You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Sep 2019 11:23 AM by  isurusam
එක පිටුවක ඔබ - අජිත් මුතුකුමාරණ
 249 Replies
Sort:
Page 5 of 13 << < 34567 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
02 Apr 2018 11:11 AM
  •  Quote
  •  Reply

මංගල ඇරයුම ඔබ

http://www.mediafire.com/convkey/e73a/iww7rxw91a4f4x9zg.jpg?size_id=c

මංගල ඇරයුම ඔබ දෙදෙනාගේ
පිළිගන්නෙමි මම සුහද සිතින්
චංචල මගේ සිත අද වැළපෙන්නේ
ඔබේ අත් අකුරින් ලියු බැවින්........//

ඔබේ නම ළගින් රන්වන් අකුරින්
මගේ නම සටහන් වෙන්න තිබූ......//
පිං දම් නොකළෙමි පැතු මගේ පැතුමන්
හිත තුළ තනියෙන් හඬා වැටේ.....//

මංගල ඇරයුම ඔබ......

ඔබ හා අතගෙන පෙම් පිරි සඟවින්
ආගිය තැන් මනසින් දකිමි.....//
දෙකපුල් සිපගෙන ගලනා කඳුලින්
ඔබේ රුව බොඳ කර පා කරමි......//

මංගල ඇරයුම ඔබ......//

ගායනය - පෝල් ප්‍රියන්ත




ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
02 Apr 2018 06:20 PM
  •  Quote
  •  Reply
අහලා නැති සින්දුවක් ලස්සන නිර්මනයක්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
03 Apr 2018 07:30 AM
  •  Quote
  •  Reply
background පින්තූරය හරිම ලස්සනයි...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
03 Apr 2018 08:06 AM
  •  Quote
  •  Reply
ඔව්. මමත් අහල නැහැ මේ සිංදුව. ගායකයා ගැනත් වැඩි මතකයක් නැහැ. ස්තූතියි ලස්සන නිර්මාණයක් එකතු කළාට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
08 Apr 2018 09:11 PM
  •  Quote
  •  Reply

ලාල් මුදන්නායක - රෝද තුනක් මත

http://www.mediafire.com/convkey/567c/frbw3lzg3g3ej2bzg.jpg?size_id=c

රෝද තුනක් මත ජීවන බර දරන
මගෙ තාත්තාට සැපතක් නැහැ කිසිම දින
දූවිල්ලයි දුමයි සිරුරම වසා ගෙන
අප දිවි සමඟ කැරකෙයි මේ රෝද තුන.....//

රෑ බෝ වුනත් වේලා නැත ගෙදර එන
කිසි දින පාළු පාරක් නැහැ අතහරින
ඒකයි අම්මේ මට බය මගෙ පියා ගැන
අම්මා හිඳියි පිල උඩ මඟ බලාගෙන

රෝද තුනක් මත ......

ශබ්ද නගා මහ වාහන දුවන විට
අපෙ තාත්තා පෙනෙන්නේ කූඹියෙකු ලෙස
මුහුණට වදින දුම ඔසවා හනින් එන
ඔච්චම් කරන්නෙද අපටම අහිංසක

රෝද තුනක් මත ......

ගායනය - ලාල් මුදන්නායක
පද රචනය - ලාල් මුදන්නායක
සංගීතය - එච්.එම්.ජයවර්ධන

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
09 Apr 2018 09:17 AM
  •  Quote
  •  Reply
ත්‍රී රෝද රථ රියදුරකු ගැන කියවෙන ගීතයක්..
මෙවැනි ගීත ඉතා අල්පයි...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
13 Apr 2018 08:41 PM
  •  Quote
  •  Reply

සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම - විශාරද සුනිල් එදිරිසිංහ

http://www.mediafire.com/convkey/033b/k1cdhcswc9slhx5zg.jpg?size_id=c

සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතු
නිධන්ගත සේරුවා විල මහ සෑ ගිරි
සාධු සාධු..වන්දනා කරම්......//

මේ මහා භද්‍ර කල්පයෙහි බුදුවු ගරුතර
සකු සද කෝනා ගම කාශ්‍යප ගෞතම මුනිවර
මේ පූජනීය ශාරිරික ධාතුනි නිධන් කර
බිම පිරු වෙහෙර වදිමුව වත්තක මල් පුද කර

සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම.....

අප බුදුන් තෙවැනි බර ලක වැඩි උතුම් උදානය
සම රහත්කලො බුදුහුමේ බිම පුෂ්ප උපහාරය....//
අපි යුගග සිරස වැද වැද වැද මෙවන් විහාරය
නිර්වාණ සොකවි වෙමු තරණය කර සංසාරය

සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම.....//
අපි වන්දනා කරම්../////

ගායනය - විශාරද සුනිල් එදිරිසිංහ
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - රෝහණ විරසිංහ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
1

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
13 Apr 2018 08:42 PM
  •  Quote
  •  Reply
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
14 Apr 2018 12:40 AM
  •  Quote
  •  Reply
හරිම ලස්සනයි.. පුදුම හැගීමක් දැනෙන්නේ..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
16 Apr 2018 08:23 PM
  •  Quote
  •  Reply

ඇසුනත් නෑසෙන දු‍ටුවත් - විශාරද ගුණදාස කපුගේ

http://www.mediafire.com/convkey/a4a6/codmb26ry88bmbxzg.jpg?size_id=c


ඇසුනත් නෑසෙන දුටුවත් නොදකින
නුඹේ තුන් සිත වැසෙනා
අපේ නටඹුන් ප්‍රේම නගරේ
වන්දනා කරු මා....වන්දනා කරු මා..

ලෝ මහා පා සෙල් ටැඹක් යට
සිහිනයක් සේ පෙනේ නුඹ මට
හඬා වියෝවින් ගැලු නුඹේ නෙත
ලියවැලක් දෝ සඳ පහන් මත..

ඇසුනත් නෑසෙන දුටුවත්....

තැනිතලා මත රැදුන පියවිලි
සඳ පහන් යට ඇඳුන සෙවනැලි
වැව් තලේ හස නඟන දියරැලි
ගෙනේ නිරතුරු සිනා කඳුලැලි

ඇසුනත් නෑසෙන දුටුවත්....

ගායනය  - විශාරද ගුණදාස කපුගේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
16 Apr 2018 08:26 PM
  •  Quote
  •  Reply

කරගල ගඟා එන්න -  විශාරද ගුණදාස කපුගේ

http://www.mediafire.com/convkey/75d8/tkczq4438k6jxydzg.jpg?size_id=c

කරගල ගඟා එන්න...//
කරණවෑණේ සොයුරාණනේ
කරදර තැවුල් බරින්
මා හිස මුදාලන්න
කරණවෑණේ සොයුරාණනේ....//

නමනා සිරස ඔබට ඉසුරින් පිරුණු දනන
ඔබ හිස රැගෙන යතැයි බිය සැක නැතුවා
පාමින් ඔබට නෙතට - ඔච්චම් කළ එවුන්ට
අහිතක් නැත ඔබ සිතුවා...

කරගල ගඟා එන්න...

භීතිය දමා බිමට ගන්ධ දුම් දී බුදුන්ට
ඔබ පිල් කඩට වෙලා බලා ඉන්නවා
මඟුල් ඇතු ඇවිත් රුවට - ඔබගේ සැලුන් දොරට
හීනෙන් දෙදණ නමනවා...

කරගල ගඟා එන්න...//

ගායනය - විශාරද ගුණදාස කපුගේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
16 Apr 2018 08:29 PM
  •  Quote
  •  Reply

ඉරබටු තරුව වුනා නම් -  විශාරද ගුණදාස කපුගේ

http://www.mediafire.com/convkey/0954/vw9l628psrvxlcrzg.jpg?size_id=c

ඉරබටු තරුව වුනා නම් ඔබ මට
විඳ දරාගන්න හැකි කළුවර
පිටුපා යන්න ගියාවේ පුර හද
එක තරුවක් ඇති මගෙ අහසට

දොස් කියන්නෙපා වසන්තයට
අප දමා යළිත් නොඑන්න ගිය
කටු පොකුර දෙන්න මගේ අතට
මල් පිපෙන තුරා ඉන්නම් මම

ඉරබටු තරුව වුනා....

පර මලක දෙතොල් වල හිනාව
අමතක වුනාට වසන්තයට
දුර ඈත ඉඳන් අහසේ ඔබ
මට හිනාවෙන්න රෑ තනියම

ඉරබටු තරුව වුනා....

ගායනය - විශාරද ගුණදාස කපුගේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
16 Apr 2018 08:31 PM
  •  Quote
  •  Reply

ඉරබටු තරුව වගේ

http://www.mediafire.com/convkey/c03a/ebka8lavjq3i8b7zg.jpg?size_id=c

ඉරබටු තරුව වගේ පායන්නම්
සකි සඳ නුඹ අහසේම හිනැහීනම්
සඳ මත සා බිලිඳෙකු සේ ඉන්නම්
මිහිරිය නුඹම වෙතට ළං වී නම්
ඉරබටු තරුව වගේ පායන්නම්

අතු අග කෝල මුවින් සරසන්නම්
මල්ලිට සුවඳ රොළුත් ගෙන එන්නම්
රොන් සුනු සුවඳ දිගේ දිව එන්නම්
බඹරෙකු රොන් නොව මල සුරකින්නම්

ඉරබටු තරුව වගේ....

කන් කලු මියුරු තෙපුල් පවසන්නම්
තුන්යම ගීත නදත් වී ඉන්නම්
සිහිලැල් නළරැල්ලක් සිහි ඉන්නම්
කෙහෙරැළි අවුල ලිහා සරසන්නම්

ඉරබටු තරුව වගේ....

ගායනය - විශාරද මාලනී බුලත්සිංහල / විශාරද ගුණදාස කපුගේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
16 Apr 2018 08:34 PM
  •  Quote
  •  Reply

අල්ලට ශිල්ප සිඟා  - විශාරද ගුණදාස කපුගේ

http://www.mediafire.com/convkey/4180/6akah9jnxnwy3jyzg.jpg?size_id=c

අල්ලට ශිල්ප සිඟා සරසවි පාරේ
වල් කොළ අතුට නිදා බෝඩිං යහනේ
හොඳටම කෙට්ටු වෙලා ගණදෙවි රූපේ
පාළුයි සිහින විමානේ.....පාළුයි සිහින විමානේ....

සූ සැට ශිල්ප කලා සල් පිළකට නොගැනේ
හඳ එළියෙන් කිසිදා ළිප ගිනි දැල් නොනැගේ
සත් ගුවනින් වැසි වස්සන මන්තර ගුරුකම් හුරු කල
කොම්පියුටර් නොදැනේ.....කොම්පියුටර් නොදැනේ..

අල්ලට ශිල්ප සිඟා......

ඡන්දෙට පැල් රැක්කා ගිනි තැප්පට සරියේ
මව්පිය කඳුළු වැටී සහතික පත් මැකුණේ
රන් අකුරින් නම ලියැවුණු රන් කැටි පුතුනට පමණයි
සිංහාසන සැදුනේ....සිංහාසන සැදුනේ.....

අල්ලට ශිල්ප සිඟා......

 

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - එච්.එම්.ජයවර්ධන

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
16 Apr 2018 10:26 PM
  •  Quote
  •  Reply
විශාරද කපුගේ ශූරින්ගේ ගීත කිහිපයක්ම මල්ලී දාලා..
ගොඩක් ස්තූතියි මල්ලී..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Apr 2018 11:40 PM
  •  Quote
  •  Reply
ගොඩක් ස්තූතියි මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට ..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
17 Apr 2018 07:42 PM
  •  Quote
  •  Reply
පට්ට අදහසක්නෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
18 Apr 2018 03:44 AM
  •  Quote
  •  Reply
අල්ලට ශිල්ප සිඟා  - විශාරද ගුණදාස කපුගේ
මේ ගීතය මගෙත් ගොඩක් හිතට වැදුණු ගීතයක්. ස්තුතියි නැවත ලස්සනට ඉදිපත් කලාට සටන් එක යටතේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 May 2018 06:22 AM
  •  Quote
  •  Reply

පෙම් පවස නිවන්නද

https://i.imgur.com/Ay8c8kN.jpg

පෙම් පවස නිවන්නද පුන්කළස හදන්නේ
නෑ සියන් පිළිගන්න මල් තොරණ බඳින්නේ
ජය මඟුල් ගී හඬක් දෙසවනට ඇසෙද්දී
නොමළ සෙනෙහසයි මා සිතේ පොර බදන්නේ

ආදරේ හය හතර නොදන්නා කාලයේ
කියාදුන් පාඩමේ මුල් අකුරු බොඳ වෙලා
පහන් දොර කවුළුවෙන් මින් පසුව එබෙන්නේ
අප එදා දුටුව ඒ මුදු ළහිරු කැන් නොවේ

ඔබට හිමි නොවුන පෙම වෙනෙකෙකුට පුදන්නයි
එලූ පාවඩ මතින් මල් මගට පිවිසුනේ
මැදියමේ ජීවිතේ පවුරු බිඳෙනා වෙලේ
දුක හිතෙන ගීතයක් ඇසේවා හද රැයේ

පෙම් පවස නිවන්නද පුන්කළස හදන්නේ
නෑ සියන් පිළිගන්න මල් තොරණ බඳින්නේ
ජය මඟුල් ගී හඬක් දෙසවනට ඇසෙද්දී
නොමළ සෙනෙහසයි මා සිතේ පොර බදන්නේ

  ගායනය - සමිතා මුදුන්කොටුව
පද රචනය - මීගල මුදියන්සේ
සංගීතය - උපාලි කන්නන්ගර

DOWNLOAD PDF FILE

http://www.mediafire.com/file/e62m5orcqm9dm4r/pem+pawa+samithamudunsls.pdf

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
03 May 2018 09:15 AM
  •  Quote
  •  Reply
පෙම් පවස නිවන්නද-සමිතා මුදුන්කොටුව
ඉතිං නිවන්නකො..

ලස්සන නිර්මාණයක් මලේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
Add Reply
Page 5 of 13 << < 34567 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below