Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Sep 2016 04:06 AM by sha733 ස්ටන් අවුරුදු කොළ සෙල්ලම 154 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 7 of 8 << < 45678 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14123 08 Apr 2016 03:52 AM හරි මං සුමනදාස අංකල්ගෙන් දීපු රුපියල් පනහ ඉල්ලලා දෙන්නම්. 0 maduranga001Most Senior MemberPosts:14123 08 Apr 2016 03:53 AM මේ කොළය තියෙන ගහක් නම් අපේ ගෙදරත් තියෙනව. 0 sha733Super Senior MemberPosts:7332 08 Apr 2016 04:55 AM කුරුදු 0 maduranga001Most Senior MemberPosts:14123 08 Apr 2016 06:06 AM කුරුඳු කොලයකුත් නෙවෙයි. 0 RosiSuper Senior MemberPosts:5335 08 Apr 2016 03:14 PM කලින් කොලේ නම් අදුර ගත්තා ....බලමු මේකත් දැන් 0 Ind007kaMost Senior MemberPosts:12931 08 Apr 2016 06:10 PM වෙරලු 0 maduranga001Most Senior MemberPosts:14123 08 Apr 2016 08:49 PM නෑ. වෙරලුත් නෙවෙයි. මේ කොළය යම් යම් වැඩ සඳහා භාවිතයට ගන්නවා. මම දන්නා විදියට මේ කොළේ අනිවාර්යයෙන්ම භාවිතයට ගන්න වැඩකුත් තියෙනවා. 0 Ind007kaMost Senior MemberPosts:12931 08 Apr 2016 09:42 PM කෙහෙල් කොලෙ 0 maduranga001Most Senior MemberPosts:14123 08 Apr 2016 10:21 PM කෙහෙල් කොළෙත් නෙවෙයි. 0 sha733Super Senior MemberPosts:7332 09 Apr 2016 01:10 AM ආස්මි වල නානු හදන කොලද දවල් කුරුදු 0 hasithadSuper Senior MemberPosts:5795 09 Apr 2016 07:59 AM කරාබු නැටි 0 maduranga001Most Senior MemberPosts:14123 10 Apr 2016 02:24 AM Posted By sha733 on 09 Apr 2016 01:10 AM ආස්මි වල නානු හදන කොලද දවල් කුරුදු හරි කොල්ලෝ. මේ දවුල් කුරුඳු තමයි. ආස්මි හදන්නයි මේවා ගන්නෙ. අපේ ගෙදරත් තියෙනව් ලොකු ගහක්. ඕන උනොත් කියන්න. මම අත්තක් කපල ඊමේල් කරන්නම්. මේ කොළ වලින් තමයි ආස්මි හඳන්න නානු හදන්නේ. 0 hasithadSuper Senior MemberPosts:5795 10 Apr 2016 08:15 AM ෂා මල්ලි හරි මේ පාර. 0 maduranga001Most Senior MemberPosts:14123 10 Apr 2016 12:39 PM අපේ ගෙදර උන්දෑ අවුරුද්ද පටන් ගෙන ඇත. පහුගිය දොහක උණ බලෙට්ටක් (කෙටි රිටක්) ඇන්න ඈ බැද්දට රිංගුවේ දවුල් කුරුඳු කොළ කඩන්නටය. ඊට පස්සෙං පහු සුදු කැකුළු හාල් සේරුවක් යන්තම් පොඟවා ගෙන ගල් වංගෙඩියේ කොටනවා මම බලා ගෙනය. අපේ අත්තම්මාද, අම්මාද පණ මෙන් සුරැකි රෙදි කෑල්ලක් දෙකක් ඇත. එකක් සිල් රෙද්දය. අනෙක