You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Sep 2016 12:55 AM by  Indika Kandanaarachchi
මෙන්න පුංචි බැඳපු බාප්පාගේ අක්කාගේ දුවගේ විත්තිය - අලුත් සිංදුවක්
 32 Replies
Sort:
Page 1 of 212 > >>
Author Messages

Chess FIDE
Basic Member
Basic Member
Posts:238






--
09 Jul 2016 08:36 PM
  •  Quote
  •  Reply

සැඳෑ කළුවර කුර ගගා විත්...

 

සෙමෙන් සෙමෙන් කුර ගාමින් සැඳෑ කළුවර පැමිණෙයි. අන්ධකාරය කෙමෙන් දැඩි වෙයි. ඒ අඳුර තුළ ඔහු වෙසෙන පැල්පත සපුරාම මැකී යයි. එසඳ ඇගේ දසුනින් මැකී යෙන්නේ ඒ පැල්පත පමණක්ම නොවෙයි. ඇයගේ සරා සඳ හෙවත් සරත් චන්ද්‍රයා වන ඔහුගේ දසුනද ඈත් වී යයි. ඒ සරා සඳ ඈත් වත්ම, ඇයට දැනෙන්නේ තනිකමකි. දැරිය නොහෙන පාළුවකි.

එය සඳ නැති රැයක් බැව් අමුතුවෙන් කිව යුතු නොවෙයි. එකම එක වලාකුළකුදු අහස් කුස නොදිස් වෙයි. ඇගේ සිතිවිලි ගල් ගැසී ඇත. ඇගේ මුළු සන්තානයම පාළුවට ගොසින්ය. ඒ හු‍ෙදකලා පාළු රාත්‍රියෙහි රජ වී ඇත්තේ අඳුර ම පමණි.

අන්ධකාරය කොතරම් නම් දැඩි වුවත්, කොතරම් නම් බියකරු වුවත්, ඔහුත් ඇයත් අතර ඇත්තේ එකම එක රැයක දුර පමණය. එතෙකුදු, ඇයගේ හිස මත මහා බරකි. හිස මත ඇය දරාගෙන සිටින්නේ, ගව් ගණන් දුර වූ ජීවිතේ බරය.

“සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සඳ
මගෙ සරා සඳ
තනි වෙලා, මා තනි වෙලා”

නන්දා මාලිනිය “කන හෙව... මියුරු කොට” ගයන ඒ ගීයේ - ඒ ප්‍රේමාලාපයේ - පද පෙළ මඩවල රත්නායක කවියාගේය.

ඉකුත් සියවසේ හැත්තෑ ගණන්වල බිහි වුණු මෙම අපූරු ගීතය මේ වන විට ගෙවමින් සිටින්නේ ස්වකීය පස්වැනි දශකය හෙවත් “පඤ්ඤා” දශකයයි. එදවස, තමාගේම නව තනුවකට අනුව, තමාගේම සංගීතය යොදා ගනිමින් එම පද පෙළ මනහරව මොනවට ගායනය කෙළේ විශාරද නන්දා මාලිනිය බැව් මෙදවස සිහි කරන ශ්‍රාවක සහෘදය ගණ ඉතා දුලබය.

හෘදය සංවේදී නිර්ව්‍යාජ ප්‍රේමය ද, එකී ප්‍රේමයෙන්ම ජනිත ශෝකය ද සමෝසමව එකට කලතා ගෙන අතිශයින්ම සුමධුර වූ කර්ණ රසාලිප්ත සංයත සෞම්‍ය ස්වරයෙන් කරන ලද ඒ ගායනය සහෘදය හද වෙණ නින ද කළ අපූරුව අරුමයක්මැයි.

අපගේ ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයට අයත් වන මේ ගීතයේ ගායන ලීලාව තරමටම, පද ලීලාව ද අපූර්වයකි. මඩවල රත්නායක නමැති ප්‍රතිභාමත් කවියා, ස්වකීය කාව්‍ය රචනය අතික්‍රමණය කරමින්, වචනයේ මුළු අරුතින්ම ගේයපද රචකයකු බවට පරිවර්තනය වුණු ආකාරය පිළිබඳ නිසැක නිදර්ශනයක් වැන්න, මේ ගීතයේ පද රචනය.

කිසියම් ගීත රචනයක් සරුසාර වන්නේත්, පොහොසත් වන්නේත් කවිතා ගුණයත්, ගේයතා ගුණයත් සමෝසමව සුසංයෝග වූ කල්හිය. මේ නම්, ඒ පිළිබඳ ආදර්ශයක් වැන්න.

පළමු කොට, මේ රචනයෙහි වන කවිය - කවි ගුණය - විමසා බැලුව මැනවි. සැඳෑ කළුවර එන්නේ කුර ගගාය. කළුවර කුර ගාමින් එතැයි පැවසිය හැක්කේ කවියකුටම පමණි. හරියට අලස ගවයකු සන්ධ්‍යාවෙහි සිය ගාලට කුරා ගගා එන්නාක් මෙනි. කුර ගාන සැඳෑ කළුවරට මුවා වී සිටින්නේ කවියෙකි; ප්‍රතිභා නැණින් යුතු මහරු කවියෙකි.

අවසාන ගී අඩෙහි කවි රූප ද විමසා බැලුව මැනවි. ඇගේ ලෝකයත්, ඔහුගේ ලෝකයත් අතර ඇත්තේ රැයක් පමණය. එහෙත්, ධම්පියාවෙහි ‘දීඝා ජාගරතෝ රත්තී’ යයි කීවාක් මෙන්, ඒ රාත්‍රිය දිගය; ඉතා දිගය. එකම රැයක දිග වුණත් ඇයගේ ප්‍රේමයට කල්පයක් සේ දැනෙයි. ඒ නිසාම ඇගේ හිස ද බර වෙලාය. කුමකින් ද? ගව් ගණන් දුර ජීවිතයේ බරිනි, ඇයගේ හිස මත ඇති ඒ බර, ප්‍රේමයේම බර බැව්, මෙතැන්හිදී කවරකුවත් අපට කියා දිය යුතු නැත.

මෙම රචනයේ කවිතා ගුණය එසේ දත යුත්තේය. ගේයතා ගුණය ද මඳක් විමසා බලමු.

“ඈත් වූ සඳ - මගෙ සරා සඳ”
“තනි වෙලා - මා තනි වෙලා”
“මගේ ලෝකය - ඔබේ ලෝකය”

මේ තන්හි අනායාසයෙන් එන පුනරුක්තියෙන් - අනුප්‍රාසයෙන් උත්කර්ෂයට නැ‍ඟෙන්නේ රචනයේ ගේයතා ගුණයයි.

නවකතාව, කෙටිකතාව, කවිය හා ගීතය යන සාහිත්‍යාංගයන්හි මහත් පෙළහර පෑ මඩවල රත්නායකයෝ පුවත්පත් කලාවේදය මෙන් ම ගුවන් විදුලිය සන්නිවේදනය යන අංගයන්හිද ප්‍රවීණව සිටියාහුය. ඊට ද අමතරව, ඕමාර් ඛයියාම් කවියාගේ ‘රූබයියාට්’ කාව්‍යය සිවුපද කවියට නඟමින් අපූරු ගතක් ද කළහ.

වැඩසටහන් සම්පාදකයකු වශයෙන් ඔහු අපේ ගුවන් විදුලියේ ගත කළ කාලය, සිංහල ගීත නිර්මාණයෙහි විශේෂ අවධියක් විය. පණ්ඩිත් අමරදේවත් සමඟ එක්ව ඔහු නිර්මාණය කළ ගීත සම්භාරය අතර, විශේෂයෙන් ම කැපී පෙනුණේ අපගේ ජන ගීතයෙන් හා ජන කවියෙන් නොමඳ ආභාසය ලබා නිමවන ලද රචනාවන්ය. ‘බමරකු ආවයි නිරිත දිගේයා’ වැනි ප්‍රබන්ධ මහත් සංඛ්‍යාවක්, ඒ පිළිබඳ නිදසුන් කොට දැක්විය හැකි වෙයි.

පසුගිය තීරුවෙහිදී මඩවල ලියූ ‘ගී සින්දු සාහිත්‍යය’ යන කෘතිය ගැන මඳ සඳහනක් කෙළෙමි. ඒ මහරු ගත නිමා කරමින් ‘ඔහු ලියූ මෙවදන්, මේ තීරුව අවසන් කරන්නට ද සුදුසුතම වන්නේ නොවේද?

“ප්‍රේම යාදිනි, ප්‍රේම අ‍ඳෝනා කරමින් යෞවන හදවත් කුරෝලු කර ඇතත්, ගුවන් විදුලි ජනාධිපති සම්මාන උලෙළ වෙනුවෙන් පැවැති ජනප්‍රිය ගායකයාත්, ගායිකාවත් තේරීමේ තරගයෙන් ජයග්‍රහණ කර ඇත්තේ අමරදේව, නන්දා මාලිනි යන දෙදෙනාය. ජනතාව තවමත් රැවටී නැති බව මෙයින් ඔප්පු වේ.

‘කැලෑ කොටා, ගිනිලා, දඬුවැට දමා, නවදැලි හේනේ කටුසර බෝග වපුරා තිබේ. මේ අතරින් මතුවන “පොඩිසිංඤෝ මරං” පැළ අවදියේම විනාශ නොකොළොත්, ඒවා ලොකු වී, මල් පිපී, ඇට සෑදී, සුළ‍ඟේ විසිරී ගිය විට, ලාංකික ජනතාවගේ ප්‍රයෝජනයට ගත හැකි කොස්, දෙල්, පොල්, පුවක්, වගා කළ නොහැකි අන්දමට පොළොව නිසරු වෙයි. කුරක්කන්, අමු, මෙනේරි, ඇල් වී වැපිරිය යුතු මේ බිමේ තිරිඟු වැපිරීමට ද නුපුළුවන.”

(- ගී සින්දු සාහිත්‍යය -, 1996 -, ගොඩගේ)

1

Chess FIDE
Basic Member
Basic Member
Posts:238






--
09 Jul 2016 09:47 PM
  •  Quote
  •  Reply

 ඔන්න සින්දුව අහන්න, පරණ සිංදුනම් ඉතින් කොච්චර ඇහුවත් මදි තමයි

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Jul 2016 10:02 PM
  •  Quote
  •  Reply

සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනිවෙලා මා තනිවෙලා...ආ...

වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ ‍මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
කදුල පමණක් රජවෙලා...ආ...

සැදෑ කළුවර...//

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව්ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා...ආ....

සැදෑ කළුවර...//

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - මඩවල එස්. රත්නායක
සංගීතය - විශාරද නන්දා මාලිනී
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Jul 2016 10:31 PM
  •  Quote
  •  Reply
දැන් ඇහෙන්නේ මොනවද කියල හිතෙනවා මේවා අහද්දී. සිංදු දාහකින් එකක් විතර තමයි හරි හමන් සින්දුවක් තියෙන්නෙ.

මම ඊයේ ටික වෙලාවක් චැනල් සී කියන ගීත විතරක් විකාශනය වෙන ඩයලොග් ටීවී චැනලය බලාගෙනා හිටියා. ටික වෙලාවක් යනකොට මගේ තනි ඇහැට ඇඩෙන්න ගත්තා. මොකද එකම සින්දුවකවත් හරි හමන් තාලයක් හිතට වදින අදහසක් නැහැ. ගොඩක් ඒවා එකවගේ. චැනල් පිටින් තිබුණත් එවාට් දාන්න හොඳ සින්දු හොයා ගන්න බැරි හැටි. අලුත් පරපුරට දොස් තබනවා නොවෙයි. ඔවුන් රසංඥතාවය මොටවන සුළු නිර්මාණ පසු පස යන හැටි දැක්කහම අපට අපේ සංගීතය ගැන වගේම අපි ගැනම දුක හිතෙනව.

ඉහත සඳහන් නන්දා මාලනියන්ගේ ගීතය අපි ඇහුවේ රූප රචනා නැතුව. ඒ එහි පදවැල් වල බලය. නමුත් ඒ හැම දෙයක්ම අපේ හිතේ අඳුනා. ඒ වගේම හිතට දැනෙන යමක් තිබුණා. ඒ ඊට යොදා ගත් සංගීතයේ අනුහස. ගීතය අහද්දී හදවත මුසපත් කළා. ඒ මලනියන්ගේ සුමධුර කටහඬ.

මෙවන් ගීත නැවතත් ඉදිරියට ගෙන රසවින්දනය යනු කුමක්දැයි පසක් කිරීමට ෆයිඩ් සහෝදරයා ගත් මේ වෑයම ඉතා අගේ කොට සළකමි. මගේ ඉල්ලීම නම් මේ ත්‍රෙඩ් එක මෙවන් ගීත සමගින් යහපත් විවරණයක් ද සහිතව ඔබට ඉඩ පහසු වෙලාවක ඉදිරියට ගෙන යන්න කියායි. මේ ත්‍රෙඩ් එකේ ගීත ඉදිරිපත් කිරීමට ඔහුටම භාර දීම සුදුසුය. එවිට වඩාත් වැදගත් යමක් ඔහුගේ විචක්ෂණයට අනුව අපට ලබා ගත හැකිය.

ඔබේ දායකත්වය අපට දැඩි ශක්තියක් බව එදා මෙන්ම අද ද සඳහන් කරනු කැමැත්තෙමි.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 Jul 2016 11:23 PM
  •  Quote
  •  Reply
maduranga ayiyage kathawa hariyatama hari
1

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Jul 2016 11:42 PM
  •  Quote
  •  Reply
මේ ගීත අපිට ඇහෙනකොට ඉබේටම රූපරචනා හිතේ මැවෙනවා.. දැන් තියෙන ගීත වලට රූප රචනා තියා තේරුම මොකක්ද කියලා හිතා ගන්නවත් බැහැ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Jul 2016 06:09 AM
  •  Quote
  •  Reply
මේ ගීතය ඇස් දෙක පියාන සවන් දෙන විට අමුතු හැගිමක් සිතට දැනෙනවා..
ඒ වගේම මෙහි සංගීතයෙන් රාත්‍රිය මනා ලෙස පිළිබිඹු කරනවා..
විශේෂත්වය වන්නේ මෙහි සංගීත නිර්මාණයත් නන්දා මාලිනියන්ගේ..
මෙතරම් අලංකාර තනු නිර්මානය කල හැකි අැය ගායනයට පමණක් කොටුවෙලා සිටින එකත් අපරාදයක්..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Jul 2016 07:49 AM
  •  Quote
  •  Reply
මේවා අහද්දී දැන් අහන්න තියන සින්දු මොනවද
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Jul 2016 08:16 AM
  •  Quote
  •  Reply
ඔන්න අහනවානං සින්දු.චොකා බයිලා වගේද මේවා.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Jul 2016 07:41 PM
  •  Quote
  •  Reply
කතාව සහතික ඇත්ත ................මෙ සින්දු ගැන නම් කියන්න වචන නැහැ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Jul 2016 07:15 PM
  •  Quote
  •  Reply
හිතට දැනෙන හිත සුවපත් කරන සින්දු මේවා ,,ඇත්තටම සින්දුවේ රූපේ හිතේ මැවෙනවා මේවා අහද්දී .
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jul 2016 04:53 AM
  •  Quote
  •  Reply
එහෙම අහන්න පුලුවන් එකක් ආවත් ඒ ආපු අලුත විතරයි හරියට සෝඩ බෝතලේ කැඩුව වගේ
ඒත් මේ සින්දු අපි තවත් ආදරෙන් අහනවා
0

Chess FIDE
Basic Member
Basic Member
Posts:238






--
13 Jul 2016 04:59 AM
  •  Quote
  •  Reply

මෙන්න පුංචි බැඳපු බාප්පාගේ අක්කාගේ දුවගේ විත්තිය

 

අපෙ පුංචි බැඳපු බාප්පාගේ
අක්කගේ දුව
මං චූටි කාලෙ සෙල්ලම් බත් උයපු කුමරිය
ලොකු වෙන්න වෙන්න අපි
දුරස් වුණා නේද සොඳුරිය
මීට අවුරුද්දයි මාස හයක්
මූණුපොතේ පෙම් කෙරුව ළඳ

ඇගෙ තාත්තාගේ රැවිලි අතරේ
මට ඉඟි බිඟි පෑව සොඳුරිය
හරි ලස්සන පොඩි කෙල්ල හින්දා
ආදරේට කිව්ව නම මල

මට විසි හයයි ඇයට විසි තුනයි
අපෙ තරුණ කලෙ එන්න එන්න ගෙවිලා යයි
මගෙ හඳහන කුජ හතයි
යෝජනා කෝටියයි
ඒත් අම්මා මාව බන්ද වන්නේ
ගළපලමයි
මට හොරා මගෙ හිත
නුඹ ගැන විපරමයි
මට මගේ නොවන ආදරයක්
ඇති හැඩයි

නුඹ ලස්සනයි කට හරි සැරයි
නපුරුකමත් ඒ හා සමානමයි
නුඹ බොරුව අතරේ මට සිටි තරුණිය
හොඳයි
ලස්සන නොව මං බලන්නෙ
ගතිගුණයි
නුඹව බැන්දොතින් කුස්සියෙ වැඩ මටයි
මෙන්න වැන්දා ඉන්න කෙල්ල මට හොඳයි
අපෙ පුංචි බැඳපු...

මම පාන්දරට කෝල් කරන විට
වේටිං ඇයිද සොඳුරිය
ඒ දුක කියද්දි මගෙ සල්ලි අරන්
යාළුවො ටික බිව්වා සොඳුරිය
නුඹට කෝල් කරලා කෝල් කරලා
බිල දහ අට දාහයි සොඳුරිය
මගෙ කපපු ෆෝන් බිල ගෙවන්න
මේ සිංදුව හිට් වෙයිද සොඳුරිය
අම්මා කිව්වා ඉතුරු කෑල්ල
කියන්නෙපා කියලා...

මේ ගීතය ගයන්නේ සිවිල් වොයිස් නම් වූ සංගීත කණ්ඩායමක්. මේ වන විට මේ දිනවල අන්තර්ජාලයේ වැඩි දෙනෙකු නරඹා ඇති මෙය වෙනස්ම තේමාවක් ඔස්සේ රචනා වූවක්. අඬන ගීත අතරේ මෙම ගීතය ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණෙත් ඒ වෙනස නිසා වෙන්න ඇති. බාප්පාගේ අක්කගෙ දුව යනුවෙන් නම් කොට ඇති මෙය සිවිල් වොයිල්ස්ලාගේ පළමුවැනි ගීතය. එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නනේ සචින්ත පුලස්ති. ඔහු තමයි මෙම ගීතය ලියලා සංගීතවත් කළේ.

මේ වගේ ගීතයක් කරන්න ඕනෑ කියලා අයිඩියා එකක් මගේ ඔළුවෙ තිබුණේ නැහැ. දිනක් මං ගිටාර් එක අරගෙන එය වාදනය කරමින් සිටින කොට මේ තනුව මගේ ඔළුවට ආවා. වචන ටිකත් එකට සෙට් කළා. හරි අපූරු ගීතයක් නිර්මාණය වුණා.

මෙහිදී කියන්න ඕනෑ මෙම ගීතයේ අවසාන පේළි කිහිපය සකසා දුන් විකුම් ලක්ෂිත ගැන. ඔහු මේ වන විට අප අතරින් සදහටම සමු අරගෙන ඉන්නේ. මගේ ගම කළුබෝවිල. ඉගෙන ගත්තේ කොළඹ ඉසිපතන විදුහලෙන්. ඉස්කෝලේ යන කාලේ ඉඳලා බෑන්ඩ්වල හිටියා.

මේ ළඟදී දවසක තමයි සිවිල් වොයිස් නමින් අපි එළියට ආවේ. ඒකාකාරී රාමුවෙන් මිදිලා ගීතයක් කරන්නට ලොකු වුවමනාවක් තිබුණා. අපි ඒ අභියෝගය ජය ගත්තා. මෙහි වීඩියෝව කළේ චමත් අසංක.

යුරේනි නොෂිකා සමඟ මම සහ අපේ බෑන්ඩ් එකේ ලසිත ගුණවර්ධන, චතුල ඉන්ද්‍රචාප යන අය රඟපෑවා. ගාල්ල කොටුව ඇතුළෙයි ෂූට් කළේ. වීඩියෝවේ තියෙනවා මං ගිටාර් එක කරකවන දර්ශනයක්. මං ඒක හරි බයෙන් කළේ.

කලින් වතාවේ ඔය වගේ වැඩක් කරලා ගිටාර් එකේ කෑලි ටික තමයි එකතු කර ගත්තේ. ඒත් වාසනාවට මෙවර එහෙම වුණේ නැහැ. ඉදිරියේදී හොඳ නිර්මාණ ඔස්සේ සිවිල් වොයිස් සංගීත ලෝලින් හමුවන්නට හිතාගෙන ඉන්නවා.

 

0

Chess FIDE
Basic Member
Basic Member
Posts:238






--
13 Jul 2016 05:01 AM
  •  Quote
  •  Reply

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jul 2016 05:48 AM
  •  Quote
  •  Reply
මේක ඇවිත් ගොඩක් කල්ද ඇහුවේ අදනේ
පට්ට සින්දුව
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Jul 2016 06:59 AM
  •  Quote
  •  Reply
මරු සිංදුව. බොහොම ස්තූතියි.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Jul 2016 06:59 AM
  •  Quote
  •  Reply
මරු මෙහෙම බැන්දොත්.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Jul 2016 08:26 AM
  •  Quote
  •  Reply
මම මේක අහලා නෑ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Jul 2016 09:16 PM
  •  Quote
  •  Reply
අනේ මට බලන්න බැහැනෙ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Jul 2016 09:21 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 13 Jul 2016 09:16 PM
අනේ මට බලන්න බැහැනෙ
ඒ ඔයාට බලන්න හොඳ නැති නිසා වෙන්න ඇති. ඔතන තියෙන්නේ පුංචි බැඳපු බාප්පාගේ අක්කාගේ දුවගේ විත්තිය. වැඩිය  හිතන්න යන්න එපා. පොඩි ලමයින්ට බලන්න  හොඳ නැහැ.

0
Add Reply
Page 1 of 212 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below