You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Sep 2016 04:06 AM by  sha733
ස්ටන් අවුරුදු කොළ සෙල්ලම
 154 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 8 << < 45678
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 Apr 2016 08:06 AM
නියමයි.ඔන්න දන්නේ නැති අයට දැන් හදාගන්න පුලුවන්.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14111






--
11 Apr 2016 10:38 AM

අමුපිටිය ගම හරහා හමන ආස්මී සුවඳ

 

මායාදුන්නේ රජතුමා සැඟවී සිටි බැව් පැවසෙන ගණේගොඩකන්ද කෙළවර ‘මාලිගාතැන්න’ පාමුල පිහිටි සොඳුරු නිහඬ ගම්මානයකි ගණේගොඩ – අමුපිටිය. මිහිරි කුරුලු කූජනයෙන් ද, කන්දෙන් පහළට තැනින් තැනින් රූරා ගලා බසින ඉතා කුඩා දොළ පහරවලින් ද සමන්විත වූ සිසිලස මුසු මේ ගම වර්තමානයේ හැඳින්වෙනුයේ ‘ආස්මී ගම්මානය’ යනුවෙනි.

දෙවන වර බදින ලද ආස්මීවලට පැණි දැමීම

 

මෙහි කාන්තාවෝ පනහක් හැටක් පමණ තම තමන්ගේ පවුල්වල එදිනෙදා ආදායම සරිකර ගැනීම සඳහා දෛනිකවම ආස්මී හැදීමේ යෙදී සිටිති. ඇතැම් මැදිවිය ද ඉක්මවූ මව්වරු වසර 15 සිට 25 දක්වා දීර්ඝ කාලයක් තිස්සේ ආස්මී ඉවීමේ යෙදී සිටිති.

එදිනෙදා, සෑම කර්තව්‍යයකදීම පාහේ තරගකාරීත්වය පැහැදිලිවම දක්නට ලැබෙන වත්මන් සමාජයේ අමුපිටියේ ආස්මී ළඳුන් අතර පවතින සහයෝගය සමඟිය ඉතා ඉහළය.

ඉල්ලුමට සරිලන තරම් නිෂ්පාදනයක් නොමැති අවස්ථාවන්හිදී එම ඉල්ලීම සපුරාලීම සඳහා කවුරුත් එකට එකතුවී සාමූහිකව ක්‍රියා කිරීම මේ ගමේ ළඳුන්ගේ මාහැඟි ගුණාංගයක් බව ද කියැවේ.

මෙම ආස්මී ගම්මානය කරා යා හැකි මාර්ග ගණනාවකි.

ඇහැලියගොඩ නගරයේ සිට කිලෝමීටරයක් පමණ කොළඹ දිසාවට ගමන් කළ විට හමුවන මෝරාගල නගරයෙන් වමට හැරී ‘සන්ඩර්ලෑන්ඩ්’ පාරේ තවත් කිලෝ මීටර හතරක් පමණ ගමන් කිරීමෙන් ද, මේ ගමට සේන්දු විය හැකිය.

යූ.මේරි නෝනා මහත්මිය

 

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.කරුණාදාස මහතාගෙන් අප කළ විමසුමකදී දැනගන්නට ලැබුණේ වසර 2007 දී ‘ජාතික සවිය – ගම නැඟුම’ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 5ක මුදලක් අවශ්‍ය උපකරණ යනාදිය ලබාගැනීම සඳහා ආස්මී ළඳුන් අතර – මුදලින් අඩක් ආපසු ලබා ගැනීමේ පදනමක් යටතේ බෙදාදුන් බවයි.

අමුපිටියේ සුනීතා සේනානායක මහත්මිය වසර ගණනක සිට ආස්මී නිපදවීමේ යෙදී සිටින්නීය. ආස්මී නිපදවීමට ඇවැසි නානු ලබාගැනෙන දවුල් කුරුඳු හිඟය මෙන්ම උග්‍ර දර හිඟය ද තම නිෂ්පාදන අලෙවි කැරගැනීම සඳහා ස්ථිර වෙළඳ පොළක් නොමැතිකම ද දැනට තම තමන් මුහුණ දෙන ප්‍රශ්න අතර වන බැව් ඇය පැවසුවාය.

වසර 25 ක් තිස්සේ ආස්මී ඉවීමේ යෙදී සිටින යූ.මේරි නෝනා මහත්මිය කීවේ ආස්මී සඳහා ඇවැසි හාල්පිටි පැකට් රැගත් වෑන් රියක් දිනපතාම අමුපිටියට පැමිණෙන නමුදු, තම නිෂ්පාදන පහසුවෙන් අලෙවි කැර ගැනීමේදී යම් යම් ගැටලු මතුවන බවයි.

”අපි රුපියල් 15කට අලෙවි කරන ආස්මී ගෙඩියක් වෙළඳ පොළේ රුපියල් 20ට 25ට අලෙවි කරන බවයි පෙනෙන්නේ”යි ඇය සඳහන් කළාය.

දවුල් කුරුඳු සුවඳ, තෙල් සුවඳ ගම පුරා විහිද යද්දී දිනකට මේ ගමේ නිවෙස්වල ඉදෙන ආස්මී සංඛ්‍යාව අවම වශයෙන් පන්දහසද ඉක්මවයි.

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Apr 2016 09:31 AM
ඇත්තටම ඔය කැවිලි හැදීම අතිනුත් කප් ගහපු පැති මෙහෙත් තියෙනවා.
ඔය අය මහන්සි උනාට ලාබ ගන්නෙ මුදලාලිලනෙ
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Apr 2016 01:12 AM
ape paththe kawruth asmi hadanne naha
mokada oya nanu ganna kola me paththe naha
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Apr 2016 07:27 AM
නානු හදන්න දවුල් කුරුදු කොල නැති වුනාට දැන් බන්ඩක්කා තියෙන්නේ.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Sep 2016 12:37 AM


අදුරනවද බලන්න
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
26 Sep 2016 12:51 AM
Apple Mangrove
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Sep 2016 01:25 AM
Posted By DanuLiyanage on 26 Sep 2016 12:51 AM
Apple Mangrove


no
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
26 Sep 2016 01:33 AM
kirala neda me ekama thama udin kiwwe
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Sep 2016 01:41 AM
Posted By DanuLiyanage on 26 Sep 2016 01:33 AM
kirala neda me ekama thama udin kiwwe

ඔව්
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Sep 2016 01:42 AM
************.කිරල(ප්‍රධාන වශයෙන් වි‍‍ශේෂ හතරකි)

Sonne caseo


i. Sonneratia Alba

කුලය-Sonneratiaceae

මෙම විශේෂය තෙත් කලාපීය පරිසරයන් වන කළුතර කළු ගඟේ මෝය ආශ්‍රිත ශාක ප්‍රජාව, ගාල්ල දිස්ත්‍රික්කයේ මාදු ගඟ ආශ්‍රිත ශාක ප්‍රජාව තුළ වේ.

සාමාන්‍ය කිරල ලෙස හඳුන්වන Sonneratia Caceolaris ශාකයට ඉතා සමීප රූපීය ලක්ෂණ පෙන්වන අතර පුෂ්ප වල වෙනස්කම් පමණක් පැහැදිලිව හඳුනාගත හැකි වේ. මෙහි පුෂ්පය කෝප්පාකාර මනියකින් යුක්ත වන අතර ඵලයේ මූලස්ථ කොටස් ‍මෙයින් ආවරණය වේ. ඵලයේ අග්‍රස්ථය රවුම්ය මෘදු දළ සහිත පුෂ්පයක් හට ගනී.


ii. Sonneratia Caseolaris

කුලය-Sonneratiaceae

ශුෂ්ක වියළි හා තෙත් කලාපීය යන දේශගණික කලාප තුනටම අයත් කඩොලාන ප්‍රජාවල පැතිර ඇති මෙම කිරල විශේෂය බහුලව ඇත්තේ තෙත් කලාපයේ කඩොලාන ප්‍රජාවලය. මීටර් 2-20ක් පමණ උස‍ට වැඩෙන ශාකයකි. සමහර ශාක වල අධික ලෙස අතු බෙදෙන අතර අතු පහළට එල්ලී වැටුණ ආකාරයෙන් ඇත. නිපත්‍ර නොමැත. පත්‍ර සම්මුකව පිහිටා තිබේ. හොඳින් වර්ධනය වූ මූල පද්ධතියක් ඇත.

විශාල පුෂ්ප අතුවල පත්‍ර අතර හෝ කුඩා අතුවල අංකුර වලින් ඇති වේ. සමහර අවස්ථාවල 2-3ක් ඇති වේ. කොළ පාට මනි පත්‍ර 6-8ක් පමණ ඇත. ඵලය කොළ පාටය. මේරූ ඵලය මතුපිට දිළිසෙන සුළු ස්වභාවයක් පෙන්වයි.ඉදුණු ඵල‍ය ආහාරයට ගනු ලැබේ.


iii. Sonneratia Griffithi

කුලය-Sonneratiaceae

සීමිත ව්‍යාප්තියක් සහිත කිරක විශේෂයකි. වායුධර මුල් ශාකයේ සිට මීටර් 10ක් පමණ දුර‍ට විහිදී ගොස් ඇත. ඝන අරටුවක් සහිත කඳ තද දුඹුරු පාටය. කඳේ පහළ සිටම අතු විහිදී ගොස් ඇත. පත්‍ර තද මාංසල ගතියකින් යුක්ත වන අතර ළපටි පත්‍ර ලා කොළ පාටය. පත්‍ර ඕවලාකාරය. පුෂ්පයේ දළ නොමැති අතර,රේණු සහ කීලය සුදු පාට වර්ණයෙන් යුක්තය. ඵලය සෙන්ටි මීටර් 5-7ක් පමණ විශ්කම්භයක් ඇති පැතලි,ඕවලාකාර හැඩයක් ගනී.


iv. Sonneratia Ovata

කුලය-Sonneratiaceae

ව්‍යාප්තිය ඉතා සීමිතය. අනෙකුත් කිරල විශේෂ වලට වඩා අඩුවෙන් අතු බෙදී ඇත. කඳේ පොත්ත කොළ දුඹුරු පැහැයෙන් යුක්ත වන අතර මැරුණ පොත්ත කොටස් වශයෙන් ගැලවී යයි. අනෙකුත් කිරල විශේෂවල ළපටි අතු එල්ලා වැටෙන ස්වභාවයකින් යුක්ත වේ. නමුත් එම ලක්ෂණය මෙම කිරල විශේෂයේ දක්නට නොමැත. ඵලයේ අඩක් පමණ මනියෙන් ආවරණය වී ඇත. කීලය ඵලයට සවි වන ස්ථානයේ නෙරාගිය ආවාටයක් සේ සැකසී ඇත.

 

https://si.wikipedia._. ( තොරතුරු )

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
26 Sep 2016 02:02 AM
wisthara tikata nam sthuthi ape waththe hariyata kirala
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Sep 2016 02:54 AM
ewa kanawa neda..
eddi aran ennakoooo
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14111






--
26 Sep 2016 03:52 AM
කිරල වලින් බීම හදනවා නේද? හරිම රසයි. ටිකක් දිවුල් වලට සමාන රසයක් එන්නෙ. හැබැයි හරිම උෂ්ණයි. ආසාවට බිව්වට දුම් දදා ඉන්නෙ බිව්වට පස්සෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Sep 2016 04:06 AM
ආයෙත් අවුරැදු ඇවිත් වගේ
0
You are not authorized to post a reply.
Page 8 of 8 << < 45678