂ තේ හැඳි 1/2 ක්
    සෝයා සෝස් තේ හැඳි 1 ක්
    විනාකිරි තේ හැඳි 1/4 ක්
    සුදුලූනු ගෙඩි 1 ක්

    සාදන ක්‍රමය:
    කටු රහිත කුකුළුමස් හොඳින් සෝදා එයට සෝයා සෝස්, විනාකිරි, සුදුලූනු, ලුණු, ගම්මිරිස් එක්කර හොඳින් පදම්කර ගන්න. මෙයට රවුම් හැඩයට ලොකුවට කපාගත් වම්බටු ද එක්කර පැයක් පමණ පදම් වීමට තබන්න.
    වෙනත් බඳුනක් ගෙන එයට කුඩාවට කපාගත් ලූනු, කපාගත් තක්කාලි, පොඩි කරගත් අලිපේර එක්කර රස අනුව ලුණු, ගම්මිරිස් හා දෙහි යුෂ එකතු කරන්න. මේ සියල්ල මිශ්‍රකර පේස්ට් එකක් ලෙස සකසා ගන්න.
    බඳුනක් ළිප තබා ඔලිව් තෙල් හෝ බටර් ටිකක් දමා රත්වෙන්නට හැර ලුණු, ගම්මිරිස් දමා පදම් කරගත් කුකුළු මස් හා වම්බටු එක්කර හොඳින් බැදෙන්නට හරින්න. ඉන්පසු ළිපෙන් බා වම්බටු කැබලි මත සාදාගත් පේස්ට් එක තවරා ඒ මත කුඩාවට කැබලි කපාගත් කුකුළු මස් අතුරන්න. නැවත ඒ මත වම්බටු පෙත්තක් තබා සලාද, ඔරිගානෝ ආදියෙන් සරසා කෑම මේසයට යවන්න.

    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    14 Sep 2016 08:49 AM

    ක්‍රීම් බිස්කට්

    වෙළඳපොළේ විවිධ බිස්කට් වර්ග තිබෙනවා. බොහෝ වෙලාවට තේ මේසයට මෙවැනි විවිධ බිස්කට්වර්ග එකතු වෙනවාමයි.
    අපේ අතින්ම බිස්කට් වර්ගයක් හදාගන්න පුළුවන් නම් අපිට එය බොහොම ආඩම්බරයෙන් තේ මේසයට පිළිගන්වන්න පුළුවනි. මෙහි රසවත් බව ගැන කවුරුත් අගය කරද්දී කාටද ආඩම්බර.


    අවශ්‍ය ද්‍රව්‍ය:

    පාන් පිටි කෝප්ප 1 ක්
    බේකිං සෝඩා තේ හැඳි 1/4 ක්
    බේකිං පවුඩර් තේ හැඳි 1/4 ක්
    ලුණු ස්වල්පයක්
    බටර් කෝප්ප 1/2 ක්
    සීනි කෝප්ප 1/2 ක්
    බිත්තර 1 ක්
    වැනිලා තේ හැඳි 1/2 ක්

    සාදන ක්‍රමය:
    මුලින්ම බඳුනකට බටර් සහ සීනි එක්කර හොඳින් මිශ්‍රකරන්න. මෙය හෑන්ඩ් බීටරයක් ආධාරයෙන් මිශ්‍ර කරන්නට පුළුවනි. සීනි ටික දියවීගෙන එනවිට බිත්තරය එකතු කරන්න. ඉන්පසු මේ මිශ්‍රණයට ලුණු හා වැනිලා එක්කර කලවම් කරන්න.
    වෙනත් බඳුනකට පිටි, බේකිං පවුඩර්, බේකිං සෝඩා එක්කර හොඳින් මිශ්‍රකර එය ඉහත මිශ්‍රණයට දමා හොඳින් අනන්න. මේ මිශ්‍රණය තරමක් ගොරෝසු මිශ්‍රණයක් විය යුතුයි. ඉන්පසු මේ මිශ්‍රණය තුනීකර තමාට අවශ්‍ය හැඩයට කපාගන්න.
    බේකිං තැටියක් ගෙන එහි බටර් තවරන්න. ඒ මත සාදාගත් බිස්කට් තබා සෙල්සියස් අංශක 180 ක
    උෂ්ණත්වය යටතේ විනාඩි 12 - 15 අතර කාලයක් පුළුස්සා ගන්න. මෙය කැමැති ලෙස බටර් ක්‍රීම් හෝ වෙනත් ක්‍රීම් වර්ගයක් සමඟ පිළිගන්වන්න. මෙහිදී මතක තබාගත යුතු කරුණක් වන්නේ පිටි මිශ්‍රණයට කිසි විටෙක වතුර එකතු නොකළ යුතු බවයි.
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    14 Sep 2016 08:50 AM

