You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari Jayasekara
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 77 << < 34567 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Nov 2016 09:36 PM
මැකරෝනි වලට නම් මාත් ආස නෑ...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Nov 2016 08:47 AM

https://s22.postimg.org/jf05g5eqp/page0013gg.jpg

https://s13.postimg.org/jout3dc1j/page0031r54t4t.jpg 

 https://s12.postimg.org/kd251ipal/page0032grg.jpg 

https://s12.postimg.org/l41pm8jrx/page00145555.jpg 

https://s22.postimg.org/yg0a77rep/page0006555555555.jpg 

 උපුටා ගැනිම -දියණිය පුවත්පතනි

 

 

0

Sanda Apsara
New Member
New Member
Posts:69






--
08 Nov 2016 10:02 AM
Meka nam aniwaryenma hadala balanna ona lesi nisa

Thanks chamara malli
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Nov 2016 10:13 AM
රසවත් කෑමක් වගේ නේද නියමයි චාමර ස්තුති
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Nov 2016 05:18 PM
මුං පැල රෙසපි නම් ආස හිතුනා ...ස්තුති චාමර . රස කෑම ගොඩක් ..අනේ හදලා දෙනවානම් ..කන්න පුළුවනි මාරුවට
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Nov 2016 04:49 AM
දකිනකොට ආස හිනෙවා. වෙලාවක හදල බලනවා මෙයින් එකක් හරි
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Nov 2016 08:53 AM
මුං පැල වලිනුත් එක එක රසට කෑම හදන්න පුලුවන්නෙ.
මාරයි.
0

Sanda Apsara
New Member
New Member
Posts:69






--
09 Nov 2016 09:57 AM
Mun pala kiyanne mun ata walatada
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Nov 2016 10:02 AM
මුන් ඇට වලින් ආපු පැල වෙනම තියෙන්නේ ස්ප්‍රවුට් කියලා, සඳා නංගි අන්න ඒවා වෙන්න ඕනේ මේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Nov 2016 06:43 AM
හනී මස්ටර්ඩ් චිකන් ඇන්ඩ් වෙජිටබල්ස් විත් රයිස්

විවිධාකාර රසයෙන් යුත් බත් කන්න කැමැති ඔබට කදිමට ගැළපෙන බතක් ලෙස මෙය හැඳින්විය හැකියි. රසය මෙන්ම ගුණයෙන් ද පිරිපුන් මේ බත ඔබේ පවුලේ පෝෂණය ඉහළ නංවන්නත් කදිමයි. පහසුවෙන් සකසා ගත හැකි මේ අපූරු බත සකසා ගන්නේ මේ ආකාරයටයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

ඔලිව් තෙල් මේස හැන්දක්
කුඩා ලීක්ස් ගසක් - සුදු පැහැති කොටස, රවුම් ලෙස කපා ගත්
චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 500 ක්
හනි මස්ටර්ඩ් චිකන් රෙසිපි බේස් ග්‍රෑම් 175ක් (සුපර් මාකට්වලින් මිල දී ගත හැකියි)
බෝංචි කරල් කිහිපයක්
යොදය සහිත කිරි කෝප්ප භාගයක් (ආදේශකයක් ලෙස පොල්කිරි ද යොදා ගත හැකියි)
ගී‍්‍රන් පීස් කෝප්ප 3/4 ක්
සුදු සම්බා හාල් ග්‍රෑම් 200 ක්
පාස්ලි කොළ කුඩු මේස හැන්දක්

දැන් එය මෙලෙසින් සාදමු:

විශාල, ගැඹුරු පෑන් එකක් ළිප තබා මඳ ගින්නේ තෙල් රත් වන්නට හරින්න. එම තෙල් හොඳින් රත් වූ පසුව කපා ගත් ලීක්ස් දමා හැඳි ගාමින් ඒවායෙහි අග රන්වන් පැහැ වන තෙක් විනාඩි 3-4 ක් බැදෙන්නට හරින්න. මෙයට සෙන්ටි මීටර 3 ක පමණ කැබැලිවලට කපා ගත් කුකුළු මස් ද එකතුකර ඒවා දුඹුරු පැහැ වන තෙක් හැඳි ගාමින් විනාඩි 5 ක පමණ වේලාවක් බැදගන්න.
පසුව හනී මස්ටර්ඩ් චිකන් රෙසිපි බේස් එක හා කිරි සහ කපාගත් බෝංචි එකට මිශ්‍රකර තම්බා ගන්න. ගින්දර මඳක් අඩුකර මඳ ගින්නේ විනාඩි 5 ක පමණ වේලාවක් මේවා තම්බා ගන්න. ගී‍්‍රන්පීස් ඇට ද මඳ ගින්නේ විනාඩි 2ක් පමණ වේලාවක් තම්බා ගත යුතුයි. කුකුළු මස් තැම්බුණු පසු එළවළු මිශ්‍රණය ද එයට දමා තෙම්පරාදු කරගන්න. රස අනුව ලුණු ද එකතු කරන්න.
ඒ අතරතුර සහල් ද සාමාන්‍යයෙන් බත් තම්බන ආකාරයට සකසා ගන්න. පසුව සකසා ගත් චිකන් කරිය එය උඩට දමා පාස්ලි කොළ එයට උඩින් ඉස කෑම මේසයට යවන්න.
රාත්‍රී කෑම වේලකට මිතුරන්ට සංග්‍රහ කිරීමටත් මේ මස් කරිය හොඳින් ම ගැළපේවි


කටට සැර දිවට රස ස්පයිසි චිකන්

අපේ අය සැරට කෑම කන්න වැඩි කැමැත්තක් දක්වනවා. විශේෂයෙන් ම මස් කරියක් නම් ටිකක් සැරට තිබුණම තමයි කටට දැනෙන්නේ.
එහෙම නම් කටට සැර දිවට රස ගෙන එන ස්පයිසි චිකන් හදන්නේ කොහොමද කියලා බලමු.

ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ:

අබ තෙල් මිලි ලීටර 75 ක්
සිහින්ව කපා ගත්
සුදු ලූනු මේස හැඳි 2 ක්
සිහින්ව කපා ගත්
ලූනු ග්‍රෑම් 200 ක් පමණ
සිහින්ව කපා ගත්
තක්කාලි ග්‍රෑම් 150 ක්
සිහින්ව ලියා ගත්
ඉඟුරු තේ හැන්දක්
අමු මිරිස් කරල් 2-3 ක්
කරපිංචා කොළ
ඉත්තක් දෙකක්
කටු ඉවත් කළ චිකන්
ලෙග් කියුබ් කිලෝ 1 ක්
තක්කාලි සෝස් මේස හැන්දක්
මිරිස් කුඩු මේස හැන්දක්
ගම්මිරිස් කුඩු තේ හැන්දක්
දුරු කුඩු තේ හැන්දක් (බැදගත්)
රස අනුව ලුණු
කොත්තමල්ලි ග්‍රෑම් 20 ක්
පමණ
මිංචි ග්‍රෑම් 10 ක් පමණ

දැන් එය මෙලෙසින් සාදමු:

පළමුවෙන් ම බඳුනකට අබතෙල් දමා එය රත් වන්නට ළිප තබන්න. දැන් එයට සුදු ලූනු දමා යන්තමින් බැද ගන්න. පසුව එයට කපා ගත් ලූනු, තක්කාලි, ඉඟුරු සහ කපා ගත් අමු මිරිස් දමන්න. මෙය රන්වන් පැහැ වනතෙක් හැඳිගාමින් බැදගන්න.
ඒ අතර කරපිංචා කොළ ද තෙලට දමා බදින්න. දැන් බැද ගත් කරපිංචා කොළ ඉවතට ගෙන අතින් පොඩිකර කුඩු කරන්න.
දැන් තෙල් සහිත බඳුනට චිකන් ක්‍යූබ්ස් සහ තක්කාලි සෝස් දමා බදින්න. පසුව සියලු තුනපහ වර්ග ද එයට දමා හොඳින් මිශ්‍ර කරන්න. දැන් ළිපේ ගින්දර අඩුකර මෙය පියනකින් වසා මඳ ගින්නේ විනාඩි 10 ක් පමණ වේලාවක් පිසගන්න. අවසානයේ දී බැදගත් කරපිංචා කොළ කැබැලි ද එයට දමා හොඳින් මිශ්‍රකර ගන්න.


ඒෂියන් චිකන් සැලඩ්

සලාදයක් රස බලන්න අපි කවුරුත් කැමැතියි. එළවළු සලාද නම් කොතෙකුත් රස බලා ඇතත් චිකන් සලාදයක් නම් ඔබ රස බලා නැතිව ඇති. ආසියාතික රටවලට විශේෂ වූ මේ චිකන් සැලඩ් එක අමුත්තන් නිවෙසට පැමිණි අවස්ථාවක කෑම මේසයට වෙනසක් එක් කිරීමට වුවද සුදුසුයි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ:

කැරට්, බීට්රූට්, චයිනීස් කැබේජ්, පිපිඤ්ඤා (ඔබ සලාදයකට ගැනීමට කැමැති එළවළු වර්ග කිහිපයක්)
සම ඉවත්කර, කැපුම් යොදා, බාබක්‍යූ කරගත් කුකුළෙක්
පැළ කරගත් බෝංචි ඇට
කෝප්ප 2 ක්
පැළ කරගත් ගී‍්‍රන්පීස් ඇට
කෝප්පයක්
ඒෂියන් සැලඩ් ඩ්‍රෙසිං

දැන් අපි සලාදය හදමු:
පළමුව ලොකු බෝල් එකක් ගෙන සිහින් තීරුවලට කපාගත් එළවළු වර්ග සියල්ල එයට දමා මිශ්‍ර කරන්න. සිහින් තීරුවලට ඉරා ගත් කුකුළු මස්, බෝංචි ඇට පැළ හා ගී‍්‍රන්පීස් පැළ ද එයට දමා මිශ්‍ර කරගන්න.
ඉන් පසුව මෙම සලාදය මේසයට යැවීමට පෙර, ඒෂියන් සැලඩ් ඩ්‍රෙසිං එක එය උඩින් ඉසින්න. දැන් බඳුන එහාට මෙහාට සොළවා සලාදය හොඳින් මිශ්‍රකර ගන්න.

ඒෂියන් සැලඩ් ඩ්‍රෙසිං එක අපි මෙලෙසින් සාදා ගනිමු.
අවශ්‍ය වන්නේ,
එළවළු තෙල් මේස හැඳි 2 ක්
විනාකිරි කෝප්ප 1/3 ක්
(රයිස් විනෙගර්)
හොයිසින් සෝස් කෝප්ප 1/4 ක්
සෝයා සෝස් මේස හැඳි 1 1/2 ක්
ග්‍රේට් කරගත් අමු ඉඟුරු
මේස හැන්දක්
රත් කරගත් තල තෙල් තේ
හැඳි 1/2 ක්
දැන් කුඩා බෝල් එකකට එළවළු තෙල්, විනාකිරි, හොයිසින් සෝස්, සෝයා සෝස්, ඉඟුරු සහ තල තෙල් දමා හොඳින් ගසා ගන්න. දැන් මෙය සාමාන්‍යයෙන් ඔබේ සලාදය සාදා ගන්නා තෙක් තබා ගත හැකියි. ශීතකරණයක තැබීමෙන් දින 4 ක් පමණ තබා ගැනීමටත් පුළුවන්.

ඒෂියන් සැලඩ් ඩ්‍රෙසිං එක සඳහා අවශ්‍ය හොයිසිං සෝස් එක මෙලෙසින් සාදමු.
සෝයා සෝස් මේස හැඳි 4 ක්
පීනට් බටර් මේස හැඳි 2 ක්
මී පැණි මේස හැන්දක්
විනාකිරි තේ හැඳි 2 ක්
(රයිස් විනෙගර්)
සුදු ලූනු බික් 1 ක්
තල තෙල් තේ හැඳි 2 ක්
ගම්මිරිස් රස අනුව
දැන් මේ සියල්ල කුඩා බෝල් එකකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.
රසය මෙන්ම ගුණය ද කැටි වූ මේ කුකුළු මස් සලාදය ඔබේ කෑම වට්ටෝරු අතරට විශේෂත්වයක් ගෙන දේවි.


චිකන් ඇන්ඩ් මෂ්රූම් රයිස්

හැමදාම එකම විදියට බත් කන්න පවුලේ අය දක්වන්නේ අකැමැත්තක් නම්... ඇත්තටම එහෙනම් මේ චිකන් ඇන්ඩ් මෂ්රූම් රයිස් එක ඔබේ පවුලට කදිමට ගැළපේවි. රසයත් ගුණයත් එකට කැටි වුණු මේ අනගි බත පවුලේ කවුරුත් එකට එකතු වූ රාත්‍රියක් තවත් රසවත් කරාවි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:
ඔයෙස්ටර් මෂ්රූම් හෝ මික්ස්ඩ් මෂ්රූම් ග්‍රෑම් 150 ක්
ඔලිව් තෙල් මේස හැඳි 2 ක්
චිකන් තයි ග්‍රෑම් 400 ක්
බටර් ග්‍රෑම් 60 ක් පමණ
පෙති කපා ගත් ස්විස් බ්‍රවුන් මෂ්රූම් ග්‍රෑම් 400 ක්
තයිම් කොළ තේ හැන්දක්
ස්ටොක් කෝප්ප 4 ක් පමණ
ලූනු ගෙඩියක්, සිහින්ව කපාගත්
කුඩාවට කපා ගත් සුදු ලූනු බික් 2 ක්
හාල් ග්‍රෑම් 250 ක් පමණ (කෝප්ප 1 1/4 ක්)
සුදු වයින් කෝප්ප 1/2 ක්
පාර්මෙසන් චීස් ග්‍රෑම් 40 ක් පමණ
විනාකිරි තේ හැන්දක්
බිත්තර 4 ක්
අමතර තයිම් කොළ
අමතර ඔලිව් තෙල් (පිළිගැන්වීම සඳහා)

සාදන ක්‍රමය:
පළමුවෙන්ම අවන් එක සෙල්සියස් අංශක 220ට රත් වෙන්නට තබන්න. බේකිං ට්‍රේ එකට ඔයෙස්ටර් මෂ්රූම් දමා එය වටේට බේකිං පේපර්වලින් ආවරණය කරන්න. පසුව එයට තේ හැන්දක තෙල් ඉස විනාඩි 10-12 ක් පමණ කාලයක් රන්වන් පැහැ වනතෙක් බේක් කරගන්න.
මේ අතර ලොකු සෝස් පෑන් එකක් හෝ බඳුනක් ළිප තබා එයට ඉතිරි තෙල් ටික දමා සාමාන්‍ය ගින්නේ රත් වන්නට තබන්න. තෙල් රත් වූ පසු මෙයට චිකන් ටික දමා හැඳිගාමින් විනාඩි 5 ක පමණ වේලාවක් දුඹුරු පැහැ වනතෙක් බැදගන්න. හොඳින් බැදුණු පසු මෙය වෙනත් බඳුනකට දමන්න.
දැන් සෝස් පෑන් එක ළිප තිබිය දී ම එයට බටර් දමා උණුකරගන්න.
දැන් එයට ස්විස් බ්‍රවුන් මෂ්රූම් හා තයිම් දමා බැදෙන්නට හරින්න. විටින් විට එය හැඳි ගාමින් විනාඩි 5-7 ක් පමණ කාලයක් එය බැද වෙනත් බඳුනකට මාරු කරන්න.
මෂ්රූම් උයන අතරතුර දී බඳුනක් සාමාන්‍ය ගින්දරේ ළිප තබා එයට ස්ටොක් දමා රත්වෙන්නට හරින්න. ගින්දර මඳක් අඩු කොට එම ස්ටොක් එක මෘදුව උතුරන්නට හරින්න.
ඒ අතර ලොකු සෝස් පෑන් එකක් ළිප තබා ඉතිරි තෙල් දමා එයට බටර් ද එකතු කරන්න. ඉන් පසු සුදු ලූනු, ලූනු එයට දමා විනාඩි 2 ක පමණ වේලාවක් හැඳිගාමින් බදින්න.
පසුව එයට සෝදාගත් හාල් ද එක්කරන්න. හැඳි ගාමින් විනාඩි 2 ක පමණ වේලාවක් වීදුරු වැනි මෘදු කොටසක් වන තෙක් පිසගන්න.
දැන් මෙයට වයින් ද එක්කර විනාඩි 2 ක් පමණ ඒවා මිශ්‍රණයට උරා ගන්නා තෙක් හැඳිගාමින් සිට එයට චිකන් හා උතුරන ස්ටොක් කෝප්පයක් එක් කරන්න. දැන් එය ලී හැන්දකින් හිඳෙන තෙක් හැඳිගාන්න. පසුව නැවත නැවත ස්ටොක් කෝප්ප භාගය බැගින් මෙයට එක්කරමින් හැඳිගාන්න.
එයට එකතු කරන ස්ටොක් සියල්ල හිඳෙන තුරු විනාඩි 20 ක පමණ වේලාවක් උකුවන තෙක් තබන්න. එයට, කලින් සකසා ගත් බ්‍රවුන් මෂ්රූම් මිශ්‍රණය එකතුකර ළිප නිවන්න. දැන් මෙම මිශ්‍රණයට චීස් දමා හැඳිගාන්න.
සෝස් පෑන් එකක් ගෙන එයට වතුර දමා රත් වන්නට ළිප තබන්න. ගින්දර මඳක් අඩුකර විනාකිරි එයට එක්කොට හැඳිගාන්න.
දැන් පරෙස්සමෙන් බිත්තර එකින් එක කඩා වතුරට දාන්න. මෙය, විනාකිරි මිශ්‍රණය හැඳිගාමින් මඳ ගින්නේ විනාඩි 3-4 ක වේලාවක් තම්බා ගන්න. තෙල් හැන්දක් භාවිත කරමින් මෙය සුදු කඩදාසියක් (පේපර් සර්වියට් එකක්) එළාගත් පිඟානකට දමන්න.
දැන් සාදා ගත් බත් මිශ්‍රණය කොටස්කර පිළිගන්වන බඳුන්වලට දමන්න. එය උඩින් තම්බාගත් බිත්තර, ඔයෙස්ටර් මෂ්රූම් හා සැරසීම සඳහා තයිම් කොළ දමන්න. අවසානයේ දී ඔලිව් තෙල් ස්වල්පයක් ඉස මෙය පිළිගන්වන්න.
එකම කෑම පිඟානකින් විවිධ රසයත් සම්පූර්ණ පෝෂණයත් මෙමඟින් ඔබට ලැබිය හැකියි.


අමෙරිකන් ස්ටයිල් වින්ග්ස්

චිකන් වින්ග්ස් කන්න පොඩි දරුවන් මෙන්ම වැඩිහිටියනුත් දක්වන්නේ වැඩි කැමැත්තක්. ඒ නිසාම වෙනස් විදියකට සෑදූ මේ චිකන් වින්ග්ස් ඔබේ කෑම මේසයට වෙනස් ම රසයක් ගෙන දෙනවාට සැක නැහැ. පහසුවෙන් සකසා ගත හැකි මේ චිකන් වින්ග්ස් සාදා ගන්නා ආකාරය පහත දැක්වේ.
අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ:
තක්කාලි සෝස් කෝප්ප 1/2 ක්
තක්කාලි පේස්ට් මේස හැඳි 2 ක්
සිහින්ව කපා ගත් සුදු ලූනු බික් 2 ක්
සිහින්ව කපා ගත් පාස්ලි කොළ මේස හැඳි 2 ක්
චිකන් වින්ග්ස් 12 ක් පමණ (කිලෝ 1 1/2 ක්)
බිස්කට් කුඩු කෝප්ප 1 1/2 ක් පමණ
(දැවටීම සඳහා)
බාබක්‍යූ සඳහා ගන්නා සීසනිං බ්ලෙන්ඩ්
මේස හැඳි 1 1/2 ක්
ඉතා සිහින්ව ගාගත් ලෙමන් පොතු
ඔලිව් තෙල්
සලාද සඳහා ගන්නා එළවළු වර්ග සිහින්ව කපා
රෙඩ් කැබේජ් ග්‍රෑම් 250 ක්, සිහින්ව කපා ගත්
ගී‍්‍රන් කැබේජ් ග්‍රෑම් 250 ක්, සිහින්ව කපා ගත්
ග්‍රේට් කරගත් කුඩා කැරට් අලයක්
තරමක රවුම් කපාගත් ලූනු ගෙඩි 2 ක්
සලාද සඳහා භාවිත කරන ඩ්‍රෙසිං
කෝප්ප 1/4 ක්
(මේ සඳහා ඒෂියන් සැලඩ් රෙසිපි එක සඳහා
සාදා ගත් ඩ්‍රෙසිං එකම භාවිත කළ හැකියි)

දැන් එය මෙලෙසින් සාදමු:
පළමුවෙන්ම තක්කාලි පේස්ට්, සුදු ලූනු සහ පාස්ලි එක්කර බඳුනකට දමා මිශ්‍රකරන්න. වින්ග්ස් කපා ඉවත දමන දේ ඉවත්කර ශුද්ධ පවිත්‍ර කරගන්න. සෑම වින්ග් එකකම කැපුම් යොදන්න. පසුව මේවා නොගැඹුරු වීදුරු හෝ සෙරමික් බඳුනක තබන්න. දැන් මෙයට තක්කාලි මිශ්‍රණය වත්කරන්න. දැන් මෙම වින්ග්ස් සියල්ලේම මෙම මිශ්‍රණය තවරා පදම් වීම සඳහා රැයක් ශීතකරණයේ තබන්න.
පසුව අවන් එක සෙල්සියස් අංශක 180 ට සකසා රත්වන්නට තබන්න. ලොකු බේකිං ට්‍රේ එකකට බේකිං පේපර් එකක් දමන්න. ඒ අතර චිකන් වින්ග්ස් ටික ශීතකරණයෙන් පිටතට ගෙන අයිස් යන්නට තබන්න. බිස්කට් කුඩු, ලෙමන් පොතු සමඟ මිශ්‍රකර අයිස් ඉවත් වූ වින්ග්ස් ඒවායෙහි දවටන්න. ඉන්පසු මෙලෙසින් සකසා ගන්නා චිකන් වින්ග්ස් එකින් එක සකසා ගත් බේකිං ට්‍රේ එක මත තබන්න.
පසුව මේවාට තෙල් ඉසගන්න. බේකිං ට්‍රේ එක අවන් එක තුළට දමා විනාඩි 30-40 ක් පමණ වේලාවක් වින්ග්ස් රන්වන් පැහැ වනතෙක් බේක් කරගන්න.
ඒ අතර සලාදයට අවශ්‍ය එළවළු කපා සලාදය සකසා ගන්න. කැබේජ්, කැරට් සහ ලූනු බෝල් එකකට දමන්න. පසුව සලාදයට දමන ඩ්‍රෙසිං එක මෙය උඩින් ඉසින්න. උඩ දමමින් මේ සලාදය හොඳින් කලවම් කරගන්න.
දැන් මෙම සලාදය ඉහතින් සකසා ගත් චිකන් වින්ග්ස් සමඟින් මේසයට යවන්න.

බාබක්‍යූ සීසනිං බ්ලෙන්ඩ් එක සඳහා
දුඹුරු සීනි
ගම්මිරිස්
ලුණු
සුදු ලූනු
ලූනු
මේ සියල්ල එකට එකතු කොට හොඳින් අඹරා මේ බාබක්‍යූ සීසනිං බ්ලෙන්ඩ් එක සකසා ගන්න.


තායි චිකන් මීට් බෝල්ස්

මීට් බෝල්ස් කිව්වම අපේ ළමයි බත් කන්න එන්නේ කොයි තරම් ආසාවෙන් ද? ගෙදර දී සාදා ගන්නා මේ මීට් බෝල් දරුවන් කැමැති ම රසයට ඔබට සාදා ගන්න දැන් පුළුවනි. බලන්න, මේවා කොතරම් රසවත් ද කියා..

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ:
චිකන් සොසේජස් ග්‍රෑම් 375
පැකට් 2 ක් (ස්පයිසි)
තල ඇට කෝප්ප 1/2 ක්
සිහින්ව ලියා ගත් කොත්තමල්ලි
කොළ මේස හැන්දක්
දෙහි යුෂ කෝප්ප 1/4 ක්
ස්වීට් චිලී සෝස් කෝප්ප 1/2 ක්
පීනට් ඔයිල් (රටකජු තෙල්)
මේස හැඳි 2 ක්
සිහින්ව ලියා ගත්
කොත්තමල්ලි කොළ
(සරසා ගැනීමට)

 

දැන් එය මෙලෙසින් සාදමු:
ආවරණයෙන් ඉවතට ගත් සොසේජස් අතින් මිරිකා බෝල සකසා ගන්න. මෙම සොසේජස් පැකට් දෙකෙන් ඔබට මීට් බෝල්ස් 32 ක් පමණ සකසා ගත හැකියි. නොගැඹුරු බඳුනකට තල ඇට දමා එම බඳුනට මීට් බෝල් දමා එහි තල ඇට දවටා ගන්න.
දැන් එම තල දවටා ගත් මීට් බෝල් පිඟානකින් තබන්න. එම මීට් බෝල් සහිත පිඟාන ඉටි කොළයකින් හෝ ලන්ච් ෂීට් එකකින් ආවරණය කරන්න. ඉන්පසුව මෙය මඳක් පදම් වන සේ විනාඩි 20 ක පමණ වේලාවක් ශීතකරණයේ තබන්න.
දැන් කොත්තමල්ලි කොළ, දෙහි යුෂ සහ ස්වීට් චිලී සෝස් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න.
ඉන් පසුව සෝස් පෑන් එකක් ගෙන මඳ ගින්නේ ළිප තබා තෙල් ද එයට දමා රත් වන්නට තබන්න. දැන් මීට් බෝල් ටික කොටස් වශයෙන් තෙලට දමා හැන්දෙන් පෙරළමින් විනාඩි 8-10 ක් පමණ වේලාවක් රන්වන් පැහැ වනතෙක් බැදගන්න.
දැන් මෙය ස්වීට් චිලී සෝස් මිශ්‍රණය, කොත්තමල්ලි කොළ හා ටූත් පික් සමඟින් මේසයට යවන්න.

 

උපුටා ගැනිම - තරුණී

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Nov 2016 06:45 AM

https://s16.postimg.org/7qqj4alw5/image.jpg

https://s16.postimg.org/v1geq43fp/image.jpg 

https://s16.postimg.org/92qhsypx1/image.jpg

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Nov 2016 09:13 AM
මිංචි සම්බෝලයක් කන්න හිතුනා මේක දකිද්දී ...ස්තුති චාමර
0

nilshani de silva
Basic Member
Basic Member
Posts:216






--
15 Nov 2016 04:48 AM

kurakkan dosa nam haddanna danam hitiye na ...... tnx recipe dammata... 

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Nov 2016 09:04 AM
අද උදේට මම කෑවේ තෝස.
හැබැයි ගෙදර හදපුවා නෙමෙයි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
15 Nov 2016 11:43 AM
මෙවා දැක්කම බඩගිනි වැඩිවෙනවා.. හිමින්  සැරේ ට්‍රයි කරන්න ඕනේ. බොහොමත්ම ස්තූතියි චාමරගේ මේ කෑම පිටුවට.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Nov 2016 11:46 AM
පිටු තුනම ඊමේල් කළා හාමිනේට. මෙයින් එකක් හරි හදලා දියං කියල.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
15 Nov 2016 11:52 AM

Posted By maduranga001 on 15 Nov 2016 11:46 AM
පිටු තුනම ඊමේල් කළා හාමිනේට. මෙයින් එකක් හරි හදලා දියං කියල.
ඇයි  හාමිනේ  ගෙදර  නෙමෙයිද ඉන්නේ..

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
15 Nov 2016 08:40 PM
Posted By chamaramind on 14 Nov 2016 06:45 AM

https://s16.postimg.org/7qqj4alw5/image.jpg

https://s16.postimg.org/v1geq43fp/image.jpg 

https://s16.postimg.org/92qhsypx1/image.jpg

kelath unano katata mewa dakkama 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Nov 2016 08:46 PM
කෑම වල නම් ටික කියවනකොටත් රස නහර පිනා යනවා...
බඩගිනි වෙලාවට මේ වගේ ඒවා දාන්න එපා මලයෝ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Nov 2016 09:17 PM
Posted By samantha on 15 Nov 2016 11:52 AM
Posted By maduranga001 on 15 Nov 2016 11:46 AM
පිටු තුනම ඊමේල් කළා හාමිනේට. මෙයින් එකක් හරි හදලා දියං කියල.
ඇයි  හාමිනේ  ගෙදර  නෙමෙයිද ඉන්නේ..
එයා පාවිච්චි කරන්නේ වෙන කොම්පියුටරයක්. මගෙන් රෙසිපිය බල බල හදන්න තියා ගත්තොත් මට වෙන වැඩක් කොරන්න හම්බ වෙන්නෙ නැහැ. 

0
You are not authorized to post a reply.
Page 5 of 77 << < 34567 > >>