අහස්වද (හෙවත් ආස් මී) බදින්නට පිටි හලන රෙද්දය. මේ විස්ව කරුම කෑම හදන්නට පිටි හලන්නේ රෙද්දදෙන් වීමම එම කෑමේ ඇති විශේෂත්වය ඉඟි කරයි. නානු තනා ගන්නේ දවුල් කුරුදු කොල නෑඹිලියේ ඒ කොල පොඩි කිරීමෙනි. (චීනය පැත්තේ දවුල් කුරුඳු තිවුනා නං මේ වන විට චීනා නූඩ්ලස් හදන්නේද දවුල් කුරුඳු වලින් වන්නට ඉඩ තිබිණි) අපේ ගොන්නුන් ක්ෂණික ආස්මී පිටි පැකට් එනතුරු බලා ඉන්නවාය. දැන් ඉතිං මේ තැනූ අහස් වද ඇත්තේ අපේ දුම්මැස්සේය. ඒ කඩවැස්ම බඳින ලද මුට්ටියකය. සැකසූ අහස්වද දැනට හඳුන්වන්නේ කටු ආස්මී කියාය. ඒවා නැවත බැද පැනි දැමීමෙන් පසු නියම ආස්මී බවට පත්වේ. ඒ කාරිය කරන්නේ අවුරුදු කටේය. නැත්නම් අවුරුදු නැකතට ඔන්න මෙන්න කියා තියා කිරිබත ඉදෙද්දීද අහස් වද වලට පැනි දමන්නට පුලුවන. ගොයං කපන්නට කලිං පේස් බුක් එකේ දැන්වීමක් දැම්මෙමි..ලයික්ද ෂෙයාස්ද හැටහුටා මාරකි..එකෙක් කුඹුරට ආවේ නැත. දර මඩුවේ පොල් අතු බඳින්නට කලින්දා ඒ බුක් එකේම දැන්වීම් කලෙමි. එකෙක් ආවේ නැත. නමුත් ලයික් කල වුන් ආවානම් ගමේම වහළ වල පොල් අතු බඳන්නට ඉඩ තිබිණි. අවසන වහලට නැගී හූ දෙකක් කී කල ගමේ මාමලා හතර පස් දෙනෙක් ආයෙන් වහල හෙවිල්ලා ගතිමි. ඒත් ආස්මී ටිකට වගකියන්නට නම් අපේ එකාලා මේපැත්තේ හක්කලං කොරන්නට පුලුවන. (උපුටා ගැනිම chamila liyanage) 0 RosiSuper Senior MemberPosts:5335 10 Apr 2016 04:40 PM ආසම කෑමක් ,,එත් අපිට කොහෙද මේහේ ආස්මි සැරයක් හදන්න ගිහින් වැරදුනත් එක්ක, එත් ඒ බණ්ඩක්කා නානු වලින් 0 PoddiVeteran MemberPosts:2100 10 Apr 2016 06:20 PM අපේ අම්මා නම් දන්නවා හදන්න .. ඒත් මේ පාර අපිට අවුරුදු නෑනේ 0 sha733Super Senior MemberPosts:7332 10 Apr 2016 11:02 PM ඒ මොකො පෙඩ්ඩි හැමොටම අවුරැදු දීල තියෙනවනේ 0 Ind007kaMost Senior MemberPosts:12931 11 Apr 2016 01:02 AM අපෙ ගෙද්‍රත් රෙපයාර් පාරක් දෙන නිසා අවුරුදු අඩුයි 0 maduranga001Most Senior MemberPosts:14123 11 Apr 2016 03:31 AM ආස්මි අවශ්‍ය ද්‍රව්‍ය සුදු කැකුළු හාල් 500ඨ පිටිකිරි 100ඨ දවුල් කුරුඳු කොළ 200ඨ තෙල් 1ත බීට්රූට් යුෂ මේස හැඳි 1 සීනි 150ඨ ලුණු තේ හැඳි 1/4 සාදන ක්‍රමය • හාල් සෝදා පැයක් පමණ වතුරේ පෙඟෙන්න හරින්න. • වතුර ඉවත් කර හාල් පෙරා විනාඩි 10ක් පමණ තබන්න. • හාල් කොටා ගන්න. පිටි හලා ගන්න (හතර වරක් පමණ හලා ගන්න) • දුහුල් මල් පීස් රෙදි කැබැල්ලකින් නැවැත මෙය හලා ගන්න. භාජනයකට සෝදාගත් දවුල් කුරඳු කොළ දමා මිටිකිරි