    පන්නා කොට්ටා

    පොඩිත්තෝ කොහොමත් අතුරුපස වර්ග කන්නට බොහොම කැමැතියිනේ. වැඩිහිටි අයත් ඒ වගේම තමයි. ප්‍රධාන ආහාර වේලකට පසුව මෙවැනි රසවත් අතුරුපසක් ගන්න ඇත්නම් කදිමයි නේද?

    අවශ්‍ය ද්‍රව්‍ය:
    ජෙලටින් තේ හැඳි 2 ක්
    නැවුම් කිරි මිලිලීටර් 250 ක්
    කුකිං ක්‍රීම් මිලිලීටර් 250 ක්
    වැනිලා තේ හැඳි 1/2 ක්
    ස්ට්‍රෝබෙරි යුෂ මිලිලීටර් 50 ක්

    සාදන ක්‍රමය:
    බඳුනකට කිරි, කුකිං ක්‍රීම් හා සීනි එක්කර ළිප තබා රත්වෙන්නට හරින්න.
    මෙම මිශ්‍රණය උතුරාගෙන එනවිට වැනිලා සහ ස්ට්‍රෝබෙරි යුෂ එකතු කරන්න. ඔබට අවශ්‍ය නම් මෙහිදී ස්ට්‍රෝබෙරි යුෂ වෙනුවට වෙනත් පලතුරු යුෂ වර්ගයක් එකතු කරන්නත් පුළුවනි. දැන් මිශ්‍රණය ළිපෙන් බා මඳක් නිවෙන්නට හරින්න. ඉන්පසු ජෙලටින් එකතු කරන්න. අනතුරව කුඩා භාජනවලට දමා ශීතකරණයේ තබා අවශ්‍ය විටෙක පිටතට ගෙන පිළිගන්වන්න.

     

    -tharuni-

    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    14 Sep 2016 08:50 AM

    බේක් කරගත් කකුළුවන්

    නිතර කෑමට නොලැබුණත් කකුළුවන් කරිය අපිට ආගන්තුක නැහැ. කවුරුත් කැමැතියි කකුළුවන් කරියේ රසයට. මේ කකුළුවන් භාවිතයෙන් වෙනස් විදියට හදපු ආහාරයක්. බලන්න ඔයාලටත් මේ විදියට හදාගන්න හැකිවේවි ද කියලා.

    අවශ්‍ය ද්‍රව්‍ය:
    කකුළු මස් ග්‍රෑම් 100 ක්
    සුදුලූනු බික් 1 ක්
    කුඩාවට කපාගත්
    ලූනු ගෙඩි 1/4 ක්
    බටර් මේස හැඳි 1 ක්
    අබ ක්‍රීම් තේ හැඳි 1/4 ක්
    ෆ්‍රෙෂ් ක්‍රීම් මිලිලීටර් 20 ක්
    චීස් ග්‍රෑම් 15 ක්
    රස අනුව ලුණු, ගම්මිරිස්

    සාදන ක්‍රමය:
    බඳුනක් ළිප තබා බටර් ටිකක් එකතු කරන්න. බටර් ටික රත්වුණාම සිහින්ව කපාගත් ලුනු, සුදුලූනු එක්කර රන්වන් පාටට බදින්න. දැන් මෙයට කකුළු මස් ටික දමා මඳගින්නේ විනාඩි 2 - 3 ක් බදින්න. ඉන්පසු අබ ක්‍රීම්, රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කරන්න. දැන් අපිට මේ මිශ්‍රණයට ෆ්‍රෙෂ් ක්‍රීම්, චීස් හා දෙහි යුෂ එකතු කරන්න පුළුවනි. ඉන්පසු ළිපෙන් බාන්න.
    පිළිගැන්වීම සඳහා ඔබට වෙනසක් කරන්න පුළුවනි. ඒ සඳහා කකුළු කටුවක් ගෙන හොඳින් පිරිසුදුකර උණු වතුරෙන් සෝදාගන්න. කකුළු කටුව මත ඉහත සාදාගත් මිශ්‍රණය අතුරා එයට උඩින් චීස් ටිකක් ඉස රත් කරගත් උදුනක තබා විනාඩි 2 ක් බේක් කරගන්න. ඉන්පසු කැමැති ලෙස සරසා පිළිගන්වන්නට පුළුවනි.

    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    14 Sep 2016 08:50 AM

    නූඩ්ල්ස් මිශ්‍ර ක්‍රීමි අලිපේර සුප්

    ප්‍රධාන ආහාරයක් ගැනීමට පෙර උණු උණුවේ සුප් කෝප්පයක් බොන්න කවුද අකැමැති. මෙන්න ඒ සඳහා ගැළපෙන කදිම සුප් එකක්. වෙනදා බොන සුප් කෝප්පයට වඩා වෙනස් විදියේ සුප් එකක් සාදා රස බලමුද?

    අවශ්‍ය ද්‍රව්‍ය:
    නූඩ්ල්ස් ග්‍රැම් 100 ක්
    ඉදුණු අලිපේර ගෙඩි 1 ක්
    ඉරිඟු ඇට ග්‍රෑම් 50 ක්
    (තම්බා ගත්)
    නැවුම් කිරි මිලිලීටර් 100 ක්
    සුදුලූනු ග්‍රෑම් 20 ක්
    බටර් ග්‍රෑම් 50 ක්
    හොඳින් තම්බාගත්
    අල ග්‍රෑම් 50 ක්
    කුකුළු මස් තැම්බූ වතුර
    මිලිලීටර් 300 ක් (ස්ටොක්)
    රස අනුව ලුණු, ගම්මිරිස්

    ස්ටොක් සඳහා:
    කුකුළු කටු ග්‍රෑම් 100 ක්
    ලූනු ගෙඩියක්
    කැරට් අලයක්
    සැල්දිරි ස්වල්පයක්
    සුදුලූනු බික් 2 ක්
    ලීක්ස් (සුදු කොටස) ග්‍රෑම් 50 ක්
    ගම්මිරිස් ඇට කිහිපයක්
    ලුණු
    වතුර (අවශ්‍ය තරමට)
    මේ සියලුම ද්‍රව්‍ය එකට දමා වතුර එක්කර මඳගින්නේ උතුරවා ගන්න.

    සුප් සාදන ක්‍රමය:
    බඳුනක් ළිප තබා එයට බටර් ටිකක් එකතු කරන්න.
    එය රත්වූ පසු ලියාගත් සුදුලූනු එක්කර බැදෙන්නට හරින්න. ඉන්පසු පොඩි කරගත් අල, අලිපේර ගෙඩි 1/2 ක්, ඉරිඟු ඇට හා මස් තම්බාගත් වතුර එකතු කරන්න. විනාඩි 10 ක් තැම්බෙන්න හැර නැවුම් කිරි, රස අනුව ලුණු, ගම්මිරිස් එක්කර අවසානයේ තරමක් ලොකු කැබලිවලට කපාගත් ඉතිරි අලිපේර ගෙඩි 1/2 ත්, ලොකුවට කඩා තම්බා ගත් නූඩ්ල්ස් ටිකත් මිශ්‍රකර ළිපෙන් බා සංග්‍රහයට යොදාගන්න.

    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    14 Sep 2016 08:51 AM

    පනීර් කරිය

    මෙන්න ඔබට රස විඳින්නට වෙනස්ම ආකාරයේ කරියක්. සාදන්නට තරමක් අපහසු වුණත් හදල බලන්නකො කොහොමද රස කියලා.

    අවශ්‍ය ද්‍රව්‍ය:
    කිරිපිටි ග්‍රෑම් 200 ක්
    විනාකිරි මිලිලීටර් 100 ක්
    දෙහි යුෂ ස්වල්පයක්
    ලුණු තේ හැඳි 1/4 ක්
    වතුර ලීටර් 1 ක්

    කරිය සඳහා:
    එනසාල් ග්‍රෑම් 10 ක්
    කොත්තමල්ලි ඇට ග්‍රෑම් 10 ක්
    සුදුරු ග්‍රෑම් 10 ක්
    මාදුරු ග්‍රෑම් 10 ක්
    (මේ සියල්ල කබලේ බැදගෙන
    කුඩුකර ගන්න.)
    මාළු මිරිස් ග්‍රෑම් 20 ක්
    ලූනු ග්‍රෑම් 20 ක්
    තක්කාලි පේස්ට් ග්‍රෑම් 10 ක්
    කොත්තමල්ලි කොළ ග්‍රෑම් 10 ක්
    කුඩාවට කපාගත් බෙල්පෙපර් ග්‍රෑම් 10 ක්
    කුඩාවට කපාගත් තක්කාලි ග්‍රෑම් 20 ක්
    කිරි හෝ ෆ්‍රෙෂ් ක්‍රීම්
    ලුණු, ගම්මිරිස් (රස අනුව)

    සාදන්නේ මෙහෙමයි:
    අපි මුලින්ම පනීර් සාදාගත යුතුයි. ඒ සඳහා කිරිපිටිවලට වතුර ලීටරය එක්කර හොඳින් මිශ්‍රකර බඳුනකට දමන්න. මේ බඳුන ළිප තබා කිරි ටික උතුරන්නට හරින්න. උතුරන කිරිවලට ලුණු, විනාකිරි හා දෙහි යුෂ එක්කරන්න. මෙම මිශ්‍රණය මඳ වේලාවක් තබා රෙදි කැබැල්ලකින් පෙරා වතුර ඉවත්කර ගන්න. දැන් මෙම මිශ්‍රණය එම රෙදි කැබැල්ලේම ගුලියක් සේ ගැට ගසා ඒ මත බරක් තබන්න. විනාඩි 20 ක් පමණ තිබෙන්නට හැර පිටතට ගෙන කැබලිවලට කපන්න.දැන් කරිය සාදන්නට බඳුනක් ළිප තබා තෙල් ටිකක් හෝ බටර් ටිකක් එකතු කරන්න. එය රත්වූ පසු ලියාගත් ලූනු එක්කර බැදෙන්නට හැර කබලේ බැද කුඩුකරගත් ද්‍රව්‍ය එකතුකරන්න. ඉන්පසු තක්කාලි පේස්ට්, තක්කාලි යුෂ, ලූනු එකතු කරන්න. අනතුරුව මාළුමිරිස්, බෙල්පෙපර්, තක්කාලි, කොත්තමල්ලි කොළ හා කපාගත් පනීර් ටික එකතු කරන්න. අවසානයේ කිරි හෝ ෆ්‍රෙෂ් ක්‍රීම් එකතුකර රස අනුව ලුණු, ගම්මිරිස් දමා ටික වේලාවක් තබා ළිපෙන් බා සංග්‍රහයට යොදාගන්න.

    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    14 Sep 2016 08:51 AM
    ආව් අප්ප චාමරත් කුක් කෙනෙක් උනාද
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    14 Sep 2016 08:52 AM

    උඩ බැලුම්

    අද අපි ඔබට නුවර පළාතට ආවේණික රසකැවිලි වර්ගයක් හදන හැටි කියා දෙන්නයි සූදානම් වෙන්නේ. මෙම රසකැවිලි වර්ගය හැඳින්වෙන්නේ “උඩ බැලුම්” නමිනුයි. එම නමේ විශේෂත්වය තමයි මෙය කන්නට හැකිවෙන්නේ උඩ බලාගෙන නිසයි.

     

    එහෙම නැතිව කෑමට උත්සාහ කළොත් ඇඟ පුරාම කුඩු කුඩු හැලෙන්නට ඉඩ තිබෙනවා.

    “මොනවද මේ රසකැවිලි වර්ගය හදන්නට ඕනෙ කරන දේවල්.”

    “මේ සඳහා පිට ආවරණය වෙනමත් මැද පිරවුම වෙනමත් හදා ගන්නට ඕනේ. මුලින්ම අපි පිටි ආවරණය හදමු. මේ සඳහා හාල් පිටි ග්‍රෑම් 250 ක් වතුර කෝප්ප 1 1/2 ක්, පොල්බෑයක පොල්, බේකිං පවුඩර් තේ හැඳි 2 ක් හා බැදීමට පොල්තෙල් බෝතල් 1/2 ක් සූදානම් කරගන්න ඕනෑ.”

    “කොහොමද පිටි මිශ්‍රණය අනාගන්නේ.”

    පිටි මිශ්‍රණය අනා ගැනීමට පෙර හාල් පිටි ටික සියුම් ලෙස හළාගන්න අවශ්‍යයි. ඒ සඳහා සියුම් පෙනේරයක් හෝ තුනී රෙදි කැබැල්ලක් භාවිතයෙන් හාල් පිටි කිහිප වරක් හළාගන්න. පොල් ටික සියුම්ව ගා වතුර කෝප්ප 1 1/2 ක් එක්කර උකු මිටිකිරි කෝප්ප 1 1/2 ක් මිරිකා ගන්න. පිටිවලට බේකිං පවුඩර් එක්කර නැවත වරක් හළාගන්න. මිරිකාගත් පොල්කිරි තුනී රෙදි කෑල්ලක් මඟින් පෙරා ගෙන හලාගත් බේකිං පවුඩර් හා පිටි මිශ්‍රණයට එක්කර රොටි පදමට අනා පැය 2 ක් පමණ පිපෙන්නට තබන්න.

    පිටි පිපුණාට පසු පිටතට ගෙන තලන බටු ගෙඩියක ප්‍රමාණයේ බෝල සාදා එය කෙසෙල් කොළයක් මත තබා රවුමට තුනී කරන්න. ඉන්පසු මේවා රත්වූ ගැඹුරු තෙලේ බදින්න. බදින විට හොඳින් තෙල් ඉසිමින් බදින්න. එවිට මේවා පපඩම් මෙන් හොඳින් පිම්බී බැදෙන අතර තෙලින් ඉවතට ගෙන වට්ටියක් මතට දමන්න.” “දැන් පිරවුමක් හදන්නත් ඕනෙ නේද?”

    “ඔව්, පිරවුම සඳහා බැදගත් හාල් පිටි ග්‍රෑම් 400 ක්, බැද කුඩු කරගත් මුංඇට පිටි ග්‍රෑම් 400 ක්, පැණි බෝතල් 1/2 ක්, කිතුල් හකුරු හෝ සූකිරි කුඩු ග්‍රෑම් 400 ක් ලුණු තේ හැඳි 1/2 ක් හා කරදමුංගු කුඩු ස්වල්පයක් ඕනෙ කරනවා.”

    “පිරවුම හදන්නේ කොහොමද?”

    “මුලින්ම පැණි ටික බඳුනකට දමා ලුණු එක්කර ළිප තබා නූල් ඇදෙන ප්‍රමාණයට උණුකර ගන්න. සීනි උණුකරල ගත්තත් කමක් නැහැ. දැන් මේ පැණි ටික බිමට බා තරමක් නිවෙන්නට හැර හාල් පිටි හා මුං ඇට පිටි එකතු කරන්න. මෙය හොඳින් මිශ්‍රකර එයට කුඩු කරගත් කිතුල් හකුරු හෝ කුඩු කරගත් සූකිරි, කරදමුංගු කුඩු එකතු කරන්න. මේ මිශ්‍රණය කුඩු කුඩු මෙන් තිබෙන්න ඕනෑ.”

    “පිරවුම සඳහා ගන්නේ මේ මිශ්‍රණයද?”

    ඔව්... අපි මුලින් බැදගත් පපඩම් වැනි පිට කවරයේ පැත්තකින් තරමක සිදුරක් සාදා එම කවරය තුළට සාදාගත් හාල් පිටි හා මුං පිටි මිශ්‍රණය පුරවා ගන්න.

    “කොහොමද පුරවන්නේ.”

    “කාඩ්බෝඩ් කෑල්ලකින් ගොට්ටක් සාදා එහි පතුලේ සිදුරක් කපා මිශ්‍රණය ඒ හරහා කවරය තුළට පුරවන්න. පුරවා ගත් උඩ බැලුම් ඇතුළත ඇති මිශ්‍රණය හැලෙන්නේ නැති ආකාරයට අසුරා තබා අවශ්‍ය අවස්ථාවේදී සංග්‍රහයට යොදා ගන්නට පුළුවනි.”

    මේවා කන්නට ඕනේ උඩ බලාගෙන නිසාමයි උඩ බැලුම් කියන නම ලැබිලා තියෙන්නේ. මේ රසකැවිලි වර්ගය බොහොම රසවත්. ඔයාලත් ගෙදරදී හදල රස බලන්නකෝ.

     උපදෙස් - පානදුර තරුණ සේවා සභාවේ කේක් සහ කේක් ආකෘති සෑදීම පිළිබඳ උපදේශිකා

    සුජාතා ජයරත්න

    (0773760101)

    උපුටා ගත්තේ තරුණී

    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    14 Sep 2016 08:53 AM
    man gawa pothakuth thiyanawa ewath dennam
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    14 Sep 2016 08:55 AM
    ඔහෙප්පලයන්.. මෙන්න බොලේ අලුත් කුකෙක්.
    මමත් බැලුව මේ කවුද කියල.
    මේ අපේ ඇල්බම් චාමර කුක් චාමර වෙලා නෙව.
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    14 Sep 2016 08:56 AM
    චාමර මලයා කුකෙක් වෙලාද නියමයි නේ
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    14 Sep 2016 09:06 AM
    කුක් චාමර ...............
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    14 Sep 2016 09:11 AM

    පොල් ටොපි

    අවශ්‍ය ද්‍රව්‍ය - ගා ගත් පොල්,පාන් පිටි100g,සීනි 1kg,ලුණු,
    වතුර කෝප්ප 1/2,අවශ්‍ය වර්ණයක්

    සාදන ක්‍රමය

    වතුර සහ සීනි එක්කර ලිපේ තබන්න.එය උතුරන විට පිටි එක් කරන්න.ඒ සමගම ගා ගත් පොල් එකතු කර එයට වර්ණක එකතු කරන්න.මෙම මිශ්‍රණය හොදින් පදමට උතුරන විට ලිපෙන් බාගෙන තැටියක අතුරා අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න.

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    14 Sep 2016 09:16 AM
    මදි නොකියන්න කෑම ජාති දෙනවා වගේ .
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    14 Sep 2016 09:51 AM
    සමන්ත අයියගෙන් පස්සේ චාමර මල්ලි වැඩ පටන් අරන් වගේ.
    සෙට් එකක්ම තියෙනවා.ස්තූතියි.....
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    14 Sep 2016 08:41 PM

    වෙඩිං කේක්

    https://s12.postimg.io/sz5b525e5/wedding_cake.jpg

    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    14 Sep 2016 08:45 PM

    https://s4.postimg.io/l9fhg4rul/kama.jpg

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    14 Sep 2016 10:31 PM
    ඉස්සො බත් කිව්වමත් කෙල උනනවා ..හැබැයි මදුරන්ගයට නම් වහ වගෙයි
    0

    SM THILANKA
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    15 Sep 2016 03:43 AM
    මරු කෑම ටිකක් දාල තියෙන්නේ 
    0
    You are not authorized to post a reply.
    Page 1 of 7712345 > >>