එක්කර අතින් හොඳට පොඩිකර ගන්න. (නානු සෑදෙන පරිදි) එම මිශණය හාල් පිටි වලට දමා හොඳට කලවම් කරගන්න. එම පිටිවලට ලුණු මිශ්‍ර කරන්න. • සාදාගත් පිටි මිශ්‍රණයට ඇඟිලි දමා ඉහළට එසවූ විට නූලක් සේ පහළට වැටිය යුතුයි. • තාච්චියක් ළිප තබා තෙල් දමා රත් වීමට හැර සුද්ද කරගත් පොල් කට්ටක් ගෙන එහි වටේට අඟලේ යකඩ ඇණයක ප්‍රමාණයේ සිදුරු 20ක් පමණ සාදා ගන්න. • මෙම පොල්කට්ටට මිශ්‍රණය දමා අඟල් 6 පමණ ඉහළට ඔසවා ඉඳිආප්ප සාදන ආකාරයට රත් වූ තෙල් තාච්චියට වත් කරන්න. • ඉන්පසු බාගෙට බැදෙන විට දෙකට නවා මැද තද නොවන පරිදි වටේට සම්බන්ධ කර ගන්න. • බැදගත් පසු තෙල් භාජනයෙන් අයින් කර ගන්න. • දින 3කට පසු නැවත බදින්න. • සීනි බීට්රූට් යුෂ වතුර තේ හැඳි 4ක් දමා උණු කර පත් පැණි ගානට එන විට බැදගත් ආස්මි උඩට වත් කරන්න. 0 maduranga001Most Senior MemberPosts:14123 11 Apr 2016 05:54 AM අවුරුද්දට ආස්මී හදන හැටි සිංහල හා හින්දු අලුත් අවරුද්ද නිමිත්තෙන් සිංහල හා හින්දු අලුත් අවරුද්ද නිමිත්තෙන් නිවෙස්වල ගෘහණියන් කාර්ය බහුලව නිවසේ කටයුතු සිදු කරමින් සිටියි.මාතලේ ප්‍රදේශයේ ආවේණික රස කැවිල්ලක් වන ආස්මි පිළියෙළ කරගන්නා ආකාරය සොයා අප මාතලේ බණ්ඩාරපොළ කවුරුත් දන්නා ආස්මි ආච්චි සොයා ගියෙමු. ඇය නමින් ප්‍රේමවති ගුණරත්න (86) මහත්මියයි.වයස අවුරුදු 16 දි පමණ රසකැවිලි සැදිමට පටන් ගත් බවත් තම දෙමාපියන්ගෙන් ලද දැනමුද ගනිමින් තම උපන් හපන්කම් අනුව මෙම රස කැවිලි සැදිමට පටන් ගත්තාය.ඈ වැඩි ඇල්මක් දක්වන්නේ ආස්මි සැදිමටය. ආස්මි සැදිමට ගන්නා ද්‍රව්‍ය, හාල් පිටි කිලෝ2යි. පොල් ගෙඩි 2ක පොල් දවුල් කුරුදු කොළ අවශ්‍ය පමණට පොල් තෙල් සිනි කැමති ඩයි වර්ගයක් ආස්මි සදා ගන්නා අකාරය. හාල් කොටාගෙන කිහිපවරක් පෙනේරයකින් හලාගන්න.ඉන්පසු දවු කුරුදු කොළ පොල් වතුර මිශ්‍ර කර නානු සාදා ගත යුතුය.සදාගත් නානු පිරිසිදු භාජනයක දමා හාල් පිටි සමග මිශ්‍ර කරගෙන අතින් හෝ සුදුසු ආකාරයෙන් සකස් කරගති හිල් ඇති හැන්දකින් රත්වු තෙල් ඇතිලියට දමා රවුම් කිහිපයක් වක් කර අඩක් බැදුණු පසු බා ගන්න.ඉන් පසු දින කිහිපයකින් පසුව හෝ නැවත ගැඹුරු තෙලේ බැදගෙන ආස්මි සිනි රත්කර කැමති ඩයි වර්ගයකින් යොදා පැණීමිශ්‍රණයක් සකස් කරගෙන විවිධ රටාවන් ඹස්සේ එය සකස් කර ගත හැකි අතර අවුරුදු මේසයට රස කැවිල්ලක් ලෙස භාවිතා කළ හැක. 0 You are not authorized to post a reply. Page 7 of 8 << < 45678 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය